ශුද්ධලියවිලි
ජේකබ් 5


5 වන පරිච්ඡේදය

කප්පාදු කළා වූ සහ වල් ඔලීව ගස් වල සීනොස්ගේ නිදර්ශනය ජේකබ් උපුටා දක්වයි – ඒවා ඊශ්‍රායල් සහ අන්‍යජාතීන් මෙන් වන්නේය – ඊශ්‍රායලය විසුරුවා හැරීම සහ රැස් කිරීම හඟවනු ලබයි – නීෆායිවරුන්ටද, ලේමන්වරුන්ටද, සියලුම ඊශ්‍රායල් වංශයටද, ඉඟි කිරීම් කරනු ලබයි – අන්‍යජාතීන් ඊශ්‍රායලය වෙතට බද්ධ කරනු ලබති – අවසානයේදී මිදිවත්ත දවාලනු ලබයි. ක්‍රි.පූ. 544–421 පමණ.

1 බලව, මාගේ සහෝදරයනි, මෙසේ කියමින්, ඔහු ඊශ්‍රායල් වංශය වෙතට පැවසූ එම, අනාගතවක්තෘ සීනොස්ගේ වචන කියවීමට නුඹලාට සිහි නොවන්නේද:

2 අහෝ ඊශ්‍රායෙල් වංශය, සවන් දෙනු, තවද ස්වාමීන්වහන්සේගේ අනාගතවක්තෘවරයෙකු වූ, මාගේ වචන අසන්න.

3 මක්නිසාද බලව, ස්වාමීන්වහන්සේ මෙසේ පවසන සේක, අහෝ ඊශ්‍රායෙල් වංශය, මා නුඹව, එනම් මනුෂ්‍යයෙකු ඔහුගේ මිදිවත්ත තුළට රැගෙන ගොස් පෝෂණය කරනු ලැබුවාවූ, කප්පාදු කළා වූ ඔලීව ගසකට මෙන්, සමාන කරන්නෙමි; තවද එය වැඩී, තවද වයසෙන් වැඩි වී, තවද දිරා යාමට පටන්ගත්තේය.

4 තවද එය මෙසේ සිදු විය, එනම් මිදිවත්තේ ස්වාමීයා පැමිණ ඉදිරියට ගියේය, තවද ඔහුගේ ඔලීව ගස දිරා යනවා ඔහු දුටුවේය; තවද ඔහු පැවසුවේය: එනම් සමහරවිට එය ළපටි සහ මෘදු අතු දළුලමින්, තවද එය විනාශ නොවන පිණිස, මා එය කප්පාදු කරන්නෙමි, තවද ඒ අවට හාරා, තවද එය පෝෂණය කරන්නෙමි.

5 තවද එය මෙසේ සිදු විය, එනම් ඔහු එය කප්පාදු කර, තවද එය අවට හාරා, තවද ඔහුගේ වචනයට අනුව එය පෝෂණය කළේය.

6 තවද එය මෙසේ සිදු විය, එනම් බොහෝ දවසකට පසුව එහි ළපටි සහ මෘදු අතු ස්වල්පයක් පිටතට දැමීමට පටන් ගත්තේය; එහෙත් බලව, එහිවූ ප්‍රධාන මුඳුන නැසී යාමට පටන් ගත්තේය.

7 තවද එය මෙසේ සිදු විය, එනම් මිදිවත්තේ ස්වාමියා එය දැක, තවද ඔහුගේ සේවකයාට මෙසේ කීවේය: එනම් මෙම ගස නැති වීම එය මට දුකක් වන්නේය; එබැවින්, ගොස් වල් ඔලීව ගසකින් අතු කඩා ගන්න, තවද ඒවා මා වෙතට ගෙන එන්න; තවද අප එහි වියලී යාමට ආරම්භ වූ ප්‍රධාන අතු කඩා දමමු, තවද අප ඒවා දවාලන පිණිස ඒවා ගින්දරට දමමු.

8 තවද බලව, මිදිවත්තේ ස්වාමියා මෙසේ කියන සේක, මම මෙම ලපටි සහ මෘදු අතු බොහෝමයක් පිටතට ගෙන යන්නෙමි, තවද මම කැමති කවර ස්ථානයක වුවද මම ඒවා බද්ධ කරන්නෙමි; එනම් මෙම ගසෙහි මුල් නැසී යාම එසේ සිදුවන්නේ නම් එය මට හේතුකාරණයක් නොවන්නේය, මම එහිවූ ඵලය මා වෙතට රැකගන්නෙමි; එබැවින්, මා මෙම ලපටි සහ මෘදු අතු රැගෙන, තවද මම ඒවා කැමති කවර ස්ථානයක වුවද මම බද්ධ කරන්නෙමි.

9 නුඹ වල් ඔලීව ගසේ අතු රැගෙන, තවද ඒවා එහිවූ ස්ථානයේ, බද්ධ කරන්න; තවද එනම් ඒවා මාගේ මිදිවත්තේ භූමිය කසල නොකරන පිණිස, මා විසින් කඩනු ලැබුවාවූ ඒවා මා ගින්දරට දමා දවන්නෙමි.

