යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව පිළිබඳ සුලබ ප්‍රශ්න
ක්‍රිස්තියානි විශ්වාසයන්
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සාමාජිකයන් ක්‍රිස්තියානීන්ද?
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සාමාජිකයන් ක්‍රිස්තියානීන්ද?
ඔබ ශුද්ධ වූ ත්‍රිත්වය විශ්වාස කරනවාද?
ඔබ ශුද්ධ වූ ත්‍රිත්වය විශ්වාස කරනවාද?
ඔබ යේසුස්වහන්සේව විශ්වාස කරනවාද?
ඔබ යේසුස්වහන්සේව විශ්වාස කරනවාද?
මොර්මොන්ගේ පොතේ මෙම පදය අපගේ විශ්වාසය ප්‍රකාශ කිරීමට උපකාරී වේ: “තවද අපි ක්‍රිස්තුස්වහන්සේ ගැන කතා කරන්නෙමු, අපි ක්‍රිස්තුස්වහන්සේ තුල ප්‍රීති වන්නෙමු, අපි ක්‍රිස්තුස්වහන්සේ ගැන දේශනා කරන්නෙමු, අපි ක්‍රිස්තුස්වහන්සේ ගැන අනාවැකි කියන්නෙමු, තවද අපගේ අනාවැකි ආකාරයට අපි ලියන්නෙමු, එනම් අපගේ දරුවන් ඔවුන්ගේ පවුවලට පවු කමාව ලබා ගැනීමට කුමණ උල්පත දෙස රැදීමට දැනගැනීම පිණිසය” (2 නෙපී 25:26).
මරණින් පසුව අපිට මොකද වෙන්නේ?
මරණින් පසුව අපිට මොකද වෙන්නේ?
ජීවන රටාව
ඔබ මොර්මොන්වරුන් ලෙස ඔබව හඳුන්වන්නේ නැත්තේ ඇයි?
ඔබ මොර්මොන්වරුන් ලෙස ඔබව හඳුන්වන්නේ නැත්තේ ඇයි?
සභාවේ සම්පූර්ණ නම භාවිතා කිරීම පිළිබඳ මෙම අවධාරණය, අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් වෙත ලබා දී ඇති ස්වාමින්වහන්සේගේ ආඥාව අනුගමනය කිරීමට අපට උපකාර කරයි: “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව ලෙස, මාගේ සභාව අවසාන දින වලදී හඳුන්වනු ලැබිය යුතු වන්නේය” (
“පසුදවස්වල ශුද්ධවන්තයන්” යනු අපගේ ඇදහිල්ලේ සාමාජිකයන් වන ඔබේ මිතුරන් හැඳින්වීමට හොඳ ක්‍රමයකි.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ කොටසක් වීම මොන වගේද?
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ කොටසක් වීම මොන වගේද?
අපි අන් සියල්ලන් මෙන් ප්‍රීතිය සහ අභියෝග අත්විඳින්නෙමු, නමුත් අපි විශ්වාස කරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ආදර්ශය අනුගමනය කිරීමට අප අපගේ උපරිමය කරන විට, ජීවිතයේ අභියෝග ජය ගැනීමට දෙවියන්වහන්සේ අපට අමතර ඉදිරිදර්ශනයක් සහ ශක්තිය ලබා දෙන බවයි. අපට සහය වීමට සහයෝගී සභා ප්‍රජාවක් ද ඇත.
අපි යේසුස්වහන්සේ සහ උන්වහන්සේගේ ඉගැන්වීම් අපගේ ජීවිතයේ ඉදිරියෙන් හා කේන්ද්‍රගතව තබා ගැනීමට උත්සාහ කරන්නෙමු. ගැලවුම්කරුවාණන් සහ උන්වහන්සේගේ ඉගැන්වීම් පිළිබඳ අපගේ විශ්වාසයන් අප කතා කරන ආකාරය, අඳින පළඳින ආකාරය සහ ක්‍රියා කරන ආකාරය පිළිබඳ අපගේ දෛනික තීරණ කෙරෙහි බලපායි. උදාහරණයක් වශයෙන්, බයිබලය උගන්වන පරිදි, සබත් දවස ශුද්ධව තබාගැනීම සඳහා ඉරිදා දිනවල වැඩ කිරීමෙන් හෝ සාප්පු සවාරි යාමෙන් වැළකී සිටීමට අපි උත්සාහ කරන්නෙමු. අපේ ආගම ඉරිදාට දේශනා කරන, එමෙන්ම සෑම දිනකම ඒවා අනුව ජීවත් වන ආගමක් වේ.
