9 වන පරිච්ඡේදය
යුදෙව්වරු ඔවුන්ගේ සියලුම පොරොන්දු දේශයන්හි එක් රැස් කරනු බව ජේකබ් පැහැදිලි කරයි – වන්දිගෙවීම මනුෂ්‍යයාව වැටීමෙන් මුදවා ගනු ලබයි – මළවුන්ගේ ශරීර සොහොනෙන් එළියට පැමිණෙනු ඇත්තේය, තවද ඔවුන්ගේ ආත්මයන් නිරයෙන් හා පාරාදීසයෙන් එළියට එනු ඇත්තේය – ඔවුහු විනිශ්චය කරනු ලබයි – වන්දිගෙවීම මරණයෙන්, නිරයෙන්, යක්ෂයාගෙන් සහ අනන්ත වදවේදනාවෙන් ගළවාගනු ලබයි – ධර්මිෂ්ඨයන් දෙවියන්වහන්සේගේ රාජ්‍යයෙහි ගළවාගනු ලබන්නෝය – පාපයන් වෙනුවෙන් වූ දඬුවම් ගෙන හැර දක්වයි – දොරටුවේ පාලකයා ඊශ්‍රායෙල්හි ශුද්ධ වූ තැනැන්වහන්සේය. ක්‍රි.පූ. 559–545 පමණ.
1 තවද දැන් මාගේ ප්‍රියාදර සහෝදරයෙනි, ඊශ්‍රයෙල් වංශයේ සියල්ලන් සමග ස්වාමීන්වහන්සේ ගිවිසගෙන ඇති උන්වහන්සේගේ ගිවිසුම් පිළිබඳව නුඹලා දැනගැනීම පිණිස මා මෙම දේවල් කියවා ඇත්තේය –
2 එනම් උන්වහන්සේගේ ශුද්ධ වූ අනාගතවක්තෘවරුන්ගේ මුඛයෙන්, පටන්ගැන්මේ සිට පවා, පරම්පරාවෙන් පරම්පරාවට, ඔවුන් දෙවියන්වහන්සේගේ සැබෑ සභාවට සහ රැළට නැවත පිහිටුවනු ලැබීමේ කාලය පැමිණෙන තෙක්, උන්වහන්සේ යුදෙව්වන්ට කථාකර ඇත්තේය; ඔවුන්ගේ උරුමයේ දේශයන්ගේ නිවෙස්වලට ඔවුන්ව එක් රැස් කරනු ලබන විට, තවද ඔවුන්ගේ පොරොන්දුවේ සියලුම දේශයන්හි පිහිටුවනු ලබන්නේය.
3 බලව, මාගේ ප්‍රියාදර සහෝදරයෙනි, මා මෙම දේවල් නුඹලා හට කථා කරන්නේ නුඹලා ප්‍රීතිවනු පිණිසත්, නුඹලාගේ හිස් සදහටම ඔසවනු පිණිසත්ය, මක්නිසාද නුඹලාගේ දරුවන් මත ස්වාමීන් වූ දෙවියන්වහන්සේ දානය කරන්නා වූ ආශ්‍රීර්වාදයන් නිසාය.
4 මක්නිසාදයත් නුඹලාගෙන් බොහෝමයක්, එනම් නුඹලා පැමිණෙන්නට යන දේවල් පිළිබඳ දැනගැනීමට සොයා ඇති බව මා දන්නෙමි; එබැවින් අපගේ මාංශය ක්ෂය වී, මිය යා යුතු බව නුඹලා දන්නා බව මා දනිමි; එසේනමුත් අපගේ ශරීරාකාරයෙන් අපි දෙවියන්වහන්සේව දකින්නෙමු.
5 එසේය, අප පැමිණියා වූ, ජෙරුසලමේ වූවන්ට උන්වහන්සේ තමන්වහන්සේව ශරීරාකාරයෙන් පෙන්වනු ලබන බව නුඹලා දන්නා බව මා දනිමි; මක්නිසාදයත් එය ඔවුන් අතර වීම යෝග්‍යය; මක්නිසාදයත් මාංශයෙන් මනුෂ්‍යයන්ට යටත්වීමට හා සියලුම මනුෂ්‍යයන් උදෙසා මරණයට පත් වීමට, ශ්‍රේෂ්ඨ මැවුම්කරුවාණන්වහන්සේ තමන්වහන්සේව ඉඩහැරීමට අවශ්‍යය වන්නේය, එනම් සියලුම මනුෂ්‍යයන් උන්වහන්සේ හට යටත් වීමටය.
