2010–2019
ඇදහිල්ලේ ඇස
2019 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


ඇදහිල්ලේ ඇස

ප්‍රකාශයේදී අප අනුමත කරන දේ අපි තෝරා බේරාගෙන පිළිපදිනවානම්, අපගේ සදාකාලික දැක්ම අපි විසින් නොපැහැදිලි කරන අතරම මේ වේලාවේදී මෙහිදී අපගේ අත්දැකීමට මුල්තැන ලබාදෙනවා.

කුරුසිපත්වීමට මොහොතකට පෙර, විනිශ්‍ය ශාලාවේ පිලාත් ඉදිරියට යේසුස්වහන්සේව රැගෙන යන ලදි. “ඔබ යුදෙව්වරුන්ගේ රජුද?” පිලාත් නිහතමානීව ඇසුවේය. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්: “මාගේ රාජධානිය මේ ලෝකයේ එකක් නොවේ. … මා ලෝකයට ඇවිත් සිටින්නේ සත්‍යයට සාක්ෂිදෙන පිණිසය. සත්‍යයෙන්වූ සියල්ලෝ මාගේ හඬ අසතියි කීසේක.”

“සත්‍ය නම් කිමෙක්ද?” පිළාත් නුරුස්සන ලෙස ඇසීය.1

අද ලෝකය තුළ “සත්‍ය යනු කුමක්ද?” යන ප්‍රශ්නය ලෞකික මනසට සංකීර්ණ විය හැකියි.

“සත්යය යනු කුමක්ද?” සඳහා ගූගල් සෙවීම් මිලියන ගණනකට ප්රතිචාර දක්වයි. ගඩොල් හා මෝටාර් පුස්තකාලයේ සියලුම පොත්වලට වඩා අපගේ ජංගම දුරකථන වල වැඩි විස්තර තියෙනවා. අපි ජීවත් වන්නේ තොරතුරු හා මත විමසීම් බොහෝමයක් මතයි. සිත් ඇදගන්නා සුළු හා ආකර්ෂණීය හඬවල් සෑම පැත්තකින්ම අපව අනුගමනය කරනවා.

වර්තමාන ව්‍යාකූලත්වයට හසු වී සිටින බොහෝ දෙනෙක්, වසර ගණනාවකට වසර 2,500 කට පෙර ප්‍රෝටාගෝර්ස් විසින් සොක්රටීස් වෙත ප්‍රකාශ කර ඇති වචන වලට තමන් පුදුමයට පත් නොවීම පුදුමයක් නොවේ: “ඔබ වෙනුවෙන් සත්‍ය කුමක්ද,” ඔහු කීවා “ඔබට සත්‍ය දෙය ඔබට සත්‍ය වන අතර මට සත්‍ය දේ මට සත්‍ය වේ.”2

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පිහිටවූ සුභාරංචිය තුලින් වූ සත්‍ය

නැවත පිහිටවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සුභාරංචියෙන් ආශිර්වාද ලබා, නිත්‍ය ලෙසම සහ සම්පූර්ණ ලෙසම සත්‍ය දේවල් ගැන අපි නිහතමානීව ප්‍රකාශ කරන්නෙමු. මෙම සදාකාලික සත්‍යන් දෙවියන්වහන්සේගේ සෑම පුත්‍රයෙකුටම සහ දියණියකට සමානයි.

ශුද්ධලියවිලි උගන්වන පරිදි, “සත්‍ය යනු ඒවා ඇති ආකාරයටම, තිබූ ආකාරය ගැන හා ඇතිවන ආකාරය ගැන දැනුමයි.”3 සත්‍ය ඉදිරියට සහ පසුපසට පෙනෙන අතර, අපගේ කුඩා කාරණය වේලාවට අපගේ ඉදිරි දර්ශනය පුළුල් කරයි.

යේසුස්වහන්සේ මෙසේ කී සේක “මාර්ගයද, සත්‍යද, ජීවනයද මම වෙමි.”4 සත්‍ය අපට සදාකාලික ජීවිතය සඳහා මාර්ගය පෙන්වයි, එමෙන්ම එය පැමිණෙන්නේ අපගේ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුලින් පමණි. වෙනත් කිසිඳු මාර්ගයක් නොමැත.

අප ජීවත් වියයුත්තේ කෙසේද කියා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපට උගන්වයි, එමෙන්ම උන්වහන්සේගේ වන්දිගෙවීම සහ නැවත නැගිටීම, මගින් උන්වහන්සේ අපට අපගේ පව් වලට සමාවද, තිරයෙන් එපිට අමරණීයත්වයද ලබාදෙයි. මෙය ඇත්තවශයෙන්ම සත්‍යකි.