ඔබ මත්පැන් හෝ කෝපි බොන්නේ නැත්තේ ඇයි?
ඔබ මත්පැන් හෝ කෝපි බොන්නේ නැත්තේ ඇයි?
දෙවියන්වහන්සේ අප සෑම කෙනෙකුටම ලබා දී ඇති ශ්‍රේෂ්ඨතම දීමනා දෙකක් වන්නේ අපගේ භෞතික ශරීරය සහ අපගේ නිදහස් කැමැත්තයි. ප්‍රඥාවේ වචනය අනුගමනය කිරීමෙන් අපගේ ශරීරයට ගරු කිරීමට සහ සැලකිල්ල දැක්වීමට සහ අපගේ මනස නිරවුල්ව තබා ගැනීමට උපකාරී වන අතර එමඟින් අපට ශුද්ධාත්මයාණන්වහන්සේට වඩාත් විවෘත විය හැකිය. අපගේ නිදහස් කැමැත්තට හානි කළ හැකි ඇබ්බැහි වීමෙන් වැළකී සිටීමටද එය අපට උපකාර කරයි.
සභාවේ මෙහෙයන්
ඔබේ සභාවේ මෙහෙයන් කවදාද?
ඔබේ සභාවේ මෙහෙයන් කවදාද?
සභාවේ මෙහෙයන් මොන වගේද?
සභාවේ මෙහෙයන් මොන වගේද?
සක්‍රමේන්තු රැස්වීමේ වැදගත්ම කොටස වන්නේ සක්‍රමේන්තුව ගැනීමයි, එය අනෙකුත් ක්‍රිස්තියානි ආගම්වල සත්ප්‍රසාදයට සමාන වේ. සක්‍රමේන්තුව අතරතුර, අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේව සිහිපත් කර, උන්වහන්සේ අප වෙනුවෙන් කැප කළ ශරීරය සහ රුධිරය සංකේතවත් කරන කුඩා පාන් කැබැල්ලක් සහ වතුර කෝප්පයක් ගන්නා විට උන්වහන්සේව අනුගමනය කිරීමට නැවත කැප වෙන්නෙමු.
සක්‍රමේන්තු රැස්වීමට අමතරව, කුඩා, වඩාත් අන්තර්ක්‍රියාකාරී සැකසුම් තුළ ඉගෙනීමේ දෙවන පැයකට මිනිසුන්ට ආරාධනා කෙරේ. වැඩිහිටියන්, යෞවනයන් සහ ළමුන් සඳහා විවිධ පන්ති තිබේ, එහිදී අපි ජීවමාන අනාගතවක්තෘවරුන්ගේ ශුද්ධලියවිලි සහ වචන අධ්‍යයනය කර අපට යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කළ හැකි ආකාරය සාකච්ඡා කරන්නෙමු.
මම සභාවට ඇඳිය යුත්තේ කුමක්ද?
මම සභාවට ඇඳිය යුත්තේ කුමක්ද?
මම අමුත්තෙක් බව හැමෝම දැනගනීද?
මම අමුත්තෙක් බව හැමෝම දැනගනීද?
මට සභාවේදී යම් යම් දේවල් සඳහා සහභාගි වීමට සිදුවේද?
මට සභාවේදී යම් යම් දේවල් සඳහා සහභාගි වීමට සිදුවේද?
සභාවේදී මුදල් පරිත්‍යාග කිරීමට මගෙන් ඉල්ලා සිටීද?
සභාවේදී මුදල් පරිත්‍යාග කිරීමට මගෙන් ඉල්ලා සිටීද?
මට මගේ දරුවන්ව රැගෙන ඒමට හැකිද?
