ප්‍රධාන සම්මන්ත්‍රණය
අනාගතය ඇදහිල්ලෙන් වැලඳගන්න
2020 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


අනාගතය ඇදහිල්ලෙන් වැලඳගන්න

ස්වාමින්වහන්සේගේ අත්වල උපකරණ වීමට සූදානම්ව සිටින සහ දිගටම සූදානම් වන අයට අනාගතය තේජාන්විත වෙනවා.

මෙය අමතක නොවන සන්ධ්‍යාවක්. මගේ ආදරණීය සහෝදරියනි, ඔබ සමග සිටීමට ලැබීම ගෞරවයක්. පසුගිය මාස කිහිපය තුළ ඔබ බොහෝවිට මගේ මනසේ සිටියා. ඔබ මිලියන අටකට වඩා ශක්තිමත්. ඔබ සංඛ්‍යාවක් පමණක් නොවේ, එහෙත් ලෝකය වෙනස් කිරීමේ අධ්‍යාත්මික බලයද ඔබට තිබෙනවා. මෙම වසංගතය අතරතුර ඔබ එසේ කරන ආකාරය මම බලා සිටියා.

ඔබගෙන් සමහරෙක් හදිසියේම හිඟ සැපයුම් හෝ නව රැකියාවක් සොයමින් සිටියා. බොහෝ අය ළමයින්ට ඉගැන්වූ අතර අසල්වැසියන්ව පරීක්ෂා කර බැලුවා. සමහරු ධර්මදූතයින්ව බලාපොරොත්තු වූවාට වඩා කලින් ගෙදරට පිළිගත් අතර, තවත් සමහරු ඔබේ නිවෙස් ධර්මදූත පුහුණු මධ්‍යස්ථාන බවට පත්කළා. ඔබ පවුලේ අය සහ මිතුරන් සමඟ සම්බන්ධ වීමට, හුදෙකලා බවක් දැනුණු අයට දේවසේවයේ යෙදීමට, සහ අන් අය සමඟ එන්න, මා අනුගමනය කරන්න අධ්‍යනය කිරීමට තාක්ෂණය භාවිතා කළා. සබත ප්‍රීතිමත් කිරීමට ඔබ නව ක්‍රම සොයාගෙන තිබෙනවා. එමෙන්ම ඔබ ආරක්ෂිත මුහුණු ආවරණ සාදා තිබෙනවා—ඒවා මිලියන ගණනක්!

හෘදයාංගම අනුකම්පාවෙන් හා ප්‍රේමයෙන්, තමන් ආදරය කරන අය මියගොස් ඇති බොහෝ කාන්තාවන් කෙරෙහි මගේ හදවත විහිදෙනවා. අපි ඔබ සමඟ හඬා වැලපෙනවා. එමෙන්ම අපි ඔබ වෙනුවෙන් යාච්ඤා කරනවා. අන් අයගේ සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහා වෙහෙස නොබලා වැඩ කරන සැමට අපි ප්‍රශංසා කරනවා ඒ වගේම යාච්ඤා කරනවා.

තරුණ කාන්තාවනි ඔබත් විශිෂ්ටයි. සමාජ මාධ්‍ය වාද විවාද වලින් පිරී තිබුණද, ඔබගෙන් බොහෝ දෙනෙක් අන් අයව ධෛර්යමත් කිරීමට සහ අපගේ ගැලවුම්කරුවාණන්ගේ ආලෝකය බෙදාගැනීමට ක්‍රම සොයාගෙන තිබෙනවා.

සහෝදරියනි, ඔබ සැවොම ඇත්තෙන්ම වීර ක්‍රියා කර තිබෙනවා! ඔබේ ශක්තිය හා ඔබේ ඇදහිල්ල ගැන මම පුදුම වෙනවා. දුෂ්කර අවස්ථා වලදී ඔබ නිර්භීතව ඉදිරියට යන බව ඔබ පෙන්වා තිබෙනවා. මම ඔබට ආදරෙයි, ස්වාමින්වහන්සේ ඔබට ප්‍රේම කරන බවත් ඔබ කරන විශාල ක්‍රියාවන් දකින බවත් මම ඔබට සහතික වෙනවා. ඔබට ස්තූතියි! ඔබ වචනාර්ථයෙන්ම ඊශ්‍රායෙලයේ බලාපොරොත්තුව බව ඔබ නැවත වරක් ඔප්පු කර තිබෙනවා!

