2 වන පරිච්ඡේදය
ධනයට ඇති ඇල්ම, උඩඟුකම, සහ පතිව්‍රතාව කැඩීම ජේකබ් ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කරනු ලබයි – මනුෂ්‍යයන් තම සෙසු මනුෂ්‍යයන්ට උපකාර කිරීම සඳහා ධනයන් සෙවිය හැකිය – නීෆායිවරුන් අතර කිසිම පුරුෂයෙකුට එක් භාර්යාවකට වඩා සිටිය නොහැකි බව ස්වාමීන්වහන්සේ අණ කරන සේක – ස්වාමීන්වහන්සේ ගැහැණියකගේ පතිව්‍රතාවය පිළිබඳව ප්‍රසාදය දක්වන සේක. ක්‍රි.පූ. 544–421 දී පමණ.
1 නීෆායිගේ සහෝදරයා වූ, ජේකබ් විසින්, නීෆායිගේ මරණයෙන් පසු, නීෆායි ජනතාවට පවසන ලද වචන:
2 දැන්, මාගේ ආදරණීය සහෝදරයනි, මම, ජේකබ්, දෙවියන්වහන්සේ යටතේ මා හට පැවරී ඇති වගකීම අනුව, මාගේ තනතුර සන්සුන්ව විශාල කිරීමට, තවද මාගේ වස්ත්‍ර නුඹගේ පාපවලින් නිදහස් කරන පිණිසත්, දෙවියන්වහන්සේගේ වචනය නුඹට ප්‍රකාශ කරන පිණිස මම මෙම දවසේ දේවමාළිගාවේ ඉහලට එන්නෙමි.
3 තවද මාගේ කැඳවූ තනතුරේ මා මෙතෙක් උද්‍යෝගයෙන් සිටි බව නුඹලාම දන්නහුය; නමුත් මම අද දවස නුඹලාගේ ආත්මවල ශුභසිද්ධිය සඳහා මම මෙතෙක් සිටියාට වඩා වැඩි ආශාවකින් හා උද්‍යෝගයෙන් බර වී සිටිමි.
4 මක්නිසාද බලව, මේ දක්වා, මා නුඹලා හට දුන්, ස්වාමීන්වහන්සේගේ වචනයට නුඹලා කීකරු වී ඇත.
5 එහෙත් බලව, නුඹලා මා හට ඇහුම්කන් දෙන්න, තවද ස්වර්ගයේ ද පොළොවේ ද සියලු – බලය තිබෙන්නා වූ මැවුම්කරුවාණන්ගේ උපකාරයෙන් මා හට නුඹලාගේ සිතිවිලි ගැන නුඹට කිව හැකි බව දැනගන්න, නුඹලා පාපයේ ක්‍රියා කිරීමට ආරම්භ කරන ආකාරය, එම පාපය මා හට ඉතා පිළිකුල්ව පෙනෙන්නේය, එසේය, තවද දෙවියන්වහන්සේ හට ද පිළිකුල් වන සේක.
6 එසේය, එය මාගේ ආත්මය ශෝකයට පත්කර තවද මාගේ මැවුම්කරුවාණන් අභියස මා ලැජ්ජාවෙන් පැකිලීමට හේතු වේ, එනම් නුඹලාගේ හදවත්වල දුෂ්ඨකම පිළිබඳව මම නුඹලාට සාක්ෂි දැරිය යුතු වේ.
7 තවද නුඹලාගේ භාර්යාවන් සහ නුඹලාගේ දරුවන් ඉදිරියෙහි නුඹලා ගැන මෙතරම් ඍජු ලෙස කතා කළ යුතු බව මා කණගාටුවට පත් කරයි, ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුගේ හැඟීම් දෙවියන්වහන්සේ අභියස බොහෝ සෙයින් මෘදුය, පවිත්‍රය, සියුම්ය, එම දෙය දෙවියන්වහන්සේ හට ප්‍රසන්න වන සේක;
8 තවද ඔවුන් දෙවියන්වහන්සේගේ ප්‍රසන්න වචනයට සවන් දීමට මෙතැන ඉහලට පැමිණ ඇති බව මම අනුමාන කරමි, එසේය, තුවාල වූ ප්‍රාණය සුව කරන වචනය ය.
9 එබැවින්, මා පෙළඹිය යුතු බව මාගේ ආත්මයට බරකි, දෙවියන්වහන්සේගෙන් මා හට ලැබුණු දැඩි අණ පනත නිසාවෙන්, නුඹගේ අපරාධයන්ට අනුව නුඹට අවවාද කිරීමට, දැනටමත් තුවාල වූවන්ගේ තුවාල විශාල කිරීමට, ඔවුන්ගේ තුවාලවලට සැනසීම හා සුවය කිරීම වෙනුවට; තවද තුවාල නොලැබූ අය, දෙවියන්වහන්සේගේ ප්‍රසන්න වචනය භුක්ති විදීම වෙනුවට ඔවුන්ගේ ප්‍රාණයන් සිදුරු කිරීමට සහ ඔවුන්ගේ සියුමැලි සිත් තුවාල කිරීමට කිනිසි තබා ඇත.
