2010–2019
සුභාරංචිය බෙදාගැනීමේ ප්‍රීතිය සොයාගැනීම
2019 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


සුභාරංචිය බෙදාගැනීමේ ප්‍රීතිය සොයාගැනීම

අපගේ ජීවිත හා අප අවට සිටින අයගේ ජීවිත වලට ආශිර්වාද කිරීම සඳහා අප උන්වහන්සේ වෙතට හැරෙන තෙක් බලා සිටින ස්වර්ගයේ අපට ප්‍රේමණීය පියෙකු සිටිනවා.

මගේ ප්‍රියතම ප්‍රාථමික ගීත වලින් එකක් ආරම්භ වන්නේ මේ වචන වලින්:

මම අයත් වන්නේ යේසුස් ක්‍රිස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවටයි.

මම කව්දැයි මම දන්නවා.

දෙවියන්ගේ සැලැස්ම මම දන්නවා.

මම උන්වහන්සේව ඇදහිල්ලෙන් අනුගමනය කරනවා.

ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේව මම විශ්වාස කරනවා.1

එය අප විශ්වාස කරන සත්‍යයන් ගැන කෙතරම් සරල හා ලස්සන ප්‍රකාශයක්ද!

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සාමාජිකයින් ලෙස, අපි කව්ද කියලා අපි දන්නවා. “දෙවියන්වහන්සේ අපේ ආත්මයාණන්ගේ පියාණන් බව අපි දන්නවා අපි … උන්වහන්සේගේ දරුවන්, ඒවගේම උන්වහන්සේ අපිට ආදරෙයි. අපි මේ පොළවට [එන්නට] පෙර … අපි [උන්වහන්සේ සමග ස්වර්ගයේ] ජීවත් වුණා.”

අපි දෙවියන්වහන්සේගේ සැලැස්ම දන්නවා. උන්වහන්සේ එය ඉදිරිපත් කරන විට අපි උන්වහන්සේ සමග සිටියා. ස්වර්ගයේ සිටින අපගේ පියාණන්ගේ “සම්පූර්ණ අරමුණ, එනම් උන්වහන්සේගේ කාර්යය සහ මහිමය - අප සෑම කෙනෙකුටම උන්වහන්සේගේ සියලු ආශිර්වාද භුක්ති විඳීමට අවස්ථාව ලබාදීමයි. උන්වහන්සේගේ අරමුණ ඉටුකිරීම සඳහා පරිපූර්ණ සැලැස්මක් උන්වහන්සේ සපයා තියෙනවා. අප පොළොවට පැමිණීමට පෙර මෙම … සතුටේ,… මිදීමේ සහ… ගැළවීමේ සැලැස්ම”තේරුම් ගෙන පිළිගත්තා.

“යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේගේ සැලැස්මේ කේන්ද්‍රයයි. උන්වහන්සේගේ වන්දිගෙවීම තුළින්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තම පියාණන්ගේ අරමුණ ඉටුකළ අතර අප සෑම කෙනෙකුටම අමරණීයභාවය හා උසස්කම භුක්තිවිඳීමට අවස්ථාව ලබාදුන්නා. සාතන් නොහොත් යක්ෂයා දෙවියන්වහන්සේගේ සැලැස්මට සතුරෙකි. ”එය මුල සිටම එසේ වුණා.

“තෝරාගැනීමේ නිදහස නොහොත් තෝරාගැනීමේ හැකියාව දෙවියන්වහන්සේ තම දරුවන්ට දුන් ලොකුම ත්‍යාගයක්. … යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කරනවාද නැත්නම් සාතන්ව අනුගමනය කරනවාද යන්න අප තෝරාගත යුතුයි.”2

මේවා අපට අන් අය සමග බෙදාගත හැකි සරල සත්‍යයන්.

සංවාදයක් සඳහා විවෘතව සිටීමෙන් සහ අවස්ථාවක් හඳුනාගැනීමෙන් මගේ මව එවැනි සරල සත්‍යයන් බෙදාගත් කාලයක් ගැන මම කියන්නම්.

