2010–2019
අපි සියලු දෙනාම ඉදිරියටම ඇදෙමු
2018 අප්‍රියෙල්


අපි සියලු දෙනාම ඉදිරියටම ඇදෙමු

මේ ගෙවුණු දින දෙක තුලදී ඔබට දැනුණු දේවල් මතකයේ තබාගෙන ඒ මත සිතා බැලීමේදී, කිකරුවිමට ඔබට ඇති උවමනාව පුළුල් වේවි.

මාගේ ආදරණීය සහෝදර සහෝදරියනි, මෙම ඓතිහාසික සමුළුවේ අවසානයට පැමිණ තිබෙන අවස්තාවේදී, මම ඔබ සමග එකතු වෙනවා ස්වාමින්වහන්සේට ස්තුතිවන්ත වෙන්න, උන්වහන්සේගේ මගපෙන්වීම් සහ දිරිගැන්වීමේ උත්තේජනයට. සංගීතය ඉතා අලංකාර සහ උසස් විය. පණිවිඩ අධ්‍යාත්මය දියුණු කරවන සුළු පමණක් නොව, නමුත් එය ජීවිතය වෙනස්කරවන සුළු විය.

විධිමත් රැස්වීමේදී අලුත් සභාපතිත්වයක් ස්ථිර කරනු ලැබුවා. උසස් පුරුෂයින් දෙදෙනෙකු දොළොස් වන ඝපූර්ණයට පත්කරනු ලැබුවා. සහ අලුතින් ප්‍රධාන අධිකාරියේ හැත්තෑවරුන් අටදෙනෙක් කැඳවනු ලැබුවා.

දැන් ප්‍රියතම ගීතිකාවක් අපේ අළුත්කරන ලද අධිෂ්ඨානය, අපේ අභියෝගය සහ අපේ ඉදිරියටම යාමේ වගකීම සාරාංශගත කරනවා:

ස්වාමින්වහන්සේගේ කාර්යයේ අපි ඉදිරියටම ඇදෙමු,

ජීවය අවසානයේදී එහි ඵලය අපට ලැබෙන පිණිස;

යුක්තියේ සටනේදී අපගේ අසිපත ලෙලවමු,

සත්‍යයේ බලවත් අසිපතයි.

එනමුත් බිය නොවන්න, සතුරාගේ උපහාසයට;

නිර්භය වන්න, ස්වාමින්වහන්සේ අප සමගයි.

නපුරාගේ හඩට අපි කන් නොදෙන්නන් වෙමු,

අපි ස්වාමින්වහන්සේට පමණක් කීකරු වෙන්නන් වෙමු .1

ඉදිරි මාස හය තුලදී - මෙම සම්මන්ත්‍රණයේ පණිවිඩ නිතරම - දිගින්දිගටම අධ්‍යයනය කරන ලෙස මම ඔබව උනන්දු කරනවා. මෙම පණිවිඩ ඉතා සුපෙරික්ෂාකාරීව ඔබේ පවුල් නිවාස සැන්දෑවේදී, ඔබේ සුභාරංචි ඉගැන්වීම් වලදී, ඔබ පවුල සහ යහළුවන් සමග කරන කතාබහේදී , මෙන්ම ඔබේ ඇදහිල්ලේ නොවන අය සමග කරන සාකච්ඡා වලදීද ඒකාබද්ද කර ගන්න ක්‍රම සොයන්න. මෙම සම්මන්ත්‍රණයේදී උගන්වනු ලැබූ සත්‍යය ආදරයෙන් ඉදිරිපත් කල විට, හොද මිනිසුන් බොහෝමයක් එයට ප්‍රතිචාර දක්වයි. සහ මෙම පසුගිය දවස් දෙක තුල ඔබට දැණුනු දේවල් ඔබ මතක තබා ගෙන ඒගැන ආවර්ජනය කරණ විට, කීකරු වීමට ඔබේ තිබෙන කැමැත්ත පිලිබිබු වෙනවා.

දේව සේවයේ නව යුගයක් මේ ප්‍රධාන සම්මන්ත්‍රණය මගින් ආරම්භ වෙනවා. අපි එකිනෙකා ගැන සොයාබැලීමේ විදියේ යම් යම් වැදගත් සැකසුම් ස්වාමීන්වහන්සේ විසින් කර තිබෙනවා. සහෝදරියනි සහෝදරවරුනි - බාල සහ මහලු - කෙසේ වුවත් අලුත් සහ ශුද්ධ වූ ආකාරයකට එකිනෙකාට සේවය කරාවි. ලෝකය පුරාම පිරිමි, ගැහැණු සහ ළමයින් සියල්ලක්ම ආශිර්වාද කරන්නට වැඩිහිටි ගනපුර්ණය ශක්තිමත් වේවි. තරුණ සහෝදරියන්ට සුදුසු ලෙස ඔවුන් සමඟ එක්වීමට අවස්ථාව ලබා දී, සහන සමිති සහෝදරියන් ඔවුන්ටම ආවේනික වූ ආදරණිය ආකාරයෙන් දේව සේවය කිරීම නොකඩවා සිදු කරාවි.

