ප්‍රධාන සම්මන්ත්‍රණය
අවසානය දක්වා ඇදහිලිවන්තව
2024 අප්‍රේල් ප්‍රධා න සම්මන්ත්‍රණය


අවසානය දක්වා ඇදහිලිවන්තව

උන්වහන්සේගේ හස්තයෙන්, ඔබේ ජීවිතයේ පෙනී සිටින සෑම ගොලායත් කෙනෙක්ම පහත හෙළීමට ඔබට හැකි වනු ඇත.

දයාබර තරුණ මිත්රවරුනි, සභාවේ යෞවනයෙනි—අද මම ඔබට කෙලින්ම කතා කිරීමට කැමතියි.

අපේ තරුණ කාන්තාවන්ගේ ප්රධාන සභාපතිත්වය කැඳවලා අවුරුද්දක් වෙනවා. මේ පහුගිය අවුරුද්දේ කොයිතරම් දේවල් සිද්ධ වුණාද!

අපි ඔබලා බොහෝ දෙනෙක්ව මුණගැහිලා තිබෙනවා සහ ක්රිස්තුස්වහන්සේගේ ඉගැන්වීම් එක්ව ඉගෙනගෙන තියෙනවා. අපි ගීත ගායනා කළා, අලුත් මිතුරන් ඇති කරගත්තා, අපේ ප්රජාවන්හි ඔබ සමඟ සේවය කළා. යෞවන සම්මන්ත්රණ වලදී සහ ලෝකයේ සිදුවීම් වලදී ඔබලාගේ සාක්ෂි ඇසීමෙන් අප ශක්තිමත් වී තිබෙනවා. සහ අපි ස්වාමින්වහන්සේගේ ගෘහයේ එක්ව වන්දනාමාන කර තිබෙනවා.

සෑම අවස්ථාවකදීම අපි අපගේ ස්වාමීන් වන යේසුස් ක්රිස්තුස්වහන්සේගේ පණිවුඩයක් බෙදාගෙන තිබෙනවා. අද රාත්රිය වෙනස් නොවනු ඇත; යේසුස් ක්රිස්තුස්වහන්සේගේ සභාවේ යෞවනයෙනි ඔබ වෙනුවෙන් මට පණිවුඩයක් තිබෙනවා.

වැදගත් ප්රශ්නය

ඔබ කවදා හෝ කල්පනා කර තිබේද පවුකාර ලෝකයේ ජීවත් වන අතරතුර ඔබ දෙවියන් වහන්සේට විශ්වාසවන්ත වන්නේ කෙසේද කියා? ඉදිරියට යාමට සහ දිගටම යහපත කිරීමට ඔබට ශක්තිය ලැබෙන්නේ කොහෙන්ද? ඔබ සැබෑ සතුට අත්විඳින්නේ කෙසේද?

මම හිතන්නේ දාවිත් සහ ගොලායත්ගේ අත්දැකීම් උදව් කරන්න පුළුවන්.

දාවිත් සහ ගොලායත්

පැරණි ගිවිසුමේ පිලිස්තිවරුන්ගේ හමුදාව ඊශ්රායෙල්වරුන් සමඟ සටන් කරමින් සිටි අතර, සෑම උදෑසනකම සහ සෑම සවසකම, ගොලායත් නම් යෝධ පිලිස්තියානු ජාතිකයෙක් ඕනෑම ඊශ්රායෙල් ජාතිකයෙකුට ඔහුට එරෙහිව සටන් කරන ලෙස අභියෝග කළා.

රූපය
දාවිත් සහ ගොලායත්

ඊශ්රායෙල් සෙනඟ අතර දාවිත් ජීවත් වූ අතර, ගොාලායත්ට වඩා කුඩා තරුණ එඬේරෙකු වූ නමුත් යේසුස් ක්රිස්තුස් වහන්සේ කෙරෙහි විශාල ඇදහිල්ලක් තිබුනා. දාවිත් ස්වේච්ඡාවෙන් සටන් කළා. රජු පවා ඔහුව වැළැක්වීමට උත්සාහ කළ නමුත් දාවිත් යේසුස් ක්රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීමට තීරණය කළා.

