ප්‍රධාන සම්මන්ත්‍රණය
මෙහි ආදරය කතා කරයි
2023 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


මෙහි ආදරය කතා කරයි

අපගේ හදවත් වල සහ නිවෙස්වලත්, එමෙන්ම සුභාරංචි කැඳවීම්, ක්‍රියාකාරකම්, දේවසේවය, සහ සේවා තුළත් උන්වහන්සේගේ ආදරය කතාකිරීමට සහ ඇහුන්කම්දීමට අපි සෑම කෙනෙකුම ඉගෙන ගනිමු.

අපගේ ප්‍රාථමික දරුවන් “Love is spoken here” ගායනා කරනවා. 1

වරක් මම ගොන්ග් සහෝදරියට කුඩා ලොකට් එකක් ලබාදුන්නා. මම එහි ඩොට්-ඩොට්, ඩොට්-ඩොට්, ඩොට්-ඩොට්-ඩෑෂ් කියා කොටා තිබුණා. මෝස් කේතය හුරුපුරුදු අයට I, I, U යන අකුරු හඳුනා ගත හැකියි. නමුත් මම එයට දෙවන කේතයක් ඇතුලත් කළා. මැන්ඩරින් චීන භාෂාවෙන් “අයි” (ai) යනු “ආදරය” යන්නයි. එනිසා ද්විත්ව විකේතනය කරන ලද, පණිවිඩය වූයේ “මම ඔබට ආදරෙයි” යන්නයි. සුසාන්,, “I, ai (爱), U.” (මම ඔබට ආදරෙයි).

අපි බොහෝ භාෂාවලින් ආදරය ගැන කතා කරනවා. මිනිස් පවුල ජීවත්වන භාෂා 7,168ක් කතා කරන බව මට පවසා තිබෙනවා.2 සභාවේ අපි බොහෝ උපභාෂා සමඟ ලේඛනගත ප්‍රාථමික භාෂා 575ක් කතා කරනවා. අපි චිත්‍ර, සංගීතය, නැටුම්, තාර්කික සංකේත සහ අන්තර්-පුද්ගලික ප්‍රකාශනය හරහා අභිප්‍රායන්, ආවර්ජනයන් සහ හැඟීම් සන්නිවේදනය කරනවා.3

අද අපි ශුභාරංචි ප්‍රේමයේ භාෂා තුනක් ගැන කතා කරමු: උණුසුම හා ගෞරවයේ භාෂාව, සේවයේ සහ පරිත්‍යාගයේ භාෂාව සහ ගිවිසුමට අයත් භාෂාව.

පළමුව, උණුසුම හා ගෞරවය පිළිබඳ ශුභාරංචි භාශාව.

ගොන්ග් සහෝදරිය උණුසුමෙන් සහ ගෞරවයෙන් “ඔබේ දෙමාපියන් සහ පවුලේ අය ඔබට ආදරය කරන බව ඔබ දන්නේ කෙසේද” කියා දරුවන්ගෙන් සහ යෞවනයන්ගෙන් අසනවා.

ග්වාතමාලාවේ දරුවන් පවසන්නේ “මගේ දෙමාපියන් අපේ පවුල පෝෂණය කරන්න මහන්සි වෙනවා” කියායි. උතුරු ඇමරිකාවේ ළමයින් පවසන්නේ “මගේ අම්මා සහ තාත්තා කතන්දර කියා මාව රෑට ඇඳට දානවා” කියායි. ශුද්ධ භූමියේදී, දරුවන් පවසන්නේ “මගේ දෙමාපියන් මාව ආරක්ෂා කරනවා” යනුවෙන්ය. බටහිර අප්‍රිකාවේ ඝානාවේ දරුවන් පවසන්නේ “මගේ ළමා සහ තරුණ ඉලක්ක සඳහා මගේ දෙමාපියන් මට උපකාර කරනවා” කියායි.

