2 වන පරිච්ඡේදය
මිදීම ශුද්ධ වූ මෙසියස්වහන්සේගෙන් පැමිණෙන්නේ ය – තෝරාගැනීමේ නිදහස (නිදහස් කැමැත්ත) පැවැත්මට සහ ප්‍රගතියට අත්‍යවශ්‍ය වේ – ආදම්ගේ වැටීම මනුෂ්‍යයාගේ පැවැත්ම පිණිසය – මනුෂ්‍යයන් හට ස්වාධීනත්වය සහ සදාතනික ජීවනය තෝරා ගැනීමට නිදහස ඇත. ක්‍රි.පූ. 588–570 පමණ.
1 තවද දැන්, ජේකබ්, මම නුඹට කතා කරමි: නුඹ වනාහි වනාන්තරයේ මා පීඩා විඳින දවස්වල මාගේ කුලුඳුලා වන්නේය. තවද බලව, නුඹගේ ළමා කාලයේදී නුඹේ සහෝදරයන්ගේ රළුකම නිසා පීඩාවන් හා බොහෝ වේදනාවන් විඳ ඇත්තේය.
2 එසේ නමුත්, වනාන්තරයෙහි මාගේ කුලුඳුලා වූ, ජේකබ්, නුඹ දෙවියන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය දන්නෙහිය; තවද උන්වහන්සේ නුඹගේ පීඩාවන් නුඹගේ යහපත සඳහා කැප කරන සේක.
3 එබැවින්, නුඹේ ප්‍රාණය ආශීර්වාද කරනු ලබන්නේය, තවද නුඹ නුඹගේ සහෝදරයා වන නීෆායි සමඟ ආරක්ෂිතව වාසය කරන්නෙහිය; තවද නුඹේ දවස් නුඹගේ දෙවියන්වහන්සේගේ සේවයෙහි ගත කරනු ලබන්නෙහිය. එබැවින්, නුඹගේ මිදුම්කරුවාණන්ගේ ධර්මිෂ්ඨකම හේතුකොටගෙන නුඹව මුදවාලන බව මම දනිමි. මක්නිසාද කාලයාගේ පූර්ණත්වයේදී උන්වහන්සේ මනුෂ්‍යන්ට ගැළවීම ගෙන ඒමට පැමිණෙන බව නුඹ දැක ඇත්තෙහිය.
4 තවද නුඹ නුඹගේ තරුණ වියේදී උන්වහන්සේගේ මහිමය දැක ඇත්තෙහිය. එබැවින්, උන්වහන්සේගේ මාංශයෙහි උපස්ථාන කරන අය හට මෙන් නුඹටත් ආශීර්වාද කරන සේක; මක්නිසාද ආත්මයාණන්වහන්සේ ඊයෙත්, අදත් සහ සදහටමත් එක සේ වන සේක. තවද මනුෂ්‍යයාගේ වැටීමේ සිට මාර්ගය සූදානම් කර ඇති අතර, තවද ගැලවීම නොමිලයේ ලැබේන්නේය.
5 තවද මනුෂ්‍යයන්හට යහපතෙන් නපුර දැන ගැනීමට ප්‍රමාණවත් ලෙස උපදෙස් ලබා දෙනු ඇත. තවද නීතිය මනුෂ්‍යයන් හට දෙනු ලැබ ඇත. තවද නීතියෙන් කිසිම මාංශයක් යුක්ති සහගත කරනු නොලබයි; නැතහොත්, නීතිය කරණකොටගෙන මනුෂ්‍යයන්ව කපා හරිනු ලබන්නේය. එසේය, ලෞකික නීතියෙන්ද ඔවුන් කපා හරින ලදී; තවද එසේම ඔවුන් ආත්මික නීතියෙන් යහපත් දෙයින් විනාශ වී, තවද සදහටම දුක්ඛිත තත්වයට පත් වන්නෝය.
6 එබැවින්, මිදීම ශුද්ධ වූ මෙසියස්වහන්සේ තුළින් හා උන්වහන්සේ මගින් පැමිණෙන්නේය; මක්නිසාද උන්වහන්සේ කරුණාවෙන් හා සත්‍යයෙන් පිරී ඇත්තේය.
7 බලව, බිඳුණු හදවතක් සහ පසුතැවුණු ආත්මයක් ඇති සියල්ලන්ටම, නීතියේ අරමුණු ඉටුකර ගැනීම සඳහා, උන්වහන්සේ පාපය උදෙසා තමන්වහන්සේව පූජාවක්කොට ඔප්පු කරන සේක; තවද නීතියේ අරමුණු ඉටුකර ගැනීම සඳහා සුදුසු වෙන කිසිවෙකුත් නොමැත්තේය.
