2020–2024
ඔබට ඊශ්‍රායෙලය එක්රැස් කළ හැකිය!
2021 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


10:53

ඔබට ඊශ්‍රායෙලය එක්රැස් කළ හැකිය!

ඔබේ අනන්‍යතාවය හා ඔබ තුළ ඇති මහත් බලය නිසා යෞවනයන්ට මෙය කළ හැකි බව මට විශ්වාසයි.

මීට වසර තුනකට පමණ පෙර, තිරයේ දෙපස “ඊශ්‍රායෙලය එක්රැස් කිරීම සඳහා උපකාර කිරීමට ස්වාමින්වහන්සේගේ තරුණ බලඇණියට” ඇතුළත් වන ලෙස සභාපති රසල් එම්.නෙල්සන් පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ සියලුම තරුණ තරුණියන්ට ආරාධනා කළා. “අද පොළව මත සිදුවන වැදගත්ම දෙය එක්රැස්වීම” යැයි ඔහු පැවසුවා. (1) ඔබේ අනන්‍යතාවය පිළිබඳ යමක් සහ (2) ඔබ තුළ ඇති මහත් බලය නිසා, ඔබට මෙය කළ හැකියි—එය ඔබට ඉතා හොඳින් කළ හැකි බව මට විශ්වාසයි.

කෝර්බිට් සහෝදරිය සහ සහෝදරයා

මීට වසර හතළිස්-එකකට පෙර, අපේ සභාවේ ධර්මදූතයන් දෙදෙනෙකුට එක්සත් ජනපදයේ, නිව් ජර්සි හි නිවසකට යාමට මගපෙන්වීමක් දැණුනා. කාලයාගේ ඇවෑමෙන්, හාස්කමක් ලෙස, එහි දෙමාපියන් සහ දරුවන් 10 දෙනාම බව්තීස්ම වූවා. අනාගතවක්තෘවරයාගේ වචන වලින් ඔවුන් ඔවුන්ගේ ජීවිත වල “දෙවියන්වහන්සේට ජයගැනීමට ඉඩ හැරියා”. “අපේ ජීවිත” යනුවෙන් මම කිව යුතුයි. මම තුන්වෙනි දරුවායි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීම සඳහා ස්ථිර ගිවිසුමක් ඇතිකර ගැනීමට මම තීරණය කරන විට මට වයස අවුරුදු 17 යි. නමුත් මම වැඩිදුරටත් තීරණය කළේ කුමක්ද කියා අනුමාන කරන්න? මම පූර්ණ කාලීන ධර්මදූත සේවයක් කරන්නේ නෑ. එය ඕනෑවට වඩා වැඩියි. මෙය මගෙන් බලාපොරොත්තු විය නොහැකියි නේද? මම සභාවේ අලුත්ම සාමාජිකයෙක්. මට මුදල් තිබුණේ නැහැ. ඊට අමතරව, මම මේ වන විට බටහිර ෆිලඩෙල්ෆියා හි දුෂ්කරම උසස් පාසලෙන් උපාධිය ලබා, අනතුරුදායක අභියෝගයන්ට මුහුණදී තිබුණද මුළුමනින්ම අවුරුදු දෙකක් නිවසින් පිටවීම ගැන මම රහසින් භීතියට පත්ව සිටියා.