එක ළමයෙක් පැවසුවේ “දවස පුරාම වැඩ කරලා හොඳටම මහන්සි වුණත් මගේ අම්මා මාත් එක්ක සෙල්ලම් කරන්න එළියට එනවා” කියායි. ඇයගේ දෛනික කැපකිරීම් වැදගත් බව ඇසූ ඇගේ මව හඬා වැටුණා. “මමයි අම්මයි සමහර වෙලාවට එකඟ නොවුණත් මට අම්මව විශ්වාසයි” කියා තරුණියක් පැවසුවා. ඇගේ මවද හඬා වැටුණා.

සමහර වෙලාවට අපි දැනගන්න ඕන මෙහිදී කතා කරන ආදරය මෙහිදී ඇහෙනවා සහ අගය කරනවා කියා.

උණුසුමින් හා ගෞරවයෙන්, අපගේ සක්‍රමේන්තු සහ අනෙකුත් රැස්වීම් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අවධානය යොමු කරනවා. සාරාංශයක් වශයෙන් පමණක් නොව, පුද්ගලික සහ සැබෑ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම ගැන අපි ගෞරවාන්විතව කතා කරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පිහිටුවන ලද සභාව අපි උන්වහන්සේගේ නමින්ම අමතනවා, එනම් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව ලෙස. අපි ස්වර්ගීය පියාණන්ට ආමන්ත්‍රණය කරන විට ගෞරවාන්විත යාච්ඤාමය භාෂාවක් භාවිතා කරන අතර අප එකිනෙකා සමඟ කතා කරන විට උණුසුම් ගෞරවයක් භාවිතා කරනවා. දේවමාළිගා ගිවිසුම් නම් හදවතින් අපි යේසුස් ක්‍රිස්තුස්ව හඳුනාගන්නා විට “දේවමාළිගාවට යෑම” ලෙස නොව “ස්වාමින්වහන්සේගේ ගෘහයේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණීම” ලෙස සිත යොමුකරනවා. සෑම ගිවිසුමක්ම “මෙහි ප්‍රේමය කථාකරනු ලැබේ” කියා මුමුණනවා.

නව සාමාජිකයින් බොහෝ විට පවසන්නේ සභාවේ වචන මාලාව තේරුම් ගත හැකිලෙස පරිවර්ථනය කළයුතු බවයි. “ස්ටේක නිවස” (stake house) යන්නෙන් හොඳ හරක් මස් රාත්‍රී භෝජන සංග්‍රහයක්; කොට්ඨාශ ගොඩනැගිල්ල (ward building) යන්නෙන් ඉස්පිරිතාලයක්; “ආරම්භක අභ්‍යාස” (opening exercices) යන්නෙන් “head, shoulders, knees ad toes” යන කුඩා ළම්යින්ගේ ගීතය කීමට ආරාධනා කරනවා වැනි හැඟීමක් මතුවන නිසා අපිට හාස්‍යක් උපදිනවා.විය හැකියි. නමුත්, කරුණාකර, අපි එකට ආදරයේ නව භාෂා ඉගෙන ගන්නා විට අවබෝධයෙන් සහ කාරුණිකව ඉගෙනගනිමු. සභාවට අලුත්, හැරුණු කාන්තාවකට ඇගේ සාය ඉතා කෙටි බව පවසා තිබෙනවා. අමනාප වෙනවා වෙනුවට ඇය මෙසේ පිළිතුරු දුන්නාය; “මගේ හදවත හැරී අවසන්, කරුණාකර මගේ සාය එලෙස වනතුරු ඉවසීමෙන් සිටින්න” කියා පිළිතුරු දී තිබුනා.4

අප භාවිතා කරන වචන වලට අපව වෙනත් කිතුනුවන් හා මිතුරන් වෙත සමීප කිරීමට හෝ අපව දුරස් කිරීමට හැකියාව ඇත. සමහර විට අපි ධර්මදූත කාර්යයන්, දේවමාළිගා කාර්යයන්, මානුෂීය සහ සුබසාධන කාර්යයන් ගැන කතා කරන්නේ අපි අපේම කාර්යයක් කරන බව අන් අයට සිතීමට හේතු විය හැකි ආකාරයෙන්ය. දෙවියන්වහන්සේගේ ක්‍රියාවන් සහ මහිමය සහ වටිනාකම සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දයාව සහ කරුණාව සහ උන්වහන්සේගේ වන්දිගෙවීමේ පූජාව පිළිබඳව අපි සැමවිටම උණුසුම් හා ගෞරවාන්විතව කෘතඥතාවයෙන් යුතුව කතා කරමු.5

දෙවනුව, සේවයේ සහ පරිත්‍යාගයේ ශුභාරංචි භාශාව.

