ප්‍රධාන සම්මන්ත්‍රණය
උන්වහන්සේගේ නාමයෙන් ආශිර්වාද කරන්න
2021 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


උන්වහන්සේගේ නාමයෙන් ආශිර්වාද කරන්න

අපට පූජකත්වය ලැබීමේ පරමාර්ථය නම්, ස්වාමින්වහන්සේගේ නාමයෙන් උන්වහන්සේ උදෙසා මිනිසුන්ට ආශිර්වාද කිරීමට අපට ඉඩදීමයි.

මාගේ ආදරණීය සහෝදරවරුනි, දෙවියන්වහන්සේගේ පූජකත්වයේ සහෝදර සේවකයෙනි, අද රාත්‍රියේ ඔබ සමඟ කථා කිරීම මට ගෞරවයක්. ඔබට මාගේ ගැඹුරු ගෞරවය හා කෘතඥතාව පළකර සිටිනවා. මම ඔබ සමඟ කථා කරන විට සහ ඔබගේ මහත් ඇදහිල්ල ගැන ඇසූ විට, වෙන කවරදාටත් වඩා ශක්තිමත් ගණපූරණයන් හා වඩා ඇදහිලිවන්ත පූජකත්වය දරන්නන් සමඟ, ලොව පුරා පූජකත්ව බලය දිනෙන් දින ඉහළ යන බව මගේ විශ්වාසයයි.

අද සවස මගේ මොහොත තුළ, ඔබගේ පෞද්ගලික පූජකත්ව සේවයේ වඩාත් ඵලදායී වීමට කැමති අයට මම කතා කරන්නම්. සේවය කිරීම සඳහා ඔබගේ කැඳවීම සම්පූර්ණ කළ යුතු බවට වන උපදේශය ඔබ දන්නවා.1 නමුත් ඔබගේ කැඳවීම සම්පූර්ණ කිරීම ඔබ සඳහා කුමක් අදහස් කරයිදැයි ඔබ කල්පනා කළ හැකියි.

මම නවතම උපස්ථායකයන් සමඟ ආරම්භ කරන්නම්, මොකද ඔවුන්ගේ පූජකත්ව සේවය සම්පූර්ණ කිරීම යනු කුමක්ද යන්න පිළිබඳව ඔවුන්ට අවිනිශ්චිතතාවයක් දැනෙනවා වෙන්නට පුලුවන්. අලුතෙන් නියම කළ වැඩිහිටියන්ටද ඒ සඳහා සවන්දීමට අවශ්‍ය විය හැකියි. ඒවගේම සිය පළමු සති වල සේවයේ යෙදෙමින් සිටිනා සභානායකවරයෙකුටද එය වැදගත් විය හැකියි.

උපස්ථායකයෙකු ලෙස මගේ දවස් දෙස ආපසු හැරී බැලීම මට උපදේශාත්මකයි. මම දැන් යෝජනා කරන දේ කවුරුහරි මට කලින් පවසා තිබුණා නම් හොඳයි කියා මට හිතෙනවා. ඒ දවස් වල සිට මා වෙත පැමිණ ඇති සියලුම පූජකත්ව පැවරුම් වලට—එමෙන්ම වර්තමාන දින වල ඒවාට පවා ඒවා උපකාරවත් වන්නට පුලුවන්.

කුඩා ශාඛාවක මාව උපස්ථායකයෙකු ලෙස පත්කරනු ලැබූ අතර, මා එහි එකම උපස්ථායකයා වූ අතර මගේ සහෝදර ටෙඩ් එකම ගුරුවරයා වුණා. එම ශාඛාවේ එකම පවුල වුණේ අපියි. මුළු ශාඛාවම හමුවුණේ අපේ නිවසේදීයි. මගේ සහෝදරයා සහ මා වෙනුවෙන් පූජකත්ව නායකයා වූයේ අලුතින් පූජකත්වය ලබාගත් ආගමට හැරුණු අලුත් කෙනෙක්. මගේ එකම පූජකත්ව වගකීම වන්නේ මගේම කෑම කාමරය තුළ සක්‍රමේන්තුව බෙදාහැරීම බව මම කලින් විශ්වාස කළා.