6 මක්නිසාදයත් ශ්‍රේෂ්ඨ මැවුම්කරුවාණන්ගේ කරුණාවන්ත සැලැස්ම සම්පූර්ණ කිරීමට, සියලුම මනුෂ්‍යයන් මත මරණය පැමිණ ඇතිවාක්මෙන්, නැවත නැගිටීමේ බලයත් තිබිය යුතු වන්නේය, තවද නැවත නැගිටීම වැටීම කරණකොටගෙන මනුෂ්‍යයා හට පැමිණිය යුතුය; තවද වැටීම පාපය කරණකොටගෙන පැමිණියේය; තවද මනුෂ්‍යයා වැටුණු හෙයින් ඔවුහු ස්වාමීන්වහන්සේගේ අභිමුඛයෙන් කපා හරිනු ලැබුවෝය.
7 එබැවින්, එය අපරිමිත වන්දිගෙවීමක් විය යුතුය – එය අපරිමිත වන්දිගෙවීමක් නොවුනේනම් මෙම දූෂණය අදූෂිතය වෙත පළඳවා ගැනීමට නොහැකි වන්නේය. එබැවින් මනුෂ්‍යයා මත පැමිණි පළමුවෙනි විනිශ්චය අනන්ත කාල පරිච්ඡේදයකට පැවතී තිබිය යුතුය. තවද එය එසේ නම් මෙම මාංශය තවත් නොනැගීමට, එහි භූමි මාතාව මත පහතට වැතිරවනු ලැබ කුණුවීමටත් දිරාපත් වීමටත් භාජනය විය යුතුය.
8 අහෝ දෙවියන්වහන්සේගේ ප්‍රඥාව, උන්වහන්සේගේ දයාව හා කරුණාව! මක්නිසාදයත් බලන්න, මාංශය තවත් නැගිටින්නේ නැත්නම් අපගේ ආත්මයන් සදාකාලික දෙවියන්වහන්සේගේ අභිමුඛයෙහි වැටී, තවත් නැගිටීමට නොහැකි බවට පත්වී, යක්ෂයා බවට පත් වූ, එම දේවදූතයාට යටත් වන්නේය.
9 තවද අපගේ දෙවියන්වහන්සේගේ අභිමුඛයෙන් පිටතට දමනු පිණිස සහ බොරුවේ පියා සමග ඔහුට සමානව කාලකණ්නිකමෙහි රැදීමට, අපගේ ආත්මයන් ඔහුට සමාන වී සිටිය යුතුය, තවද අප යක්ෂයන් බවට පත් වී, යක්ෂයෙකුට දූතයන් විය යුත්තෙමු; එසේය, අපගේ පළමු දෙමාපියන්ව රැවටූ, තවද තමාව ආලෝකයේ දූතයකු හට සමානාකාරව වෙනස් කරන, තවද මනුෂ්‍ය දරුවන්ව මරණයේ සහ අන්ධකාරයේ සියලුම ආකාරයේ රහස් වැඩවල රහස්‍ය කල්ලි කෙරෙහි උසිගන්වන ඒ සත්වයාට දූතයන් විය යුත්තෙමු.
10 අහෝ මෙම භයානක රකුසාගේ ග්‍රහනයෙන් අපගේ පලායාම උදෙසා මාර්ගයක් සූදානම් කරන්නාවූ, අපගේ දෙවියන්වහන්සේගේ යහපත්කම කෙතරම් බලවත් ද; එසේය, එම රකුසා මරණයේ සහ නිරයේද, ශරීරයේ මරණය සහ එසේම ආත්මයේ ද මරණය කියාද මා හදුන්වන්නෙමි.
11 තවද ඊශ්‍රායෙල්හි ශුද්ධ වූ තැනැන්වහන්සේ වන අපගේ දෙවියන්වහන්සේගේ ගැළවීමේ මාර්ගය නිසාවෙන්, මා කථාකර ඇති, තාවකාලික වූ, මෙම මරණය; මරණය නම් වූ සොහොන, එහි මළවුන් බාරදෙනු ඇත්තේය.
