2010–2019
ස්වාමින්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ වැඩසිටින නිවසක්
2019 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


ස්වාමින්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ වැඩසිටින නිවසක්

ඔබගේ නිවස යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුල ඇදහිල්ල ඇති ස්ථානයක් සහ ආදරයෙන් පිරුණු ස්ථානයක් කිරීමට ඔබ ගන්නා උත්සාහයන් තුල ඔබගේ සමහර වඩාත් ප්‍රීතිදායක අවස්ථා ඔබට සොයාගත හැකියි.

මාගේ ආදරණීය සහෝදර සහෝදරියනි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ, 189 වන වාර්ෂික ප්‍රධාන සම්මන්ත්‍රණයේදී ඔබට කතාකිරීමට මට කල ආරාධනයට මම ස්තුතිවන්ත වෙනවා. 1830 අද මෙන් දිනයකදී, ස්වාමින්වහන්සේගේ මඟපෙන්වීම යටතේ ජෝසෆ් ස්මිත් සභාව ආරම්භ කළා. එය සිදුවුනේ නිව් යෝර්ක්, ෆෙයෙත්හි විට්මර් පවුලේ නිවස අසලයි. එදින සාමාජිකයන් හයදෙනෙක් සහ තවත් උනන්දුවක් ඇති පුද්ගලයන් 50 දෙනෙක් පමණ සිටියා.

සභාපති ජෝසේෆ් ස්මිත් එම කුඩා කණ්ඩායම ඉදිරියේ හිටගත් විට ඔහු බැලූ ආකාරය හෝ කීවේ කුමක්ද කියා මම දන්නේ නැති වුනත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුල ඇදහිල්ලෙන් සිටි එම මිනිසුන්ට හැඟුනේ මොනවාද කියා මම දන්නවා. ඔවුන්ට ශුද්ධාත්මයාණන්වහන්සේව දැනුනා, සහ ඔවුන් සිටින්නේ ශුද්ධවූ ස්ථානයක කියා ඔවුන්ට දැනුනා. එක්කෙනෙකු මෙන් ඔවුන් සියලුදෙනාම එකමුතු බව ඔවුන්ට අනිවාර්යයෙන්ම දැනෙන්නට ඇති.

අප සියලුදෙනාටම අපගේ නිවාස තුල අවශ්‍ය වන්නේ එම ආශ්චර්යමත් හැඟීමයි. පාවුළු තුමා විස්තර කල ආකාරයට, එය “ආත්මික කැමැත්තක්” ඇති වීමෙන් එන්නාවූ හැඟීමක්. 1

අපි කොහොමද බොහෝ විට එම හැඟීමට සුදුසුකම් ලබන්නේ සහ අපේ පවුල් තුල තවදුරටත් පැවතීමට එයට ආරාධනා කරන්නේ කෙසේද කියා මම දන්නා දේ ඉගැන්වීම අද මගේ අරමුණයි. ඔබ අත්දැකීමෙන් දන්නා ලෙස, එය කිරීමට පහසු නැත. විවාද කිරිම්, උඩඟුකම, සහ පාපය ගත නොහැකි සේ තබාගත යුතුයි. අපගේ පවුල්වල සිටින අයගේ හදවත තුලට ක්‍රිස්තුස්වහන්සේගේ පිවිතුරු ආදරය පැමිණිය යුතුයි.

ආදම් සහ ඒව, ලෙහි සහ සාරියා, සහ සුභාරංචිය තුල අප දන්නා අනෙකුත් දෙමාපියන් එය ඉතා අමාරු අභියෝගයක් වියහැකි බව සොයාගත්තා. එහෙත් අපව සැනසීමට පවුල් සහ නිවාස තුල ස්ථීර සෞභාග්‍ය සඳහා දිරිගන්වනසුළු උදාහරණ තිබේ. ඒවගේම එම උදාහරණ අපට සහ අපගේ පවුල්වලට සිදුවිය හැකි ආකාරය අපට පෙන්වා දෙනවා. ඔබට මතකද 4 වන නෙපි හි විස්තරය:

“තවද එය මෙසේ සිදුවිය, එනම් දෙවියන්වහන්සේගේ ප්‍රේමය ජනතාවගේ හදවත් තුල තිබුණු හෙයින් එහි දේශයේ විවාදයක් නොවීය.