මගේ පවුලේ අය යූටා නගරයට පදිංචියට යන විට, උපස්ථායකයන් විශාල ප්‍රමාණයක් සිටින විශාල කොට්ඨාශයක මම සිටියා. එහි මාගේ පළමු සක්‍රමේන්තු රැස්වීමේදී, පුහුණුව ලැබූ කණ්ඩායමක් මෙන් සක්‍රමේන්තුව බෙදන උපස්ථායකයින්—මට පෙනුණු ආකාරයට, හමුදා කණ්ඩායමක්—නිරවද්‍යතාවයෙන් ගමන් කරන ආකාරය මම දුටුවා.

මම බොහෝ බියවී සිටි නිසා, ඊළඟ ඉරිදා මම කිසිවෙකු නොපෙනෙන වෙලාවක තනිවම සිටීමට සිතාගෙන කොට්ඨාශ ගොඩනැගිල්ලට ගියා. මට මතකයි එය සෝල්ට් ලේක් නගරයේ යේල්ක්‍රෙස්ට් කොට්ඨාශය වූ අතර, එහි ප්‍රතිමාවක් තිබී තිබෙනවා. මම එම ප්‍රතිමාව පිටුපසට ගොස්, සක්‍රමේන්තුව බෙදාහැරීමේදී මගේ ස්ථානය ගත්විට අසමත් නොවී එය කරන්නේ කෙසේදැයි දැනගැනීමට උපකාර ඉල්ලා මම ඉතා ඕනෑකමින් යාච්ඤා කළා. එම යාච්ඤාවට පිළිතුරු ලැබුණා.

නමුත් අපගේ පූජකත්ව සේවයේ වැඩීමට අප උත්සාහ කරන විට යාච්ඤා කිරීමට හා සිතීමට වඩා හොඳ ක්‍රමයක් ඇති බව මම දැන් දන්නවා. පුද්ගලයන්ට පූජකත්වය ලබාදෙන්නේ ඇයිද යන්න මගේ තේරුම්ගැනීමෙන් එය පැමිණ තිබෙනවා. අපට පූජකත්වය ලැබීමේ පරමාර්ථය නම්, ස්වාමින්වහන්සේගේ නාමයෙන් උන්වහන්සේ උදෙසා මිනිසුන්ට ආශිර්වාද කිරීමට අපට ඉඩදීමයි.2

ප්‍රායෝගිකව එහි තේරුම කුමක්දැයි දැනගත් විට මම උපස්ථායකයෙකු ලෙස වසර ගණනාවක් ගෙවී අවසන්. උදාහරණයක් වශයෙන්, උත්තම පූජකයෙකු ලෙස, මට රැකවරණ මධ්‍යස්ථානයක සක්‍රමේන්තු රැස්වීමක් බැලීමට පැවරුණා. සක්‍රමේන්තුව බෙදාදෙන ලෙස මගෙන් ඇසුවා. මම සක්‍රමේන්තුව බෙදාදෙන ආකාරය පිළිබඳ ක්රියාවලිය හෝ නිරවද්‍යතාව ගැන සිතනවා වෙනුවට, සෑම වැඩිහිටි පුද්ගලයෙකුගේම මුහුණු දෙස බැලුවා. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුගේ හැඬීම් මම දුටුවා. එක් කාන්තාවක් මගේ කමිස අතෙන් අල්ලා, හිස ඔසවා, “අනේ, ස්තූතියි, ස්තූතියි” කියා ශබ්ද නඟා පැවසුවා.

