2010–2019
නුමුත් අවසානය දක්වා විඳ දරාගන්නාම, ගලවනු ලබන්නේය
2018 අප්‍රියෙල්


අවසානය දක්වා විඳදරාගන්නාව, ගලවනු ලබන්නේය

අප විශ්වාස කරන හා දන්නා දේවල් වලට අපි ඇදහිලිවන්ත වෙමු.

ආදරණීය සහෝදර සහෝදරියනි, මගේ සමහරක් සිතිවිලි ඔබට පැහැදිලි කරන්නට ලැබුණු අවස්තාව ගැන මම ඉතාමත්ම සතුටු වෙමි.

අවුරුදු ගණනාවකට කලින්, සෝල්ට් ලේක් නගරයේ සභා ඉතිහාස කෞතුකාගාරයක තිබූ අන්තර් ළමා ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයට සහභාගී වෙන්නට මමත් මගේ බිරිඳත් ගියා. උත්සවය අවසානයේ සභාපති තෝමස් එස්. මොන්සන් අපි ඉදිරියට ඇවිදගෙන ඇවිත්, අපිත් එක්ක අතට අත දීලා, මෙහෙම කිව්වා, “විඳදරාගන්න, ඔබ ජයග්‍රහණය කරාවි” - ඇත්තවශයෙන්ම, ඒ අපි හැමටම සහතික වෙන්න පුළුවන්, ගැඹුරු ඉගැන්වීමක් සහ උන්වහන්සේගේ සත්‍ය.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මෙසේ අපිව සැනසුවා “නුමුත් අවසානය දක්වා විඳදරාගන්නාව, ගලවනු ලබන්නේය.” 1

විඳදරාගැනීම යනු “පරීක්ෂා, විරුද්ධවීම් සහ විපත් නොසලකා ස්ථීර බැඳීමක සිට දෙවියන්වහන්සේගේ අණ පණත් වලට සත්‍යවන්ත වීමයි.”2

ඉතා බලවත් ආත්මික අත්දැකීම් ඇති සහ ඇදහිලිවන්ත සේවයක් ලබාදී ඇති අය වුවත් අවසානය දක්වා විඳ දරාගෙන සිටියේ නැත්නම් නොමග ගොස් අක්‍රීය වීමට පුළුවන්. අපි හැමවිටම සහ ප්‍රබලව අපේ හදවත් සහ මනස මෙම කියමනේ රඳවා තබාගමු “මෙය කෙදිනකවත් මට සිදුවන්නේ නැත.”

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කැපර්නාවුම් වල උගන්වද්දී, “උන්වහන්සේගේ අනුගාමිකයන් බොහෝ දෙනෙක් ආපසු හැරී ගිය අතර, තව දුරටත් උන්වහන්සේ සමග ගමන් ගත්තේ නැත.”

“ඉන්පසු යේසුස්වහන්සේ දොළොස්දෙනාට මෙසේ පැවසූ සේක, ඔබත් ඉවතට යනවාද?” 3

මම විශ්වාස කරනවා අදත්, උන්වහන්සේ සමග ගිවිසුම් ඇතිකරගත් අයගෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මෙසේ අහනවා. “ඔබත් ඉවතට යනවාද?”

මම යාච්ඤා කරන්නේ අපි හැමදෙනාම, සදාකාලය අප වෙනුවෙන් රඳවාගෙන ඇති දේ පිලිබඳ ගැඹුරු ආවර්ජනයත් සමග, සයිමන් පේදුරු කල ලෙස මෙසේ පිළිතුරු දෙමු: “ස්වාමිනී අපි කා ලඟට යමුද? සදාකාල ජීවනයේ වචන ඔබවහන්සේට ඇත්තේය.”4

අප විශ්වාස කරන හා දන්නා දේවල් වලට අපි ඇදහිලිවන්ත වෙමු. අපි අපේ දැනුමට අනුකූලව ජීවත් වෙමින් සිටින්නේ නැත්නම්, අපි වෙනස්වෙමු. පාපයේ බැඳී සිටින පව්කාරයන්, පසුතැවී නොවී සිටීමෙන්, අපවිත්‍රකමේ ගැඹුරින් ගැඹුරටම ගිලී, ඔවුන්ට පසුතැවීමට සහ සමාව ලබාගැනීමට සහ සදාකාලයේ ආශිර්වාද වලින් ආශිර්වාදිත වන්නට ඇති ඔවුන්ගේ අවස්තාව අතිවිශාල ලෙස අනතුරේ හෙලමින්, සාතන් ඔවුන්ව ඔහු වෙත අයිති කරගනී.

