2010–2019
නිවසේ ඉගැන්වීම - ප්‍රීතිමත් සහ පූජනීය වගකීමක්
2018 අප්‍රියෙල්


නිවසේ දි ඉගැන්වීම - පී‍්‍රතිමත් හා ශුද්ධ වූ වගකීමක්

අපේ නිවෙස් තුළ ක‍්‍රිස්තුස්වහන්සේ මෙන් ගුරුවරු වීමට අප උත්සහ දරණ විට මම ස්වර්ගයේ උපකාරය අයැදිමි.

මගේ ආදරණීය බිරිඳ, ජූලි, හා මම ඉතා වටිනා දරුවන් සය දෙනෙකු ඇති දැඩි කල මෑතකදි අපි හිස් කැදලිකරුවන් වුණෙමු. අපේ දරුවන් අප නිවස තුළ පූර්ණ කාලීනව නොසිටිමේ පාළුව මට දැනෙයි. ඔවුන්ගෙන් ඉගෙන ගැනීමට හා ඔවුන්ට ඉගැන්වීමට නොතිබීමි පාළුව මට දැනෙයි.

අද සියලූ දෙමාපියන්ට හා දෙමාපියන් වීමට ආසවෙන් සිටින සියල්ලන්ටම මගේ වදන් යොමු කරමි. ඔබ බොහෝ දෙනා දැන් දරුවන් ඇති, සමහරක් අයට ඵ් කාලය ඉක්මනින් පැමිණිය හැක. තවත් සමහරුන්ට දෙමාපියෙකු වීම අනාගත ආශිර්වාදයක් විය හැක. .1

දෙමාපියන් වශයෙන්, අපි අපේ දරුවන්ට ස්වර්ගයේ වැඩ සිටින පියාණන්ට හා උන්වහන්සේගේ පුත‍්‍රයාණන්, ජේසුස් ක‍්‍රිස්තුස් වහන්සේට හඳුන්වා දෙන්නෙමු. අපි අපේ දරුවන්ට ඔවුන්ගේ පළමු යාච්ඤාව කීමට උදව් කරමු. ඔවුන් බෞතීස්මය තුළින් ගිවිසුම් කළ මාර්ගයට2ඇතුලු වන විට අපි මඟ පෙන්වීම හා ආධාර ඉදිරිපත් කරමු. දෙවියන් වහන්සේගේ අණ පනත් පිළිපැදීමට අපි ඔවුන්ට උගන්වමු. උන්වහන්සේගේ දරුවන් සඳහා උන්වහන්සේගේ සැලැස්ම ගැන, හා ශුද්ධාත්මයාණන්ගේ සිහින් හඬ හඳුනාගැනීමට හා ශුද්ධාත්මයාණන් ගැන අපි ඔවුන්ට උගන්වමු. අපි ඔවුන්ට ඓතිහාසික අනාගතවාතෘන්ගේ කතා කියා ජීවමාන වුවන් අනුගමනය කිරීමට උනන්දු කරවමු. අප ඔවුන්ගේ ජයග‍්‍රහණ සඳහා යාච්ඥා කර ඔවුන්ගේ පරීක්‍ෂාවලදී ඔවුන් සමග දුක් වෙමු. අපි අපේ දරුවන්ට දේවමාලිගාවේ ආශිර්වාද ගැන සාක්‍ෂි දරා පූර්ණ කාලීන ධර්මදුත මෙහෙයේ හොඳින් සේවය කිරීමට ඔවුන්ව සූදානම් කරවමු. අපේ දරුවන් ද දෙමාපියන් වන විට අපි පේ‍්‍රමබර උපදෙස් ලබා දෙමු. නමුත් - එවිටද- අපි ඔවුන්ගේ දෙමාපියන් වීම කිසිවිටක නතර නොකරමු. අපි ඔවුන්ගේ ගුරුවරු වීම කිසිවිටක නතර නොකරමු. අපි මේ සදාතනික කැඳවීමෙන් අපව කිසිදිනෙක නිදහස් නොකරයි.