8 එබැවින්, මේ දේවල් පොළොවේ වැසියන් දැනගැනීම කොතරම් වැදගත්ද, එනම් දෙවියන්වහන්සේගේ අභිමුඛයෙහි ජීවත්වීමට අන්කිසි මාංශයකට හැකි නොවන බව ඔවුන් දැනගනු පිණිස, තවද ශුද්ධ වූ මෙසියස්වහන්සේගේ කරුණාව සහ, දයාව තුලින් මිස මාංශයට අනුව ජීවිතය පූජාකර, තවද ආත්මයාණන්ගේ බලයෙන් එය නැවත ලබා ගන්නා අතර, මළවුන්ගෙන් නැවත නැගිටීම ගෙන ඒමට, පළමුව නැගී සිටින්නා වනු ඇත්තේය.
9 එබැවින්, උන්වහන්සේ දෙවියන්වහන්සේ හට නාඹුල් ඵලය වෙයි. එනිසා උන්වහන්සේ සියලු මනුෂ්‍ය දරුවන් උදෙසා මැදහත්කම් කරනු ඇත; තවද උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නෝ ගළවනු ලබන්නෝය.
10 තවද සියල්ලන් උදෙසා මැදිහත් වීම නිසා, සියලු මනුෂ්‍යයින් දෙවියන්වහන්සේ වෙතට පැමිණේ; එබැවින් උන්වහන්සේ තුළ පවතින සත්‍යය හා ශුද්ධවන්තභාවය අනුව උන්වහන්සේ විසින් විනිශ්චය කරනු ලබන පිණිස ඔව්හු උන්වහන්සේගේ අභිමුඛයට පමුණුවනු ලබනු ඇත්තේය. එබෑවින් වන්දිගෙවීමේ අරමුණුවලට පිළිතුරු දීමට, ශුද්ධ වු තැනැන්වහන්සේ දුන් නීතියේ අරමුණු ඉටුකරගැනීම සඳහා, නියමිත දඬුවම ලබා දීම, වන්දිගෙවීමේ අරමුණු ඉටුකිරීමේදී, නියමිත සතුටට විරුද්ධය –
11 මක්නිසාදයත් එනම් එහි සෑම දෙයකම ප්‍රතිවිරුද්ධතාවයක්, තිබීම අවශ්‍ය විය යුතුය. එසේ නොවන්නේ නම්, වනාන්තරයේ වූ මාගේ කුලුඳුලා, ධර්මිෂ්ඨකම සිදුවිය නොහැකිය, නොහොත් දුෂ්ටකම ගෙන ඒමට නොහැක, ශුද්ධවන්ත නැතහොත් දුක්ඛිතකම, යහපත නැතහොත් අයහපත ඇති විය නොහැක. එබැවින්, සියලු දේ එක් සම්මිශ්‍රණයක් වීමට අවශ්‍ය වේ; එබැවින්, එය එක් ශරීරයක් විය යුතු නම්, එය ජීවයක් නැතහොත් මරණයක් හෝ දූෂණය නැතහොත් අදූෂිත, සතුට නැතහොත් දුක්ඛිතකම, සංවේදිතාවක් නැතහොත් අසංවේදිතාවක් නොමැති මළවුන් ලෙස පැවතිය යුතු වන්නේය.
12 එබැවින්, එය නිෂ්ඵල දෙයක් සඳහා මවන ලද්දක් විය යුතුය; එබැවින් එහි මැවීමේ අවසානයේ අරමුණක් නොතිබෙනු විය හැක. එබැවින්, මේ දෙය දෙවියන්වහන්සේගේ ප්‍රඥාව සහ උන්වහන්සේගේ සදාතන අරමුණුද, තවද දෙවියන්වහන්සේගේ බලය ද, කරුණාව ද, දෙවියන්වහන්සේගේ යුක්තිය ද විනාශ විය යුතු වන්නේය.
13 තවද නීතිය නැතැයි නුඹ කියන්නහු නම්, එසේම පාපයද නැතැයි කියා නුඹ කියන්නහුය. පාපයක් නැතැයි කියා නුඹ කියන්නෙහි නම්, එසේම ධර්මිෂ්ඨකම නැතැයි ද නුඹ කියනු ඇත. තවද ධර්මිෂ්ඨකම නැත්නම් සතුටක් තිබිය නොහැක. තවද ධර්මිෂ්ඨකම හෝ සතුට නැත්නම් දඬුවමක් හෝ දුක්ඛිතකම නැත. තවද මේ දේවල් නොමැති නම් දෙවියන්වහන්සේ ද නොමැත. දෙවියන්වහන්සේ නොමැතිනම් අප ද නැත්තෙමු, පොළොව ද නොමැත්තේය; මක්නිසාද යත්, ක්‍රියා කිරීමට හෝ ක්‍රියා කරනු ලැබීමට යුතු දේවල්වල මැවීමක් නොතිබිය හැකි බැවිනි; එබැවින්, සියලු දේවල් අතුරුදහන් වී තිබිය යුතු වන්නේය.