මට මගේ දරුවන්ව රැගෙන ඒමට හැකිද?
මම වගේ කෙනෙක්ව සභාවට පිළිගනියිද?
මම වගේ කෙනෙක්ව සභාවට පිළිගනියිද?
කාන්තාවන් සභාවේ නායකත්ව තනතුරු දරනවාද?
කාන්තාවන් සභාවේ නායකත්ව තනතුරු දරනවාද?
යේසුස්වහන්සේ සිය ප්‍රේරිතවරුන් දොළොස් දෙනා කැඳවා ඔවුන්ට දෙවියන්වහන්සේගෙන් පූජකවර අධිකාරීත්වයේ යතුරු ලබා දීමේ දී සකස් කළ ආදර්ශය අනුගමනය කරමින්, අද පූජකවර යතුරු දරන්නේ පිරිමින් පමණි. එම හේතුව නිසා සභාවේ ඇතැම් නායකත්ව තනතුරු සහ යුතුකම් සිදු කරනු ලබන්නේ පිරිමින් විසින් පමණි. නමුත් අනෙකුත් වැදගත් තනතුරු සහ යුතුකම් දරන්නේ සහ ඉටු කරන්නේ කාන්තාවන් පමණි. කාන්තාවන් බොහෝ විට සභාවේ රැස්වීම්වලදී සේවය කරයි, නායකත්වය දෙයි, සාක්ෂි දරයි, උගන්වයි. ඔබේ දේශීය සමූහයට දායක වීමට ඔබ කැමති නම්, ඒ සඳහා සෑම විටම අවස්ථා තිබේ.
මට සංවිධානය වූ ආගමක් අවශ්‍ය වන්නේ ඇයි?
මට සංවිධානය වූ ආගමක් අවශ්‍ය වන්නේ ඇයි?
සෑම සතියකම අධ්‍යාත්මික අත්දැකීම් සහ අන්‍යයන්ට සේවය කිරීම දෙවියන්වහන්සේ සමඟ ඇති සබඳතාවයකට පදනම වේ. නමුත් බව්තීස්ම වීම සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ විසින් ස්ථාපිත කරන ලද සක්‍රමේන්තුව ගැනීම වැනි දෙවියන්වහන්සේගේ සමහර ආඥාවලට දෙවියන්වහන්සේගෙන් පූජකවර අධිකාරිය අවශ්‍ය වේ. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව එම ආඥාවන් ඉටු කිරීමට අවශ්‍ය ව්‍යුහය සහ පූජකවර අධිකාරිය සපයයි. එය ඔබට වඩා හොඳ පුද්ගලයෙකු වීමට වැඩ කිරීමට සහ ඔබ විසින්ම දෙවියන්වහන්සේගේ වචනය අධ්‍යයනය කිරීමේදී ඔබ සොයා නොගත් තීක්ෂ්ණ බුද්ධිය ඇසීමට හැකි ආදරණීය සහ සහයෝගී පරිසරයක් ද සපයයි. සංවිධානය වූ ආගමක තවත් ප්‍රයෝජනයක් වන්නේ එය සේවය සඳහා අවස්ථා දිරිමත් කරන සහ ප්‍රවර්ධනය කරන ආකාරයයි.
ප්‍රධාන සම්මන්ත්‍රණය යනු කුමක්ද?
ප්‍රධාන සම්මන්ත්‍රණය යනු කුමක්ද?
සභා ඉතිහාසය
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව ආරම්භ වූයේ කෙසේද?
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව ආරම්භ වූයේ කෙසේද?
“නුමුත් නුඹලාගෙන් යමෙකුට ප්‍රඥාව අඩු නම්, වරද නොතබන්නාවූ, බොහෝකොට සියල්ලන්ට දෙන්නාවූ දෙවියන්වහන්සේගෙන් ඔහු ඉල්ලාවා.”