කෝර්බිට් පවුල

ඔබේ සැබෑ අනන්‍යතාවය

නමුත් මම සහ සියලු මනුෂ්‍ය වර්ගයා අපගේ උපතට පෙර අපගේ ස්වර්ගික පියාණන්වහන්සේගේ ආත්මීය පුතුන් හා දියණියන් ලෙස ජීවත් වූ බව මම ඉගෙනගත්තේ දනුයි. මා දැන සිටි ලෙසම, උන්වහන්සේ තම සියලු දරුවන් සමඟ සදාකාල ජීවනය භුක්තිවිඳීම වෙනුවෙන් ආශාවෙන් බලාසිටින බව, අනෙක් අය දැනගැනීම අවශ්‍ය වුණා. ඉතින්, කිසිවෙකු පොළොවට පැමිණීමට පෙර, අපගේ ගැලවුම්කරුවාණන් ලෙස යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඇතුලත් වන ඒ ගැලවීම හා සතුට පිළිබඳ උන්වහන්සේගේ පරිපූර්ණ සැලැස්ම උන්වහන්සේ ඉදිරිපත් කළා. ඛේදජනක ලෙස, සාතන් දෙවියන්වහන්සේගේ සැලැස්මට විරුද්ධ වුණා. එළිදරව් පොතට අනුව, “ස්වර්ගයේ යුද්ධයක් පැවතුනා”! දෙවියන්වහන්සේ වෙනුවට ඔහුට ජයගැනීමට සාතන් ස්වර්ගික පියාණන්වහන්සේගේ ආත්මික දරුවන්ගෙන් තුනෙන් කොටසක් රැවටුවා. නමුත් ඒ ඔබ නොවේ! ප්‍රේරිත යොහාන් දුටු ලෙස “ඔබගේ සාක්ෂියේ වචනයෙන්” ඔබ සාතන්ව පරාජය කළා.

මගේ ආදීපීතෘ ආශිර්වාදයේ උපකාරයෙන් මාගේ සැබෑ අනන්‍යතවය දැනගැනීම, ඊශ්‍රායලය එක්රැස් කිරීමට සභාපති ස්පෙන්සර් ඩබ්ලිව් කිම්බල්ගේ ආරාධනය පිළිගැනීමට මට ධෛර්යය හා විශ්වාසය ලබාදුන්නා. හිතවත් මිත්‍රවරුනි, එය ඔබටත් එසේම වනු ඇත. මීට පෙර ඔබගේ සාක්ෂියේ වචනයෙන් ඔබ සාතන්ව පරාජය කළ බව දැනගැනීම දැන් සහ සැමවිටම ඔබට “ආදරය කිරීමට, බෙදාගැනීමට සහ ආරාධනා කිරීමට” උපකාරී වෙයි—දෙවියන්වහන්සේගේ දරුවන්ගේ ප්‍රාණයන් සඳහා වන එම යුද්ධයම උග්‍ර වීම හෙතුවෙන්, පැමිණ බැලීමට, පැමිණ උදව් කිරීමට, හා පැමිණ අයිති වීමට අන් අයට ආරාධනා කිරීමට එය උපකාරී වෙයි.

වැඩිහිටි කෝර්බිට්

ඔබ තුළ ඇති ප්‍රබල විශ්වාසය

ඔබ තුළ ඇති මහත් බලය ගැන කුමක් කිව හැකිද? මේ ගැන සිතා බලන්න: ශාරීරික හා අධ්‍යාත්මික මරණයට සියල්ලන්ම මුහුණදෙන වැටී ඇති ලෝකයකට පැමිණීමට ඔබ ප්‍රීතියෙන්කෑගැසුවා. අපට කිසිවිටෙකත් තනිවම ජයගත හැකිවන්නේ නෑ. අපි අපේම පව් වලින් පමණක් නොව අන් අයගේ පාප වලින්ද පීඩා විඳිනවා. අපේ මනස පුරා අමතක වීමේ තිරයක් සහ ලෝකයේ දරුණුතම සතුරා දිගින් දිගටම අපව ඉලක්ක කරන පෙළඹවීමද සමඟ—මවාගත හැකි සෑම ආකාරයකම බිඳවැටීමක් හා බලාපොරොත්තු සුන්වීමක් මනුෂ්‍ය වර්ගයා අත්විඳිමින් සිටිනවා. මරණයෙන් නැවත නැගිට පවිත්‍රව දෙවියන්වහන්සේගේ ශුද්ධ වූ අභිමුඛයට නැවත පමිණීමේ බලාපොරොත්තුව මුළුමනින්ම රඳා පවතින්නේ උන්වහන්සේගේ පොරොන්දුව ඉටුකිරීම මතයි.