අපි දුප්පත් වුවත් පෝසත් වුවත්, කැපීපෙනෙන කෙනෙක් වුවත් එසේ නැති වුනත්, සංකීර්ණ වුවත් සරල වුවත් එය අදාළ නොවන බව උන්වහන්සේ උගන්වයි. ඒ වෙනුවට, අපගේ ලෞකික ගවේශණය වන්නේ, ස්වාමින්වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුල අපගේ ඇදහිල්ල ශක්තිමත් කරගැනීමත්, නපුර පරදවා යහපත තෝරාගැනීමත් සහ උන්වහන්සේගේ අණ පණත් සුරැකීමත්ය. විද්‍යාවේ සහ වෛද්‍ය විද්‍යාවේ නව සොයාගැනීම් අපි සමරන විට, දෙවියන්වහන්සේගේ සත්‍යන් මෙම සොයාගැනීම් වලින් ඔබ්බට යයි.

සදාකාලික සත්‍යතාවන්ට එරෙහිව, සත්‍යයේ සිට දෙවියන්වහන්සේගේ දරුවන්ගේ අවධානය ඉවතට යොමු කිරීම සඳහා ව්‍යාජ ඒවා නිතරම ඇත. විරුද්ධකාරයා පිළිබඳ තර්කයන් සෑමවිටම සමානය. අවුරුදු 2000 පෙර මෙම හඬට සවන්දෙන්න:

“[ඔබ] නොදකින දේ ගැන [ඔබට] දැනගැනීමට නොහැකිය. … [යමෙකු කරන ඕනෑම දෙයක්] අපරාධයක් නොව.”

[දෙවියන්වහන්සේ ඔබව ආශිර්වාද කරන්නේ නැත, නමුත්] සෑම [මනුශ්‍යයෙකුම දියුණුවන්නේ] ඔහුගේම බුද්ධිය මත පමණි.”5

“…ක්‍රිස්තුස් … වැනි කෙනෙකු දෙවියන්වහන්සේගේ පුත්‍රයා වීම සාධාරණ නැත.”6

“[ඔබ විශ්වාස කරන දේ අනුවණ සංස්කෘතීන් වන අතර] ඔබගේ මනසේ විකාර දේවල්ය.”7 හරියට අද වගේ නේද?

සුභාරංචියේ නැවත පිහිටුවීමත් සමග, අත්‍යවශ්‍ය ආත්මික සත්‍යන් ඉගෙනීමට සහ දැනගැනීමට මාර්ගයක් දෙවියන්වහන්සේ විසින් දී ඇත: ශුද්ධවූ ශුද්ධලියවිලි තුලින්, අපගේම අත්දැකීම් තුලින්, ජීවමාන දිවැසිවරුන් සහ ප්‍රේරිතවරුන්ගේ අවවාද තුලින්, සහ “සෑම දෙයකම සත්‍ය දන්නා” අපට උදව් කළ හැකි ශුද්ධාත්මයාණන් වහන්සේගේ මගපෙන්වීම තුලින්ය.8

සත්‍ය ආත්මිකව වටහාගත යුතුය

අප ආත්මිකව දෙවියන්වහන්සේගේ දේවල් සොයන විට, අපිට ඒවා දැනගත හැකිය. පවූලු කී ලෙස, “දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මයෙන් හැර දෙවියන්වහන්සේගේ දේ කිසිවෙක් නොදන්නේය. … [මන්ද] ඒවා ආත්මිකව වටහාගත යුතුය.”9

මයිකල් මර්ෆිගේ මෙම චිත්‍රය දෙස බලන්න. මෙම දෘෂ්ටිකෝණයෙන් බැලූ විට, එය මිනිස් ඇසක් කලාත්මක ප්‍රඥප්තියක් බව ඔබ කිසිසේත්ම විශ්වාස නොකරනු ඇත. කෙසේ වෙතත්, ඔබ විවිධ දෘෂ්ටි කෝණ වලින් එම තිත් දෙස බැලූ විට, කලාකරුගේ මැවීමේ අලංකාරය දැකිය හැකිය.

එලෙසම, අපි දෙවියන්වහන්සේගේ ආත්මික සත්‍යන් දෙස බැලිය යුත්තේ ඇදහිල්ලෙන් යුතු ඇසක් සහිත දෘශ්ටිකෝණයකිනි. පාවුලු කීවේය: “නුමුත් ස්වභාවික මනුෂ්‍යයා දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේගේ කාරණා පිළි නොගනියි. ඒවා ඔහුට මෝඩකමය; ඒවා ආත්මික ලෙස විමසිය යුතු බැවින් ඒවා දැනගන්ට ඔහුට බැරිය.”10

ශුද්ධලියවිලි, අපගේ යාච්ඤාවන්, නූතන දිවැසිවරුන්, සහ ශුද්ධාත්මයාණන්ගේ දීමනාව මෙලොව අපගේ ගමන සඳහා ආත්මික දැක්මක් අපට ගෙන එයි.