“තවද එහි ඊර්ශ්යාව නොවීය, කාලහය නොවීය, උද්ඝෝෂණයන් නොවීය, වේශ්‍යාකම නොවීය, බොරුකීම නොවීය, මිනීමැරුම් නොවීය, කිසිම ආකාරයක සල්ලාලකමක් නොවීය; තවද සත්‍යයෙන්ම එහි දෙවියන්වහන්සේගේ හස්තයෙන් මවනු ලැබුවාවූ සියලුම ජනතාව අතර වෙනත් ප්‍රීතිමත් ජනතාවක් සිටිය නොහැකිය.

“එහි සොරුන් නොවීය, මිනීමරුවන් නොවීය, එහි ලාමන්වරයෙකුවත් නොවීය, කිසිම ආකාරයකවරු නොසිටියේය; එහෙත් ඔවුහු එකෙක්ව සිටියෝය, ක්‍රිස්තුස්වහන්සේගේ දරුවන්ව, තවද දෙවියන්වහන්සේගේ රාජ්‍යට උරුමක්කාරයෝය.

“තවද ඔවුන් කෙතරම් ආශිර්වාද ලද්දෝද! මක්නිසාද දෙවියන්වහන්සේ ඔවුන්ට ඔවුන්ගේ සියලු ක්‍රියාවලදී ආශිර්වාද කලසේක; එසේය, වසර එකසිය දහය පසුවන තුරු පවා ආශිර්වාද සහ සමෘධිමත් කල සේක; තවද ක්‍රිස්තුස්වහන්සේ සිට පළමු පරම්පරාව මරණයට පත්විය, තවද එහි සියලු දේශයේ විවාද නොවීය.”2

ඔබ දන්නා ආකාරයට, එම සතුටුදායක කාලය හැමදාටම පැවතුනේ නැහැ. නෙපි 4 හි වාර්තාවේ හොඳ මිනිසුන් කණ්ඩායමක් අතර ආත්මික වැටීමේ අවසාන ලක්ෂණ විස්තර කරනවා. එය අවුරුදු ගණනාවක් පුරාවට මුළු මිනිස් වර්ගයා තුලම, සභාවන්හිදී සහ අවාසනාවට, පවුල් තුලදී පවා දකින්නට තිබෙන රටාවක්. එම රටාව අධ්‍යනය කිරීමෙන්, අපේ පවුල් තුල ආදරයේ හැගීම් ආරක්ෂාකිරීම සහ වැඩිදියුණු කිරීම කල හැක්කේ කොහොමද කියා අපට දැකගන්න පුළුවන්.

සුභාරංචිය විසින් ගෙනෙනු ලබන පරිපූර්ණ සාමයෙන් අවුරුදු 200ක් ජීවත්වූ පසු ඇතිවූ වැටීමේ රටාව මෙන්න:

උඩඟුකම ඇතිවුනා.

මිනිසුන් තමන්ට ඇති දේ අන් අය සමඟ බෙදාගැනීම නැවැත්වුවා.

අන් අයට වඩා ඉහල හෝ පහල ලෙස පන්ති බේදයකින් ඔවුන් ඔවුන් දෙස බැලීමට පටන් ගත්තා.

යේසුස්වහන්සේ තුල ඔවුන්ගේ ඇදහිල්ල අඩු වීමට පටන් ගත්තා.

ඔවුන් වෛරකිරීමට පටන්ගත්තා.

ඔවුන් සියලුම ආකාරවල පවු කිරීමට පටන්ගත්තා.