අද අපි අපේ නිවස තුළ දී අපේ දරුවන්ට ඉගැන්වීමට ඇති අසිරිමත් අවස්ථා කිහිපයක් ගැන සිතමු.

පවුල් සන්ධ්‍යාවේ ඉගැන්වීම

අපි පවුල් සන්ධ්‍යාවෙන් අරඹමු. එයට මා වැඩුණු ඇදහිල්ල පිරි නිවසේ ඉහළ ප‍්‍රමුඛත්වයක් තිබුණි. පවුල් සන්ධ්‍යාවේ ඉගැන්වු එක් එක් පාඩම් මට අමතක වුව ද, සතියක්3 වත් මග නොහැරූ බවට මට මතකයි. මගේ දෙමාපියන්ට වැදගත් වු දේ මම දැන සිටියෙමි. 4

මගේ එක් පි‍්‍රයතම පවුල් සන්ධ්‍යා කි‍්‍රයාකාරකමක් මට මතකයි. තාත්තා ඔහුගේ එක් දරුවෙකුට ර්‍ණපරීක්‍ෂාව” කිරීමට ආරාධනා කළේය. ඔහු දරුවාට උපදෙස් පොළක් දුන්නේය. නිදසුනකට, පළමුව, මුළුතැන්ගෙයට ගොස් ශීතකරණය ඇර වසන්න. ඉන්පසුව මගේ නිදන කාමරයට දුව ගොස් මගේ අල්මාරියෙන් මේස් ජෝඩුවක් ගන්න. ඉන්පසු මා ගාවට පැමිණ, තුන් වතාවක් උඩ පැන, තාත්තේ, මං ඒක කරා කිය කියන්න.”

මගේ අවස්ථාව පැමිණීමට මම කැමැත්තෙන් සිටියෙමි. මට සෑම පියවරක්ම නිවැරදිව කිරීමට අවශ්‍ය වු අතර, තාත්තේ, මං ඒක කරා ”කියා මට කීමට හැකි වු මොහොත මම අගය කොට සැලකුවෙමි. මේ කි‍්‍රයාකාරකම මගේ ආත්ම විශ්වාසය වර්ධනය කළ අතර මව හෝ පියා ශුභාරංචි මූලධර්මයක් ඉගැන්වු විට කලබල දරුවෙකුට අවධානයෙන් සිටීමට උදව් විය.

සභාපති ගෝර්ඩන් බී. හින්ක්ලි උපදෙස් කළේය. ඔබට පවුල් සැන්දෑවේ ගුණය ගැන සැකයක් ඇත්නම්, අත්හදා බලන්න. ඔබ වටා ඔබේ දරුවන් රැස්කර, ඔවුන්ට උගන්වන්න, ඔවුන්ට සාක්‍ෂි දරන්න, එකතු වී ශුද්ධලියවිලි කියවන්න හා එක් වී හොඳ කාලයක් ගත කරන්න.”5

පවුල් සන්ධ්‍යාවක් පැවැත්මට විරුද්ධත්වයක් සැමවිටම ඇති වෙමි.6 කෙසේ වෙතත්, බාධක වටා ක‍්‍රමයක් සොයා පවුල් සන්ධ්‍යාව ප‍්‍රමුඛත්වයක් කරන ලෙසට - හා සතුට ප‍්‍රධාන අමුද්‍රව්‍යක් කිරීමට මම ඔබට ආරාධනා කරමි.

පවුල් යාච්ඥාවේ ඉගැන්වීම

පවුල් යාච්ඥාවේ ඉගැන්වීමට තවත් නියම අවස්ථාවකි.

පවුල් යාච්ඥාවේදී සභාපති එන් එල්ඩන් ටැනර්ගේ පියා ඔහුට ඉගැන්වූ ආකාරයට මම පේ‍්‍රම කරමි.සභාපති එල්ඩන් ටැනර් මෙසේ කීවා.