එම ශුද්ධලියවිල්ල ජෝසෆ් කෙරෙහි බලවත් බලපෑමක් ඇති කළ අතර, ඔහු ගස් වලින් පිරුණු නිහඬ ස්ථානයක් සොයාගෙන, ඔහුගේ ජීවිතයේ පළමු වතාවට ශබ්ද නඟා යාච්ඤා කිරීමට උත්සාහ කළේය. පියාණන් වන දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ එදින ජෝසෆ් ස්මිත්ට පෙනී සිටියේ, ඔහුගේ පව් කමා කර ඇති බවත්, ඔහු ඉගෙනගත් කිසිම සභාවකට සම්බන්ධ නොවිය යුතු බවත් ඔහුට පවසමිනි.
ජෝසෆ්ව දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරයා ලෙස තෝරාගනු ලැබුවේ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මගපෙන්වීම යටතේ, උන්වහන්සේගේ සභාව පොළොවට නැවත පිහිටුවීමටයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව විධිමත් ලෙස 1830 දී පිහිටුවන ලදී.
නූතන දිනවල අනාගතවක්තෘවරුන් සහ ප්‍රේරිතවරුන් පවසා ඇති දේ මා කියවන්නේ කෙසේද?
නූතන දිනවල අනාගතවක්තෘවරුන් සහ ප්‍රේරිතවරුන් පවසා ඇති දේ මා කියවන්නේ කෙසේද?
සභාවේ නායකයන් තෝරාගනු ලබන්නේ කෙසේද?
සභාවේ නායකයන් තෝරාගනු ලබන්නේ කෙසේද?
සභාවේ අනෙකුත් වගකීම් තනතුරු—අපි “කැඳවීම්” ලෙස හඳුන්වන දේ—පළාත් සහ දේශීය මට්ටමින් ද තෝරාගනු ලබන්නේ දෙවියන්වහන්සේගේ ආනුභාවයෙනි. උදාහරණයක් වශයෙන්, සමූහයකට නායකත්වය දෙන සභානායකවරයාට යාච්ඤා කර සහන සමිතිය ලෙස හැඳින්වෙන කාන්තා සංවිධානයට නායකත්වය දෙන ලෙස නිශ්චිත කාන්තාවක්ගෙන් ඉල්ලා සිටීමට පෙලඹීමක් ඇති විය හැකිය. ඇය, උපදේශකයන් ලෙස, ලේකම්වරුන් ලෙස, ගුරුවරුන් ලෙස සහ වෙනත් භූමිකාවන් සඳහා ඇයට උපකාර කළ යුත්තේ කවුරුන්ද යන්න පිළිබඳව මගපෙන්වීම ඉල්ලා යාච්ඤා කරනු ඇත.
බයිබලය සහ මොර්මොන්ගේ පොත
ඔබ බයිබලය විශ්වාස කරනවාද?
ඔබ බයිබලය විශ්වාස කරනවාද?
මට දැනටමත් බයිබලය තිබේ නම් මට මොර්මොන්ගේ පොත අවශ්‍ය වන්නේ ඇයි?
මට දැනටමත් බයිබලය තිබේ නම් මට මොර්මොන්ගේ පොත අවශ්‍ය වන්නේ ඇයි?
මොර්මොන්ගේ පොත සහ බයිබලයේ වසර දහස් ගණනක් වටිනා පෙළඹවීම්, මගපෙන්වීම්, සහ උපදෙස් අඩංගු වේ. පොත් දෙකම අධ්‍යයනය කිරීමෙන්, දෙවියන්වහන්සේ යනු කවුරුන්ද යන්න සහ උන්වහන්සේ ඔබ වෙනුවෙන් අවශ්‍ය කුමක්ද යන්න පිළිබඳව ඔබට වඩා හොඳ අවබෝධයක් ලබා ගත හැකිය.
මොර්මොන්ගේ පොත ලිව්වේ කවුද?
මොර්මොන්ගේ පොත ලිව්වේ කවුද?
1823 දී, ජෝසෆ් ස්මිත්ව එම පැරණි වාර්තාව සඟවා තිබූ ස්ථානයට ගෙන යන ලද අතර, ඔහු එය දෙවියන්වහන්සේගේ බලයෙන් පරිවර්තනය කළේය.
මොර්මොන්ගේ පොත කුමක් ගැනද?