එම ප්‍රකාශනය ඇදහිල්ලේ දෑස් වලින්

පවුල ගැන ප්‍රකාශනය දෙස අපි ඇදහිලිවන්ත ඇසකින් බලමු.

සභාපති ගෝඩන් බී. හින්ක්ලි මෙම ප්‍රකාශයත් සමගම “පවුල: ලෝකයට ප්‍රකාශයකි” මෙසේ හඳුන්වා දුන්නා: “ලෝකය තුළ මන්දගාමී පැල්ලමක් ගෙන යෑමට අවශ්‍ය තරම් ප්‍රමිතීන් සහ වටිනාකම් පිළිබඳව රැවටීම හා සත්‍ය ලෙසින් සම්මත වී ඇති අතිවිශාල සංකීර්ණතාවයන් ගැන අප ඔබට අනතුරු අඟවා ඇති බව අපට හැඟී ඇත.”11

ප්‍රකාශය මෙලෙස ආරම්භ වෙනවා: “සියලුම මනුශ්‍ය සංහතිය - පිරිමි සහ කාන්තාවන් - දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන් මවා ඇත. හැමකෙනාම දේව දෙමව්පියන්ගේ ආදරණීය ආත්මික පුත්‍රයන් සහ දූවරුන් වන අතර, ඒ සෑම කෙනෙක්ටම දිව්‍යමය ස්වභාවයක් සහ දෛවයක් ඇත.”

මේවා සදාකාලික සත්‍යයන්ය. ඔබ සහ මම ස්වභාවධර්මයේ අනතුරක් නොවෙයි.

මම මේ වචන වලට ප්‍රේම කරනවා: “පෙර ආත්මික ජීවිතයේදී, ආත්මික පුතුන් සහ දූවරුන් සදාකාලික පියාණන්වගන්සේ ලෙස දෙවියන්වහන්සේව දැනසිටි අතර වන්දනාමාන කරමින් උන්වහන්සේගේ සැලැස්ම පිළිගත්හ.”12

අපගේ උපතට පෙර අපි ජීවත්ව සිටියා. අපගේ පුද්ගලික අනන්‍යතාවය සදහටම අප තුළ තිබෙනවා. අප සමහර වේලාවට සම්පූර්ණව තේරුම්ගන්නේ නැති වුණත්, එහිදී අපගේ ආත්මික වර්ධනය අපි මෙහිදී කව්ද යන්නට බලපෑවා.13 අපි දෙවියන්වහන්සේගේ සැලැස්ම පිළිගත්තා. අමාරුකම්, වේදනාව සහ දුක මේ ලෝකයේදී අපි අත්දකින බව අපි දැනගෙන සිටියා.14 ගැලවුම්කරුවාණන් එන බවත්, අපි අපව සුදුසු බව ඔප්පු කල විට උත්ථානයේදී අප නැගිටින බවත් “අපගේ හිස් මත සදාකාලයෙන් සදාකාලයටම මහිමය එකතු වන බවටත්” අපි දැනසිටියා.15

එම ප්‍රකාශනය අපිව මෙසේ මෙහෙයවනවා: “දිව්‍යමය ජීවිතයක් නිර්මාණය කිරීම දිව්‍යමය ලෙස පත් කරනු ලබන මාර්ග අපි ප්‍රකාශ කරමු.” දෙවියන්වහන්සේගේ සදාකාලික සැලැස්ම තුළ ජීවිතයේ ශුද්ධකම හා එහි වැදගත්කම අපි සහතික කරමු.”

අපේ පියාණන්ගේ සැලැස්ම, ස්වාමිපුරුෂයින් සහ භාර්යාවන්ව දිරිගන්වන්නේ දරුවන්ට ලෝකයට ගෙන ඒමටයි එමෙන්ම නූපන් දරුවකුගේ ආරක්ෂාව වෙනුවෙන් කතා කිරීමට අප බැඳී සිටී.

එම ප්‍රකාශනයේ මූලධර්මයන් ඉතා අලංකාරව එකිනෙකට සම්බන්ධයි.

