7 වන පරිච්ඡේදය
ශෙරම් ක්‍රිස්තුස්වහන්සේව ප්‍රතික්ෂේප කරයි, ජේකබ් සමඟ සටන් කරයි, සළකුණක් අභියෝග කරයි, තවද දෙවියන්වහන්සේ වෙතින් පහර දෙන සේක – අනාගතවක්තෘ සියල්ලෝම ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ වන්දිගෙවීම පිළිබඳව කථා කර ඇත්තෝය – පීඩාවේ ඉපදී, තවද ලේමන්වරුන්ගෙන් විසින් වෛර කරන ලදී, නීෆායිවරුන් ඔවුන්ගේ දවස් තැනින් තැන යන්නන් ලෙස ජීවත් වූහ. ක්‍රි.පූ. 544–421 පමණ.
1 තවද එය මෙසේ සිදු විය, වසර කිහිපයක් පසු වූ විට, ශෙරම් යන නාමයෙන්, නීෆායිවරුන් අතර මනුෂ්‍යයෙකු පැමිණියේය.
2 තවද එය මෙසේ සිදු විය, එනම් ඔහු ජනතාව අතර දේශනා කිරීමට පටන් ගත්තේය, තවද ඔවුන් හට ක්‍රිස්තුස්වහන්සේ කෙනෙකු සිටිය යුතු නැති බවට ප්‍රකාශ කිරීමටය. තවද ජනතාව වෙත ආ වඩනා බොහෝ දේ දේශනා කළේය; තවද ඔහු මෙය සිදු කළේ ඔහු ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මය බිඳ හෙළා දමන ලෙසය.
3 තවද ඔහු උද්‍යෝගයෙන් වෙභෙස දැරුවේ එනම් ඔහු ජනතාවගේ හදවත් පිටතට මඟ පෙන්වන ලෙස, එපමණක් නොව ඔහු බොහෝ හදවත් පිටතට මඟ පෙන්වූයේය; තවද මම, ජේකබ්, පැමිණීමට සිටින්නාවූ ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තිබූ බවට, ඔහු දැන සිටි බැවින්, ඔහු මා වෙත පැමිණීමට බොහෝ අවස්ථා සෙව්වේය.
4 තවද ඔහු උගත්ය, එනම් ජනතාවගේ භාෂාව පිළිබඳව ඔහුට පරිපූර්ණ දැනුමක් තිබුනේය, එබැවින් ඔහුට අධික ප්‍රශංසා කිරීම පාවිච්චි කිරීමට ද, තවද යක්ෂයාගේ බලයට අනුව, කථනයේ මහත් බලය ද තිබුණේය.
5 තවද මාව ඇදහිල්ලෙන් සෙලවීමට ඔහුට බලාපොරොත්තු තිබුනේය, බොහෝ එළිදරව් සහ මේ දේවල් පිළිබඳව මා දැක ඇති බොහෝ දේ එසේ තිබියදීත්; මක්නිසාද මම සත්‍ය වශයෙන්ම දේවදූතයන් දැක ඇත්තෙමි, තවද ඔවුන් මා හට උපස්ථාන කළහ. තවද කාලයෙන් කාලයට, වචනයෙහිම ස්වාමීන්වහන්සේ මා හට කථා කරන හඬ ද මම අසා තිබුනි; එබැවින්, මා සෙලවීමට නොහැකි විය.
6 තවද එය මෙසේ සිදු විය, ඔහු මා වෙත පැමිණ, තවද මෙය අනුවට ඔහු මා හට කථා කර මෙසේ කිවේය: සහෝදර ජේකබ්, එනම් නුඹ හට කථා කිරීමට මම බොහෝ අවස්ථා සොයා ඇත්තෙමි; මක්නිසාද නුඹ ධර්මය යනු හඳුන්වන දේ, නැතහොත් ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මය, නුඹ දේශනා කර බොහෝ ගමන් ගන්නා බව ද මම අසා ඇති බව දන්නෙමි.
