ප්‍රධාන සම්මන්ත්‍රණය
උන්වහන්සේට මා සුව කළ හැකියි!
2023 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


උන්වහන්සේට මා සුව කළ හැකියි!

ගැලවුම්කරුවාණන්ගේ සුව කිරීමේ සහ මිදීමේ බලය, අහම්බෙන් සිදුවන වැරදි, දුර්වල තීරණ, අභියෝග සහ සෑම ආකාරයකම පරීක්ෂාවන්ට මෙන්ම අපගේ පාපවලටද අදාළ වනවා.

අපි මොර්මොන්ගේ පොත කියවා සදාකාලික පියාණන් වන දෙවියන්වහන්සේගෙන් අවංක හදවතකින්, සැබෑ චේතනාවෙන්, සහ ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් එය සත්‍ය දැ‍යි අසා සිටින්නේ නම්, දෙවියන්වහන්සේ එහි සත්‍යතාවය ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් ප්‍රකාශ කරන බව මොරෝනි පොරොන්දු වෙනවා.1 මිලියන සංඛ්‍යාත ජනයා මෙම පොරොන්දුව ක්‍රියාවට නංවා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ පූර්ණත්වය නැවත පිහිටුවීම පිළිබඳ සාක්ෂියක් සහතිකයක් ලෙස ලබා තිබෙනවා.

අපි මොර්මොන්ගේ පොත කියවන විට මොරෝනි අපට අනුශාසනා කරන්නේ, “මනුෂ්‍ය දරුවන්ට ආදම්ගේ මැවීමේ සිට [මේ] කාලය දක්වාම, ස්වාමින්වහන්සේ කෙතරම් දයාවන්ත වී ඇත්ද යන්න සිහිකර, … තවද එය [අපගේ] හදවත් තුළ මෙනෙහි කරන්නටයි.”2 මොර්මොන්ගේ පොතේ කථා සහ ඉගැන්වීම් අපට ගැලවුම්කරුවාණන්ගේ ආදරය, දයාව සහ කරුණාව පිළිබඳ මතක්කර දෙනවා මෙන්ම ඒ ගැන සාක්ෂි දරනවා.

මගේ පියා 2013 අප්‍රියෙල් මාසයේදී මිය ගියා. මම ඔහුගේ අවමංගල්‍ය උත්සවයේදී කතා කිරීමට සූදානම් වන විට, ඔහුගේ ප්‍රියතම ශුද්ධලියවිලි පද දැන ගැනීමට සහ ඒවාට ආදරය කිරීමට හැකි වීම නිසා මම කෙතරම් භාග්‍යවන්තද කියා මට වැටහුණා. ඔහු ඒවා පවුලේ රැස්වීම්වලදී බෙදාගත් අතර, මට උපදෙස්, මගපෙන්වීම හෝ මගේ ඇදහිල්ල ශක්තිමත් කරගැනීම අවශ්‍ය වූ විට ඔහු ඒවා මා සමඟ කියෙව්වා. ඔහු ඒවා සභාවේ කතාවලදී සහ පැවරුම් වලදී බෙදා ගන්නවා මට ඇසී තිබෙනවා. මම ඒවා දැන සිටියා පමණක් නොවේ, ඔහු ඒවා බෙදාගන්නා විට ඔහුගේ කටහඬේ ශබ්දය සහ මා තුළ ඇති වූ අධ්‍යාත්මික හැඟීම් මට තවමත් මතකයි. ශුද්ධලියවිලි පද සහ හැඟීම් බෙදාගැනීම තුළින්, ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලේ ස්ථිර පදනමක් ඇති කරගැනීමට මගේ පියා මට උපකාර කළා.

මගේ පියා විශේෂයෙන්ම නෙපිගේ ජනතාව වෙත ගැලවුම්කරුවාණන්ගේ පැමිණීම පිළිබඳ වාර්ථාවට ආදරය කළා.3 මෙම පූජනීය වාර්තාව මරණයෙන් නැවත නැගිටි සහ උත්කර්ෂවත් වූ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳවයි. උන්වහන්සේ තිත්ත කාඩිය බී සියලුම දුක් වින්ඳේ අපි පසුතැවිලි වුවහොත් දුක් නොවිඳින පිණිසයි.4 උන්වහන්සේ ආත්මික ලෝකයට ගොස් එහි ශුභාරංචිය දේශනා කිරීමට සංවිධානය කර තිබුණා.5 උන්වහන්සේ මරණයෙන් නැවත නැගිට්ටා, එමෙන්ම පියාණන් සමඟ සිට ශුද්ධලියවිලි නෙපිවරුන් සමඟ බෙදාගන්නා ලෙස උන්වහන්සේගෙන් ආඥා ලැබුවේ අනාගත පරම්පරාවට ආශිර්වාදයක් වීම පිණිසයි.6 උන්වහන්සේ උත්කර්ෂව සිටි අතර උන්වහන්සේගේ සදාකාලික බලය හා හැකියාව උන්වහන්සේ සතුව තිබුණා. උන්වහන්සේගේ ඉගැන්වීම්වල සෑම විස්තරයකින්ම අපට දේවල් ඉගෙනගන්න පුළුවන්.

