2020–2024
සුදුසුබව යනු දෝෂ රහිතබව නොවේ
2021 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


10:52

සුදුසුබව යනු දෝෂ රහිතබව නොවේ

උත්සහ කිරීම සඳහා ඔබ බොහෝ වාරයක් අසමත් වී ඇති බවක් ඔබට දැනෙන විට, ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම සහ කරුණාව ඔබට පුළුවන්කම ලබාදෙන බව පිළිබඳ සත්‍යය මතකතබාගන්න.

මම වරක් මගේ දුරකථනයේ හඬ-මගින්-පෙළ පහසුකම භාවිතා කරමින් මගේ දියණියට සහ බෑනාට පණිවිඩයක් යැව්වා. මම මෙහෙම කිව්වා, “කොහොමද, දෙන්නට. හොඳයි, මම ඔබට ආදරෙයි.” ඔවුන්ට එය ලැබී තිබුණේ මෙහෙමයි, “ඔබ දෙදෙනාට වෛර කරනවා. ඔබට ආදරය කළ යුතුයි.” ධනාත්මක හා යහපත් අරමුණක් ඇති පණිවිඩයක් කෙතරම් පහසුවෙන් වරදවා වටහාගත හැකිද යන්න පුදුම සහගත නොවේද? පසුතැවිලි වීම සහ සුදුසුබව පිළිබඳ දෙවියන්වහන්සේගේ පණිවිඩ වලටත් සමහර වෙලාවට සිදුවන්නේ මෙයයි.

පසුතැවිලි වීම සහ වෙනස් වීම අනවශ්‍ය යැයි සමහරු වැරදි ලෙස එම පණිවිඩය ලබාගන්නවා. දෙවියන්වහන්සේගේ පණිවිඩය වන්නේ ඒවා අත්‍යවශ්‍ය බවයි. 1 නමුත් අපේ අඩුපාඩු තිබියදීත් දෙවියන්වහන්සේ අපට ආදරය කරන්නේ නැද්ද? ඇත්තවශයෙන්ම! උන්වහන්සේ අපට පරිපූර්ණ ලෙස ප්‍රේම කරනවා. මම මගේ මුණුබුරු මිණිබිරියන්ට, හා අඩුපාඩුකම් සියල්ලටම ආදරෙයි, නමුත් එයින් අදහස් කරන්නේ ඔවුන් වැඩිදියුණු වී ඔවුන්ට වියහැකි උපරිමයට ඔවුන් පත්වීම ගැන මම අකමැති බව නොවෙයි. දෙවියන්වහන්සේ අපගේ ආකාරයට අපට ප්‍රේම කරනවා, නමුත් අපව මේ ආකාරයෙන් හැරයාමට වඩා උන්වහන්සේ අපට ඕනෑවට වඩා ආදරය කරනවා. 2 ලෞකිකත්වය යන්නෙන් අදහස් කරන්නේ ස්වාමින්වහන්සේ දෙසට වර්ධනය වීමයි. 3 ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම යන්නෙන් අදහස් කරන්නේ වෙනස්වීමයි. ක්‍රිස්තුස්වහන්සේට හැකිවන්නේ අපව නැවත නැගිටුවීමට, පවිත්‍ර කිරීමට, සැනසීමට, සහ සුවකිරීමට පමණක් නොවේ, නමුත් ඒ සියල්ල තුළින්, අපට තව තවත් උන්වහන්සේ වගේ වෙන්නට අපව පරිවර්තනය කරන්නටත් පුළුවන්. 4

පසුතැවීම යනු එක් වරක් සිදුකරන දෙයක් යැයි සමහරු වැරදියට එම පණිවිඩය ලබාගන්නවා. දෙවියන්වහන්සේගේ පණිවිඩය වන්නේ, සභාපති රසල් එම්. නෙල්සන් ඉගැන්වූ පරිදි, “පසුතැවීම… ක්‍රියාවලියකි”. 5 පසුතැවිලි වීමට කාලය ගතවෙයි ඒවගේම එය නැවත නැවත ගතයුතු ප්‍රයත්නයක්, 6 එබැවින් පාපය අත්හැරීම 7 සහ “නපුර කිරීමට වැඩි නැඹුරුවාවක් නොවේ නමුත්, නොකඩවා යහපත් දේ කිරීම” 8 ජීවිත කාලය පුරාම කළ යුතු ලුහුබැඳීම් වෙනවා. 9

