ප්‍රධාන සම්මන්ත්‍රණය
නුඹලා අවදිව සිට නිතර යාච්ඤා කරන්න
2020 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


නුඹලා අවදිව සිට නිතර යාච්ඤා කරන්න

අද මම ලොව පුරා සෑම රටකම සිටින සියලුදෙනාටම යාච්ඤා කිරීම සඳහා වූ මගේ ඉල්ලීම පුළුල් කරනවා.

මාගේ ආදරණීය සහෝදර සහෝදරියනි, යේසුස්වහන්සේ සිය ලෞකික දේවසේවයේ අවසාන සතිය තුළ, තම ගෝලයන්ට ඉගැන්වූයේ “එබැවින් ඒ සිදුවන සියල්ලෙන් ජයගෙන ගැලවෙන පිණිසද මනුශ්‍ය පුත්‍රයා ඉදිරියෙහි සිටින පිණිසද කන්නලව් කරමින්, සෑම කාලයේදීම අවදිව හිඳිල්ලා” ලෙසයි. 1

උන්වහන්සේගේ දෙවන පැමිණීමට පෙර “සිදුවන්නට ඕනෑ දෙවල්” අතර “යුද්ධය සහ යුද්ධය පිළිබඳ කටකතා[,] … සාගත, වසංගත හා විවිධ ස්ථාන වල පොළෝකම්පාද” වෙනවා. 2

දහම සහ ගිවිසුම් හි ගැලවුම්කරුවාණන් මෙසේ පවසනවා, “තවද සියලු දේවල් තුළ කලබලය වන්නේය; … මක්නිසාද සියලු ජනතාව වෙතට භීතිය පැමිණෙන්නේය” 3

නිසැකයෙන්ම, අප ජීවත් වන්නේ දේවල් කලබලකාරී කාලයකයි. බොහෝ අය අනාගතයට බිය වන අතර බොහෝ හදවත් දෙවියන්වහන්සේ හා උන්වහන්සේගේ පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇති ඇදහිල්ලෙන් ඉවත්වී තිබෙනවා.

ප්‍රවෘත්ති වාර්තා ප්‍රචණ්ඩත්වයේ තොරතුරු වලින් පිරී තිබෙනවා. සදාචාරාත්මක නොවන දෑ අන්තර්ජාලය හරහා ප්‍රකාශ කෙරෙනවා. සුසාන භූමි, දේවස්ථාන, මුස්ලිම් දේවස්ථාන, සිනගෝග සහ ආගමික සිද්ධස්ථාන විනාශ කර තිබෙනවා.

ගෝලීය වසංගතයක් පොළවේ සෑම අස්සක් මුල්ලක් නෑරම පාහේ පැමිණ තිබෙනවා—එයින් මිලියන ගණනක් ආසාදනය වී තිබෙනවා, මිලියන ගණනකට වඩා මියගොස් තිබෙනවා. පාසල් උපාධි, සභා නමස්කාර සේවාවන්, විවාහ, ධර්මදූත සේවය සහ තවත් වැදගත් ජීවිත සිදුවීම් රාශියක් කඩාකප්පල් වී තිබෙනවා. මීට අමතරව, ගණන් කළ නොහැකි තරම් මිනිසුන් තනිවී හුදෙකලා වී තිබෙනවා.

විශේෂයෙන්ම අපගේ ස්වර්ගික පියාණන්ගේ වඩාත් අවදානමට ලක්විය හැකි දරුවන් සඳහා, ආර්ථික බොහෝදෙනෙකුට වෙනස්වීම් අභියෝග ඇතිකර තිබෙනවා.

සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතිය ජනතාව උද්‍යෝගයෙන් ක්‍රියාත්මක කරන ආකාරය අපි දැක තිබෙනවා, එමෙන්ම කෝපාවිෂ්ඨ කලහකාරී අයගේ කැරලි ගැසීම් අපි දැක තිබෙනවා.

ඒ අතරම, අපි ලොව පුරා ගැටුම් දිගටම දකිනවා.