14 තවද දැන්, මාගේ පුත්‍රයෙනි, මම නුඹලා හට මේ දේවල් නුඹලාගේ ප්‍රයෝජනය සහ ඉගෙනීම සඳහා කථා කරන්නෙමි. මක්නිසාද දෙවියන්වහන්සේ සිටින අතර, තවද උන්වහන්සේ අහස සහ පොළොව යන සියල්ලද, තවද ඒවායේ ඇති සියල්ලද, ක්‍රියාකිරීමේ දේවල් සහ ක්‍රියා කරනු ලැබිය යුතු දේවල්ද මැවූ සේක.
15 තවද මනුෂ්‍යයාගේ අවසානයේ උන්වහන්සේගේ සදාකාලික අරමුණු ඉටු කිරීමට, උන්වහන්සේ අපගේ මුල් දෙමාපියන්ද, භූමියේ මෘගයින්ද, ආකාශයේ පක්ෂීන්ද, ඇතුලු සියලුම දේ මැවූ පසු, කෙටියෙන් කිවහොත්, මැව්වාවූ සියල්ලට, එහි ප්‍රතිවිරුද්ධතාවයක් තිබීම අවශ්‍ය විය; ජීවන වෘක්ෂයට ප්රතිවිරුද්ධව තහනම් පලතුර පවා විය; එකක් මිහිරි හා අනෙක තිත්ත විය.
16 එබැවින්, දෙවි වූ ස්වාමීන්වහන්සේ මනුෂ්‍යයාට ඔහු තමා වෙනුවෙන් ක්‍රියා කරන ලෙස අවස්ථාව දුන් සේක. එබැවින්, මනුෂ්‍යයාට යමෙකු හෝ තවත් අයෙකු පොළඹවනු ලැබුවහොත් මිස ඔහුට තමා වෙනුවෙන් ක්‍රියා කළ නොහැකිය.
17 තවද මම, ලීහායි, කියවා ඇති දේවල් වලට අනුකුලව, ලියා ඇති දේවල් අනුව දෙවියන්වහන්සේගේ දේවදූතයකු ස්වර්ගයෙන් වැටී තිබුනු බව සිතිය යුතු ය; එබැවින්, ඔහු දෙවියන්වහන්සේ ඉදිරියෙහි නපුරු දේ සොයමින්, යක්ෂයෙකු බවට පත් විය.
18 තවද ඔහු ස්වර්ගයෙන් වැටී, සදාකාලික දුක්ඛිත තත්වයට පත් වූ බැවින්, ඔහු එසේම සියලු මනුෂ්‍ය වර්ගයාගේ දුක්ඛිත තත්වයද බලාපොරොත්තු විය. එබැවින් ඔහු ඒවට මෙසේ කීවේය, එසේය, සියලු බොරුවල පියා වූ යක්ෂයා, පැරණි සර්පයා පවා වූද, එබැවින් ඔහු මෙසේ කීය; තහනම් එලය අනුභව කරන්න, එවිට නුඹලා නොමැරෙනු ඇත, නමුත් නුඹලා යහපත හා නපුරු දේ දැන ගනිමින් දෙවියන්වහන්සේ මෙන් වනු ඇත.
19 තවද ආදම් සහ ඒව තහනම් එලය අනුභව කළ පසු ඔවුන්ව ඒදන් උයනෙන් පලවා දමනු ලැබුවේ පොළොව වගා කිරීමටය.
20 තවද ඔව්හු දරුවන් බිහි කළහ; එසේය, එය මුළු පොළොවෙහිම පවුල විය.
21 තවද දෙවියන්වහන්සේගේ කැමැත්තට අනුව මනුෂ්‍ය පුත්‍රයන්ගේ දවස් දීර්ඝ වූයේ ඔවුන් මාංශයේ සිටියදී පසුතැවිලි වන පිණිස ය. එබැවින්, ස්වාමිවූ දෙවියන්වහන්සේ මනුෂ්‍ය දරුවන්ට දුන් ආඥාවලට අනුව, ඔවුන්ගේ තත්වය පරිවාස කාලයක් බවට පත් වූ අතර, ඔවුන්ගේ කාලය දීර්ඝ විය. මක්නිසාද සියලු මනුෂ්‍යයන් පසුතැවිලි විය යුතු බවට උන්වහන්සේ ආඥාවක් කළ සේක; මක්නිසාද යත්, ඔවුන්ගේ දෙමව්පියන්ගේ වරද නිසා ඔවුන් අතරමං වූ බව උන්වහන්සේ පෙන්වාදුන් සේක.
