27 වන පරිච්ඡේදය
අවසාන දවස්වල දී අඳුර සහ ඇදහිල්ලෙන් වැටීම මුළු පොළොවම වසා ගන්නේය – මොර්මන්ගේ පොත ඉදිරියට පැමිණෙනු ඇත – සාක්ෂිකරුවන් තිදෙනෙක් පොත ගැන සාක්ෂි දරනු ඇත – උගත් මනුෂ්‍යයා තමාට මුද්‍රා තැබූ පොත කියවන්නට නොහැකි බව පවසනු ඇත – ස්වාමීන්වහන්සේ අපූර්ව කාර්යයක් සහ පුදුමයක් සිදු කරන සේක – යෙසායා 29 සසඳන්න. ක්‍රි.පූ. 559–545 පමණ.
1 එහෙත්, බලව, අවසන් දවස්වල දී, නැතහොත් අන්‍යජාතිකයන්ගේ දවස්වල දී – එසේය, බලව සියලු අන්‍යජාතිකයන්ගේ ජාතීන් ද තවද යුදෙව්වන් ද, මෙම දේශය මතට පැමිණෙන්නන් ද වෙනත් දේශයන්වල සිටින්නන් ද, එසේය, පොළොව මත සියලු දේශයන් ද පවා, බලව, ඔවුන් අයුතුකමින් හා සියලු ආකාරයේ පිළිකුල් සහගත දේවලින් මත් වනුු ඇත්තේය –
2 තවද එම දවස පැමිණෙන කල සේනාවල ස්වාමීන්වහන්සේ, ගිගුරුම් සහ භූමිකම්පා ද, විශාල ශබ්දයකින් ද, කුණාටුවකින් ද, චණ්ඩ මාරුතයකින් ද, ගිල දමන ලද ගිනි දැල්ල සමඟින් ද, ඔවුන්ව බැහැදකින්න පැමිණෙන සේක.
3 තවද සයන්ට එරෙහිව සටන් වදින සියලු ජාතීන් ද, එනම් ඇයව විපතට පත්කරන්නන් ද, සිහිනයක් එනම් රාත්‍රීයේ දර්ශනයක් මෙන් වනු ඇත්තේය; එසේය, ඔවුනට ද එය, කුසගින්නෙන් පෙළෙන සිහින දකින මනුෂ්‍යයෙකු මෙන් වනු ඇත්තේය, තවද බලව ඔහු අනුභව කරන නමුත් ඔහු අවදිවන කල ඔහුගේ ආත්මය හිස්ව ඇත්තේය; නැතහොත් පිපාසයෙන් පෙළෙන සිහින දකින මනුෂ්‍යයෙකු මෙන්, තවද බලව ඔහු පානය කරන නමුත් ඔහු අවදිවන කල, බලව ඔහු පිපාසව සිටින්නේය; එසේය, සයන් කන්දට එරෙහිව සටන් කරන්නාවු සියලු ජාතීන්ගේ සමූහයා හට එසේම වන්නේය.
4 මක්නිසාද බලව, අයුතුකම් කරන්නාවූ සියල්ලනි, නැවතී සිට නුඹලාම විශ්මයට පත්වන්නන, මක්නිසාද නුඹලා වැලපෙන්නෙහුය, තවද වැලපෙන්නෙහුය; එසේය, නුඹලා මත්ව සිටින්නෝය, එහෙත් මුද්‍රික පානයෙන් නොවන අතර, නුඹලා වැනෙනු ඇත, එහෙත් සුරා පානයෙන් නොවන්නේය.
5 මක්නිසාද බලව, ස්වාමීන්වහන්සේ නුඹ මත ගැඹුරු නින්දේ ආත්මය ද වගුරුවන සේක. මක්නිසාද බලව, නුඹලා නුඹලාගේ දෑස් වසාගෙනය, තවද නුඹලා අනාගතවක්තෘවරුන් ප්‍රතික්ෂේප කළෝය; තවද නුඹලාගේ ආණ්ඩුකාරයින් ද, තවද දර්ශන දකින්නන් ද නුඹලාගේ අපරාධ නිසා උන්වහන්සේ වැසූ සේක.
6 තවද එය මෙසේ සිදු වනු ඇත, එනම් දෙවි වූ ස්වාමීන්වහන්සේ නුඹ වෙතට පොතක වචන ගෙන එන සේක, තවද ඒවා සැතපී සිටින ඔවුන්ගේ වචන වනු ඇත්තේය.
7 තවද බලව පොත මුද්‍රා තබනු ලබන්නේය; තවද ලෝකයේ පටන්ගැන්මේ සිට එහි අවසානය දක්වා, පොතෙහි දෙවියන්වහන්සේගේ එළිවරව්වක් ඇත්තේය.