10 තවද එය මෙසේ සිදු විය, එනම් මිදිවත්තේ ස්වාමීයාගේ වචනයට අනුව මිදිවත්තේ ස්වාමීයාගේ සේවකයා කළේය, තවද වල් ඔලීව ගසේ අතු බද්ධ කළේය.

11 තවද ඔහුගේ සේවකයාට මෙසේ කියමින්, එය අවට හාරා, තවද කප්පදු කරමින් සහ පෝෂණය කරනු ලැබීමට මිදිවත්තේ ස්වාමියා සැලැස්සුවේය: එනම් මෙම ගස නැති වීම එය මට දුකක් වන්නේය; එබැවින්, එනම් ඒවා නොනැසෙන පිණිස එහිවූ මුල් මම රැකගන්නෙමි, එනම් මා වෙතට ඒවා රැකගනු පිණිස, මා මෙම දේ කර ඇත්තෙමි.

12 එබැවින්, නුඹගේ මාර්ගයේ යන්න; මාගේ වචනයට අනුව, ගස බලාගන්න, තවද එය පෝෂණය කරන්න.

13 තවද මේවා මාගේ මිදිවත්තේ පහළ කොටසෙහි, මා කැමති කවර ස්ථානයක වුවත් තබන්නෙමි, එය නුඹ වෙතට හේතුකාරණයක් නොවන්නේය; තවද එය මා සිදු කරන්නේ මම මා වෙතට ගසෙහි ස්වාභාවික අතු රැකගන්නා පිණිසය; තවද එසේම, එනම් මම එහිවූ ඵල සෘතුවට විරුද්ධව මා වෙතට රැස්කර ගන්නා පිණිසය; මක්නිසාද එනම් මා උදෙසා මෙම ගස සහ එහිවූ ඵල නැතිවියාම එය මට දුකක් වන්නේය.

14 තවද එය මෙසේ සිදු විය, එනම් මිදිවත්තේ ස්වාමියා ඔහුගේ මාර්ගයේ ගියේය, තවද කප්පාදු කරවනු ලැබු ඔලීව ගසේ ස්වාභාවික අතු සමහරක් එක් ස්ථානයකද, තව සමහරක් අනෙක් ස්ථානයකද, ඔහුගේ කැමැත්ත සහ අශාව අනුව මිදිවත්තේ පහළ කොටස් වල සැඟවූ සේක.

15 තවද එය මෙසේ සිදු විය, එනම් දිඟුකලක් ගතවු පසුව, තවද මිදිවත්තේ ස්වාමියා ඔහුගේ සේවකයාට කථා කොට මෙසේ කීවේය: එන්න, එනම් අප මිදිවත්තේ වෙහෙසෙන පිණිස, අප මිදිවත්තට යමු.

16 තවද එය මෙසේ සිදු විය, එනම් මිදිවත්තේ ස්වාමියා ද, තවද එසේම සේවකයාද, මිදිවත්තේ වෙහෙසෙන පිණිස ගියේය. තවද එය මෙසේ සිදු විය එනම් සේවකයා ඔහුගේ ස්වාමියා හට කථා කරමින්: බලව, මෙහි බලන්න; ගස දෙස බලව යැයි කීවේය.

17 තවද එය මෙසේ සිදු විය, එනම් මිදිවත්තේ ස්වාමියා බැලූ විට වල් ඔලීව අතු බද්ධ කරන ලද ගස දුටු සේක; තවද එය පැළ වී ඵල දැරීමට පටන් ගෙන තිබුණේය. තවද ඔහු එය යහපත් බව දුටුවේය; තවද එහිවූ ඵලය ස්වාභාවික ඵලය මෙන් වූවේය.

18 තවද ඔහු සේවකයාට මෙසේ කීවේය: බලව, වල් ගසෙහි අතු එහිවූ මුල් වල තෙතමනය අල්වා ගෙන ඇත්තේය, එනම් එහිවූ මුල් බලවත් ශක්තියක් ගෙන ඇති නිසාය; තවද එහිවූ මුල් වල ඇති බලවත් ශක්තිය නිසාවෙන් වල් වූ අතුවල හොද ඵල හටගෙන ඇත්තේය. දැන්, මෙම අතු අප බද්ධ නොකළේ නම්, එහිවූ ගස නැසෙන්නේය. තවද දැන්, බලව, එහිවූ ගසෙන් හටගනු ලැබූ, බොහෝමයක් ඵල මා රඳවන්නෙමි; තවද මම එහිවූ ඵල සෘතුවට විරුද්ධව, මා වෙතට රැස්කර ගන්නෙමි.

19 තවද එය මෙසේ සිදු විය, එනම් මිදිවත්තේ ස්වාමියා සේවකයා හට මෙසේ කීවේය: එන්න, එනම් මම එහිවූ ඵල සෘතුවට විරුද්ධව, මා උදෙසා රැස්කර ගන්නා පිණිස, අප මිදිවත්තේ පහළ කොටස් වෙත ගොස්, තවද ගසෙහි ස්වභාවික අතු ද බොහෝ ඵල දරා නැත්දැයි බලා එන්නෙමු.

