11 වන පරිච්ඡේදය
ජේකබ් ඔහුගේ මිදුම්කරුවාණන් දකියි – මෝසෙස්ගේ නීතිය ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ පැමිණීම සංකේතවත් කරයි. ක්‍රි.පූ. 559–545 දී පමණ.
1 තවද දැන්, ජේකබ් ඒ වේලාවේ දී මාගේ ජනතාවට තවත් බොහෝ දේවල් කීවේය. එසේනමුත් මේ දේවල් පමණක් ලිවීමට මා පෙළඹුණෙමි, මක්නිසාද මා විසින් ලියූ දේ මට ප්‍රමාණවත්ය.
2 තවද දැන් මම, නීෆායි, යෙසායාගේ බොහෝ වචනයන් ලියන්නෙමි. මක්නිසාද ඔහුගේ වචන තුළ මාගේ ආත්මය ප්‍රමෝදමත් කරයි. මක්නිසාද මම ඔහුගේ වචන මාගේ ජනතාව මත සමාන කරන්නෙමි, තවද මම ඒවා මාගේ සියලු දරුවන් වෙතට යවන්නෙමි, මක්නිසාද යත්, මා උන්වහන්සේ දුටුවාක් මෙන්, ඔහු සැබවින්ම මාගේ මිදුම්කරුවාණන් දුටුවේය.
3 තවද මාගේ සහෝදරයා, ජේකබ්, එසේම මා උන්වහන්සේව දුටුවාක් මෙන් ඔහු ද උන්වහන්සේව දුටුවේය; එබැවින්, මාගේ වචන සත්‍ය බව ඔවුන්ට ඔප්පු කරන පිණිස මම ඔවුන්ගේ වචන මාගේ දරුවන් හට යවන්නෙමි. එබැවින්, තිදෙනෙකුගේ වචනවලට අනුව, මම මාගේ වචනය පිහිටුවන්නෙමි යැයි, දෙවියන්වහන්සේ වදාළ සේක, එසේ වූවත්, දෙවියන්වහන්සේ බොහෝ සාක්ෂිකරුවන් එවන සේක, තවද උන්වහන්සේ උන්වහන්සේගේ සියලු වචන ඔප්පු කරන සේක.
4 බලව, මාගේ ජනතාවට ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීම පිළිබඳ සත්‍යය ඔප්පු කිරිමෙන් මාගේ ආත්මය ප්‍රමෝදමත් වන්නේය; මක්නිසාද, මේ සඳහා මෝසෙස්ගේ නීතිය ලබා දී ඇත; තවද, මනුෂ්‍යයන් හට, ලෝකය පටන්ගැන්මේ සිට දෙවියන්වහන්සේ ලබා දී ඇති සියලු දේවල්, උන්වහන්සේව සංකේතවත් වන සේක.
5 තවද මාගේ ආත්මය ස්වාමීන්වහන්සේ අපගේ පියවරුන් සමඟ ඇති කර ගත් ගිවිසුම් තුළ ප්‍රමෝදමත් වෙයි; එසේය, මාගේ ආත්මය උන්වහන්සේගේ කරුණාවෙන් ද, උන්වහන්සේගේ යුක්තියෙන්ද, තවද බලයෙන්ද, මරණයෙන් ගැලවීමේ මහත් සදාකාලික සැලැස්මේ කරුණාව තුළ ප්‍රමෝදමත් වෙයි.
6 තවද ක්‍රිස්තුස්වහන්සේ නොපැමිණේ නම් එනම් සියලු මනුෂ්‍යයන් විනාශ වන බව මාගේ ජනතාවට ඔප්පු කිරීමෙන් මාගේ ආත්මය ප්‍රමෝදමත් වෙයි.
7 මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේ නොමැති සේක් නම් දෙවියන්වහන්සේද නොමැත; තවද දෙවියන්වහන්සේ නොමැති සේක් නම් අප ද නොමැත, මක්නිසාද මැවීමක් ද සිදු විය නොහැක. එහෙත් දෙවියන්වහන්සේ සිටින සේක, තවද උන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේය, තවද උන්වහන්සේගේ කාල පූර්ණත්වයෙහි දී උන්වහන්සේ පැමිණෙන සේක.
8 තවද දැන් මම යෙසායාගේ සමහරක් වචන ලියන්නෙමි, එනම් මාගේ ජනතාවගෙන් යමෙක් මෙම වචන දකින කවරෙකු වූවත් ඔවුන්ගේ හදවත් ඔසවා සහ සියලු මනුෂ්‍යයින් සඳහා ප්‍රීතිමත් වනු ඇත. දැන් මෙය එම වචන වේ, තවද නුඹලාටත් සියලු මනුෂ්‍යයන්ටත් අදාළ කරගත හැකිය.