එක් සැන්දැවක අපි පවුල් යාච්ඥාවේ දණගසා සිටි විට, මගේ පියා ස්වාමීන් වහන්සේට මෙසේ කීවා මට මතකයි. එල්ඩන් අද දින ඔහු නොකළ යුත්තක් කළේය. ඔහු පසුතැවෙයි. ඔබවහන්සේ ඔහුට සමාව දුන්නොත්, ඔහු එය නැවතත් නොකරයි.? ”

එයින් එය නොකරන ලෙසට පහරදී කළ හැකි ප‍්‍රමාණයට වඩා - මට අධිෂ්ඨානයක් ඇති විය. 7

දරුවෙක් ලෙස, අපේ ඕනෑවට වඩා වැඩි ලෙස පෙනුණු පවුල් යාච්ඥා ගැන මා කෝප වුණේ අපි මිනිත්තු කිහිපයකට පෙර යාච්ඥා කළා නේද? කියා සිතමිණි. දැන්, දෙමාපියෙක් වශයෙන්, පවුලක් වශයෙන් ඕනෑවට වඩා කිසි විටක යාච්ඥා කළ නොහැක බව මම දනිමි. 8

සවර්ගයේ වැඩ සිටින පියාණන් වහන්සේ ජේසුස් කි‍්‍රස්තුස් වහන්සේට උන්වහන්සේගේ දයාබර පුත‍්‍රයාණන් ලෙස හඳුන්වා දෙන ආකාරය ගැන මම මුල සිටම විස්මයට පත් වුයෙමි. 9 මගේ දරුවන් මට කෙතරම් දයාබර ද කියා ස්වර්ගයේ වැඩ සිටින දෙව් පියාණන් වහන්සේට ප‍්‍රකාශ කරන විට ඔවුන් අසා සිටියදී ඔවුන් වෙනුවෙන් නාමිකව යාච්ඥා කිරීමට මම පි‍්‍රය කරමි. පෙනෙන ලෙසට ඔවුන් හා යාච්ඥා කරන විට හෝ ඔවුන්ට ආශිර්වාද කරන විට තරම්, අපේ දරුවන් කරා පේ‍්‍රමය සන්නිවේදනය කරන්න සුදුසු මොහොතක් නැත. නිහතමානී යාච්ඥාවෙහි පවුල් රැස් වී සිටින විට, බලවත් හා කල් පවතින පාඩම් ඉගැන්වේ.

පෙර සූදානම් ඉගැන්වීම

මා පිය ඉගැන්වීම පෙර සුදානම් වෛද්‍යවරයෙකු වගේය. අපි සැමවිටම අපගේ දරුවන්ට ඉගැන්වීමට සූදානම්ව සිටිය යුත්තෙමු. මන්ද අවස්ථාව කුමන වේලාවට ඉදිරිපත් වේද යන්න අපි නොදනිමු.

රූපය
යේසුස් ලිඳ අසල සිටි කාන්තාවට ඉගැන්වීම

අප ගැලවුම්කරුවාණෝ මෙන්ය. උන්වහන්සේගේ ඉගැන්වීම් නිරතුරුව සම්මුති ශාලාවක සිදු නොවී සුනාකෘතිකව, එදිනෙදා පසුබිමේ සිදු විය. උන්වහන්සේගේ ගෝලයන් සමඟ ආහාර කරන විට, ළිඳකින් වතුර අදින විට, හෝ අත්තික්කා ගසක් පසු කර ඇවිදින විට.” 10

වසර ගණනාවකට පෙර, මගේ මව මගේ වැඩිමහල් සොහොයුරු, මැට් සමඟ කල ඇයගේ විශිෂ්ටම ශුභාරංචි සාකච්ඡ දෙක බෙදා ගත්තා, එක් වරක් ඇය ඇඳුම් නවන විට හා අනෙක් වර ඔහුව දන්ත වෛද්‍යවරයා වෙත ගෙන යන විටයි. මගේ මව ගැන මා අගය කරන බොහෝ කරුණු අතරින් එකක් නම් ඇයගේ දරුවන්ට ඉගැන්වීමට ඇති ඇයගේ සුදානම.