ඉදිරියට යාමට ඔබට බලය ලැබුණේ කුමකින්ද? සභාපති හෙන්‍රි බී. අයිරින් මෙසේ පැවසුවා, “මේ ලෞකික ලෝකයේදී ඔබට මුහුණදීමට සිදුවන අභියෝග පිළිබඳව ඔබ එපමණ දැන සිටියේ නැති නිසා, ප්‍රීතියේ සැලැස්ම සහ එහි ක්‍රිස්තුස්වහන්සේගේ ස්ථානය ස්ථීර කිරීමට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුල විශ්වාසය අවශ්‍ය වෙනවා.” මනුෂ්‍ය භාවයට පැමිණ එක්රැස් කිරීමට සහ අපව ගලවා ගැනීමට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පොරොන්දු වූ විට ඔබ උන්වහන්සේව විශ්වාස කෙරුවා පමණක් නොවෙයි. ඔබේ “උදාර ආත්මයන්ට” කොතරම් “ශ්‍රේෂ්ඨ ඇදහිල්ලක්” තිබුනාදයත් ඔබ උන්වහන්සේගේ පොරොන්දුව ස්ථිර ලෙස දුටුවා. උන්වහන්සේට බොරු කීමට නොහැකිය එබැවින් උන්වහන්සේ ඉපදීමට බොහෝ කලකට පෙර උන්වහන්සේ ඔබ උදෙසා උන්වහන්සේගේ ලේ වැගිරවූවාක් මෙන් ඔබ දුටුවා.

යොහාන්ගේ සංකේතාත්මක වචන වලට අනුව, ඔබ “බැටළු පැටවාගේ රුධිරයෙන් [සාතන්ව] පරාජය කළා.” සභාපති ඩැලන් එච්. ඕක්ස් මෙසේ ඉගැන්වූවා: එම ලෝකයේ “[ඔබ] මුල සිටම අවසානය දුටුවේය”

ඔබ පාසැලට යාමට දිනකට පෙර ඔබේ දෙමාපියෙකු ඔබ නිවසට පැමිණෙන විට ඔබට ඔබේ ප්‍රියතම ආහාරය ලබාගත හැකියි කියා ඔබට සත්‍ය පොරොන්දුවක් වූවා යැයි සිතන්න! ඔබ ගොඩක් උද්‍යෝගිමත් වූවා! පාසැලේ සිටියදී ඔබ එම ආහාරය අනුභව කරනවා මවාගන්නා අතර ඔබට දැනටමත් එහි රසය දැනෙනවා. ස්වාභාවිකවම, ඔබ ඔබේ සුභ පණිවිඩය අන් අය සමඟ බෙදාගන්නවා. ගෙදර යාමට බලාපොරොත්තුවෙන් සිටීමෙන් ඔබ සතුටට පත්වන අතර පාසලේ පරීක්ෂණ සහ අභියෝග සැහැල්ලු බව පෙනෙන්නට වෙනවා. පොරොන්දුව කෙතරම් විශ්වාසද යන්න ඔබේ ප්‍රීතිය නැති කිරීමට හෝ සැකයක් ඇතිකිරීමට කිසිවකට නොහැකියි! ඒ හා සමානව, ඔබේ “උදාර ආත්මයන්” ඉපදීමට පෙර, ක්‍රිස්තුස්වහන්සේගේ පොරොන්දු මේ ආකාරයෙන් දැකීමට ඔබ ඉගෙනගත් අතර, උන්වහන්සේගේ ගැලවීම ඔබ රසවින්දා. ඔබේ ශ්‍රේෂ්ට ඇදහිල්ල මාංශ පේශින් මෙන් ඔබ ඒවා ව්‍යායාම කරන තරමට ශක්තිමත් හා වැඩිවන අතර, නමුත් ඒවා දැනටමත් ඔබ තුළ තිබෙනවා.

ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇති ඔබේ යෝධ ඇදහිල්ල අවදි කර දැන් ඊශ්‍රායෙලය එක්රැස් කිරීමට සහ නැවත වරක් සාතන්ගෙන් ජයග්‍රහණය කිරීමට ඔබට එය භාවිතා කළ හැක්කේ කෙසේද? අද දින එක්රැස් කිරීමට සහ ගලවා ගැනීමට ස්වාමින්වහන්සේගේ පොරොන්දුව දෙස අපේක්ෂා කිරීමට නැවත ඉගෙනගැනීමෙන් සහ එම නිශ්චිත භාවයෙන්ම බැලීමෙන්. එලෙස කරන්නේ කෙසේද කියා අපට ඉගැන්වීමට උන්වහන්සේ ප්‍රධාන වශයෙන් මොර්මොන්ගේ පොත සහ අනාගතවක්තෘවරුන්ව උපයෝගී කරගන්නවා. ක්‍රිස්තුස්වහන්සේට බොහෝ කලකට පෙර, නෙපීවර “අන්නගතවක්තෘවරුන්ද, … පූජකවරුද, … ගුරුවරුද … [මිනිසුන්ව] මෙසියස්වහන්සේගේ පැමිණීමේ බලාපොරොත්තුවටද, උන්වහන්සේ දැන් පමිණ ඇතිවාක් මෙන් [විශ්වාස කිරීමට] පෙළඹවූහ.” අනාගතවක්තෘ අබිනාඩි මෙලෙස ඉගැන්වූවා, “තවද දැන්, පැමිණෙන්නට තිබෙන්නාවූ දේවල් ඒවා දැනටමත් පැමිණ තිබෙන්නාක් මෙන් කතාකරමින් ක්‍රිස්තුස්වහන්සේ ලෝකය තුලට පැමිණියේ නොමැති නම්, එහි මුදවීමක් නොමැති වන්නේය.” ඇල්මා මෙන්, අබිනාඩි “ඇදහිල්ලේ එක ඇසක් සමඟින් ඉදිරිය බලමින්”දෙවියන්වහන්සේගේ ගැලවීම පිළිබඳ සත්‍ය පොරොන්දුව දැනටමත් ඉටුවී ඇති බව දුටුවා. ඔවුන් [සාතන්ව] පරාජය කළේ ඔබ කලාක් මෙන් බැටළුපැටවාණන්ගේ රුධිරයෙන් සහ ක්‍රිස්තුස්වහන්සේ ඉපදීමට බොහෝ කලකට පෙර ඔවුන්ගේ සාක්ෂියේ වචනයෙන්. ස්වාමින්වහන්සේ ඔවුන්ට ඊශ්‍රයෙල්වරුන්ට ආරාධනා කොට රැස්කිරීමට බලය දුන්නා. ඔබ අදහිල්ලෙන් ඉදිරිය බලන විට උන්වහන්සේ ඔබටද එලෙසින්ම කරනු ඇත, ඊශ්‍රයෙලය රැස්ව ඇති සැටි බලන්න—ගෝලීයව සහ ඔබේම “කව” තුළ—සියල්ලන්ටම ආරාධනා කරන්න!

ධර්මදූතයන් සිය ගණනක් ඔවුන් සම්බන්ධ කරගත් හෝ ඉගැන්වූ අයව බව්තීස්ම හා දේවමාළිගාවේ ඇඳුමෙන් දර්ශනය කරගැනීමෙන් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඔවුන්ගේ ප්‍රබල පෙර ආත්මීය ඇදහිල්ල මත ගොඩනැගුවා. “මනසෙහි අවසානය සමඟ ආරම්භ කරන්න” යන මාතෘකාවෙන් යුත් කතාවක සභාපති නෙල්සන් මෙය සිදුකිරීම පිළිබඳ පෞද්ගලික ආදර්ශයක් බෙදාගත් අතර අපගේ ධර්මදූතයන්ට එය කිරීමට උගන්වන ලෙස ධර්මදූත සේවා නායකයින්ට උපදෙස් දුන්නා. පෙර ආත්මික ලෝකයේ ඔවුන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි මේ මහත් ඇදහිල්ල ක්‍රියාත්මක කළ බව දැන සිටීම අපගේ ආදරණීය ධර්මදූතයන්ට “උන්වහන්සේට සවන්දීමට” සහ ස්වාමින්වහන්සේ පොරොන්දු වූ පරිදි ඊශ්‍රායෙලය එක්රැස් කිරීම සඳහා ඔවුන්ගේ දැවැන්ත ඇදහිල්ල ක්‍රියාත්මක කිරීමට ඉමහත් උපකාරයක් වුණා.