12 තවද මා කථාකර ඇති මෙම ආත්මික මරණය වන මරණය, එහි මළවුන් භාර දෙනු ඇත්තේය; එම ආත්මික මරණය නිරයයි; එබැවින්, මරණය හා නිරය ඔවුන්ගේ මළ අයව භාර දිය යුතුය, තවද නිරය එහි සිරගත වූ ආත්මයන්ව භාර දිය යුතුය, තවද සොහොන එහි සිරගත ශරීර භාරදිය යුතුය, තවද එය ඊශ්‍රායෙල්හි ශුද්ධ වූ තැනැන්වහන්සේගේ නැවත නැගිටීමේ බලයෙන්, මනුෂ්‍යයාගේ ශරීරයන් සහ ආත්මයන් එකක් අනිකට නැවත පිහිටුවනු ලබන්නේය.
13 අහෝ අපගේ දෙවියන්වහන්සේගේ සැලැස්ම කෙතරම් බලවත්ද! මක්නිසාදයත් අනෙක් අතට දෙවියන්වහන්සේගේ පාරාදීසය ධර්මිෂ්ඨ අයගේ ආත්මයන් භාරදිය යුතුය, තවද සොහොන ධර්මිෂ්ඨ අයගේ ශරීරය භාරදිය යුතුය; තවද ආත්මය සහ ශරීරය එයට නැවත පිහිටුවනු ලැබේ, තවද සියලු මනුෂ්‍යයන් අදූෂිත බවට සහ අමරණීයත්වයට පත් වන්නේය, තවද ඔවුන් ජීවමාන ප්‍රාණයන්ව, පරිපූර්ණ වූ දැනුමක් ඇතිව, මාංශයෙන් අප හට සමාන වන්නෝය, එනම් අපගේ දැනුම පරිපූර්ණ වන පිණිසය.
14 එබැවින්, අපගේ සියලුම කිලුටු බවද, අපගේ වරද සහ නග්නභාවය ගැන ද අපට පරිපූර්ණ දැනුමක් තිබෙනු ඇත්තේය; ධර්මිෂ්ඨයන් ඔවුන්ගේ ප්‍රමෝදය ගැනද, තවද ඔවුන්ගේ ධර්මිෂ්ඨකම ගැනද පරිපූර්ණ දැනුමක් ඇතිව, පවිත්‍රකමේ වස්ත්‍රයෙන් සහ, එසේය, ධර්මිෂ්ඨකමේ සළුවෙන් සැරිසී සිටින්නෝය.
15 තවද එය මෙසේ සිදු වන්නේය, එනම් සියලු මනුෂ්‍යයන් මෙම පළමුවෙනි මරණය පසුකර ජීවිතයට පැමිණ, ඔවුන් අමරණීයත්වයට පත්වූ පසුව, ඔවුන් ඊශ්‍රායෙල්හි ශුද්ධ වූ තැනැන්වහන්සේගේ විනිශ්චය ආසනය ඉදිරියෙහි පෙනී සිටිය යුතු වන්නේය; තවද එවිට විනිශ්චය පැමිණෙන්නේය, තවද එවිට ඔවුහූ දෙවියන්වහන්සේගේ ශුද්ධ වූ විනිශ්චය අනුව විනිශ්චය කරනු ලැබිය යුත්තෝය.
16 තවද සහතිකවම, ස්වාමීන්වහන්සේ ජීවත්වන්නාක් මෙන්ම, මක්නිසාදයත් ස්වාමීන් වූ දෙවියන්වහන්සේ එය පවසා ඇත්තේය, තවද එය පහව නොයන්නා වූ, උන්වහන්සේගේ සදාකාලික වචනය වන්නේය, එනම් ධර්මිෂ්ඨයන් වූ ඔවුන් තවමත් ධර්මිෂ්ඨයන්ව සිටිනු ඇත්තේය, තවද අපවිත්‍රයන් වූ ඔවුන් තවමත් අපවිත්‍රයන්ව සිටිනු ඇත්තේය; එබැවින්, අපවිත්‍රවූ ඔවුන් යක්ෂයා සහ ඔහුගේ දේවදූතයන් වන්නේය; තවද ඔවුන් වෙනුවෙන් සූදානම් කර ඇති, සදාකාලික ගින්න තුළට ඔවුන් ඉවතට යනු ලබන්නේය; තවද ඔවුන්ගේ වධ වේදනාව සදාකලයෙන් සදාකාලයට අවසානයක් නොමැතිව, ගිනි ඉහලට නගින්නා වූ, ගිනි සහ ගෙන්දගම් විලක් මෙන් වන්නේය.
