6 වන පරිච්ඡේදය
ස්වාමීන්වහන්සේ අවසාන දවස්වලදී ඊශ්‍රායලය නැවත ලබාගන්නේය – ලෝකය ගින්නෙන් දැවී යනු ඇත – මනුෂ්‍යයන් ගින්නෙන් හා ගෙන්දගම් විලෙන් වැළකීමට ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කළ යුතුය. ක්‍රි.පූ. 544–421 පමණ.
1 තවද දැන්, බලව, මාගේ සහෝදරයනි, මා නුඹලාට අනාවැකි කියනවායැයි මා කී පරිදි, බලව, මෙය මාගේ අනාවැකියයි – එනම් මෙම අනාගතවක්තෘ සීනොස් ඊශ්‍රායෙල් වංශය ගැන පැවසූ දේ, ඔහු ඔවුන්ව හික්මවූ ඔලීව ගසකට සමාන කළ දේ ලෙස ස්ථිරවම සිදුවනු ඇත්තේය.
2 තවද ඔහු තම ජනතාව නැවත ලබාගැනීමට දෙවන වරටත් තම හස්තය දිගුකරන, එම දවස, එසේය, අවසන් වරටත්, එනම් ස්වාමීන්වහන්සේගේ සේවකයෝ උන්වහන්සේගේ බලයෙන් මිදි වත්ත පෝෂණය කිරීමටත් කප්පාදු කිරීමටත් පිටත්ව යන්නෝය; ඉන්පසු අවසානය ඉක්මනින් පැමිණේන්නේය.
3 තවද උන්වහන්සේගේ මිදි වත්තේ උද්‍යෝගයෙන් සේවය කළාවූ ඔවුන් කෙතරම් ආශීර්වාද ලද්දෝද; තවද ඔවුන්ගේම ස්ථානයට පළවා හරිනු ලැබූවන්ගේ ශාපය කොතරම් ද! තවද ලෝකය ගින්නෙන් දවාලනු ඇත්තේය.
4 තවද, අපගේ දෙවියන්වහන්සේ අපට කෙතරම් කරුණාවන්ත වන සේක්ද, මක්නිසාද උන්වහන්සේ ඊශ්‍රායෙල් වංශයද, එහි මුල් සහ අතු යන දෙවර්ගයම, සිහිපත් කරන සේක; තවද උන්වහන්සේ දවස මුළුල්ලේම ඔවුන් වෙතට තම හස්තය දිගු කරන සේක; තවද ඔවුන් මුරණ්ඩු හා විරුද්ධවාදීකමේ ජනතාවකි; එහෙත් තම හදවත් දැඩි කර නොගන්නාවූ බොහෝ දෙනෙක් දෙවියන්වහන්සේගේ රාජ්‍යයෙහි ගැළවීම ලබා ගන්නෝය.
5 එබැවින් මාගේ ප්‍රියාදර සහෝදරයනි, නුඹලා පසුතැවිලි වන මෙන් මා සන්සුන්කමේ වචනයෙන් නුඹලාගෙන් අයදින්නෙමි, තවද හදවතින්ම සම්පූර්ණ අරමුණෙන් පැමිණෙන්න, තවද දෙවියන්වහන්සේ නුඹලාට බැඳී සිටින්නාක් මෙන් නුඹලාත් උන්වහන්සේට බැඳී සිටින්න, තවද උන්වහන්සේගේ කරුණාවේ හස්තය නුඹලා දෙසට දවසේ ආලෝකයේ දී දිගු කර ඇති අතරතුර, නුඹලාගේ හදවත් දැඩි කර නොගන්න.
6 එසේය, අද, නුඹලා උන්වහන්සේගේ හඬ අසන්නෙහි නම්, නුඹලාගේ හදවත් දැඩිකර නොගන්න; මක්නිසාද නුඹලා නසින්නේ මන්ද?
7 මක්නිසාද බලව, දවස මුළුල්ලේම දෙවියන්වහන්සේගේ යහපත් වචනයෙන් නුඹලා පෝෂණය වූ පසු, එනම් නුඹලා කපා දමනු ලැබ ගින්නට පළවා හරිනු පිණිස නපුරු ඵල දරන්නෙහුද?
8 බලව, නුඹලා මේ වචන ප්‍රතික්ෂේප කරන්නෙහුද? නුඹලා අනාගතවක්තෘන්ගේ වචන ප්‍රතික්ෂේප කරන්නෙහුද; තවද ක්‍රිස්තුස්වහන්සේ ගැන බොහෝ දෙනෙක් කතා කළ පසු, තවද, නුඹලා උන්වහන්සේ ගැන කී සියලු වචන ප්‍රතික්ෂේප කරන්නෙහුද, තවද ක්‍රිස්තුස්වහන්සේගේ යහපත් වචනය ද, දෙවියන්වහන්සේගේ බලය ද, ශුද්ධාත්මයාණන්ගේ දීමනාව ද ප්‍රතික්ෂේප කර, ශුද්ධාත්මයාණන් නිවා දමමින්ද, නුඹ වෙනුවෙන් සූදානම් කරනු ලැබූ මිදීමේ බලවත් සැලැස්මට සමච්චල් කරන්නෙහුද?
9 එනම් නුඹ මේ දේවල් කරන්නෙහි නම්, ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇති මිදීමේ සහ නැවත නැඟිටීමේ බලය, නුඹව දෙවියන්වහන්සේගේ විනිශ්චයේ ආසනය ඉදිරියෙහි ලැජ්ජාවෙන් සහ භයංකාර වරදකරුවෙක් මෙන් පමුණුවන බව නුඹ නොදන්නෙහිද?
10 තවද යුක්තියේ බලයට අනුව, යුක්තිය ප්‍රතික්ෂේප කළ නොහැකි බැවින්, නුඹලා එම ගින්නෙන් හා ගෙන්දගමින් යුත් විලට යා යුතුය, එනම් එහි ගිනිදැල් නිවිය නොහැකිය, තවද එහි දුම සදහටම ඉහළ යයි, තවද, ගින්නෙන් හා ගෙන්දගමින් යුත් විල නිමක් නොමැති වේදනාවකි.
11 අහෝ, එවිට, මාගේ ප්‍රියාදර සහෝදරයනි, නුඹලා පසුතැවිලි වී, පටු දොරටුවෙන් ඇතුළු වී, නුඹලාට සදාතනික ජීවනය ලැබෙන තුරු පටු මාර්ගයෙහි ගමන් කරන්න.
12 අහෝ, ප්‍රඥාවන්ත වන්න; මට තවත් කුමක් කිව හැකිද?
13 අවසාන වශයෙන්, දෙවියන්වහන්සේගේ ප්‍රසන්න විනිශ්චය ඉදිරියේ මුණගැසෙන තුරු මම නුඹලාගෙන් සමුගනිමි, එනම් ඒ විනිශ්චය දුෂ්ඨයන් හට භයංකාර බිහිසුණු හා භීතියක් ගෙන දෙමින් පහර දෙනු ඇත්තේය. ආමෙන්.