10 එහෙත්, එසේ තිබියදීත් කාර්යයේ මහත් බව නොතකා, මම දෙවියන්වහන්සේගේ දැඩි අණ අනුව ක්‍රියා කළ යුතු වන්නෙමි, තවද නුඹලාගේ දුෂ්ඨකම් සහ පිළිකුල්කම් ගැන නුඹට පැවසිය යුතු වන්නෙමි, හදින් පවිත්‍ර සහ බිඳුණු හදවත ඉදිරියේ, තවද සර්වබලධාරී දෙවියන්වහන්සේගේ තියුණු ඇසෙහි බැල්ම යටතේ ක්‍රියා කළ යුතු වන්නෙමි.
11 එබැවින්, දෙවියන්වහන්සේගේ වචනයේ සරලභාවය අනුව මා නුඹට සත්‍ය පැවසිය යුතු වන්නෙමි. මක්නිසාද බලව, මා ස්වාමීන්වහන්සේගෙන් විමසූ පරිදි, වචනය මා වෙත පැමිණියේ මෙසේ පවසමින්ය: ජේකබ්, පසු දින නුඹ දේවමාළිගාවට ගොස්, තවද මෙම ජනතාව උදෙසා මා නුඹට දෙන වචනය ප්‍රකාශ කරව.
12 තවද දැන් බලව, මාගේ සහෝදරයනි, මා නුඹලාට ප්‍රකාශ කරන වචනය නම් මෙයයි, එනම් නුඹලාගෙන් බොහෝ දෙනෙක් රත්‍රන් ද, රිදී ද, තවද විවිධාකාරයේ වටිනා ලෝහ ද සොයන්නට පටන් ගෙන ඇත, මෙම භූමිය තුළ, එනම් නුඹලාටත් නුඹලාගේ වංශයටත් පොරොන්දු වූ දේශයක් වන භූමිය තුළ, ඒවා වඩාත් බහුලත්වයෙන් ඇත්තේය.
13 තවද සකසුරුවම් කළ හස්තය නුඹලා කෙරෙහි ඉතා ප්‍රසන්නව සිනාසී ඇත්තේය; එනම් නුඹලා බොහෝ වස්තුව ලබාගෙන ඇත්තේය; තවද නුඹලාගෙන් සමහරෙක් නුඹලාගේ සහෝදරයන්ට වඩා බොහෝ දේ ලබාගත් බැවින් නුඹලා තම හදවත්වල උඩුඟුකමින් උදම් වී ඇත්තේය, නුඹලාගේ වස්ත්‍රවල මිල අධික බව නිසා උද්දච්චකම ද පැළඳ, තවද නුඹලාගේ සහෝදරයන්ට හිංසා කරයි, මක්නිසාද නුඹලා ඔවුන්ට වඩා යහපත් බව නුඹලා සිතන බැවිනි.
14 තවද දැන්, මාගේ සහෝදරයනි, මෙම දෙය දී දෙවියන්වහන්සේ නුඹලාව නිදොස් කරනු ඇතැයි නුඹ සිතන්නෙහි ද? බලව, මම නුඹට කියමි, එසේ නැත. එහෙත් උන්වහන්සේ නුඹව හෙළා දකින සේක, තවද නුඹලා මේ දේවල් තුළ පවතින්නේ නම් උන්වහන්සේගේ විනිශ්චයන් යුහුසුලුව නුඹ වෙතට පැමිණෙන සේක.
15 අහෝ එනම් උන්වහන්සේ හට නුඹව සිදුරු කළ හැකි බව උන්වහන්සේ පෙන්වන සේක, තවද උන්වහන්සේගේ නෙතක එක් බැල්මකින් උන්වහන්සේට නුඹව දූවිල්ල කරා පහර දිය හැකි සේක.
16 අහෝ එනම් උන්වහන්සේ මෙම අයුතුකමෙන් සහ පිළිකුලෙන් නුඹව ගළවනු පිණිසය. තවද, අහෝ එනම් නුඹ උන්වහන්සේගේ ආඥාවේ වචනයට සවන් දී, තවද නුඹලාගේ හදවත්වල මාන්නය නුඹලාගේ ආත්මයන් විනාශ වීමට ඉඩ නොදෙනු පිණිසත්ය!