20 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුහු ස්වාමියා ගසෙහි ස්වභාවික අතු සඟවා තැබූ ස්ථානය වෙත ගියෝය, තවද ඔහු සේවකයාට මෙසේ කීවේය: මේවා බලව; තවද ඔහු පළමුව එය බොහෝ ඵල දරා තිබූ බව දුටුවේය; තවද එසේම එය යහපත් බව ඔහු දුටුවේය. තවද ඔහු සේවකයා හට කීවේය: එනම් මම මා වෙතට එය රැකබලා ගනු පිණිස, එහිවූ ඵලය රැගෙන, තවද සෘතුවට විරුද්ධව රඳවා තබා ගන්න; මක්නිසාද බලන්න, මෙපමණ දීර්ඝ කාලයක් මම එය පෝෂණය කළේය, තවද එය බොහෝසේ ඵල දරා ඇත්තේයයි, ඔහු කීවේය.

21 තවද එය මෙසේ සිදු විය, එනම් සේවකයා ඔහුගේ ස්වාමියා හට මෙසේ කිවේය: ඔබ මෙම ගස හෝ මෙම ගසේ අතු සිටවීමට මේ ස්ථානයට පැමිණියේ කෙසේද? මක්නිසාද බලව, එය ඔබගේ මිදිවත්තේ සියලු භූමියේම නිසරුම ස්ථානයයි.

22 තවද මිදිවත්තේ ස්වාමියා ඔහුට මෙසේ කීවේය: මා හට උපදෙස් නොදෙන්න; එය පොළොවේ නිසරු ස්ථානයක් බව මා දැන සිටියෙමි; එබැවින්, මම නුඹට කියා ඇත්තෙමි, මම එය මෙපමණ දීර්ඝ කාලයක් පෝෂණය කළෙමි, තවද එය බොහෝ ඵල දරා ඇති බව නුඹ දැක ඇත්තේය.

23 තවද එය මෙසේ සිදු විය, එනම් මිදිවත්තේ ස්වාමියා ඔහුගේ සේවකයා හට මෙසේ කීවේය: මෙහි බලන්න, බලව මම තවත් ගසක අත්තක් ද පැළ කර ඇත්තෙමි; තවද පළමුවැන්නට වඩා පොළොවේ මෙම ස්ථානය නිසරු බව නුඹ දකින්නෙහිය. එහෙත්, ගස දෙස බලව. මෙපමණ දීර්ඝ කාලයක් මම එය පෝෂණය කළේය, තවද එය බොහෝසේ ඵල දරා ඇත්තේය; එසේවුවත්, මම එය මා වෙතට රැකගැනීම පිණිස, එය රැස් කර, තවද එය සෘතුවට විරුද්ධව රඳවන්න.

24 තවද එය මෙසේ සිදු විය, එනම් මිදිවත්තේ ස්වාමියා ඔහුගේ සේවකයා හට නැවත කථා කොට මෙසේ කීවේය: මෙහි බලන්න, තවද එසේම මා පැළ කරන ලද, තවත් අත්තක් බලව; බලව එනම් මා එය ද පෝෂණය කර ඇත්තේය, තවද එය ඵල දරා ඇත්තේය.

25 තවද ඔහු සේවකයා හට මෙසේ කීවේය: මෙහි බලන්න තවද අන්තිමය බලන්න. බලව, මෙය මම භුමියෙහි යහපත් ස්ථානයක පැළ කෙරුවෙමි, තවද මම එය මෙපමණ දීර්ඝ කාලයක් පෝෂණය කෙරුවෙමි, තවද යහපත් ඵල දරා ඇත්තේ ගසේ කොටසක් පමණි, තවද ගසේ අනෙක් කොටස වල් ඵලයන් දරා ඇත්තේය; බලව, මම මෙම ගස අනෙක් ඒවා මෙන් පෝෂණය කර ඇත්තෙමි.

26 තවද එය මෙසේ සිදු විය, එනම් මිදිවත්තේ ස්වාමියා සේවකයා හට මෙසේ කීවේය: යහපත් ඵල ලබා නොදෙන්නාවූ අතු කඩා දමන්න, තවද ඒවා ගින්දරට දමන්න.

27 එහෙත් බලව, සේවකයා ඔහුට කථා කොට කීවේය: අපි එය කප්පාදු කරමු, තවද එය අවට හාරමු, තවද එය තව කාලයක් පෝෂණය කරමු, එනම් සමහරවිට එය ඔබ වෙතට යහපත් ඵල ගෙන එනු ඇත්තේය, එනම් එය ඔබට ඍතුවට විරුද්ධව රඳවා ගැනීම පිණිස ය.

28 තවද එය මෙසේ සිදු විය, එනම් මිදිවත්තේ ස්වාමියා සහ මිදිවත්තේ ස්වාමියාගේ සේවකයා මිදිවත්තේ සියලුම ඵල පෝෂණය කළෝය.

29 තවද එය මෙසේ සිදු විය, එනම් දිගු කාලයක් පසු විය, තවද මිදිවත්තේ ස්වාමියා ඔහුගේ සේවකයා හට මෙසේ කීවේය: එන්න, අප නැවතත් මිදිවත්තේ වෙහෙසෙන පිණිස, අපි මිදිවත්ත වෙතට යමු. මක්නිසාද බලව, කාලය ළඟා වන්නේය, තවද අවසානය ඉක්මනින් පැමිණෙන්නේය; එබැවින්, මා වෙතට සෘතුවට විරුද්ධව මම ඵල රඳවා තබා ගත යුතු වන්නේය.

