ශුද්ධලියවිලි
මොර්මන්ගේ වචන 1


මොර්මන්ගේ වචන

1 වන පරිච්ඡේදය

මොර්මන් නීෆායිගේ විශාල තහඩු සංක්ෂිප්ත කරයි – ඔහු කුඩා තහඩු අනෙක් තහඩු සමඟ තබයි – බෙන්ජමින් රජු දේශය මත සාමය තහවුරු කරයි. ක්‍රි.ව. 385 දී පමණ.

1 තවද දැන් මම, මොර්මන්, මාගේ පුත් මොරෝනායිගේ අතට මා විසින් සාදමින් තිබෙන වාර්තාවන් භාර දීමට ලංව සිටියදී, බලන්න මාගේ ජනතාව, එනම් නීෆායිවරුන්ගේ විනාශයේ මුළුමනකටම වාගේ මා සාක්ෂිකරුවෙක් වන්නෙමි.

2 තවද මා මේ වාර්තාව මාගේ පුතුගේ දෑතට පවරන්නේ ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීමෙන් බොහෝ වසර සිය ගණනකට පසුවය; තවද ඔහු මාගේ ජනතාවගේ විනාශය මුළුමනින්ම දකිනු ඇත යි මා අනුමාන කරන්නෙමි. නමුත් දෙවියන්වහන්සේ ඔහු එයින් ගලවාගනු මැනව, එනම් ඔවුන් තවද ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳව මඳක් හෝ ලිවීම පිණිස, ඒ තුළින් ඔවුන්ට ප්‍රයෝජනයක් ලැබෙනු පිණිසය.

3 තවද දැන්, මා විසින් ලියන ලද සමහරක් දේ පිළිබදව මම මඳක් කතා කරන්නෙමි; මක්නිසාද මා විසින් නීෆායිගේ තහඩු සංක්ෂිප්ත කළපසු, එනම් ඇමෙලකායි කතා කළ, මෙම බෙන්ජමින් රජුගේ රාජ්‍ය කාලය දක්වාම, මාගේ අත්වල තිබූ වාර්තා අතර මම සෙව්වෙමි, තවද මට ජේකබ් පටන් බෙන්ජමින් රජුගේ රාජ්‍ය කාලය දක්වා වූ දිවසිවරුන්ගේ මේ කුඩා විස්තරය ද, තවද නීෆායිගේ බොහෝ වචනද සහිත කුඩා විස්තරයක් ද අඩංගු වූ, මෙම තහඩු හමුවුනි.

4 තවද මෙම තහඩු මත ඇති දේවල් මා හට ප්‍රසන්න ය, මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීම පිළිබද අනාවැකි නිසාය; තවද මාගේ පියවරු ඒවා සැපිරෙන බව දැන සිටියහ; එසේය, තවද අද දක්වා අප පිළිබඳව අනාවැකි පලකල බොහෝ දේ ඉටු වී ඇති බව මම දනිමි, තවද මෙම දවසින් එපිටට යන බොහෝ දේත් නිසැකවම සිදුවනු ඇත –

5 එබැවින්, මාගේ වාර්තාව මේවා මත අවසන් කිරීමට, මා මේවා තෝරාගත්තෙමි, එනම් මාගේ වාර්තාවේ ඉතිරි කොටස මම නීෆායිගේ තහඩු වලින් ගන්නෙමි; තවද මාගේ ජනතාවගේ දේවල් පිළිබඳව සියයෙන් එකක්වත් ලිවීමට මට නොහැකිය.

6 එහෙත් බලන්න, තවද මම අනාවැකි සහ හෙළිදරව් අඩංගු මෙම තහඩු ගනිමි, තවද ඒවා මාගේ වාර්තාවේ ඉතිරියට එකතු කරගන්නෙමි, මක්නිසාද ඒවා මට අගනා නිසාය; තවද ඒවා මාගේ සහෝදරයින්ටත් අගනා වන බවටද මම දනිමි.

7 තවද මම ප්‍රඥාවන්ත අරුමුණකින් මෙය කරන්නෙමි; මක්නිසාදයත් එය මා හට කොඳුරයි, මා තුළ ඇති ස්වාමීන්වහන්සේගේ ආත්මයේ ක්‍රියාවන්ට අනුවයතවද දැන් මා සියළු දේ නොදන්නෙමි; එහෙත් ස්වාමීන්වහන්සේ සිදුවන්නට එන සියළු දේ දන්නා සේක; එබැවින් උන්වහන්සේගේ කැමැත්තට අනුව වැඩ කිරීමට උන්වහන්සේ මා තුළින් ක්‍රියාකරන සේක.

8 තවද දෙවියන්වහන්සේට මාගේ යාච්ඥාව මාගේ සහෝදරයින් සම්බන්ධවය, එනම් නැවත ඔවුන් දෙවියන්වහන්සේගැන දැන ගන්නා පිණිසය, එසේය, ක්‍රිස්තුස්වහන්සේගේ මිදීමය; ඔවුන් නැවත වරක් ප්‍රසන්න ජනතාවක් වීමටය.