මීට වසර 25 කට පෙර 1995 සැප්තැම්බර් මාසයේ පැවති ප්‍රධාන සහන සමිති රැස්වීමේදී සභාපති ගෝර්ඩන් බී. හින්ක්ලි විසින් “පවුල: ලෝකයට ප්‍රකාශයක්” හඳුන්වාදුන් විට ඔබ කෙරෙහි ඔහු තුළ තිබූ බලාපොරොත්තු ඔබ මූර්තිමත් කර තිබෙනවා. 1 මෙම වැදගත් ප්‍රකාශය සභාවේ සහෝදරියන්ට හඳුන්වාදීමට ඔහු තෝරාගැනීම විශේෂත්වයක්. එසේ කිරීමෙන්, ස්වාමින්වහන්සේගේ සැලැස්මට කාන්තාවන්ගේ මැනිය නොහැකි බලපෑම, සභාපති හින්ක්ලි අවධාරණය කළා.

දැන්, ඔබ මේ වසරේ ඉගෙනගත් දේ දැනගැනීමට මම කැමතියි. ඔබ ස්වාමින්වහන්සේට ළං වී ඇත්ද, නැතිනම් ඔබට උන්වහන්සේගෙන් තවත් ඈත් වී සිටින බවක් දැනෙනවාද? ඒවගේම වර්තමාන සිදුවීම් නිසා අනාගතය ගැන ඔබට හැඟෙන්නේ කෙසේද?

ස්වාමින්වහන්සේ අපගේ දවස ගැන ඉතා සංවේදී ලෙස කතා කර ඇති බව පිළිගත යුතුයි. අපේ කාලයේ “මිනිසුන්ගේ හදවත් [ඔවුන්ව] අසාර්ථක කරනු ඇති” 2 බවත්, එමෙන්ම තෝරාගත් අයට පවා රැවටීමේ අවදානමක් ඇති බවත් උන්වහන්සේ අනතුරු ඇඟවූවා. 3 “සාමය පොළොවෙන් ලබාගන්නා” 4 බවත් මිනිස් වර්ගයාට විපත් සිදුවන බවත්, උන්වහන්සේ ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයාට පැවසුවා. 5

එහෙත් මෙම කාලපරිච්ඡේදය කෙතරම් විශිෂ්ටද යන්න පිළිබඳවත් ස්වාමින්වහන්සේ විසින් දර්ශනයක් ලබාදී තිබෙනවා. උන්වහන්සේ ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයාව පෙළඹුවේ මෙසේයි “මේ අන්තිම දවස්වල කාර්යය… අති විශාල එකකින් යුත් එකක්. … එහි තේජස විස්තර කළ නොහැකි තරම් වන අතර එහි උතුම්කම දරාගත නොහැකියි.” 6

දැන්, උදාරත්වය යනු මෙම පසුගිය මාස කිහිපය විස්තර කිරීමට ඔබ තෝරාගන්නා වචනය නොවිය හැකියි! අපගේ දවස පිළිබඳ අඳුරු අනාවැකි සහ මහිමාන්විත ප්‍රකාශයන් සමඟ අප කටයුතු කළ යුත්තේ කෙසේද? සරල, නමුත් සිත් ඇදගන්නාසුළු සහතිකයකින් යුතුව ස්වාමින්වහන්සේ අපට මෙසේ පැවසුවා: “ඔබ සූදානම් නම් ඔබ බිය නොවන්න.” 7

කෙතරම් ආපූරූ පොරොන්දුවක්ද! එය අපගේ අනාගතය දකින ආකාරය වචනාර්ථයෙන්ම වෙනස් කළ හැකි එකක්. සෝල්ට් ලේක් නිම්නයේ ඇතිවූ භූමිකම්පාවක් සමඟ වසංගතය, ඇය සිතූ තරම් සූදානම්ව නැති බව වටහාගැනීමට උපකාර කළ බව, ගැඹුරු සාක්ෂියක් ඇති කාන්තාවක් මෑතකදී පවසනවා මට ඇසුණා. ඇය ඇගේ ආහාර ගබඩාව ගැනද නැතහොත් ඇගේ සාක්ෂිය ගැනද කියන්නේ කියා මා ඇසූ විට ඇය සිනාසෙමින් “ඔව්!” කිව්වා.