30 තවද එය මෙසේ සිදු විය, එනම් මිදිවත්තේ ස්වාමියා සහ සේවකයා මිදිවත්ත තුළට ගියෝය; තවද ඔවුන් ස්වභාවික අතු කපා දමනු ලැබූ සහ වල් අතු බද්ධ කරනු ලැබූ ගස වෙත පැමිණියෝය; තවද බලව සියලු ආකාරයේ ඵල වලින් ගස බර වූයේය.

31 තවද එය මෙසේ සිදු විය, එනම් මිදිවත්තේ ස්වාමියා එහිවූ සෑම වර්ගයකම ඵල, එහිවූ ගණනට අනුකූලව රස බැලූ සේක. තවද මිදිවත්තේ ස්වාමියා මෙසේ කීවේය: බලව, මෙපමණ දීර්ඝ කාලයක් අප මෙම ගස පෝෂණය කළෙමු, තවද මම මා වෙතට සෘතුවට විරුද්ධව බොහෝ ඵල රඳවා ඇත්තෙමි.

32 නමුත් බලව, මෙම කාලයේ එය බොහෝ ඵල දැරුවේය, තවද එහි යහපත් වන්නා වූ කිසිවක් නොවුනේය. තවද බලව, එහි සියලු වර්ගයේ නරක ඵලයන් ඇත්තේය; තවද අපගේ සියලුම වෙහෙසවීම් එසේ තිබියදීත්, එය මට ප්‍රයෝජනයක් නොවන්නේය; තවද දැන් මෙම ගස නැතිවී යාම මට දුකක් වන්නේය.

33 තවද මිදිවත්තේ ස්වාමියා සේවකයා හට මෙසේ කීවේය: එනම් මම නැවතත් යහපත් ඵල මා වෙතටම රඳවා ගන්නා පිණිස, අප ගසට කුමක් කරන්නෙමුද?

34 තවද සේවකයා ඔහුගේ ස්වාමියාට මෙසේ කීවේය: බලව, නුඹ වල් ඔලීව ගසේ අතු බද්ධ කළ නිසාවෙන් ඒවායේ මුල් පෝෂණය වී ඇත්තේය, එනම් ඒවා ජීවත් වී තවද නොනැසී පවතින්නේය; එබැවින් එනම් ඒවා තවමත් යහපත් බව නුඹ දකින්නෙහිය.

35 තවද එය මෙසේ සිදු විය, එනම් මිදිවත්තේ ස්වාමියා ඔහුගේ සේවකයා හට කථා කොට මෙසේ කීවේය: තවද එය නපුරු ඵල ගෙනෙනතාක්, ගසෙන් මට ප්‍රයෝජනයක් නොවන්නේය, තවද එහිවූ මුල් වලින් මට ප්‍රයෝජනයක් නොවන්නේය.

36 එසේනමුත්, මුල් යහපත් බව මා දන්නෙමි, තවද මාගේ ස්වකීය අරමුණ සඳහා ඒවා රැක ගත්තෙමි; තවද මක්නිසාද ඔවුන්ගේ බොහෝ ශක්තිය නිසාවෙන් ඔවුන් මේ දක්වාම, වල් අතු වෙතින්, යහපත් ඵල දරා ඇත්තේය.

37 එහෙත් බලව, වල් අතු වර්ධනය වී තවද එහිවූ මුල් ඉක්මවා ඇත්තේය; තවද වල් අතු එහිවූ මුල් යටපත් කොට ඇති නිසා එහි බොහෝ නපුරු ඵලයන් දරා ඇත්තේය; තවද එය ඉතා මහත් නපුරු ඵලයන් දරා ඇති නිසාවෙන් එය නැසීයාමට පටන්ගෙන ඇති බව නුඹ දකින්නෙහිය; තවද එය ඉක්මණින් මේරීයාමට පත්වී, එනම් එය ගින්දර තුළට දමා දවනු ඇත්තේය, එසේ නොමැතිනම් අප එය රැක ගැනීම සදහා යමක් කළ යුතු වන්නේය.

38 තවද එය මෙසේ සිදු විය, එනම් මිදිවත්තේ ස්වාමියා ඔහුගේ සේවකයා හට මෙසේ කීවේය: තවද ස්වභාවික අතු ද නපුරු ඵල හටගෙන ඇත්දැයි බැලීමට, මිදිවත්තේ පහළ කොටස් වෙතට අපි යමු.

39 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් මිදිවත්තේ පහළ කොටස් වෙතට ගියෝය. තවද එය මෙසේ සිදු විය, එනම් එසේම ස්වභාවික අතුවල ඵල ද නරක් වී තිබෙන බව ඔවුන් දුටුවෝය; එසේම, පළමුවැන්න, දෙවැන්න සහ අන්තිමය ද; තවද ඒවා සියල්ලන්ම නරක්වී තිබුණේය.