ඔබලාගෙන් දුක් විඳින, කනස්සල්ලට පත්වන, බිය වන හෝ තනිවම සිටින අය ගැන මම බොහෝවිට සිතනවා. ස්වාමින්වහන්සේ ඔබව හඳුනන බවටත්, ඔබගේ කරදර සහ වේදනාව උන්වහන්සේ දන්නා බවටත්, සහ උන්වහන්සේ ඔබට සමීපව, පෞද්ගලිකව, ගැඹුරින් හා සදහටම—ප්‍රේම කරන බවටත් මම ඔබ සැමට සහතික වෙනවා.

සෑම රාත්‍රියකම මම යාච්ඤා කරන විට, ස්වාමින්වහන්සේගෙන් ඉල්ලා සිටින්නේ ශෝකය, වේදනාව, තනිකම සහ දුකෙන් බරවී සිටින සියල්ලන්ට ආශිර්වාද කරන ලෙසයි. සභාවේ අනෙක් නායකයන්ද එම යාච්ඤාවම ප්‍රතිරාවය කරන බව මම දන්නවා. අපගේ හදවත්, තනි තනිව හා සාමූහිකව, ඔබ වෙතට යන අතර, අපගේ යාච්ඤා ඔබ වෙනුවෙන් දෙවියන්වහන්සේ වෙතට යනවා.

මම පසුගිය වසරේ දින කිහිපයක් එක්සත් ජනපදයේ ඊසාන දිග ප්‍රදේශයේ අමෙරිකානු සහ සභාවේ ඓතිහාසික ස්ථාන නැරඹීමටත්, අපගේ ධර්මදූතයන් සහ අපගේ සාමාජිකයන් සමඟ රැස්වීම් වලට සහභාගී වීමට සහ රජයේ සහ ව්‍යාපාරික නායකයින් බැලීමටත් ගියා.

ඔක්තෝබර් 20 වන ඉරිදා මම බොස්ටන් හි මැසචුසෙට්ස් අසල විශාල රැස්වීමක් ඇමතුවා. මා කතා කරමින් සිටින විට, “මේ රට වෙනුවෙන්, අපේ නායකයන් වෙනුවෙන්, අපේ ජනතාව වෙනුවෙන් සහ දෙවියන්වහන්සේ විසින් පිහිටුවන ලද මේ ශ්‍රේෂ්ඨ ජාතියේ ජීවත් වන පවුල් වෙනුවෙන් යාච්ඤා කරන ලෙස පැවසීමට මට පෙළඹවීමක් ඇතිවුනා.” 4

අතීතයේදී මෙන් අමෙරිකාව සහ පොළවේ බොහෝ ජාතීන් වෙනත් තීරණාත්මක සන්ධිස්ථානයක සිටින බවත් අපගේ යාච්ඤා අවශ්‍ය බවත් මම පැවසුවා. 5

මගේ මෙම ආයාචනය මා සූදානම් කළ කතාවෙහි තිබුණේ නැහැ. එම වචන මා වෙත පැමිණියේ ආත්මයාණන්වහන්සේ තම රට සහ ඔවුන්ගේ නායකයන් වෙනුවෙන් යාච්ඤා කිරීමට පැමිණ සිටි අයට ආරාධනා කරන ලෙස මට හැඟුණු නිසායි.