මෙම ලක්ෂණ තම පවුලේ සාමාජිකයන් අතර ඇතිවූ විට බුද්ධිමත් දෙමාපියන් ඒවා අඳුරා ගැනීමට තරම් සෝදිසියෙන් සිටිනවා. ඔවුන් අනිවාර්යෙන්ම බලවත් සැලකිල්ලක් දක්වනවා. නමුත් ඔවුන් දන්නවා එහි යටි අරුත වන්නේ සාතන්ගේ බලපෑම මඟින් හොඳ මිනිසුන් පාපයේ මාර්ගයට යොමුකිරීමෙන් ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලපෑම නැතිකිරීමට උත්සහ කිරීම බව. ඉතින් බුද්ධිමත් දෙමාපියන් තමන්ගේ සෑම දරුවෙක්ටම සහ තමන්ට මඟපෙන්වීමෙන් උන්වහන්සේ තුලට ඒමට කර ඇති ස්වාමින්වහන්සේගේ ආරාධනය සම්පූර්ණයෙන්ම පිළිගැනීමට ඇති අවස්තාව තේරුම්ගන්නවා.

උදාහරණයක් ලෙස, උඩඟුකම ගැන පසුතැවිලි වීමට දරුවෙකුට ආරාධනා කිරීමෙන් ඔබට ලැබෙන්නේ සීමිත සාර්ථකත්වයක්. තමන්ට ඇති දේ වඩාත් ත්‍යාගශීලීව බෙදාගැනීමට දරුවන්ට ඒත්තු ගැන්වීමට ඔබට උත්සහ කිරීමට පුළුවන්. පවුලේ සිටින තවත් කෙනෙකුට වඩා තමන් හොඳ යයි සිතීම නතර කිරීමට ඔබට දරුවන්ගෙන් ඉල්ලා සිටින්න පුළුවන්. නමුත් ඔබ “යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුල ඔවුන්ගේ ඇදහිල්ල හීන වීමට ආරම්භ වීම” වශයෙන් මම කලින් පැහැදිලි කර ඇති ලක්ෂණ වෙත පැමිණෙනවා.

ඔබට ඔබේ පවුලේ අය සඳහා අවශ්‍ය කරන එම ආත්මික ස්ථානය කරා නැගීසිටීමට ඔවුන්ට මඟපෙන්වීමට - සහ ඔබට එහි ඔවුන් සමඟ සිටීමට යතුරක් තිබෙනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔවුන්ගේ ආදරණීය ගැලවුම්කරුවාණන්වහන්සේ ලෙස ඇදහිල්ලෙන් ඔවුන්ට වර්ධනය වීමට ඔබ උදවු කරන විට, ඔවුන්ට පසුතැවිලි වීමට අධිෂ්ඨානයක් හැඟෙනවා. ඔවුන් එසේ කිරීමෙන්ආඩම්බරකම වෙනුවට නිහතමානීකම, ඇතිවීමට පටන්ගන්නවා. ස්වාමින්වහන්සේ ඔවුන්ට දී ඇත්තේ මොනවාද කියා ඔවුන්ට හැඟීමට පටන්ගත් විට, ඔවුන්ට වඩාත් වැඩියෙන් ත්‍යාගශීලීව බෙදාගැනීමට උවමනා වෙනවා. පිළිගැනීම සහ ප්‍රමුඛත්වය සඳහා තරඟය අඩුවෙලා යනවා. ආදරය මඟින් වෛරය පලවාහරිනු ලබනවා. අවසාන වශයෙන්, බෙන්ජමින් රජතුමා විසින් හැරී ඒමට මඟ සැලැස්වූ මිනිසුන්ට කලාක් මෙන්, හොඳ දේ කිරීමට ඇති අධිෂ්ඨානය ඔවුන්ව පවු කිරීමට පොළඹවන පරීක්ශාවන්ට විරුද්ධව නැගීසිටීමට බලවත් කරවනවා. ඔවුන්ට තවදුරටත් අයහපත කිරීමට සිතේ හැගීමක් නැති බව බෙන්ජමින් රජතුමාගේ මිනිසුන් සාක්ෂි දැරුවා.3

ඉතින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුල ඇදහිල්ල ගොඩනැගීම ඔබගේ පවුල සහ ඔබගේ නිවාස තුල ආත්මික පිරිහීම ආපසු හැරවීමේ ආරම්භයයි. ආත්මික පිරිහීමේ එක් එක් ලක්ෂණයකටම විරුද්ධව ඔබ කරන දේශනාවන්ට වඩා එම ඇදහිල්ල පසුතැවිලිවීම විසින් ගෙන එනවා.