ජීවිතය හරියට රට හරහා යන පාරක ගමනක් වගෙයි. එක ගෑස් ටැංකියකින් අපේ ගමනාන්තයට අපට ලඟාවෙන්නට බෑ. අපි ටැංකිය නැවත නැවත පිරවිය යුතුයි. සක්‍රමේන්තුව ලබාගැනීම ඉන්ධන පිරවුම්හලට හැරවීම හා සමානයි. අපි පසුතැවිලි වී අපේ ගිවිසුම් අලුත් කරගන්නා විට, ආඥා පිළිපැදීමට අපගේ කැමැත්ත අපි පොරොන්දු වන අතර, දෙවියන්වහන්සේ හා ක්‍රිස්තුස්වහන්සේ ශුද්ධාත්මයාණන්ගෙන් අපට ආශිර්වාද කරනවා. 10 කෙටියෙන් කිවහොත්, අපේ ගමන ඉදිරියට ගෙන යාමට අපි පොරොන්දු වන අතර, දෙවියන්වහන්සේ සහ ක්‍රිස්තුස්වහන්සේ ටැංකිය නැවත පිරවීමට පොරොන්දු වෙනවා.

සමහර අය නරක පුරුදු වලින් සම්පූර්ණයෙන්ම නිදහස් වී නොමැති නිසා, ශුභාරංචියට සම්පුර්ණයෙන්ම සහභාගී වීමට ඔවුන් වටින්නේ නැත යන පණිවිඩය ඔවුන් වැරදි ලෙස ලබාගන්නවා. දෙවියන්වහන්සේගේ පණිවිඩය නම් සුදුසුබව යනු දෝෂ රහිතබව නොවේ බවයි. 11 සුදුසුබව කියන්නේ අවංක වීම සහ උත්සාහ කිරීමයි. දෙවියන්වහන්සේ සමඟ, පූජක නායකයින් සමඟ, සහ අපට ආදරය කරන අනෙක් අය සමඟ අපි අවංක විය යුතුම අතර, 12 ඒවගේම දෙවියන්වහන්සේගේ ආඥා පිළිපැදීමට සහ ලිස්සා ගිය පමණින් එය කෙදිනකවත් අත් නොහරින්නට අපි උත්සුක විය යුතුම වෙනවා. 13 ක්‍රිස්තුස්වහන්සේගේ වැනි චරිතයක් වර්ධනය කරගැනීමට “දෝෂ රහිතබව නොව වඩා ඉවසීම සහ නොපසුබට උත්සාහය අවශ්‍ය බව” වැඩිහිටි බෲස් සී. හෆෙන් පැවසුවා. 14 ස්වාමින්වහන්සේ මෙසේ පවසා තිබෙනවා, ආත්මයාණන්ගේ ත්‍යාගයන් දෙනු ලබන්නේ “මට ප්‍රේම කරන අයගේ සහ මාගේ සියලු ආඥා පිළිපදින අයගේ ප්‍රයෝජනය සඳහා බවත්, එසේ කිරීමට කැමති තැනැත්තාගේත් ප්‍රයෝජනය පිණිසයි.” 15

