යේසුස් ක්‍රිස්තුස්වහන්සේ යනු ඔබේ ගැලවුම්කරුවාණන් වේ
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ යනු දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් ය—අපගේ ගැලවුම්කරුවාණන් සහ මිදුම්කරුවාණන් ය, උන්වහන්සේව එවා ඇත්තේ අප සියල්ලන්වම ගලවා ගැනීමට ය. උන්වහන්සේ නිසා, ඔබට පාපයෙන් නිදහස් වී යම් දිනක දෙවියන්වහන්සේ සහ ඔබේ ආදරණීයයන් සමඟ සදහටම ජීවත් විය හැකි බව දැන ගැනීමෙන් ඔබට ප්‍රීතිය හා සාමය දැනිය හැකි ය.
ඉගෙන ගැනීමට සහ වර්ධනය වීමට දෙවියන්වහන්සේ අපව පොළොවට එවූ විට, අප වැරදි කරන බව උන්වහන්සේ දැන සිටි සේක. උන්වහන්සේ අපට ගැලවුම්කරුවාණන් කෙනෙකු ලබා දුන්නේ ඒ නිසාවෙනි.
මක්නිසාද දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේම කළ සේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහාගන්නා සෑමදෙනාම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිස ය.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේගේ සැබෑ පුත්‍රයාණන් බවත්, පියාණන් වන දෙවියන්වහන්සේ සහ ශුද්ධාත්මයාණන් සමඟ දේවත්වයේ සුවිශේෂී සාමාජිකයෙකු බවත් අපි විශ්වාස කරන්නෙමු. උන්වහන්සේ පොළොවට පැමිණියේ දිව්‍යමය මෙහෙවරක් ඉටු කිරීමට ය, එහිදී උන්වහන්සේ කරනු ඇත්තේ:
- ලෞකික ජීවිතයක පරීක්ෂාවන් අත්විඳීම.
- දෙවියන්වහන්සේ ගැන ඉගැන්වීම සහ සාක්ෂි දැරීම.
- බලවත් ආශ්චර්යයන් සිදු කිරීම.
- අපව පාපයෙන් පවිත්‍ර කිරීමට ඉඩ සලසමින් අපගේ පාප වෙනුවෙන් දුක් විඳ මිය යාම.
- අප සැමට නැවත නැඟිටීමට මාර්ගයක් සපයමින්, උන්වහන්සේගේ මරණයෙන් නැවත නැගිටීම තුළින් මරණය ජය ගැනීම.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නිර්මල ප්‍රේමයේ ආදර්ශයක් විය. උන්වහන්සේ අනුකම්පාවෙන් යුතුව රෝගීන් සහ ආබාධිතයන් සුව කළ සේක, කුසගින්නෙන් පෙළුණු අයට ආහාර දුන් සේක, මළවුන් නැඟිටෙවූ සේක, දුප්පතුන් රැකබලා ගත් සේක, සමාජයෙන් බැහැර කරන ලද අයව පිළිගත් සේක, සහ විශ්වාසවන්තව උන්වහන්සේව සොයන සියල්ලන්ට සේවය කළ සේක.
ගැලවුම්කරුවාණන්ට ඔබ කෙරෙහි එම ප්‍රේමය සහ අනුකම්පාව දැනෙනවා.
කිතුනුවන් වශයෙන්, අපි ගැලවුම්කරුවාණන් මෙන් වීමටත්, අප කරන සෑම දෙයකින්ම උන්වහන්සේගේ ප්‍රේමය පිළිබිඹු කිරීමටත් උත්සාහ කරන්නෙමු.
ගැලවුම්කරුවාණන්ට ඔබ කෙරෙහි එම ප්‍රේමය සහ අනුකම්පාව දැනෙනවා.
කිතුනුවන් වශයෙන්, අපි ගැලවුම්කරුවාණන් මෙන් වීමටත්, අප කරන සෑම දෙයකින්ම උන්වහන්සේගේ ප්‍රේමය පිළිබිඹු කිරීමටත් උත්සාහ කරන්නෙමු.