ප්‍රකාශයේදී අප අනුමත කරන දේ අපි තෝරාබේරා ගෙන පිළිපදිනවානම්, අපගේ සදාකාලික දැක්ම අපි විසින් නොපැහැදිලි කරන අතරම මේ වේලාවේදී මෙහිදී අපගේ අත්දැකීමට මුල්තැන ලබාදෙනවා. ඇදහිල්ලේ ඇසින් එම ප්‍රකාශය යාච්ඤාශීලීව මෙනෙහි කරන විට, අපගේ පියාණන්ගේ සැලැස්ම උන්වහන්සේගේ දරුවන් වෙනුවෙන් එළිදරව් කරමින්, මූලධර්මයන් අලංකාරව එකිනෙකට සම්බන්ධ වන අයුරු අපට හොඳින් තේරුම්ගැනීමට හැකිවෙයි.16

සත්‍යන් සහ ඉතිරිව ඇති ප්‍රශ්ණ සම්බන්ධ වැදගත් මූලධර්මයන් ස්වාමින්වහන්සේගේ දිවැසිවරුන් ලබාදෙන විට අපි ඒ ගැන ඇත්තෙන්ම පුදුම විය යුතුද? ඇත්තවශයෙන්ම, සමහරුන් දිවැසිවරුන්ගේ වචන ක්ෂණයකින්ම ප්‍රතික්ශේප කරන අතර,17 අනෙක් අය යාච්ඤාශීලීව අවංකව තම ප්‍රශ්ණ මෙනෙහි කර - ඉවසීම සහ ඇදහිලිවන්ත ඇසකින් එම ප්‍රශ්ණ විසඳා ගනී. එම ප්‍රකාශනය වෙනස් වූ සියවසක එළිදරව් කළා නම්, එහි වෙනත් ප්‍රශ්ණ පිළිබඳ අද දිනයට වඩා වෙනස් වූ ප්‍රශ්ණ පිළිබඳ තිබෙන්නට පුළුවන්. දිවැසිවරුන්ගේ එක් අරමුණක් නම් අපගේ අවංක වූ ප්‍රශ්ණ විසඳාගැනීමට උදව් කිරීමයි.18

සභාවේ සභාපති වීමට පෙර, සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ කිව්වා: “දිවැසිවරුන් ඉදිරිය දකිනවා. අපගේ මාර්ගයට විරුද්ධකාරයා විසින් දමන, හෝ දමන්නට තිබෙන අතිශය ඛේදජනක අනතුරු ඔවුන් දකී. අවනත වීමට කැමැත්තෙන් ඇහුම්කන්දෙන අයට පැමිණෙන විශේෂ අවස්ථාවන් ගැනද අනාගතවක්තෘවරුන් දකී.”19

පළමු සභාපතිත්වයේ සහ ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගෙන් යුත් ඝණපූර්ණයේ එකමුතු වූ හඬෙහි ආත්මික බලය සහ සත්‍යතාවට මම සාක්ශි දරමි.

ලෝකය ඉවතට ඇවිද යයි.

මගේ ජීවිත කාලයේදී, ප්‍රකාශයෙහි උගන්වා ඇථි මූලධර්ම අනුව ලෝකයේ විශ්වාසයන් පුදුමාකාර ලෙස වෙනස් අන අයුරු අප දැක ඇත. මගේ තරුණ කාලයේදී සහ විවාහ වූ මුල් කාලයේදී, ලෝකයේ බොහෝ දෙනා නීත්‍යානුකූලව විවාහ වූ පිරිමියෙක් සහ කාන්තාවක් අතර පමණක් ඇතිවිය යුතු ලිංගික සබඳතාව යන ස්වාමින්වහන්සේගේ ප්‍රමිතියක් වන පිරිසිඳු බවේ නීතියෙන් ඉවතට ඇදුණා. මගේ 20 හැවිරිදි 30 හැවිරිදි කාලයේදී, ගබ්සාව පිළිගැනීමට ලක්වූ අතර නූපන්නෙකුගේ ශුද්ධවූ ආරක්ශාවෙන් බොහෝ දෙනා ඉවතට ඇදුණා. මෑත වසර වලදී, විවාහය මිනිසෙකු හා කාන්තාවක් අතර ඇතිවන ශුද්ධවූ එක්වීමක් යන දෙවියන්වහන්සේගේ නීතියෙන් අහකට ඇදුණා.20

බොහෝ දෙනා ස්වාමින්වහන්සේගේ සීමාවන්ගෙන් ඉවතට ඇදීම බලාසිටින විට මට මතක් වෙන්නේ කපර්ණාවුම් වලදී ගැලවුම්කරුවාණන් උන්වහන්සේගේ දිව්‍යමය බව ප්‍රකාශ කළ විට, කණගාටු ලෙස “උන්වහන්සේගේ ගෝලයන් තවදුරටත් උන්වහන්සේ සමග ගමන් ගත්තේ නැති ආකාරයයි.”

පසුව ගැලවුම්කරුවාණන් දොළොස්දෙනා වෙතට හැරුණා: “ඔබත් ඉවතට යනවාද?”

පේදුරු පිළිතුරු දෙමින්:

“ස්වාමිනී, අපි කා ලඟට යන්නද? සදාකාලික ජීවිතයේ වචන ඇත්තේ ඔබවහන්සේ සමගයි.