මීට වසර ගණනාවකට පෙර මගේ අම්මා මගේ සහෝදරයා සමග හමුවීමක් සඳහා ආජන්ටිනාවට පැමිණෙමින් සිටියා. මගේ අම්මා ඇත්තටම කිසිවිටෙකත් පියාසර කිරීමට අකමැති වූ නිසා, ඇයට සැනසිල්ල හා රැකවරණයේ ආශිර්වාදයක් ලබාදෙන ලෙස ඇය මගේ පුතෙකුගෙන් ඉල්ලා සිටියා. සුභාරංචිය ඉගෙනගැනීමට ආශාවෙන් සිටි බොහෝ දෙනෙකුගේ හදවත් ශක්තිමත් කිරීමට හා ස්පර්ශ කිරීමට ශුද්ධාත්මයාණන්ගේ විශේෂ මගපෙන්වීමක් හා උපකාරයක් ඉල්ලමින් ඔහුගේ ආච්චිට ආශීර්වාද කිරීමට ඔහුට පෙළඹවීමක් දැණුනා.

රූපය
පොල්

සෝල්ට් ලේක් ගුවන්තොටුපලේදී, මගේ මවට සහ සහෝදරයාට, පවුලේ අය සමග හිම ක්‍රීඩා ගමනකින් ආපසු ගෙදර යන හත් හැවිරිදි දැරියක් මුණගැසුණා. ඇය මගේ අම්මා සහ සහෝදරයා සමග කොපමණ කාලයක් කතා කර ඇත්දැයි ඇගේ දෙමාපියන් දුටු විට, ඔවුන් සමග එක්වීමට තීරණය කළා. ඔවුන් තමන්ව සහ තම දියණියව එඩ්වාඩෝ සහ මරියා සුසානා, ජියාඩා පොල් ලෙස හඳුන්වාදුන්නා. මෙම මිහිරි පවුලට ස්වාභාවික හා උණුසුම් සම්බන්ධතාවයක් තිබුණා.

ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් වෙත එකම ගුවන් යානයකින් ගමන් කිරීම පිළිබඳව පවුල් දෙකම මහත් සතුටට පත්වුණා. ඔවුන්ගේ සංවාදය දිගටම කරගෙන යද්දී, මගේ මව සඳහන් කළේ, ඒ මොහොත වන තුරු ඔවුන් නැවත පිහිටවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාව ගැන අසා නැති බවයි.

සුසානා ඇසූ පළමු ප්‍රශ්නය වුනේ, “රන් පිළිමය සහිත ලස්සන කෞතුකාගාරය ගැන ඔබ මට කියනවාද?” යන්නයි.

සුන්දර මන්දිරය කෞතුකාගාරයක් නොව ස්වාමින්වහන්සේගේ දේවමාළිගාවක් බවත් එහිදී අපි දෙවියන්වහන්සේ සමග ගිවිසුම් ඇති කරගන්නා බවත් මගේ අම්මා පැහැදිලි කළා. සෝල්ට් ලේක් වෙත යාමට පෙර තම ආත්මය ශක්තිමත් කරගැනීම සඳහා යමක් ඉල්ලා යාච්ඤා කළ බව සුසානා මගේ මවට කියා සිටියා.

ගුවන් ගමන අතරතුර, මගේ අම්මා සුභාරංචිය පිළිබඳ සරල නමුත් ප්‍රබල සාක්ෂියක් ඉදිරිපත් කළ අතර ධර්මදූතයින්ව ඇගේ ගමෙහි සොයාගන්නා ලෙස සුසානාට ආරාධනා කළා. “මම කොහොමද ඔවුන්ව සොයාගන්නේ?” සුසානා මගේ මවගෙන් ඇසුවා.

මගේ අම්මා මෙහෙම උත්තර දුන්නා, “ඔබට ඔවුන්ව මඟහැරිය නොහැකියි; ඔවුන් එක්කෝ සුදු කමිස සහ ටයි පටියෙන් සැරසී සිටින තරුණයන් දෙදෙනෙක් හෝ ලස්සනට ඇඳ සිටින තරුණියන් දෙදෙනෙක් වන අතර, ඔවුන් සැමවිටම ඔවුන්ගේ නම සහ ‘යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව’ ලෙස පෙන්වන ටැගයක්ද පැළඳ සිටිනවා.”’