17 නුඹලා මෙන් නුඹලාගේ සහෝදරයන් ගැන සිතන්න, තවද සියල්ලන් සමඟ සමීප වී නුඹලාගේ වස්තුවෙන් නිදහස් වන්න, එනම් ඔවුන් ද නුඹලා මෙන් ධනවත් වනු පිණිස ය.
18 එහෙත් නුඹලා ධනය සොයන්නට ප්‍රථමව, නුඹලා දෙවියන්වහන්සේගේ රාජ්‍යය සොයාපල්ලා.
19 තවද නුඹලා ක්‍රිස්තුස්වහන්සේ තුළ බලාපොරොත්තුවක් ලබාගත් පසු නුඹලා ඒවා සොයන්නේ නම්, නුඹලා ධනය ලබන්නෙහුය; නිර්වස්ත්‍රවූවන්ට වස්ත්‍ර දීමට ද, බඩගිනිවූවන්ට ආහාර දීමට ද, වහල්කරුවන් නිදහස් කිරීමට ද, තවද රෝගීවූවන්ට හා පීඩාවට පත්වූවන්ට උපස්ථානය කිරීමට – තවද යහපත කිරීමේ අරමුණින් නුඹලා ඒවා සොයන්නෝය.
20 තවද දැන්, මාගේ සහෝදරයනි, මාන්නය පිළිබඳව මම නුඹලාට කතා කළෙමි; තවද නුඹලා අතරේ සිටිනා අය තමාගේ අසල්වැසියාට පීඩා කළේ, තවද ඔහුට හිංසා කළේ නුඹට දෙවියන්වහන්සේ ලබා දී ඇති දේවල් නිසා, නුඹලාගේ හදවතෙහි උඩඟුකම හේතුවෙනි, ඒ ගැන නුඹලා කුමක් කියන්නහු ද?
21 සියලු මාංශයන් මැවූ තැනැන්වහන්සේ හට එවැනි දේ පිළිකුල් යැයි නුඹ නොසිතන්නෙහි ද? තවද එක් පුද්ගලයෙක් අනෙකා මෙන්ම උන්වහන්සේ අභියස වටින්නේය. සියලු මාංශ දූවිල්ලෙන්ය; තවද එකම අරමුණක් සඳහා ඔවුන්ව මැවූ සේක, එනම් ඔවුන් උන්වහන්සේගේ අණ පනත් පිළිපදිමින් උන්වහන්සේ සදාකාලයටම මහිමයට පත් කරන පිණිස ය.
22 තවද දැන් මෙම මාන්නය ගැන නුඹලාට කතා කිරීම මම අවසන් කරමි. තවද මා නුඹලාට දරුණු අපරාධයක් ගැන කථා කළ යුතු නොවේ නම්, නුඹලා නිසා මාගේ හදවත බොහෝ සෙයින් ප්‍රීති වන්නේය.
23 එහෙත් දෙවියන්වහන්සේගේ වචනය නුඹලාගේ දරුණු අපරාධයන් නිසා මා හට බරකි. මක්නිසාද බලව, ස්වාමීන්වහන්සේ මෙසේ පවසන සේක: මෙම ජනතාව අයුතුකමින් වැඩි වීමට පටන් ගෙන ඇත; ඔවුන් ශුද්ධ ලියවිලි තේරුම් නොගන්නෝය, මක්නිසාද ඔවුුුන් වේශ්‍යාකම් තුළ තමන් නිදොස් කිරීමට තැත් කරන්නෝය, දාවිත් සහ ඔහුගේ පුත්‍රයා වූ සලමොන් පිළිබඳව ලියා ඇති දේවල් නිසා නිදහසට කරුණු සොයන්නෝය.
24 බලව, දාවිත්ට සහ සලමොන්ට සැබැවින්ම බොහෝ භාර්යාවන් ද හා උපභාර්යාවන් ද සිටියෝය, මා අභියස එම දෙය පිළිකුල් සහගතය, ස්වාමීන්වහන්සේ පවසන සේක.
25 එබැවින්, ස්වාමීන්වහන්සේ මෙසේ පවසන සේක, මාගේ හස්තයේ බලයෙන්, මම මෙම ජනතාව ජෙරුසලම් දේශයෙන් පිටතට ගෙන ගියෙමි, එනම් යෝසෙප්ගේ ඉඟටියේ ඵලයෙන් මා වෙතට ධර්මිෂ්ඨ ශාඛාවක් නැඟිටුවන පිණිස ය.
26 එබැවින්, දෙවි වූ ස්වාමීන්වහන්සේ වන මම මෙම ජනතාවට ඔවුන්ගේ පැරැන්නන් මෙන් කිරීමට ඉඩ නොදෙන්නෙමි.