7 තවද නිවැරදි මාරගය වන මෝසෙස්ගේ නිතීය නොපිළිපැදීමට ද, දෙවියන්වහන්සේගේ නිවැරදි මාර්ගය ඔවුන් මුළා කිරීම පිණිස නුඹලා මෙම ජනතාව ඉවතට කැඳවාගෙන ගියෝය; තවද එකල්හි මෝසෙස්ගේ නීතිය නුඹලා පවසන පරිදි අවුරුදු සියයකින් පැමිණීමට නියමිත ජීවයෙකුගේ නමස්කාර කිරීම සඳහා හරවන ලදී. තවද දැන් බලව, මම, ශෙරම්, මෙය දේව අපහාසය යැයි නුඹට ප්‍රකාශ කරන්නෙමි; මක්නිසාද කිසිඳු මනුෂ්‍යයෙකු මෙවන් දේ පිළිබඳව නොදන්නෙහුය; මක්නිසාද පැමිණීමට නියමිත දේවල් ඔහුට පැවසීමට නොහැකිය. තවද මේ ආකරයෙන් පසුව ශෙරම් මට එරෙහිව සටන් කළේය.
8 එහෙත් බලව, දෙවි වූ ස්වාමීන්වහන්සේ උන්වහන්සේගේ ආත්මය මාගේ ප්‍රාණය තුළට වැගිර වූ සේක, එපමණින් එනම් මම ඔහුගේ සියලු වචනයන්හි ඔහුව ව්‍යාකූල කළෙමි.
9 තවද මම ඔහු හට මෙසේ පැවසූ සේක: නුඹ පැමිණෙන්නට සිටන්නා වූ ක්‍රිස්තුස්වහන්සේව ප්‍රතික්ෂේප කරන්නෙහිද? තවද ඔහු කීවේය: ක්‍රිස්තුස්වහන්සේ කෙනෙකුන් සිටින්නේ නම්, මා උන්වහන්සේව ප්‍රතික්ෂේප නොකරමි; එහෙත් එනම් ක්‍රිස්තුස්වහන්සේ නොමැති බවත්, සිටියේ නොමැති බවත්, නැතහොත් කවදාවත් ඇති නොවන්නාවු බවත් මම දන්නෙමි.
10 තවද මම ඔහු හට මෙසේ කීවෙමි: නුඹ ශුද්ධ ලියවිලි විශ්වාස කරන්නෙහිද? තවද, එසේය, යැයි ඔහු පැවසූවේය.
11 තවද මම ඔහු හට මෙසේ කීවෙමි: එවිට නුඹලාට ඒවා නොතේරෙන්නේය; මක්නිසාද ඔවුන් සත්‍යවශයෙන්ම ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි සාක්ෂි දරන්නෝය. බලව, මේ ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳව ඔවුන් කථා කර ඇත්තා වූ මිස, කිසිඳු අනාගතවක්තෘවරුන් විසින් ලියා ඇති ද, නොහොත් අනාවැකි කී නොමැති බවට මම නුඹට පවසන්නෙමි.
12 තවද මෙය සියල්ල වන්නේ නැත – එය මා හට ප්‍රකාශිත වී ඇත, මක්නිසාද මම අසා සහ දැක ඇත්තෙමි; තවද එය ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් ද මා හට ප්‍රකාශිත වී ඇත; එබැවින්, වන්දිගෙවීමක් සිදු කළ නොවන්නේනම් සියලු මනුෂ්‍යවර්ගයා නෂ්ට විය යුතු යැයි මම දන්නෙමි.
13 තවද එය මෙසේ සිදු විය, එනම් ඔහු මා හට මෙසේ කිවේය: නුඹ බොහෝ දේ දැන සිටින බැවින්, ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් මට සළකුණක් පෙන්වන්න.
14 තවද මම ඔහු වෙත මෙසේ කීවේය: නුඹ දන්නා දේ සත්‍ය බවට සළකුණක් නුඹට පෙන්වා දීමට දෙවියන්වහන්සේව පරීක්ෂා කිරීමට මම කුමක් වන්නේ ද? එහෙත් නුඹ එය ප්‍රතික්ෂේප කරන්නෙහිය, මන්ද නුඹ යක්ෂයාගෙන් එකෙකි. එසේනමුත්, මාගේ කැමත්ත නොව; එහෙත් දෙවියන්වහන්සේ නුඹට පහර දෙන සේක, ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද යන දෙකෙහිම, උන්වහන්සේට බලය ඇති බව නුඹට එය සළකුණක් වීමට ඉඩ හරින්න; තවද එසේම, ක්‍රිස්තුස්වහන්සේ ද පැමිණෙන සේක. අහෝ ස්වාමීන්වහන්ස, තවද මාගේ නොව, තවද නුඹවහන්සේගේගේ කැමත්ත, ඉෂ්ට වේවා.