මෙම කාලපරිච්ඡේදය සහ අපගේ අනාගතය ඇදහිල්ලෙන් පිළිගැනීමට සූදානම් වීම අපගේ යතුර නම්, අපට වඩාත් හොඳින් සූදානම් විය හැක්කේ කෙසේද?

ආහාර, ජලය සහ මූල්‍ය සංචිත අවශ්‍යතා සඳහා ගබඩා කරන ලෙස, දශක ගණනාවක් තිස්සේ ස්වාමින්වහන්සේගේ අනාගතවක්තෘවරුන් අපෙන් ඉල්ලා සිටියා. වර්තමාන වසංගතය එම උපදේශයේ ප්‍රඥාව සවිගන්වා තිබෙනවා. තාවකාලිකව සූදානම් වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිනවා. නමුත් මම ඔබේ ආත්මික හා චිත්තවේගීය සූදානම ගැන ඊටත් වඩා සැලකිලිමත්.

මේ සම්බන්ධයෙන් අපට කපිතාන් මොරෝනිගෙන් බොහෝ දේ ඉගෙනගත හැකියි. නෙපිවරුන්ගේ හමුදාවේ අණ දෙන නිලධාරියා වශයෙන්, ඔහු ශක්තිමත්, සංඛ්‍යාත්මක හා වඩා මධ්‍යස්ථ වූ ප්‍රතිවිරුද්ධ බලවේගයන්ට මුහුණදුන්නා. ඉතින්, මොරෝනි තම ජනතාව අත්‍යවශ්‍ය ආකාර තුනකින් සූදානම් කළා.

පළමුවෙන්ම, ඔවුන්ව ආරක්ෂිත වන ස්ථාන නිර්මාණය කිරීමට ඔහු ඔවුන්ට උදව් කළා—ඔහු ඒවා “ආරක්ෂිත ස්ථාන” 8 ලෙස හැඳින්වූවා. දෙවනුව, ඔහු “ස්වාමින්වහන්සේට විශ්වාසවන්තව සිටීමට ජනතාවගේ මනස” සූදානම් කළා. 9 ඒවගේම තෙවනුව, ඔහු කිසිවිටෙකත් ශාරීරිකව හෝ අධ්‍යාත්මිකව—තම සෙනඟ සූදානම් කිරීම නතර කළේ නෑ. 10 අපි මෙම මූලධර්ම තුන සලකා බලමු.

මූලධර්මය අංක එක: ආරක්ෂිත ස්ථාන නිර්මාණය කිරීම.

මොරෝනි සෑම නෙපිවර නගරයක්ම බැමි, බලකොටු සහ බිත්ති වලින් ශක්තිමත් කළා. 11 ලාමන්වරු ඔවුන්ට විරුද්ධව පැමිණි විට, “නෙපිවරුන්ගේ ආරක්‍ෂිත ස්ථාන පිළියෙළ කිරීමේ ප්‍රඥාව නිසා ඔවුහු බෙහෙවින් පුදුමයට පත්වුණා. 12

ඒ හා සමානව, අප වටා කැලඹිලි ඇතිවන විට, අප භෞතිකව හා අධ්‍යාත්මිකව අපව ආරක්ෂිත වන ස්ථාන නිර්මාණය කළ යුතුයි. ඔබගේ නිවස—ආත්මයාණන් වාසය කරන—පුද්ගලික ඇදහිල්ලේ අභයභූමියක් බවට පත්වූ විට, ඔබේ නිවස පළමු ආරක්ෂක වළල්ල බවට පත්වෙනවා.

ඒ හා සමානව, සයොනයේ ස්ටේකය “තවද කුණාටුවන් වෙතින් සුරක්ෂිත වීමට” 13 ස්ථානයක්, මොකද ඔවුන්ව මෙහෙයවනු ලබන්නේ පූජකත්වයේ යතුරු දරන සහ පූජකත්වය ක්‍රියාත්මක කරන අය විසින්. ඔබට මගපෙන්වීමට ස්වාමින්වහන්සේ විසින් බලය පවරනු ලැබූ අයගේ උපදෙස් ඔබ දිගටම අනුගමනය කරන විට, ඔබට වැඩි ආරක්ෂාවක් දැනෙයි.