ලෝකයට ඇති අපේ පණිවිඩය සරලයි සහ අවංකයි: තිරය දෙපසින්ම සිටින දෙවියන්වහන්සේගේ සියලුම දරුවන්ට අපි ආරධනා කරනවා ඔවුන්ගේ ගැලවුම්කරුවාණන් ලගට එන්න, ශුද්ධ වූ දෙවමාලිගාවේ ආශිර්වාද ලබා ගන්න, ප්‍රීතිය විදදරා ගන්න , ඒ වගේම සදාකාලික ජීවිතයට සුදුසුකම් ලබා ගන්න කියල.2

අවසානයෙදී උත්කර්ෂය සදහා අපි ඇතිකරගන්නා ගිවිසුම්වලට සහ ස්වාමින්වහන්සේගේ ගෘහයේදී අපි ලබාගන්න වත්පිළිවෙත් වලට දැන් අපේ සම්පුර්ණ අවංක බව අවශ්‍ය වෙනවා. මේ අවස්ථාවේදී, ක්‍රියාකාරී දේවමාලිගා 159ක් අපිට තියෙනවා, සහ ගොඩක් ඒවා ඉදිකෙරෙමින් පවතිනවා. සභාවේ පුළුල් වන සාමාජිකත්වය ලඟට දේවමාලිගා රැගෙන එන්නට අපට අවශ්‍යයි. පහත සඳහන් ස්ථාන වල අලුත් දේවමාලිගා ඉදිකරන්නට නිවේදනය කරන්නට ලැබීම ගැන අපිට සතුටුයි: ආර්ජන්ටිනාවේ සාල්ටා; ඉන්දියාවේ බැංගලෝර්; නිකරගුවාවේ මනාගුවා; පිලිපීනයේ කගායන් දි ඕරෝ; යූටා වල ලේටන්; වර්ජිනියාවේ රිච්මන්ඩ්; ඒ වගේම රුසියාවේ ප්‍රධාන නගරයක් තවම තීරණය කල යුතුව තියනවා.

මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, මේ අලුත් දෙවමාලිගාවල ඉදිකිරීම් ඔබගේ ජීවිතය වෙනස් නොකරන්නට පුළුවන්, නමුත් දෙවමාලිගාව තුල ඔබ ගතකරන කාලය අනිවාර්යයෙන්ම වෙනස් කරාවි. ඒ ආත්මයත් සමගම, මම ඔබට ආශිර්වාද කරනවා, පසෙකින් තැබීමට ඔබට පුළුවන් දේවල් තෝරාගැනීමට හැකි වන ලෙස, එවිට ඔබට දෙවමාලිගාව තුල වැඩි කාලයක් යෙදවීමට හැකි වේවි. ඔබේ නිවස තුල ඉමහත් සමගියක් සහ ආදරයක් ඒ වගේම ඔබේ සදාකාලික පවුල් සම්බන්ධතා රැක බලාගැනීමට ගැබුරු කැමැත්තක් ඇතිවන ලෙස මම ඔබට ආශිර්වාද කරනවා. ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල වර්ධනය වූ විශ්වසයක් සහ උන්වහන්සේගේ සත්‍ය අනුගාමිකයෙකු ලෙස උන්වහන්සේව අනුගමනය කිරීමට උපරිමා හැකියාවක් ඇති වෙන ලෙස මම ඔබට ආශිර්වාද කරනවා.

මම මේ මොහොතේ කරන්නාක් මෙන්, අපි යෙදී සිටින්නේ සර්වබලදාරී දෙවියන්වහන්සේගේ! යේසුස් ක්‍රිරිස්තුස්වහන්සේගේ සහ කටයුතු තුල බව, යන සාක්ෂිය තුල ඔබේ කටහඩ එසවීමට හැකිවන ලෙස මම ඔබට ආශීර්වාද කරනවා. මෙය උන්වහන්සේගේ අලේප ලත් දාසයන් තුලින් මෙහෙයවනු ලබන උන්වහන්සේගේ සභාවයි. මා මෙලෙස සාක්ෂි දරන්නේ ඔබ එකිනෙකා කෙරෙහි මාගේ ඇති ආදරයේ ප්‍රකාශනයත් සමගයි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උතුම් වූ නාමයෙන්, ආමෙන්.

සටහන්

  1. “Let Us All Press On,” Hymns, no. 243.

  2. දහම සහ ගිවිසුම 14.7 “ දෙවියන්වහන්සේගේ සියලුම දීමනා වලින් බලවත්ම එක” ලෙස අර්ථ දක්වා ඇත.