17 අහෝ අපගේ දෙවියන්වහන්සේගේ උදාරත්වය සහ සාධාරණත්වය! මක්නිසාදයත් උන්වහන්සේ තමන්වහන්සේගේ වචන සියල්ලක්ම ඉෂ්ඨ කරන්නේය, තවද ඒවා උන්වහන්සේගේ මුඛයෙන් නික්මවී ඇත්තේය, තවද උන්වහන්සේගේ නීතිය සම්පූර්ණ විය යුතුය.
18 නමුත්, බලන්න, ධර්මිෂ්ඨයන් වූ, ඊශ්‍රායෙල්හි ශුද්ධ වූ තැනැන්වහන්සේගේ ශුද්ධවන්තයන් වූ, ඊශ්‍රායෙල්හි ශුද්ධ වූ තැනැන්වහන්සේ කෙරෙහි විශ්වාස කළා වූ ඔවුන්, ලෝකයේ කුරුසියන් විඳිදරා ගෙන තවද එහි නින්දාව ගණන් නොගත්තා වූ ඔවුන්, ඔවුන් වෙනුවෙන් ලෝකයේ ආරම්භයේ පටන් සූදානම් කර තිබුනාවූ දෙවියන්වහන්සේගේ රාජ්‍යය ඔවුන් උරුම කර ගන්නෝය, තවද ඔවුන්ගේ ප්‍රීතිය සදාකාලයටම පිරී තිබෙන්නේය.
19 අහෝ අපගේ දෙවියන්වහන්සේ වූ, ඊශ්‍රායෙල්හි ශුද්ධ වූ තැනැන්වහන්සේගේ කරුණාවේ බලවත්කම! මක්නිසාදයත් උන්වහන්සේ, උන්වහන්සේගේ ශුද්ධවන්තයන්, එනම් යක්ෂයා වූ බියකරු රකුසාගෙන්ද, මරණයෙන්ද, නිරයෙන්ද, තවද එනම් අනන්ත වූ වධ වේදනාවන් වූ, එනම් ගින්දර සහ ගෙන්දගම් විලෙන්ද මුදවන්නේය.
20 අහෝ අපගේ දෙවියන්වහන්සේගේ ශුද්ධවන්තකම කොපමණ විශිෂ්ඨද! මක්නිසාද උන්වහන්සේ සියලු දේ දැන සිටින්නේය, තවද උන්වහන්සේ නොදන්නා කිසිවක් නොමැත්තේය.
21 තවද උන්වහන්සේ ලෝකයට පැමිණෙන්නේය, එනම් ඔවුන් උන්වහන්සේගේ හඬට ඇහුම්කම් දෙන්නේ නම්, උන්වහන්සේ සියලු මනුෂ්‍යයන් ගළවනු ලබන්නේය; මක්නිසාද බලව, උන්වහන්සේ සියලු මනුෂ්‍යයන්ගේ වේදනා, එසේම, ආදම්ගේ පවුලට අයිති සියලුම ජීවමාන සත්වයන්ගේ, පුරුෂයන්, සහ ස්ත්‍රීන් යන දෙගොල්ලන්ගේම සහ දරුවන්ගේ වේදනා විදිනු ඇත්තේය.
22 තවද උන්වහන්සේ මෙම වේදනා විඳ ඇත්තේ සියලු මනුෂ්‍යයන් මත නැවත නැගිටීම පැමිණෙන පිණිසය, එනම් එම බලවත් විනිශ්චය දවසේදී උන්වහන්සේ අභිමුඛයෙහි සියල්ලන්ම සිටගත යුතු පිණිසය.
23 තවද ඔවුහූ පසුතැවිලි, ඊශ්‍රායෙල්හි ශුද්ධ වූ තැනැන්වහන්සේ කෙරෙහි පරිපූර්ණ ඇදහිල්ල ඇතුව, උන්වහන්සේගේ නාමයෙන් බෞතීස්මය ලැබිය යුතු බව උන්වහන්සේ සියලු මනුෂ්‍යයන්ට අණ කරන සේක, නැතහොත් දෙවියන්වහන්සේගේ රාජ්‍යයේදී ඔවුන්ව ගළවා ගැනීමට නොහැකිවන්නේය.
24 තවද ඔවුන් පසුතැවිලිවී, තවද උන්වහන්සේගේ නාමය කෙරෙහි විශ්වාස කරමින් උන්වහන්සේගේ නාමයෙන් බෞතීස්මය ලැබ, එමෙන්ම අවසානය දක්වා විඳදරා නොගන්නේනම්, ඔවුහූ විනාශයට පත්විය යුත්තෝය; මක්නිසාදයත් ස්වාමීන් වූ දෙවියන්වහන්සේ වූද, ඊශ්‍රායෙල්හි ශුද්ධ වූ තැනැන්වහන්සේ, එය පවසා ඇත්තේය.