මොර්මොන්ගේ පොත කුමක් ගැනද?
මොර්මොන්ගේ පොත ආරම්භ වන්නේ පවුලක කතාවක් සමඟයි. එම පවුලේ පියා වන ලෙහි ක්‍රි. පූ. 600 දී පමණ පැරණි යෙරුසලමේ සිටි අනාගතවක්තෘවරයෙකි. නගරය ඉක්මනින් විනාශ වන අතර බොහෝ මිනිසුන් වෙනත් ජාතියක් විසින් වහල්භාවයට ගෙන යන බැවින් ඔහුගේ පවුල රැගෙන යෙරුසලම හැර යන ලෙස දෙවියන්වහන්සේ ලෙහිට සිහිනයකින් අනතුරු ඇඟවුයේය. ඔවුන් මුහුද හරහා ඇමරිකාවට යයි.
ලෙහි සහ ඔහුගේ භාර්යාව වූ සාරියාගේ පරම්පරාව අවසානයේ ජාතීන් දෙකකට බෙදී ගියේය: ඒ නෙපීවරුන් සහ ලාමන්වරුන් ලෙසය. ඉදිරි සියවස් කිහිපය තුළ, එම ජාතීන් බොහෝ විට එකිනෙකා සමඟ යුද්ධ කළ අතර, දෙවියන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඔවුන්ගේ ඇදහිල්ල නිරන්තරයෙන් පරීක්ෂාවට ලක්වුණි. මෙම අත්දැකීම් ප්‍රබල දේශන, අනාවැකි, ජීවන පාඩම් සහ කථා වශයෙන් මොර්මොන්ගේ පොතේ පිටු පුරවයි.
යේසුස්වහන්සේ යෙරුසලමේදී මරණයෙන් නැවත නැගිටීමෙන් පසු උන්වහන්සේ ඇමරිකාවේ මිනිසුන්ට පෙනී සිටියි. බව්තීස්මය සහ සමාව දීම ගැන උන්වහන්සේ ඔවුන්ට උගන්වයි. උන්වහන්සේ ඔවුන්ගේ අසනීප සුව කර ඔවුන්ගේ දරුවන්ට ආශීර්වාද කරයි. උන්වහන්සේ තම සභාව පිහිටුවයි. ඉන්පසු ඔවුන් වසර සිය ගණනක් සාමයෙන් ජීවත් වෙයි. කාලයාගේ ඇවෑමෙන් මිනිසුන්ට ඔවුන්ගේ ඇදහිල්ල නැති වී ගිය අතර බොහෝ දෙනෙක් සටනේදී මිය ගියහ. ඒ කාලයේ සිටි මොරෝනි නම් අනාගතවක්තෘවරයා ඔවුන්ගේ වාර්තාව අනාගත කාලයකට සහ මිනිසුන් වෙනුවෙන් ආරක්ෂා කර ගැනීම සඳහා වළ දමයි—ඒ අප උදෙසායි!
දේවමාළිගා සහ විවාහය
සාමාන්‍ය සභා ගොඩනැඟිල්ලකට වඩා දේවමාළිගාවක් වෙනස් වන්නේ කෙසේද?
සාමාන්‍ය සභා ගොඩනැඟිල්ලකට වඩා දේවමාළිගාවක් වෙනස් වන්නේ කෙසේද?
දේවමාළිගා වල වඩා නිශ්චිත අරමුණක් ඇත. ඒවා පූජනීය කටයුතු සහ වත්පිළිවෙත් සඳහා විශේෂයෙන් වෙන් කර ඇති ස්ථාන වේ. ඒවා ස්වාමින්වහන්සේ විසින් නම් කර ඇති අතර උන්වහන්සේගේ අරමුණු සඳහා කැප කර ඇත. සමහර නියෝග ක්‍රියාත්මක කිරීමට අධිකාරීත්වය දී ඇති එකම ස්ථානය දේවමාළිගාවන් ය. මෙම පූජනීය වත්පිළිවෙත් වලට සහභාගිවන්නන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ඉගැන්වීම් සහ ආදර්ශය අනුගමනය කිරීමට පොරොන්දු වන විට ඔවුන්ව පෙළඹවීම් කර ඔසවනු ලබයි.