සභාවට ක්‍රියාකාරීව සහභාගීවීම නැවැත්වූ සහ මේ පොලවේ ඔවුන්ගේ ගමනෙහි සත්‍ය අරමුණ නැතිකරගත් අයගේ බොහෝ යුක්ති සාධාරණකිරීම් මම අසා ඇත. මම ඔවුන්ට ආරාධනා කරනවා මෙනෙහි කරන්න සහ ආපසු එන්න, මක්නිසාද අපගේ ස්වාමින් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඉදිරියේ නිදහසට කරුණු ඉදිරිපත් කරන්නට කිසිවෙකුටත් නොහැකි බව මම විශ්වාස කරනවා.

අපි බෞතීස්ම වුනු අවස්ථාවේදී, අපි ගිවිසුම් තැබුවා - වෙන මනුශ්‍යයෙකු සමඟ නෙවෙයි නමුත් ගැලවුම්කරුවාණන් එක්ක, අපි එකඟ වුණා “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමය අප මතට ගන්නට, අධිෂ්ටානයෙන් යුතුව උන්වහන්සේට අවසානය දක්වා සේවය කරන්නට.”5

උන්වහන්සේට සේවය කරන්නට ඇති අපේ අධිෂ්ටානයත්, අපේ ආත්මික ස්ථිරභාවයත්, සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුල අපේ ඇදහිල්ලේ වර්ධනයත් මැනීමට අපිට තියන ප්‍රධාන ආකාරයක් තමයි අපි සක්‍රමේන්තු මෙහෙයට සහභාගී වීම.

සක්‍රමේන්තුවට සහභාගී වීම තමයි සබත් දවසේදී අපි කරන ඉතාම වැදගත් දෙය. උන්වහන්සේගේ මරණයට කලින් මේ වත්පිළිවෙත උන්වහන්සේගේ ප්‍රේරිතයන්ට ස්වාමින්වහන්සේ පැහැදිලි කළා. ඇමරිකා මහද්විපයේදීත් උන්වහන්සේ ඒ වගේම කළා. අපි මේ වත්පිලිවෙතට සහභාගී වීමෙන්, ඒක අපි උන්වහන්සේව මතක තබාගන්න බවට දෙවියන්වහන්සේට සාක්ෂියක් වන බව උන්වහන්සේ අපිට කියනවා, තවත් උන්වහන්සේ පොරොන්දු වෙනවා, අපි එසේ කලොත්, උන්වහන්සේගේ ආත්මය අපි වෙත අපි සමග ලැබෙන බව.6

කනිෂ්ට ඇල්මා ඔහුගේ පුතා වූ ෂිබ්ලෝන්ට කල ඉගැන්වීම් වල, අපේ ගිවිසුම් වලට ඇදහිලිවන්තව සිටින්නට උදව් වෙන අවවාද හා අනතුරු ඇඟවීම් අපට හමුවෙනවා:

“එනම් නුඹ උඩඟුකම වෙතට නොඑසවීමට බලාගන්න; එසේය, නුඹගේ ස්වකීය ප්‍රඥාව නැතහොත් නුඹගේම බලවත් ශක්තිය ගැනම පාරට්ටු කර නොගැනීමට බලාගන්න.