40 එනම් අත්ත වියළී ගොස් මරණයට පත් වන තෙක් පවා, තවද අවසාන වල් ඵලය යහපත් ඵලය දැරූ එම ගසෙහි කොටස යටපත් කරගෙන තිබුණේය.

41 තවද එය මෙසේ සිදු විය, එනම් මිදිවත්තේ ස්වාමියා හඬා වැලපෙමින්, තවද සේවකයාට මෙසේ කීවේය: මාගේ මිදිවත්ත සඳහා මට තව කුමක් කළ හැකිව තිබුණේද?

42 බලව, මේවා හැරනු කොට, එනම් මිදිවත්තේ සියලුම ඵලය නරක් වී ඇති බව මම දන්නෙමි. තවද එසේම කලක් යහපත් ඵලය දැරුවාවූ මේවාද දැන් නරක්වී ඇත්තේය; තවද දැන් මාගේ මිදිවත්තේ සියලුම ගස් කපා දමා ගින්නට දැමීම හැර අන් කිසිවක් සඳහා යහපත් නොවන්නේය.

43 තවද එසේය, එනම් මාගේ මිදිවත්තේ බිමෙහි අනෙකුත් සියලුම කොටස්වලට පවා වඩාත් මා හට උසස්ව තෝරාගනු ලැබුවාවූ; එසේය, පොළොවේ යහපත් බිමක මම සිටවන ලද, මෙම මැලවී ගියාවූ අන්තිම අත්ත බලව.

44 තවද එනම් මම එය වෙනුවට මෙම ගස සිටුවන පිණිස, පොළොවෙහි මෙම ස්ථානට බධා කරන්නාවූ දේ එසේම මම කපා දැමූ බව නුඹ දැක්කේය.

45 තවද එයින් කොටසක යහපත් ඵල දරන බවත්, තවත් කොටසක වල් ඵල හටගත් බවත් නුඹ දැක ඇත්තෙහිය; තවද මම එහි අතු උදුරා ගින්නට නොදැමූ හෙයින්, බලව, එනම් ඒවා යහපත් අතු යටපත් කෙරු හෙයින් එය වියළී ගියේය.

46 තවද දැන්, බලව, එය එසේ තිබියදීත් අප විසින් මාගේ මිදිවත්තට කෙතරම් සැලකිල්ලක් දක්වනු ලැබුවද, ඒවා එනම් යහපත් ඵල නොදරන ලෙස, එහිවූ ගස් නරක් වී ඇත්තේය; තවද මේවා රැකබලා ගැනීමටත්, කාලයට එරෙහිව ඒවායේ ඵල මා වෙතට තබා ගැනීමටත්, මම බලාපොරොත්තු වූවෙමි. එහෙත් බලව, ඒවා වල් ඔලීව ගසකට මෙන් සමාන වී ඇත්තේය, තවද ඒවා කපා දමා ගින්නට දැමීම හැර අන් කිසිවක් සඳහා වටිනාකමක් නැත; තවද එය එනම් ඒවා නැතිවීයාම මා හට දුකක් වන්නේය.

47 එහෙත් මෙයට වඩා මාගේ මිදිවත්තේ මා හට කුමක් කළ යුතුව තිබුනේද? එනම් මම එය පෝෂණය නොකරන පිණිස, මම මාගේ දෑත ලිහිල් කර තිබුණේද? නැත, මම එය පෝෂණය කළෙමි, තවද මම එය අවට හෑරුවෙමි, තවද මම එය කප්පාදු කළෙමි, තවද මම එයට ගොම දැමුවෙමි; තවද මම දවස මුළුල්ලේහිම, තවද අවසානය ඉක්මනින් ලඟා වන තෙක් මාගේ දෑත දිගු කළෙමි. තවද මාගේ මිදිවත්තේ සියලු ගස් කපා දමා, ඒවා එනම් දැවෙන පිණිස ගින්නට හෙළා දැමීමට සිදුවීම එය මට දුකක් වන්නේය. එනම් මාගේ මිදිවත්ත නරක් කළ තැනැත්තා කවුරුන්ද?

48 තවද එය මෙසේ සිදු විය, එනම් සේවකයා තම ස්වාමියාට මෙසේ කීවේය: එය නුඹගේ මිදිවත්තේ උසස්කම නිසා නොවේ – එහිවූ අතු යහපත් මුල් යටපත් කර ගත්තා නොවේද? තවද එහිවූ අතු මුල් යටපත් කළ බැවින්, බලන්න ඒවා තමන්ටම ශක්තිය ලබා ගනිමින්, මුල්වල ශක්තියට වඩා වේගයෙන් වර්ධනය විය. බලව, මම කියමි, එනම් නුඹගේ මිදිවත්තේ ගස් නරක් වීමට හේතුව මෙය නොවන්නෙහිද?

49 තවද එය මෙසේ සිදු විය, එනම් මිදිවත්තේ ස්වාමියා සේවකයාට මෙසේ කීවේය: එනම් ඒවා මාගේ මිදිවත්තේ භූමියට බධා නොකරන පිණිස, අප ගොස් මිදිවත්තේ ගස් කපා ඒවා ගින්නට දමමු, මක්නිසාද මම සියල්ල කර ඇත්තෙමි. මාගේ මිදිවත්තට මට තවත් කළ හැක්කේ කුමක්ද?