ඇත්තවශයෙන්ම, බොරු සිතාගැනීම ඇදහිල්ලට හානි කරනවා. මාගේ මිත්‍රවරුනි, ඔබ සැබවින්ම කවුරුන්ද යන්න සමඟ ගැටෙන දේවල් හිතාමතාම සිතීම හෝ බැලීම, විශේෂයෙන් අසභ්‍ය දර්ශන, ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඔබේ ඇදහිල්ල දුර්වල කරන අතර පසුතැවීමකින් තොරව එය විනාශ කළ හැකියි. කරුණාකර ඔබේ පරිකල්පනය ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල වැඩි කිරීමට මිස එය විනාශ කිරීමට යොදන්න එපා.

ළමා හා තරුණ වැඩසටහන

ළමා හා තරුණ වැඩසටහන යනු ඔබේ මහත් ඇදහිල්ල ශක්තිමත් කිරීමට යෞවනයන්ට උපකාර වන අනාවැකිමය මෙවලමක්. සභාපති ඕක්ස් මෙසේ ඉගන්වීය, “එම වැඩසටහන සැලසුම් කර ඇත්තේ අධ්‍යාත්මික, සමාජීය, භෞතික හා බුද්ධිමය යන අංශ හතරකින් අපගේ ගැලවුම්කරුවාණන් මෙන් වීමට ඔබට උපකාර කිරීම සඳහායි.” ඔබ යෞවනයන් ශුභාරංචිය ජීවත්වීමට, අන් අය ගැන සැලකිලිමත් වීමට, ශුභාරංචිය ලැබීමට සැමට ආරාධනා කිරීමට, සදාකාලයටම පවුල් එක් කිරීමට සහ විනෝද ක්‍රියාකාරකම් සංවිධානය කිරීමට නායකත්වය දෙන විට, පෙර ආත්මික ලෝකයේදී ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඔබ තුළ තිබූ ඉමහත් ඇදහිල්ල නැවත ඉස්මතු වන අතර මේ ජීවිතයේ උන්වහන්සේගේ වැඩ කිරීමට ඔබව බලවත් කරනු ඇත!

එසේම, පුද්ගලික අරමුණු, “විශේෂයෙන් කෙටිකාලීන අරමුණු” ඔබේ බලවත් ඇදහිල්ල යළි තහවුරු කිරීමට උපකාරී වෙනවා. ඔබ යහපත් ඉලක්කයක් තැබූ විට, ඔබ පෙර කළාක් මෙන්, ඔබ ඉදිරිය බලමින් සිටිනවා, ඒ වගේම ස්වර්ගික පියාණන්වහන්සේ ඔබට හෝ වෙනත් අයෙකු වීමට බලාපොරොත්තු වන දේ ඔබ දකිමින් සිටිනවා. එවිට ඔබ එය සාක්ෂාත් කරගැනීමට සැලසුම් කර වෙහෙස මහන්සි වී වැඩ කරන්න. වැඩිහිටි ක්වින්ටින් එල් කුක් මෙසේ ඉගැන්වූවා, “ඇදහිල්ලේ ඇසකින්—සැලසුම් කිරීමේ, ඉලක්ක තැබීමේ… සහ [අන් අයට ආරාධනා කිරීමේ] වැදගත්කම කිසිවිටෙකත් අවතක්සේරු නොකරන්න.”

තෝරගැනීම ඔබේය! ස්වාමින්වහන්සේ ඔබ ගැන මෙසේ පැවසුවා, ‘’ [තෝරාගැනීමේ] බලය ඔවුන් තුළය.” වැඩිහිටි නීල් එල්. ඇන්ඩර්සන් මෙසේ පැහැදිලි කළා, “ඔබේ ඇදහිල්ල වර්ධනය වන්නේ අහම්බෙන් නොව තෝරගැනීමෙනි.” ඔහු තවදුරටත් මෙසේ කියා සිටියා, “[ඔබට ඇති] [ඕනෑම] අවංක ප්‍රශ්නයක්… ඉවසිලිවන්තව හා ඇදහිල්ලේ ඇසකින් විසඳනු ඇත.”