“එඩිතරකම පාවිච්චි කරන්න, එහෙත් උද්දච්ච නොවන්න, තවද එසේම එනම් නුඹගේ ආශාවන් මැඩ පවත්වා ගැනීමට බලාගන්න, එනම් නුඹ ප්‍රේමය සමග පූර්ණවෙමින්; එනම් නුඹ අලස කමින් වළක්වා ගන්නට බලාගනින්න.”7

අවුරුදු කීපයකට පෙර, නිවාඩුවක් ගතකරන අතරතුරදී, පළමු වතාවට ඔරු පදින්නට යන්නට අවශ්‍ය වුණා. මම ඔරුවක් කුලියට අරගෙන, බලවත් උද්යෝගයකින්, මම මුහුද වෙතට දියත් කළා.

මිනිත්තු කීපයකට පස්සේ, රැල්ලක් ඔරුව අනෙත් පැත්ත හැරෙව්වා. විශාල වෑයමක් සහිතව, එක හබලක් එක අතකින් අල්ලගෙන ඔරුව අනිත් අතින් අල්ලගෙන, මට නැවත ස්ථාවර වෙන්නට හැකිවුණා. 

මගේ ඔරුව නැවතත් හබල් ගාන්නට මම උත්සහ කළා, නමුත් මිනිත්තු කීපයකට පසු, ඔරුව නැවතත් ඇල වෙන්නට ගත්තා. මම ඉතාමත්ම අමාරුවෙන් උත්සහ කරමින් සිටියත්, ඔරු පැදීම ගැන තේරුම්ගත් යම්කෙනෙක් ඒකෙ පතුලෙ ඉරිතැලීමක් නිසා වතුර පිරෙන බවත්, ඒ නිසා එය අස්ථාවර හා පාලනය කිරීමට නොහැකි වන බවත් මට පවසන තුරු මම කල කිසිදෙයක් කිසිම පලක් වුනේ නෑ. මම ඔරුව වෙරලට ඇදගෙන ඇවිත් ඇබය ගැලවු විට නියත වශයෙන්ම විශාල ජල ධාරාවක් එලියට ආවා.

මම හිතනවා ඔරුවේ තිබුණු කාන්දුවීම වගේ අපි පව් සමග ඉදිරියට යන්න හදන වේලාවට, අපේ ආත්මික දියුණුවට බාධා වෙනවා.

අපි අපේ පව් වලම සිටින විට, ඒ පව් අපේ ජිවිතයේ නිර්මාණය කරන අසමතුලිත බව නිසා අපි කොයිතරම් ආපිට පෙරලුවත්, ස්වාමීන්වහන්සේ සමග අපි ඇතිකරගත් ගිවිසුම් අපිට අමතක වෙනවා.

මගේ ඔරුවේ ඉරිතැලීම වගේ, අපේ ජිවිතයේ ඉරිතැලීම් සඳහා අපි කටයුතු කල යුතුයි. සමහර පාප වලට අනෙක් පාප වලට වඩා ප්‍රයත්නයන් යොදමින් පසුතැවිලි විය යුතුයි.

අපි මෙසේ අපෙන් ඇසිය යුතුයි: ගැලවුම්කරුවාණන් සහ උන්වහන්සේගේ කාර්යට අපේ හැසිරීමේ අපි සිටින්නේ කොතනද? යේසුස් ක්‍රිස්තුස්වහන්සේව පේදුරු ප්‍රතික්ෂේප කල තැනද? නැත්නම් අපි ඊට වඩා ඉදිරියට ගිහින් ඔහු ස්වාමින්වහන්සේගෙන් ලැබූ “ශ්‍රේෂ්ට ආඥාව” නිසා ලැබූ හැසිරීම සහ අධිශ්ටානයට ඇවිත්ද? ?8

අපි සෑම අණ පනතකටම කීකරු වෙන්නට වෙහෙස විය යුතුයි සහ අපිට තබන්නට අමාරුම ඒවාට වැඩි අවධානයක් ලබාදිය යුතුයි. ස්වාමීන්වහන්සේ අපේ පැත්තේ හිඳ, අපට අවශ්‍ය වේලාවට සහ අපේ දුර්වලකම් වලට උදව් කරයි, අපි අවංක උවමනාවක් පෙන්නුම් කලොත්, උන්වහන්සේ “එවිට දුර්වල දේවල් ශක්තිමත් වීමට පමුණුවනුවන සේක.”9

කීකරුකම අපිට පාපය ජයගන්නට ශක්තිය ලබා දෙයි. බොහෝ විට අපේ ඇදහිල්ලේ පිරික්සුම, ප්‍රතිපලය නොදැනම කීකරු වීම බලාපොරොත්තු වන බව අපි තේරුම්ගත යුතුයි.