8 එබැවින්, මුද්‍රා කර තිබෙන්නාවු දේවල් නිසා, මුද්‍රා කර තිබෙන දේවල් ජනතාවගේ දුෂ්ඨකම් සහ පිළිකුල් සහගත දවස්වල භාර දෙනු නොලබන්නේය. එබැවින් පොත ඔවුන්ගෙන් ඈත්ව තබනු ඇත්තේය.
9 එහෙත් පොත මනුෂ්‍යයෙක් වෙත භාර දෙනු ලබන්නේය, තවද ඔහු පොතේ වචන භාර දෙන්නේය, එම වචන දුවිල්ලෙහි සැතපී සිටින්නාවූ ඔවුන්ගේ වචන වන්නෝය, තවද ඔහු වෙනත් අයෙකු වෙත මෙම වචන භාර දෙනු ඇත්තේය;
10 එහෙත් මුද්‍රා තැබූ වචන ඔහු භාර දෙන්නේ නැත, ඔහු එම පොත ද භාර දෙන්නේ නැත. මක්නිසාද පොත දෙවියන්වහන්සේගේ බලය විසින් මුද්‍රා කරනු ලබන සේක, තවද මුද්‍රා තැබූ එළිදරව්ව ස්වාමීන්වහන්සේගේ යථා කාලය වන තුරු පොතෙහි තබනු ඇත්තේය, ඔවුන් ඉදිරියට පැමිණෙන ලෙසය; මක්නිසාද බලව, ඒවා ලෝකයේ පටන්ගැන්මේ සිට එහි අවසානය දක්වා සියල්ල එළි කරන්නෝය.
11 තවද මුද්‍රා තැබූ පොතේ වචන නිවෙස් මුදුන් සිට කියවන දවස පැමිණෙන්නේය; තවද ඒවා ක්‍රිස්තුස්වහන්සේගේ බලයෙන් කියවනු ලබන්නේය; මනුෂ්‍ය දරුවන් අතරේ තිබෙන්නා වූ කුමක් වුවද, තවද පොළවේ අවසානය දක්වා තිබෙන්නට ඇත්තාවූ කුමක් වුවද, සියලු දේවල් මනුෂ්‍ය දරුවන් හට අනාවරණය කරනු ඇත්තේය.
12 එබැවින්, එම දවසේ දී මා කතා කළ මනුෂ්‍යයා හට පොත භාර දෙනු ලබන විට, පොත භාර දෙනු ලබන්නාවූ තැනැත්තා හැර, එනම් දෙවියන්වහන්සේගේ බලය විසින්, සාක්ෂිකාරයන් තිදෙනා දකිනු හැරුනු කොට, කිසිවෙකුගේ දෑස් එය නොදකින ලෙස, ලෝකයාගේ දෑස්වලින් සඟවා තබනු ලබන්නේය; තවද පොතේ සහ එහි තිබෙන්නා වූ දේවල්වල සත්‍යතාවයට ඔවුහු සාක්ෂි දරනු ලබන්නෝය.
13 තවද එය බලන වෙනත් අයවලුන් නොමැත, දෙවියන්වහන්සේගේ කැමැත්තට අනුව කිහිප දෙනෙකු හැරුනුකොට, උන්වහන්සේගේ වචනය ගැන මනුෂ්‍ය දරුවන් හට සාක්ෂි දැරීම පිණිස; මක්නිසාද ඇදහිලිවන්තයන්ගේ වචන මළවුන්ගෙන් කතා කරනවාක් මෙන් විය යුතු බව දෙවි වූ ස්වාමීන්වහන්සේ පවසා ඇති සේක.
14 එබැවින්, දෙවි වූ ස්වාමීන්වහන්සේ පොතේ වචන ඉදිරියට ගෙන ඒම පිණිස ක්‍රියා කරන සේක; තවද උන්වහන්සේ හට යහපත් යැයි සිතෙන පරිදි සාක්ෂිකරුවන් බොහෝ දෙනෙකුගේ මුඛයෙන් උන්වහන්සේ තමන්වහන්සේගේ වචනය ස්ථාපිත කරන සේක; තවද දෙවියන්වහන්සේගේ වචනය ප්‍රතික්ෂේප කරන්නා හට දුක් වේ!