සබත් දවසේ ගෞරව කිරීමට සහ ප්‍රීති වීමට සෑම සතියකම අපි නැවත සභාවට රැස් වන විට, අපගේ සභාවේ කැඳවීම්, හවුල්කාරිත්වය, සමාජීයභාවය සහ සේවය තුළින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේට සහ එකිනෙකාට අපගේ සක්‍රමේන්තු ගිවිසුමේ කැපවීම ප්‍රකාශ කළ හැකිය.

ඔවුන් කරදර වන්නේ කුමක් ගැනද කියා මම ප්‍රාදේශීය නායකයන්ගෙන් ඇසූ විට, සොහෝදරයන් සහ සහෝදරියන්, දෙගොල්ලන්ම පැවසුවේ “අපගේ සමහර සාමාජිකයන් සභාවේ ඇමතුම් පිළි නොගන්නා” බවයි. ස්වාමින්වහන්සේට සහ උන්වහන්සේගේ සභාවේ එකිනෙකාට සේවය කිරීමට ලැබෙන කැඳවීම, දයානුකම්පාව, හැකියාවන් සහ නිහතමානීකම වර්ධනය කරගැනීමට අවස්ථාව සලසනවා. ඒ සඳහා අපව වෙන්කළ පසු, අන් අයව සහ අපව ඔසවා තැබීමට සහ ශක්තිමත් කිරීමට අපට ස්වාමීන්වහන්සේගේ ආනුභාවය ලබා ගත හැකියි. ඇත්ත වශයෙන්ම, අපගේ ජීවිතයේ වෙනස්වන තත්වයන් සහ කාලසීමාවන් අපගේ සේවය කිරීමට ඇති හැකියාව කෙරෙහි බලපෑ හැකි නමුත් අපේ ආශාවට කිසිදා බලපෑම් කළ නොහැකි බවට බලාපොරොත්තු වනවා. බෙන්ජමින් රජු සමඟ අපි “මට තිබේ නම් මම දෙන්නෙමි” යයි පවසා අපට හැකි සියල්ල පිරිනමනවා.6

ස්ටේක සහ කොට්ඨාශ නායකයෙනි අපි අපේ කොටස කරමු. ස්වාමින්වහන්සේගේ සභාවේ සේවය කිරීමට අපි සහෝදර සහෝදරියන් කැඳවන (සහ නිදහස් කරන) විට, කරුණාකර අපි එය ගෞරවයෙන් සහ ආනුභාවයෙන් කරමු. සෑම කෙනෙකුටම අගය කිරීමට සහ ඔවුන්ට සාර්ථක විය හැකි බවට හැඟීමට උපකාර කරන්න. කරුණාකර අපගේ නායක සහෝදරියන්ට උපදෙස් දී සවන් දෙන්න. සභාපති ජේ. රූබන් ක්ලාක් ඉගැන්වූ පරිදි, අපි මෙසේ මතක තබා ගනිමු, ස්වාමින්වහන්සේගේ සභාවේ අපි කැඳවීම ලැබූ ස්ථානයේ සේවය කරමු, කිසිවෙකුත් සේවය කිරීම පිණිස කැඳවන ස්ථානයක් පිළිබඳව සොයන්නේවත් කැඳවීමක් ප්‍රතික්ෂේප කරන්නේවත් නැත.7

