25 වන පරිච්ඡේදය
නීෆායි සරලභාවය තුළ මහිමවත් වේ – යෙසායාගේ අනාවැකි අවසාන දවස්වලදී තේරුම් ගනු ඇත – යුදෙව්වරුන් බබිලෝනියෙන් හැරී ආපසු පැමිණෙති, මෙසියස්වහන්සේව කුරුසියේ ඇණ ගසා, තවද විසුරුවා හරිනු ලැබ කසපහර දෙනු ලබයි – ඔවුන් මෙසියස්වහන්සේ කෙරෙහි විශ්වාස කරන විට ඔවුන්ව නැවත පිහිටුවනු ලබන්නේය – ලීහායි ජෙරුසලම හැර ගොස් අවුරුදු 600 කට පසුව උන්වහන්සේ පළමු වරට පැමිණෙන සේක – නීෆායිවරුන් මෝසෙස්ගේ නීතිය පිළිපදින අතර ඊශ්‍රායෙල්හි ශුද්ධ වූ තැනැන්වහන්සේ වන ක්‍රිස්තුස්වහන්සේව විශ්වාස කරති. ක්‍රි.පූ. 559–545 පමණ.
1 දැන් මම, නීෆායි, මා විසින් ලියන ලද එනම්, යෙසායාගේ මුඛයෙන් කථා කරන ලද සමහරක් වචන සම්බන්ධයෙන් කථා කරන්නෙමි. මක්නිසාද බලන්න, මාගේ ජනතාවගෙන් බොහෝ දෙනෙකුට තේරුම් ගැනීමට අපහසු වූ බොහෝ දේ යෙසායා විසින් කථා කර ඇත්තේය; මක්නිසාද යුදෙව්වරුන් අතර අනාවැකි ප්‍රකාශ කිරීමේ ආකාරය ඔවුන් නොදන්නෝය.
2 මක්නිසාද මම, නීෆායි, ඔවුන් හට යුදෙව්වරුන්ගේ ආකාරය පිළිබඳ බොහෝ දේ ඉගැන්වුයේ නැත; මක්නිසාද ඔවුන්ගේ ක්‍රියා අන්ධකාරයේ ක්‍රියාවන් වූ අතර, තවද ඔවුන්ගේ ක්‍රියාවන් පිළිකුල් සහගත ක්‍රියාවන් විය.
3 එබැවින්, මෙතැන් පටන් මා විසින් ලියන මෙම දේවල් ලබන්නාවු සියල්ලන් හට ලියන්නෙමි, එනම් ඔවුන් දෙවියන්වහන්සේගේ විනිශ්චයන් දැන ගන්නා පිණිසත්, එය සියලු ජාතීන් කෙරෙහි පැමිණෙන හෙයින්, උන්වහන්සේ විසින් කථා කළ වචනයට අනුව, මා මාගේ ජනතාව වෙතට ලියන්නෙමි.
4 එබැවින්, ඊශ්‍රායෙල් වංශය වන, අහෝ මාගේ ජනතාවෙනි, ඇහුම්කම් දී, තවද මාගේ වචනය අසාපල්ලා; මක්නිසාද යෙසායාගේ වචන නුඹලා හට සරල නොවන නිසාවෙන්, එසේනමුත් අනාවැකියේ ආත්මයෙන් පිරී සිටින සියල්ලන් හට ඒවා සරල වන්නේය. එහෙත් මා තුළ සිටින ආත්මයාණන්වහන්සේට අනුව මම නුඹලාට අනාවැකියක් දෙන්නෙමි; එබැවින් මම මාගේ පියා සමඟ ජෙරුසලමෙන් පිටතට පැමිණි කාලයේ සිට මා සමඟ පැවති සරලබවේ අනුකාරයෙන් මම අනාවැකි කියන්නෙමි. මක්නිසාද බලව, එනම් ඔවුන් ඉගෙන ගන්නා පිණිස, මාගේ ජනතාව කෙරෙහි සරල භාවයෙන්, මාගේ ප්‍රාණය ප්‍රීති වන්නෝය.