“ඔබවහන්සේ ක්‍රිස්තුස්වහන්සේ බවත්, ජිවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් බවත් අපි විශ්වාස කරනවා එය අපිට සහතිකයි.”21

සියළුදෙනාම එම ප්‍රකාශය තුළ නිරවුල්ව එක්වී නෑ

පවුල් ප්‍රකාශයට ඔවුන්ගේ වර්ථමාන අත්දැකීම් ගැලපෙන්නේ නැති වුනත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සුභාරංචියට පක්ශපාතී, තරුණ සහ මහළු, බොහෝදෙනා සිටී: දික්කසාදය නිසා අසරණ වූ ජීවිත ඇති දරුවන්; පිරිසිඳු බවේ නීතිය නිසා සමච්චලයට ලක්වන තරුණයින්; කලත්‍රයෙකුගේ ඇදහිලිවන්තකම නැති නිසා බොහෝ සේ කණගාටුවට පත්වූ දික්කසාද කාන්තාවන් සහ පිරිමින්; දරුවන් ලැබීමට නොහැකිව සිටින භාර්යාවන් සහ ස්වාමිපුරුශයින්; විවිධාකාර හේතු නිසා විවාහ වන්නට නොහැකිව සිටින තරුණ කාන්තාවන් සහ පිරිමින් මේ අතර වෙනවා.

සමලිංගික ආකර්ෂණය නිසා විවාහ නොවූ අවුරුදු 20 කට ආසන්න මම දන්නා එක මිතුරෙක් ඉන්නවා. ඔහුගේ දේවමාළිගා ගිවිසුම් වලට ඔහු සත්‍යවන්ත ලෙස සිටින අතර සභාවේ සහ සමාජයේ සේවය කරමින් ඔහුගේ නිර්මාණාත්මක වෘත්තීය තලෙන්ත වර්ධනය කරගෙන තියෙනවා. ඔහු මෑතකදී මට මෙසේ කිව්වා, “මගේ තත්වයේ සිටින ලෝකය තුළ පිරිසිඳු බවේ නීතිය නොසළකා හරිමින් මගේ තත්වයේ සිටින අයට අනුකම්පා කළ හැකියි. ‘මේ ලෝකයේ කෙනෙකු වන්නට එපා’ යැයි ක්‍රිස්තුස්වහන්සේ කිව්වා නේද? ලෝකයේ අයට වඩා දෙවියන්වහන්සේගේ ප්‍රමිතීන් වෙනස් බව හරිම පැහැදිලියි.”

මනුශ්‍යාගේ නීතීන් දෙවියන්වහන්සේ පැනවූ නීති වල මායිම් වලින් බොහෝ විට ඉවතට යයි. දෙවියන්වහන්සේ සතුටු කිරීමට කැමැත්තක් දක්වන අය සඳහා, ඇදහිල්ල, ඉවසීම, සහ උනන්දුව අත්‍යවශ්‍යයි.22

මගේ බිරිඳ කැතී, සහ මම තනි සහෝදරියක්ව දැනගෙන හිටියා, ඇය දැන් 40 ගණන් වල ඉන්නෙ, ඇයට අගේ වෘත්තීය මට්ටමේ කුසලතා බොහෝමයක් තියනවා සහ කොට්ටාශයේ නිර්භීතව සේවය කරනවා. ඇයත් දෙවියන්වහන්සේගේ නීති පැවැත්වූවා. ඇය මෙසේ ලිව්වා:

“මට ස්වාමිපුරුශයෙකු සහ දරුවන් ලැබී ආශිර්වාදිත වන දිනයක් ගැන මම සිහින දකිනවා. මම තවමත් බලා සිටිනවා. යම් අවස්ථාවලදී, මගේ තත්වය මට අමතකවුණු සහ තනිකමේ හැඟීමක් ගෙනෙනවා, නමුත් මම උත්සහ කරනවා මට නැති දේවල් ගැන නෙවේ මට තියෙන දේවල් වලට අවධානය දීලා අනිත් අයට උදව් කරන්න.

“මගේ පවුලටට සේවය කරන්නට, මගේ කොට්ටාශය සහ දේවමාළිගාව මට උදව් කළා. මම තනිවෙලාවත් මාව අමතකවෙලා ගිහින් වත් නෑ, මොකද මම සහ අපි හැමදෙනාම විශාල පවුලක කොටසක්.”