(1) ඔබගේ සැබෑ අනන්‍යතාවය සහ (2) ඔබ තුළ ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇති මහත් ඇදහිල්ලේ බලය “ගැලවුම්කරුවාණන්ගේ නැවත පැමිණීම සඳහා, ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණ උන්වහන්සේගේ වන්දිගෙවීමේ ආශිර්වාද ලබාගැනීමට සියල්ලන්ට ආරාධනා කිරීමෙන්, ලෝකය සූදානම් කිරීමට උදව් කිරීමට” ඔබට හැකි බව මම සාක්ෂි දරනවා. මොර්මොන්ගේ පොතෙහි ස්ථිර පොරොන්දුවේ ප්‍රීතිය අපි සැවොම බෙදාගනිමු:

“ධර්මිශ්ඨයන් අනාගතවක්තෘවරුන්ගේ චනයන්ට ඇහුම්කන්දෙන්නෝ … සියලු හිංසා කිරීම් කෙසේ වුවත් … ක්‍රිස්තුස්වහන්සේ වෙත ස්ථීරව ඉදිරිය බලන්න … ඔවුහු නොනැසෙන තැනැත්තෝය.

“නමුත් [ක්‍රිස්තුස්වහන්සේ] … ඔවුන්ව සුවපත් කරන සේක , තවද ඔවුන්ට උන්වහන්සේ සමඟ සමාදානය තිබෙන්නේය.”

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. Russell M. Nelson, “Hope of Israel” (worldwide youth devotional, June 3, 2018), HopeofIsrael.ChurchofJesusChrist.org.

  2. රසල් එම් නෙල්සන් “දෙවියන්වහන්සේට ජයගන්නට ඉඩදෙන්න,” ලියහෝනා, නොවැ. 2020, 92–95 බලන්න.

  3. See Gospel Topics, “Plan of Salvation,” topics.ChurchofJesusChrist.org; see also Henry B. Eyring, “The Power of Sustaining Faith,” Liahona, May 2019, 58.

  4. එළිදරව් 12:7-8 බලන්න.

  5. දහම සහ ගිවිසුම් 29:36-37 බලන්න.

  6. එළිදරව් 12:11

  7. See Spencer W. Kimball, “It Becometh Every Man,” Ensign, Oct. 1977, 2–7.

  8. Sharing the Gospel,” ChurchofJesusChrist.org/share.

  9. යෝබ් 38:4–7 බලන්න.

  10. See Gospel Topics, “Plan of Salvation”; see also “Be Still, My Soul,” Hymns, no. 124, verse 3.

  11. See Gospel Topics, “Plan of Salvation”; see also Dallin H. Oaks, “The Great Plan,” Liahona, May 2020, 93–94, 96.

  12. Henry B. Eyring, “The Power of Sustaining Faith,” 58.

  13. බලන්න 3 නෙපි 27:14.

  14. Russell M. Nelson, “Hope of Israel,” HopeofIsrael.ChurchofJesusChrist.org; see also Doctrine and Covenants 138:55–56.

  15. ඇල්මා 13:2–4 බලන්න; තවත් බලන්න එළිදරව් 12:11; ඇදහිල්ලේ කරුණු 1:5. මොර්මොන්ගේ පොත පැහැදිලි කරන්නේ “අතිශය බලවත් ඇදහිල්ල” සහිත අය දෙවියන්වහන්සේගේ පොරොන්දු දැනටමත් ඉටුවී ඇති ලෙස දකින බවය. බලන්න 1 නෙපි 5:5; මොසයා 3:11–13; 4:1–3; ඇල්මා 27:28; 28:12 (“they are raised” ක්‍රි.පූ. 77-76 දී; අවධාරණය එකතු කරන ලදි); තවත් බලන්න නික්මයාම 3:13; යෙසායා 53; දහම සහ ගිවිසුම් 130:7; මෝසෙස් 7:47.