අනාගතවක්තෘවරුන් විසින් ලෝකයට පැමිණෙන බවට සාක්ෂි දුන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තමන් බව නෙපිවරුන්ට ඉගැන්වීමට ගැලවුම්කරුවාණන් ස්වර්ගයෙන් බැස ගිය ආකාරය අපි 3 නෙපි 11 හි, කියවනවා. උන්වහන්සේ ලෝකයේ ආලෝකය බවත්, ලෝකයේ පාපයන් උන්වහන්සේ වෙත ගනිමින් පියාණන්වහන්සේව මහිමවත් කළ බවත් උන්වහන්සේ ප්‍රකාශ කළා. ඉදිරියට පැමිණ උන්වහන්සේගේ ඇළයට අත් තැබීමටත් උන්වහන්සේගේ අත්වල සහ කකුල්වල ඇණ සලකුණු බැලීමටත් උන්වහන්සේ මිනිසුන්ට ආරාධනා කළා. උන්වහන්සේට අවශ්‍ය වූයේ ලෝකයේ පාපයන් උදෙසා මරණු ලැබූ ඉශ්‍රායෙල් හි දෙවියන්වහන්සේ උන්වහන්සේ බව ඔවුන්ට දැනගැනීමට සලැස්වීමටයි. ඔවුන් එකිනෙකා බැගින් සියල්ලන්ම පෙරට ගොස් ඔවුන්ගේ ඇස් වලින් දකිමින් ඔවුන්ගේ දෑත් බහාලමින්, පැමිණෙන බවට අනාගත්වක්තෘන් විසින් ලියන ලද්දේ සත්‍යයෙන්ම උන්වහන්සේ ගැන බව එම ජනතාව ප්‍රීතියෙන් පිළිතුරු දුන්නා.7

පසුතැවිලි වීමේ වැදගත්කම ගැනත්, කුඩා දරුවෙකු ලෙස වීමේ වැදගත්කම ගැනත්, උන්වහන්සේගේ අධිකාරිය ඇති කෙනෙකු විසින් බව්තීස්ම වීම ගැනත් යේසුස්වහන්සේ නෙපිවරුන්ට ඉගැන්නුවා. අප මේ වසරේ අලුත් ගිවිසුමේ ඉගෙන ගන්නා බොහෝ දහම් කරුණු පසුව උන්වහන්සේ ඉගැන්නුවා.

3 නෙපි 17 හි, යේසුස්වහන්සේ පියාණන්වහන්සේ වෙතට යාමට කාලය පැමිණ ඇති බවත් ඉශ්‍රායෙල් හි නැති වූ ගෝත්‍රවලට තමන්ව පෙන්වීමට කාලය පැමිණ ඇති බවත් පැවසූ බව අපි කියවනවා.8 උන්වහන්සේ උන්වහන්සේගේ ඇස් ජනසමූහයා අවට හෙලූ විට, ඔවුන් කඳුළු හෙළනු දුටු සේක, ඔවුන් සමඟ උන්වහන්සේට තව ටික වෙලාවක් නැවතීමට ඇසීමට මෙන් ඔවුහු උන්වහන්සේ දෙස ස්ථීරව බලා සිටියහ.9

නෙපිවරුන්ට ගැලවුම්කරුවාණන්ගේ ප්‍රතිචාරය අනුකම්පාව දනවන සහ උපදේශනාත්මක එකක් වුණා. උන්වහන්සේ මෙසේ කීවා: “බලව මාගේ අභ්‍යන්තරය නුඹලා දෙසට අනුකම්පාවෙන් පිරී ඇත්තේය.” 10

උන්වහන්සේගේ අනුකම්පාව ජනතාවගේ කඳුළුවලට ප්‍රතිචාර දැක්වීමකට වඩා වැඩි බව මම විශ්වාස කරනවා. එය හරියට උන්වහන්සේගේ වන්දිගෙවීමේ පරිත්‍යාගයේ ඇස්වලින් උන්වහන්සේ ඔවුන්ව දකිනවා වගෙයි. ඔවුන්ගේ සෑම වේදනාවක්ම, පීඩාවක්ම සහ පරීක්ෂාවක්ම උන්වහන්සේ දුටුවා. උන්වහන්සේ ඔවුන්ගේ අසනීප දුටුවා. උන්වහන්සේ ඔවුන්ගේ දුබලතා දුටුවා, ගෙත්සෙමනිය සහ ගොල්ගොතා හි උන්වහන්සේගේ දුක් වේදනාවන් නිසා ඔවුන්ගේ දුබලතා අනුව ඔවුන්ට උපකාර කරන්නේ කෙසේදැයි උන්වහන්සේ දැන සිටියා.11