තේරුම්ගන්නා කෙනෙක් සිටිනවා

සමහරු කියනවා, “ඔබට මගේ තත්වය තේරෙන්නෙ නෑ.” තේරුම්ගන්නා එක් අයෙකු සිටින බවට මම සාක්ශි දරනවා.23 උන්වහන්සේ කුරුසයේදී සහ ගෙත්සෙමනි උයනේදී කළ පරිත්‍යාගය නිසා ඔබගේ බර දන්නා එක් අයෙක් ඉන්නවා. උන්වහන්සේව සහ උන්වහන්සේගේ අණපණත් ඔබ සොයන විට, තනිවම උසුලන්නට බැරි බර ඔසවමින් ඔබට උන්වහන්සේ ආශිර්වාද කරන බවට මම පොරොන්දු වෙනවා. ඔබට උන්වහන්සේ සදාකාලික මිතුරන් සහ සේවය කරන්නට අවස්ථාවන් ලබාදේවි. වඩා වැදගත් ලෙස, ශුද්ධාත්මයාණන් වහන්සේගේ බලවත් ආත්මයෙන් උන්වහන්සේ ඔබව පුරවා උන්වහන්සේගේ ස්වර්ගීය පිළිගැනීම ඔබ මත බබළවනු ඇත. ශුද්ධාත්මයාණන් වහන්සේගේ සහභාගීත්වයට සහ සදාකාලික ආශිර්වාදයන්ට බාධා කරන කිසිදු තෝරාගැනීමක්, කිසිදු වෙනස්කිරීමක්, සලකා බැලීමටවත් සුදුසු නෑ.

ගැලවුම්කරුවාණන් ජීවමාන බව මම දන්නවා. අපට අවශ්‍ය සෑම දෙයෙහිම සත්‍ය උන්වහන්සේ බවත් උන්වහන්සේගේ අණපණත් වලට කීකරු වන සැමට පොරොන්දු වී ඇති ආශිර්වාද උන්වහන්සේ සම්පූර්ණ කරන බවත් මම සාක්ශි දරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. යොහාන් 18:33, 36–38.

  2. William S. Sahakian and Mabel Lewis Sahakian, Ideas of the Great Philosophers (1966), 28.

  3. දහම සහ ගිවිසුම 93:24.

  4. යොහාන් 14:6.

  5. ඇල්මා 30:15, 17.

  6. හිලමන් 16:18.

  7. ඇල්මා 30:14, 23, 27බලන්න.

  8. මොරෝනි 10:5.

  9. ජෝසෆ් ස්මිත්ගේ පරිවර්තනය, 1 කොරින්ති 2:11 [1 කොරින්ති 2:11, පාදසටහන් c; 1 කොරින්ති 1:14.

  10. 1 කොරින්ති 2:14.

  11. Gordon B. Hinckley, “Stand Strong against the Wiles of the World,” Ensign, Nov. 1995, 100. President Russell M. Nelson recently explained some of the history of the proclamation, as summarized by Sheri Dew in Insights from a Prophet’s Life: Russell M. Nelson (2019), 208:

    “1994 එක් දිනයක, පවුල වටා ඇති ප්‍රශ්ණ පිළිබඳ සාකච්ජා කරමින් ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ඝණපූර්ණය සෝල්ට් ලේක් දේවමාළිගා මන්ත්‍රණ සභා කාමරයේ දිනයක් ගත කලා. විවිධ ආකාරයේ කාමුක දර්ශනවාදයේ වැඩිහිටි ප්‍රචණ්ඩත්වය හා විවිධාකාර වූ පවුල් බිඳදමන ප්‍රමිති සියල්ලම ඔවුන් සලකා බැලුවා. මෙය අළුත් සාකච්ජාවක් වුණේ නෑ, නමුත් එදා දවසේ සම්පූර්ණ කාලසටහන එම විශේෂ මාතෘකාව යටතේ පෙළගැස්වී තිබුණා.

    “දොළොස්දෙනා මූලධර්ම සහ ප්‍රතිපත්ති යන දෙකම සමාලෝචනය කළා, වෙනස් විය නොහැකි - මූලධර්ම සහ යම්විටක වෙනස් විය හැකි - ප්‍රතිපත්ති යන දෙවර්ගයම ඔවුන් සලකා බැලුවා. සමලිංගික විවාහය සහ ස්ත්‍රී පුරුශ භාවය වෙනස්කිරීම් අයිතීන් සඳහා දැඩි සමාජ හිතවාදී තල්ලුවක් ද ඇතුලුව ඔවුන් දුටු පැමිණෙන ගැටළු සාකච්ඡා කළා. නමුත් ඒ අපි දුටු දේවල් වල අවසානය නොවේ,’ වැඩිහිටි නෙල්සන් විස්තර කළා. ‘සියලු ප්‍රමිති හා ලිංගික ක්‍රියාකාරිත්වයන් මත සීමාවන් ඉවත් කිරීම සඳහා විවිධ ප්‍රජාවන්ගේ උත්සාහයන් අපට දැකගත හැකි වුණා. ස්ත්‍රී පුරුෂ බවේ ව්‍යාකූලත්වය අපි දුටුවා. ඒ හැමදෙයක්ම එන විදිය අපි දුටුවා.’