5 එසේය, තවද මාගේ ප්‍රාණය යෙසායාගේ වචන පිළිබඳ ප්‍රමෝද වන්නේය, මක්නිසාද මම ජෙරුසලමෙන් පිටතට පැමිණියෙමි, තවද මාගේ දැස් යුදෙව්වරුන්ගේ දේවල් දුටුවෙමි, තවද අනාගතවකෘවරුන්ගේ දේවල් යුදෙව්වරුන් තේරුම් ගන්නා බව මම දන්නෙමි, තවද යුදෙව්වරුන් හට ප්‍රකාශ කරන ලද දේවල් ඔවුන් මෙන් තේරුම් ගන්නා වෙනත් ජනතාවක් නොමැත්තේය, එසේ නොමැති නම් ඔවුන් හට යුදෙව්වරුන්ගේ දේවල් එම ආකාරයෙන් ඉගැන්විය යුතු වන්නේය.
6 එහෙත් බලව, මම, නීෆායි, මාගේ දරුවන්ට යුදෙව්වරුන්ගේ ආකාරයට අනුව උගන්වා නැත්තේය; එහෙත් බලව, මම, මා විසින්ම, ජෙරුසලමෙහි වාසය කළෙමි, එබැවින් අවට ප්‍රදේශ පිළිබඳව මම දනිමි; තවද මගේ දරුවන්ට යෙසායා පැවසූ සියල්ලට අනුව, යුදෙව්වරුන් අතරේ සිදු වූ දෙවියන්වහන්සේගේ විනිශ්චයන් පිළිබඳ මම මගේ දරුවන්ට සඳහන් කළෙමි, තවද මම ඒවා නොලියන්නෙමි.
7 එහෙත් බලව, මාගේ සරල භාවයට අනුව, මම මාගේම අනාවැකි සමඟ ක්‍රියා කරන්නෙමි; ඒ තුළ කිසිදු මනුෂ්‍යයෙකුට වැරදි කළ නොහැකි බව මම දනිමි; එසේනමුත්, යෙසායාගේ අනාවැකි සම්පූර්ණ වන කාලයේදී එනම් එම දවස්වලදී එම දේවල් සිදුවන විට, මනුෂ්‍යයන් සැබවින්ම දැන ගනු ඇත්තේය.
8 එබැවින්, මනුෂ්‍ය දරුවන් හට ඒවා වටින්නේය, තවද ඒවා එසේ නොවන්නේ යැයි යමෙකු සිතන්නේ නම්, මම ඔවුන් හට විශේෂයෙන් කතා කරන්නෙමි, තවද මම මාගේම ජනතාව වෙතට වචනය සීමා කරන්නෙමි; මක්නිසාද අන්තිම දවස්වලදී ඔවුන් හට ඒවා බොහෝ වටිනා කමක් ලැබෙන බව මම දනිමි; මක්නිසාද එම දවසේදී ඔවුන් ඒවා තේරුම්ගන්නෝය; එබැවින්, ඔවුන්ගේ යහපත උදෙසා මම ඒවා ලියා තැබුවෙමි.
9 තවද යුදෙව්වරුන් අතරෙන් අයුතුකම නිසා එක් පරම්පරාවක් විනාශ වූවාක් මෙන්, එසේවුවත් ඔවුන්ගේ අයුතුකම් අනුව ඔවුන් පරම්පරාවෙන් පරම්පරාවට විනාශ වී ඇත්තේය; තවද ස්වාමීන්වහන්සේගේ අනාගතවක්තෘවරුන් විසින් ඔවුන්ට පුරෝකථනය කරන ලද ඒවා මිස ඔවුන්ගෙන් කිසිවෙකු විනාශ වී නැත්තේය.