දුරකථන අංක හුවමාරු කරගෙන බුවනෝස් අයර්ස්හි ගුවන් තොටුපලේදී ඒ පවුල් සමුගත්තා. එතැන් සිට මගේ හොඳ මිතුරියක් බවට පත්ව ඇති සුසානාට මගේ මව ගුවන්තොටුපලේදී හැරයාමට වීම ගැන ඇයට මහත් දුකක් දැනුණු බව මට බොහෝ වාර ගණනක් කිව්වා. ඇය මෙහෙම කිව්වා, “ඔබේ අම්මා දිලිසුණා. මට එය පැහැදිලි කරන්නට බැහැ, නමුත් මට අතහැර එන්නට බැරි තරම් දීප්තියක් ඇය ලඟ තිබුණා.”

සුසානා සිය ගමට ආපසු පැමිණි විගස, ඇය සහ ඇගේ දියණිය ජියාඩා, මෙම අත්දැකීම ඔවුන්ගේ නිවසින් කෙටි දුරක ජීවත් වූ සුසානාගේ මව සමග බෙදාගැනීමට ගියා. ඔවුන් රිය පදවමින් සිටියදී, මගේ අම්මා විස්තර කළ පරිදි තරුණයන් දෙදෙනෙක් පාරේ ඇවිදිමින් සිටිනවා ඔවුන් දැක තිබුණා. ඇය තම මෝටර් රථය පාර මැද නතර කර එළියට බැස මේ තරුණයන් දෙදෙනාගෙන් ඇසුවේ “ඔබ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවෙන්ද?” කියලයි.

“ඔව්” ඔවුන් කිව්වා.

“ධර්මදූතයින්?” ඇය ඇසුවා.

“ඔව් ඒ අපි තමයි!” ඔවුන් දෙදෙනාම පිළිතුරු දුන්නා.

“අපේ කාර් එකට නගින්න; ඔයාලා අපිට උගන්වන්න දැන් අපේ ගෙදර යනවා” ඇය ඉන්පසු එහෙම කිව්වා.

රූපය
පොල්

මාස දෙකකට පසු, මරියා සුසානා බෞතීස්ම වුණා. ඇයගේ දියණිය, ගියාඩා, අවුරුදු නවය පිරුණු පසු බෞතීස්ම වුණා. අපි තවමත් මොන දේ වුණත් අපි ආදරේ කරන එඩ්වාර්ඩෝ වෙනුවෙන් වැඩ කරනවා.

එතැන් සිට, සුසානා මට හමු වූ ශ්‍රේෂ්ටතම ධර්මදූතියක් බවට පත්වුණා. ඇය මෝසායාගේ පුත්‍රයන් හා සමානයි, මොකද ඇය ක්‍රිස්තුස්වහන්සේ වෙතට ප්‍රාණයන් රැසක් ගෙන ආවා.

අපේ එක් සංවාදයකදී මම ඇයගෙන් ඇසුවා, “ඔබේ රහස කුමක්ද? ඔබ සුභාරංචිය අන් අය සමග බෙදාගන්නේ කොහොමද? ”

ඇය මට මෙහෙම කිව්වා, “ඒක හරිම සරලයි. මම මගේ නිවසින් පිටවීමට පෙර සෑම දිනකම, යම් කෙනෙකුගේ ජීවිතයේ සුභාරංචිය අවශ්‍ය නම් මාව යොමුකරන ලෙස, ස්වර්ගයේ සිටින අපගේ පියාණන්ට යාච්ඤා කරනවා. මම සමහර වෙලාවට ඔවුන් සමඟ බෙදාගැනීමට මෝර්මොන්ගේ පොතක් හෝ ධර්මදුතයින්ගෙන් ලැබුණු කාඩ්පත් රැගෙන යනවා - මම යමෙකු සමග කතා කිරීමට පටන් ගත් විට, ඔවුන් සභාව ගැන අසා ඇත්දැයි මම ඔවුන්ගෙන් සරලව අසනවා.”