ඒ හා සමානව, අපගේ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අප දෙස බලන විට, උන්වහන්සේ අපගේ පව්වල වේදනාව සහ බර දැක තේරුම්ගන්නවා. උන්වහන්සේ අපේ ඇබ්බැහිවීම් සහ අභියෝග දකිනවා. උන්වහන්සේ අපගේ අරගලයන් සහ ඕනෑම ආකාරයක පීඩාවන් දකින අතර—උන්වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් පිරී යනවා.

නෙපිවරුන්ට උන්වහන්සේගේ කාරුණික ආරාධනය වූයේ මෙයයි: “නුඹලා අතර යම් රෝගීන් සිටිත්ද? ඔවුන්ව මෙහි ගෙනෙන්න. නුඹලා අතර යම් කොරුන් සිටිත්ද රෝගීන් සිටිත්ද හෝ අන්ධයන්, නොන්ඩිවූවන්, හෝ අබ්බගාතවූවන් හෝ ලාදුරු රෝගීන් හෝ එනම් වියලුනු අය, හෝ එනම් බිහිරන් හෝ එනම් කිසියම් ආකාරයකින් පීඩිතවූවන් සිටිත්ද? ඔවුන්ව මෙහි ගෙනෙන්න, තවද මම ඔවුන්ව සුවපත් කරන්නෙමි, මන්ද නුඹලා මත මට අනුකම්පාව ඇත්තේය; මගේ හද පත්ල දයාවෙන් පිරී ඇත්තේය.”12

සෙනඟ “ඔවුන් සියල්ලන්ම එනම් යම් ආකාරයකින් පීඩිතවූවන් සමඟ පෙරට ගියහ; තවද උන්වහන්සේ ඔවුන්ගේ සෑම අයෙකුවම උන්වහන්සේ පෙරට ඔවුන් ගෙන ආ ලෙසම ඔවුන්ව සුවපත් කළ සේක.”13

1990 දී අපි ජීවත් වුණේ ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ සේල් නම් කුඩා නගරයේ. අපි පවුලේ, සභාවේ සහ රැකියාවේ කැපවීම් සමඟ සතුටින් කාර්යබහුල වී සිටියා. නත්තලට පෙර සුන්දර ගිම්හාන සෙනසුරාදා දිනක, අපි උද්‍යාන කිහිපයක් සහ ප්‍රියතම වෙරළ නැරඹීමට තීරණය කළා. පවුලක් ලෙස ක්‍රීඩාවේ යෙදුනු අපූරු දිනයක් භුක්ති විඳීමෙන් පසු අපි සියලු දෙනාම මෝටර් රථයට නැගී නිවස බලා ගියා. රිය පදවන අතරතුර මට මොහොතකට නින්ද ගොස් තවත් රථයක් සමඟ මුහුණට මුහුණලා රිය අනතුරක් සිදුවුණා. සුවය ලැබීමෙන් සුළු මොහොතකට පසුව මම වාහනේ වටපිට බැලුවා. මගේ බිරිඳ මැක්සීන්ගේ කකුල හොඳටම කැඩිලා හුස්ම ගැනීමට අමාරුවෙන් සිටියා. ඇයගේ අස්ථි බිඳී තිබුණා. අපේ දියණියන් තිදෙනා කම්පනයට පත්ව සිටි නමුත් ස්තූතිවන්ත ලෙස යහපතින් සිටින බව පෙනුණා. මට සුළු තුවාල කිහිපයක් සිදුව තිබුණා. ඒත් අපේ මාස පහේ පුතා කිසිම ප්‍රතිචාරයක් දැක්වූවේ නැහැ.

එම අනතුර සිදුවීමේ ආතතිය සහ ව්‍යාකූලත්වය මධ්‍යයේ, අවුරුදු 11 වයසැති අපේ වැඩිමහල් දුව තදින්ම මෙසේ පැවසුවා, “තාත්තේ, ඔබ ජාරොම්ට ආශිර්වාදයක් දිය යුතුයි.” යම් අරගලයකින් පසු, මගේ දියණියන් සහ මම මෝටර් රථයෙන් බැස ගත්තා. මැක්සීන්ට සෙලවිය නොහැකි වුණා. පරිස්සමෙන් මම ජාරොම්ව ඔසවාගෙන; මම මගේ පිට මත බිම වැතිර සිටියදී, මම ඔහුව මෘදු ලෙස මගේ පපුව මත තබා පූජකවර ආශිර්වාදයක් ලබා දුන්නා. විනාඩි 40 කට පමණ පසු ගිලන් රථය පැමිණෙන විට ජාරොම්ට සිහිය ලැබී තිබුණා.