ගොං සහෝදරිය සහ මම විවාහ වූ විට, වැඩිහිටි ඩේවිඩ් බී. හේට් උපදෙස් දුන්නේ: “සෑම විටම සභාවේ කැඳවීමක් උසුලන්න”, කියායි. ඔහු තවදුරටත් මෙසේ පැවසුවා, විශේෂයෙන්ම ජීවිතය කාර්යබහුල වන විට, “ඔබ සේවය කරන අයට සහ ඔබ සේවය කරන විට ඔබට ස්වාමින්වහන්සේගේ ප්‍රේමය දැනිය යුතුය”. ස්වාමින්වහන්සේගේ ආත්මයෙන් සහ අපගේ ගිවිසුම් මගින් උන්වහන්සේගේ සභාව තුළ උන්වහන්සේට සේවය කරන ලෙස සභාවේ නායකයින්ට ඔව් කියා පිළිතුරු දෙන විට ප්‍රේමය මෙහි, එහි සහ සෑම තැනකම කථා කරන බවට මම පොරොන්දු වෙනවා.

ස්වාමින්වහන්සේගේ නැවතපිහිටුවන ලද සභාව සයොන වැසියන් සඳහා ඉන්කියුබේටරයක් (නොමේරු දරුවන් දමා තබන් උපකරණයා)​විය හැකියි. අපි එකට නමස්කාර කරන විට, සේවය කරන විට, භුක්ති විඳින විට, සහ උන්වහන්සේගේ ආදරය එකට ඉගෙන ගන්නා විට, අපි උන්වහන්සේගේ ශුභාරංචිය තුළ එකිනෙකාව නැංගුරම් ලාගන්නවා. අපි දේශපාලනිකව හෝ සමාජීය ප්‍රශ්නවලට එකඟ නොවිය හැකි නමුත් කොට්ඨාශ සංගීත කණ්ඩායමේ එකට ගායනා කරන විට ගායනය සුසංයෝගී විය හැකියි. අපි එකිනෙකාගේ නිවෙස්වල සහ අසල්වැසි ප්‍රදේශවල අපගේ හදවතින් නිතිපතා සේවය කරන විට අපි සම්බන්ධතාවය පෝෂණය කර හුදකලාවට එරෙහිව සටන් කරනවා.

ස්ටේක් සභාපතිවරුන් සමඟ සාමාජිකයන් බැහැදැකීමේ සංචාරයන් අතරතුර, සෑම අවස්ථාවකදීම සාමාජිකයින් කෙරෙහි ඔවුන්ගේ ඇති ගැඹුරු ආදරය මට දැනෙනවා. එක් ස්ටේක් සභාපතිවරයෙක්, අපි ඔහුගේ කොට්ඨාශයේ සාමාජිකයන්ගේ නිවාස පසුකර යන විට සඳහන් කළේ, අප ජීවත් වන්නේ පිහිනුම් තටාකයක් ඇති නිවසක හෝ කිළිටි වූ පොළවක් සහිත නිවසක වුවද, සභාවේ සේවය බොහෝ විට කැපකිරීම ඇතුළත් වරප්‍රසාදයක් බවයි. එහෙත්, අප එකට එක්ව ශුභාරංචිය තුළ සේවය කරන විට සහ කැපකිරීම් කරන විට, අපට අඩුපාඩු පෙනෙන්නේ ඉතා අඩුවෙන් මෙන්ම විශාල සාමයක් සොයාගත හැකි බව ඔහු ඥානවන්තව දුටුවා. අපි උන්වහන්සේට එනම්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේට ඉඩදුන් විට මෙහි උන්වහන්සේගේ ප්‍රේමය කථා කිරීමට අපට උපකාර කරයි.

මේ ග්‍රීෂ්ම ඍතුවේදී එංගලන්තයේ ලෆ්බොරෝ සහ ඔක්ස්ෆර්ඩ් වලදී අපේ පවුලට අපූරු සභාවේ සාමාජිකයන් සහ මිතුරන් මුණගැසුණා. මෙම අර්ථාන්විත රැස්වීම් මට මතක් කර දුන්නේ කොට්ඨාශයේ සමාජ සහ සේවා ක්‍රියාකාරකම් මගින් නව සහ කල් පවත්නා ශුභාරංචිය බැඳීම් ගොඩනගා ගත හැකි ආකාරයයි. කාලයක සිට මට හැඟී ගිය දෙයක් නම්, සභාවේ බොහෝ ස්ථාන වල, ඇත්ත වශයෙන්ම ශුභාරංචිය අරමුණ කරගෙන සැලසුම් කර ක්‍රියාත්මක කරන, තවත් කොට්ඨාශ ක්‍රියාකාරකම් කිහිපයකට වඩාත් විශාල අයිතිවාසිකමකින් සහ එකමුතුකමකින් අපව ගැටගැසීමට හැකි බවයි.