සුසානා තවත් මෙහෙම කිව්වා, “මම දුම්රිය එනතුරු බලා සිටින අතරතුර තවත් විටෙක මම සිනාසෙනවා. දිනක් මිනිසෙක් මා දෙස බලා මෙහෙම ඇහුවා, ‘ඔබ සිනාසෙන්නේ කුමක් ගැනද?’ ඔහුට මාව අසුවුණා.

‘මම හිනාවෙන්නෙ මම සතුටින් නිසා!’ මම පිළිතුරු දුන්නා.

‘ඔයා මොනා ගැනද ඔච්චර සතුටු වෙන්නෙ?’ ඊලඟට ඔහු ඇහුවා.

මම මෙහෙම පිළිතුරු දුන්නා ‘මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයින්ගෙන් යුත් සභාවේ සාමාජිකාවක්, ඒ ගැන මට සතුටුයි. ඔයා ඒක ගැන අහලා තියෙනවද?”’

නෑ කියා ඔහු පිළිතුරු දුන්විට, ඇය ඔහුට කාඩ්පතක් ලබාදීලා ඊලඟ ඉරිදා සභාවේ සේවයට සහභාගී වෙන්නට ඔහුට ආරාධනා කළා. ඊලඟ ඉරිදා, ඇය ඔහුට දොර අසලදී සුභ පැතුවා.

සභාපති ඩාලින් එච්. ඕක්ස් මෙසේ ඉගැන්වූවා:

“සුභාරංචිය බෙදාගැනීම සඳහා සියලුම සාමාජිකයින්ට කළ හැකි කරුණු තුනක් තිබෙනවා. …

පළමුව, ගැළවීමේ කාර්යයේ මෙම වැදගත් කොටස සඳහා උපකාර කිරීමට අප සැමට යාච්ඤා කළ හැකිය. …

දෙවනුව, අපට අණ පණත් තබාගත හැකියි. … යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පිහිටවූ සුභාරංචිය බෙදාගැනීමේ ශ්‍රේෂ්ට කාර්යයට සහභාගී වීමට උත්සාහ කරන විට ඔවුන්ට මගපෙන්වීම සඳහා විශ්වාසවන්ත සාමාජිකයන්ට ගැලවුම්කරුවාණන්ගේ ආත්මය … ඔවුන් සමග නිතරම සිටී.

තෙවනුව, අපට කළ හැකි දේ පිළිබඳව දේවානුභාවයෙන් ඉල්ලා යාච්ඤා කළ හැකිය… සුභාරංචිය අන් අය සමඟ බෙදාගැනීමට… [සහ] [අපට] ලැබෙන ආනුභාවයෙන් ක්‍රියා කිරීමට කැපවීමෙන් යාච්ඤා කරන්න.”3

සහෝදරවරුනි, සහෝදරියනි, දරුවනි සහ තරුණයිනි, අපට මගේ මිතුරා සුසානා මෙන් වී අන් අය සමඟ සුභාරංචිය බෙදාගත හැකිද? අපගේ ඇදහිල්ලේ නැති මිතුරෙකුට ඉරිදා අප සමග සභාවට පැමිණෙන ලෙස ආරාධනා කළ හැකිද? නැත්නම් අපට මෝර්මොන්ගේ පොතේ පිටපතක් ඥාතියෙකු හෝ මිතුරෙකු සමග බෙදාගත හැකිද? පවුලේ සෙවුමෙන් ඔවුන්ගේ මුතුන් මිත්තන් සොයාගැනීමට අන් අයට උදව් කිරීමට හෝ එන්න, මා අනුගමනය කරන්න අධ්‍යනය කිරීම තුලින් අප සතියේ ඉගෙනගත් දේ අන් අය සමඟ බෙදාගැනීමට අපට හැකිද? අපට අපගේ ගැළවුම්කාරයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ හා සමාන විය හැකිද සහ අපගේ ජීවිත වලට ප්‍රීතිය ගෙන දෙන දේ අන් අය සමඟ බෙදාගත හැකිද? මෙම සෑම ප්‍රශ්ණයකටම පිළිතුර ඔව්! අපිට එය කරන්න පුළුවන්!