25 එබැවින්, උන්වහන්සේ නීතියක් ලබාදී ඇත්තේය; තවද එහි නීතියක් ලබා නොදී තිබෙන්නේනම්, එහි දඩුවමක් නොමැත්තේය; තවද එහි දඩුවමක් නොමැත්තේනම් වරදට පත් කිරීමක් නොමැතිවන්නේය; තවද එහි වරදට පත් කිරීමක් නොමැත්තේනම් වන්දිගෙවීම කරණකොටගෙන ඊශ්‍රායෙල්හි ශුද්ධ වූ තැනැන්වහන්සේගේ කරුණාව ඔවුන් කෙරෙහි අයිතිවාසිකම් පවත්වන්නේය; මක්නිසාදයත් උන්වහන්සේගේ බලයෙන් ඔවුන්ව ගළවාගෙන ඇත්තේය.
26 මක්නිසාද වන්දිගෙවීම නීතිය නොලත් අයවළුන් සියලුදෙනා කෙරෙහි උන්වහන්සේගේ සාධාරණත්වයේ ඉල්ලීම තෘප්තිමත් කරන්නේය, එනම් ඔවුන් එම බියකරු රාක්ෂයා වූ, මරණයෙන් හා නිරයෙන්ද, තවද යක්ෂයාගෙන්ද, නිමක් නැති වද වේදනා දෙන ගින්නෙන් හා ගෙන්දගමින් යුත් විලෙන් ද ගලවාගනු පිණිස ය; තවද ඔවුන්ට හුස්ම දෙනු ලැබුවා වූ, එනම් ඊශ්‍රායෙල්හි ශුද්ධ වූ තැනැන්වහන්සේ වෙතට, ඔවුන්ව නැවත පිහිටුවනු ලබන්නෝය.
27 එහෙත් නීතිය දෙනු ලැබූ තැනැත්තාට දුක් වේ, එසේය, එනම් දෙවියන්වහන්සේගේ සියලුම අණපනත් අපට මෙන් ඇත්තාවූද, තවද ඒවා කඩකරන්නාවූද, එනම් ඔහුගේ පරිවාස දවස් නාස්ති කරන්නාවූ ද, මක්නිසාද ඔහුගේ තත්වය බියකරු වන්නේය.
28 අහෝ දුෂ්ඨ තැනැත්තාගේ එම කපටි සැලැස්ම! අහෝ තවද මනුෂ්‍යයන්ගේ අහංකාරකම් සහ දුර්වලකම්ද, අනුවනකම්ද! ඔවුන් උගත් විට ඔවුන් ප්‍රඥාවන්ත යැයි සිතන්නෙහුය, තවද ඔවුන් දෙවියන්වහන්සේගේ උපදේශ වලට ඇහුම්කම් නොදෙති, මක්නිසාද ඔවුන් තමන් ගැනම දන්නා බව සිතමින් ඔවුන් එවා පසෙකට දමයි, එබැවින්, ඔවුන්ගේ ප්‍රඥාව අණුවනකම වන අතර එය ඔවුන්ට ප්‍රයෝජනයක් නොවන්නේය. තවද ඔවුන් විනාශ වන්නේය.
29 එහෙත් දෙවියන්වහන්සේගේ උපදේශ වලට ඔවුන් ඇහුම්කම් දෙන්නේ නම් උගත්කම යහපත් වන්නේය.
30 එහෙත් ලෝකයේ දේවල් සම්බන්ධයෙන් පොහොසත්වු, පොහොසතුන් හට දුක් වේ. මක්නිසාද ඔවුන් පොහොසත්වු බැවින් දුප්පතුන් හට අවමන් කරති, තවද නිහතමානීවූ අයට ඔවුන් අවමන් කරති, තවද ඔවුන්ගේ හදවත් ඔවුන්ගේ වස්තුව මතය; එබැවින්, ඔවුන්ගේ වස්තුව ඔවුන්ගේ දෙවියන්ය. තවද බලව, ඔවුන්ගේ වස්තුවද ඔවුන් සමඟ විනාශ වන්නේය.
31 තවද නොඇසෙන්නාවු බිහිරන් හට දුක් වේ; මක්නිසාද ඔවුන් විනාශ වන්නෝය.