9 තවද දැන් මම, මොර්මන්, නීෆායිගේ තහඩු වලින් මා ගත් වාර්තාව අවසන් කිරීමට යන්නෙමි; තවද මා එය සාදන්නේ දෙවියන්වහන්සේ මා හට දුන් දැනුම හා අවබෝධයට අනුවය.

10 එබැවින්, එය මෙසේ සිදුවිය එනම් ඇමෙලකායි මෙම තහඩු බෙන්ජමින් රජුගේ අතට යැවූ පසුව, ඔහු ඒවා ගෙන අනෙක් තහඩු සමඟ තැබුවේය, එනම් බෙන්ජමින් රජුගේ සමය දක්වා වූ පරම්පරාවෙන් පරම්පරාවට, රජවරුන්ගෙන් අතිනතට භාර වූ වාර්තාවන්ය.

11 තවද ඒවා බෙනජමින් රජතුමාගේ සිට මාගේ දෑතට පත්වන තෙක්, පරම්පරාවෙන් පරම්පරාවට පැමිණියේය. තවද මම, මොර්මන් මෙතැන් පටන් ඉදිරියට මේවා රැකෙනු ඇතැයි දෙවියන්වහන්සේට යාච්ඤා කරමි. තවද මා මේවා රැකෙනු බව දනිමි; මක්නිසාද මේවා මත ශ්‍රේෂ්ඨ දේවල් ලියා ඇත, එනම් එයින් මාගේ ජනතාව හා ඔවුන්ගේ සහෝදරයින් අවසාන දිනයේදී විනිශ්චය කරනු ඇතැයි දෙවියන්වහන්සේගේ වචනයට අනුව ලියා ඇත.

12 තවද දැන්, මේ බෙන්ජමින් රජු පිළිබඳව – ඔහුගේම ජනතාව අතර තරමක මතභේද පැවතුණි.

13 තවද එය මෙසේ සිදුවිය එනම් ලේමන්වරුන්ගේ හමුදා නීෆායි ගේ භූමියෙන් පැමිණියහ, ඔහුගේ ජනතාව සමඟ යුධ කිරීම පිණිස. නමුත් බලව, බෙන්ජමින් රජු ඔහුගේ හමුදා රැස්කර, ඔවුන්ට විරැද්ධව ඔහු නැගී සිටියේය; තවද ලේබන්ගේ කඩුවත් සමඟ, ඔහු තමන්ගේම අතේ ශක්තියෙන් සටන් කළේය.

14 තවද ස්වාමීන්වහන්සේගේ ශක්තිය තුළින් ඔවුන් තමන්ගේ සතුරන්ට එරෙහිව, ලේමන්වරුන් දහස් ගණනාවක් ඔවුන් මරා දැමූ තෙක් සටන් කළහ. තවද එය මෙසේ සිදුවිය එනම් ඔවුන් ඔවුන්ගේ උරුමයේ සියලු දේශවලින් ඔවුන් පලවා හරින තුරු ඔවුන් ලේමන්වරුන්ට විරුද්ධව සටන් කෙරුවෝය.

15 තවද එය මෙසේ සිදුවිය එනම් ව්‍යාජ ක්‍රිස්තුස්වහන්සේවරු බොහොමයක් සිටි පසු, තවද ඔවුන්ගේ මුඛයන් වසා දමා, ඔවුන්ගේ අපරාධ වලට අනුව ඔවුන්ට දඬුවම් ලැබීය;

16 තවද ජනතාව අතර ව්‍යාජ දිවැසිවරුන්, තවද ව්‍යාජ දේශනාවන් කරන්නන් තවද ගුරුවරුන් සිටි පසුව, තවද මේ සියල්ලෝම ඔවුන්ගේ අපරාධ වලට අනුව දඬුවම් ලත් පසුව; තවද ලේමන්වරුන් කෙරෙහි බොහෝ මත භේද තවද බොහෝ විරුද්ධත්වයන් ඇති වූ පසු, බලන්න, එය මෙසේ සිදුවිය, එනම් බෙන්ජමින් රජු, ඔහුගේ ජනතාව අතර සිටි ශුද්ධ අනාගතවක්තෘවරුන්ගේ සහය ඇතිව –

17 මක්නිසාද බලන්න, බෙන්ජමින් රජු ශුද්ධ මිනිසෙකි, තවද ඔහු තමන්ගේ ජනතාව ධර්මිෂ්ඨකමින් රජකම් කළේය; තවද දේශයේ ශුද්ධ වූ මිනිසුන් බොහෝ දෙනෙක් සිටි අතර, තවද ඔව්හු දෙවියන්වහන්සේගේ වචනය බලයෙන් හා අධිකාරිත්වයෙන් කතා කළහ; තවද ඔවුන් ජනතාවගේ මුරණ්ඩුකම නිසාවෙන් ඉතා තද ලෙසින් එය කළෝය –

18 එබැවින්, මේවායේ උපකාරයෙන්, බෙන්ජමින් රජු, ඔහුගේ ශරීරයේ මුළු ශක්තියත් ඔහුගේ මුළු ප්‍රාණයේ බුද්ධි මහිමයෙනුත්, තවද අනාගතවක්තෘවරුන් ද, දේශයේ නැවතත් සාමය තහවුරු කළේය.