දේවමාළිගාවලට විශේෂ ගෞරවයක් ඇත—අලුත්ම චිත්‍රපටිය ගැන සමාන්‍ය පරිදි කතා කරන, ඔවුන්ගේ දුරකථන භාවිත කරන, හෝ වෙනත් එදිනෙදා ක්‍රියාකාරකම්වල යෙදෙන අය ඔබට නොපෙනේ. ඒ වෙනුවට, පූජනීය අත්දැකීම සඳහා තමන්ව සූදානම් කර ගැනීමට කටයුතු කර ඇති යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සාමාජිකයන් නියෝගවලට සහභාගී වීම සහ දෙවියන්වහන්සේගෙන් පුද්ගලික එළිදරව් කිරීම් සෙවීම කෙරෙහි අවධානය යොමු කර ඇත.
ප්‍රදේශයේ භූ දර්ශනය, සංස්කෘතිය සහ අවශ්‍යතා සපුරාලමින් දේවමාළිගා ඉදිකර ඇත, එබැවින් සෑම එකක්ම ටිකක් වෙනස් ලෙස පෙනේ. නමුත් ඒවායින් බොහොමයක් ඉදිකර ඇත්තේ සුදු කිරිගරුඬ සහ ස්වර්ගය දෙසට විහිදෙන කුළුණු වලින්ය. දේවමාළිගාවේ පිටතින් ඔබට සෑම විටම “ස්වාමින්වහන්සේට ශුද්ධකම, ස්වාමින්වහන්සේගේ ගෘහය” යන වචන සොයාගත හැකිය.
මට දේවමාළිගාවක් ඇතුලට යාමට හැකිද?
මට දේවමාළිගාවක් ඇතුලට යාමට හැකිද?
දේවමාළිගාව සම්පූර්ණ කිරීමෙන් පසු එය පූජනීය නමස්කාරය සඳහා කැප කරනු ලැබේ. දේවමාළිගාවේ කැප කරන කාර්යයේ ශුද්ධ ස්වභාවය නිසා, එය විවෘත වන්නේ අත්දැකීම සඳහා සූදානම් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සාමාජිකයින්ට පමණි. ඔබට දැන් දේවමාළිගාවට ඇතුළු වීමට නොහැකි වුවද, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය ගැන වැඩි විස්තර දැනගැනීමට සහ දේවමාළිගාවේ ආශීර්වාදවලට සම්පූර්ණයෙන්ම සහභාගී වීමට ඔබට ඉඩ සලසන ගිවිසුම් සබඳතාවලට ඇතුල් වීමට දෙවියන්වහන්සේගේ සියලුම දරුවන්ට ආරාධනා කරනු ලැබේ.
දේවමාළිගා වල සිදු වන්නේ කුමක්ද?
දේවමාළිගා වල සිදු වන්නේ කුමක්ද?
දේවමාළිගාවේදී, අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීමට වඩාත් කැපවී සිටින්නෙමු. අපි දෙවියන්වහන්සේ සමඟ උන්වහන්සේගේ ආඥා පිළිපැදීමට සහ අපව සහ අප සතු සියල්ල උන්වහන්සේට කැප කරන බවට වූ පොරොන්දුව වැනි පොරොන්දු ඇති කර ගන්නෙමු. ස්වාමිපුරුෂයන් සහ භාර්යාවන් සහ දෙමාපියන් සහ දරුවන් සදාකාලිකාත්වය සඳහා එකට එක් කර නැතහොත් එකිනෙකාට “මුද්‍රා” කරනු ලැබෙයි. ඒ වගේම අපි අපේ මුතුන් මිත්තන් වෙනුවෙන් එම කාර්යයම කරන්නෙමු, ඔවුන් කැමති නම් ඊළඟ ආත්මයේදී එම ආශීර්වාද පිළිගැනීමට එමගින් ඔවුන්ට අවස්ථාව ලැබේ.
මිය ගිය අය සඳහා වූ බව්තීස්ම යනු මොනවාද?