ස්වාමින්වහන්සේ, උන්වහන්සේගේ නාමයෙන් ලබාදුන් මාගේ සේවයට ආශිර්වාද කර තිබෙනවා. මගේ කොටස කොතරම් හොඳින් මට කරන්නට හැකිවන්නේ කෙසේද වෙනුවට, එවැනි ප්‍රාතිහාර්යයක් පැමිණෙන ලෙස මම යාච්ඤා කර තිබුණා. මගේ ආදරණීය සේවය තුළින් ජනතාවට ස්වාමින්වහන්සේගේ ප්‍රේමය දැනෙනු ඇතැයි මම යාච්ඤා කළා. උන්වහන්සේගේ නාමයෙන් අන් අයට සේවය කිරීම හා ආශිර්වාද කිරීම සඳහා යතුර මෙය බව මම ඉගෙනගත්තා.

එවැනි ආදරයක් මට මතක්කර දුන් මෑත අත්දැකීමක් මට අසන්නට ලැබුණා. COVID-19 වසංගතය හේතුවෙන් සභාවේ සියලුම රැස්වීම් අත්හිටවූ විට, දේවසේවයේ යෙදෙන සහෝදරයෙක් තම වැඩිහිටි ගණපූරණ සභාපතිවරයාගෙන් ඔහු දේවසේවය කරන සහෝදරියකට සක්‍රමේන්තුව ආශිර්වාද කිරීමට හා ලබාදීමට පැවරුමක් භාරගත්තා. සක්‍රමේන්තුව ගෙන ඒමට ඔහු ඇයට කතා කළ විට, මෙතරම් භයානක කාලයකදී ඔහුව තම නිවසින් පිටතට ගෙනයාමට අකමැති වූ අතරම දේවල් ඉක්මනින් යථා තත්ත්වයට පත්වනු ඇතැයි විශ්වාස කළ නිසා, ඇය අකමැත්තෙන් වුවද එය පිළිගත්තා.

එදින ඉරිදා උදෑසන ඔහු ඇගේ නිවසට පැමිණෙන විට, ඇය ඉල්ලීමක් කළා. ඔවුන් අසල්වැසි ගෙදරට ගොස් ඇගේ වයස අවුරුදු 87 ක්වූ අසල්වැසියා සමග ඔවුන්ට සක්‍රමේන්තුව ලබාගත හැකිද? සභානායකවරයාගේ අවසරය ඇතිව ඔහු එකඟ වුණා.

බොහෝ, සති ගණනාවක් පුරා, ඉතා පරෙස්සමින් සමාජ දුරස්ථභාවය සහ වෙනත් ආරක්ෂක පියවරයන් සමඟ, මෙම ශුද්ධවන්තයින්ගේ කුඩා කණ්ඩායම සෑම ඉරිදාවකම සරල සක්‍රමේන්තු සේවාවක් සඳහා එක්රැස් වුණා. කැඩුණු පාන් කැබලි කිහිපයක් සහ වතුර කෝප්ප කිහිපයක් පමණක් තිබුණු නමුත්—ප්‍රේමණීය දෙවියන්වහන්සේ කෙනෙකුගේ යහපත්කම ගැන බොහෝ කඳුළු සැලුවා.

කාලයාගේ ඇවෑමෙන්, මෙම දේවසේවයේ යෙදෙන සහෝදරයාට, ඔහුගේ පවුලේ අයට සහ ඔහු දේවසේවය කළ සහෝදරියට නැවත සභාවට යාමට හැකිවුණා. එහෙත් වයස අවුරුදු 87 හැවිරිදි වැන්දඹුවට, එම අසල්වැසියාට, බොහෝ පරිස්සමෙන් ගෙදර සිටීමට සිදුවුණා. දේවසේවා සහෝදරයා—ඔහුගේ පැවරුම ඇගේ අසල්වැසියාට මිස මේ වැඩිහිටි සහෝදරියට පවා නොවුනත්—ස්වාමින්වහන්සේගේ භෝජනය වන සක්‍රමේන්තුව ලබාදීම සඳහා, ශුද්ධලියවිලි සහ අතේ ඇති කුඩා පාන් කෑල්ලක් සමඟ, අදටත් සෑම ඉරිදා දිනකම නිහඬව ඇගේ නිවසට පැමිණෙනවා.