දේවමාළිගාව—ස්වාමින්ගේ ගෘහය—වෙන කිසිම තැනකට වඩා ආරක්ෂිත ස්ථානයක්. එහිදී, සහෝදරියනි, ඔබ කරන පූජනීය පූජකත්ව ගිවිසුම් තුළින් පූජකත්ව බලයෙන් ඔබ බලයෙන් සැරසී තිබෙනවා. 14 එහිදී, ඔබේ පවුල් සදාකාලයටම මුද්‍රා තබා තිබෙනවා. මේ වසරේදී පවා, අපගේ දේවමාළිගා වලට ප්‍රවේශ වීම බරපතල ලෙස සීමාකර ඇති විට, ඔබ දෙවියන්වහන්සේ සමඟ ඇතිකරගත් ගිවිසුම් වලට ඔබ ගෞරව කර ඇති බැවින් ඔබගේ බලයෙන් සැරසීම මඟින් ඔබට දෙවියන්වහන්සේගේ බලයට නිරන්තරයෙන් ප්‍රවේශ විය හැකියි.

සරලව කිවහොත්, ශුද්ධාත්මයාණන්ගේ පැමිණීම ඔබට දැනෙන ඕනෑම තැනක් ආරක්ෂිත ස්ථානයක් වන අතර උන්වහන්සේ විසින් ඔබව මෙහෙයවනු ලැබෙනවා. 15 ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබ සමඟ සිටින විට, පවතින මතයන්ට පටහැනිව වුවද, ඔබට සත්‍යය ඉගැන්විය හැකියි. ඒවගේම එළිදරව් කිරීමේ පරිසරයක් තුළ ඔබට ශුභාරංචිය පිළිබඳ අවංක ප්‍රශ්න මෙනෙහි කළ හැකියි.

මගේ ආදරණීය සහෝදරියනි, ආරක්ෂිත ස්ථානයක් වන නිවසක් නිර්මාණය කරන ලෙස මම ඔබට ආරාධනා කරනවා. ඒවගේම පූජකත්ව බලය සහ දේවමාළිගා ගිවිසුම් හා ආශිර්වාද පිළිබඳ ඔබේ අවබෝධය වැඩි කරගන්නා ලෙස මම ඔබට කරන ලද ආරාධනය අලුත් කරනවා. පසුබැසීමට හැකි ආරක්ෂිත ස්ථාන තිබීම අනාගතය ඇදහිල්ලෙන් වැලඳගැනීමට ඔබට උපකාරී වෙනවා.

දෙවන මූලධර්මය: දෙවියන්වහන්සේට ඇදහිලිවන්තව සිටීමට ඔබේ මනස සූදානම් කරන්න.

සෝල්ට් ලේක් දේවමාළිගාවේ ආයු කාලය හා ධාරිතාවය පුළුල් කිරීම සඳහා අපි විශාල ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා.

රූපය
ඉදිවෙමින් පවතින සෝල්ට් ලේක් දේවමාළිගාව

එවැනි අසාමාන්‍ය ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවය සමහරු ප්‍රශ්න කළා. කෙසේවෙතත්, මේ වසර මුලදී සෝල්ට් ලේක් නිම්නයේ රික්ටර් මාපකයේ 5.7 ක භූමිකම්පාවක් සිදුවූ විට, මෙම පූජනීය දේවමාළිගාව මොරෝනි දේවදූතයාගේ පිළිමයේ හොරණෑව වැටෙන තරමට කම්පා වුණා! 16

රූපය
වැටුනු හොරණෑව සමග මොරෝනි දේවදූතයා

ස්වාභාවික විපත් වලට ඔරොත්තු දීමට සෝල්ට් ලේක් දේවමාළිගාවේ භෞතික අත්තිවාරම ශක්තිමත් විය යුතු සේම අපගේ අධ්‍යාත්මික අත්තිවාරම්ද ශක්තිමත් විය යුතුයි. එවිට, රූපක භූමිකම්පා අපගේ ජීවිත සොලවන විට, අපගේ ඇදහිල්ල නිසා අපට “ස්ථීර හා නිශ්චල” තත්වයකට පත්විය හැකියි. 17