අද මම ලොව පුරා සෑම රටකම සිටින සියලුදෙනාටම යාච්ඤා සඳහා වූ මගේ ඉල්ලීම පුළුල් කරනවා. ඔබ යාච්ඤා කරන ආකාරය හෝ ඔබ යාච්ඤා කරන්නේ කාට වුවත්, ඔබේ ඇදහිල්ල කුමක් වුවත්—කරුණාකර ඔබේ ඇදහිල්ල ක්‍රියාත්මක කර—ඔබේ රට සහ ඔබේ ජාතික නායකයන් වෙනුවෙන් යාච්ඤා කරන්න. පසුගිය ඔක්තෝම්බර් මස මැසචුසෙට්ස් හි මා පැවසූ පරිදි, අපි අද ඉතිහාසයේ විශාල සන්ධිස්ථානයක සිටිනවා, පොළොවේ ජාතීන්ට දිව්‍ය ආනුභාවයෙන් හා මගපෙන්වීම ප්‍රබල ලෙස අවශ්‍ය වී තිබෙනවා. මෙය දේශපාලනය හෝ ප්‍රතිපත්තිය ගැන නොවේ. මෙය පුද්ගල ප්‍රාණයන්ට මෙන්ම රටවල ප්‍රාණයන්ටද—ඔවුන්ගේ නගර, සහ ගම්මාන වලටද—සාමයේ කුමාරයා සහ සියලු සුවකිරීමේ උල්පත වන ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුන්වහන්සේ කරණකොටගෙන සාමය සහ සුවය ලැබිය හැකි වීම පිළිබඳවයි.

වර්තමාන ලෝක තත්වයට උපකාර කළ හැකි හොඳම ක්‍රමය සියලු මිනිසුන් දෙවියන්වහන්සේ කෙරෙහි වඩාත් පූර්ණ ලෙස විශ්වාසය තැබීම අවංක යාච්ඤාව තුළින් ඔවුන්ගේ හදවත් උන්වහන්සේ වෙත යොමුකිරීම බව පසුගිය මාස කිහිපය තුළ මට හැඟී ගියා. අපට ඉදිරියෙන් ඇති දේ විඳදරා ගැනීමට හෝ ජයගැනීමට අපව නිහතමානී කර ස්වර්ගයේ දේවානුභාවයන් සෙවීම මෙම කරදරකාරී කාල වලදී විශ්වාසයෙන් යුතුව ඉදිරියට යාමට අපගේ ආරක්ෂිතම හා ස්ථිරම මාර්ගය වනවා ඇත.

යේසුස්වහන්සේ විසින් කරන ලද යාච්ඤාවන් මෙන්ම උන්වහන්සේගේ ලෞකික දේවසේවයේදී යාච්ඤාව පිළිබඳව උන්වහන්සේගේ ඉගැන්වීම්ද ශුද්ධලියවිලි වල අවධාරණය කරනවා. ස්වාමින්වහන්සේගේ යාච්ඤාව ඔබට මතක් වනවා ඇති:

“ස්වර්ගයේ සිටින අපගේ පියාණෙනි, ඔබගේ නාමයට ප්‍රශංසා වේවා.

“ඔබගේ රාජ්‍යය ඒවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන්, පොළොවෙහිද කරනු ලැබේවා.

“අපගේ දවස්පතා භෝජනය අද අපට දුන මැනව.

“අපේ ණයකාරයන්ට අප කළාක්මෙන්, අපේ ණයත් අපට කමාකළ මැනව.

“අප පරීක්ෂාවට නොපමුණුවා, නපුරෙන් අප ගලවාගත මැනව: මක්නිසාද රාජ්‍යයත් බලයත් මහිමයත් සදහටම ඔබ වහන්සේගේය. ආමෙන්.” 6

මෙම අවධානය යොමුකරන ලද, සුන්දර යාච්ඤාව, ක්‍රිස්තියානි දහම පුරා බොහෝ විට පුනරාවර්තනය වෙමින්, අපට කරදර කරන දේ වලට පිළිතුරු සැපයීම සඳහා “ස්වර්ගයේ සිටින අපගේ පියාණන්ට” කෙලින්ම ඉල්ලීම සුදුසු බව පැහැදිලි කරනවා. එමනිසා, අපි දිව්‍ය මඟපෙන්වීම ඉල්ලා යාච්ඤා කරමු.

