ශුද්ධලියවිලි
මොර්මන්ගේ පොතේ මාතෘකා පිටුව


මොර්මන්ගේ පොත

නීෆායිගේ තහඩුවලින් ගන්නා ලද
මොර්මන්ගේ අතින්
තහඩු මත
ලියන ලද විස්තරයකි

එබැවින්, එය නීෆායි ජනයාගේ, සහ එසේම ලේමන්වරුන්ගේද වාර්තාවේ සංක්ෂිප්තයකි – ඊශ්‍රායෙල් වංශයේ ඉතිරි වූ ලේමන්වරුන්ට ද ලියා ඇත; තවද එලෙසම යුදෙව්වන්ට සහ අන්‍යජාතිකයන්ටද – ආඥාවක් මාර්ගයෙන්, මෙන්ම අනාවැකි සහ එළිදරව් කිරීමේ ආත්මයෙන් ලියන ලදි – එලෙස ලියා මුද්‍රා තබා, ස්වාමීන්වහන්සේ වෙතට ඒවා විනාශ නොවන ලෙසට සඟවා තබන ලදි – දෙවියන්වහන්සේගේ දීමනාව සහ බලයෙන් එහි අර්ථ නිරූපණය සඳහා පිටතට පැමිණීමට – මොරොනායිගේ දෑතින් මුද්‍රා තබා, ස්වාමීන්වහන්සේ වෙත සඟවා නියමිත කාලයේදී අන්‍යජාතිකයන් මාර්ගයෙන් ඉදිරියට පැමිණීමට – දෙවියන්වහන්සේගේ දීමනාවෙන් පරිවර්තනය වූ ලද්දකි.

ඊතර්ගේ පොතෙන් උපුටාගත් සංක්ෂිප්තයක් ද වන අතර, ස්වර්ගයට යාම සඳහා කුළුණක් තනන විට, ස්වාමීන්වහන්සේ ජනතාවගේේ භාෂාව ව්‍යාකූල කළ අවස්ථාවේ දී, විසිරී සිටි ජෙරෙඩ්ගේ ජනතාව පිළිබඳ වාර්තාවකි – වංශයේ ඉතිරි වූ අයට ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ පියවරුන් උදෙසා කළ මහත් දේ පෙන්වීමට ද; ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් ඔවුන් දැනගනු ලබන පිණිස ද, එමඟින් ඔවුන් සදාකාලයටම නෙරපා නොහරින ලෙසට – තවද එසේම, යුදෙව්වන්ට සහ අන්‍යජාතීන්ට ජේසුස්වහන්සේ නම් ක්‍රිස්තුස්වහන්සේ වන, සදාතනික දෙවියන්වහන්සේ බව, උන්වහන්සේ සියලු ජාතීන්ට ප්‍රකාශ කර ඒත්තු ගැන්වීම සඳහාය – තවද දැන්, මෙහි දෝෂ ඇත්නම් එය මනුෂ්‍යයාගේ වැරදීම්ය; එබැවින්, ක්‍රිස්තුස්වහන්සේගේ විනිශ්චයාසනයදී නුඹලා නොකැළැල්ව සිටින පිණිස, දෙවියන්වහන්සේගේ දේවල් හෙළා නොදකින්න.

තහඩු වලින් ඉංග්‍රීසි භාෂාවට මුල් පරිවර්තනය
ජෝසෆ් ස්මිත්, කණි. විසිනි