යේසුස්වහන්සේ දක්ෂ ගුරුවරයෙක් විය. වසර 2,000 කට පෙර පවත්වන ලද උන්වහන්සේගේ දේශනා, අදටත් ලොව පුරා සිටින මිනිසුන්ට වඩා හොඳ ජීවිතයක් ගත කිරීමට පෙළඹවීමක් ඇති කරයි. උන්වහන්සේ ජනතාවට ඉගැන්වූ නමුත්, බයිබලය අපට උගන්වන්නේ උන්වහන්සේ තනි තනිව මිනිසුන් සමඟ සම්බන්ධ වීමටද කාලය ගත් බවයි.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ඉගැන්වීම් අනුගමනය කිරීමෙන්, ඔබ ඇතුළු අප සෑම කෙනෙකුටම වැඩි ප්‍රීතියක් සහ සාමයක් අත්විඳිය හැකි ය. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ ඔබේ ප්‍රාදේශීය සමූහයන් වල සතිපතා සේවාවන් පවත්වනු ලබන අතර, මෙම ඉගැන්වීම් ඔබට පෞද්ගලිකව අදාළ වන ආකාරය පිළිබඳව ඔබට වැඩිදුර ඉගෙන ගත හැකි ය. බයිබලයේ ඇති ඉගැන්වීම් වලට එකතු කළ හැකි ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීම් පිළිබඳ වාර්තාවක් දමොර්මන්ගේ පොත හි අඩංගු වේ.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ඉගැන්වීම් අනුගමනය කිරීමෙන්, ඔබ ඇතුළු අප සෑම කෙනෙකුටම වැඩි ප්‍රීතියක් සහ සාමයක් අත්විඳිය හැකි ය. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ ඔබේ ප්‍රාදේශීය සමූහයන් වල සතිපතා සේවාවන් පවත්වනු ලබන අතර, මෙම ඉගැන්වීම් ඔබට පෞද්ගලිකව අදාළ වන ආකාරය පිළිබඳව ඔබට වැඩිදුර ඉගෙන ගත හැකි ය. බයිබලයේ ඇති ඉගැන්වීම් වලට එකතු කළ හැකි ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීම් පිළිබඳ වාර්තාවක් ද
ක්‍රිස්තුස්වහන්සේගේ පරිත්‍යාගය නිසා, ඔබට සමාව ලැබිය හැකි අතර නැවත ජීවත් විය හැකි ය
යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පරිත්‍යාගය සහ මරණය
ගැලවුම්කරුවාණන් පරිපූර්ණ ජීවිතයක් ගත කළත්, සමහරුන්ට උන්වහන්සේගේ බලපෑමෙන් තර්ජනයක් දැනුණා හෝ උන්වහන්සේ ඔවුන්ගේ වංචනිකත්වය ප්‍රකාශ කළ විට කෝපයට පත් වුණා. ඔවුන් යේසුස්වහන්සේව මරන්න කුමන්ත්‍රණය කළා.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කුරුසියේ ඇණ ගසනු ලැබීමට පෙර රාත්‍රියේ, ගෙත්සෙමන උයනේ හුදකලා වීමට ගිය අතර, එහිදී උන්වහන්සේ දෙවියන්වහන්සේගේ සෑම දරුවෙකුගේම වේදනාවන් සහ අසනීපවලට මුහුණ දුන් සේක. මෙමගින් උන්වහන්සේට සෑම අවස්ථාවකදීම උපකාරය සහ සුවය ලබා දීමට හැකියාව ලැබුණා.
ඉන්පසු උන්වහන්සේව පාවා දෙනු ලැබුවා, අත්අඩංගුවට ගනු ලැබුවා, පහර දුන්නා, සමච්චලයට ලක් කළා, කුරුසියක ඇණ ගැසුවා. දින තුනකට පසු, උන්වහන්සේ මරණය සහ පාපය ජය ගනිමින් නැවත ජීවත් වීමට උත්ථාන වූ සේක. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මරණය ඛේදජනක හා අසාධාරණ වුවත්, උන්වහන්සේගේ දිව්‍යමය පරිත්‍යාගය නිසා අප සෑම කෙනෙකුටම සමාව ලබා මරණයෙන් නැවත නැඟිටීමට හැකියාව ලැබුණා.
ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළින් අපට සමාව ලැබිය හැකි ය
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගෙත්සෙමන උයනේදී සහ කුරුසියේ දුක් විඳි විට, උන්වහන්සේ අපගේ පාප උන් වහන්සේ මතට ගත් සේක. අප සෑම කෙනෙකුටම දයාව ලැබීමට හැකි වන පරිදි උන්වහන්සේ යුක්තියේ මිල ගෙවූ සේක. අපි අවංකව පසුතැවිලි වූ විට, අපට සමාව ලැබිය හැකි ය.

ඔබ සැමගේ පව් රතු පාට මෙන් තිබෙන නුමුත්, ඒවා හිම මෙන් සුදු වන්නේය; ඒවා ලාක්ෂා මෙන් රතුව තිබෙන නුමුත් සුදු ලොම් මෙන් වන්නේය.
නැවත නැඟිටීම තුළින් අපට නැවත ජීවත් විය හැකි ය
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කුරුසියේ ඇණ ගැසීමෙන් පසු තුන්වන දින මරණයෙන් නැවත නැගිටිනු ලැබුවා. උන්වහන්සේ නිසා, අප සෑම කෙනෙකුටම නැවත නැඟිටුවනු ලැබ නැවත ජීවත් විය හැකි ය. අපට අසනීප, දුක සහ වේදනාවෙන් තොර පරිපූර්ණ ශරීරයක දෙවියන්වහන්සේ හා අපගේ ආදරණීයයන් සමඟ ජීවත් විය හැකි ය.

“වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න, මම ඔබ සැමට සහනය දෙමි.
“මාගේ වියගහ ඔබ පිටට ගෙන මා ගැන ඉගෙනගන්න; මක්නිසාද මම සිතින් මෘදුව යටහත්ව සිටින බැවින්: නුඹලාගේ ආත්ම වලට සහනය ලැබෙන්නේය.”
යේසුස් ක්‍රිස්තුස්වහන්සේව දැන හඳුනා ගන්න
ඔබට ඔබේ ගැලවුම්කරුවාණන් සමඟ පෞද්ගලික සම්බන්ධතාවයක් පවත්වා ගත හැකි ය. ඔබට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අනුගමනය කළ හැකි ආකාරය ගැන ධර්මදූතයින් සමඟ මාර්ගගතව හෝ පෞද්ගලිකව කතා කිරීමෙන් ආරම්භ කරන්න.