27 එබැවින්, මාගේ සහෝදරයිනි, මට සවන් දෙන්න, තවද ස්වාමීන්වහන්සේගේ වචනයට ඇහුම්කන් දෙන්න: මක්නිසාද නුඹලා අතරේ කිසිදු මනුෂ්‍යයෙකුට එක් භාර්යාවක් හැරුනු කොට වෙන කිසිවෙක් නොවන්නේය; තවද උපභාර්යාවන් ඔහුට කිසිවෙක් නොසිටිය යුතුය.
28 මක්නිසාද මම, දෙවි වූ ස්වාමීන්වහන්සේ, කාන්තාවන්ගේ පතිව්‍රතාව තුළ ප්‍රීතිමත් වෙමි. තවද වේශ්‍යකම මා අභියස පිළිකුල්ය; ස්වාමීන්වහන්සේ මෙසේ පැවසූ සේක.
29 එබැවින්, මෙම ජනතාව මාගේ අණ පනත් පිළිපදින්නෝය, නැතහොත් ඔවුන් උදෙසා දේශයට ශාප කරනු ඇත, සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ පවසන සේක.
30 මක්නිසාද මම අධිෂ්ඨාන කරන්නේ නම්, වංශය මා වෙත නැඟිටුවාලන්නෙමි යැයි, සේනාවල ස්වාමීන්වහන්සේ පවසන සේක, මම මාගේ ජනතාවට අණ කරන්නෙමි; එසේ නැතහොත් ඔවුන් මෙම දේවල්වලට ඇහුම්කන් දෙන්නෝය.
31 මක්නිසාද බලව, ස්වාමීන්වහන්සේ වන, මම, ශෝකය දැක ඇත්තෙමි, තවද ජෙරුසලම් දේශයේ මාගේ ජනතාවගේ දියණියන්ගේ ශෝකය ද, එසේය, තවද මාගේ ජනතාවගේ සියලු දේශයන්හි ද අසා ඇත්තෙමි, මක්නිසාද ඔවුන්ගේ ස්වාමිපුරුෂයන්ගේ දුෂ්ඨකම් හා පිළිකුල්කම් නිසාවෙනි.
32 තවද මා ජෙරුසලම් දේශයෙන් පිටතට ගෙන ගිය මේ ජනතාවගේ පැහැපත් දියණියන්ගේ මොරගැසීම, මාගේ ජනතාවගේ මනුෂ්‍යයන්ට විරුද්ධව මා වෙත ඉහලට පැමිණීමට, මම ඉඩ නොදෙන්නෙමි යැයි, සේනාවල ස්වාමීන්වහන්සේ පවසන සේක.
33 මක්නිසාද ඔවුන් මාගේ ජනතාවගේ දියණියන් ඔවුන්ගේ මෘදු බව නිසා වහල්කරුවන් බවට පත් නොකරන්නෝය, එසේ වුවහොත් මා මහත් ශාපයක් සමඟින් විනාශයකට පවා ඔවුන්ව බැහැ දකින්නෙමි; මක්නිසාද ඔවුන්ගේ පැරැන්නන් මෙන්, ඔවුන් වේශ්‍යාකම් සිදු නොකරන්නෝය යැයි, සේනාවල ස්වාමීන්වහන්සේ පවසන සේක.
34 තවද දැන් බලව, මාගේ සහෝදරයිනි, මේ අණ පනත් අපගේ පියා වන ලීහායි හට ලබා දුන් බව නුඹලා දන්නහු ය; එබැවින් නුඹලා ඒවා පෙර දැන සිටියෝය; තවද නුඹලා මහත් හෙළා දැකීමට පැමිණියෝය; මක්නිසාද නුඹලා නොකළ යුතු මේ දේවල් නුඹලා කළෝය.
35 බලව, නුඹලා අපේ සහෝදරයන් වන, ලේමන්වරුන්ට වඩා විශාල අයුතුකම් කළෝය. ඔවුන් ඉදිරියෙහි නුඹලාගේ නරක ආදර්ශයන් නිසා, නුඹලා නුඹලාගේ මෘදු භාර්යාවන්ගේ හදවත් බිඳ දැමුවෝය, තවද නුඹලාගේ දරුවන්ගේ විශ්වාසය නැති කරගත්තෝය; තවද ඔවුන්ගේ හදවත්වල හඬා වැලපීම් නුඹට විරුද්ධව දෙවියන්වහන්සේ වෙතට නැඟෙයි. නුඹලාට විරුද්ධව පහළ වන, තවද දෙවියන්වහන්සේගේ වචනයේ දැඩි බව නිසා, ගැඹුරු තුවාලවලින් පසාරු වීමෙන්, හදවත් බොහොමයක් මිය ගොස් ඇත.