ඔහුගේ පූජකත්ව සේවය, එදින මගේ රැකවරණ මධ්‍යස්ථානයේදී මෙන්, ප්‍රේමයෙන් ලබාදෙනු ලැබූවක්. ඇත්තවශයෙන්ම, මෙම දේවසේවයේ යෙදෙන සහෝදරයා, ඔහුට රැකබලා ගතහැකි කොට්ඨාශයේ තවත් අය සිටීද යන්න, මෑතකදී තම සභානායකවරයාගෙන් විමසා තිබුණා. ස්වාමින්වහන්සේගේ නාමයෙන් සහ උන්වහන්සේ පමණක්ම දන්නා ආකාරයකින් ඔහු සේවය කර ඇති ආකාරය නිසා, ඔහුගේ පූජකත්ව සේවය සම්පූර්ණ කිරීමට ඔහු තුළ ඇති ආශාව වර්ධනය වී තිබෙනවා. මෙම දේවසේවා සහෝදරයා, මා කළ ආකාරයට ස්වාමින්වහන්සේගේ ප්‍රේමය ගැන දැනගැනීමට සේවය කරන අය වෙනුවෙන් යාච්ඤා කර ඇත්දැයි මම දන්නේ නෑ, නමුත් ඔහුගේ සේවය ස්වාමින්වහන්සේගේ නාමයෙන් සිදුවී ඇති නිසා, ප්‍රතිඵලය එක හා සමානයි.

අසනීප හෝ අවශ්‍යතා ඇති කෙනෙකුට පූජකත්ව ආශිර්වාදයක් ලබාදීමට පෙර මම ඒ වෙනුවෙන් යාච්ඤා කරන විටත් එම පුදුමාකාර ප්‍රතිඵලයම ලැබෙනවා. පූජකත්ව ආශිර්වාදයක් දීමට මට අවස්ථාවක් දෙනවාට වඩා, ඔවුන්ගේ වැඩ කටයුතු කරගෙන යාමට හැකි වන පරිදි, ඉක්මන් කර පැත්තකට වෙන ලෙස නොඉවසිලිමත්ව වෛද්‍යවරු මට බල කළ—බල කරනවාටත් වඩා—මට අණ කළ විට එය එක් වරක් රෝහලකදී සිදුවුණා. මම නැවතී, එමෙන්ම එම ආශිර්වාදය ලබාදුන්නා. ඒවගේම වෛද්‍යවරුන් විසින් මියයනු ඇතැයි සිතූ, ඒ දවසේ මම ආශිර්වාද කළ ඒ කුඩා දැරිය, ජීවත් වුණා. මගේ හැඟීම් වලට මග ඇහිරීමට මම ඉඩනොදෙමින්, නමුත් ස්වාමින්වහන්සේට අවශ්‍ය වූයේ එම කුඩා දැරිය ආශිර්වාදයක් ලබාගැනීම බව හැඟුණු එම දිනය නිසා මම මේ මොහොතේ ස්තූතිවන්ත වෙනවා. ඒවගේම එම ආශිර්වාදය කුමක්දැයි මම දැන සිටියා: සුවය ලැබීමට මම ඇයට ආශිර්වාද කළා. ඇයට එසේම වුණා.

