ප්‍රධාන සම්මන්ත්‍රණය
ප්‍රධාන අධිකාරීවරුන්, ප්‍රාදේශීය හැත්තෑවරුන්, සහ ප්‍රධාන නිලධාරීන් ස්ථීර කිරීම
2022 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


ප්‍රධාන අධිකාරීවරුන්, ප්‍රාදේශීය හැත්තෑවරුන්, සහ ප්‍රධාන නිලධාරීන් ස්ථීර කිරීම

සහෝදර සහෝදරියනි, මා දැන් ඔබගේ ස්ථීර කිරීමේ ඡන්ද සඳහා සභාවේ ප්‍රධාන බලධාරීන්, ප්‍රාදේශීය හැත්තෑවරුන්, සහ ප්‍රධාන නිලධාරීන්ව ඔබ වෙත ඉදිරිපත් කරනවා.

කරුණාකර ඔබ කොතැනක සිටියත් ඔබගේ ඡන්දය සුපුරුදු පරිදි ප්‍රකාශ කරන්න. දක්වා ඇති ඕනෑම යෝජනාවකට විරුද්ධ වන අය සිටීනම්, ඔබගේ ස්ටේක සභාපතිවරයා හා සමඟ සම්බන්ධ වන ලෙස අප ඉල්ලා සිටිනවා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයින්ගෙන් යුත් සභාවේ දිවැසිවරයා, අනාගතවක්තෘවරයා, එළිදරව් කරන්නා, සහ සභාපති ලෙස රසල් මැරියන් නෙල්සන්; පළමු සභාපතිත්වයේ පළමු උපදේශක ලෙස ඩැලන් හැරිස් ඕක්ස්; සහ පළමු සභාපතිත්වයේ දෙවැනි උපදේශක ලෙස හෙන්රි බෙනියන් අයිරින් යන අයව ස්ථිර කිරීම සඳහා ඉදිරිපත් කර සිටිනවා.

කැමති සියල්ලන් කරුණාකර දන්වා සිටින්න.

අකමැති අය, එලෙසම, දන්වා සිටින්න.

ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණයේ සභාපති ලෙස ඩැලන් එච්. ඕක්ස්, සහ ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණයේ ක්‍රියාකාරී සභාපති ලෙස එම්. රසල් බැලර්ඩ් යන අයව ස්ථිර කිරීම සඳහා අප ඉදිරිපත් කර සිටිනවා.

කැමති සියල්ලන්, දන්වා සිටින්න.

අකමැති අය, එලෙසම, දන්වා සිටින්න.

ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණයේ සාමාජිකයන් ලෙස ස්ථිර කිරීම සදහා පහත සදහන් අයව ඉදිරිපත් කර සිටිනවා: එම්. රසල් බැලර්ඩ්, ජෙෆ්රි. ආර්. හොලන්ඩ්, ඩියේටර්. එෆ්. උක්ඩ්‍රොෆ්, ඩේවිඩ්. ඒ. බෙඩ්නර්, ක්වෙන්ටින් එල්. කුක්, ඩී. ටොඩ් ක්‍රිස්ටෝර්ෆර්සන්, නීල් එල්. ඇන්ඩර්සන්, රොනල්ඩ් ඒ. රස්බැන්ඩ්, ගැරී ඊ. ස්ටීවන්සන්, ඩේල් ජී. රෙන්ලන්ඩ්, ජෙරිට් ඩබ්. ගොන්ග්, සහ උලිසෙස් සෝරෙස්.

කැමති සියල්ලන් කරුණාකර දන්වා සිටින්න.

අකමැති අය, එලෙසම, දන්වා සිටින්න.

පළමු සභාපතිත්වයේ උපදේශකයන් සහ ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණය දිවැසිවරුන්, අනාගතවක්තෘවරුන්, සහ එළිදරව් කරන්නන් ලෙස ස්ථිර කිරීම සඳහා ඉදිරිපත් කර සිටිනවා.

කැමති සියල්ලන්, කරුණාකර දන්වා සිටින්න.

විරුද්ධ, කවුරුන් හෝ සිටීනම්, එලෙසින්ම දන්වා සිටින්න.