ඩේමන් ලෙස මම හඳුන්වන එක් තරුණයෙක් මෙසේ ලිව්වා: “වර්ධනය වන කාලය අතරතුර මම කාමුක දර්ශන සමඟ පොරබදමින් සිටියා. මට හැමදේම හරියට කරගන්නට බැරි වීම ගැන මට නිතරම ලැජ්ජාවක් දැනුණා.” ඩේමන් ලිස්සා යන සෑම අවස්ථාවකම, පසුතැවීමේ වේදනාව කෙතරම් තීව්‍ර වූවාද යත් ඔහු දෙවියන්වහන්සේගෙන් කිසිඳු කරුණාවක්, සමාවක්, හෝ අමතර අවස්ථා ලැබීමට නුසුදුසු බව දැඩි ලෙස ඔහුවම විනිශ්චය කරගත්තා. ඔහු මෙහෙම පැවසුවා: “මට සෑමවිටම දරුණු ලෙස හැඟීමට අවශ්‍යයි කියා මම නිතරම තීරණය කළා. අවසාන වශයෙන් මෙයින් මිදීම සඳහා වෙහෙස වී වැඩ කරන්නට මට කැමැත්තක් නොතිබූ බැවින්, සමහරවිට දෙවියන්වහන්සේ මට වෛර කරනවා ඇතැයි මම හිතුවා. මම සතියක් සමහරවිට මාසයක් එසේ නොකර සිටිනවා, නමුත් පසුව මම නැවත නරක අතට හැරුණු විට මම මෙහෙම හිතනවා, ‘මම කිසිවිටෙකත් හොඳ වෙන්නේ නෑ, ඉතින් එසේ කිරීමට උත්සාහ කිරීමෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද?’”

අවමයේ සිටින එවැනි එක් අවස්ථාවක, ඩේමන් තම පූජක නායකයාට මෙසේ පැවසුවා, “සමහරවිට මම සභාවට පැමිණීම නැවැත්විය යුතුයි. කුහකයෙකු වීම ගැන මට එපා වෙලා.”

ඔහුගේ නායකයා මෙහෙම පිළිතුරු දුන්නා: “ඔබ බිඳ දැමීමට උත්සාහ කරන නරක පුරුද්දක් ඇති නිසා ඔබ කුහකයෙකු නොවේ. ඔබ එය සඟවා තැබුවහොත්, ඒ ගැන බොරු කිව්වොත්, හෝ එවැනි උසස් ප්‍රමිතීන් පවත්වා ගැනීම සඳහා සභාවට ගැටලුවක් ඇති බව ඔබට ඒත්තු ගැන්වීමට උත්සාහ කළහොත් ඔබ කුහකයෙක්. ඔබේ ක්‍රියාවන් ගැන අවංක වීම සහ ඉදිරියට යාමට පියවර ගැනීම කුහකයෙකු වීම නොවෙයි. ඒ අනුගාමිකයෙකු වීමයි.” 16 මෙම නායකයා වැඩිහිටි රිචඩ් ජී. ස්කොට්ව උපුටා දක්වමින් මෙසේ ඉගැන්වුවා: “ස්වාමින්වහන්සේ කැරලි ගැසීමට වඩා දුර්වලකම් දකින්නේ වෙනස් විදියටයි. … ස්වාමින්වහන්සේ දුර්වලතා ගැන කතා කරන විට, එය සැමවිටම දයානුකම්පිතයි.” 17

එම ඉදිරිදර්ශනය ඩේමන්ට බලාපොරොත්තුවක් ලබාදුන්නා. “ඩේමන් එය නැවත පුපුරුවා හැරියා” යැයි කියමින් දෙවියන්වහන්සේ එහි සිට බලානොසිටින බව ඔහු තේරුම්ගත්තා. ඒ වෙනුවට උන්වහන්සේ බොහෝ විට මෙසේ කියනවා ඇති, “ඩේමන් කොපමණ දුර ඇවිත්ද කියා බලන්න.” මෙම තරුණයා අවසානයේ ලැජ්ජාවෙන් බිම බලාගැනීම හෝ නිදහසට කරුණු සහ තාර්කිකකරණයන් දෙස බැලීම නැවැත්වුවා. දිව්‍යමය උපකාරය සඳහා ඔහු ඉහළ බැලූ අතර, ඔහු එය සොයාගත්තා. 18

