ශුද්ධලියවිලි
ජේකබ් 1


ජේකබ්ගේ පොත
නීෆායිගේ සහෝදරයා

ඔහුගේ සහෝදරයන් වෙතට දේශනා කළ ඔහුගේ වචන. ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මය පහත භෙළීමට සෙවූ මනුෂ්‍යයෙකුව ඔහු ව්‍යාකූල කරයි. නීෆායි ජනතාවගේ ඉතිහාසය පිළිබඳව වූ වචන ස්වල්පයකි.

1 වන පරිච්ඡේදය

ජේකබ් සහ ජෝසෆ් ක්‍රිස්තුස්වහන්සේ තුළ විශ්වාස කිරීමට සහ උන්වහන්සේගේ අණ පනත් පිළිපැදීමට මනුෂ්‍යයන්ව පෙළඹවීමට සොයති – නීෆායි මියයයි – නීෆායිවරුන් අතර දුෂ්ඨකම පැතිරෙයි. ක්‍රි.පූ. 544–421 පමණ.

1 මක්නිසාද බලන්න, එය මෙසේ සිදු විය, එනම් ලීහායි ජෙරුසලම වෙතින් පිටවී වසර පනස් පහක් ගතවී තිබුණේය; එබැවින්, මෙම දේවල් කොටා තිබූ, කුඩා තහඩු සම්බන්ධව වූ අණ පනතක්, ජේකබ් වන මට, නීෆායි විසින් දෙන ලද්දේය.

2 තවද ඔහු එනම්, මෙම තහඩු මත මා විසින් බොහෝ අගනා යයි සලකනු ලැබූ දේවල් ස්වල්පයක් වූ; එනම් මා අත නොතැබිය යුතු නමුත්, මෙම ජනතාවගේ ඉතිහාසය ගැන, එනම් මම ඉතා ලිහිල්ව ලිවිය යුතු ලෙස ජේකබ් වන මා හට, අණ පනතක් දුන්නේය.

3 මක්නිසාද ඔහුගේ ජනතාවගේ ඉතිහාසය ඔහුගේ අනෙක් තහඩුමත කොටනු ලැබිය යුතු බවත්, තවද මෙම තහඩු මා විසින් රැකගනු ලදුව, මාගේ වංශයේ පරම්පරාවෙන් පරම්පරාවට ඒවා පත්කළ යුතු බවත් ඔහු කීවේය.

4 තවද එහි ශුද්ධවූ දේශනාවන්, හෝ බලවත් වූ එළිදරව්, හෝ අනාවැකි කීම් ඇත්නම්, මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේ උදෙසාද, තවද අපගේ ජනතාව උදෙසාද, ඒවායේ මාතෘකාද, හැකි පමණ දේ ලුහුඬු කොටද එනම් මා මෙම තහඩු මත ඒවා ලිවිය යුතුය.

5 මක්නිසාද ඇදහිල්ල සහ බලවත් සාංකාව නිසාවෙන්, එය සත්‍ය වශයෙන්ම අපගේ ජනතාව පිලිබඳ, කුමන වූ දේවල් ඔවුන් හට සිදුවිය යුතුද යන්න අපට ප්‍රකාශ වී ඇත්තේය.

6 තවද එසේම අපට බොහෝ එළිදරව්වීම්ද, අනාවැකි ආත්මයේ බොහෝමයක්ද විය; එබැවින්, අප පැමිණිය යුතු වූ ක්‍රිස්තුස්වහන්සේ ද, උන්වහන්සේගේ රාජ්‍ය පිළිබදව ද දැන සිටියෙමු.

7 එබැවින් අප අපගේ ජනතාව අතර එනම් අප ඔවුන්ව ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණීමටද, දෙවියන්වහන්සේගේ යහපත්කම භුක්තිවිදීමටද, එනම් ඔවුන් උන්වහන්සේගේ විශ්‍රාමයට ඇතුළුවීමට පෙළඹවීමට අප උද්‍යෝගයෙන් වෙහෙසවීමු, ඊශ්‍රායෙල් දරුවන් වනාන්තරයේ සිටියදී පරික්ෂා කිරීමේ දවස්වල මෙන්, උන්වහන්සේ උදහස් උපදවමින් කිසි ආකාරයකින් තමන්වහන්සේගේ කෝපයෙන් ඔවුන් ඇතුල් නොවන ලෙස නොදිව්රන පිණිසය.

8 එබැවින්, එනම් අප සියලු මනුෂ්‍යයන් දෙවියන්වහන්සේට විරුද්ධව කැරලි නොගැසීමටද, උන්වහන්සේව කෝපයෙන් උදහස් නොකිරීමටද, එහෙත් සියලු මනුෂ්‍යයන් ක්‍රිස්තුස්වහන්සේව විශ්වාස කරමින්ද, උන්වහන්සේගේ මරණය දකිමින්ද, තවද උන්වහන්සේගේ කුරුසියේ පීඩා විඳිමින්, තවද ලෝකයේ ලැජ්ජාව ඉසිලීමට අපි දෙවියන්වහන්සේගෙන් ඉල්ලුවෙමු; එබැවින්, මම, ජේකබ්, මාගේ සහෝදරයා වන නීෆායිගේ ආඥාවන් සම්පූර්ණ කිරීමට එය මා වෙත භාර ගත්තෙමි.