10 එබැවින්, මාගේ පියා ජෙරුසලමෙන් පිටව ගිය විගසම, ඔවුන් මතට පැමිණෙන්නා වූ විනාශය පිළිබඳ ඔවුන් හට පවසා ඇත්තේය; එසේනමුත් ඔවුන් ඔවුන්ගේ හදවත් දැඩිකර ගත්තෝය; තවද මාගේ අනාවැකියට අනුව වහල්භාවයෙන් බබිලෝනියාවට ගෙන යන ලැබුවන් හැරුනු විට, ඔවුන් විනාශ කරනු ලැබුවෝය.
11 තවද දැන් මා මෙය කතා කරන්නේ මා තුළ ඇත්තාවූ ආත්මයාණන්වහන්සේ නිසාය. තවද කෙසේ වුවත් රැගෙන යනු ලැබුවා වු ඔවුන් නැවත හැරි පැමිණෙන අතර, තවද ජෙරුසලම් දේශය යටත්කර ගන්නෝය; එබැවින්, ඔවුන් නැවත ඔවුන්ගේ උරුමයේ දේශයට නැවත පිහිටවනු ලබනු ඇත්තේය.
12 එහෙත්, බලව, ඔවුන් හට යුද්ධ, සහ යුද්ධ පිළිබඳ කටකතා තිබෙනු ඇත්තේය. තවද එනම් පියාණන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන් වන, එසේය, ස්වර්ගයේ සහ පොළොවෙහි පියාණන් වූ ද, මාංශයෙන් ඔවුන් හට ප්‍රකාශ වන දවස පැමිණෙන විට, බලව, ඔවුන්ගේ අයුතුකම් ද, ඔවුන්ගේ හදවත් වල දැඩිකම ද, තවද ඔවුන්ගේ දැඩි මුරංඩුකම නිසා ද, ඔවුන් උන්වහන්සේව ප්‍රතික්ෂේප කරනු ඇත්තෝය.
13 බලව, ඔවුන් උන්වහන්සේව කුරුසියේ ඇණ ගසනු ලබන්නේය; තවද උන්වහන්සේ දින තුනක කාලයකට සොහොන් ගෙයක තැන්පත් කරනු ලැබුවාට පසු, උන්වහන්සේගේ පියාපත්වල සුව කිරීම ඇතිව උන්වහන්සේ මළවුන්ගෙන් නැඟිටින්නේය; තවද උන්වහන්සේගේ නාමය විශ්වාස කරන්නාවු සියල්ලෝම දෙවියන්වහන්සේගේ රාජ්‍යයෙහි ගළවනු ලබන්නෝය. එබැවින්, උන්වහන්සේ පිළිබඳ අනාවැකි කීමට මාගේ ආත්මය ප්‍රිය කරන්නේය, මක්නිසාද මම උන්වහන්සේගේ දවස දුටුවෙමි, තවද මාගේ හදවත උන්වහන්සේගේ ශුද්ධවූ නාමය උසස් කරන්නේය.
14 තවද බලව එය මෙසේ සිදු වනු ඇත්තේය, එනම් මෙසියස්වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වී, තවද උන්වහන්සේගේ නාමය විශ්වාස කරන්නාවු සියල්ලන්ටම, උන්වහන්සේ තමන්වහන්සේගේ ජනතාවට ප්‍රකාශ වන්නේය, බලන්න, ජෙරුසලම නැවත විනාශ කරනු ලබන්නේය; මක්නිසාද දෙවියන්වහන්සේට සහ උන්වහන්සේගේ සභාවේ ජනතාවට විරුද්ධව සටන් කරන්නාවු අයට දුක්වේ.
15 එබැවින්, යුදෙව්වන් සියලු ජාතීන් අතර විසුරුවනු ලබන්නේය; එසේය, තවද එසේම බබිලෝනියාව ද විනාශ කරනු ලබන්නේය; එබැවින් යුදෙව්වන් අනෙක් ජාතීන් විසින් විසුරුවා හරිනු ලබන්නේය.