මීට පෙර, දාවිත් සිංහයෙකු හා වලසෙකු සමඟ ද සටන් කර තිබුනා. උන්වහන්සේගේම අත්දැකීමෙන්, දෙවියන්වහන්සේ උන්වහන්සේව ආරක්ෂා කර උන්වහන්සේව ජයග්‍රහණය කරවූ බව උන්වහන්සේ දැන සිටියේය. දාවිත්ට, දෙවියන් වහන්සේගේ හේතුව වැදගත්ම හේතුව වුවා . එබැවින්, ඔහුව අත් නොහරින දෙවියන්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් පිරුණු ඔහු සිනිඳු ගල් පහක් රැස් කර, ඔහුගේ කැටපෝලය අතට ගෙන යෝධයාට මුහුණ දීමට ගියේය.

රූපය
දාවිත්ගේ ගල් පහ.

දාවිත් විසි කළ පළමු ගල ගොලායත්ගේ නළලේ වැදී ඔහුගේ ජීවිතය අවසන් කළ බව ශුද්ධ ලියවිලි අපට පවසනවා.

පිළිතුර සෙවීම

දාවිත් ගොලායත් මරා දැමීමට එක් ගලක් පමණක් භාවිතා කළ ද, ඔහු පහක් සමඟ සූදානම් වුවා. පහක් සමඟ! මෙය ලෝකයට මුහුණ දීමට මා සූදානම් වන්නේ කෙසේද යන්න ගැන මට සිතන්න සලස්වයි.

දාවිත්ගේ සෑම ගලක්ම අපගේ ජීවිතයේ ජයග්රාහී වීමට අවශ් ය ශක්තියක් නියෝජනය කළේ නම් අප කුමක් කළ යුතුද? ඒ ගල් පහ කුමක් විය හැකිද? මම මේ හැකියාවන් ගැන හිතුවා:

  1. දෙවියන්වහන්සේ කෙරෙහි මගේ ප්‍රේමය නැමති ගල.

  2. ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි මගේ ඇදහිල්ල නැමති ගල.

  3. මගේ සැබෑ අනන්යතාවය පිළිබදව දැනුම නැමති ගල.

  4. මගේ දෛනික පසුතැවීම නැමති ගල.

  5. දෙවියන් වහන්ගේ බලයට මගේ ප්‍රවේශය නැමති ගල.

මෙම ශක්තීන්ගෙන් අපට ආශීර්වාද ලැබෙන ආකාරය ගැන අපි කතා කරමු.

පළමුව, දෙවියන්වහන්සේ කෙරෙහි මගේ ප්‍රේමය නැමති ගල. දෙවියන්වහන්සේට ප්‍රේම කිරීම පළමු ශ්‍රේෂ්ඨ ආඥාවයි. යෞවනයින්ගේ ශක්තිය සඳහා මාර්ගෝපදේශය අපට උගන්වයි: “දෙවියන් වහන්සේ ඔබට ආදරෙයි. උන්වහන්සේ ඔබේ පියාණන් වහන්සේ. උන්වහන්සේගේ පරිපූර්ණ ප්රේමය උවහන්සේට ප්රේම කිරීමට ඔබව පොළඹවා ගත හැකිය. ස්වර්ගීය පියාණන් වහන්සේ කෙරෙහි ඔබේ ආදරය ඔබේ ජීවිතයේ වැදගත්ම බලපෑම වන විට, බොහෝ තීරණ පහසු වේ.”