මිය ගිය අය සඳහා වූ බව්තීස්ම යනු මොනවාද?
ස්තූතිවන්ත වන්නට, දෙවියන්වහන්සේ සෑම කෙනෙකුටම මරණයෙන් පසුව පවා—උන්වහන්සේගේ සියලු ආශීර්වාද ලබා ගැනීමට මාර්ගයක් ලබා දී ඇත. දේවමාළිගාවේදී, බව්තීස්ම කිරීම සිදු කරනු ලබන්නේ මේ ජීවිත කාලය තුළ බව්තීස්ම වීමට අවස්ථාවක් නොමැතිව මියගිය අය සඳහා ය. ප්‍රේරිතවර පාවුල් බයිබලයේ මිය ගිය සඳහා බව්තීස්මය ගැන කතා කළේය (බලන්න
එය ක්‍රියාත්මක වන ආකාරය මෙන්න: පසුදවස්වල ශුද්ධවන්තයන් පවුල් ඉතිහාසය අධ්‍යයනය කර බව්තීස්ම නොවී මියගිය පවුලේ සාමාජිකයන්ගේ නම් සොයා ගනී. ඉන්පසු ඔවුන් දේවමාළිගාවේ එම මුතුන් මිත්තන් වෙනුවෙන් බව්තීස්ම කරනු ලැබේ. අන් අය සඳහා මෙම සේවාව පිරිනමනු ලබන්නේ ආදරයෙනි—සහ මරණයෙන් පසු ජීවිතය දිගටම පවතින බැවින්, මියගිය අය නියෝග ගැන දන්නා අතර ඒවා පිළිගත යුතුද යන්න ඔවුන්ට තෝරා ගත හැකිය.
දේවමාළිගා විවාහ උත්සව මොන වගේද?
දේවමාළිගා විවාහ උත්සව මොන වගේද?
දේවමාළිගාවේ විවාහ වූ යුවලයන් බොහෝ විට ඉන්පසු පවුලේ අය සහ මිතුරන් විශාල පිරිසක් සමඟ මංගල භෝජන සංග්‍රහයක් හෝ වෙනත් සංස්කෘතික සම්ප්‍රදායක් සමරයි. දේවමාළිගාවෙන් පිටත සිවිල් උත්සවවලදී කලින් විවාහ වූ යුවලයන්ටද (ඔවුන් දැනටමත් විවාහ වී පසුව සභාවට සම්බන්ධ වූ අය වැනි) දේවමාළිගාවේදී මුද්‍රා තැබීමේ ආශිර්වාදය අත්විඳිය හැකිය.
ඔබ විශේෂ යට ඇඳුම් අඳින්නේ ඇයි?
ඔබ විශේෂ යට ඇඳුම් අඳින්නේ ඇයි?
පසුදවස්වල ශුද්ධවන්තයන්ට වෙනත් ආගම්වල අයව විවාහ කර ගත හැකිද?
පසුදවස්වල ශුද්ධවන්තයන්ට වෙනත් ආගම්වල අයව විවාහ කර ගත හැකිද?
ධර්මදූතයින්
ධර්මදූතයින් කරන්නේ කුමක්ද?
ධර්මදූතයින් කරන්නේ කුමක්ද?
ස්ථානය අනුව ධර්මදූත තරමක් වෙනස් ලෙස පෙනේ. උදාහරණයක් වශයෙන්, සමහර ධර්මදූතයින් පයින් ගමන් කරන හෝ බයිසිකල් පදින අතර තවත් සමහරු මෝටර් රථ ධාවනය කරති. සමහර අයව ග්‍රාමීය ප්‍රදේශවලටත්, තවත් අය විශාල නගරවලටත් නියම කර ඇත. සමහර වෙලාවට ධර්මදූත වැඩ සමාජ මාධ්‍ය හරහා මිනිසුන් සමඟ සම්බන්ධ වීම මෙන් පෙනේ; වෙනත් අවස්ථාවලදී දොරවල්වලට තට්ටු කිරීම හෝ මිනිසුන්ව සභාවේ ඓතිහාසික ස්ථානවල සංචාරය කරවීම එයට ඇතුළත් වේ.