සෑමවිටම යාච්ඤා කරන ලෙසට මම ඔබට ආරාධනා කරනවා. 7 ඔබේ පවුල වෙනුවෙන් යාච්ඤා කරන්න. ජාතීන්ගේ නායකයන් වෙනුවෙන් යාච්ඤා කරන්න. ලොව පුරා සිටින සියලු මිනිසුන්ට: ධනවතුන්ට හා දුප්පතුන්ට, තරුණ හා මහලු අයට බලපාන සමාජ, පාරිසරික, දේශපාලන හා ජීව විද්‍යාත්මක වසංගත වලට එරෙහි වර්තමාන සටන් වල පෙරමුණ ගෙන සිටින ධෛර්යසම්පන්න ජනතාව වෙනුවෙන් යාච්ඤා කරන්න.

ගැලවුම්කරුවාණන් අපට ඉගැන්නුවේ අප යාච්ඤා කරන්නේ කා වෙනුවෙන්ද යන්න සීමා නොකරන ලෙසයි. උන්වහන්සේ පවසා සිටියේ, “නුඹලාගේ සතුරන්ට ප්‍රේම කරපල්ලා, නුඹලාට ශාප කරන්නන් උදෙසා ආශිර්වාද කරපල්ලා, නුඹලාට වෛර කරන්නන් උදෙසා යහපත කරපල්ලා, නුඹලාට පීඩා කරන්නන් උදෙසා යාච්ඤා කරපල්ලා” ලෙසයි. 8

අපගේ පාප උදෙසා යේසුස්වහන්සේ මියගිය කල්වාරියේ කුරුසියේදී උන්වහන්සේ යාච්ඤා කරන ලෙසට අපට ඉගැන්වූ දේ මෙසේ ක්‍රියාවට නැංවූවා, “පියාණෙනි ඔවුන්ට කමා කළ මැනව; මක්නිසාද ඔවුන් කරන්නේ කුමක්ද කියා ඔවුන් නොදනිති.” 9

අපගේ සතුරන් ලෙස සැලකිය හැකි අය වෙනුවෙන් අවංකව යාච්ඤා කිරීමෙන් පෙන්නුම් කරන්නේ දෙවියන්වහන්සේට අපගේ හදවත් සහ අන් අයගේ හදවත් වෙනස් කළ හැකි බවයි. එවැනි යාච්ඤාවන් අපගේ ජීවිත, පවුල් සහ ප්‍රජාවන් තුළ අවශ්‍ය ඕනෑම වෙනස්කමක් කිරීමට ඇති අධිෂ්ඨානය ශක්තිමත් කළ යුතුයි.

ඔබ ජීවත්වන ස්ථානය, ඔබ කතා කරන භාෂාව හෝ ඔබ මුහුණදෙන අභියෝග කුමක් වුවත්, දෙවියන්වහන්සේ තමාගේම ආකාරයෙන් සහ ඔහුගේ කාලය තුළ ඔබට සවන්දී පිළිතුරු සපයනවා ඇත. අපි උන්වහන්සේගේ දරුවන් වන නිසා, අපට උපකාරය, සැනසීම සහ ලෝකය තුළ ධනාත්මක වෙනසක් ඇතිකිරීමට නව ආශාවක් ලබාගැනීමට උන්වහන්සේ වෙත ළඟාවීමට පුළුවන්.

යුක්තිය, සාමය, දුප්පතුන් සහ රෝගීන් සඳහා යාච්ඤා කිරීම පමණක් බොහෝවිට ප්‍රමාණවත් වන්නේ නැහැ. යාච්ඤාවෙන් දණ ගැසූ පසු, අප දණින් නැගිට අපට සහ අන් අයට උපකාර කිරීමට අපට කළ හැකි දේ කළ යුතුයි. 10

තමන්ගේ ජීවිත වල සහ අන් අයගේ ජීවිත වල වෙනසක් ඇති කිරීම සඳහා යාච්ඤාව ක්‍රියාව සමඟ ඒකාබද්ධ කළ ඇදහිලිවන්තයන්ගේ උදාහරණ වලින් ශුද්ධලියවිලි පද පිරී තිබෙනවා. උදාහරණයක් ලෙස, මොර්මොන්ගේ පොතෙහි, අපි ඊනොස් ගැන කියවමු. “ඔහුගේ කෙටි පොතේ තුනෙන් දෙකක පමණ ප්‍රමාණයක් යාච්ඤාවක් හෝ යාච්ඤා මාලාවක් විස්තර කරන බව නිරීක්ෂණය වී තිබෙන අතර, ඉතිරිය ඔහුට ලැබුණු පිළිතුරු වල ප්‍රතිඵලයක් ලෙස ඔහු කළ දේ පවසනවා.” 11