50 එහෙත්, බලව, සේවකයා මිදිවත්තේ ස්වාමියා හට මෙසේ කීවේය: තව ටික කලකට එය තබාගන්න.

51 තවද ස්වාමියා මෙසේ කිවේය: එසේය, මම එය තව ටික කලකට එය තබාගන්නෙමි, මක්නිසාද එනම් මාගේ මිදිවත්තේ ගස් නැතිවීම මා හට දුකකි.

52 එබැවින්, මාගේ මිදිවත්තේ පහළ කොටසෙහි මා සිටුවා ඇති මේවායේ අතුවලින් අප ඒවා ගෙන, තවද ඒවා පැමිණි ගස තුළටම අප බද්ධ කරමු; තවද අප ඵල බොහෝ තිත්තවු ගසේ ඇති අතු උදුරා, තවද එහිවු ස්වභාවික ගසෙහි අතු ඒ වෙනුවට බද්ධ කරමු.

53 තවද එනම්, සමහර විට, ගස නොනැසී පවතින පිණිස, මාගේම අරමුණ සඳහා එහි මුල් මා වෙත ආරක්ෂා කර ගැනීමට මම මෙය කරන්නෙමි.

54 තවද, බලව, මා විසින් කවර හෝ තැනක පැළ කළා වූ ස්වභාවික අතු තිබෙන්නාවූ ගසෙහි මුල් තවමත් එහි ජිවය තිබේනම්; එබැවින්, මම එසේම ඒවාද එනම් මාගේම අරමුණ සඳහා රැකගන්නා පිණිස, මම මේ ගසේ අතුවලින් ඒවා ගෙන, තවද මම ඒවා, ඒවා වෙතට බද්ධ කරන්නෙමි. එසේය, මම එසේම මුල් එනම් මා හට රැකගැනීමටත්, ඒවා ප්‍රමාණවත් තරම් ශක්තිමත් වූ විට එනම් ඒවා මා හට යහපත් ඵල ගෙන එනු පිණිසත්, තවද මාගේ මිදිවත්තෙහි ඵල ගැන මට තවමත් ප්‍රීති විය හැකිවනු පිණිසත්, මම ඒවාට ඔවුන්ගේ මව් ගසෙහි අතු බද්ධ කරන්නෙමි.

55 තවද එය මෙසේ සිදු විය, එනම් ඔවුන් වල් බවට පත් වූ ස්වභාවික ගසෙන් රැගෙන, තවද එසේම වල් බවට පත් වූ, ස්වභාවික ගස්වලට බද්ධ කළෝය.

56 තවද ඔවුන් එසේම වල් බවට පත් වූ ස්වභාවික ගස් ද රැගෙන, තවද ඔවුන්ගේ මව් ගසට බද්ධ කළෝය.

57 තවද මිදිවත්තේ ස්වාමියා සේවකයාට මෙසේ කීවේය: වඩාත් තිත්ත වූ ඒවා හැරෙන්නට, ගස්වලින් වල් අතු උදුරා නොගන්න; තවද එනම් ඒවා තුළ මා නුඹලාට කී ආකාරයටම එයට බද්ධ කරන්න.

58 තවද අප විසින් නැවතත් මිදිවත්තේ ගස් පෝෂණය කරන්නෙමු, තවද එහිවූ අතු අප විසින් කප්පාදු කරන්නෙමුු; තවද අප ගස්වලින් මෝරනු ලැබූ, එනම් විනාශ වී යා යුතු, අතු උදුරා ඒවා ගින්නට දමන්නෙමු.

59 තවද මා මෙය කරනු ලබන්නේ, එනම් සමහර විට, ඒවායේ යහපත් බව නිසා එහිවූ මූල් ශක්තිමත් විය හැකි හෙයින්ය; තවද අතුවල මාරුවීම් නිසා, එනම් නපුර යහපතින් යටපත් වනු ඇත්තේය.

60 තවද එනම් මම එහිවූ ස්වභාවික අතු සහ මුල් රැකබලාගත් නිසාත්, තවද එනම් මම ස්වභාවික අතු නැවත ඒවායේ මව් ගසට බද්ධ කර ඇත්තේය, තවද ඒවායේ මව් ගසේ මුල් ආරක්ෂා කර ඇති අතර, එනම්, සමහරවිට, මාගේ මිදිවත්තේ ගස්වල නැවත යහපත් ඵල ගෙන එනු ඇත්තේය; තවද එනම් මාගේ මිදිවත්තේ ඵලය ගැන මම නැවතත් ප්‍රීතිය ලබන්නටත්, තවද, සමහරවිට, එනම් පළමු ඵලයේ මුල් සහ අතු රැකබලගෙන තිබීම පිළිබඳ මම අතිශයින් ප්‍රීති වීමට ඉඩ ඇත්තේය –

61 එබැවින්, ගොස්, තවද සේවකයන් කැඳවන්න, එනම් අප උද්‍යෝගයෙන් අපගේ ශක්තියෙන් මිදිවත්තෙහි වෙහෙසෙන පිණිස, එනම් මම නැවත ස්වභාවික ඵලය ගෙන ඒමට හැකි වන පරිදි, අනෙක් සියලුම ඵලයන්ට වඩා අගනා යහපත් ස්වභාවික ඵල ගෙන එන පිණිස, එනම් අප මාර්ගය සකස් කරන්නෙමු.