32 නොපෙනෙන්නාවු අන්ධයන් හට දුක් වේ; මක්නිසාද ඔවුන් ද එසේම විනාශ වනු ඇත්තේය.
33 හදවත් චර්මච්ජේදනය නොකළාවු අයට දුක් වේ, මක්නිසාද ඔවුන්ගේ අයුතුකම් පිළිබඳ දැනුම අවසාන දවසේදී ඔවුනට පහර දෙනු ලබන්නේය.
34 බොරුකාරයා හට දුක් වේ, මක්නිසාද ඔහුව නිරයේ පහතට හෙලනු ලබන්නෝය.
35 ඕනෑකමින් මරණ්නාවු මිනිමරුවාට දුක් වේ, මක්නිසාද ඔහු මරණයට පත්වන්නේය.
36 වේශ්‍යාකම් කරන්නන් හට දුක් වේ, මක්නිසාද ඔවුන් නිරයේ පහතට හෙලනු ලබන්නෝය.
37 එසේය, දේව රූප වලට නමස්කාර කරන්නන් හට දුක් වේ, මක්නිසාද සියලු යක්ෂයන්ගේ යක්ෂයා ඔවුන් කෙරෙහි ප්‍රිය වන්නේය.
38 තවද, කෙටියෙන් කිවහොත්, ඔවුන්ගේ පාපයෙහිම මිය යන සියලු දෙනාටම දුක් වේ; මක්නිසාද ඔවුන් දෙවියන්වහන්සේ වෙත හැරි එන්නෝය, තවද උන්වහන්සේගේ මුහුණ දකින්නෝය, තවද ඔවුන්ගේ පාපයෙහිම රැඳි සිටින්නෝය.
39 අහෝ, මගේ ප්‍රියාදර සහෝදරයෙනි, එම ශුද්ධ වූ දෙවියන්වහන්සේට විරුද්ධව වරද කිරීමේ භයාංකාරකමද, තවද එසේම කපටි තැනැත්තාගේ ආකර්ශනීයත්වයට යටත් වීමේ භයාංකාරකමද සිහියේ තබා ගන්න. මාංශික – මනසකින් යුක්ත වීම මරණය බවත්, අධ්‍යාත්මික – මනසකින් යුක්ත වීම සදාකාලික ජීවිතය බවත්, සිහියේ තබා ගන්න.
40 අහෝ, මගේ ප්‍රියාදර සහෝදරයෙනි, මාගේ වචනවලට සවන් දෙන්න. ඊශ්‍රායෙල්හි ශුද්ධ වූ තැනැන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය සිහියේ තබාගන්න. මම නුඹලාට විරුද්ධව අසිරු දෙවල් කීවේයැයි නොපවසන්න; මක්නිසාද නුඹලා එසේ කරන්නෙහි නම්, නුඹලා සත්‍යයට විරුද්ධව අපහාස කරන්නෙහුය; මක්නිසාද මම නුඹලාගේ මැවුම්කරුවාණන්ගේ වචන කීවෙමි. එනම් සියලු අපවිත්‍රතාවයන්ට විරුද්ධව සත්‍යතාවයේ වචන අසිරු බව මම දනිමි; එහෙත් ධර්මිෂ්ඨයන් ඒවාට බිය නොවන්නෝය, මක්නිසාද ඔවුහු සත්‍යයට ප්‍රේම කරන අතර තවද නොසැලී සිටින්නෝය.
41 අහෝ එවිට, මගේ ප්‍රියාදර සහෝදරයෙනි, ශුද්ධ වූ තැනැන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ වෙතට එන්න. උන්වහන්සේගේ මාර්ග ධර්මිෂ්ඨ බව සිහියේ තබාගන්න. බලන්න, මනුෂ්‍යයාගේ මාර්ගය පටුය, එහෙත් එය ඔහු ඉදිරියෙහි ඍජු මාර්ගයක පිහිටා ඇත්තේය, තවද එහි දොරටු පාලකයා වන්නේ ඊශ්‍රායෙල්හි ශුද්ධ වූ තැනැන්වහන්සේය; තවද උන්වහන්සේ එහි මෙහෙකරුවකු යොදවන්නේ නැත; තවද එම ගේට්ටුව හැරුනුවිට වෙනත් මාර්ගයක් නොමැත්තේය; මක්නිසාද උන්වහන්සේව රැවටිමට නොහැකිය, මක්නිසාද උන්වහන්සේගේ නාමය ස්වාමීවූ දෙවියන්වහන්සේය.