ඩේමන් මෙසේ පැවසුවා, “අතීතයේදී මම දෙවියන්වහන්සේ වෙත හැරුණු එකම අවස්ථාව වූයේ සමාව ලබාගැනීමටයි, නමුත් දැන් මම ඉල්ලාසිටින්නේ කරුණාව—උන්වහන්සේගේ ‘ බලවත් කිරීමේ බලයයි.’ [Bible Dictionary, “Grace”]. මම මීට පෙර කවදාවත් එය කරලා නෑ. මේ දිනවල මම කළ දේ ගැන මට වෛර කිරීමට මම ගතකරන්නේ ඉතාමත්ම කුඩා කාලයක්, නමුත් යේසුස්වහන්සේ කළ දේ නිසා උන්වහන්සේට ප්‍රේම කිරීමට බොහෝ කාලයක් මම ගතකරනවා.”

ඩේමන් කොපමණ කාලයක් අරගල කළාද යන්න සලකා බැලීමේදී, දෙමාපියන්ට සහ නායකයින්ට “කිසිදිනෙක කරන්න එපා” කියමින් ඉතාමත් ඉක්මණින් පැවසීමට හෝ “සුදුසු” යැයි සලකන්නට වැළකිය යුතු ප්‍රමිතීන් අභිමතානුකූලව පැනවීම, උපකාරී වන්නේවත් යථාර්ථවාදී වන්නේවත් නෑ. ඒ වෙනුවට, ඔවුන් ආරම්භ කළේ කුඩා, ළඟා වියහැකි ඉලක්ක වලින්. ඔවුන් සියලු බලාපොරොත්තු වලින් මිදී, කෙමෙන් ගොඩනැගෙන වර්ධනය කෙරෙහි අවධානය යොමුකළා, එමගින් අසාර්ථක වීම් වෙනුවට ජයග්‍රහණ මාලාවක් ගොඩනැගීමට ඩේමන්ට හැකිවුණා. 19 ඔහු, ලිම්හිගේ වහල් මිනිසුන් මෙන්, ඔහුට “කෙමෙන් කෙමෙන් සමෘද්ධිමත් විය හැකිබව” ඉගෙනගත්තා. 20

වැඩිහිටි ඩී. ටොඩ් ක්‍රිස්ටෝෆර්සන් මෙසේ උපදෙස් දී තිබෙනවා: “[ඉතා] විශාල දෙයකට මුහුණදීම සඳහා අපට එය කුඩා, දිනපතා කාර්යයන් වලට වෙන්කරගනිමින් කිරීමට අවශ්‍ය විය හැකියි. … නව හා යහපත් පුරුදු අපේ චරිතයට ඇතුළත් කරගැනීම හෝ නරක පුරුදු හෝ ඇබ්බැහි වීම් ජයගැනීමට [බොහෝ]විට අද හෝ හෙට හෝ තවත් එකක් සමහරවිට බොහෝ දින, මාස, සහ අවුරුදු පවා ගතවෙන ප්‍රයත්නයන්ගෙන් පසු සිදුවෙනවා. … නමුත් අපට එය කළ හැකියි … මොකද අපට දිනපතා අවශ්‍ය උපකාරය සඳහා අපිට දෙවියන්වහන්සේගෙන් අයැදිය හැකියි.” 21

දැන්, සහෝදර සහෝදරියනි, COVID-19 වසංගතය කිසිවෙකුට පහසු නෑ, නමුත් නිරෝධායන සීමා සමඟ හුදෙකලා වීම නරක පුරුදු සමඟ පොරබදින අයගේ ජීවිතය විශේෂයෙන් දුෂ්කර කර තිබෙනවා. මතකතබාගන්න වෙනස් වීම සිදුවිය හැකියි, පසුතැවිලි වීම ක්‍රියාවලියක්, ඒවගේම සුදුසුබව යනු දෝෂ රහිතබව නොවේ. වැදගත්ම දෙය නම්, දෙවියන්වහන්සේ සහ ක්‍රිස්තුස්වහන්සේ අපට මේ අවස්ථාවේ දැන් උපකාර කිරීමට කැමති බව මතකතබාගන්න. 22