ඇයගේ මාපිය ඉගැන්වීම අවසන් වුයේ නැත. මම බිෂොප්වරයෙක් ලෙස සේවය කළ විට, එකල 78 හැවිරිදි, මගේ මව, මා හිසකෙස් කැපිය යුතු බව මට කීවාය. මා ආදර්ශයක් විය යුතු බව ඇය දැන සිටි අතර, මට එසේ කිමට ඇය පසු බට නොවුවාය. අම්මේ මම ඔබට පේ‍්‍රම කරමි.

පියෙකු වශයෙන් මාගේ දරුවන් හෝ මුණුබුරන් මිණිබිරියන් පෙර සූදානම් ඉගැන්වීමේ අවස්ථාවක් ඉදිරීමත් කළහොත් එයට ප‍්‍රතිචාරදීමට හැකි වන ලෙසට ශුද්ධ ලියවිලි අධ්‍යනයට හා සලකා බැලීමට මා පුද්ගලිකව පෙළඹී ඇත.11 හොඳම ඉගැන්වීමේ අවස්ථා සමහර විට ඇරඹෙන්නේ පවුලේ සාමාජිකයෙකුගේ හදවතේ ප‍්‍රශ්ණයක් හෝ සැලකිල්ලක් හේතුවෙනි. 12 අපි එවිට අසා සිටිනවාද? 13

මම පේ‍්‍රරිත පේදුරුගේ ආරාධනාවට පි‍්‍රය කරමි. ඔබට ඇති බලාපොරොත්තුව ගැන ඔබෙන් ප‍්‍රශ්ණ කරන සියල්ලන්ට [මම දරුවන්ට, යන්නත් එකතු කරමි] පිළිතුරු දීමට නිතර සූදානම්ව සිටින්න. 14

මම යෟවනයෙකු වු කල, මගේ තාත්තා හා මා ශක්තිමත්ම ලෙස අල්ලාගත හැකි කාටද කියා සෙවීමට අපි එකිනෙකාට අභියෝග කළෙමු. අපි අනෙකාව වේදිකාවෙන් ළිස්සීමට උත්සහයක අනෙකාගේ අත හැකිතාක් තදින් මිරිකුවෙම්. දැන් එහි වැඩි විනෝදයක් නැති බව නොපෙනුන ද කෙසේ හෝ එකල එහි තිබුණි. එවන් එක් සටනකට පසු, තාත්තා මගේ දෑස් දෙස බලා කීවේය. ̎ ඔබට ශක්තිමත් දෑත් ඇත පුතේ. තරුණියක්ව වැරදි ලෙස කිසි දිනක ඇල්ලීමෙන් වැළකීමට ඔබේ දෑත් වලට ශක්තිය සෑම විටම තිබෙන බවට මම බලාපොරොත්තු වෙමි. ̎ ඉන් පසු සදාචාරාත්මකව පිරිසිදුව සිටිමට හා අනුන්ට එසේ කිරීමට ඔහු මට ආරාධනා කලේය.

වැඩිහිටි ඩග්ලස් එල්. කැලිස්ටර් ඔහුගේ පියා ගැන බෙදා ගත්තේය. : ̎ කාර්යාලයෙන් පසු නිවස කරා යන එක් දිනක පියා එකවරම කීවේ අද මම දසයෙන් පංගුව ගෙව්වෙම්. මම දසයෙන් පංගු චෙක්පතෙහි ̎ ස්තූතියි ̎ කියා ලිව්වෙමි. ස්වාමීන් වහන්සේ අපේ පවුලට ආශිර්වාද කිරිම ගැන මම කෘතඥ වෙමි. ̎

වැඩිහිටි කැලිස්ටර් ඉන් පසුව ඔවුගේ පිය-ගුරු වෙත මෙම ප‍්‍රශංසාව පිදුවේය : ̎ ඔහු කීකරු කමේ ක‍්‍රියා හා ආකල්ප ඉගැන්වුයේය. ̎ 15

ඇතැම් විට අපගෙන් ̎ මම මාගේ දරුවන්ට කීකරු කමෙහි මගේ ක‍්‍රියා හා ආකල්ප මඟින් ලබනුයේ හෝ උගන්වන්නේ කුමක්ද? ̎ ප‍්‍රශ්න කිරිම නැණවත් බව මම සිතමි.