ඔබට හොඳින්ම මඟපෙන්විය හැක්කේ ඔබේ ආදර්ශය මඟින්. පවුලේ සාමාජිකයන් සහ අන්අය යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ සුභාරංචිය තුල ඔබගේ ඇදහිල්ල වර්ධනය වනවා දැකිය යුතුයි. මෑතකදී ඔබට මේ සඳහා බොහෝ ලෙස උදවු ලැබී තිබෙනවා. සභාවේ දෙමාපියන්, පවුල් සහ තනි පුද්ගලයන් සඳහා දෙවියන්වහන්සේගේ අනුග්‍රහය ලත් විෂය මාලාවකින් ආශිර්වාද ලැබී තිබෙනවා. ඔබට එය පෙනෙන ලෙස, ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුල ඔබගේ සහ ඔබගේ දරුවන්ගේ විශ්වාසය ඔබට ගොඩනැගීමට පුළුවන්.

ඇදහිල්ලෙන් වර්ධනය වීම

සභාපති රසල් එම්. නෙල්සන්ගේ මෝර්මන් පොත නැවත කියවීමේ යෝජනාව ඔබ අනුගමනය කිරීමෙන් ගැලවුම්කරුවාණන් තුල ඔබගේ ඇදහිල්ල වර්ධනය වී තිබෙනවා. ඔබ ගැලවුම්කරුවාණන් ගැන කියවෙන වචන සහ පාඨයන් සලකුණු කළා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ඔබගේ ඇදහිල්ල වර්ධනය වුනා. නමුත් අලුත් පැලයක් මෙන්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුල එවැනි ඇදහිල්ලක් වර්ධනය කර ගැනීම සඳහා මෙනෙහි කිරීමට සහ යාච්ඤා කිරීමට අඛණ්ඩ විසදුමක් සොයා ගැනීමෙන් මිස එය මැලවී යාමට ඉඩ ඇත.

ඇදහිල්ලෙන් වර්ධනය වීමේ ඔබේ ආදර්ශය ඔබේ පවුලේ සියලුම සාමාජිකයන් විසින් දැන් අනුගමනය කරන්නේ නැති වීමට පුළුවන්. නමුත් තරුණ ඇල්මාගේ අත්දැකීමෙන් සිතට ගන්න. පසුතැවිලි වීමට සහ සමාව ලබාගැනීමට ඔහුට තිබු වේදනාකාරී උවමනාවෙදී, ඔහුට මතක් වුනේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඔහුගේ පියාට තිබු ඇදහිල්ලයි. ගැලවුම්කරුවාණන් කෙරෙහි ඔබගේ ඇදහිල්ල ඔබේ දරුවන්ට මතක්වන්නේ ඔවුන්ට දරුණු වශයෙන් පසුතැවීම අවශ්‍ය වන මොහොතකදී විය හැකියි. එවැනි අවස්තාවක් ගැන ඇල්මා මෙසේ සඳහන් කර තිබෙනවා:

“තවද එය මෙසේ සිදුවිය, එනම් මම මෙසේ වේදනාවෙන් විදිමින් සිටියදී, මම මගේ බොහෝ පාපයන් සිහිවීමෙන් වේදනාවෙන් සිටියදී, බලන්න, මට එසේම මගේ පියා ජනතාවට දෙවියන්වහන්සේගේ පුත්‍රයකු යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වන අයෙකු ලෝකයේ පාපයට වන්දිගෙවීම උදෙසා පැමිණීම සම්බන්ධව අනාවැකි කියනවා සිහිපත් විය.