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ සාමාජිකයන්ව “මනුෂ්‍යයන්ගේ ආත්ම ගැලවීම උදෙසා උන්වහන්සේගේ මිදිවත්තේ වැඩ කිරීමට” යවා ඇති බව ශුද්ධලියවිල්ලෙහි අපට කියවීමට තිබේ.දහම සහ ගිවිසුම 138:56 මෙම ගැලවීමේ කාර්යයට සාමාජික ධර්මදූත සේවය, හැරුණු අය රඳවා තබාගැනීම, අඩු ක්‍රියාකාරී සාමාජිකයන් සක්‍රීය කිරීම, දේවමාළිගා හා පවුල් ඉතිහාස කටයුතු සහ සුභාරංචිය ඉගැන්වීම ඇතුළත් වේ.”4

මාගේ ආදරණීය මිත්‍රවරුනි, ස්වාමින්වහන්සේ අපව ඊශ්‍රායලය එක්රැස් කිරීම සඳහා අවශ්‍යයි. උන්වහස්නේ අපට දහම සහ ගිවිසුමෙහි මෙසේ පොරොන්දු වී තිබෙනවා, “ඔබ කියන දේ කල්තියා නොසිතන්න. නමුත් ජීවිතයේ වචන නිරතුරුවම ඔබේ මනසෙහි තැන්පත් කරන්න. එම කොටස සෑම මිනිසෙකුටම හිමිවන පැයේදීම ඔබට දෙනු ලැබේ.”5

ඊට අමතරව, උන්වහන්සේ අපට මෙසේ පොරොන්දු වී ඇත:

“එසේ නම්, ඔබ මේ සෙනඟට පසුතැවිලි වෙන්නට ඔබේ මුළු දවසම වෙහෙස මහන්සිවී වැඩ කර, මට එක ආත්මයක් ගෙන එන්නේ නම්, මාගේ පියාණන්ගේ රාජ්‍යයේදී ඔහු සමඟ ඔබ ප්‍රීතිවන්නේ කෙසේ වන්නේද!

“දැන්, ඔබ මාගේ පියාණන්ගේ රාජ්‍යයට මා ගෙනා එක් ආත්මයකින් ඔබගේ ප්‍රීතිය මහත් නම්, ඔබ බොහෝ ආත්මයන් මා වෙතට ගෙන ආවොත් ඔබේ ප්‍රීතිය කොතරම්ද!”6

මා ආරම්භ කළ ප්‍රාථමික ගීතය මෙම ගැඹුරු ප්‍රකාශය සමඟ අවසන් වෙනවා:

ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේව මම විශ්වාස කරනවා.

මම උන්වහන්සේගේ නාමයට ගරුකරනවා.

මම නිවැරදි දේ කරනවා;

මම උන්වහන්සේගේ ආලෝකය අනුගමනය කරනවා.

උන්වහන්සේගේ සත්‍යය මම ප්‍රකාශ කරනවා.7

මෙම වචන සත්‍ය බවත්, අපගේ ජීවිත හා අප අවට සිටින අයගේ ජීවිත වලට ආශිර්වාද කිරීම සඳහා අප උන්වහන්සේ වෙතට හැරෙන තෙක් බලා සිටින ස්වර්ගයේ අපට ප්‍රේමණීය පියෙකු සිටින බවත් මම සාක්ෂි දරනවා. අපගේ සහෝදර සහෝදරියන්ව ක්‍රිස්තුස්වහන්සේ වෙතට ගෙන ඒමට අපට ආශාවක් ලැබේවා යන්න මගේ යාච්ඤාවයි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. “The Church of Jesus Christ,” Children’s Songbook, 77.

  2. Preach My Gospel: A Guide to Missionary Service, rev. ed. (2018), 48.

  3. Dallin H. Oaks, “Sharing the Restored Gospel,” Liahona, Nov. 2016, 58.

  4. Handbook 2: Administering the Church, 5.0, ChurchofJesusChrist.org; see also L. Whitney Clayton, “The Work of Salvation: Then and Now,” Liahona, Sept. 2014, 23.

  5. දහම සහ ගිවිසුම 84:85.

  6. (දහම සහ ගිවිසුම 18:15–16).

  7. “The Church of Jesus Christ,” 77.