ශුද්ධලියවිලි
මොර්මන්ගේ පොත පිළිබඳ කෙටි පැහැදිලි කිරීමක්


මොර්මන්ගේ පොත පිළිබඳ කෙටි පැහැදිලි කිරීමක්

මොර්මන්ගේ පොත යනු පුරාණ ඇමරිකාවේ සිටි මිනිසුන්ගේ ශුද්ධ වූ වාර්තාවක් වන අතර එය ලෝහ තහඩු මත කැටයම් කර ඇත්තේය. මෙම වාර්තාව සකස් කරන ලද මූලාශ්‍රවලට පහත සඳහන් දෑ ද ඇතුළත් වන්නේය:

  1. නීෆායිගේ තහඩු, මේවා වර්ග දෙකකින් යුක්ත විය: කුඩා තහඩු සහ විශාල තහඩුය. මුල් ඒවා අධ්‍යාත්මික කාරණා සහ අනාගතවක්තෘවරුන්ගේ දේවසේවය සහ ඉගැන්වීම් සඳහා විශේෂයෙන් කැප වූ අතර, පසු ඒවා බොහෝ දුරට අදාළ වන්නා වූ ජනයාගේ ලෞකික ඉතිහාසයෙන් සමන්විත විය (1 නීෆායි 9:2–4). කෙසේවෙතත්, මොසායාගේ කාලයේ සිට, විශාල තහඩුවලට ප්‍රධාන අධ්‍යාත්මික වැදගත්කමක් ඇති කරුණු ද අඩංගු විය.

  2. මොර්මන්ගේ තහඩු, එය බොහෝ විවරණ සහිතව, නීෆායිගේ විශාල තහඩු වලින්, මොර්මන් විසින් කරන ලද සාරාංශයකි. මෙම තහඩු වල මොර්මන් විසින් ඉතිහාසයේ අඛණ්ඩව කරගෙන යාමක් සහ ඔහුගේ පුත් මොරොනායි විසින් කළ එකතු කිරීම් ද අඩංගු වන්නේය.

  3. ඊතර්ගේ තහඩු, ජෙරඩයිට්වරුන්ගේ ඉතිහාසය ඉදිරිපත් කරයි. මෙම වාර්තාව මොරොනායි විසින් සාරාංශය කරන ලදි, ඔහු තමාගේම අදහස් ඇතුළත් කර “ඊතර්ගේ පොත” යන මාතෘකාව යටතේ වාර්තාව පොදු ඉතිහාසය සමඟ ඇතුළත් කළේය.

  4. පිත්තල තහඩු, ක්‍රි.පූ. 600 දී ජෙරුසලමේ සිට ලීහායිගේ ජනතාව විසින් ගෙන එන ලදි. මෙහි “මෝසෙස්ගේ පොත් පහද, … තවද පටන්ගැන්මේ සිට, … යූදයේ රජ වූ ශෙදෙකියාගේ රාජ්‍යපාලනය ආරම්භය දක්වා යුදෙව්වරුන්ගේ වාර්තාවක් ද, තවද ශුද්ධ වූ අනාගතවක්තෘවරුන්ගේ අනාවැකි ද අන්තර්ගතය” (1 නීෆායි 5:11–13). යෙසායා සහ අනෙකුත් බයිබලානුකුල සහ බයිබලානුකුල නොවන අනාගතවක්තෘවරුන් අනුවාදනය කරමින්, මෙම තහඩු වලින් ගත් බොහෝ උපුටා දැක්වීම් මොර්මන්ගේ පොතෙහි දක්නට ලැබෙන්නේය.