“දැන්, මාගේ මනස මෙම සිතුවිල්ලේ බැදෙමින් සිටියදී, මම මගේ හදවත තුල හැඩුවෙමි; අහෝ යේසුනි, ඔබවහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝය මා කෙරෙහි කරුණා වුව මැනව, තිත්තකමේ පිතේද, තවද සදාකාලික මරණයේ යදම් වලින් මා වටවී ඇත්තේය.

“තවද දැන්, බලන්න, මා මෙය සිතු විට, මට තවදුරටත් මගේ වේදනාවන් සිහිපත් නොවීය, එසේය, මගේ පාපයේ මතකය තවදුරටත් වේදනාවක් නොවීය.”4

ප්‍රේමයෙන් යාච්ඤා කිරීම

ඇදහිල්ලෙන් වර්ධනය වීමේ ඔබේ ආදර්ශයට අමතරව, පවුලක් ලෙස ඔබ කරන යාච්ඤාව නිවස උතුම් ස්ථානයක් කරගැනීමේ තීරණාත්මක කොටසක් ඉටුකළ හැකිය. සාමාන්‍යෙන් එක පුද්ගලයෙකු පවුල වෙනුවෙන් යාච්ඤා කිරීමේ හඬ ලෙස තෝරාගැනේ. දණගසා සිටින සහ ඇහුම්කන්දී සිටින අය වෙනුවෙන් යාච්ඤාව පැහැදිලිවම දෙවියන්වහන්සේ වෙත කල විට, ඒ සෑම කෙනේකුගේම ඇදහිල්ල වර්ධනය වේ. ස්වර්ගයේ පියාණවහන්සේට සහ ගැලවුම්කාරයාණන් වෙතට කල ප්‍රේමයේ ප්‍රකාශයන් ඔවුන්ට දැනෙනු ඇත. ඒ වගේම යාච්ඤා කරනු ලබන පුද්ගලයා වටේට දණගසා සිටින අය සහ ඔවුන්ගේ අවශ්‍යතාවන් සඳහන් කල විට, සෑම කෙනෙකුටම පවුලේ සෑම සාමාජිකයකුටම ආදරය හැඟේ.

පවුලේ සාමාජිකයන් නිවසේ ජීවත් නොවන විටදී පවා, යාච්ඤාව තුල ප්‍රේමයේ බැඳීම් ඇතිකළ හැකිය. පවුල තුල යාච්ඤාව ලෝකය පුරා පැතිර යා හැක. මා මෙන්ම එකම මොහොතක එකම දෙයක් වෙනුවෙන් දුරින් සිටින පවුලේ සාමාජිකයෙකු ද යාච්ඤා කල බව වරකට වඩා මට දැනගැනීමට ලැබුනා. “එකට යාඥා කරනු ලබන පවුල එකට සිටී” යන පැරණි කියමන මාහට නම් “දුරින් සිටින විටත්, එකට යාඥා කරනු ලබන පවුල එකට සිටී,” ලෙස පුළුල් කිරීමට පුළුවන්.

කලින්ම පසුතැවිලි වීමට ඉගැන්වීම

අපි කිසිකෙනෙකු පරිපූර්ණ නොවන නිසා මෙන්ම හැඟීම් ඉක්මනින්ම වේදනාවට පත්වන නිසා, පවුල් පූජනීය අභයභූමියක් විය හැක්කේ අපි කලින්ම සහ අවංකවම පසුතැවිලි වූ විට පමණයි. දෙමාපියන්ට ආදර්ශයක් වීමට පුළුවන්. රළු වචන සහ අකරුණික සිතුවිලි වෙනුවෙන් ඉක්මනින්ම සහ අවංකව පසුතැවිලි විය හැක. සරලව “මට සමාවෙන්න” කීම තුලින් තුවාල සුවකර සමාව සහ ආදරය යන දෙකටම ආරාධනා කල හැකිය.