පවුල් ශුද්ධ ලියවිලි අධ්‍යනය ඉගැන්විම

පවුල් ශුද්ධ ලියකිවිලි අධ්‍යනය නිවස තුළ ශුභාරංචිය ඉගැන්වීමටස සුදුසු අවස්ථාවකි.

සභාපති රසල් එම්. නෙල්සන් “දෙමව්පියන් ස්වාම්න්ගේ වදනට බැඳි සිටි යුතු පමණක් නොව එය ඔවුන්ගේ දරුවන්ට ඉගැන්වීමට ද ඔවුන්ට දිව්‍යමය නියෝගයක් ඇත.”16යයි කීවේය.

ජූලි හා මම අපේ දරුවන් හදන විට අපි ස්ථිර හා නිර්මාණාත්මක වීමට උත්සහ දැරුවෙමු. එක් වසරක් පවුලක් වශයෙන් මෝර්මන්ගේ ග‍්‍රන්ථය ස්පාඤ්ඤ බසින් කියවීමට අපි තීරණය කළෙමු. ස්වාම්න් වහන්සේ කාලීන ධර්මදුත මෙහෙයුම් සේවය කළ අප දරුවන් සියලූ දෙනාව ස්පාඤ්ඤ කතා කරන දුත මෙහෙයුම් සඳහා කැඳවුයේ ඒ නිසාද? Es posible

සහෝදර බ‍්‍රයන් කේ. ඈෂ්ටන් උසස් පාඨශාලාවේ ජේෂ්ඨ වර්ෂයේදී ඔහු සහ ඔහුගේ පියා මෝර්මෝන්ගේ ග‍්‍රන්ථයේ සෑම පිටුවක්ම කිය වු බව මා හා බෙදාගත් විට මට ගැඹුරු හැගීමක් දැනුණි. සහෝදර ඈෂ්ටන් ශුද්ධ ලියවිලි වලට පේ‍්‍රම කරයි. ඒවා ඔහුගේ සිතේ හා හදෙහි ලියවී ඇත. ඔහුගේ පියා ඒ බීජය පැළ කලේ සහෝදර ඈෂ්ටන් යෙවනයෙකු වූ කලය. දැන් ඒ බීජය17ගැඹුරු මුල් ඇති සත්‍යයේ වෘක්ෂයක් බවට වර්ධනය වී ඇත. සහෝදර ඈෂ්ටන් ඔහුගේ වැඩිමහල් දරුවන් සමඟ එසේ කළේය.18 ඔහුගේ අට හැවිරිදි පුතු මෑතකදි ඔහුගෙන් ඇසුවේය. ̎ තාත්තේ මම ඔයත් එක්ක මෝර්මන්ගේ පොත කියවන්නේ කවදාද?කියාය.

ආදර්ශයෙන් ඉගැන්වීම.

අවසාන වශයෙන් අපේ වඩා බලපෑම් සහගත ඉගැන්වීම අපේ ආදර්ශයයි. ̎ කතාවෙන්ද හැසිරිමෙන්ද පේ‍්‍රමයෙන්ද ඇදහිල්ලෙන් හා පිරිසිදු කමින් ද, ආදර්ශයක් ̎ වන ලෙසට අපට උපදෙස් ලබා දී ඇත. 19

මෑත චාර්කාවක දි ජුලි සහ මම සභාවට සහභාගි වි මේ පාඨය ක‍්‍රියාවේ දුටුවෙමු. ඔහුගේ දුත මෙහෙයුමේ යාමට පිටත් වීමට සිටින තරුණයෙක් සැක‍්‍රමේන්තු රුස්වීමේ කතා කලේය.

ඔහු කීවේ , “ඔබ සියලූ දෙන සිතන්නේ මගේ තාත්තා සභාවේදි හොඳ පුද්ගලයෙක් බවයි නමුත් …” ඔහු නතර විය. ඔහු ඊලගට කුමක් කියයිද කියා මම කාංසාවෙන් සිතුවෙමි. ඔහු තව දුරටත් කීවේය ඔහු නිවසේදි ඊට වඩා හොඳ පුද්ගලයෙකි.”