15 තවද එය මෙසේ සිදු විය, එනම් මම, ජේකබ්, එවිට මේ වචන පැවසූ පසු, ඔහු මත ස්වාමීන්වහන්සේගේ බලය පැමිණි සේක, එපමණින් ඔහු පොළොවට ඇද වැටුණි. තවද එය මෙසේ සිදු විය එනම් ඔහු දවස් ගණනාවක කාල පරාසයක් පුරාවට පෝෂණය වූයේය.
16 තවද එය මෙසේ සිදු විය, එනම් ඔහු ජනතාවට මෙසේ කීවේය: පසුවදා එක් රැස් වන්න, මක්නිසාද මම මිය යන්නෙමි; එබැවින්, මා මිය යෑමට පෙර ජනතාවට කථා කිරීමට මම ආශා කරන්නෙමි.
17 තවද එය මෙසේ සිදු විය, එනම් පසුවදා සමූහයා එක්රැස් වී සිටියහ; තවද ඔහු ඔවුන් හට ප්‍රත්‍යක්ශයෙන් කථා කළ අතර ඔහු ඔවුන්ට ඉගැන්වූ දේවල් ප්‍රතික්ෂේප කර, ක්‍රිස්තුස්වහන්සේව, තවද ශුද්ධාත්මයාණන්ගේ බලය, සහ දේවදුතයන්ගේ මෙහෙකිරීම පාපෝච්චාරණය කළේය.
18 තවද එනම් ඔහු යක්ෂයාගේ බලයෙන් මුළා වූ බව, ඔහු ප්‍රත්‍යක්ශයෙන් ඔවුන් හට කථා කළේය. තවද නිරය පිළිබඳව, සහ සදාකාලය පිළිබඳව, සහ සදාකාලික දඬුවම පිළිබඳව ඔහු කථා කළේය.
19 තවද ඔහු මෙසේ කීවේය: කමා කළ නොහැකි පාපය මා අතින් සිදු වී ඇත්දැයි එසේ නොවෙන පිණිස මම බියෙන් පසුවන්නෙමි, මක්නිසාද මම දෙවියන්වහන්සේ හට බොරු පැවසුවෙමි, මක්නිසාද මම ක්‍රිස්තුස්වහන්සේව ප්‍රතික්ෂේප කළ අතර, මා ශුද්ධ ලියවිලි විශ්වාස කරන බව කීවේය; තවද ඒවා සත්‍යවශයෙන්ම උන්වහන්සේ පිළිබඳ සාක්ෂි දරන්නේය. තවද මා මෙලෙස දෙවියන්වහන්සේ හට බොරු කියූ හෙයින් මාගේ කාරණය භයානක නොවෙන පිණිස මම බියෙන් පසුවන්නෙමි; එහෙත් මම දෙවියන්වහන්සේ හට පාපෝච්චාරණය කරන්නෙමි.
20 තවද එය මෙසේ සිදු විය, එනම් ඔහු මේ වචන පැවසූ විට ඔහුට තවත් පැවසිය නොහැක, තවද ඔහු අවතාරය අත්හැර දැමුවේය.
21 තවද සමූහයා අවතාරය අත්හැර දැමීමට ආසන්නව සිටියදී ඔහු මේ දේවල් පැවසූ බව දුටු විට, ඔවුන් මහත් විස්මයට පත්වූවෝය; එපමණින් එනම් දෙවියන්වහන්සේගේ බලය පහළට ඔවුන් මත පැමිණි අතර, ඔවුන් පිරී ගොස් එනම් ඔවුන් පොළොවට වැටුණෝය.
22 දැන්, මේ දේ මා, ජේකබ්, හට ප්‍රසන්න වූයේය, මක්නිසාද මා එය ස්වර්ගයෙහි සිටි මාගේ පියාණන්ගෙන් අයැද තිබුණි; මක්නිසාද උන්වහන්සේ මාගේ මොරගැසීම අසා මාගේ යාච්ඤාවට පිළිතුරු ලබා දුන් සේක.