    “මෙම කාල පරිච්ඡේදය තුළ දීර්ඝ කාලයක් පුරා මෙම සාකච්ඡාවට ලක්වූ අතර, දොළොස්දෙනා විසින් ලියවිල්ලක්, සමහර විට ප්‍රකාශනයක් පවා ඉදිරිපත් කළ යුතු බවට, පළමු ජනාධිපති සභාපතිත්වයට ඉදිරිපත් කළ යුතු බව සාකච්ජා කළා”

  12. පවුල: ලෝකයට ප්‍රකාශනයකි,” ලියහෝනා 2017 මැයි, 145.

  13. සභාපති ඩාලින් එච්. ඕක්ස් මෙසේ පැවසීය; “මේ පොළොවේ උපත ලැබූ සියල්ලන්ගෙන් සැදුම් ලත් සියල්ලන් පියාණන්ගේ සැලැස්ම තෝරාගෙන ඒ සඳහා සටන් වැද ඇත. මේ ජීවිතයේ අපි කුමක් කරන්නේද කියා අපි බොහෝ දෙනා පියාණන්වහන්සේ සමග ගිවිසුම් ඇතිකරගෙන ඇත. එළිදරව් කර නොමැති ආකාර වලට, ආත්මයන් ලෙස අපගේ ක්‍රියාවන් මේ ජීවිතය සඳහා බලපා ඇත”(“The Great Plan of Happiness,” Ensign, Nov. 1993).

  14. See Dallin H. Oaks, “Truth and the Plan,” Liahona, Nov. 2018, 25–28.

  15. ආබ්‍රහම් 3:26.

  16. සභාපති ඩාලින් එච්. ඕක්ස් මෙසේ කිව්වා:

    “හැරුණු පසුකාලීන සාන්තුවරයන් විශ්වාස කරන්නේ මීට ශතවර්ෂ කාලකට පමණ පෙර නිකුත් කර ඇති අතර දැන් භාෂා ගණනාවකට පරිවර්තනය කර ඇති පවුල සඳහා ප්‍රකාශය, පවුලට වත්මන් අභියෝගයන් මගින් අපව පවත්වා ගෙන යාමට අවශ්‍ය ශුභාරංචිය පිළිබඳ සත්‍යයන් නැවත නැවත අවධාරණය කරනු ලබන බවයි. …

    “පවුල සඳහා වූ ප්‍රකාශයේ සදාකාලික සත්‍ය පිළිබඳ ප්‍රකාශ, සදාකාලික ජීවිතය සොයන උන්වහන්සේගේ දරුවන් සඳහා ස්වාමින්වහන්සේගේ කැමැත්ත බව මම සාක්ශි දරමි. පසුගිය අවුරුදු 22 පුරාවටත් අනාගතයේදීත් ක්‍රියාත්මක වන සභාවේ මුලික ඉගැන්වීම් සහ ක්‍රියාකාරකම් එහි ඇත. එය එසේ සලකා, එය උගන්වන්න, ඒ අනුව ජීවත් වන්න, ඒ අනුව සදාකාල ජීවනය කරා ඔබ ඉදිරියට යන විට ඔබ ආශීර්වාද ලබනවා ඇත. …

    “… පවුල් ප්‍රකාශය පිළිබඳ ආකල්පය සහ භාවිතය මෙම පරම්පරාව සඳහා පරීක්ශණයක් බව මම විශ්වාස කරමි. මෙම පරීක්ශණයේදී සියළුම පසු-දවස්වල ශුද්ධවන්තයින් නොසැලී සිටිනු ඇතැයි මම යාච්ඤා කරමි” (“The Plan and the Proclamation,” Liahona, Nov. 2017, 30–31).

  17. සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ ප්‍රකාශ කළා: “අපිව බොරුකාරයන් ලෙස හඳුන්වන අය බොහෝ ඉන්නවා, නමුත් අපිට දැනෙන විදියට දැනෙන්නට සලස්වන්නේ නැති අය බොරුකරුවන් නමුත් ඔවුන්ට දැනෙන ලෙස දැනීමට ඔවුන්ට අපි ඉඩදීම ඔවුන්ට අවශ්‍යයි. අපේ ස්ථාවරය අවසාන වශයෙන්ම පිරිසිඳු භාවය පිළිබඳ නීතියට අවහිර වේ. දස පණත තවමත් වලංගුයි. ඒවා කිසි විටෙක අවලංගු කර නැත. … දෙවියන්වහන්සේ විසින් නියම කර ඇති නීති වෙනස් කිරීම අපගේ පරමාධිපත්‍යය නොවේ” (in Dew, Insights from a Prophet’s Life: 212).