පහත සඳහන් කරන ප්‍රාදේශීය හැත්තෑවරුන්ව ඔවුන්ගේ පැවරුම් වලින් නිදහස් කර ඇත: මාර්ක් ඩී. එඩී, රයන් කේ. ඕල්සන්, ජොනතන් එස්. ශ්මිත්, සහ ඩෙනෙල්සන් සිල්වා.

මෙම සහෝදරයන්ගේ විශිෂ්ට සේවාව අගය කිරීමට අප සමඟ එකතු වීමට කැමති සියල්ලන් කරුණාකර දන්වා සිටින්න.

පහත දැක්වෙන ලෙස අප 2022 අගෝස්තු 1 සිට ක්‍රියාත්මක වන පරිදි සහන සමිතියේ ප්‍රධාන සභාපතිත්වය ඔවුන්ගේ කැඳවීම් වලින් නිදහස් කර ඇත: සභාපතිනිය ලෙස ජීන් බී. බින්ගම්, පළමු උපදේශිකාව ලෙස ෂැරන් ඉයුබෑන්ක්, සහ දෙවන උපදේශිකාව ලෙස රෙයිනා අයි. අබුර්තෝ.

පහත දැක්වෙන ලෙස අප 2022 අගෝස්තු 1 සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රාථමිකයේ ප්‍රධාන සභාපතිත්වය ඔවුන්ගේ කැඳවීම් වලින් නිදහස් කර ඇත: සභාපතිනිය ලෙස කමීල් එන්. ජොන්සන්, පළමු උපදේශිකාව ලෙස සුසෑන් එච්. පෝටර්, සහ දෙවන උපදේශිකාව ලෙස ඒමි ඒ. රයිට්.

මෙම සහෝදරියන්ගේ කැපවූ සේවාව අගය කිරීමට අප සමඟ එකතු වීමට කැමති සියල්ලන් කරුණාකර දන්වා සිටින්න.

පහත සඳහන් කරන ප්‍රධාන අධිකාරි හැත්තෑවරුන්ව ස්ථිර කිරීම සඳහා යෝජනා කර තිබෙනවා: මාර්ක් ඩී. එඩී, ජේම්ස් ඩබ්. මැකොන්කි III, අයිසැක් කේ. මොරිසන්, රයන් කේ. ඕල්සන්, ජොනතන් එස්. ශ්මිත්, සහ ඩෙනෙල්සන් සිල්වා.

කැමති සියල්ලන්, කරුණාකර දන්වා සිටින්න.

අකමැති අය සිටී නම් එලෙසම දන්වා සිටින්න.

මාර්තු 31, බ්‍රහස්පතින්දා පැවති ප්‍රධාන සම්මන්ත්‍රණ නායක රැස්වීමේදී නව ප්‍රාදේශීය හැත්තෑවරුන් 45 දෙනෙක්ව ස්ථීර කළ අතර පසුව මෙම සතිය මුලදී newsroom.ChurchofJesusChrist.org හි ඔවුන්ව නිවේදනය කළා.

ඔවුන්ගේ නව පැවරුම් වලට ඔවුන්ව ස්ථීර කරන මෙන් අපි ඔබට ආරාධනා කර සිටිනවා.

කැමති සියල්ලන් කරුණාකර දන්වා සිටින්න.

අකමැති අය සිටී නම් එලෙසම දන්වා සිටින්න.

2022 අගෝස්තු 1 දින සිට බලපැවැත්වෙන පරිදි, නව සහන සමිතියේ ප්‍රධාන සභාපතිත්වය ලෙස අපි පහත සඳහන් අයව ස්ථිර කිරීම සඳහා යෝජනා කර සිටිනවා: සභාපතිනිය ලෙස කමීල් එන්. ජොන්සන්, පළමු උපදේශිකාව ලෙස ජෙනී ඇනෙට් ඩෙනිස්, සහ දෙවන උපදේශිකාව ලෙස ක්‍රිස්ටින් මේ යී.

කැමති සියල්ලන් කරුණාකර දන්වා සිටින්න.

අකමැති අය සිටීනම් එලෙසම දන්වා සිටින්න.