මොර්මන්ගේ පොත ප්‍රධාන කොටස් හෝ බෙදීම් පහළොවකින් සමන්විත වන අතර, එක් ව්‍යතිරේකයකින්, සාමාන්‍යයෙන් ඒවායේ ප්‍රධාන කතුවරයාගේ නමින් නම් කරන ලද පොත් ලෙස හැඳින්වේ. පළමු කොටස (පළමු පොත් හය, ඔම්නි වලින් අවසන් වේ) නීෆායීගේ කුඩා තහඩු වලින් ගත් පරිවර්තනයකි. ඔම්නි සහ මොසායා පොත් අතර මොර්මන්ගේ වචන ලෙස හැඳින්වෙන ඇතුල් කිරීමක් ද ඇත. මෙම ඇතුල් කිරීම කුඩා තහඩු මත කැටයම් කර ඇති වාර්තාව විශාල තහඩු වල මොර්මන්ගේ සාරාංශිිිත කිරීම සමඟ සම්බන්ධ කරයි.

මොසායා සිට මොර්මන්ගේ 7 වන පරිච්ඡේදය දක්වා වන දිගම කොටස, නීෆායිගේ විශාල තහඩු වල මොර්මන්ගේ සාරාංශයේ පරිවර්තනයකි. අවසාන කොටස, මොර්මන් 8 වන පරිච්ඡේදයේ සිට වෙළුමේ අවසානය දක්වා, මොර්මන්ගේ පුත් මොරෝනායි විසින් කැටයම් කරන ලද, ඔහු තම පියාගේ ජීවිතය පිළිබඳ වාර්තාව අවසන් කිරීමෙන් පසු, ජෙරඩයිට්වරුන්ගේ වාර්තාව (ඊතර්ගේ පොත ලෙස) සාරාංශ කිරීමෙන් පසුව මොරොනායිගේ පොත ලෙස හඳුන්වන කොටස් එකතු කරන ලදී.

ක්‍රි.ව. 421 හෝ ඊට ආසන්න කාලයකදී, නීෆායිවර අනාගතවක්තෘ – ඉතිහාසඥයින්ගේ අන්තිමයා වූ මොරොනායි, පූජනීය වාර්තාව මුද්‍රා තබා, දෙවියන්වහන්සේගේ පුරාණ අනාගතවක්තෘවරුන්ගේ හඬින් පුරෝකථනය කළ පරිදි, පසුදවස්වලදී ගෙන ඒම සඳහා ස්වාමීන්වහන්සේ වෙත සඟවා තැබීය. ක්‍රි.ව. 1823 දී, එවකට නැවත නැඟිටුවනු ලැබූ, මෙම මොරොනායි, අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් වෙත බැහැදැක පසුව කැටයම් කළ තහඩු ඔහුට භාර දුන්නේය.

මෙම සංස්කරණය පිළිබඳව: අනතුරුව එන අන්තර්ගත පිටුවට පෙර වූ, මුල් මාතෘකා පිටුව, තහඩු වලින් ගන්නා ලද අතර එය පූජනීය පාඨයේ කොටසක් වන්නේය. 1 නීෆායි සහ අනතුරුව එන මොසායා 9 වන පරිච්ඡේදයට පෙර, එවැනි ඇල අකුරු නොවන අක්ෂර මුහුණතෙන් එන හැඳින්වීම් ශුද්ධ වූ පාඨයේ කොටසකි. පරිච්ඡේද ශීර්ෂයන් වැනි ඇල අකුරෙන් වූ හැඳින්වීම්, පාඨයට මුල් නොවන නමුත්, කියවීමේ පහසුව සඳහා වන අධ්‍යයන උපකාරක ලෙස ඇතුළත් වේ.

ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රකාශයට පත් කරන ලද මොර්මන්ගේ පොතේ පසුගිය සංස්කරණ පෙළෙහි ඇති සමහර සුළු දෝෂ චිරස්ථායී කර ඇත්තේය. අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් විසින් සංස්කරණය කරන ලද පූර්ව ප්‍රකාශන අත්පිටපත් සහ මුල් සංස්කරණවලට අනුකූලව කරුණු ගෙන ඒම සඳහා සුදුසු යැයි පෙනෙන නිවැරදි කිරීම් මෙම සංස්කරණයේ අඩංගු වේ.