සුවය ලැබීමේ ආශිර්වාදයක් බලාපොරොත්තුවෙන්, ඇඳ වටා පවුලේ සාමාජිකයින් වටව සිටින, මරණයට ආසන්නව සිටින කෙනෙකුට මම ආශිර්වාදයක් ලබාදීමේදී එය බොහෝ විට සිදුවී තිබෙනවා. මට මොහොතක් පමණක් තිබුණත්, ස්වාමින්වහන්සේගේ නාමයෙන් මට දිය හැකි උන්වහන්සේගේ ආශිර්වාද මොනවාදැයි දැනගැනීමට මම හැමවිටම යාච්ඤා කරනවා. මා හෝ අසල සිටින මිනිසුන්ට අවශ්‍ය දේ නොවේ, නමුත් ඒ පුද්ගලයාට ආශිර්වාද කිරීමට උන්වහන්සේට අවශ්‍ය වන්නේ කෙසේදැයි දැනගැනීමට මම ඉල්ලා සිටිනවා. මගේ අත්දැකීම නම්, ආශිර්වාදය අන් අය හෝ තමන් තම ආදරණීයයා කෙරෙහි ආශා නොකරන දේ වුවද, බලාපොරොත්තු සුන්වීම වෙනුවට පිළිගැනීම සහ සැනසීම අත්විඳීමට ආත්මයාණන්වහන්සේ හදවත් ස්පර්ශ කරනවා.

ස්වාමින්වහන්සේ පුද්ගලයෙකුට ලබාදීමට අවශ්‍ය ආශිර්වාදය ලබාදීම සඳහා ආදිපීතෘවරුන් නිරාහාරව සිටිමින් මගපෙන්වීම ඉල්ලා යාච්ඤා කරන විටද එම ආනුභාවය ලැබෙනවා. ආශිර්වාද ලැබීම ගැන මාද ආශිර්වාදය ලැබූ පුද්ගලයාද පුදුමයට පත්කළ ආශිර්වාද මම අසා තිබෙනවා. පැහැදිලිවම, එහි අඩංගු අනතුරු ඇඟවීම් මෙන්ම උන්වහන්සේගේ නාමයෙන් බෙදාගත් පොරොන්දුද ඇතුලත්ව—ආශිර්වාද පැමිණෙන්නේ ස්වාමින්වහන්සේගෙන්. ආදි පීතෘවරයෙකුගේ යාච්ඤාව සහ නිරාහාරය සඳහා ස්වාමින්වහන්සේ විසින් විපාක ලබාදෙනවා.

සභානායකවරයෙකු වශයෙන්, සුදුසුකම් පරීක්ෂා කරන සම්මුඛ සාකච්ඡා පවත්වන විට, මාගේ විනිශ්චයෙන් මුලා නොවී එම පුද්ගලයාට උන්වහන්සේ ලබාදීමට කැමති ඕනෑම පෙළඹවීමක් මට අවබෝධ කරදෙන ලෙස ඉල්ලා සිටිමින් මම ස්වාමින්වහන්සේට යාච්ඤා කිරීමට ඉගෙනගත්තා. ස්වාමින්වහන්සේ ප්‍රේමයෙන් නිවැරදි කිරීමක් සමඟ කෙනෙකුට ආශිර්වාද කිරීමට කැමති නම් එය දුෂ්කරයි. ඔබට අවශ්‍ය එමෙන්ම අනෙක් පුද්ගලයාටත් අවශ්‍ය වියහැකි දේ ස්වාමින්වහන්සේට අවශ්‍ය දේ කෙරෙන් වෙන්කර හඳුනාගැනීමට උත්සාහ කිරීම අවශ්‍ය වෙනවා.

අපගේ ජීවිත කාලය තුළ සහ සමහර විට ඉන් ඔබ්බට අපගේ පූජකත්ව සේවය සම්පූර්ණ කළ හැකි බව මම විශ්වාස කරනවා. එය රඳා පවතින්නේ ස්වාමින්වහන්සේගේ කැමැත්ත දැනගැනීමට අප දරන උත්සාහය සහ උන්වහන්සේගේ හඬ ඇසීමට අප ගන්නා උත්සාහය මත වන අතර, එමඟින් අප උන්වහන්සේ උදෙසා සේවය කරන පුද්ගලයා වෙනුවෙන් උන්වහන්සේට අවශ්‍ය දේ වඩාත් හොඳින් දැනගත හැකියි. එම ප්‍රබල අවබෝධය පැමිණෙන්නේ කුඩා පියවර වලින්. එය සෙමින් පැමිණිය හැකි නමුත්, එය පැමිණෙනු ඇත. ස්වාමින්වහන්සේ අපට මෙය පොරොන්දු වෙනවා:

