31 වන පරිච්ඡේදය
ක්‍රිස්තුස්වහන්සේ බෞතීස්ම කරනු ලැබුවේ මන්දයැයි නීෆායි පවසයි – මනුෂ්‍යයන් ගැළවීම උදෙසා ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කර, බෞතීස්ම වී, ශුද්ධාත්මයාණන් ලබා, සහ අවසානය දක්වා විඳදරා ගත යුතුය – පසුතැවිලි වීම සහ බෞතීස්මය ඍජු සහ පටු මාර්ගයට දොරටුව වේ – බෞතීස්මයෙන් පසුව අණ පනත් රැකගන්නා අයට සදාකාලික ජීවිතය පැමිණෙන්නේය. ක්‍රි.පූ. 559–545 පමණ.
1 තවද දැන්, මාගේ ප්‍රියාදර සහෝදරයෙනි, මම, නීෆායි, මාගේ අනාවැකි කීමේ අවසානය දක්වන්නෙමි. තවද මට සමහරක් දේවල් හැර, ලියන්නට නොහැකිය, මන්ද ඒවා සිදු වන්නට යුතුයැයි මම දනිමි; මට ලිවීමට හැක්කේ මාගේ සහෝදර ජේකොබ්ගේ වචන ද කිහිපයක් පමණය.
2 එබැවින්, මා ලියා ඇති දේවල් මා හට සෑහෙන්නේය, ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මය පිළිබඳව පැවසීමට මිස; එබැවින්, මම ඔබ හට ප්‍රත්‍යක්ෂ ලෙස කථා කරන්නෙමි, එනම් මාගේ අනාවැකි කීමේ ප්‍රත්‍යක්ෂභාවයට අනුවය.
3 මක්නිසාද මාගේ ප්‍රාණය ප්‍රත්‍යක්ෂභාවයේ මහත් ප්‍රීතිමත් වන්නේය; මක්නිසාද දෙවි වූ ස්වාමීන්වහන්සේ මනුෂ්‍ය දරුවන් අතරෙහි ක්‍රියා කරන්නේ මේ ආකාරයට පසුවය. මන්කිසාද දෙවි වූ ස්වාමීන්වහන්සේ අවබෝධ කිරීම පිණිස ආලෝකය දෙන සේක; මක්නිසාද උන්වහන්සේ මනුෂ්‍යයන් හට කථා කරන්නේ ඔවුන්ගේ අවබෝධය පිණිස, ඔවුන්ගේ භාෂාවේ ආකාරයෙන්ය.
4 එබැවින්, ලෝකයේ පාපයන් පිටතට ගෙන යන, දෙවියන්වහන්සේගේ බැටළුපැටවාණන් බෞතීස්ම කරන්නාවූ, ස්වාමීන්වහන්සේ මා හට පෙන්වූ අනාගතවක්තෘ පිළිබඳව මා නුඹ හට පැවසූ බව නුඹලා සිහි කළ යුතු යැයි මම ආශා කරන්නෙමි.
5 තවද දැන්, ශුද්ධ වන, දෙවියන්වහන්සේගේ බැටළුපැටවාණන්, සියලු ධර්මිෂ්ඨකම් සම්පූර්ණ කිරීමට, ජලයෙන් බෞතීස්ම විය යුත්තේ නම්, අහෝ එසේය, ජලයෙන් පවා, බෞතීස්ම වීමට, අශුද්ධ වන, අප කෙතරම් බොහෝ ලෙස අවශ්‍යයතාවයෙන් පවතින්නෙමුද!
6 තවද දැන්, මාගේ ප්‍රියාදර සහෝදරයෙනි, මා නුඹලාගෙන් අසන්නෙමි, දෙවියන්වහන්සේගේ බැටළුපැටවාණන් සියලු ධර්මිෂ්ඨකම් සම්පූර්ණ කර ජලයෙන් බෞතීස්ම වූයේ කෙසේද?
7 උන්වහන්සේ ශුද්ධ බව නුඹලා නොදන්නෙහිද? එහෙත් කෙසේ වෙතත උන්වහන්සේ ශුද්ධවන්තව සිටියත්, මාංශයට අනුව උන්වහන්සේ පියාණනවහන්සේ අභිමුඛයෙහි උන්වහන්සේව නිහතමානී කරගන්නා බවත්, පියාණන්වහන්සේ වෙත උන්වහන්සේගේ අණ පනත් පිළිපඳමින් කීකරු වන්නාවු බව උන්වහන්සේ හට සාක්ෂි දරන්නාවු බවත්, මනුෂ්‍ය දරුවන් හට පෙන්වන සේක.
8 එබැවින්, උන්වහන්සේ ජලයෙන් බෞතීස්ම වූ පසු ශුද්ධාත්මයාණන් පරවියෙකුගේ ස්වරූපයෙන් උන්වහන්සේ මත පතිත වූ සේක.