2022 අගෝස්තු 1 දින සිට බලපැවැත්වෙන පරිදි, නව ප්‍රාථමිකයේ ප්‍රධාන සභාපතිත්වය ලෙස අපි පහත සඳහන් අයව ස්ථිර කිරීම සඳහා යෝජනා කර සිටිනවා: සභාපතිනිය ලෙස සුසෑන් එච්. පෝටර්, පළමු උපදේශිකාව ලෙස ඒමි ඒ. රයිට්, සහ දෙවන උපදේශිකාව ලෙස ට්‍රෙසි වයි. බ්‍රව්නින්.

කැමති සියල්ලන් කරුණාකර දන්වා සිටින්න.

අකමැති අය එලෙසින්ම දන්වා සිටින්න.

දැනට පිහිටුවා ඇති වෙනත් ප්‍රධාන අධිකරිත්වයන්, කොට්ඨාශ හැත්තෑවරුන්, සහ ප්‍රධාන නිළධාරීන් ස්ථීර කිරීම සඳහා යෝජනා කර සිටිනවා.

කැමති සියල්ලන්, කරුණාකර දන්වා සිටින්න.

අකමැති අය, එලෙසම, දන්වා සිටින්න.

සභාවේ නායකයින් වෙනුවෙන් ඔබේ පවත්නා නිරන්තර යාච්ඤාවන්ට හා ඇදහිල්ලට අප ස්තූතිවන්ත වෙනවා.

ප්‍රාදේශීය හැත්තෑවරුන්ගේ වෙනස්කම්

ප්‍රධාන සම්මන්ත්‍රණයේ කොටසක් ලෙස පැවති නායකත්ව සැසියකදී පහත ප්‍රාදේශීය හැත්තෑවරුන්ව ස්ථිර කරනු ලැබුවා:

එල්සිමාර් ගුආවේ ඩ ඇල්බුකර්කු, රොලන්ඩ් ජේ. බැක්, රාවුල් බැරන්, බෲනො වී. බැරොස්, එරික් බැක්ස්ටර්, ඔස්කාර් බෙඩ්‍රිගල්, ජෝඑප් බූම්, මයිකල් පී. බ්‍රැඩි, රැන්ඩල් ඒ. බ්‍රව්න්, කෙනඩි එෆ්. කනුතෝ, ස්ටෙෆන් කේ. ක්‍රිස්ටන්සන්, නේතන් ඒ. ක්‍රේග්, මාර්ක් ඇන්තනි ඩන්ඩොන්, ෆේවියෝ එම්. ඩුරාන්, ඇමන්ඩියො ඒ. ෆෙයිජෝ, ක්ලෝඩ් ආර්. ගැමියෙට්, ස්කොට් එල්. හයිමාස්, ජේසන් සී. ජෙන්සන්, රොබර්තෝ ජී. එෆ්. ලෙයිතේ, ජෝන් ඩබ්. ලුවිස්, පාලෝ රෙනාතෝ මරින්හෝ, බ්ලේන් ආර්. මැක්ස්ෆීල්ඩ්, එඩ්වාර්ඩෝ ආර්. ම්පෙරා, ඩෙවිඩ් න්ගාබිසෙලේ, ජාඕ ලුවිස් ඔප්පේ, ජස්ටිස් එන්. ඔටුඔන්යේ, අම්මානුවෙල් පෙට්‍රිග්නානි, ඩැනියෙල් පයිරොස්, ක්‍රේග් ඩබ්. ජේ. රෙසිඩ්, නෙල්සන් රමීරෙස්, ඇලෙක්සි වී. සමයිකින්, හොසේ ඇන්ටෝනියෝ සැන් ගාබ්‍රියෙල්, හොසේ එස්ටුවාර්ඩෝ සාසෝ, ස්ටිවන් ඩී. ශම්වේ, ඔස්වාල්ඩෝ ජේ. සෝටෝ, මාර්ක් ජී. ස්ටුවර්ට්, ස්කොට් එන්. ටේලර්, රොස්වෙට් ඩ පීනා ටෙයික්සියේරා, ගෝර්ඩන් එල්. ට්‍රෙඩ්වේ, හාරෝල්ඩ් ටෲක්, නිකොලායි උස්චුසනිනොව්, කාර්ලොස් අර්නෙස්තෝ වෙලාස්කෝ, කයිල් ඒ. වෙස්ට්, සර්ජියෝ විලා, මින් සූ වන්ග්