9 දැන් නීෆායි මහලු වියට පත් වූ අතර, තවද එනම් ඔහු ඉක්මනින් මරණයට පත් වන බව ඔහු දුටුවේය; එබැවින්, රජවරුන්ගේ පාලන සමයට අනුකුලව, ඔහුගේ ජනතාව කෙරෙහි රජෙකු සහ පාලකයෙකු වීම සඳහා දැන් ඔහු මනුෂ්‍යයෙකු ආලේප කළේය.

10 ඔහු ඔවුන් සඳහා බලවත් ආරක්ෂකයෙකුව, ඔවුන්ගේ ආරක්ෂාව සඳහා ලේබන්ගේ කඩුව මෙහෙයවමින්, ඔවුන්ගේ සුභ සිද්ධිය සඳහා ඔහුගේ සියලු දවස්වලදි වෙහෙස වූ හෙයින්, ජනතාව නීෆායි හට අතිශයින් ප්‍රේම කළෝය –

11 එබැවින්, ජනතාව ඔහුගේ නාමය සිහියේ තබා ගැනීමට කැමති විය. තවද ඔහු වෙනුවෙන් රජ කිරීමට පත්වන්නාවු තැනැත්තා රජවරුන්ගේ පාලන සමයට අනුව දෙවන නීෆායි, තුන්වන නීෆායි සහ එසේ ඉදිරියට, යනුවෙන් ජනතාව විසින් හඳුන්වනු ලැබීය; තවද ඔවුන්ගේ නම් කුමක් වුවත්, ජනතාව විසින් ඔවුන්ව මේ ආකාරයෙන් හඳුන්වනු ලැබීය.

12 තවද එය මෙසේ සිදුවිය එනම් නීෆායි මරණයට පත්විය.

13 දැන් ලේමන්වරුන් නොවන ජනතාව නීෆායිවරුන් විය; එසේනමුත්, ඔවුන්ව නීෆායිවරුන්, ජේකබ්වරුන්, ජෝසෆ්වරුන්, සෝරම්වරුන්, ලේමන්වරුන්, ලෙමුවෙල්වරුන් සහ ඉෂ්මායෙල්වරුන් ලෙස හඳුන්වන ලදී.

14 එහෙත් මම, ජේකබ්, මින්පසුව මෙම නම්වලින් ඔවුන්ව වෙන්කර හඳුන්වන්නේ නැත, එහෙත් මම නීෆායි ජනතාව විනාශ කිරීමට සොයාන්නාවු ඔවුන්ව ලේමන්වරුන් ලෙස හඳුන්වන්නෙමි, තවද රජවරුන්ගේ පාලන සමයට අනුකුලව, නීෆායි හට හිතවත් අයට නීෆායිවරුන්, හෝ නීෆායිගේ ජනතාව ලෙස මම හඳුන්වන්නෙමි.

15 තවද එය මෙසේ සිදු විය, එනම් දෙවන රජුගේ රාජ්‍ය පාලන සමයේදී, නීෆායිගේ ජනතාව ඔවුන්ගේ හදවත් දැඩි කරගැනීමට පටන්ගත්තෝය, තවද ඔවුන් පුරාණයේ දාවිත් හා එසේම ඔහුගේ පුත් වූ සලමොන් මෙන්, බොහෝ භාර්යාවන් හා උපභාර්යාවන් කෙරෙහි ආශා වෙමින් ඒ ආකාරයෙන් සමාන වූ සමහර දුෂ්ඨ ක්‍රියාවන් වල නිරතවුහ.

16 එසේය, තවද එසේම ඔවුන් බොහෝ රත්රන් ද, රිදී ද, සෙවීමට පටන් ගත්තේය, තවද තරමක් උඩඟුකමින් උදම් වීමට පටන් ගත්තේය.

17 එබැවින් ජේකබ් වන, මම, පළමු කොට ස්වාමීන්වහන්සේ වෙතින් මාගේ යුතුකම් ලබාගෙන, දේවමාළිගාවේ මම ඔවුන්ට උගන්වමින් සිටියදී මෙම වචන ඔවුන්ට ලබා දුන්නෙමි.

18 මක්නිසාද ජේකබ් වන, මම, සහ මාගේ සහෝදර ජෝසෆ්, පූජකයන් සහ ගුරුවරුන් ලෙස, නීෆායිගේ අතින් මෙම ජනතාව වෙත කැප කරනු ලැබුවෙමු.

19 තවද අප අපගේ වගකීම ස්වාමීන්වහන්සේ කෙරෙහි සම්පුර්ණ කළෙමු, අප ඔවුන්ට දෙවියන්වහන්සේගේ වචනය සියලු උද්‍යෝගයෙන් ඉගැන්වූයේ නොමැති නම්, වගකීම අප වෙත ලබාගෙන, ජනතාවගේ පාපයන්ට පිළිතුරු අපගේම හිස්මත දෙන්නෙමු; එබැවින්, අපගේ ශක්තියෙන් වැඩ කිරීමෙන් ඔවුන්ගේ ලේ අපගේ වස්ත්‍ර මත නොපැමිණෙනු ඇත්තේය; එසේ නොමැති නම් ඔවුන්ගේ ලේ අපගේ වස්ත්‍ර මත පැමිණෙන අතර, තවද අවසාන දවසේදී අප නොකැළැල්ව සොයාගනු නොලබන්නේය.