දේවානුභාවයෙන් යුත් එක් කොට්ඨාශ ක්‍රියාකාරකමකදී සභාපතිට සහ කමිටුවට පුද්ගලයන් සහ සාන්තුවරයන්ගේ ප්‍රජාවක් පෝෂණය කළ හැකි විය. ඔවුන්ගේ සැලසුම් සහගත ක්‍රියාකාරකම් සෑම කෙනෙකුටම අගය කිරීම සහ ඇතුලත් බව හැඟුනා මෙන්ම අත්‍යවශ්‍ය භූමිකාවක් කිරීමට ආරාධනයක් ලැබුණා. එවැනි ක්‍රියාකාරකම් වයස් සහ පසුබිම් යා කර, කල්පවත්නා මතකයන් නිර්මාණය කරන අතර, සුළු හෝ වියදමකින් තොරවම සිදු කළ හැකියි. ප්‍රීතිමත් ශුභාරංචි ක්‍රියාකාරකම් අසල්වැසියන්ට සහ මිතුරන්ටද ආරාධනා කරනවා.

සමාජීයත්වය සහ සේවය බොහෝ විට ගමන් කරන්නේ එකටයි. යෞවනයෙනි, ඔබට ඇත්තටම කෙනෙකුව දැන හඳුනා ගැනීමට අවශ්‍ය දැයි තීරණය කරන්න, ඉන්පසු සේවා ව්‍යාපෘතියක ඉණිමඟක් මත දෙපැත්තෙන් සිටගෙන තීන්ත ආලේප කරන්න.

රූපය
සේවා ව්‍යාපෘතියක තරුණ වැඩිහිටියන් පින්තාරු කරමින්.

ඇත්ත වශයෙන්ම, කිසිම පුද්ගලයෙකු හෝ පවුලක් පරිපූර්ණ නොවේ. මෙහි ආදරය කතා කරන්න අපි හැමෝටම උදව් අවශ්‍යයි. “පරිපූර්ණ ආදරය බිය දුරු කරයි.”8 ඇදහිල්ල, සේවය සහ පරිත්‍යාගය අපව අපෙන් ඔබ්බට ගෙනගොස් අපගේ ගැලවුම්කරුවාණන් වෙත සමීප කරනවා. අපගේ සේවය සහ පරිත්‍යාගය උන්වහන්සේ තුළ වඩාත් දයානුකම්පිත, විශ්වාසවන්ත සහ පරාර්ථකාමී වන තරමට, අපට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සමාව දීමේ අනුකම්පාව සහ කරුණාව වටහා ගැනීමට පටන් ගත හැකියි.

එය අපව ගිවිසුමට අයත් ශුභාරංචි භාෂාවට ගෙන එනවා.

අපි ජීවත් වෙන්නේ ආත්මාර්ථකාමී ලෝකයක. “මම මාව තෝරගන්නවා” යන හැඟීම බොහෝ තිබෙනවා. එය හරියට අපේම ආත්මාර්ථකාමිත්වය සහ එය ලුහුබැඳිය යුතු ආකාරය අප හොඳින්ම දන්නා බව අප විශ්වාස කරනවා වැනිය.

නමුත් අවසානයේ සත්‍ය එය නොවේ. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මෙම බලවත්, පරණ නොවන සත්‍යය මෙසේ පුද්ගලාරෝපණය කරනවා:

“මක්නිසාද යමෙක් තමාගේ ජීවිතය ගළවාගන්ට කැමතිවේද, ඒක ඔහුට නැතිවන්නේය. මා නිසා තමාගේ ජීවිතය නැතිවෙන අයට ඒක සම්බවන්නේය.