  16. බලන්න 2 නෙපි 31:15; ඊතර් 3:6–9, 11–13. ගැලවීම පිළිබඳ ක්‍රිස්තුස්වහන්සේගේ පොරොන්දුව දැනටමත් ඉටුවී ඇති බව දැකීමට ඇදහිල්ලට අවශ්‍ය වන්නේ ක්‍රිස්තුස්වහන්සේට බොරු කීමට නොහැකි බව දැනගැනීමයි. එවැනි ඇදහිල්ලක් යනු මනුෂ්‍ය ජීවිතයට පෙර ජීවිතයේ ඇදහිලිවන්තයන්ගේ, විශේෂයෙන් අපේ තරුණ පරපුරේ නිර්වචනයකි. “අපගේ ස්වර්ගික පියාණන් උන්වහන්සේගේ උතුම් ආත්මයන් බොහෝමයක් වෙන්කර ඇත—සමහරවිට, උන්වහන්සේගේ හොඳම කණ්ඩායම—මෙම අවසාන අදියර සඳහා වෙන්කර ඇත. ඒ උතුම් ආත්මයන්—ඒ හොඳම ක්‍රීඩකයන්, ඒ වීරයන්—ඔබයි!” (Russell M. Nelson, “Hope of Israel,” HopeofIsrael.ChurchofJesusChrist.org). යොහාන් 1:1; 14:6, 17 ද බලන්න.

  17. එළිදරව් 12:11; තවත් බලන්න ඊතර් 3:6–9.

  18. Dallin H. Oaks, “The Great Plan,” 93.

  19. බලන්න ඇල්මා 36:24–26; තවත් බලන්න ගීතාවලිය 34:8; යාකොබ් 3:2; මොසායා 4:11.

  20. යාරොම් 1:11.

  21. මොසායා 16:6.

  22. ඇල්මා 5:15.

  23. See “Gospel Living: Circles,” New Era, Oct. 2020, 15.

  24. See Russell M. Nelson, “Begin with the End in Mind” (address given at the seminar for new mission presidents, June 22, 2014).

  25. රසල් එම්. නෙල්සන්, “උන්වහන්සේට සවන්දෙන්න,” ලියහෝනා. 2020 මැයි, 88–92.

  26. නිදසුනක් වශයෙන්, ඇල්මා තම සෙනඟ සමඟ දෙවියන්වහන්සේ ඉදිරියෙහි පෙනී සිටින්නේ කවදාදැයි බලා සිටීම ගැන කතා කළ නමුත්, ඔවුන් කළ පාප ගැන පසුතැවිලි නොවන්නේ නම් විශ්වාසයෙන් හා සාමයෙන් එසේ කරනු ඇතැයි සිතිය නොහැකි යැයි අනතුරු ඇඟවීය (බලන්න ඇල්මා 5:15–17).

  27. Face to Face with President and Sister Oaks (worldwide youth and children’s broadcast, Feb. 23, 2020), facetoface.ChurchofJesusChrist.org.

  28. See General Handbook: Serving in The Church of Jesus Christ of Latter-day Saints, 1.2; 10.2.1.3; 11.2.1.3, ChurchofJesusChrist.org.

  29. Face to Face with President and Sister Oaks, facetoface.ChurchofJesusChrist.org.

  30. See Preach My Gospel: A Guide to Missionary Service (2018), 156, ChurchofJesusChrist.org; see also Alma 5:15–17.

  31. Quentin L. Cook, “Purpose and Planning” (address given at the seminar for new mission presidents, June 25, 2019).

  32. දහම සහ ගිවිසුම් 58:28.

  33. Neil L. Andersen, “Faith Is Not by Chance, but by Choice,” Liahona, Nov. 2015, 66.

  34. නීල් එල්. ඇන්ඩර්සන්, “ඇදහිල්ලේ ඇස,” ලියහෝනා, මැයි 2019, 36.

  35. Aaronic Priesthood Quorum Theme,” ChurchofJesusChrist.org.

  36. 2 නෙපි 26:8–9.