9 තවද නැවතත්, එය ඇතුල් විය යුතු දොරටුවෙහි පටුභාවය ද, මාර්ගයෙහි අවහිරභාවය ද, උන්වහන්සේ ඔවුන් ඉදිරියෙහි ආදර්ශය තැබූ සේක් මනුෂ්‍ය දරුවන් හට පෙන්වා දෙන ලදී.
10 තවද උන්වහන්සේ මනුෂ්‍ය දරුවන් හට මෙසේ කී සේක: මා අනුගමනය කරන්න. එබැවින්, මාගේ ප්‍රියාදර සහෝදරයෙනි, අප පියාණන්වහන්සේගේ අණ පනත් පිළිපැදීමට කැමැත්තෙන් සිටීම හැර අපට ජේසුස්වහන්සේව අනුගමනය කළ හැකිද?
11 තවද පියාණන්වහන්සේ මෙසේ කී සේක: නුඹලා පසුතැවිලි වන්න, නුඹලා පසුතැවිලි වන්න, තවද මාගේ ප්‍රියාදර පුත්‍රයාණන්ගේ නාමයෙන් බෞතීස්ම වන්න.
12 තවද එසේම, පුත්‍රයාණන්වහන්සේගේ හඬ ද මා හට පැමිණ, මෙසේ කී සේක: මාගේ නාමයෙන් බෞතීස්ම ලබන්නාට, මා හට මෙන්, ඔහුට පියාණන්වහන්සේ විසින් ශුද්ධාත්මයාණන් ලබා දෙන සේක; එබැවින්, මා අනුගමනය කරන්න, තවද මා කරනවා දැක ඇති දේවල් නුඹලා කරන්න.
13 එබැවින්, මාගේ ප්‍රියාදර සහෝදරයෙනි, හදවතේ පූර්ණ අරමුණ සහිතව, නුඹලා පුත්‍රයාණන්වහන්සේව අනුගමනය කරන්නේ නම්, දෙවියන්වහන්සේ අභිමුඛයෙහි කිසිම කුහකකමකින් සහ වංචාවකින් තොරව, එහෙත් සැබෑ චේතනාවකින් යුක්තව, නුඹලාගේ පාපයන් සඳහා පසුතැවිලි වී, නුඹලා ක්‍රිස්තුස්වහන්සේගේ නාමය නුඹලා මතට ගැනීමට සිය කැමැත්තෙන් සිටින බවට පියාණන්වහන්සේ වෙත සාක්ෂි දරන්නේ නම් – එසේය, නුඹගේ ස්වාමීන්වහන්සේ සහ නුඹගේ ගැලවුම්කරුවාණන් අනුගමනය කිරීමට ජලයට බැස, උන්වහන්සේගේ වචනයට අනුව, බලව, එවිට නුඹලා ශුද්ධාත්මයාණන් ලබන්නෝය; එසේය, එවිට ගින්නෙන් හා ශුද්ධාත්මයාණන්ගෙන් බෞතිස්‍මය පැමිණෙන්නේය; තවද එවිට නුඹලාට දේවදූතයන්ගේ භාෂාවෙන් කථා කළ හැකි වන්නේද, සහ ඊශ්‍රායලයේ ශුද්ධ වූ තැනැන්වහන්සේ හට ප්‍රශංසා හඬ නඟන්නේය.
14 එහෙත්, බලව, මාගේ ප්‍රියාදර සහෝදරයෙනි, එනම් පුත්‍රයාණන්වහන්සේගේ හඬ මා හට පැමිණ, මෙසේ කී සේක: නුඹලා නුඹලාගේ පාපයන්වලට පසුතැවිලි වූ පසු, තවද මාගේ අණ පනත් තබන බවට සිය කැමැත්තෙන් පියාණන්වහන්සේ කෙරෙහි නුඹලා සාක්ෂි දරන්නේ නම්, ජලයේ බෞතිස්මයෙන්, සහ ගින්නෙහි බෞතිස්මයෙන් සහ ශුද්ධාත්මයාණන්ගෙන් ද, තවද දැන් නව භාෂාවකින් කථා කළ හැකිය, එසේය, දේවදූතයන්ගේ භාෂාවෙන් ද පවා, තවද මෙයට පසු මා ප්‍රතික්ෂේප කරන්නේ නම්, නුඹලා මා දැන නොසිටීම නුඹලාට ඊට වඩා යහපත් වන්නේය.
15 තවද පියාණන්වහන්සේගේ හඬක් මට ඇසෙමින්, මෙසේ කී සේක: එසේය, මාගේ ප්‍රියාදරගේ වචන සත්‍යය සහ ඇදහිලිවන්තය. අවසානය දක්වා විඳ දරා ගන්න ඔහු, එවැන්නාම ගළවනු ලබන්නෙහිය.