අපට අවසානය දක්වා විඳ දරාගැනීමට උදව් වෙන සූත්‍රයක් යෝජනා කරන්නට මම කැමතියි:

  1. හැමදාම, යාච්ඤා කිරීම සහ ශුද්ධලියවිලි කියවීම.

  2. සතිපතා, බිඳුණු හදවතකින් සහ පසුතැවුණු ආත්මයකින් සක්‍රමේන්තුවට සහභාගී වීම.

  3. අපේ දසයෙන් කොටස සහ මාසික නිරාහාර ශීලය ගෙවීම.

  4. සෑම අවුරුදු දෙකකට වරක්ම - තරුණයන්ට අවුරුද්දකට වරක් - දේවමාලිගා නිර්දේශය අලුත් කිරීම.

  5. අපේ ජීවිතය පුරාවටම, ස්වාමින්වහන්සේගේ කාර්යයේ සේවය කිරීම.

ශුභාරංචියේ ශ්‍රේෂ්ට සත්‍ය තුල අපේ සිත් ස්ථිර බවට පත් කෙරේවා, මේ ජීවන මුහුද මත අපේ සුරක්ෂිත ගමනට බාධා කල හැකි ඉරිතැලීම් වලින් අපේ ජිවිත ආරක්‍ෂිත වේවා.

ස්වාමීන්වහන්සේ තුල සාර්ථක වීමට වටිනාකමක් තියනවා, ඒ දේ ලඟාකරගැනීමට කල යුතු එකම දේ ඒ වටිනාකම ගෙවීමයි.

උන්වහන්සේගේ උතුම් වූ වන්දිගෙවීමේ පරිත්‍යාගය සම්පුර්ණ කරමින්, අවසානය දක්වා විඳ දරාගැනීම වෙනුවෙන් මම කෙතරම් නම් අපේ ගැලවුම්කරුවාණන්ට ස්තූතිවන්ත වෙනවාද.

උන්වහන්සේ අපේ පව්, වේදනා, පීඩන, සංවේගය, දුර්වලතා සහ බිය නිසා පීඩා වින්දා, ඒ නිසා අපට උදව් කරන්නේ කොහොමද, අපව පොළඹවන්නේ කොහොමද, අපව සනසවන්නේ කොහොමද සහ පරාජය නොවුණු අයට වෙන්කර ඇති ඔටුන්න ලබාගැනීමට විඳදරාගැනීම සඳහා අපිව ශක්තිමත් කරන්නේ කොහොමද කියා උන්වහන්සේ දන්නවා.

අපි එකිනෙකාගේ ජීවිත වෙනස්. අභියෝග කාලයක්, ප්‍රීතියේ කාලයක්, තීරණ ගැනීමේ කාලයක්, බාධා ජයගැනීමේ කාලයක් සහ අවස්ථා වලින් ප්‍රයෝජන ගැනීමේ කාලයක් අපි හැමෝටම තියනවා.

අපේ පෞද්ගලික තත්වය කුමක් වුවත්, දෙවියන්වහන්සේ හැමවිටම මෙසේ පවසන බවට මම සාක්ෂි දරනවා, “මම ඔබට ආදරෙයි, මම ඔබව දරා සිටිනවා, මම ඔබ සමග සිටිනවා. අත්හරින්නට එපා. මම ඔබට පෙන්වා ඇති මාර්ගයේ පසුතැවී විඳදරාගන්න. සහ ඔබ හැමදෙනෙක්ම නැවත සෙලෙස්ටියල් නිවස දකින බවට මම ඔබට සහතික කරනවා.” යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්. ආමෙන්.