62 එබැවින්, අප ගොස් මේ අවසන් වතාවට අපගේ ශක්තියෙන් වෙහෙස වන්නෙමු, මක්නිසාද බලව, අවසානය ඉක්මනින් ලඟා වන්නේය, තවද එනම් මම මාගේ මිදිවත්ත කප්පාදු කරන අවසාන අවස්ථාව මෙය වන්නේය.

63 අතු තුළ බද්ධ කරන්න; එනම් අන්තිමයා පළමුවැන්නා වන පිණිස ආරම්භ කරන්න, තවද එනම් පළමුවැන්නා අන්තිමයා වීමටද, තවද මහලු හා තරුණ, පළමු සහ අන්තිම, යන දෙඅංශයේම ගස් අවට හාරන්න; තවද අන්තිමයා සහ පළමුවැන්නා, එනම් අන්තිම වතාවට සියල්ලෝම නැවත වරක් පෝෂණය වන පිණිස ය.

64 එබැවින්, ඒවා අවට හාරා, ඒවා කප්පාදු කර, අවසන් වරට නැවත වරක් සත්ව අශූචි දමන්න, මක්නිසාද අවසානය ළංව ඇත්තේය. එය එසේ වන්නේ නම් එනම් මෙම අන්තිම බද්ධය වර්ධනය වී, තවද ස්වභාවික ඵල හට ගන්නේ නම්, එනම් ඒවා වර්ධනය වන පිණිස, එවිට නුඹලා ඒවා සඳහා මාර්ගයක් සූදානම් කරන්න.

65 තවද ඒවා වර්ධනය වීමට පටන් ගන්නා විට නුඹලා තිත්ත ඵල දරන්නාවූ අතු එහිවු යහපත් බවේ ශක්තිය හා විශාලත්වයට අනුකුලව ඉවත් කළ යුතු වන්නේය; තවද එහිවු මුල් බද්ධ කිරීම සඳහා ශක්තිමත් නොවන පිණිසත්, එහි බද්ධය විනාශ නොවන පිණිසත්, තවද මාගේ මිදිවත්තේ ගස් මා හට නැති නොවන පිණිසත්, තවද නුඹලා එහි නරක සියල්ල එකවරම ඉවත් නොකරන්න.

66 මක්නිසාද එනම් මාගේ මිදිවත්තේ ගස් නැති වීම මට දුකක් වන්නේය; එබැවින් යහපත වර්ධනය වන විට ඒ අනුකුලව නුඹලා අයහපත ඉවත් කළ යුතු වන්නේය, එනම් මුල සහ මුදුන එක හා සමාන ශක්තිමත් වන පිණිස, යහපත අයහපත ජය ගන්නා තුරු, එනම් ඒවා මාගේ මිදිවත්තේ බිමට බාධා නොකරනපිණිස තවද නරක කපා දමා ගින්නට දමනු ලබන්නේය; තවද මෙසේ මම මාගේ මිදිවත්තෙන් අයහපත් දේ අතුගා දමන්නෙමි.

67 තවද ස්වභාවික ගසෙහි අතු මම නැවත ස්වභාවික ගසට බද්ධ කරන්නෙමි.

68 තවද ස්වභාවික ගසෙහි අතු මම ස්වභාවික ගසේ අතුවලට බද්ධ කරන්නෙමි; තවද මෙසේ එනම් ස්වභාවික ඵල හටගන්නා පිණිස, මම ඒවා නැවත රැගෙන එන්නෙමි, තවද ඒවා එකක් වන්නේය.

69 තවද එසේය, නරක්වූවන් මාගේ මිදිවත්තෙහි මුළු දේශයෙන්ම පවා ඉවත දමනු ලබන්නේය; මක්නිසාද බලව, මෙම අවස්ථාවේදී පමණක් මම මාගේ මිදිවත්ත කප්පාදු කරන්නෙමි.

70 තවද එය මෙසේ සිදු විය, එනම් මිදිවත්තේ ස්වාමියා තම සේවකයා යැව්වේය; තවද සේවකයා ගොස් ඔහුගේ ස්වාමියා අණ කළ ලෙසම කර, වෙනත් සේවකයින්ද ගෙන ආවේය; තවද ඔවුන් ස්වල්ප දෙනෙක් වූහ.

71 තවද මිදිවත්තේ ස්වාමියා ඔවුන්ට මෙසේ කීවේය: යන්න, නුඹලාගේ ශක්තියෙන් මිදිවත්තට ගොස් වෙහෙස වන්න. මක්නිසාද බලව, මම මාගේ මිදිවත්ත පෝෂණය කරන අවසාන අවස්ථාව මෙය වන්නේය; මක්නිසාද අවසානය අත ලඟය, තවද සෘතුව ඉක්මනින් පැමිණෙන්නේය; තවද නුඹලා මා සමඟ නුඹලාගේ ශක්තියෙන් වෙහෙසවන්නේ නම් ඉතා ඉක්මනින් පැමිණෙන්නාවූ කාලයට එරෙහිව මා විසින් මා වෙත තැන්පත් කරගන්නා ඵලය ගැන ප්‍රීතිය නුඹලා ලබන්නෙහුය.