ඉගෙනීමෙන්, අධ්‍යයනයෙන් හා ඇදහිල්ලෙන්” අපේ ඇදහිල්ල වැඩිකරගන්නේ කෙසේද කියා ස්වාමින්වහන්සේ අපට ඉගැන්නුවා. 18 යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ආඥා පිළිපැදීමටත් “සැමවිටම උන්වහන්සේව සිහි කිරීමටත්” අප උත්සාහ කරන විට අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ල ශක්තිමත් කරගන්නවා. 19 තවදුරටත්, උන්වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ල ක්‍රියාත්මක කරන සෑම අවස්ථාවකම අපගේ ඇදහිල්ල වැඩිවෙනවා. ඇදහිල්ලෙන් ඉගෙනීම යනු එයයි.

නිදසුනක් වශයෙන්, දෙවියන්වහන්සේගේ නීති වලට කීකරු වීමට අපට ඇදහිල්ල ඇති සෑම අවස්ථාවකම—ජනප්‍රිය මතයන් අපව පහත් කොට සලකන විට පවා—හෝ ගිවිසුම් කඩකිරීම සමරන විනෝදාස්වාදයට හෝ මතවාදයන්ට අප විරුද්ධ වන සෑම අවස්ථාවකම, අපි අපගේ ඇදහිල්ල ක්‍රියාත්මක කරන අතර එමඟින් අපගේ ඇදහිල්ල වැඩි වෙනවා.

තවදුරටත්, මොර්මොන්ගේ පොතෙහි නිතිපතා ගිලී යෑමට වඩා දේවල් ස්වල්පයක් ඇදහිල්ල ගොඩනංවනවා. වෙනත් කිසිම පොතක යේසුස් ක්‍රිස්තුස්වහන්සේව එතරම් බලයෙන් හා පැහැදිලිව සාක්ෂි දරන්නේ නෑ. ස්වාමින්වහන්සේගේ ආනුභාවයෙන් එහි අනාගතවක්තෘවරු අපේ දවස දුටු අතර අපට වඩාත්ම ප්‍රයෝජනවත් වන මූලධර්ම හා සත්‍යයන් තෝරාගෙන තිබෙනවා. මොර්මොන්ගේ පොත අපගේ පසුකාලීන පැවැත්මේ මාර්ගෝපදේශයයි.

ඇත්තවශයෙන්ම, අපගේ අවසාන සුරක්ෂිතභාවය ලැබෙන්නේ අප ස්වර්ගික පියාණන් හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතට යොමුවීමෙන්! දෙවියන්වහන්සේගෙන් තොර ජීවිතය යනු භීතියෙන් පිරුණු ජීවිතයකි. දෙවියන්වහන්සේ සමඟ ජීවිතය සාමයෙන් පිරුණු ජීවිතයකි. එයට හේතුව ආත්මික ආශිර්වාද පැමිණෙන්නේ ඇදහිලිවන්තයන්ටයි. පෞද්ගලික එළිදරව් ලැබීම එම ශ්‍රේෂ්ඨ වූ ආශිර්වාද වලින් එකකි.

අප ඉල්ලන්නේ නම් අපට “එළිදරව්වෙන් එළිදරව්ව” ලැබෙනු ඇති බව ස්වාමින්වහන්සේ පොරොන්දු වී තිබෙනවා. 20 එළිදරව් ලැබීමේ හැකියාව ඔබ වැඩිකරගන්නා විට, ඔබේ ජීවිතය සඳහා වැඩි මඟපෙන්වීමක් සහ ආත්මයාණන්ගේ අසීමිත ත්‍යාගයන් සමඟ ස්වාමින්වහන්සේ ඔබට ආශිර්වාද කරන බවට මම පොරොන්දු වෙනවා.

තුන්වන මූලධර්මය: කවදාවත් සූදානම් වීම නතර නොකරන්න.

දේවල් හොඳින් සිදුවූවත්, කපිතාන් මොරෝනි දිගටම තම ජනතාවව සූදානම් කළා. ඔහු කිසිවිටෙකත් නැවැත්වූයේ නෑ. ඔහු කවදාවත් උදාසීන වුනේ නෑ.