16 තවද දැන්, මාගේ ප්‍රියාදර සහෝදරයෙනි, මේ මඟින් ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ ආදර්ශය අනුගමනය කර, මනුෂ්‍යයෙකු අවසානය දක්වා විඳදරාගැනීම මිස, ඔහු ගැළවීම නොලබන්නේ යැයි කියා මම දන්නෙමි.
17 එබැවින්, මම කියූ දේ නුඹලාගේ ස්වාමීන්වහන්සේ සහ මිදුම්කරුවාණන් කළ යුතු වන්නා වූ මා දැක ඇති දේ නුඹලා කරන්න; මක්නිසාද, මෙය කරණ කොටගෙන ඒවා මා හට පෙන්වා ඇත, එනම් නුඹලා ඇතුල්විය යුතු දොරටුව දැන ගන්නා පිණිසය. මක්නිසාද නුඹලා ඇතුල්විය යුතු දොරටුව පසුතැවිලි වීම සහ ජලයෙන් බෞතිස්ම වීමය; තවද එවිට නුඹලාගේ පාපයන් කෙරෙහි ගින්නෙන් සහ ශුද්ධාත්මයාණන්ගෙන් පව් කමාව පැමිණෙන්නේය.
18 තවද එවිට නුඹලා සදාකාලික ජීවිතය කරා ගෙන යන මේ ඍජු සහ පටු මාර්ගයෙහි හිදින්නහුය; එසේය, නුඹලා දොරටුව තුළින් ඇතුළු වී ඇත; නුඹලා පියාණන්වහන්සේගේ සහ පුත්‍රයාණන්වහන්සේගේ අණ පනත්වලට අනුව කර ඇත; තවද නුඹලා පියාණන්වහන්සේගේ සහ පුත්‍රයාණන්වහන්සේ ගැන සාක්ෂි දරන, ශුද්ධාත්මයාණන් ලබා ඇත, උන්වහන්සේ කර ඇති ඒ පොරොන්දුවේ පූර්ණත්වය උදෙසා, එනම් නුඹලා මාර්ගය අනුවට ඇතුළුවී ඇත්තේ නම් නුඹලා ලබන්නහුය.
19 තවද දැන්, මාගේ ප්‍රියාදර සහෝදරයෙනි, නුඹලා මේ ඍජු සහ පටු මාර්ගයට ආපසු, සියල්ල කළ ඇත්ද යැයි මා අසන්නෙමි? බලව, මා ඔබ හට පවසන්නෙමි, නැත; මක්නිසාද නුඹලා මෙපමණක් දුර පැමිණෙන්නේ ක්‍රිස්තුස්වහන්සේගේ වචනය සහ උන්වහන්සේ කෙරෙහි සසල නොවුණු ඇදහිල්ල කරණ කොටගෙන, ගැළවීම සඳහා බලවත් වූ උන්වහන්සේගේ ධර්මිෂ්ඨ ක්‍රියා මත සම්පූර්ණ විශ්වාසය තැබීමෙන්ය.
20 එබැවින්, බලාපොරොත්තුවේ පරිපූර්ණ දීප්තියක් ඇතුව, සහ දෙවියන්වහන්සේ සහ සියලු මනුෂ්‍යයන් කෙරෙහි ප්‍රේමයකින් යුක්තව, නුඹලා ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ස්ථිරභාවයක් ඇතුව ඉදිරියට ගමන් ගත යුතුය. එබැවින්, නුඹලා ක්‍රිස්තුස්වහන්සේගේ වචන කෙරෙහි භුක්ති විඳිමින්, අවසානය තෙක් විඳ දරා ගන්නේ නම්, බලව, පියාණන්වහන්සේ මෙසේ කී සේක: නුඹලා සදාකාලික ජීවිතය ලබන්නෙහුය.
21 තවද දැන්, බලව, මාගේ ප්‍රියාදර සහෝදරයෙනි, මෙය මාර්ගය වේ: තවද මනුෂ්‍යයන් දෙවියන්වහන්සේගේ රාජ්‍යයෙහි ගැළවීම ලබා ගැනීමට සඳහා වූ, වෙන කිසිම මාර්ගයක් හෝ නාමයක් ස්වර්ගයෙන් ලබා දී නැත්තේය. තවද දැන්, බලව, මෙය ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මය වේ, තවද පියාණන්වහන්සේගේ ද, පුත්‍රයාණන්වහන්සේගේ ද, ශුද්ධාත්මයාණන්වහන්සේගේ ද, එනම් අවසානයක් නොමැති, එකම දෙවියන්වහන්සේගේ ද, එකම සහ සත්‍ය ධර්මය වේ. ආමෙන්.