රූපය
ස්ටුවර්ට් පවුල

ඉන් පසු ඔහු ඔහුගේ පියාට පිදු පෙළඹවෙන ලද ප‍්‍රශංසා මම ඔහුට ස්තූති කළෙමි. එවකට ඔහුගේ පියා කොට්ඨාශයේ බිෂොප්වරයා බව මම දැන ගත්තෙමි. මේ බිෂොප්වරයා ඔහුගේ කොට්ඨාශයට ඇදහිලිවන්තව සේවය කල ද ඔහුගේ යහපත්ම කාර්යය නිවසේදි කෙරෙන බව ඔහුගේ පුතුට හැඟුණි. 20

වැඩිහිටි ඩී. ටොඞ් ක‍්‍රිස්ටෝෆර්සන් උපදෙස් දුන්නේ : ̎ නැගී එන පරම්පරාවට … ඉගැන්වීම සඳහා අපට බොහෝ මං පෙත් ඇත. අපි අපේ හොඳම චින්තනය හා උත්සහ ඒවායින් උපරිම ප‍්‍රයෝජන ගැනීමට කැප කළ යුතු බව සියල්ලට වඩා අපි තව දුරටත් දෙමව්පියන්ට යහපත් හා තවත් ස්ථිර ගුරුවරු වීමට උනන්දු කිරිම හා උදව් කිරිම කළ යුතු වෙමු … විශේෂයෙන්ම ආදර්ශය මඟිනි”21

ගැලවුමිකරුවාණන් උගන්වන්නේ එසේය.22

ගිය අවුරුද්දේ අපේ බාලතම දරුවන් දෙදෙනා සමඟ ගත කල නිවාඩුවකදි අප ශාන්ත ජෝසප් හා සැන් ඩියෝගෝ දේවමාළීගාවල නියෝජිත භෞතීස්ම කරන ලෙසට ජුලි යෝජනා කළාය. මම-මටම-මැසිවිලි කීවේ මෙසේ සිතමිණි ̎ අප ගෙදර සිටින විටත් දේවමාළීගාවට යන්නෙමු. දැන් අපි නිවාඩුවක සිටිමු. නිවාඩු වැඩි හැඟීමක් ඇති යමක් නොකරන්නේද? ̎ භෞතීස්මයෙන් පසු දේවමාළිගාවෙන් පිට ඡයාරූප ගැනීමට ජුලිට අවශ්‍ය විය. මම නැවතත් නිශ්ෂබ්දව මැසිවිලි කලෙමි. ඊළඟට වුවේ කුමක්ද කියා ඔබට අනුමාන කල හැක. අපි ඡුයාරූප ගත්තෙමු.

රූපය
දුරන්ටෙලා සැන්දියේගෝ කැලිෆෝර්නිය දෙවමාලිගාවෙදී
රූපය
දුරන්ටෙලා ශාන්ත ජෝර්ජ් යුටා දෙවමාලිගාවෙදී

අපේ මුතුන් ම්ත්තන්ට උපකාර කළ ආකාරය ගැන අපේ දරුවන්ට මතකයන් තිබීම ජුලිට සහ මට අවශ්‍ය වේ. අපට දේවමාළිගාවේ වැදගත්කම ගැන ආකෘතික පාඩමක් අවශ්‍ය වුනේ නැත. අපි එහි ජීවත් වූවෙමු. දේවමාළිගාවට පේ‍්‍රම කරන හා ඇයගේ දරුවන්ටත් ඒ පේ‍්‍රමය තිබීමට වුවමනා වූ මවකට ස්තූතියි.

දෙමව්පියන් එකිනෙකාව අගය කොට සලකා ධර්ම්ෂ්ඨ ආදර්ශ ඉදිරිපත් කරන විට දරුවෝ සදාතනිකව ආශිර්වාද ලබති.

අවසානය.