16 තවද ඔවුන්ව විසුරුවා හරිනු ලැබුවාට පසු, තවද ස්වාමීන් වූ දෙවියන්වහන්සේ අනෙක් ජාතීන් අතින් ඔවුන් හට පරම්පරා බොහෝමයක කාලපරිච්ඡේදයකට, එසේම, පරම්පරාවෙන් පරම්පරාවකට පහතට ඔවුන්ව ක්‍රිස්තුස්වහන්සේව ද, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ව ද, තවද සියලු මනුෂ්‍ය වර්ගයා සදහා වූ අපරිමිත වන්දිගෙවීම තුළ විශ්වාස කිරීමට ද පොළොඹවා ගන්නා තුරු කස පහර දුන්නෝය – තවද ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි විශ්වාස කරමින් ද, පවිත්‍ර හදවත් සහ පිරිසිදු දෑත් ඇතිව, පියාණන්වහන්සේට උන්වහන්සේගේ නාමයෙන් නමස්කාර කරමින්, තවද වෙනත් මෙසියස්වහන්සේ කෙනෙකුන් දෙස ඉදිරියට බලා නොසිටින්නා වූ එම දවසක් පැමිණෙන විට, එවිට එම කාලයේදී, ඔවුන් මෙම දේවල් විශ්වාස කිරීමට යෝග්‍යය දවසක් පැමිණෙන්නේය.
17 තවද උන්වහන්සේගේ ජනතාව ඔවුන්ගේ නැතිවුණාවූ සහ වැටුණාවූ තත්වයෙන් නැවත පිහිටුවීමට, ස්වාමීන්වහන්සේ උන්වහන්සේගේ හස්තය දෙවනි වරටත් තැබීමට සලස්වන්නේය.
18 එබැවින්, අවසාන දවසේදී ඔවුන්ව විනිශ්චය කරන්නා වූ එම වචන, එනම් උන්වහන්සේ, උන්වහන්සේගේ වචන ඔවුන් වෙතට ගෙන එන්නේය, මක්නිසාද ඔවුන්ගෙන් ප්‍රතික්ෂේප වූ උන්වහන්සේව, එනම් සැබෑ වූ මෙසියස්වහන්සේ බව ඒත්තු ගැන්වීමේ අරමුණෙන් ද; තවද ඔවුන් තවත් මෙසියස්වහන්සේ කෙනෙකුන් දෙස බලා සිටීමට අවශ්‍යය නොවන බවට ඔවුන්ව ඒත්තු ගැන්වීමට පවා ඒවා ඔවුන්ට ලබා දී ඇත්තේය, මක්නිසාද ජනතාව මුලා කරන්නා වූ බොරු මෙසියස්වහන්සේ කෙනෙකුන් මිස, එහි වෙන කිසිවෙකු නොපැමිණෙන්නේය; මක්නිසාද එහි වන්නේ අනාගතවක්තෘවරුන් පැවසූ එක් මෙසියස්වහන්සේ කෙනෙක් පමණි, තවද එම තැනැන්වහන්සේ යුදෙව්වන් විසින් ප්‍රතික්ෂේප කරනු ලබන්නා වූ මෙසියස්වහන්සේ වන්නේය.
19 මක්නිසාද අනාගතවක්තෘවරුන්ගේ වචන වලට අනුව, මාගේ පියා ජෙරුසලම අත්හැරිය කාලය සිට අවුරුදු හයසියයකින් මෙසියස්වහන්සේ පැමිණෙන්නේය; තවද අනාගතවක්තෘවරුන්ගේ වචන වලට අනුව, තවද දෙවියන්වහන්සේගේ දේවදූතයාගේ වචනයට අනුව ද, උන්වහන්සේගේ නාමය දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් වූ, ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ වන්නේය.