ද්‍රෝහීන් මෙන්ම තම පවුලේ එකඟතා නොලැබීම සමග කුරිරු ප්‍රහාර සහ ද්‍රෝහීන් සමඟ කටයුතු කල නිසා සභාපති ජෝසෆ් ස්මිත් අපට ලොකු ආදර්ශයක් වෙනවා. පහර දෙන්නා නැවතත් පහර දෙන බව දැනගෙන සිටියත් ඔහු ඉක්මනින්ම සමාවදුන්නා. ඔහු සමාව අයැද සිටියා, මෙන්ම ඔහු එය නිදහස් ලෙස ලබාදුන්නා.5

ධර්මධුත ආත්මයක් රෝපණය කිරීම

මොසයාගේ පුතුන්, සෑමකෙනෙකුටම සුභාරංචිය පිළිගැන්වීමට අධිෂ්ඨාන කරගත්තා. මෙම කැමැත්ත ඇතිවුනේ පසුතැවිලිවීම සමඟ ඔවුන්ට ඇති පෞද්ගලික අත්දැකීම හේතුවෙන්. ඔවුන්ට සිදුවුනාක්මෙන් කිසිමකෙනෙකුට පාපයේ ප්‍රතිවිපාක විදීමට සිදුවනවා යන හැඟීම දරාගැනීමට ඔවුන්ට පුළුවන් වුනේ නෑ. ඒ නිසා ඔවුන්ගේ සතුරන්ට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සුභාරංචිය පිළිගැන්වීම සඳහා අවුරුදු ගණනක ප්‍රතික්ෂේප කිරීම්, අමාරුකම්, සහ අන්තරා වලට මුහුණ දුන්නා. එම ක්‍රියාවලියෙදී, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුලින් පසුතැවිලි වූ බොහෝ දෙනකු තුල ප්‍රීතිය ඔවුන්ට සොයාගත හැකිවුනා, ඒ වගේම සමාවදීමේ ප්‍රීතියද අත්දැකීමට ලැබුනා.

අපගේ පවුලේ සාමකිකයන් හට සමාවදීමේ ප්‍රීතිය හැඟීමට පුළුවන් වූ විට ඔවුන්ගේ සුභාරංචිය බෙදාගැනීමට ති කැමැත්ත වර්ධනය වෙනවා. ඔවුන් සක්‍රමේන්තුව ගන්නා විට ගිවිසුම් අලුත්කිරීමෙදී පවා එය සිදුවිය හැක. දෙමාපියන්ට සහ දරුවන්ට සක්‍රමේන්තු මෙහෙයෙදී සමාවදීමේ සතුට හැඟුන විට අපගේ නිවෙස්වල ධර්මධුත ආත්මය වර්ධනය වේ. ඔවුන්ගේ ගෞරවයෙන් යුතුව නමස්කාර කිරීමේ ආදර්ශය තුලින්, දෙමාපියන් සහ දරුවන් යන දෙපිරිසටම එම ප්‍රීතිය භුක්තිවිඳීමට එකිනෙකාට උදවු කල හැකිය. එම ප්‍රීතියට අපගේ නිවෙස් ධර්මදූත පුහුණු මධ්‍යස්ථාන බවට හැරවීමට පුළුවන් තරම් දුර යා හැකිය. සියලුදෙනාම ධර්මදූත සේවයේ යෙදෙන්නේ නැති වුවත්, සමාවදීම සාමය දැනගැනීමට හැකිවූ සෑම කෙනෙකුටම සුභාරංචිය බෙදාගැනීමට කැමැත්තක් ඇතිවිය හැක. ඒ වගේම දැනට පූර්ණ කාලීන සේවයේ යෙදෙනවා හෝ නැතිවුවත්, සුභාරංචිය අන්අයට පිලිගැන්වීමේ ප්‍රීතිය සෑම කෙනෙකුටම විඳිය හැක.