ඔබගේ නිවෙස් තුළ ඔබේ උපරිමයෙන් ඉගැන්වීමට උත්සහ දරන ඔබ සියල්ලන්ම ඔබේ උත්සහයේ දි ඔබ සාමය හා ප‍්‍රීතිය ලබත්වා. එසේ ඔබට දියුණු වීමට තව ඉඩ කඩ ඇති බව හෝ වඩා වැඩි සූදානමක් අවශ්‍ය බව ඔබට හැඟුනොත් කරුණාකර ආත්මයාණන් ඔබට පොළඹවන විට නිහතමානිව ප‍්‍රතිචාර දක්වා ඔබට ක‍්‍රියා කිරිමට බැදීමක් ඇති කර ගන්න.23

වැඩිහිටි එල් ටොම් පෙරි කීවේ ̎ ඕනෑම සමාජයක සෞඛ්‍ය, එහි පුද්ගලයන්ගේ සතුට, ඔවුන්ගේ සම්පත්, හා ඔවුන්ගේ සාමය, නිවෙස තුළ දරුවන්ට ඉගැන්වීම තුළ පොදු මුල් හමුවේ.̎ 24යන්නයි

ඔව් මගේ කැදැල්ල දැන් හිස්ව ඇත. නමුත් මම තවමත් පෙර සුදානම්ව සිටිමි. මගේ දරුවන්ට ඔවුන්ගේ දරුවන්ට හා කවදා හෝ මා ප‍්‍රාර්ථනා කරනවා ඔවුන්ගේ දරුවන්ටත් ඉගැන්වීමට අගනා අමතර අවස්තා සොයා ගැනීමට සුදානම්ව හා උත්සුකව.

අපේ නිවස තුළ ක‍්‍රිස්තුස්වන් ගුරුවරුන් වීමට උත්සහ දරණ විට ස්වර්ගයේ සහය සඳහා මම අයදෙමි. ජේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්.

සටහන්

  1. දහම සහ ගිවිසුම 68:25; 93:40බලන්න.

    වැඩිහිටි එල්. ටොම් පෙරී ඉගැන්වුවා: “ නපුරාගේ බලපෑම සැමතැනම විහිදී ඇත සහ අපේ සමාජයේ අත්තිවාරම වන පවුල විනාශ කිරීමට ඔහු වෙරදරනවා. දෙමාපියන් අධිෂ්ඨාන කරගත යුතුයි නිවසේ ඉගැන්වීම ගොඩක් වැදගත් සහ පූජනීය වගකීමක් බව. (“Mothers Teaching Children in the Home,” Liahona, May 2010, 30).

    පළමු සභාපතිත්වය සහ අපොස්තුලුවරු දොළොස්දෙනාගේ ඝනපූර්ණය උගන්වා ඇත්තේ: “එකිනෙකාට සහ ඔවුන්ගේ දරුවන්ට ආදරය කිරීමට සහ සැලකිල්ල දැක්වීමේ පූජනීය වගකීමක් ස්වාමිපුරුෂයාට සහ බිරිඳට ඇත. ‘දරුවන් ස්වාමින්වහන්සේගේ උරුමයකි’(ගීතාවලිය 127:3). ඔවුන්ගේ දරුවන් ආදරයෙන් සහ ධර්මිෂ්ඨකමින් ඇතිදැඩි කරගැනීමට, ඔවුන්ගේ ශාරීරික සහ ආත්මික අවශ්‍යතාවන් සපුරාලෙමට, සහ එකිනෙකාට ආදරය කිරීමට සහ සීවය කිරීමට ඉගැන්වීමට, දෙවියන්වහන්සේගේ අනපනත් පිළිපැදීමට, ඔවුන් කොහේ ජීවත්වුවත් නීතියට ගරුකරන පුරවැසියන් වීමට ඉගැන්වීමේ පූජනීය රාජකාරියක් දෙමාපියන්ට ඇත. ස්වාමිපුරුශයිනි සහ බිරින්දෑවනි - අම්මේ සහ තාත්තේ - මෙම බැදීම මගහැරීම දෙවියන්වහන්සේ ඉදිරියේ වගකිවයුතු වරදකි” (“පවුල: ලෝකයට ප්‍රකාශනයකි,”ලියහෝන,2017 මැයි, 145).

  2. රසල් එම්. නෙල්සන්, “ අපි සියලු දෙනාම ඉදිරියටම ඇදෙමු ,” ලියහෝන, අප්‍රියෙල් 2018, 7.