1820 වසන්තයේදී තම දෙමව්පියන්ගේ ලී නිවස අසල වනාන්තර එළි පෙහෙළි කිරීමකදී ජෝසෆ් ස්මිත්ගේ පළමු වාචික යාච්ඤාවෙන් ආරම්භ වී, අපගේ සභා ඉතිහාසය තුළ යාච්ඤාව වෙනසක් ඇති කළ ආකාරය පිළිබඳව බොහෝ උදාහරණ අපට තිබෙනවා. සමාව හා අධ්‍යාත්මික මඟපෙන්වීම සොයමින් ජෝසෆ් කළ යාච්ඤාව ස්වර්ගයන් විවර කළා. යේසුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව ස්ථාපිත කිරීමට යාච්ඤා කර ක්‍රියා කළ ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයාගේ සහ අනෙකුත් පසු-දවස්වල ශුද්ධවන්ත කාන්තාවන් සහ පිරිමින්ගේ ප්‍රතිලාභීන් වන්නේ අපියි.

තම පවුලේ අය අධ්‍යාත්මිකව හා ලෞකිකව සමෘද්ධිමත් වූ මෙම නිම්නයට, දෙවියන්වහන්සේගේ උදව්වෙන්, ඇගේ පවුලේ අය ඉලිනොයිස් හි හිංසා පීඩා වලින් ආරක්ෂා වීමට ධෛර්යසම්පන්නව ගෙනගිය මේරි ෆීල්ඩින් ස්මිත් වැනි විශ්වාසවන්ත කාන්තාවන්ගේ යාච්ඤාව ගැන, මම බොහෝවිට සිතනවා. දණගසා ඕනෑකමින් යාච්ඤා කිරීමෙන් පසු ඇය තම අභියෝග ජයගෙන තම පවුලේ අයට ආශිර්වාද කිරීමට මහන්සි වුනා.

යාච්ඤාව අපව ඔසවා පුද්ගලයන් වශයෙන්, පවුල් වශයෙන්, සභාවක් ලෙස හා ලෝකයක් ලෙස අපව එකට එක් කරනවා ඇත. යාච්ඤාව විද්‍යාඥයින්ට මඟපෙන්වන අතර මෙම වසංගතය අවසන් කරන එන්නත් සහ ඖෂධ සොයාගැනීමට ඔවුන්ට උපකාර කරයි. ආදරය කරන කෙනෙකුව අහිමි වූ අයට යාච්ඤාව සැනසීමක් වෙයි. අපගේ පුද්ගලික ආරක්ෂාව සඳහා කුමක් කළ යුතු දැයි දැනගැනීමට එය අපට මගපෙන්වයි.

සහෝදර සහෝදරියනි, යාච්ඤාවට ඔබ දක්වන කැපවීම දෙගුණ කරන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිනවා. ඔබේ මැදිරි වල, ඔබේ දෛනික ක්‍රියාවන් වලදී, ඔබේ නිවෙස් වලදී, ඔබේ කොට්ඨාශ වලදී සහ සෑමවිටම ඔබේ හදවත් තුළ යාච්ඤා කරන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිනවා. 12

යේසුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ නායකයන් වෙනුවෙන්, ඔබ කළ යාච්ඤාවන්ට මම ඔබට ස්තූතිවන්ත වනවා. මෙම දුෂ්කර කාල වලදී සභාවට මඟපෙන්වීම සඳහා ආනුභාවයන් හා එළිදරව් අපට ලැබෙන ලෙස දිගටම යාච්ඤා කරන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිනවා.