42 තවද කවරෙකු වුවද තට්ටු කරන්නේද, උන්වහන්සේ ඔහුට විවෘත කරන්නේය; තවද ප්‍රඥාවන්තයන්ද, උගතුන්ද, එනම් පොහොසත්වු ඔවුන්ද, ඔවුන්ගේ උගත්කමද, ඔවුන්ගේ ප්‍රඥාවද, තවද ඔවුන්ගේ පොහොසත්කම නිසාවෙන් උඬගුවුවන්ය – එසේය, එවැන්නන්වු ඔවුන්ව උන්වහන්සේ එපා කරනු ලබන්නෝය; තවද ඔවුන් මේ දේවල් ඉවත දමා, දෙවියන්වහන්සේ අභිමුඛයෙහි ඔවුන් අනුවණයන් යැයි සලකමින්, තවද නිහතමානීත්වයේ ගැඹුරටම පහත්ව නොපැමිණිය හොත් මිස, උන්වහන්සේ ඔවුන් හට විවෘත නොකරන්නේය.
43 එහෙත් ප්‍රඥාවන්තයන්ගේ සහ ඥානවන්තයන්ගේ දේවල් ඔවුන්ගෙන් සදාකාලයටම සඟවනු ලබන්නේය – එසේය, එම ප්‍රීතිය ශුද්ධවන්තයින් සඳහා සූදානම් කර ඇත්තේය.
44 අහෝ, මගේ ප්‍රියාදර සහෝදරයෙනි, මාගේ වචන සිහියේ තබාගන්න. බලන්න, මම මාගේ වස්ත්‍ර ගළවා, තවද නුඹලා ඉදිරියෙහි මම ඒවා ගසා දමන්නෙමි; මම මාගේ ගැළවීමේ දෙවියන්වහන්සේ හට උන්වහන්සේගේ සියලු දේ සොයාන්නාවු නෙතින් මා දෙස බලන මෙන් යාච්ඤා කරන්නෙමි; එබැවින්, අන්තිම දවසේදි, සියලු මනුෂ්‍යයන් ඔවුන්ගේ ක්‍රියාවන් අනුව විනිශ්චය කරනු ලබන බව නුඹලා දැනගන්නාහුය, එනම් මම නුඹලාගේ අයුතුකම් මාගේ ප්‍රාණයෙන් සොලවා දැමු බවත්, තවද එනම් මම උන්වහන්සේගේ අභිමුඛයෙහි දීප්තිමත්ව සිටින බවත්, තවද නුඹලාගේ ලෙයින් මා නිදහස් වූ බවත් ඊශ්‍රායෙල්හි දෙවියන්වහන්සේ සාක්ෂියක් වන්නේය.
45 අහෝ, මගේ ප්‍රියාදර සහෝදරයෙනි, නුඹලාගේ පාපයෙන් ඉවතට හැරෙන්න; නුඹව තදින් බැඳ තිබෙන්නාවු ඔහුගේ දම්වැල් ගසා දමන්න; නුඹලාගේ ගැළවීමේ පර්වතය වන එම දෙවියන්වහන්සේ වෙතට පැමිණෙන්න.
46 ධර්මිෂ්ඨයන්ට යුක්තිය ඉෂ්ඨ කරනු ලබන එම මහිමාන්විත දවසේදි එනම් විනිශ්චය දවසේදි පවා, නුඹලා භයංකාර භිතීයකින් නොසැලී සිටීමට, නුඹලාගේ ප්‍රාණයන් සූදානම් කරගන්න; එනම් නුඹලාගේ භයංකාරවු වරදකාරිත්වය නුඹලා පරිපූර්ණ ලෙස සිහිකරමින් ප්‍රකාශ කිරීමට නුඹලා බලපැම් ලබනු පිණිසය: අහෝ සර්වබලධාරී දෙවියන් වූ ස්වාමීන්වහන්ස, ඔබවහන්සේගේ විනිශ්චයන් ශුද්ධය, ශුද්ධය – එහෙත් මම මාගේ වරද දනිමි; මම ඔබවහන්සේගේ ව්‍යවස්ථාව කඩකළෙමි, තවද මාගේ පාපය මාගේම ය; තවද යක්ෂයා මා අයත්කරගෙන ඇත්තේය, එනම් මා ඔහුගේ භයංකාර කාලකණ්ණිකමට ගොදුරුක්ව ඇත්තේය.