22 තවද දැන්, බලව, ආදම් වරදක් නොකළේ නම් ඔහු වැටෙන්නේ නැත, නමුත් ඔහු ඒදන් උයනේ රැඳී සිටිනු ඇත. තවද, මවන ලද සියලු දේ මැවීමෙන් පසු ඒවා පැවති තත්වයේම පැවතෙන්නට තිබිණි; තවද එය සදහටම රැඳී තිබෙනු ඇත, තවද එයට අවසානයක් නොපවතිනු ඇත.
23 තවද ඔවුන්ට දරුවන් නොලැබෙන්නට තිබිනි; එබැවින් ඔවුන් දුක්ඛිතබව නොදැන සිටි බැවින්, ඔවුන් කිසිදු ප්‍රීතියක් නොමැතිවද, කිසිඳු පාපයක් නොදැන සිටි බැවින් යහපතක් නොකරමින්ද, නිර්දෝෂී තත්වයක පවතින්නට තිබිණි.
24 නමුත් බලව, සියල්ල දන්නා තැනැන්වහන්සේ උන්වහන්සේගේ ප්‍රඥාවෙන් සියල්ල කර ඇති සේක.
25 ආදම් වැටුනේ මනුෂ්‍යයන් පවතිනු පිණිසය, තවද, මනුෂ්‍යයන් පැවතෙන්නේ එනම් ප්‍රීතිය ලබනු පිණිසය.
26 තවද මෙසියස්වහන්සේ කාලයෙහි පූර්ණත්වයෙන් පැමිණෙන සේක, එනම් උන්වහන්නේ මනුෂ්‍ය දරුවන් වැටීමෙන් මුදවා ගන්නා පිණිසය. තවද ඔවුන් වැටීමෙන් මුදවාගනු ලැබූ බැවින්, ඔවුන් සදාකාලිකවම නිදහස් වී, දුෂ්ඨකමින් යහපත දනිමින් සිටිති; දෙවියන්වහන්සේ දුන් අණ පනත්වලට අනුව බලවත් සහ අවසාන දිනයේ දී නීතියේ දඬුවම මගින් තමන් වෙනුවෙන් ක්‍රියා කිරීමට මිස ක්‍රියා කරවනු ලැබීමට නොවනු ඇත.
27 එබැවින්, මාංශය අනුව මනුෂ්‍යයන් නිදහස් වෙති; තවද සියලු දේ මනුෂ්‍යයාට යෝග්‍ය වන පරිදි ඔවුන් හට දෙනු ලැබේ. තවද සියලු මනුෂ්‍යන්ගේ බලවත් මැදිහත්කරුවාණන් මගින් ඔවුන්ට නිදහස සහ සදාකාල ජීවනය තෝරා ගැනීමට හෝ යක්ෂයාගේ වහල්භාවය සහ බලය අනුව වහල්භාවය සහ මරණය තෝරා ගැනීමට ඔවුන්ට නිදහස තිබේ; මක්නිසාද එනම් ඔහු සොයන්නේ සියලු මනුෂ්‍යයන් තමා සේ කාලකණ්නි වීමටය.
28 තවද දැන්, මාගේ පුත්‍රයෙනි, නුඹලා බලවත් මැදිහත්කරුවාණන් දෙස බලා උන්වහන්සේගේ බලවත් අණ පනත් වලට සවන් දිය යුතුයි; තවද උන්වහන්සේගේ වචන කෙරෙහි ඇදහිලිමත් වනු ඇතැයි කියාද, උන්වහන්සේගේ ශුද්ධවූ ආත්මයාණන්වහන්සේගේ කැමැත්තට අනුව සදාතන ජීවනය තෝරාගනු ඇතැයිද කියා මම කැමතිවන්නෙමි.
29 තවද යක්ෂයා ඔහුගේ රාජ්‍යය නුඹලා මත රජකම් කරනු පිණිස නුඹලාව වහල්භාවයට පත්කර නිරයේ පහතට ගෙන ඒම පිණිස යක්ෂයාගේ ආත්මයට බලය දෙන, එහි ඇති දුෂ්ඨකමේ හා මාංශයේ කැමැත්ත අනුව සදාතන මරණය තෝරා නොගන්න.
30 මාගේ පුත්‍රයෙනි, මාගේ පරිවාස කාලයෙහි අවසාන දිනවලදී මම මේ වචන කිහිපය නුඹලා සියලු දෙනාට කථාකර ඇත්තෙමි; තවද, අනාගතවක්තෘවරයාගේ වචනවලට අනුව මම යහපත් කොටස තෝරාගෙන ඇත්තෙමි. තවද නුඹලාගේ ප්‍රාණවල සදාතන ශුභසිද්ධිය හැරුණු විට වෙනත් අරමුණක් මට නැත. ආමෙන්.