දේවමාලිගාව බැහැදැකීම

දෙමාපියන් සහ දරුවන් යන දෙපිරිසටම, ස්වාර්ගික ස්ථානයක ආදරය සහ හැඟීම ලබාගැනීමට හොඳම අවස්තාව වන්නේ දේවමාලිගාවයි. දරුවන් කුඩාකාලයේදී එය විශේෂයෙන්ම සත්‍යයක්. දරුවන් ඉපදෙන්නේ ක්‍රිස්තුස්වහන්සේගේ ආලෝකයත් සමගයි. ළදරුවෙකුට පවා දේවමාලිගාව උතුම් යයි වටහාගත හැක. දෙමාපියන් ඔවුන්ගේ කුඩා දරුවන්ට ආදරය කරන නිසා, ඔවුන්ට දේවමාලිගාවෙන් නියෝජනය වන්නේ ඔවුන්ගේ සදාකාලික පවුලේ-සදහටම ආදරය කිරීම සඳහා ඔවුන්ට ඔවුන්ගේ දරුවන් සිටීමේ බලාපොරොත්තුවයි.

ඔබ සමහර දෙනෙකුට දේවමාලිගාවල පින්තූර ඔබගේ නිවෙස් තිබෙනවා. මුළු ලෝකය පුරාවටම දේවමාලිගාවල් එකතුවන නිසා, බොහෝ දෙමාපියන්ට ඔවුන්ගේ පවුල් සමඟ දේවමාලිගා භූමියට යාමට පුළුවන්කම තියෙනවා. කිහිපදෙනෙකුට දේවමාලිගාවල් තනන විට එහි විවෘත කිරීම් වලට පවා සහභාගී වීමට පුළුවන්. දේවමාලිගාව තුල හෝ දේවමාලිගාව අසල සිටීමේදී දරුවන්ට හැගුනේ කෙසේද කියා දෙමාපියන්ට ඇසිය හැක.

සෑම දෙමාපියෙකුටම ඇයට හෝ ඔහුට දේවමාලිගාවෙන් අදහස්වන්නේ කුමක්ද කියා සාක්ෂිය බෙදාගත හැක. දේවමාලිගා වලට ආදරය කල සභාපති එස්රා ටැෆ් බෙන්සන්, ඔහුගේ මව බොහෝ පරිස්සමින් ඇගේ දේවමාලිගා ඇඳුම් මැඳු සැටි ගැන සෑම විටම කතාකලා.6 කුඩා පිරිමි දරුවෙකු වශයෙන් දේවමාලිගාවට සහභාගී වීම සඳහා ඔහුගේ පවුල නිවසින් යන ආකාරය බලා සිටීමේ මතකයන් පිළිබඳව ඔහු කතා කළා.

ඔහු සභාවේ නායකයාව සිටියදී, සෑම සතියකම එකම දවසේ ඔහු දේවමාලිගාවට පැමිණියා. ඔහු සැමවිටම මුතුන්මිත්තෙකු වෙනුවෙන් දේවමාලිගා කටයුතු සිදුකලා. එය විශාල වශයෙන් පැමිණියේ ඔහුගේ දෙමාපියන්ගේ ආදර්ශයෙනි.