සතුරා කිසිවිටෙකත් පහරදීම නතර නොකරයි. ඉතින්, අපට කවදාවත් සූදානම් වීම නතර කළ නොහැකියි! තාවකාලිකව, චිත්තවේගීයව හා අධ්‍යාත්මිකව—අපි වඩාත් ආත්ම විශ්වාසයෙන් යුතු වන තරමටම, සාතන්ගේ නිර්දය පහරදීම් වලක්වාලීමට අපි වඩාත් සූදානම් වෙනවා.

ආදරණීය සහෝදරියනි, ඔබටත් ඔබ ආදරය කරන අයටත් ආරක්ෂිත ස්ථාන නිර්මාණය කිරීමට ඔබ දක්ෂයි. තවත්, ඔබට දිව්‍යමය බලයෙන් සැරසීමක් ඇති අතර එමඟින් අන් අය තුල බලවත් ක්‍රම ඇදහිල්ල ගොඩනැගිය හැකියි. 21 ඒවගේම ඔබ කවදාවත් නවත්වන්නේ නැහැ. ඔබ මේ වසරේ නැවත වරක් එය පෙන්නුම් කර තිබෙනවා.

කරුණාකර, දිගටම කරගෙන යන්න! ඔබේ නිවෙස් ආරක්ෂා කිරීමට සහ ඔබේ ආදරණීයයන්ගේ හදවත් කෙරෙහි විශ්වාසයක් ඇතිකිරීමට ඔබ දක්වන සුපරීක්ෂාකාරිත්වය ඉදිරි පරම්පරාවන්ට විපාක ලබාදෙනවා.

මගේ ආදරණීය සහෝදරියනි, අපට බලාසිටීමට බොහෝ දේ තිබෙනවා! ස්වාමින්වහන්සේ දැන් ඔබව මෙහි තැබුවේ මේ අවසාන දවස් වල සංකීර්ණතා සමග ගණුදෙනු කිරීමට ඔබට හැකියාවක් ඇති බව උන්වහන්සේ දන්නා බැවිනුයි. උන්වහන්සේගේ කාර්යයේ උතුම්කම ඔබ වටහාගෙන එය ඉටුකරගැනීමට ඔබ උදව් කිරීමට උනන්දු වනු ඇතැයි උන්වහන්සේ දැනසිටියා.

ඉදිරි දින පහසු වනු ඇතැයි මම කියන්නේ නෑ, නමුත් ස්වාමින්වහන්සේගේ දෑතේ මෙවලම් වීමට සූදානම්ව සිටින සහ දිගටම සූදානම් වන අයට අනාගතය තේජාන්විත වනු ඇතැයි මම ඔබට පොරොන්දු වෙනවා.

මගේ ආදරණීය සහෝදරියනි, මෙම වාරය පමණක් අපි විඳදරා නොගනිමු. අපි අනාගතය ඇදහිල්ලෙන් වැලඳගනිමු! කැලඹිලි සහිත කාලයන් අපට අධ්‍යාත්මිකව දියුණු වීමට ඇති අවස්ථාවන්. සන්සුන් කාල වලට වඩා එම කාලයන් අපගේ බලපෑම වඩා විනිවිද යා හැකි අවස්ථා වෙනවා.

අපි ආරක්ෂිත ස්ථාන නිර්මාණය කරන විට, දෙවියන්වහන්සේට ඇදහිලිවන්තව සිටීමට අපගේ මනස සූදානම් කරන්නටත්, සහ කිසිවිටෙකත් සූදානම් වීම නවත්වන්නේ නැති වෙන්නටත්, දෙවියන්වහන්සේ අපට ආශිර්වාද කරන බව, මම පොරොන්දු වෙනවා. උන්වහන්සේ “අපව මුදවාගන්නා සේක, එසේය එපමණකින් එනම් උන්වහන්සේ අපගේ ප්‍රාණයන්ට සමාදානයෙන් කතා [කරන] සේක, තවද අප හට බලවත් ඇදහිල්ලක් [ලබාදෙන] සේක, තවද උන්වහන්සේ තුළ අපගේ මිදීම බලාපොරොත්තු වීමට [හැකිවන] ලෙස සැලැස්වූ සේක.” 22