අප පසුතැවිලි වනතුරු දෙවියන්වහන්සේ උදව් කිරීමට බලාසිටින බවට සමහරු වැරදියට පණිවිඩය ලබාගන්නවා. දෙවියන්වහන්සේගේ පණිවිඩය නම් අප පසුතැවිලි වන විට උන්වහන්සේ අපට උපකාර කරන බවයි. “අපි කීකරු වීමේ මාවතේ කොතැනක සිටියත්” උන්වහන්සේගේ කරුණාව අපට ලබාගත හැකියි. 23 වැඩිහිටි ඩියෙටර් එෆ්. උක්ඩ්‍රොෆ් මෙසේ පවසා තිබෙනවා: “දෙවියන්වහන්සේට අවශ්‍ය වන්නේ අඩුපාඩු නැති මිනිසුන් නොවේ. ඔවුන්ගේ ‘හදවත හා කැමැත්තෙන් යුතු මනසක්’ [දහම සහ ගිවිසුම් 64:34] ලබාදෙන අයව උන්වහන්සේ සොයන අතර, උන්වහන්සේ ඔවුන්ව ක්‍රිස්තුස්වහන්සේ තුළ පරිපූර්ණ කරනවා” [මොරෝනි 10:32–33].” 24

බිඳ වැටුණු සහ පීඩනයට ලක්වූ සබඳතා නිසා බොහෝ දෙනෙක් වේදනා විඳ තිබෙනවා, ඒනිසා දෙවියන්වහන්සේගේ දයානුකම්පාව සහ බොහෝ ඉවසිලිවන්තකම විශ්වාස කිරීම ඔවුන්ට අසීරුයි. උන්වහන්සේ අපගේ අවශ්‍යතාවයේදී අපට උපකාර කරන 25 සහ “උන්වහන්සේගෙන් ඉල්ලන සියල්ලන්ට යහපත් දේවල් ලබාදෙන්නට” දන්නා ආදරණීය පියාණන් කෙනෙකු වන—ආකාරයට දෙවියන්වහන්සේව දකින්නට ඔවුන් අරගල කරනවා. 26 උන්වහන්සේගේ කරුණාව සුදුසු අය සඳහා දෙන ත්‍යාගයක් පමණක් නොවෙයි. එය අපට සුදුසු වීමට උපකාර කරන උන්වහන්සේ විසින් ලබාදෙන “දිව්‍යමය උපකාරයයි”. එය ධර්මිෂ්ඨයන්ට දෙන ත්‍යාගයක් පමණක් නොවේ. ධර්මිෂ්ඨ වීමට අපට උපකාර වන උන්වහන්සේ විසින් ලබාදෙන “ශක්තියේ දායාදයයි.” 27 අපි දෙවියන්වහන්සේ හා ක්‍රිස්තුස්වහන්සේ දෙසට ඇවිද යනවා පමණක් නොවේ. අපි ඇවිද යන්නේ උන්වහන්සේලා සමඟයි. 28

සභාව පුරාම, යෞවනයන් විසින් තරුණ ගැහැණු ළමුන්ගේ සහ ආරෝනික පූජකවර ගණපූරණ තේමාවන් කියවනවා. නවසීලන්තයේ සිට ස්පාඤ්ඤයේ සිට ඉතියෝපියාවේ සිට ජපානයේ සිට, තරුණ ගැහැණු ළමුන් මෙසේ පවසනවා “පසුතැවිලි වීමේ ත්‍යාගය මම අගය කරමි.” චිලියේ සිට ග්වාතමාලාවේ සිට යූටාහි මොරෝනි දක්වා තරුණයන් මෙසේ පවසනවා, “මම සෑම දිනකම සේවය කිරීමට, ඇදහිල්ල ක්‍රියාත්මක කිරීමට, පසුතැවිලි වීමට, සහ දිනපතා වැඩිදියුණු වීමට උත්සාහ කරන විට, දේවමාළිගාවේ ආශිර්වාද සහ ශුභාරංචියේ නොනිමෙන ප්‍රීතිය ලැබීමට මම සුදුසුකම් ලබමි.”