මගේ සාක්ෂිය

ඔබගේ නිවස යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුල ඇදහිල්ල ඇති ස්ථානයක් සහ ආදරයෙන් සහ ක්‍රිස්තුස්වහන්සේගේ පූජනීය ප්‍රේමයෙන් පිරුණු ස්ථානයක් කිරීමට ඔබ ගන්නා උත්සාහයන් තුල ඔබගේ සමහරක් වඩාත් ප්‍රීතිදායක අවස්ථා ඔබට සොයාගත හැකියි. සුභාරංචියේ නැවත පිහිටුවීම ආරම්භ වුයේ නිහතමානී නිවසක මෙනෙහිකල නිහතමානී පැනයකින් වගේම, සුභාරංචි මුලධර්ම පිහිටුවීම සහ ඒවා ක්‍රියාවේ යෙදවීම දිගින් දිගටම කිරීම තුලින් එය අප සෑම දෙනෙකුගේ නිවසකම දිගින් දිගටම කල හැක. මම කුඩා පිරිමි දරුවකුගේ කාලයේ පටන්ම මෙය මගේ බලාපොරොත්තුව සහ ගැඹුරු අපේක්ෂාවද වී තිබුණා. එවැනි නිවෙස් ගැන ඔබ සියලුදෙනාටම පොඩි හෝ අවබෝධයක් තිබෙනවා. ඔබගෙන් බොහෝ දෙනෙක් ස්වාමින්වහන්සේගේ උදවුවෙන්, එවැනි නිවෙස් තනාගෙන තිබෙනවා.

තවත් සමහරක් එම ආශිර්වාදයට තමන්ගේ මුළු හදවතින්ම උත්සහ කර ඇති නමුත්, තවමත් එය ලැබී නැත. ඔබට මගේ පොරොන්දුව වන්නේ වරක් අපොස්තුලුවරු දොළොස්දෙනාගේ ඝනපූර්ණයේ අපොස්තුලුවරයෙකු විසින් මට කල පොරොන්දුවයි. මම ඔහුට පැවසුවා අපගේ නෑදෑයන් සමහරකගේ තෝරාගැනීම් නිසා, එලබෙන්නාවූ ලෝකයේ අපට එකට ජීවත්වීමට හැකියාව ලැබේද යන්න මට සැක සහිත බව. ඔහු පැවසුවා, මට මතක ආකාරයට, “ඔබ කරදර වන්නේ වැරදි ප්‍රශ්නය ගැනයි. ඔබ සෙලෙස්ටියල් රාජ්‍යට යාමට සුදුසු විදිහට පමණක් ජීවත්වන්න, එවිට ඔබට සිතාගැනීමට නොහැකි වන තරමට පවුල් විධිවිධාන බොහෝ ආශ්චර්යමත් වේවි.”

ඔහු එම සතුටුදායක බලාපොරොත්තුව සදාකාලික ජීවිතය සඳහා අපව සහ අපගේ පවුල් සුදුසුකරගැනීමට අපට හැකි සෑම දෙයක්ම කල මේ ලෝකයේ ජීවත්වන ඕනෑම කෙනෙකුට ලබාදෙන බව මම විශ්වාස කරනවා. ස්වාර්ගික පියාණන්වහන්සේගේ සැලැස්ම සතුටුදායක සැලැස්මක් කියා මම දන්නවා. පවුලක සදාකාලිකවම මුද්‍රා තැබීම සඳහා තම උපරිමය කල අප එක් එක්කෙනා හට එය ලබා දීමට උන්වහන්සේගේ සැලැස්මට හැකි බව මම සාක්ෂි දරනවා.

ජෝසෆ් ස්මිත් හට නැවත ලබාදුන් පූජකත්ව යතුරු නොකැඩී සභාපති රසල් එම්. නෙල්සන් හට දී ඇති බව මම දන්නවා. එම යතුරු අද පවුල් වල මුද්‍රාතැබීමට පුළුවන්කම ලබාදෙනවා. ස්වර්ගික පියාණන්වහන්සේ උන්වහන්සේගේ ආත්මික දරුවන් වන අපට පරිපූර්ණ ආදරයකින් ආදරය කරන බව මම දන්නවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම හේතුවෙන්, අපට පසුතැවිලිවී, පිරිසිදුවී, ඒ වගේම ආදරණීය පවුල් වශයෙන් අපගේ ස්වාර්ගික පියාණන්වහන්සේ සහ උන්වහන්සේගේ ආදරණීය පුත්‍රයා, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ සදාකාලිකවම ජීවත්වීමට සුදුසුකම් ලැබිය හැකි බව මම දන්නවා. මෙලෙස මම සාක්ෂි දරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.