20 තවද දැන්, මාගේ සහෝදරයිනි, එනම් නුඹලා වැරදි නොකරන පිණිස මා සරලවම කථා කොට ඇත්තෙමි. තවද දෙවි වූ ස්වාමීන්වහන්සේ ජීවත්වන්නා සේ එනම් ඊශ්‍රායෙලය මිසර දේශයෙන් පිටතට රැගෙන විත්, තවද විසකුරු සර්පයන් ඔවුන්ව සපා කෑ පසු, ඔහු විසින් ඔවුන් ඉදිරියේ ඔසවනු ලැබූ සර්පයා දෙස ඔවුන්ගේ දෑස් යොමු කරන්නේ නම්, ඔහු ජාතීන් සුව කරන පිණිස මෝසෙස්ට බලය ලබා දී, තවද එසේම ඔහු පර්වතයට පහරදී ජලය ඉදිරියට පැමිණෙන පිණිස ඔහුට බලය ලබා දුන් සේම; එසේම, බලන්න මම නුඹලාට කියන්නෙමි, තවද මෙම දේවල් සත්‍යවන්නාක් මෙන්ම, තවද දෙවි වූ ස්වාමීන්වහන්සේ ජීවත්වන්නාක් මෙන්ම, එහි මා විසින් පවසන ලද, මනුෂ්‍යයාට ගැළවීමට හැකිවන මෙම ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ හැරුනු විට ස්වර්ගයෙහි පහත වෙනත් නාමයක් නොවන්නේය.
21 එබැවින්, මා විසින් ලියන ලද මෙම දේවල් සුරැකිව තබා ගැනීමට මෙම අරමුණ සදහා මාගේ වංශයටද, පරම්පරාවෙන් පරම්පරාවටද අතට පත් කිරීමට දෙවි වූ ස්වාමීන්වහන්සේ මා හට පොරොන්දු වූ සේක, එනම් ඔහුගේ වංශය ලෝකය පවතින තෙක් කිසිකලෙක නොනැසෙන බවට, යෝසෙප් වෙතට දුන් පොරොන්දුව සම්පූර්ණ වන පිණිසය.
22 එබැවින්, මෙම දේවල් ලෝකය පවතින තෙක් පරම්පරාවෙන් පරම්පරාවට යන්නේය; තවද ඒවා දෙවියන්වහන්සේගේ කැමැත්තට සහ ආශාවට අනුව යන්නේය; තවද ඒවා අයත් කරගන්නා ජාතීන්, ඒවායේ ලියා ඇති වචනයට අනුව විනිශ්චය කරනු ලබන්නේය.
23 මක්නිසාද අප අපගේ දරුවන්වද, තවද එසේම අපගේ සහෝදරයන්වද, ක්‍රිස්තුස්වහන්සේව විශ්වාස කරන පිණිසත්, තවද දෙවියන්වහන්සේ සමඟ සමගි වන පිණිසත් පොළොඹවන පිණිස ලිවීම සදහා උද්යෝගිමත්ව ක්‍රියා කරන්නේය; මක්නිසාද අපට කළ හැකි සියල්ලටත් පසුව, අප ගැළවී සිටින්නේ කරුණාව නිසා බව අප දන්නෙමු.
24 තවද, එතකුදු වුවත් අප ක්‍රිස්තුස්වහන්සේ තුළ විශ්වාස කරන්නෙමු, අප මෝසෙස්ගේ නීතිය පවත්වන්නෙමු, තවද නීතිය සම්පූර්ණ වන තුරු, ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ස්ථීරව ඉදිරිය දෙස බලන්නෙමු.
25 මක්නිසාද, මෙම අරමුණ සඳහා නීතිය ලබා දී ඇත්තේය; එබැවින් නීතිය අපට මරණය බවට පත් වී ඇත්තේය, තවද අපගේ ඇදහිල්ල නිසාවෙන් ක්‍රිස්තුස්වහන්සේ තුළ ජීවත් කරවනු ලැබුවේය; එහෙත් ආඥා නිසාවෙන් අප නීතිය පවත්වන්නෙමු.
