ශුද්ධලියවිලි
ජේකබ් 4


4 වන පරිච්ඡේදය

සියලුම අනාගතවක්තෘවරුන් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් පියාණන්වහන්සේට නමස්කාර කළෝය – ආබ්‍රහම් කළ ඊසාක්ගේ පූජාව දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන්ව සංකේතවත් කරයි – වන්දිගෙවීම තුළින් මනුෂ්‍යයන් දෙවියන්වහන්සේ සමඟ සමාදාන විය යුතුය – යුදෙව්වන් අත්තිවාරම් ගල ප්‍රතික්ෂේප කරන්නෝය. ක්‍රි.පූ. 544–421 පමණ.

1 දැන් බලව, එය මෙසේ සිදු විය, එනම් ජේකබ් වන, මම, මාගේ ජනතාවට වචනයෙන් බෙහෙවින් මෙහෙ කරනු ලැබ (තවද අපගේ වචන තහඩු මත කෙටීමට අපහසු නිසා, මාගේ වචන ස්වල්පයක් හැරෙන්නට ලිවීමට නොහැකිය) තවද අප තහඩු මත ලියන දේවල් පැවතිය යුතු බවට අප දන්නෙමු;

2 එහෙත් තහඩු මත හැර ඕනෑම දෙයක් මත වූවත් අප ලියන දේවල් විනාශ වී, මැකී යන්නේය; එහෙත් අපගේ දරුවන්ට, තවද අපගේ ප්‍රියාදර සහෝදරයන්ට ද, අප සම්බන්ධව හෝ ඔවුන්ගේ පියවරුන් සම්බන්ධව කුඩා ප්‍රමාණයක දැනුමක් ලබාදෙන්නා වූ වචන ස්වල්පයක් තහඩු මත අපට ලිවිය හැකිය –

3 දැන් මෙම දෙය තුළ අප ප්‍රීති වන්නෙමු; තවද අප තහඩු මත මෙම වචන කෙටීමට උද්‍යෝගයෙන් වෙහෙසුනෙමු, එනම් අපගේ ප්‍රියාදර සහෝදරයන් සහ අපගේ දරුවන්, තවද ඒවා දෙස බලමින් එනම්, කණගාටුවෙන් නොව ප්‍රීතියෙන් ඉගෙන ගැනීමටද, ඔවුන්ගේ පළමු පියවරුන් සම්බන්ධයෙන් අපහාසයෙන් නොබලා ස්තූතිවන්ත හදවත් ඇතුව ලබාගනු ඇතැයිද අපි බලාපොරොත්තු වන්නෙමු.

4 මක්නිසාද, මෙම අභිප්‍රාය කරණකොටගෙන අපි මෙම දේවල් ලිව්වෙමු, එනම් අපි ක්‍රිස්තුස්වහන්සේ දැන සිටි බව ඔවුන් දැනගැනීමටද, තවද උන්වහන්සේගේ පැමිණීමට බොහෝ අවුරුදු සිය ගණනකට පෙර උන්වහන්සේගේ මහිමයේ බලාපොරොත්තුවක් අපට තිබුණේය; තවද අප පමණක් නොව, එහෙත් එසේම අපට පෙර සිටියාවූ සියලු ශුද්ධ අනාගතවකෘවරුන්ද උන්වහන්සේගේ මහිමයේ බලාපොරොත්තුවක් ඇතිව සිටියෝය.

5 බලව, ඔවුහු ක්‍රිස්තුස්වහන්සේ තුළ විශ්වාස කරමින් උන්වහන්සේගේ නාමයෙන් පියාණන්වහන්සේට නමස්කාර කළහ, තවද එසේම අපද උන්වහන්සේගේ නාමයෙන් පියාණන්වහන්සේට නමස්කාර කළෙමු. තවද මෙම අභිප්‍රාය කරණකොටගෙන අප මෝසෙස්ගේ නීතිය පැවත්වන්නෙමු, එය අපගේ ප්‍රාණයන් උන්වහන්සේ දෙසට දිගුකරන්නේය; තවද මෙම කාරණය නිසාවෙන් අපව ධර්මිෂ්ඨකම සදහා කැපකර ගෙන ඇත්තේය, එය දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ ඒකජාතකපුත්‍රයාණන්ගේ ආදර්ශයක් වූ, ආබ්‍රහම් හට වනාන්තරයේදී ඔහුගේ පුත් ඊසාක්ව ඔප්පු කිරීමට දෙවියන්වහන්සේගේ අණට කීකරුවීම ගණන් ගත්තාක් මෙන් වන්නේය.