දෙවියන්වහන්සේ කෙරෙහි අපගේ ප්රේමය සහ උන්වහන්සේ සමඟ අපගේ සමීප සම්බන්ධතාවය අපගේ හදවත් පරිවර්තනය කිරීමට සහ අපගේ අභියෝග වඩාත් පහසුවෙන් ජය ගැනීමට අපට අවශ්ය ශක්තිය ලබා දෙයි.

දෙවනුව, ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි මගේ ඇදහිල්ලනැමති ගල. යේසුස් ක්රිස්තුස්වහන්සේ මෙලොවට පැමිණි විට, උන්වහන්සේ අපගේ පව් සඳහා දුක් විඳි සේක, උන්වහන්සේ අපගේ දුක, අපගේ වේදනාවන්, අපගේ දුර්වලතා සහ අපගේ ශාරීරික හා මානසික රෝග තමන් මතට ගත් සේක. ඒම නිසා උන්වහන්සේ දන්නවා අපට උපකාර කරන්න. යේසුස් ක්රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් අදහස් කරන්නේ උන්වහන්සේගේ ප්රඥාව, උන්වහන්සේගේ කාලය, උන්වහන්සේගේ ප්රේමය සහ අපගේ පාපයන් වෙනුවෙන් උන්වහන්සේගේ වන්දිගෙවන බලය සම්පූර්ණයෙන්ම විශ්වාස කිරීමයි. යේසුස් ක්රිස්තුස් වහන්සේ තුළ ඇදහිල්ලේ ගල අපගේ ජීවිතයේ ඕනෑම “යෝධයෙකු” පරාජය කළ හැක. අපට මේ වැටුණු ලෝකය ජයගත හැක්කේ උන්වහන්සේ පළමුව එය ජයගත් නිසාය.

තුන්වැන්න, මගේ සැබෑ අනන්යතාවය පිළිබදව දැනුම නැමති ගල. අපගේ ආදරණීය අනාගතවක්තෘ, සභාපති රසල් එම්. නෙල්සන් අපට ඉගැන්වූයේ අපගේ වැදගත්ම අනන්යතාවයන් දෙවියන්වහන්සේගේ දරුවන්, ගිවිසුමේ දරුවන් සහ යේසුස් ක්රිස්තුස්වහන්සේගේ අනුගාමිකයින් ලෙස බවයි.

මම ඇත්තටම කවුද කියලා දැනගත්තම හැමදේම වෙනස් වෙනවා. මම මගේ හැකියාවන් ගැන සැක කරන විට, මම බොහෝ විට මගේ මනසින් හෝ හඬ නගා මටම කියන්නේ, “මම දෙවියන්වහන්සේගේ දියණියකි, මම දෙවියන් වහන්සේගේ දියණියකි,” මට නැවත දිගටම කරගෙන යාමට විශ්වාසයක් දැනෙන තුරු මට අවශ්ය තරම් වාර ගණනක්.

හතර වැන්න මගේ දෛනික පසුතැවීම නැමති ගල. යෞවනයන්ගේ ශක්තිය සඳහා, මාර්ගෝපදේශයේ, අපි කියවමු: “පසුතැවීම පාපයට දඬුවම නොවේ; ගැලවුම්කරුවාණන් අපව පාපයෙන් නිදහස් කරන ආකාරය එයයි. පසුතැවිලි වීම යන්නෙන් අදහස් කරන්නේ වෙනස් වීමයි―පාපයෙන් හා දෙවියන් වහන්සේ දෙසට හැරී යාමයි. එයින් අදහස් කරන්නේ වඩා යහපත්වීම සහ සමාව ලබා ගැනීමයි. මේ ආකාරයේ වෙනසක් එක්-වරක් සිදුවීමක් නොවේ; එය අඛණ්ඩ ක්රියාවලියකි.”

දෙවියන්වහන්සේගේ සමාව දැනීම සහ අප නිර්මලව උන්වහන්සේ සමඟ සමාදානයෙන් සිටින බව දැන ගැනීම තරම් නිදහස් දෙයක් නැත. සමාව දීම සෑම කෙනෙකුටම කළ හැකි ය.