15 එහෙත් බලව, එය මෙසේ සිදු වනු ඇත, එනම් දෙවි වූ ස්වාමීන්වහන්සේ උන්වහන්සේ පොත භාර දෙන්නාවූ තැනැත්තා හට උන්වහන්සේ මෙසේ පවසන සේක: ඔහු මෙසේ කියමින් ඒවා උගතෙකුට පෙන්වන පිණිස, මුද්‍රා තබා නැති මෙම වචන රැගෙන ඒවා වෙනත් අයෙකුට භාර දෙන්න: මෙය කියවන්න, මම නුඹෙන් ඉල්ලමි. තවද උගත් පුද්ගලයා මෙසේ පවසන්නේය: පොත මෙහි ගෙන එන්න, තවද මම ඒවා කියවන්නෙමි.
16 තවද දැන්, ලෝකයේ මහිමය හේතුවෙන් සහ වාසි ලබා ගැනීම සදහාත් ඔවුන් මෙලෙස කියනු ඇත, තවද දෙවියන්වහන්සේගේ මහිමය උදෙසා නොවන්නේය.
17 තවද මනුෂ්‍යයා මෙසේ කියනු ඇත: මා හට පොත රැගෙන ආ නොහැක, මක්නිසාද එය මුද්‍රා තබා ඇත්තේය.
18 එවිට උගතා මෙසේ කියනු ඇත්තේය: මට එය කියවිය නොහැක.
19 එබැවින් එය මෙසේ සිදු වනු ඇත, එනම් දෙවි වූ ස්වාමීන්වහන්සේ නැවත පොත සහ එහි ඇති වචන භාර දෙනු ලබන්නේ නූගත් පුද්ගලයා වෙතයි; තවද නූගත් පුද්ගලයා මෙසේ පවසනු ඇත්තේය: මම උගත් නොවන්නෙමි.
20 එවිට දෙවි වූ ස්වාමීන්වහන්සේ ඔහු හට මෙසේ පවසන සේක: උගතුන් ඒවා කියවනු නොලබන්නේය, මක්නිසාද ඔවුන් ඒවා ප්‍රතික්ෂේප කර ඇත්තේය, තවද මා හට මාගේ කාර්යය කර ගැනීමට හැකිය; එබැවින් මා නුඹ හට දෙන්නා වූ වචන නුඹ කියවිය යුතු වන්නේය.
21 මුද්‍රා කරනු ලැබූ දේවල් නොඅල්ලනු, මක්නිසාද මම මාගේ යථා කාලයේ දී ඒවා ඉදිරියට ගෙන එන්නෙමි; මක්නිසාද එනම් මට මාගේ කාර්යය කළ හැකි බව මම මනුෂ්‍ය දරුවන් හට පෙන්වන්නෙමි.
22 එබැවින්, මම නුඹට ආඥා කළ මෙම වචන නුඹ කියවන්නාවු විට, තවද මා නුඹට පොරොන්දු වූ සාක්ෂිය ලබා ගත් පසු, තවද එනම් මම නුඹ නොකියවූ වචන රකිනු පිණිස, මනුෂ්‍ය දරුවන් හට සියලු දේ අනාවරණය කිරීමට මාගේ ස්වකීය ප්‍රඥාවෙන් සුදුසු යැයි මා දකින තුරු, එවිට නුඹ නැවතත් පොතට මුද්‍රා තබා, මා වෙතට එය සැඟවිය යුතුය.
23 මක්නිසාද බලව, මම දෙවියන්වහන්සේ වන්නෙමි; තවද මම හාස්කම් කරන්නා වූ දෙවියන්වහන්සේ වන්නෙමි; තවද මම ඊයේත්, අදත්, තවද සදාකාලයටත් සමාන බව මම ලෝකයාට පෙන්වන්නෙමි; තවද ඔවුුුුුන්ගේ ඇදහිල්ලට අනුව මිස මම මනුෂ්‍ය දරුවන් අතර ක්‍රියා නොකරන්නෙමි.
24 තවද නැවතත් එය මෙසේ සිදු වනු ඇත, එනම් ස්වාමීන්වහන්සේ තමාට ලබා දෙන්නාවූ වචන කියවන්නා හට මෙසේ පවසන සේක:
25 එපමණකින්ම මෙම ජනතාව ඔවුන්ගේ මුඛයෙන් මා හට ළංවී, තමුන්ගේ තොල්වලින් මා හට ගෞරව කරන නමුත්, ඔවුන්ගේ හදවත් මාගෙන් ඈතට ඉවත් කර ඇත, තවද මා කෙරෙහි ඔවුන්ගේ බිය මනුෂ්‍යයාගේ ආඥාවන්ට අනුව උගන්වනු ලබන්නේය –
26 එසේහෙයින්, මම මෙම ජනතාව අතර පුදුම ක්‍රියාවක් කරන්නෙමි, එසේය, පුදුම වූ අපූරු ක්‍රියාවක්, මක්නිසාද ඔවුන්ගේ ප්‍රඥාවන්තයන්ගේ සහ උගතුන්ගේ ප්‍රඥාව විනාශ වී යන්නේය, තවද ඔවුන්ගේ නැණවතුන්ගේ තේරුම් ගැනීම සැඟවී යන්නේය.