“මක්නිසාද කවරෙකු වුවත් මා විසින් එම පවසන ලද, මෙම පූජකවරයන් යුගලය අයත්කර ගැනීම වෙතට ඇදහිලිවන්ත වන්නේද, තවද ඔවුන්ගේ කැඳවීම මහිමවත් කරන්නේද, ඔවුන්ගේ ශරීරයන් ආත්මයාණන් මගින් අලුත් කරගැනීම පිණිස ඔවුන්ව පරිශුද්ධ කරනු ලබන්නේය.

“ඔවුන් මෝසෙස්ගේ සහ ආරොන්ගේ පුත්‍රයන්ද තවද ආබ්‍රහම්ගේ වංශයද, තවද එම සභාව සහ රාජ්‍යයද තවද දෙවියන්වහන්සේගේ තෝරාගත්තවුන්ද වන්නෝය.

“තවද එසේම මෙම පූජකවරය ලබාගන්නා ඔවුන් සියල්ලෝම මා ලබාගන්නේ යැයි, ස්වාමින්වහන්සේ පවසන සේක.”3

පූජකත්වයේ යතුරු ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයාට නැවත පිහිටවූ බව මගේ සාක්ෂියයි. මක්නිසාදයත් අප ඉදිරියේ ඇති සහ දිග හැරුණු ශ්‍රේෂ්ඨ සිදුවීම් සඳහා, පූජකත්වය නැවත පිහිටුවීමට ස්වාමින්වහන්සේගේ සේවකයෝ ස්වර්ගයේ සිට පෙනීසිටියා. ඊශ්‍රායෙලය නැවත එක්රැස් වෙනවා. ස්වාමින්වහන්සේගේ සෙනඟ උන්වහන්සේගේ මහිමාන්විත දෙවන පැමිණීම සඳහා සූදානම් වෙයි. නැවත පිහිටුවීම දිගටම සිදුවෙයි. ස්වාමින්වහන්සේ සිය අභිමතාර්ථයන් තම අනාගතවක්තෘවරයින්ට සහ උන්වහන්සේගේ සේවකයින්ට එළිදරව් කරනවා.

ස්වාමින්වහන්සේ කරන දෙයෙහි විශාල අතුගා දැමීම හා සසඳන විට ඔබට කුඩා බවක් දැනෙන්නට පුලුවන්. ඔබට එසේ දැනෙන්නේ නම්, ස්වාමින්වහන්සේ ඔබව දකින්නේ කෙසේදැයි යාච්ඤාවෙන් උන්වහන්සේගෙන් විමසීමට මම ඔබට ආරාධනා කරනවා. උන්වහන්සේ ඔබව පෞද්ගලිකව හඳුනන අතර, උන්වහන්සේ ඔබ මත පූජකත්වය ප්‍රදානය කර තිබෙනවා, එමෙන්ම ඔබ නැගී සිටිමින් පූජකත්වය සම්පූර්ණ කිරීම උන්වහන්සේට අවශ්‍යයි, මොකද උන්වහන්සේ ඔබට ආදරෙයි සහ උන්වහන්සේගේ නාමයෙන් උන්වහන්සේ ආදරය කරන මනුෂ්‍යයින්ට ආශිර්වාද කරන්නට උන්වහන්සේ ඔබව විශ්වාස කරනවා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමය සහ උන්වහන්සේගේ විශ්වාසය ඔබට දැනෙන්නට හැකිවන ලෙස මම ඔබට දැන් ආශිර්වාද කරන්නේ, ස්වාමින් වූ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.