පස් වැනි ගල වන්නදෙවියන්වහන්ගේ බලයට මගේ ප්‍රවේශය නැමති ගල. බව්තීස්ම නියෝගයන්හි අප ඇති කර ගන්නාක් මෙන්, දෙවියන් වහන්සේ සමඟ ඇති කර ගන්නා ගිවිසුම්, අපට දේවභක්තියේ බලයට ප්රවේශය ලබා දෙයි. දෙවියන්වහන්සේගේ බලය යනු අභියෝගවලට මුහුණ දීමට, යහපත් තීරණ ගැනීමට සහ දුෂ්කර තත්වයන් විඳ දරා ගැනීමට අපගේ ශක්තිය වැඩි කිරීමට උපකාරී වන සැබෑ බලයකි. එය අපට අවශ්ය නිශ්චිත හැකියාවන් තුළ වර්ධනය විය හැකි බලයකි.

යෞවනයින්ගේ ශක්තිය සඳහාමාර්ගෝපදේශය පැහැදිලි කරනවා:: “ගිවිසුම් දෙවියන් වහන්සේට සහ ගැලවුම්කරුවාණ්ට ඔබව සම්බන්ද කරන බව. එයින් ඔබේ ජීවිතයේ දෙවියන් වහන්සේගේ බලය වැඩි කරයි..”

එම සම්බන්ධය ගැන අපි කතා කරමු. ක්රිස්තුස් වහන්සේ ගල්පර්වතය මත ඉදිකරන ලද නිවසක් සහ වැලි මත ඉදිකරන එකක් අතර වෙනස ඉගැන්වූවා මතකද? වැඩිහිටි ඩයටර් එෆ්. උච්ට්ඩෝර්ෆ් මෙසේ පැහැදිලි කළේය: “නිවසක් කුණාටුවකින් නොනැසී පවතින්නේ නිවස ශක්තිමත් බැවිනි. ඒ වගේම පර්වතය ශක්තිමත් වූ පමණින් එය නොනැසී පවතින්නේ නැහැ. නිවස කුණාටුවෙන් බේරෙන්නේ එය එම ශක්තිමත් පර්වතයට තදින් බැඳී ඇති බැවිනි. පර්වතයට ඇති සම්බන්ධතාවයේ ශක්තිය තමයි වැදගත් වෙන්නේ.”

රූපය
පර්වතයක් මත ඉදිකරන ලද නිවස.

යේසුස් ක්රිස්තුස් වහන්සේ සමඟ අපගේ පෞද්ගලික සම්බන්ධතාවය අපගේ විශ්වාසයන්ට ගරු නොකරන හෝ අපට හිරිහැර කරන පුද්ගලයින් අතර ඉදිරියට යාමට ධෛර්යය හා විශ්වාසය ලබා දෙනු ඇත. ක්රිස්තුස්වහන්සේ නිරන්තරයෙන් අපගේ සිතුවිලි තුළ උන්වහන්සේ තබා ගැනීමට අපට ආරාධනා කරයි; උන්වහන්සේ අපට පවසනවා, “ සෑමසිතිවිල්ලකින්ම මා දෙස බලන්න.” ගැලවුම්කරුවාණන් ගැන සිතීම අපට තීරණ ගැනීමට, බිය නොවී ක්රියා කිරීමට සහ දෙවියන් වහන්සේගේ ඉගැන්වීම්වලට පටහැනි දේ එපා යැයි පැවසීමට මනසේ පැහැදිලි බවක් ලබා දෙනවා. මගේ දවස දුෂ්කර වන විට සහ මට තවදුරටත් ගත නොහැකි බව මට හැඟෙන විට, ක්රිස්තුස් වහන්සේ ගැන සිතීම මට සාමය ගෙන දෙන අතර මට බලාපොරොත්තුවක් ලබා දෙනවා.