27 තවද ස්වාමීන්වහන්සේගෙන් තම උපදේශ සැඟවීමට ගැඹුර සොයන්නන්ට දුක් වේ! තවද ඔවුන්ගේ කාර්යයන් අඳුරේය: තවද ඔවුහු මෙසේ කියති: අපව දකින්නේ කවුරුන් ද සහ අපව හඳුනන්නේ කවුරුන්ද? තවද ඔවුහු මෙලෙස ද කියති: නිසැකවම, නුඹලා දේවල් උඩ පෙරළන හැටි කුඹල්කරුගේ මැටි මෙන් සලකනවා ඇත. එහෙත් බලව, මම ඔවුන්ගේ සියලු ක්‍රියාවන් දන්නා බව, මම ඔවුන් හට පෙන්වන්නෙමි, සේනාවල ස්වාමීන්වහන්සේ පැවසූ සේක. මක්නිසාද ඔහු මා නිම කළේ නැතැයි, කාර්යය තම නිර්මාතෘ ගැන කියාවිද? නැතහොත් ඔහුට වැටහීමක් නැතැයි, සෑදූ දේ තමා සෑදූ තැනැත්තා ගැන කියාවිද?
28 එහෙත් බලව, සේනාවල ස්වාමීන්වහන්සේ පැවසූ සේක: එනම් තව කෙටි කාලයක් ඇත්තේය, එවිට ලෙබනොන් ඵල සහිත උයනක් බවට පත් වනු ඇති බව මම මනුෂ්‍ය දරුවන් හට පෙන්වන්නෙමි; තවද ඵල සහිත උයන වනාන්තරයක් මෙන් සැලකිල්ලට ගනු ලබන්නේය.
29 තවද එම දවසේ දී බිහිරන් පොතේ වචන අසන්නේය, අන්ධයන්ගේ ඇස් අප්‍රසිද්ධියෙන් පිටතට සහ අන්ධකාරයෙන් පිටතට දකිනු ඇත්තේය.
30 තවද යටහත්පහත් වූවන් ද වර්ධනය වී, තවද ස්වාමීන්වහන්සේ තුළ ඔවුන්ගේ ප්‍රීතිය වනු ඇත්තේය, තවද මනුෂ්‍යයන් අතර දුප්පතුන් ඊශ්‍රායෙලයේ ශුද්ධ වූ තැනන්වහන්සේ කෙරෙහි ප්‍රීතිමත් වනු ඇත්තේය.
31 මක්නිසාද නිසැකවම ස්වාමීන්වහන්සේ ජීවත් වෙනතාක් ඔවුන් බලහත්කාරකම් කරන්නාගේ බලය පහවීම, තවද නින්දාකරන්නා ගිලගැනීම, තවද අයුතුකම්කරන්ට බලා සිටින සියල්ලන් කපා දමන බවත් ඔවුන් දකිනු ඇත්තේය;
32 තවද ඔවුන් වචනයක් හේතුවෙන් මනුෂ්‍යයෙකු වැරදිකරුවෙකු කරති, තවද දොරටුවේ දී අවවාද කරන්නාට උගුලක් තබති, තවද යුක්ති සහගත අය නිශ්ඵල ලෙස සලකති.
33 එසේහෙයින්, ආබ්‍රහම් මිදුවා වූ, ස්වාමීන්වහන්සේ, යාකොබ්ගේ වංශය ගැන මෙසේ පවසන සේක: යාකොබ් දැන් ලැජ්ජාවට පත්නොවන්නේය, ඔහුගේ මුහුණ ද දැන් සුදුමැලි බවට පත් නොවන්නේය.
34 එහෙත් මාගේ දෑතින් වූ කාර්යය, තමාගේ දරුවන්, තමා සමඟ සිටිනවා ඔහු දුටුවාම, ඔවුන් මාගේ නාමය පවිත්‍ර කරන්නෝය, තවද ඔවුන් යාකොබ්ගේ ශුද්ධ වූ තැනැන්වහන්සේ පවිත්‍ර කරන්නෝය, තවද ඊශ්‍රායෙලයේ දෙවියන්වහන්සේ කෙරෙහි බියෙන් යුක්තව සිටින්නෝය.
35 ආත්මයෙන් වැරදි කළ අය වටහාගැනීමට පැමිණෙන්නෝය, තවද මැසිවිලි නඟන අය දහම ඉගෙන ගනු ඇත්තේය.