ශුද්ධලියවිලි
2 නීෆායි 6


6 වන පරිච්ඡේදය

ජේකබ් යුදෙව් ඉතිහාසය ගෙන හැර දක්වයි: බබිලෝනියානු වහල්භාවය සහ නැවත පැමිණීම; ඊශ්‍රායෙල්හි ශුද්ධ වූ තැනැන්වහන්සේගේ දේවසේවය සහ කුරුසිපත් වීම; අන්‍යජාතිකයන්ගෙන් ලැබුනා වූ උපකාරය; තවද යුදෙව්වන් මෙසියස්වහන්සේ කෙරෙහි විශ්වාස කරන විට ඔවුන්ගේ පසු දවස්වල නැවත පිහිටුවීම. ක්‍රි.පූ. 559–545 පමණ.

1 නීෆායිගේ සහෝදරයා වූ ජේකබ්, නීෆායි ජනතාව වෙත කථා කරන ලද, ජේකබ්ගේ වචන:

2 බලව, මාගේ දයාබර සහෝදරයනි, ජේකබ්, වන මම, දෙවියන්වහන්සේ විසින් කැඳවනු ලැබ, තවද උන්වහන්සේගේ ශුද්ධ වූ පිළිවලට අනුකුලව නියම කරනු ලැබ, නුඹලා රජෙකු හෝ ආරක්ෂකයෙකු ලෙස සලකන, තවද ආරක්ෂාව පිණිස නුඹලා රඳා සිටින්නාවු ද, මාගේ සහෝදර නීෆායි විසින් කැප කරනු ලැබුව, බලව, එනම් මා නුඹලාට බොහෝ දේවල් කතා කළ බව නුඹලා දන්නෙහුය.

3 එසේනමුත්, මම නුඹ හට නැවත කථා කරන්නෙමි; මක්නිසාද මම නුඹලාගේ ප්‍රාණයන්හි සුභසිද්ධිය සඳහා ආශා කරමි. එසේය, නුඹ කරෙහි මාගේ කනස්සල්ල ඉතා මහත්ය; තවද නුඹලා එය සෑමදා එසේ වු බව නුඹලාම දන්නාහුය. මක්නිසාද මම සියලු උද්‍යෝගයෙන් නුඹලාට අනුශාසනා කර ඇත්තෙමි; තවද මම මාගේ පියාණන්ගේ වචන නුඹලාට උගන්වා ඇත්තෙමි; තවද ලෝකය මැවීමේ සිට, ලියා ඇති සියලු දේවල් සම්බන්ධව මම නුඹලාට කථාකර ඇත්තෙමි.

4 තවද දැන්, බලව, මම නුඹට දැනට පවතින්නාවූ දේවල් සහ පැමිණීමට තිබෙන්නාවූ දේවල් පිළිබඳ කථා කරන්නෙමි; එබැවින්, මම යෙසායාගේ වචන නුඹලාට කියවන්නෙමි. තවද ඒවා නම් මාගේ සහෝදරයා මා නුඹට කතා කිරීමට ආශා කළ වචන වන්නේය. තවද එනම් නුඹලා ඉගෙනගෙන නුඹලාගේ දෙවියන්වහන්සේගේ නාමය මහිමයට පත් කරන පිණිස, මම නුඹට නුඹලාගේ ප්‍රයෝජනය උදෙසා කථා කරන්නෙමි.

5 තවද දැන්, මා විසින් කියවනු ලබන වචන වන්නේ යෙසායා මුළු ඊශ්‍රායෙල් වංශය සම්බන්ධව පැවසු ඒවාය; එබැවින්, ඔවුන් නුඹලා හට සමාන කළ හැකිය, මක්නිසාද නුඹලාත් ඊශ්‍රායෙල් වංශයෙන් නිසාය. තවද නුඹලාට සමාන කළ හැකි බොහෝ දේ යෙසායා විසින් ප්‍රකාශ කළේ, මක්නිසාද නුඹලාත් ඊශ්‍රායෙල් වංශයෙන්ය.

6 තවද දැන්, මේවා එම වචන වේ: දෙවි වූ ස්වාමීන්වහන්සේ මෙසේ පවසන සේක: බලව, මම අන්‍යජාතිකයින් වෙත මාගේ හස්තය ඔසවන්නෙමි, තවද ජනතාව වෙත මාගේ ධජය ඔසවන්නෙමි; තවද ඔවුහු නුඹගේ පුත්‍රයන් ඔවුන්ගේ දෑත් මතින් ගෙන එනු ලබන අතර, තවද නුඹගේ දූවරුන් ඔවුන්ගේ උරහිස් මත උසුලාගෙන යනු ඇත්තේය.