සියලු ආඥා පිළිපදින අයට සහ “එසේ කිරීමට කැමති තැනැත්තාට” එම ප්‍රීතිය සැබෑ හා ළඟාවිය හැකි බවට වන ආශිර්වාද මම පොරොන්දු වෙනවා. 29 උත්සාහ කිරීම සඳහා ඔබ බොහෝ වාරයක් අසමත් වී ඇති බවක් ඔබට දැනෙන විට, ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම සහ කරුණාව ඔබට පුළුවන්කම ලබාදෙන බව පිළිබඳ සත්‍යය මතකතබාගන්න. 30 “[උන්වහන්සේගේ] දයාවේ දෑත ඔබ දෙසට දිගු කර තිබෙනවා.” 31 ඔබට අදත්,—අවුරුදු 20 කින් වුවත්, එමෙන්ම සදහටමත් ආදරය ලැබෙනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. බලන්න යොහාන් 3:3–6; මොසායා 27:25.

  2. See Neal A. Maxwell, “I Will Arise and Go to My Father,” Ensign, Sept. 1993, 65–68.

  3. බලන්න හිලමන් 3:21.

  4. බලන්න 2 කොරින්ති 5:17; මොසායා 3:19.

  5. රසල් එම්. නෙල්සන්, “අපට හොඳින් කළ හැකිය හොඳ විය හැකිය,” ලියහෝනා, මැයි 2019, 67.

  6. බලන්න මොසායා 26:30; මොරෝනි 6:8; දහම සහ ගිවිසුම් 1:31–32.

  7. බලන්න දහම සහ ගිවිසුම් 58:43.

  8. මොසායා 5:2.

  9. බලන්න යාකොබ් 6:11; ඇල්මා 15:17.

  10. බලන්න 2 නෙපි 31:20; මොසායා 18:10; දහම සහ ගිවිසුම් 20:77.

  11. බලන්න ලූක් 15:11–32; රෝම 3:23–25. වැඩිහිටි ජෙරිට් ඩබ්. ගොන්ග් මෙසේ පැවසුවා, “සුදුසු වීම යන්නෙන් අදහස් කරන්නේ පරිපූර්ණ වීම නොවේ” (“Always Remember Him,” Liahona, May 2016, 109). බ්‍රිගම් යන්ග් විශ්ව විද්‍යාලයේ සිසුන් අමතමින් සභාපති සිසිල් ඕ. සැමුවෙල්සන් මෙසේ පැහැදිලි කළේය: “ශුභාරංචියේ අර්ථයෙන් කෙනෙකුට පූර්ණ වශයෙන් සුදුසුකම් ලැබිය හැකි නමුත් පෞද්ගලික අඩුපාඩුකම් සමඟ කටයුතු කරන අතර තවමත් වර්ධනය වෙමින් සිටින්නටද හැකියි. … සුදුසුකම අත්‍යවශ්‍යයි, නමුත් එය පරිපූර්ණත්වයට සමාන නොවේ” (“Be Ye Therefore Perfect” [Brigham Young University devotional, Sept. 6, 2011], 1, 5, speeches.byu.edu). වැඩිහිටි මාර්වින් ජේ. ඇෂ්ටන් මෙසේ පැවසුවේය: “සුදුසුකම යනු ක්‍රියාවලියක් වන අතර, පරිපූර්ණත්වය සදාකාලික ගමනකි. පරිපූර්ණ නොවී යම් වරප්‍රසාද භුක්තිවිඳීමට අපට සුදුසු විය හැකියි” (“On Being Worthy,” Ensign, May 1989, 20).