සියලුම ධර්මදූතයින්ට පොදු දෙයක් නම්, ඔවුන් අන් අයට යේසුස්වහන්සේව දැන හඳුනා ගැනීමට සහ උන්වහන්සේව සමඟ සබඳතාවක් ගොඩනඟා ගැනීමට උපකාර කිරීමයි. ඔබට ඇදහිල්ල සම්බන්ධ ප්‍රශ්න ඇත්නම්, යාච්ඤා කිරීමට කෙනෙකු සොයන්නේ නම් හෝ යමෙකු සමඟ සභාවට යාමට අවශ්‍ය නම්, අපට දන්වන්න! ධර්මදූතයින් ඔබ සමඟ කතා කිරීමට සතුටුයි!
සෑම කෙනෙකුම ධර්මදූතයකට යා යුතුද?
සෑම කෙනෙකුම ධර්මදූතයකට යා යුතුද?
ඔබ වැඩිහිටියා, සහෝදරිය හෝ සහෝදරයා වැනි නම් වලින් මිනිසුන් අමතන්නේ ඇයි?
ඔබ වැඩිහිටියා, සහෝදරිය හෝ සහෝදරයා වැනි නම් වලින් මිනිසුන් අමතන්නේ ඇයි?
බව්තීස්මය
මම බව්තීස්ම වීමට අවශ්‍යද?
මම බව්තීස්ම වීමට අවශ්‍යද?
මම දැනටමත් වෙනත් සභාවක බව්තීස්ම වී ඇත්නම් නැවත බව්තීස්ම විය යුතුද?
මම දැනටමත් වෙනත් සභාවක බව්තීස්ම වී ඇත්නම් නැවත බව්තීස්ම විය යුතුද?
අපගේ සදාකාලික ගැලවීම සඳහා අත්‍යවශ්‍ය වන පරිශුද්ධ නියෝග හෝ ක්‍රියාවන් සම්බන්ධයෙන් අප විශ්වාස කරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ විසින් ස්ථාපිත කරන ලද ආදර්ශය අනුගමනය කළ යුතු බවයි. මෙයින් අදහස් වන්නේ බව්තීස්ම කිරීම සිදු කළ යුත්තේ දෙවියන්වහන්සේගෙන් ලැබෙන පූජකවර අධිකාරිය මගින් සහ යේසුස්වහන්සේ බව්තීස්ම වූ ආකාරයට (ගිල්වීමෙන්) අනුකූලව බවයි.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවට බව්තීස්ම වීම, පසුව යේසුස්වහන්සේගෙන් ලැබුණු අධිකාරී බලය ඇති කෙනෙකුගෙන් ශුද්ධාත්මයාණන්වහන්සේගේ දීමනාව ලබාගැනීම, ගැලවුම්කරුවාණන් තම සභාවේ සාමාජිකයෙකු වීමට පෙන්වා දුන් මාර්ගයයි.
මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවට සම්බන්ධ වන්නේ කෙසේද?
මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවට සම්බන්ධ වන්නේ කෙසේද?
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවට සම්බන්ධ වීමේ පළමු පියවර වන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සහ ඔබ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවට බව්තීස්ම වන විට ඔබ විසින් කරන පොරොන්දු සහ කැපවීම් පිළිබඳව වැඩිදුර ඉගෙනීමයි.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය මිනිසුන්ට බලාපොරොත්තුව, ප්‍රීතිය සහ ජීවිතයේ අරමුණ පිළිබඳ වැඩි අවබෝධයක් ලබා දෙයි. ගැලවුම්කරුවාණන්ගේ සභාවේ සාමාජිකයෙකු වීම ඔබට ආශීර්වාද කරන්නේ කෙසේදැයි බැලීමට ඔබ සූදානම් වන විට, අපගේ විශ්වාසයන් වලට සහ ඔබේ දේශීය සමූහයට ඔබව හඳුන්වා දීමට උපකාර කළ හැකි ධර්මදූතයින් සමඟ ඉගෙනීමෙන් ඔබට ආරම්භ කළ හැක.