23 තවද එය මෙසේ සිදු විය, එනම් දෙවියන්වහන්සේ සාමය සහ ප්‍රේමය ජනතාව අතර පිළිසකර කළ සේක; තවද ඔවුහු ශුද්ධ ලියවිලි සෙවූහ, තවද මේ නපුරු මනුෂ්‍යයාගේ වචන වලට තවදුරටත් සවන් නොදුන්හ.
24 තවද එය මෙසේ සිදු විය, එනම් සත්‍යයෙහි දැනුම කෙරෙහි ලේමන්වරුන් පිළිසකර කිරීමේ සහ විනාශයෙන් බේරාගැනීමට බොහෝ උපක්‍රම සකස් කරන ලද්දේය; එහෙත් ඒ සියලු දේ නිෂ්ඵල වූයේය, මක්නිසාද ඔවුන් යුද්ධයන්හි සහ ලේ වැගිරීමෙහි මහත් ප්‍රීතිමත් වූවෝය, තවද ඔවුන්ගේ සහෝදරයන් වන, ඔවුන්ට අපට එරෙහිව සදාකාලික වෛරයක් තිබුණේය. තවද ඔවුන්ගේ ආයුධවල බලයෙන් අපව නිරතුරුවම විනාශ කිරීමට ඔවුන් උත්සාහ දැරුවෝය.
25 එබැවින්, ඔවුන්ගේ ගැලවීමේ පර්වතය සහ දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාස කර, නීෆායිගේ ජනතාව ඔවුන්ට එරෙහිව ඔවුන්ගේ ආයුධ සමඟ, සහ ඔවුන්ගේ සියලු වික්‍රමයෙන්, ආරක්ෂා සංවිධාන සැලසුවෝය; එබැවින්, ඔවුන්ගේ සතුරන්ගේ ජයග්‍රාහකයන්, ඔවුන් තවත් එසේ විය.
26 තවද එය මෙසේ සිදු විය, එනම්, මම, ජේකබ්, මහළු වන්නට පටන් ගත්තෙමි; තවද මේ ජනතාවගේ වාර්තාව නීෆායිගේ අනෙක් තහඩු මත තිබුණේය; එබැවින්, මාගේ දැනුමට අනුව මා ලියා ඇති හෙයින් ප්‍රකාශ කර, මා මේ වාර්තාව අවසන් කරමි, අපත් සමඟම කාලය ද පසු විය බව පවසමින්, තවද අපගේ ජීවිත ද අප හට සිහිනයක් මෙන් පසු විය, අප පාළුවෙන් සහ විධිවත් වූ ජනතාවකි, එක් වනාන්තරයක, පීඩාවෙන් ඉපදී, ජෙරුසලමෙන් පිටතට පලවා හරිනු ලද, තැනින් තැන යන්නන්, සහ අපගේ සහෝදරයන්ගෙන් වෛරය ලද, එය යුද්ධයන් සහ මතභේද කරණකොට ලද්දේය; එබැවින්, අපි අපගේ දවස් පුරාවට වැලපුණෙමු.
27 තවද මම, ජේකබ්, මාගේ සොහොන පහළට යා යුතු බව දුටුවෙමි; එබැවින්, මම මාගේ පුත් ඊනොස් හට මෙසේ කිවේය: මෙම තහඩු ගන්න. තවද මම මාගේ සහෝදර නීෆායි මට අණ කළ තිබූ දේවල් ඔහුට කියා දුන්නේය, තවද ඔහු පනත්වලට කීකරු වීමට පොරොන්දු විය. තවද මෙම තහඩු මත මාගේ ලිවීමෙහි අවසානය තබමි, එනම් ඒ ලිවීම කුඩා වූ බැවින්; තවද මාගේ වචන මාගේ සහෝදරයන් බොහෝ දෙනෙකු කියවන්නා බවට බලාපොරොත්තු වෙමින්, කියවන්නාට මා සමුගැනීමට ඉල්ලමි, සහෝදරයනි, ආයුබෝවන්.