7 තවද රජවරුන් නුඹව රැකබලා ගන්නා පියවරුන් වන අතර, ඔවුන්ගේ රැජිණියන් නුඹව රැකබලා ගන්නා මවුවරුන් වන්නෝය; ඔවුහු පොළොව දෙසට ඔවුන්ගේ මුහුණ යොමා නුඹට වැඳ, තවද නුඹගේ පාදවල දූවිලි ලෙවකනු ඇත; තවද මම එනම් ස්වාමීන්වහන්සේ බව නුඹ දැනගන්නේය; මක්නිසාද මා කෙරෙහි බලා සිටින ඔවුන් ලැජ්ජාවට පත් නොවන්නෝය.

8 තවද දැන්, ජේකබ්, වන මම, මෙම වචන සම්බන්ධයෙන් තරමක් කථා කරන්නෙමි. මක්නිසාද බලන්න, අප පැමිණියා වූ, ජෙරුසලමෙහි සිටියාවු අය මරා දමා වහල්භාවයට ගෙන ගොස් ඇති බව ස්වාමීන්වහන්සේ මට පෙන්වු සේක.

9 එසේනමුත්, ස්වාමීන්වහන්සේ එනම් ඔවුන් නැවත පැමිණිය යුතු බව මට පෙන්වා දුන් සේක. තවද එසේම උන්වහන්සේ එනම් ඊශ්‍රායෙල්හි ශුද්ධ වූ තැනැන්වහන්සේ වන, දෙවි වූ ස්වාමීන්වහන්සේ, මාංශාකාරයෙන් ඔවුන්ට පෙනී සිටිය යුතු බව උන්වහන්සේ මට පෙන්වු සේක; තවද මා හට කථා කළ දේවදුතයාගේ වචන වලට අනුව, තවද උන්වහන්සේ තමන්වහන්සේව පෙනී සිටීමෙන් පසුව ඔවුන් උන්වහන්සේට කසයෙන් පහරදීමෙන් හා උන්වහන්සේව කුරුසිපත් කරනු ලබන්නෝය.

10 තවද ඔවුන් ඊශ්‍රායෙල්හි ශුද්ධ වූ තැනැන්වහන්සේට විරුද්ධව, ඔවුන්ගේ හදවත් දැඩිකර තවද ඔවුන්ගේ ගෙල දරදඬු කරගත් පසු, බලව, ඊශ්‍රායෙල්හි ශුද්ධ වූ තැනැන්වහන්සේගේ විනිශ්චයන් ඔවුන් මත පැමිණෙනු ඇත්තේය. තවද එනම් ඔවුන්ට පහර ගසන සහ පීඩාවෙන එම දවස පැමිණෙන්නේය.

11 එබැවින්, ඔවුන්ව එහාටත් මෙහාටත් ගෙනයනු ලැබූ පසු, මක්නිසාද දේවදූතයා මෙසේ කීවේය, බොහෝ දෙනා මාංශයෙහි පීඩා විදින්නෝය, තවද නැසෙන තරම් වේදනා නොවිඳින්නෝය, මක්නිසාදයත් ඇදහිලිවන්තයන්ගේ යාච්ඤාවන් නිසාය; ඔවුන්ව විසුරුවනු ලැබ, පහර දී තවද ද්වේෂයට පත්වන්නේය; එසේනමුත් ස්වාමීන්වහන්සේ ඔවුන්ට කරුණාවන්ත වන්නේය, එනම් ඔවුන් ඔවුන්ගේ මිදුම්කරුවාණන්වහන්සේව දැනගැනීමට පැමිණි විට, ඔවුන්ගේ උරුම දේශයට ඔවුන්ව නැවත එක්රැස්කරනු ලබන්නෝය.