  12. වැඩිහිටි නීල් එල්. ඇන්ඩර්සන් “සම්මුති විරහිත අවංකභාවය” ඉල්ලා සිටින අතර “අවංකකම අධ්‍යාත්මිකත්වයේ හදවත වන අතර සත්‍ය හා කල්පවත්නා පසුතැවීමේ කේන්ද්‍රස්ථානය විය යුතු” බව ඉගැන්වීය” (The Divine Gift of Forgiveness [2019], 193, 48).

  13. වැඩිහිටි නීල් එල්. ඇන්ඩර්සන් මෙසේ ලිවීය, “අපි සමහරවිට පසුපසට යා හැකි නමුත්, අප ඉක්මණින් හා නිහතමානීව දණින් වැටී නිවැරදි දිශාවට යමු” (The Divine Gift of Forgiveness, 208).

  14. Bruce C. Hafen, The Broken Heart (1989), 186.

  15. දහම සහ ගිවිසුම් 46:9; අවධාරණය කිරීම් සහිතයි.

  16. බලන්න දහම සහ ගිවිසුම් 10:67.

  17. Richard G. Scott, “Personal Strength through the Atonement of Jesus Christ,” Liahona, Nov. 2013, 83.

  18. බලන්න දහම සහ ගිවිසුම් 6:35–37.

  19. සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ පැවසුවේය: “අපගේ සදාකාලික වර්ධනයේ මෙම අවධියේදී ස්වාමින්වහන්සේ සර්වසම්පූර්ණත්වය අපෙන් බලාපොරොත්තු වන්නේ නෑ. නමුත් උන්වහන්සේ බලාපොරොත්තු වන්නේ අප වඩ වඩාත් පවිත්‍ර වීමයි“ (“We Can Do Better and Be Better,” 68; emphasis added).

  20. මොසායා 21:16.

  21. D. Todd Christofferson, “Recognizing God’s Hand in Our Daily Blessings,” Liahona, Jan. 2012, 28–29; see also D. Todd Christofferson, “The Divine Gift of Repentance,” Liahona, Nov. 2011, 38–41.

  22. බලන්න යොෂුවා 1:5, 9; යෙසායා 41:10; මතෙව් 11:28–30; 2 නෙපි 28:32; දහම සහ ගිවිසුම් 24:8.

  23. D. Todd Christofferson, “Free Forever, to Act for Themselves,” Liahona, Nov. 2014, 19.

  24. Dieter F. Uchtdorf, “Five Messages That All of God’s Children Need to Hear” (Brigham Young University devotional, Aug. 17, 2021), 3, speeches.byu.edu.

  25. බලන්න ඊතර් 1:42–43.

  26. 3 නෙපි 14:11.

  27. Dieter F. Uchtdorf, “The Gift of Grace,” Liahona, May 2015, 107; see also 2 නෙපි 2:3; යාකොබ් 4:7. සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ පැවසුවා, “උන්වහන්සේගේ පරිපූර්ණ බලයට අපට ප්‍රවේශය ලබාදීම සඳහා ස්වාමින්වහන්සේට පරිපූර්ණ ඇදහිල්ල අවශ්‍ය නොවේ” (“Christ Is Risen; Faith in Him Will Move Mountains,” Liahona, May 2021, 102).

  28. බලන්න ද්විතීය කතාව 2:7; මතෙව් 1:23; දහම සහ ගිවිසුම් 100:12. වැඩිහිටි රොබට් ඊ. වෙල්ස් මෙසේ ලිවීය: “අපේ ස්වර්ගික පියාණන්වහන්සේ නොපැමිණෙන දෙවියන්වහන්සේ කෙනෙක් නොවේ, එමෙන්ම යේසුස්වහන්සේ මියගොස් නැත. එය වෙන කවරදාටත් වඩා අදට අදාළය” (The Mount and the Master [1991], 26).

  29. දහම සහ ගිවිසුම් 46:9.

  30. See Sheri Dew, Amazed by Grace (2015), 4.

  31. 3 නෙපි 9:14.