6 එබැවින්, අප අනාගතවකෘවරුන් සොයන්නෙමු, තවද අපට බොහෝ එළිදරව්වීම් සහ අනාවැකි ආත්මයද ඇත්තේය; තවද මෙම සාක්ෂීන් තිබීම නිසා අප බලාපොරොත්තුවක් ලබා ගන්නෙමු, තවද අපගේ ඇදහිල්ල නොසෙල්වීමට පැමිණෙන්නේය, එපමණකින් අපට සත්‍යයෙන්ම තවද එම ගස් ද, එසේත් නැතිනම් කඳු ද, නැත්නම් මුහුදේ රැළි ද අපට කීකරුවන සේ ජේසුස්වහන්සේගේ නාමයෙන් අණ කිරීමට හැකි වන්නේය.

7 එසේනමුත්, දෙවි වූ ස්වාමීන්වහන්සේ අපට අපගේ දුර්වලකම පෙන්වන්නේය, එනම් එය මනුෂ්‍ය දරුවන් හට උන්වහන්සේගේ කරුණාව සහ බලවත් නිහතමානීත්වය මඟින් මෙම දේවල් කිරීමට බලය අපට තිබෙන බව අප දැන ගැනීම පිණිසය.

8 බලව, ස්වාමීන්වහන්සේගේ ක්‍රියාවන් ශ්‍රේෂ්ඨ සහ පුදුමාකාර වන්නේය. උන්වහන්සේගේ අභිරහස්වල ගැඹුර සොයාගැනීම කෙතරම් සෙවිය නොහැකිවන්නේද; තවද එනම් මනුෂ්‍යයාට උන්වහන්සේගේ සියලු මාර්ග සොයාගැනීම කළ නොහැක්කක් වන්නේය. තවද එය ඔහුට අනාවරණය කරනු ලැබ මිස උන්වහන්සේගේ මාර්ග පිළිබඳව කිසිදු මනුෂ්‍යයෙකු නොදන්නේය; එබැවින්, සහෝදරයනි, දෙවියන්වහන්සේගේ එළිදරව් කිරීම් සුළු නොකරන්න.

9 මක්නිසාද බලව, උන්වහන්සේගේ වචනයේ බලයෙන් පොළොව මතට මනුෂ්‍යයා පැමිණියේය, එම උන්වහන්සේගේ වචනයේ බලයෙන් පොළොව මවන ලද්දේය. එබැවින්, දෙවියන්වහන්සේ කථා කිරීමෙන් ලෝකය බිහිවූවා නම්, තවද කථා කිරීම මඟින් මනුෂ්‍යයා මවනු ලැබුවා නම්, අහෝ එවිට, උන්වහන්සේගේ හස්තයේ ශිල්ප නිමාව එය මතුපිට, උන්වහන්සේගේ ආශාව හා කැමැත්තට අනුව පොළොවට අණ කිරීමට නොහැකි වන්නේ මන්ද?

10 එබැවින්, සහෝදරයනි, ස්වාමීන්වහන්සේ හට උපදේශ දීමට නොසොයන්න, එහෙත් උන්වහන්සේගේ හස්තයෙන් උපදේශයන් ලබාගන්න. මක්නිසාද බලව, උන්වහන්සේ තමන්වහන්සේගේ සියලු ක්‍රියාවන් කෙරෙහි ප්‍රඥාවෙන් ද, යුක්තියෙන් ද, මහත් කරුණාවෙන් ද, උපදේශයන් දෙන බව නුඹලා නුඹලා විසින්ම දන්නෙහුය.

11 එබැවින්, ප්‍රියාදර සහෝදරයනි, උන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන් වන, ක්‍රිස්තුන්වහන්සේගේ වන්දිගෙවීම තුළින් උන්වහන්සේ වෙතට සමාදාන වන්න, තවද ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇති උත්ථානයේ බලයට අනුව, උත්ථානයක් නුඹලාට ලබා ගත හැකි අතර, තවද ඇදහිල්ල සහිතව, උන්වහන්සේගේ මහිමයේ යහපත් බලාපොරොත්තුවක් ඇතිව, උන්වහන්සේ මාංශයෙන් තවන්වහන්සේම පෙනී සිටීමට පෙර, ක්‍රිස්තුස්වහන්සේගේ පළමු ඵල ලෙස දෙවියන්වහන්සේ වෙතට ඉදිරිපත් කරනු ලබන්නේය.