12 තවද ඔවුන් පිළිබඳ අනාගතවක්තෘවරයා විසින් ලියන ලද; අන්‍යජාතිකයින් ආශීර්වාද ලද්දෝය, මක්නිසාද බලව, එනම් ඔවුන් පසුතැවිලිව සයන්ට විරුද්ධව සටන් නොකරන්නේ නම්, තවද එම බලවත් පිළිකුල් සහගත සභාවට ඔවුන්වම එකතු කර නොගන්නේ නම්, ඔවුන්ව ගළවනු ලබන්නෝය; මක්නිසාද දෙවි වූ ස්වාමීන්වහන්සේ උන්වහන්සේ විසින් තම දරුවන් සමඟ කළ උන්වහන්සේගේ ගිවිසුම් සම්පූර්ණ කරන සේක; තවද මෙම කාරණය නිසා අනාගතවක්තෘවරයා මේ දේවල් ලියා ඇත්තේය.

13 එබැවින්, එනම් සයොනයට සහ ස්වාමීන්වහන්සේගේ ගිවිසුම්ගත ජනතාවට විරුද්ධව සටන් කරන්නන් ඔවුන්ගේ පාද වල වූ දූවිලි ලෙවකනු ඇත්තේය; තවද ස්වාමීන්වහන්සේගේ ජනතාව ලැජ්ජාවට පත් කරනු නොලබන්නේය. මක්නිසාදයත් ස්වාමීන්වහන්සේගේ ජනතාව උන්වහන්සේ උදෙසා බලා සිටින අයවලුන් වන්නේය; මක්නිසාද ඔවුහු තවමත් මෙසියස්වහන්සේගේ පැමිණීම බලා සිටින්නෝය.

14 තවද බලව, අනාගතවක්තෘවරයාගේ වචන වලට අනුව, මෙසියස්වහන්සේ දෙවන වතාවටත් ඔවුන්ව ආපසු ලබා ගැනීමට ක්‍රියා කරන්නේය; එබැවින්, ඔවුන් උන්වහන්සේ තුළ විශ්වාස කරන්නා වූ දවස පැමිණෙනු විට, උන්වහන්සේ උන්වහන්සේවම ඔවුන් වෙතට ඔවුන්ගේ සතුරන්ගේ විනාශය උදෙසා බලයෙන් සහ බලවත් මහිමයෙන් ප්‍රකාශ වනු ඇත්තේය; තවද උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නා වූ කිසිවෙක් උන්වහන්සේ විනාශ නොකරන්නේය.

15 තවද උන්වහන්සේව විශ්වාස නොකරන්නා වූ අය ගින්නෙන් සහ කුණාටුවෙන් යන දෙකෙහිම, තවද පොළෝකම්පාවන්ද, ලේ වැගිරිවීම් වලින් ද, වසංගතයෙන් සහ සාගතයෙන්ද විනාශ කරනු ලබන්නෝය. තවද ඔවුහු ඊශ්‍රායෙල්හි ශුද්ධ වූ තැනැන්වහන්සේ, ස්වාමීන් වූ දෙවියන්වහන්සේ බව දැන ගනු ලබන්නෝය.

16 මක්නිසාදයත් බලවන්තයන්ගෙන් ගොදුර ඉවත්ට ගනු ලබන්නේද, නැතහොත් නීත්‍යානූකූල වහලුන්ව ගළවා ගනු ලබන්නේද?

17 එහෙත් ස්වාමීන්වහන්සේ මෙසේ කියන්නේය: බලවන්තයාගේ සිරගතවූවන් පවා පිටතට ගනු ලබන්නේය, තවද භයානක අයගේ ගොදුර ගළවාගනු ලබන්නේය; මක්නිසාදයත් බලවත් වූ දෙවියන්වහන්සේ උන්වහන්සේගේ ගිවිසුම් ජනතාව බේරාගනු ඇත්තේය. මක්නිසාදයත් ස්වාමීන්වහන්සේ මෙසේ පවසන්නේය: නුඹ සමඟ සටන්වදින්නන් සමඟ මම සටන් කරන්නෙමි –

18 තවද නුඹව පීඩාකරන්නන්ට ඔවුන්ගේම මාංශයයෙන් මම කවන්නෙමි; තවද ඔවුහු මිහිරි මිදි රසයෙන් මෙන් ඔවුන්ගේම ලෙයින් මත් වනු ඇත්තේය; තවද ස්වාමීන්වහන්සේ වූ මම, ගැළවුම්කරුවාණන්වහන්සේ හා මිදුම්කරුවාණන්වහන්සේ සහ යාකොබ්ගේ බලවත් තැනැන්වහන්සේ බව සියලු මාංශ දැනගනු ඇත්තේය.