අනාගතය ඇදහිල්ලෙන් වැලඳගැනීමට ඔබ සූදානම් වන විට, මෙම පොරොන්දු ඔබගේ වනු ඇත! මම මෙසේ සාක්ෂි දරන්නේ, ඔබ කෙරෙහි ඇති මාගේ ප්‍රේමය ප්‍රකාශ කිරීමෙන් සහ ඔබ තුළ ඇති මාගේ විස්වාසය නිසාවෙනි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. බලන්න “පවුල: ලෝකයට ප්‍රකාශනයකි,” ChurchofJesusChrist.org. මෙම ප්‍රකාශය සමඟ පැවති දේශනයේදී සභාපති ගෝර්ඩන් බී. හින්ක්ලි සහෝදරියන්ට මෙසේ පැවසීය: “ඔබට ඇති ශක්තිය ගැනත්, ඔබේ පක්ෂපාතිත්වය, ඔබේ ඇදහිල්ල සහ ඔබේ ආදරය ගැනත් මම ස්තූතිවන්ත වෙමි. ඇදහිල්ලෙන් ගමන් කිරීමට, ආඥා පිළිපැදීමට, සෑමවිටම හා සෑම අවස්ථාවකම හරි දේ කිරීමට ඔබ හදවතින්ම ගෙන ආ යෝජනාවට මම ස්තූතිවන්ත වෙමි” (“Stand Strong against the Wiles of the World,” Ensign, Nov. 1995, 98–99).

  2. ලූක් 21:26; දහම සහ ගිවිසුම් 45:2 ද බලන්න.

  3. බලන්න මතෙව් 24:24; Joseph Smith—Matthew 1:22.

  4. දහම සහ ගිවිසුම් 1:35.

  5. දහම සහ ගිවිසුම් 1:17 බලන්න. ප්‍රේරිත පාවුල් මෙසේ අනාවැකියක් පැවසුවේය “අන්තිම දවස්වල අනතුරුදායක කාලයන් පැමිණේවි.” එය අපගේ දවස අධ්‍යාත්මිකව අනතුරුදායක කරනු ඇත. (2 තිමොති 3:1–5 බලන්න.)

  6. Teachings of Presidents of the Church: Joseph Smith (2007), 512.

  7. දහම සහ ගිවිසුම් 38:30.

  8. ඇල්මා 49:5; 50:4 බලන්න.

  9. ඇල්මා 48:7.

  10. ඇල්මා 49–50 බලන්න.

  11. ඇල්මා 48:8 බලන්න.

  12. ඇල්මා 49:5 අවධාරණය කිරීම් සහිතයි.

  13. දහම සහ ගිවිසුම් 115:6.

  14. බලන්න රසල් එම්. නෙල්සන්, “ආත්මික වස්තූන්,” ලියහෝනා, නොවැ. 2019, 76–79.

  15. එලිසා ආර්. ස්නෝ ඉගැන්වූවා, ශුද්ධාත්මයාණන්වහන්සේ “මිනිස් හදවතේ සෑම ආශාවක්ම තෘප්තිමත් කරවයි. … මම එම ආත්මයාණන්ගෙන් පූර්ණ වූ විට, මගේ ආත්මය තෘප්තිමත් වන අතර, දවසේ සුළු දේවල් මගේ මාර්ගයේ කිසිසේත් නොපෙනේ යනුවෙන් මට ඉතා උනන්දුවෙන් කිව හැකියි. … මෙය අපගේ ආත්මයන් තුළට නිරන්තරයෙන් ගලා යා හැකිවීම ඇතිව ජීවත්වීම අපගේ වරප්‍රසාදය නොවේද?” (in Daughters in My Kingdom: The History and Work of Relief Society [2011], 46).

  16. See Daniel Burke, “Utah Earthquake Damages Mormon Temple and Knocks Trumpet from Iconic Angel Statue,” Mar. 18, 2020, cnn.com.

  17. මොසායා 5:15.

  18. දහම සහ ගිවිසුම් 88:118; අවධාරණය කිරීම් සහිතයි.

  19. මොරෝනි 4:3.

  20. දහම සහ ගිවිසුම් 42:61.

  21. ප්‍රේරිත පාවුල් මෙම යථාර්ථය සංඥා කළේ තිමොතිගේ නොඇදහිලිකාර විශ්වාසය ඔහුගේ මව, යුනිස් සහ ඔහුගේ ආච්චි ලොයිස් වෙත ආරෝපණය කළ විටය (2 තිමෝති 1:5 බලන්න).

  22. ඇල්මා 58:11.