12 තවද දැන්, ප්‍රියාදරයෙනි, මා නුඹලාට මෙම දේවල් පැවසීම ගැන පුදුම නොවන්න; මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම ගැන කථා නොකරන්නේ මන්ද, තවද උන්වහන්සේ ගැන පරිපූර්ණ දැනුමක් ලබාගැනීමට මෙන්, උත්ථානයක් සහ පැමිණෙන්නට තිබෙන්නාවූ ලෝකය පිළිබඳ දැනුම ලබාගනුයේ මන්ද?

13 බලව, මාගේ සහෝදරයනි, අනාවැකි කියන්නාවූ තැනැත්තාට, මනුෂ්‍යයන්ගේ තේරුම් ගැනීම සඳහා අනාවැකි කීමට ඉඩ දෙන්න; මක්නිසාද ආත්මයාණන් සත්‍යය කථා කරන අතර, බොරු නොකියන සේක. එබැවින්, පවතින්නාවූ එම ආකාරය ගැනත්, තවද දේවල් සත්‍යයෙන්ම සිදුවන්නාවූ ආකාරය ගැනත් කථා කරන්නේය; එබැවින්, අපගේ ප්‍රාණයන්ගේ ගැළවීම උදෙසා මෙම දේවල් සරලවම අපට ප්‍රකාශ කරනු ලබන්නේය. එහෙත් බලව, මෙම දේවල් සම්බන්ධයෙන් අප පමණක් සාක්ෂිකරුවන් නොවන්නෙමු; මක්නිසාද දෙවියන්වහන්සේ එසේම පුරාණයේ අනාගතවක්තෘවරුන්ටද ඒවා පවසා ඇති සේක.

14 එහෙත් බලව, යුදෙව්වරුන් මුරණ්ඩු ජනතාවක් විය; තවද ඔවුන් සරලභාවයේ වචන හෙළා දැක, අනාගතවක්තෘවරුන් මරා, තවද ඔවුන්ට තේරුම්ගත නොහැකි දේ සෙව්වෝය. එබැවින්, එනම් ලකුණෙන් ඔබ්බට බැලීමෙන් ඇති වූ අන්ධභාවය, ඔවුන්ගේ අන්ධභාවය නිසා, ඔවුන් වැටීමට අවශ්‍ය විය යුතුය. ඔවුන් එයට ආශා කළ හෙයින් මක්නිසාද දෙවියන්වහන්සේ උන්වහන්සේගේ සරලභාවය ඔවුන්ගෙන් ඉවත් කර, තවද ඔවුන්ට තේරුම්ගත නොහැකි බොහෝ දේ ඔවුන්ට භාර දුන් සේක. තවද ඔවුන් එයට ආශා කළ හෙයින්, එනම් ඔවුන් පැකිළෙන පිණිස දෙවියන්වහන්සේ එය කළ සේක.

15 තවද දැන් ජේකබ් වන මම, අනාවැකි කීමට ආත්මයාණන් විසින් මෙහෙයවනු ලැබේ; මක්නිසාද යුදෙව්වන්ගේ පැකිලීමෙන් ඔවුන් ගොඩනඟා ආරක්ෂිත අත්තිවාරමක් ඇති පර්වතය ප්‍රතික්ෂේප කරන බව මා තුළ සිටින ආත්මයාණන්ගේ ක්‍රියාවලින් මම දන්නෙමි.

16 නමුත් බලව, ශුද්ධ ලියවිල්ලට අනුව, මෙම පර්වතය යුදෙව්වරුන්ට ගොඩනගා ගත හැකි ශ්‍රේෂ්ඨ, අවසාන සහ එකම ස්ථිර පදනම බවට පත්වනු ඇත්තේය.

17 තවද දැන්, මගේ ප්‍රියාදරයෙනි, ස්ථිර පදනම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු, ඔවුන් ගේ කෙළවරේ ප්‍රධානියා බවට පත් වන පරිදි, ඔවුන් එය මත ගොඩනගා ගත හැක්කේ කෙසේද?

18 බලව, මාගේ ප්‍රියාදර සහෝදරයනි, මම කිසිම ආකාරයකින්, ආත්මයාණන් තුළ මාගේ ස්ථිරභාවයෙන් කම්පා නොවන අතර, නුඹලා කෙරෙහි ඇති මාගේ අධික කනස්සල්ල නිසා පැකිළෙන්නේනම්; මම මේ අභිරහස නුඹලාට හෙළි කරන්නෙමි.