ශුද්ධලියවිලි
සාක්ෂිකරුවන් අටදෙනාගේ සාක්ෂිය


සාක්ෂිකරුවන් අටදෙනාගේ සාක්ෂිය

මෙම කාර්යය පැමිණෙන්නේ කවුරුන් වෙතද යන්න සියලු ජාතීන්, ඥාතීන්, භාෂා සහ මිනිසුන් එය දැන ගත යුතු ය: එනම් මෙම කාර්යයේහි පරිවර්තකයා වන ජෝසෆ් ස්මිත්, කණි., අපට කථා කර ඇති, රන්වන් පෙනුමක් ඇති තහඩු අප හට පෙන්වන ලදී; තවද ඉහත කී ස්මිත් පරිවර්තනය කර ඇති කොළ, ඇති තරම් අප අතින් හසුරුවා ඇත්තෙමු; තවද එහි කැටයම් ද අපි දුටුවෙමු, ඒ සියල්ල පුරාණ කෘතිවල හා, අපුර්ව ශිල්ප නිමාවක පෙනුමෙන් යුක්ත විය. තවද, ඉහත කී ස්මිත් අපට පෙන්වූ බව සිහිසුන් වචන වලින් අප සාක්ෂි දරන්නෙමු, මන්ද අපි දැක ඒවා දැරූ අතර, අපි කතා කළ තහඩු ඉහත කී ස්මිත්ට ලැබී ඇති බව සහතිකයක් ලෙස දනිමු. තවද අප දැක ඇති දේ පිළිබඳව ලෝකයට සාක්ෂි දැරීම පිණිස, අපගේ නම් ලෝකයාට දෙන්නෙමු. තවද අප බොරු නොකියන්නෙමු, ඒ බව දෙවියන්වහන්සේ සාක්ෂි දරන සේක.

ක්‍රිස්ටියන් විට්මර්

ජේකබ් විට්මර්

පීටර් විට්මර්, කණි.

ජෝන් විට්මර්

හයිරම් පේජ්

ජෝසෆ් ස්මිත්, ජ්‍යෙෂ්.

හයිරම් ස්මිත්

සැමුවෙල් එච්. ස්මිත්