32 වන පරිච්ඡේදය
දේවදූතයන් ශුද්ධාත්මයාණවහන්සේගේ බලයෙන් කථා කරති – මනුෂ්‍යයන් යාච්ඤා කර ශුද්ධාත්මයාණන්වහන්සේ වෙතින් තමන් විසින්ම දැනීම ලබාගත යුතුය. ක්‍රි.පූ. 550–545 පමණ.
1 තවද දැන්, බලව, මාගේ සහෝදරයනි, නුඹලා මාර්ගයට ඇතුල් වූවාට පසු නුඹලා කළ යුතු දේ කුමක්දැයි නුඹලා තරමක් නුඹලාගේ හදවත් වල මෙනෙහි කරනවා ඇතැයි මම සිතන්නෙමි. එහෙත්, බලව, නුඹලා මෙම දේවල් නුඹලාගේ හදවත් තුළ මෙනෙහි කරන්නේ මන්ද?
2 නුඹලා එනම් ශුද්ධාත්මයාණන්ව ලබා ගෙන තිබුණාට පසුව නුඹලාට දේවදූතයන්ගේ භාෂාවෙන් කථා කිරීමට හැකියාව ඇති බව මා නුඹලා හට කී බව නුඹලාට මතක නැත්තෙහුද? තවද දැන්, ශුද්ධාත්මයාණන්වහන්සේගෙන් මිස නුඹලාට දේවදූතයන්ගේ භාෂාවෙන් කථා කළ හැක්කේ කෙසේද?
3 දේවදූතයන් ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් කථා කරන්නෝය; එබැවින්, ඔවුන් ක්‍රිස්තුස්වහන්සේගේ වචන කථා කරන්නෝය. එබැවින්, මම නුඹලාට කීවෙමි, ක්‍රිස්තුස්වහන්සේගේ වචනය තුළ භුක්ති විඳපන්න; මක්නිසාද බලව, ක්‍රිස්තුස්වහන්සේගේ වචන නුඹලා කළ යුතු සියලු දේ නුඹලාට කියනු ලබන්නේය.
4 එබැවින්, දැන් මම මෙම වචන කථා කළාට පසුව, ඒවා නුඹලාට තේරුම්ගත නොහැකිවන්නේ නුඹලා අසන්නේවත්, නැතහොත්, තට්ටු කරන්නේවත් නොමැති නිසාය; එබැවින්, නුඹලාව අලෝකයට නොපමුණුවන්නේය, එහෙත් අන්ධකාරයේ නැසිය යුතු වන්නේය.
5 මක්නිසාද බලව, මම නැවතත් නුඹලාට කියන්නෙමි, එනම් නුඹලා මාර්ගයෙන් ඇතුල් වී ශුද්ධාත්මයාණන්වහන්සේ ලබා ගන්නේ නම්, උන්වහන්සේ නුඹලා කළ යුතු සියලු දේවල් නුඹලාට පෙන්වනු ඇත්තේය.
6 බලව, මෙය ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මය වන්නේය, තවද උන්වහන්සේ තමන්වහන්සේවම මාංශයෙන් නුඹලාට ප්‍රකාශ වන තුරු තවත් ධර්මයක් එහි නොදෙනු ඇත්තේය. තවද උන්වහන්සේ තමන්වහන්සේව නුඹලාට මාංශාකාරයෙන් ප්‍රකාශ කරන්නා වූ විට, උන්වහන්සේ නුඹලා හට කියන්නාවු දේ කිරීමට නුඹලා වගබලා ගත යුතුවන්නේය.
7 තවද දැන් මම, නීෆායි, වැඩි යමක් කීමට නොහැක්කේය; ආත්මයාණන්වහන්සේ මාගේ ප්‍රකාශය නවත්වන්නේය, තවද අවිශ්වාසය ද, දුෂ්ඨකම ද, නොදැනුවත්කම, සහ මනුෂ්‍යන්ගේ දැඩි මුරණ්ඩුකම නිසා මා හට වැලපීම ඉතිරිව ඇත්තෙමි; මක්නිසාද වචනය විය හැකි තරම් සරලව, සරලභාවයෙන් එය ඔවුන් හට ලබා දෙන විට පවා, ඔවුන් දැනුම නොසොයන්නේය, නැතහොත් බලවත් දැනුමක් තේරුම් නොගන්නෝය.
8 තවද දැන්, මාගේ ප්‍රියාදර සහෝදරයනි, නුඹලා තවමත් නුඹලාගේ හදවත් තුළ මෙනෙහි කරන බව මට තේරුම්ගත්තෙමි; තවද මෙම කාරණය පිළිබඳව මට කථා කිරීමට සිදු වීම නිසා මම කණගාටු වන්නෙමි. මක්නිසාද මනුෂ්‍යයෙකුට යාච්ඤා කිරීමට උගන්වන ආත්මයාණන්වහන්සේ හට නුඹලා සවන් දෙන්නේ නම්, නුඹලා යාච්ඤා කළ යුතු බව නුඹලා දැනගන්නෙහුය; මක්නිසාද නපුරු ආත්මය මනුෂ්‍යයෙකුට යාච්ඤා කිරීමට උගන්වන්නේ නැත, එහෙත් ඔහු යාච්ඤා නොකළ යුතු බව ඔහුට උගන්වන්නේය.
9 එහෙත් බලව, නුඹලා ක්ලාන්ත නොවී, නිතරම යාච්ඤා කළ යුතු බව මම නුඹලාට කියන්නෙමි; එනම් නුඹලා පළමුවෙන් දෙවියන්වහන්සේට ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් යාච්ඤා කොට මිස, නුඹලා ස්වාමීන්වහන්සේ හට කිසිඳු දෙයක් කිරීම නොකළ යුතුවන්නේය, එනම් උන්වහන්සේ නුඹගේ ඉටු කිරීම් නුඹ හට කැප කරන සේක, එනම් නුඹගේ ඉටු කිරීම් නුඹගේ ප්‍රාණයේ ශුභසිද්ධිය සඳහා වනු ඇත්තේය.