යේසුස් ක්රිස්තුස්වහන්සේගේ මෙම බලය අප වෙත යොමු කරන්නේ කෙසේද? අපගේ ගිවිසුම්වලට කීකරු වීම සහ යේසුස් ක්රිස්තුස්වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ල වැඩි කිරීම ප්රධාන වේ.

මම ඇත්තටම ප්රාර්ථනා කරනවා දා විත්ට තවත් ගලක් තිබුණා නම්; එය මාගේ සාක්ෂියේ ගල වනු ඇත. අපගේ සාක්ෂිය ගොඩනඟා ඇත්තේ අපගේ ජීවිතයේ දිව්යමය බලපෑම හඳුනා ගන්නා පුද්ගලික අධ්යාත්මික අත්දැකීම් මගිනි. ඒ දැනුම කාටවත් අපෙන් උදුරා ගන්න බැහැ. අපගේ අධ්යාත්මික අත්දැකීම් ජීවත් වීමෙන් අප දන්නා දේ දැන ගැනීම මිල කළ නොහැකිය. එම දැනුමට අවංක වීම අපට නිදහස ලබා දෙනවා. එය අපට ප්රීතියක් ලබා දෙයි! අපි සත්යයට ආදරය කරනවා නම්, අපි එය සොයනු ඇත, අප එය සොයා ගත් පසු, අපි එය ආරක්ෂා කරන්නෙමු

ආරාධනයක්

මම ගල් අංක හය තෝරා ගත්තා සේම, ඔබේ පන්තිය, හෝ ගනපුරනයේ පවුලේ අය හමුවී දෙවියන් වහන්සේට විශ්වාසවන්තව සිටීමට සහ එම නිසා ලෝකය ජය ගැනීමට ඔබ අත්පත් කර ගත යුතු වෙනත් ශක්තීන් මොනවාදැයි සිතා බැලීමට මම ඔබට ආරාධනා කරනවා.

පොරොන්දුවක්

හිතවත් මිත්රවරුනි, ක්රිස්තුස් වහන්සේ අපගේ ජීවිත ගමනේදී අප සමඟ යාමට උනන්දු වෙනවා. මම ඔබට පොරොන්දු වෙනවා, ඔබ යකඩ අත්වැල අල්ලාගෙන සිටින විට, ඔබ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ අත්වැල් බැඳගෙන ගමන් කරන බව. උන්වහන්සේඔබට මග පෙන්වනු ඇතඋන්වහන්සේඔබට උගන්වනු ඇත. උන්වහන්සේගේ හස්තයෙන්, ඔබේ ජීවිතයේ පෙනී සිටින සෑම ගොලායත් කෙනෙක්ම පහත හෙළීමට ඔබට හැකි වනු ඇත.

සාක්ශිය

සෑම දිනකම යාච්ඤා කිරීමේදී, සෑම දිනකම මෝමන්ගේ පොත කියවීමේදී, සෑම ඉරිදාවකම සක්රමේන්තුවට සහභාගී වීමේදී සහ උදේ පාන්දර සෙමනේරියට යාමේ දී—පවා ප්රීතියක් ඇති බව මම සාක්ෂි දෙමි! යහපත කිරීම තුළ සතුටක් ඇත.

විශ්වයේ දෙවියන්වහන්සේ හට, ලෝකයේ ගැලවුම්කරුවාණන් වන රජවරුන්ගේ රජුට විශ්වාසවන්තව සිටීමේ ප්රීතිය ඇත. යේසුස් ක්රිස්තුස්වහන්සේගේ ගෝලයෙකු වීම තුළ ප්රීතියක් ඇත.

දෙවියන්වහන්සේ අපගේ ස්වර්ගික පියාණන්ය. උන්වහන්සේ ඔබේ හදවතේ ආශාවන් සහ ඔබේ හැකියාවන් දනී, උන්වහන්සේ ඔබව විශ්වාස කරනවා.