යාච්ඤාවට අපේ ජීවිතය වෙනස් කළ හැකියි. අවංක යාච්ඤාවේ පෙළඹවීමෙන්, අපට දියුණු වී අන් අයටත් එසේ කිරීමට උපකාර කළ හැකියි.

මගේ අත්දැකීම් තුළින් යාච්ඤාවේ බලය මම දන්නවා. මෑතකදී මම මගේ කාර්යාලයේ තනිවම සිටියා. මම මගේ අත සඳහා වෛද්‍ය ක්‍රමවේදයක් අනුගමනය කර තිබුණා. එය ඉදිමී කළු සහ නිල් පැහැ ගැන්වී තිබූ අතර, බොහෝ වේදනාකාරී වුනා. මම මේසය මත හිඳගෙන සිටින විට, වේදනාවෙන් සිටි නිසා වැදගත් සහ විවේචනාත්මක කරුණු කෙරෙහි අවධානය යොමුකිරීමට මට හැකිවුනේ නැහැ.

මගේ වැඩ කටයුතු කරගෙන යාමට හැකිවන ආකාරයට අවධානය යොමුකිරීමට මට උදව් කරන්නැයි මම ස්වාමින්වහන්සේගෙන් දණගසා යාච්ඤාවෙන් ඉල්ලා සිටියා. මම සිටගෙන මගේ මේසය මත තිබූ ලියකියවිලි ගොඩ වෙත ආපසු ගියා. එවිටම, පැහැදිලිකම සහ අවධානය මගේ මනසට ආ අතර, මා ඉදිරියේ තිබූ හදිසි කාරණා සම්පූර්ණ කිරීමට මට හැකිවුණා.

ලෝකයේ පවතින අවුල් සහගත තත්වය අප බොහෝ ගැටලු සහ අභියෝග සලකා බලන විට බියකරු බවක් පෙනෙන්නට තිබෙනවා. අපට අවශ්‍ය ආශිර්වාද හා මගපෙන්වීම සඳහා අපි ස්වර්ගික පියාණන්ගෙන් යාච්ඤා කර ඉල්ලූ විට, අපගේ පවුල් වලට, අසල්වැසියන්ට, ප්‍රජාවන්ට සහ අප ජීවත්වන රට වලට පවා ආශිර්වාද කරන්නේ කෙසේද කියා අපිට දැනගතහැකි බව මාගේ මාගේ දැඩි සාක්ශියයි.

ගැලවුම්කරුවාණන් යාච්ඤා කළ පසු දුප්පතුන්ට කෑම දෙමින්, අවශ්‍යතා ඇති අයට ධෛර්යය හා සහයෝගය ලබාදෙමින් ප්‍රේමයෙන්, සමාවදීමෙන්, සාමයෙන් ලඟාවෙමින් සහ උන්වහන්සේ වෙතට එන සියල්ලන්ට විවේකය ලබාදෙමින් “යහපත්කම් කරමින් හැසිරුණේය.” 13 උන්වහන්සේ දිගටම අප වෙත ළඟාවෙනවා.

ගැලවුම්කරුවාණන් සිය ගෝලයන්ට උපදෙස් දුන් පරිදි: සාමය, සැනසීම, ආරක්ෂාව සහ එකිනෙකාට සේවය කිරීමේ අවස්ථා සඳහා “අවදිව සිට නිතර යාච්ඤා කිරීමට 14 සභාවේ සියලුම සාමාජිකයින්ට මෙන්ම අපගේ අසල්වැසියන්ට සහ ලොව පුරා සිටින වෙනත් ඇදහිලි කණ්ඩායම් වල මිතුරන්ට මම ආරාධනා කරනවා.

යාච්ඤාවේ බලය කෙතරම් ශ්‍රේෂ්ඨද, ඒ වගේම අද දෙවියන්වහන්සේ හා උන්වහන්සේගේ ආදරණීය පුත්‍රයාණන් කෙරෙහි අපගේ ඇදහිල්ලේ යාච්ඤාව කොතරම් අවශ්‍යද! අපි යාච්ඤාවේ බලය අගය කොට මතකතබා ගනිමු. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.