ලියහෝනා
ජීවන වෘක්ෂය
2024 ජනවාරි


“ජීවන වෘක්ෂය,” මිතුරා, 2024 ජන. 26-27.

මාසික මිතුරා පණිවිඩය, 2024 ජනවාරි

ජීවන වෘක්ෂය

රූපය
විකල්ප පෙළ

ඇන්ඩෘ බොස්ලිගේ නිදර්ශන

ලෙහි යනු අනාගතවක්තෘවරයෙක්. ඔහුගේ පවුල පොරොන්දු වූ දේශයට ගෙන යන ලෙස දෙවියන්වහන්සේ පැවසුව. ඔවුන් ගමන් කරන අතරතුර, ඔහු ලස්සන ගසක් ගැන සිහිනයක් දුටුවා. එය ජීවන වෘක්ෂය කියා හැඳින්වෙනවා.

රූපය
විකල්ප පෙළ

ගසෙහි රසවත් සුදු පලතුරු සෑදුනා. එය කනවිට ලෙහීට පුදුම සතුටක් දැනුනා! ඔහුගේ පවුලේ අයද එහි රස බැලීම ඔහුට අවශ්‍ය වුනා.

රූපය
විකල්ප පෙළ

ගස වෙත ගෙන යන යකඩ පොල්ලක් ද ලෙහි දුටුවා. ගස ලඟට ගොස් එහි පළතුරු කෑමට මිනිසුන් යකඩ පොල්ල අල්ලාගත්තා.

රූපය
විකල්ප පෙළ

ලෙහිගේ සිහිනයේ ගස දෙවියන්ගේ ආදරය හා සමානයි. යකඩ පොල්ල ශුද්ධ ලියවිල්ලට සමානයි. අපි ශුද්ධ ලියවිලි කියවන විට, අපි ස්වර්ගික පියාණන්ට සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේට සමීප වනවා.

පාට කරන පිටුව

ශුද්ධ ලියවිලි යේසුස්වහන්සේ ගැන උගන්වනවා

රූපය
විකල්ප පෙළ මෙතනින්

නිදර්ශනය ඇඩම් කොෆොර්ඩ් විසිනි

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ඔබ කැමතිම කතාව කුමක්ද?