ආදරණීය යෞවනය, යේසුස් ක්රිස්තුස්වහන්සේ අවසානය දක්වා ඇදහිලිවන්තව සිටීමට ඔබට උපකාර කරනු ඇත. මෙම සත්‍යයන් ගැන, මම මගේ සාක්ෂිය දරමි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. 1 සැමුවෙල් 17බලන්න.

  2. 1 සාමුවෙල් 17:40, 45–49බලන්න.

  3. මතෙව් 22:36-38බලන්න.

  4. යෞවනයින්ගේ ශක්තිය සඳහා: තෝරා ගැනීම් කිරීම සඳහා මාර්ගෝපදේශයකි (2022), 11.

  5. ඇල්මා 7:11-14බලන්න .

  6. 1 නෙපි 7:12 බලන්න.

  7. රසල් එම්. නෙල්සන්, “ලෝකය ජයගෙන විවේකය සොයා ගන්න,”බලන්න ලියහෝනා, නොවැ. 2022, 95–98.s

  8. රසල් එම්. නෙල්සන්, “සදාකාලිකත්වය සඳහා තේරීම්”බලන්න. (තරුණ වැඩිහිටියන් සඳහා ලොව පුරා භක්තිය, 2022, මැයි 15), ශුභාරංචි පුස්තකාලය.

  9. ‘’තරුණ ගැහැණු ළමුන්ගේ තේමාව’’ සහ “ආරෝනික පූජකවර ගණපූරණ තේමාව,”බලන්න, ශුභාරංචි පුස්තකාලය.

  10. යෞවනයින්ගේ ශක්තිය සඳහා , 7.

  11. රසල් එම්. නෙල්සන්, “අධ්‍යාත්මික ගමයතාවයේ බලය,” බලන්න, ලියහෝනා, 2022 මැයි, 97-100; තවද බලන්න දහම සහ ගිවිසුම් 84:19–21.

  12. ප්රධාන අත්පොත:යේසුස් ක්රිස්තුස් වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සේවය කිරීම,බලන්න 3.5, ශුභාරංචි පුස්තකාලය.

  13. යෞවනයේ ශක්තිය සඳහා , 34අවධාරණය කිරීම් සහිතයි.

  14. 3 නෙපි 14:24–27බලන්න.

  15. ඩියේටර් එෆ්. උච්ට්ඩෝෆ්, “යෞවනයින් ශක්තිය සඳහා : ඔබට ගැලවුම්කරුවාණන්ගේ පණිවුඩය,” යෞවනයින් ශක්තිය සඳහා , 2024. මාර්තු, 38.

  16. දහම සහ ගිවිසුම් 6:36; අවධාරණය කිරීම් සහිතයි.

  17. දහම සහ ගිවිසුම් 6:33–34බලන්න.

  18. ඩැලින් එච්. ඔක්ස්ගේ, “සාක්ෂිය,” බලන්න ලියහෝනා, 2008 මැයි, 26; තවද ඇල්මා 5:46බලන්න .

  19. යෞවනයින් ශක්තිය සඳහා , බලන්න 32: “ඔබට කිසි විටෙකත් සොරකම් කිරීමට, බොරු කීමට, වංචා කිරීමට හෝ රැවටීමට අවශ්ය නොවන තරමට සත්යයට ආදරය කරන්න—පාසලේදී, රැකියාවේදී, මාර්ගගතව, සෑම තැනකම. යේසුස් ක්රිස්තුස් වහන්සේගේ විශ්වාසවන්ත අනුගාමිකයා ලෙස එකම ලෙසින් ප්රසිද්ධියේ සහ පෞද්ගලිකව.”

  20. 1 නෙපි 8:19, 30; 15:24–25; හිලමන් 3:29–30. බලන්න.

  21. බලන්න 3 නෙපි 14:24.