26 තවද අප ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ කථා කරන්නෙමු, අප ක්‍රිස්තුස්වහන්සේ තුළ ප්‍රීති වන්නෙමු, අප ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ දේශනා කරන්නෙමු, තවද අපගේ අනාවැකිවල ආකාරයට අප ලියන්නෙමු, එනම් අපගේ දරුවන් ඔවුන්ගේ පාපයන් උදෙසා පව්කමාව ලබා ගැනීමට කුමක් දෙස බැලිය යුතුදැයි ඔවුන් දැන ගන්නා පිණිසය.
27 එබැවින්, අප නීතිය පිළිබඳව කථා කරන්නේ, එනම් අපගේ දරුවන් නීතියේ මරණීයභාවය දැන ගන්නා පිණිසය; තවද ඔවුන්, නීතියේ මරණීයභාවය දැන, එනම් ක්‍රිස්තුස්වහන්සේ තුළ වූ එම ජීවිතය දෙස ඉදිරියට බලමින්, කුමන අරමුණක් සඳහා නීතිය ලබාදුන්නේද යන්න දැන ගැනීම පිණිසය. තවද ක්‍රිස්තුස්වහන්සේ තුළ නීතිය සම්පූර්ණ වූ පසු, එනම් නීතියේ යෝග්‍යයතාවය අවසන් වූ විට ඔවුන් උන්වහන්සේට විරුද්ධව ඔවුන්ගේ හදවත් දැඩි කර ගත යුතු නැත්තේය.
28 තවද දැන් බලව, මාගේ ජනතාවෙනි, නුඹලා මුරණ්ඩු ජනතාවක්ය; එබැවින්, නුඹලා වැරදි ලෙස තේරුම් නොගන්නා පිණිස, මා නුඹලාට පැහැදිලිව කථා කොට ඇත්තෙමි. තවද මා කථා කළ වචන නුඹලාට විරුද්ධව සාක්ෂියක් ලෙස නැගීසිටිනු ඇත්තේය; මක්නිසාද ඒවා ඕනෑම මනුෂ්‍යයෙකුට නිවැරදි මාර්ගය ඉගැන්වීමට ප්‍රමාණවත් වන්නේය; මක්නිසාද නිවැරදි මාර්ගය ක්‍රිස්තුස්වහන්සේව විශ්වාස කිරීමත් තවද උන්වහන්සේව ප්‍රතික්ෂේප නොකිරීමත්ය; මක්නිසාද උන්වහන්සේව ප්‍රතික්ෂේප කිරීම තුළින් නුඹලා එසේම අනාගතවකෘවරුන් සහ තවද නීතිය ද ප්‍රතික්ෂේප කරන්නෙහුය.
29 තවද දැන් බලව, මා නුඹලාට කියන්නෙමි, එනම් නිවැරදි මාර්ගය නම් ක්‍රිස්තුස්වහන්සේව විශ්වාස කිරීමත්, තවද උන්වහන්සේව ප්‍රතික්ෂේප නොකිරීමත්ය; තවද ක්‍රිස්තුස්වහන්සේ ඊශ්‍රායෙල්හි ශුද්ධ වූ තැනැන්වහන්සේය; එබැවින් නුඹලා උන්වහන්සේ අභිමුඛයෙහි දනින් වැටී, තවද නුඹලාගේ සියලු බලයෙන්, මනසින් සහ ශක්තියෙන් සහ නුඹලාගේ මුළු ප්‍රාණයෙන් උන්වහන්සේට නමස්කාර කළ යුත්තේය; තවද නුඹලා මෙය කරන්නේ නම් කිසිසේත් නුඹලාව ඉවතට නොදමන්නේය.
30 තවද, එපමණකින් මෝසෙස් වෙත ලබා දුන්නාවු නීතිය සම්පූර්ණ වන තුරු නුඹලාගේ ක්‍රියාවන් සහ දෙවියන්වහන්සේගේ වත්පිළිවෙත් ද පැවැත්වීම අත්‍යාවශ්‍ය වන්නේය.