  18. “මුළු ලෝකය පුරාම පවුලට ප්‍රහාල එල්ල වන අතර, පවුල සඳහා ප්‍රකාශනයේ සත්‍ය ඔබව ශක්තිමත් කරාවි.

    “පුදුමාකාර තරුණයිනි ඔබ විවාහය පිළිබඳ නිර්වචනය තුල සමාජයේ වත්මන් අරගලයේ දුරදිග යන ප්‍රතිවිපාක අවබෝධ කර ගත යුතු ය. එකම ස්ත්‍රී පුරුශ භාවයේ දෙදෙනෙකු විවාහ විය හැකිද යන්න පිළිබඳ වත්මන් විවාදයට ඇතුළත් වේ. මෙම හෝ වෙනත් වැදගත් කාරණයක් සම්බන්ධයෙන් ඔබට සභාවේ තත්වය ගැන ප්‍රශ්නයක් තිබේ නම්, එය යාච්ඤාශීලීව එය මෙනෙහි කරන්න, ඉන්පසු ඔක්තෝම්බර් මස ප්‍රධාන සම්මන්ත්‍රණයේ දිවැසිවරයාගේ වචන වලට ඇහුම්කන්දෙන්න. ශුද්ධාත්මයාණන්වහන්සේගේ පෙලඹවීමත් සමගම එම අනුභාවය ලත් කථාවන්, ඔබේ මනසට සම්පූර්ණ තේරුම්ගැනීමක් රැගෙන එනු ඇත” (Russell M. Nelson, “Youth of the Noble Birthright: What Will You Choose?” [Church Educational System devotional for young adults, Sept. 6, 2013], broadcasts.ChurchofJesusChrist.org).

  19. Russell M. Nelson, “Stand as True Millennials,” Liahona, Oct. 2016, 53.

  20. සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ කීවේය: “ඔවුන් ලියන විට, නැවත ලියනවිට සහ නීති ක්‍රියාත්මක කරන විට, සිවිල් ආණ්ඩු, සමාජ ප්‍රවනතා සහ සමාජ දාර්ශනිකයන් විසින් දැඩි ලෙස බලපෑම් කරති. සිවිල් නීතිය විසින් කුමක් ප්‍රකාශයට පත් කළත්, විවාහය සහ ලෞකිකත්වය ස්වාමින්වහන්සේගේ මූලධර්ම වෙනස් කළ නොහැකිය. මතක තබාගන්න: පව, මිනිසා විසින් නීතිගත කළද, දෙවියන්වහන්සේගේ දෑස් ඉදිරියේදී පවක්මය!” (“Decisions for Eternity,” Liahona, Nov. 2013, 108).

  21. යොහාන් 6:66–69.

  22. බලන්න ඇල්මා 32:41–43; අපගේ ඇදහිල්ල වර්ධනය කරගැනීම, ඇදහිල්ලේ ගුණාංග, සහ අවසාන වැකි තුනෙහි සඳහන් උනන්දුවෙන් කටයුතු කිරීම ගැන ඇති දේ ගැන මම හැමදාමත් පුදුම විය.

  23. බලන්න ඇල්මා 7:12; යේසුස් ක්‍රිස්තුස්වහන්සෙඋ දුක්වින්දේ අපගේ පව් නිසා පමණක් නොව අපගේ දුබලතා වෙනුවෙනුත්ය: “තවද උන්වහන්සේ තමන්වහන්සේ වෙත මරණය ගන්නා සේක, එනම් උන්වහන්සේ තමන්වහන්සේගේ ජනතාවගේ මරණයේ බැමි ලිහිල් කරනු පිණිසය, තවත උන්වහන්සේ ඔවුන්ගේ දුර්වලකම් තමන්වහන්සේ මත ගන්නා සේක, එනම් උන්වහන්සේගේ සිත කරුණාවෙන් පිරෙන්නේය, මාංශයට අනුව, එනම් උන්වහන්සේගේ මාංශයට අනුව උන්වහන්සේගේ ජනතාවට ඔවුන්ගේ දුර්වලකම් වලට අනුව උපකාර කිරීමට දැනගන්නා පිණිසය.” (Synonyms for infirmities would be sickness, weakness, affliction, deficiency.) බලන්න දහම සහ ගිවිසුම 88:6: “උන්වහන්සේ සෑම දෙයකටම පහතින් වැඩසිටිය සේක, ඒ තුලින් සෑම දෙයක්ම උන්වහන්සේ තේරුම්ගත් සේක, එනම් ඒ උන්වහන්සේ සෑම දෙයක්ම තුල ඉනා පිණිසය, සත්‍යයේ ආලෝකය උන්වහන්සේය.”