එදින රාත්‍රියේ මම පවුලේ සාමාජිකයන් තිදෙනෙකුව රෝහලේ තබා මගේ දියණියන්ගෙන් දෙදෙනෙකු සමඟ කුලී රථයකින් නිවසට පැමිණියා. එම දිගු රාත්‍රිය පුරාවටම, මම ස්වර්ගීය පියාණන්ට කන්නලව් කළේ පවුලේ අය සහ අනෙක් වාහනයේ තුවාල ලැබූවන් සුවපත් කරන ලෙසයි. දයානුකම්පිතව, මගේ යාච්ඤාවලට සහ තවත් බොහෝ අය උනන්දුවෙන් ඉදිරිපත් කළ යාච්ඤාවලට පිළිතුරු ලැබුණා. මහත් ආශිර්වාදයක් සහ මුදු මොළොක් දයාවක ප්‍රතිඵලයක් ලෙස කාලයාගේ ඇවෑමෙන් සියල්ලෝම සුවපත් වුණා.

එහෙත් එවැනි භයානක අනතුරක් සිදු කිරීම ගැන මට දිගටම වරදකාරි හැඟීමක් සහ පසුතැවිල්ලක් ඇති වුණා. මට රාත්‍රියේ අවදි වී සිදු වූ බිහිසුණු සිදුවීම නැවත සිහියට පැමිණෙනවා. මම මටම සමාව දීමට සහ සාමය සොයා ගැනීමට වසර ගණනාවක් වෙහෙස මහන්සි වුණා පසුව, පූජකවර නායකයෙකු වශයෙන්, පසුතැවිලි වීමට අන් අයට උපකාර කරන අතරම, ගැලවුම්කරුවාණන්ගේ දයානුකම්පාව, දයාව සහ ආදරය ඔවුන්ට දැනීමට උපකාර කරන අතරම, උන්වහන්සේට මා සුව කළ හැකි බව මට වැටහුණා.

ගැලවුම්කරුවාණන්ගේ සුව කිරීමේ සහ මිදීමේ බලය අහම්බෙන් සිදුවන වැරදි, දුර්වල තීරණ, අභියෝග සහ සෑම ආකාරයකම පරීක්ෂාවන්ට මෙන්ම අපගේ පාපවලටද අදාළ වනවා. මම උන්වහන්සේ වෙතට හැරෙද්දී, මගේ වරදකාරී හැඟීම සහ පසුතැවිල්ල ක්‍රමයෙන් සාමය සහ සැනසීම සමඟ ප්‍රතිස්ථාපනය වුණා.

සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ උගන්වනවා: “ගැලවුම්කරුවාණන් සියලු මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් වන්දිගෙවූ විට, උන්වහන්සේව අනුගමනය කරන අයට උන්වහන්සේගේ සුවය, ශක්තිමත් කිරීම, සහ මිදීමේ බලය වෙත ප්‍රවේශ විය හැකි මාර්ගයක් උන්වහන්සේ විවෘත කළා. මෙම අධ්‍යාත්මික වරප්‍රසාද උන්වහන්සේට ඇහුම්කන් දීමට සහ උන්වහන්සේව අනුගමනය කිරීමට උත්සාහ කරන සියල්ලන්ට ලබාගන්න පුළුවන්.”14

සහෝදර සහෝදරියනි, ඔබ නොවිසඳුණු පාපයක බර උසුලමින් සිටියත්, බොහෝ කලකට පෙර ඔබ කළ වරදක් නිසා දුක් විඳිමින් සිටියත්, හෝ අහම්බෙන් සිදුවූ වරදකට සමාව දීමට අරගල කරමින් සිටියත්, ඔබට ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සුව කිරීමේ සහ මිදීමේ බලයට ප්‍රවේශය තිබෙනවා.

උන්වහන්සේ ජීවමාන බව මම සාක්ශි දරනවා. උන්වහන්සේ අපගේ ගැලවුම්කරුවාණන් සහ මිදුම්කරුවාණන්. උන්වහන්සේ අපට ප්‍රේම කරනවා. උන්වහන්සේ අප කෙරෙහි අනුකම්පාව දක්වන අතර, උන්වහන්සේ දයාවෙන් පිරී සිටිනවා ඒවගේම උන්වහන්සේට ඔබව සුව කරන්න පුළුවන්. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.