72 තවද එය මෙසේ සිදු විය, එනම් සේවකයන් ගොස් ඔවුන්ගේ ශක්තියෙන් වෙහෙසුනේය; තවද මිදිවත්තේ ස්වාමියාද එසේම ඔවුන් සමඟ වෙහෙසුනේය; තවද ඔවුන් සෑම දෙයකදීම මිදිවත්තේ ස්වාමියාගේ අණ පනත් වලට කීකරු වූවෝය.

73 තවද එහි නැවතත් මිදිවත්තේ ස්වභාවික ඵල හටගන්නට පටන්ගත්තේය; තවද ස්වභාවික අතු බෙහෙවින් වර්ධනය වීමට සහ ශක්තිමත් වීමට පටන්ගත්තේය; තවද වල් අතු උදුරා ඉවත දැමීමට පටන්ගත්තේය; තවද එහිවූ ශක්තියට අනුකුලව, ඔවුන් එහිවූ මුල් ද මුදුන ද සමානව තැබුවෝය.

74 තවද මෙසේ මිදිවත්තෙන් අයහපත් දේ අහක දමන තුරුත්, තවද ගස් නැවත ස්වභාවික ඵල බවට පත් වන තෙක් ස්වාමියා තමා වෙතටම රැකබලා කර ගන්නා තුරුත්, ඔවුන් මිදිවත්තේ ස්වාමියාගේ අණ පනත් වලට අනුකුලව, සියලු උද්යෝගයෙන් වැඩ කළේය; තවද ඔවුන් එක ශරීරයකට මෙන් සමාන විය; තවද ඵල සමාන විය; තවද මිදිවත්තේ ස්වාමියා තමා වෙත ආරම්භයේ සිටම ඔහුට ඉතා වටිනාවු ස්වභාවික ඵලදාව රැකබලා ගත්තේය.

75 තවද එය මෙසේ සිදු විය, එනම් මිදිවත්තේ ස්වාමියා එනම් තමාගේ ඵල යහපත් බවත්, තවද තමාගේ මිදිවත්ත තවදුරටත් දූෂිත නොවන බවත් දුටු විට, ඔහු තමන්ගේ සේවකයන් කැඳවා, තවද ඔවුන්ට මෙසේ කීවේය: බලව, මක්නිසාද මෙම අවසාන වතාවට අප මාගේ මිදිවත්ත පෝෂණය කළෙමු; තවද මාගේ කැමැත්තට අනුකුලව මා කළ ඇති බව නුඹලා දකින්නෝය; තවද මම එම ස්වභාවික ඵලය රැකබලාගත් අතර, ආරම්භයේ දී මෙන්ම ඒවා යහපත් වන්නේය. තවද නුඹලා ආශිර්වාද ලද්දෙහුය; මක්නිසාද නුඹලා උද්‍යෝගයෙන් මා සමඟ මාගේ මිදිවත්තේ වෙහෙසවූ අතර, තවද මාගේ අණ පනත් වලට කීකරු වූහ, තවද ස්වභාවික ඵල නැවත මා වෙත ගෙන ආවෝය, තවද නරක ඉවත දමා ඇත්තේය, එනම් මාගේ මිදිවත්ත තවදුරටත් දූෂිත නොවන්නේය, බලව මාගේ මිදිවත්තේ ඵලය නිසා නුඹලාට මා සමඟ ප්‍රීතිය ලැබෙනු ඇත්තේය.

76 මක්නිසාද බලව, ඉක්මනින් පැමිණෙන්නාවූ, කාලයට මුහුණ දීම පිණිස බොහෝ කලක් සඳහා මම මාගේ මිදිවත්තේ ඵල මා වෙතටම රඳවා ගන්නෙමි; තවද අවසාන වතාවට මම එය කප්පාදු කර, එය අවට හාරා, එයට ගොම දමා, මාගේ මිදිවත්ත පෝෂණය කළෙමි; එබැවින් බොහෝ කාලයක් සඳහා, මා පැවසූ දේට අනුකුලව එනම්, මම මා උදෙසාම ඵල රඳවා ගන්නෙමි.

77 තවද එනම් නපුරු ඵල නැවත වතාවක් මාගේ මිදිවත්තට පැමිණෙන්නාවූ කාලය පැමිණි විට, එවිට මම යහපත් සහ නරක එකතු කිරීමට සලස්වන්නෙමි; තවද මම යහපත් දේ මා වෙතටම ආරක්ෂා කරගන්නාවූ අතර, තවද නරක දේ එය අයත් ස්ථානය වෙතටම ඉවත හෙළන්නෙමි. තවද එවිට සෘතුව සහ අවසානය පැමිණෙන්නේය; තවද මාගේ මිදිවත්ත ගින්නෙන් දැවීමට මම සලස්වන්නෙමි.