“මනුෂ්‍යයා [හෝ ස්ත්‍රිය] මුළු ලෝකයම ලබාගෙන, තමාගේම ආත්මය නැතිකරගතහොත් ඔහුට ඇති ප්‍රයෝජනය කුමක්ද?”9

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වඩා හොඳ මාර්ගයක් ඉදිරිපත් කරනවා—එනම් දිව්‍යමය ගිවිසුම මත පදනම් වූ සබඳතා, මරණයේ ලණුවලට වඩා ශක්තිමත්ය. දෙවියන්වහන්සේ සහ එකිනෙකා සමඟ ඇති ගිවිසුමට අපගේ වඩාත්ම ආදරණීය සබඳතා සුව කිරීමට සහ පරිශුද්ධ කිරීමට හැකිය. අපි අපිව දන්නා තරමට හෝ අපිට ප්‍රේම කරන තරමට වඩා ස්වාමින්වහන්සේ අපිව හොඳින් දන්නා අතර අපිට ප්‍රේම කරනවා. අපගේ සියල්ලම තුල ගිවිසුමක් ඇති කර ගත් විට, අප සිටිනවාට වඩා වර්ධනය විය හැකියි. දෙවියන්වහන්සේගේ බලයට සහ ප්‍රඥාවට උන්වහන්සේගේ කාලය සහ මාර්ගය තුළ සෑම යහපත් දීමනාවකින්ම අපට ආශීර්වාද කළ හැක.

උත්පාදක කෘතිම බුද්ධිය (AI) මඟින්, භාෂා පරිවර්තනයේ විශාල ප්‍රගතියක් ලබා තිබෙනවා. පරිඝණයකට “ආත්මයට කැමැත්තක් ඇත, නමුත් මාංශය දුර්වලය” යන මුග්ධ වාක්‍ය ඛණ්ඩය “වයින් හොඳයි, නමුත් මස් නරක් වී ඇත” ලෙස පරිවර්තනය කළ කාලය බොහෝ කල්ගත වී ඇත. සිත්ගන්නා කරුණ නම්, භාෂාවක පුළුල් උදාහරණ නැවත නැවතත් දැක්වීම, ව්‍යාකරණ රීති ඉගැන්වීමට වඩා ඵලදායී ලෙස පරිගණකයකට භාෂාවක් උගන්වයි.

ඒ හා සමානව, අපගේම සෘජු, නැවත නැවතත් සිඳුවන අත්දැකීම්, උණුසුම සහ ගෞරවය, සේවය සහ පරිත්‍යාගය සහ ගිවිසුමට අයත් ශුභාරංචි භාෂා ඉගෙන ගැනීමට අපගේ හොඳම අධ්‍යාත්මික මාර්ගය විය හැකියි.

ඉතින්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔබට ආදරයෙන් කතා කරන්නේ කොහේද සහ කෙසේද?

මෙහි උන්වහන්සේගේ ආදරය කතා කරනවා ඔබට ඇසෙන්නේ කොහේද සහ කෙසේද?

අපගේ හදවත් වල සහ නිවෙස්වලත්, එමෙන්ම සුභාරංචි කැඳවීම්, ක්‍රියාකාරකම්, දේවසේවය, සහ සේවා තුළත් උන්වහන්සේගේ ආදරය කතාකිරීමට සහ ඇහුන්කම්දීමට අපි සෑම කෙනෙකුම ඉගෙන ගනිමු.

දෙවියන්වහන්සේගේ සැලැස්ම තුළ, අපි සෑම කෙනෙකුම මේ ජීවිතයේ සිට ඊළඟ ජීවිතයට එක් දිනක් මාරු කරනු ඇත. අපි ස්වාමින්වහන්සේ මුණගැසෙන විට, “මගේ ආදරය මෙහි කථා කර ඇත” යන පොරොන්දුව සහිත වචන සමඟ උපදෙස් උන්වහන්සේ පවසන බව මම සිතනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන්, ආමෙන්.