  3. වැඩිහිටි විද් ඒ. බෙඩ්නර් පවසනවා, “අද ඔබගේ වැඩිහිටි පුතාගෙන් පවුල් යාච්ඤාව, ශුද්ධලියවිලි කියවීම, සහ පවුල් සැදෑව ගැන ඔවුන්ට මතක ඇත්තේ කුමක්ද කියලා ඔබ ඇසුවොත්, මම විශ්වාසකරනවා ඔවුන් මොන විදිහට උත්තර දෙයිද කියලා මම දන්නා බව.ඔවුන්ගේ ආත්මික වර්ධනය නිර්වචනය කරන මොහොතක් ලෙස සුවිශේෂී පවුල් යාච්ඤාවක් හෝ විශේෂ ශුද්ධ ලියවිලි අධ්‍යනයක් හෝ විශේෂ අර්ථවත් පවුල් සැදෑවක් ඔවුන්ට මතක නොතිබෙවී. ඔවුන්ට මතකයි කියලා ඔවුන් කියන්නේ පවුලක් හැටියට අපි ස්ථාවරයි” කියාය. (“More Diligent and Concerned at Home,” Liahona, Nov. 2009, 19).

  4. “Home Can Be a Heaven on Earth,” ගීතිකාවno. 298.බලන්න.

  5. Teachings of Presidents of the Church: Gordon B. Hinckley (2016), 171.

  6. 2 නෙපි 2:11බලන්න.

  7. N. Eldon Tanner, “Never Be Ashamed of the Gospel of Christ,” Ensign, Feb. 1980, 4.

  8. 3 නෙපි18:21බලන්න.

  9. මතෙවූ 3:16–17; 3 නෙපි 11:6–8; දහම සහ ගිවිසුම 18:34–36; ජෝසෆ් ස්මිත් - ඉතිහාසය 1:17බලන්න.

  10. “නිරායාසයෙන් සිදුවන ඉගැන්වීමේ මොහොතින් ප්‍රයෝයජන ගන්න,” ගලවුම්කරුවානන්ගේ ආකාරයට ඉගැන්වීම (2016), 16. ගැලවුම්කරුවානන්ගේ ආකාරයට ඉගැන්වීමවිවිධ උපදෙස් සහ උපකරණ නිවෙස තුල ඉගැන්වීමේදී ප්‍රයෝජනයට ගන්න.

  11. දහම සහ ගිවිසුම 11:21; 84:85බලන්න.

  12. ගලවුම්කරුවානන්ගේ ආකාරයෙන් ඉගැන්වීම16.

  13. See “Listen,” Preach My Gospel: A Guide to Missionary Service (2004), 185–86.

  14. 1 පේදුරු 3:15.

  15. Douglas L. Callister, “Most Influential Teacher—Emeritus Seventy Pays Tribute to Father,” Aug. 29, 2016, news.lds.org.

  16. Russell M. Nelson, “Set in Order Thy House,” Liahona, Jan. 2002, 81.

  17. ඇල්මා 32:28–43බලන්න.

  18. Sister Melinda Ashton pinch-hits when her husband, Brother Ashton, is out of town.

  19. 1 තිමෝති 4:12; ද බලන්නඇල්මා 17:11.

  20. සභානායකවර ජෙෆ්රි එල්. ස්ටුවර්ට් ශාන්ත ජෝර්ජ්, යුටා හි, සවුත්ගේට් දෙවන කොට්ඨාශයේ සේවය කරනු ලැබේ, ඔහුගේ පුතා දැන්, කොලොම්බියාවේ මෙඩලින්හි ධර්ම දුත සේවයේ යෙදෙයි.

  21. D. Todd Christofferson, “Strengthening the Faith and Long-Term Conversion of the Rising Generation,” general conference leadership meeting, Sept. 2017.

  22. 3 නෙපි 27:21, 27බලන්න.

  23. දහම සහ ගිවිසුම 43:8–9බලන්න.

  24. L. Tom Perry, “Mothers Teaching Children in the Home,” 30.