47 එහෙත් බලව, මාගේ සාහෝදරයෙනි, මෙම දේවල් වල භයංකාර සත්‍යය වෙතට මා නුඹලාව අවදි කිරීම අවශ්‍යවන්නෙහිද? නුඹලාගේ සිත් පිරිසිදු නම් මම නුඹලාගේ ප්‍රාණයන් අතිශයින් රිදවන්නෙහුද? නුඹලා පාපයෙන් මිදුනහොත් සත්‍යතාවයේ සරලභාවය අනුව මා නුඹට සරල විය යුතුද?
48 බලව, නුඹලා ශුද්ධවන්තහු නම්, මම නුඹලාට ශුද්ධවන්තකම පිළිබඳ කතා කරන්නෙමි; නමුත් නුඹලා ශුද්ධවන්ත නොවන නිසාද, තවද නුඹලා මා දෙස ගුරුවරයෙකු ලෙස බැලූ නිසාද, එම පාපයේ ප්‍රතිවිපාක මා නුඹට ඉගැන්වීම යෝග්‍ය විය යුතුය.
49 බලව, මාගේ ප්‍රාණය පාපය පිළිකුල් කරන්නේය, තවද මාගේ සිත ධර්මිෂ්ඨකම තුළ ප්‍රිය වන්නේය; තවද මම මාගේ දෙවියන්වහන්සේගේ ශුද්ධ වූ නාමයට ප්‍රශංසා කරන්නෙමි.
50 එන්න, මාගේ සහෝදරයෙනි, පිපාසය ඇත්තාවු සියල්ලෙනි, නුඹලා ජලය වෙතට පැමිණෙන්න; තවද මුදල් නොමැත්තෙනි, පැමිණ මිලදී ගෙන කන්න; එසේය, මුදල් නොමැතිව සහ මිලක් නොමැතිව පැමිණ මුද්‍රිකපානය සහ කිරි මිලදී ගන්න.
51 එබැවින්, වටිනා නොවන්නාවු දෙයකට මුදල් වැය නොකරන්න, නැතහොත් තෘප්තිමත් කළ නොහැකි දෙයකට නුඹගේ ශ්‍රමය වැය නොකරන්න. මා හට උද්‍යෝගයෙන් සවන් දෙන්න, තවද මා පැවසු වචන සිහියේ තබාගන්න; තවද ඊශ්‍රායෙල්හි ශුද්ධ වු තැනැන්වහන්සේ වෙත පැමිණෙන්න, තවද විනාශ නොවන්නා වූ, දූෂිත නොකළ හැකිදේ භුක්ති විඳින්න, තවද නුඹගේ ප්‍රාණය පුෂ්ටිමත්භාවයෙහි ප්‍රිතීමත් වීමට ඉඩ දෙන්න.
52 බලව, මාගේ දයාබර සහෝදරයෙනි, නුඹලාගේ දෙවියන්වහන්සේගේ වචන සිහි කරන්න; දහවල් කාලයේදී නොකඩවා උන්වහන්සේට යාච්ඤා කරන්න, තවද රාත්‍රියේදී උන්වහන්සේගේ ශුද්ධ වූ නාමයට ස්තුති කරන්න. නුඹලාගේ හදවත් ප්‍රීතිවීමට ඉඩ දෙන්න.
53 තවද ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් කෙතරම් උතුම්ද, තවද මනුෂ්‍ය දරුවන්ට උන්වහන්සේගේ නිහතමානීත්වය කෙතරම් උතුම්ද යැයි බලන්න; තවද උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වයද, තවද උන්වහන්සේගේ කරුණාව සහ දයාව නිසා, උන්වහන්සේ අපට පොරොන්දු වී ඇත්තේ අපගේ වංශය මාංශයට අනුව, සම්පූර්ණයෙන්ම විනාශ නොවී, එහෙත් ඔවුන්ව උන්වහන්සේ ආරක්ෂා කරන සේක; තවද අනාගත පරම්පරාවලදී ඔවුන් ඊශ්‍රායෙල් වංශයට ධර්මිෂ්ඨ කොටසක් වනු ඇත්තේය.
54 තවද දැන්, මාගේ සහෝදරයෙනි, මම නුඹලාට තව කථා කිරීමට කැමැත්තෙමි; එහෙත් මාගේ වචනවල ඉතිරිය හෙට දින මම නුඹලා හට ප්‍රකාශ කරන්නෙමි. ආමෙන්.