ඔබේ ජීවිතයට අරමුණක් සහ අර්ථයක් ඇත

පොළොවේ ජීවය අහම්බෙන් ඇති වූවක් නොවේ. ඔබ දෙවියන්වහන්සේගේ දරුවෙක් වන අතර ඔබ මෙහි සිටින්නේ උන්වහන්සේගේ ප්‍රීතිය පිළිබඳ සැලැස්මේ කොටසක් ලෙසයි.
මේ විශාල සැලැස්මට මා ගැළපෙන්නේ කොතැනින් ද?

ඔබ මෙහි සිටින්නේ හේතුවක් ඇතුවයි

ඔබ මෙහි සිටින්නේ මන්දැයි ඔබ කවදා හෝ කල්පනා කර තිබේ ද?

පොළොව මැවීමට පෙර සිටම අප සෑම කෙනෙකුම සිටි බවත්, අපි දෙවියන්වහන්සේගේ දරුවන් ලෙස ආත්ම ස්වරූපයෙන් ජීවත් වූ බවත් අපි විශ්වාස කරන්නෙමු. අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ අප සෑම කෙනෙකුවම මෙහි එව්වේ අපට ශරීරයක් ලබාගෙන, ඉගෙනගෙන එමෙන්ම උන්වහන්සේ හා සමාන වී වර්ධනය වීමට ය. අපි දෙවියන්වහන්සේගේ සැලැස්ම අනුගමනය කරන විට, අපට උන්වහන්සේගේ අභිමුඛයේ ජීවත් වීමට නැවත යා හැකි ය.

ඔබ සරලව පවතිනවාට වඩා විශාල අරමුණක් ඔබට ඇති බව, ඔබට කවදා හෝ හැඟී ගොස් තිබේ නම්, ඔබ හරි. දෙවියන්වහන්සේ වෙත හැරීමෙන් ඔබට ඔබේ අරමුණ සොයාගත හැකි ය.
A mother stands and comforts her son in their home

ඔබ සතුටින් සිටිනවාට දෙවියන්වහන්සේ කැමතියි

දෙවියන්වහන්සේගේ ආඥා පිළිපදින සහ ක්‍රිස්තුස්වහන්සේගේ සභාවට බව්තීස්ම වන අයට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය මගින් සාමය, ශක්තිය සහ ප්‍රීතිය පොරොන්දු වනු ලැබේ.
ආදම් වැටුනේ මිනිසුන් පවතිනු පිණිසය, තවද මනුෂ්‍යයන් පැවතෙන්නේ එනම් ප්‍රීතිය තිබෙනු පිණිස ය
නමුත් ජීවිතය මෙතරම් අරගලවලින් පිරී ඇති විට ප්‍රීතිය අපගේ අරමුණ වන්නේ කෙසේ ද? පිළිතුර තමයි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් අපට අපගේ දුකේදී සැනසීම ලබා ගත හැකි අතර දුෂ්කරතා තුළින් ශක්තිමත් විය හැකි ය. මේ පොළොවේ භුක්ති විඳීමට ඇති බොහෝ සුන්දර දේවල් සඳහා අපට කෘතඥතාව පළ කළ හැකි ය. බයිබලයේ උන්වහන්සේ ඉගැන්වූ මූලධර්ම වන අනුකම්පාව, සේවය, සමාව දීම සහ ප්‍රේමය අනුගමනය කිරීමෙන් අපට අප ආදරය කරන අය සමඟ සබඳතා වැඩිදියුණු කරගත හැකි ය.

ගැලවුම්කරුවෙකු ලබා දීමෙන්, දෙවියන්වහන්සේ උන්වහන්සේගේ සියලු දරුවන්ට ප්‍රීතිය සොයා ගැනීමට මාර්ගයක් නිර්මාණය කළ සේක.
South Africa.  Braai (or barbecue).  Two women standing outside near a gate.

ජීවිතය යනු ඉගෙන ගැනීමට සහ වර්ධනය වීමට කාලයකි

දුෂ්කර කාලවල් හරහා යන විට, ඔබ වෙනුවෙන් දෙවියන්වහන්සේගේ සැලැස්ම ඔබගේ ලෞකික ජීවිතයෙන් ඔබ්බට විහිදෙන බව මතක තබා ගැනීම උපකාරී වේ. ඔබ උන්වහන්සේව අනුගමනය කිරීමට ඔබේ උපරිමය කරන විට, ඔබ අත්විඳින සෑම දෙයක්ම යම් දිනක යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් යහපත් කරනු ලැබේ. බයිබලයේ මෙසේ පොරොන්දු වේ “උන්වහන්සේ ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන සේක; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය” (එළිදරව්ව 21:4).
An elderly man stands outside in Brazil while his wife kisses his cheek.
දෙවියන්වහන්සේගේ සැලැස්මට අනුව, අප මුහුණ දෙන පරීක්ෂාවන් අපගේ ප්‍රයෝජනය සහ වර්ධනය සඳහා විය හැකි බැවින් ජීවිතයට වේදනාකාරී අත්දැකීම් ඇතුළත් වේ. මෙම අරගල අපට පහත සඳහන් ගුණාංග ලබා ගැනීමට උපකාරී වේ:
  • ශක්තිය. ශාරීරික ව්‍යායාම මගින් අපව ශාරීරිකව ශක්තිමත් කළ හැකි සේම, අපගේ ජීවිත කාලය පුරාම අප මුහුණ දෙන අභියෝගවලට අපව අධ්‍යාත්මිකව, මානසිකව සහ චිත්තවේගීයව ශක්තිමත් කළ හැකි ය. මෙම ශක්තිය අපට ජීවිතයේ කුණාටු වලට ඔරොත්තු දීමට උපකාරී වේ.
  • සංවේදනය. ඔබ අභියෝග හරහා යන විට, ඔබේ සංවේදනය වර්ධනය වේ. ඒ හා සමාන තත්වයන් යටතේ සිටින අන් අයට උපකාර කිරීමට ඔබ ඔබේ අත්දැකීම් භාවිත කරන විට, ඔබ පොළොවේ දෙවියන්වහන්සේගේ කාර්යය කිරීමට උදව් කරයි.
  • ඉවසීම. අන් අයගේ ක්‍රියාවන් ඇතුළුව බොහෝ දේ අපගේ පාලනයෙන් තොර වූ විට, අපට “ස්වාමින්වහන්සේ කෙරෙහි බලා සිටිය හැකි ය” (ගීතාවලිය 27:14). අසාධාරණ ලෙස අප විඳින ඕනෑම දෙයක් අවසානයේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් යහපත් කරනු ලබන බව අපට විශ්වාස කළ හැකි ය.

ඔබට වෙනස් විය හැකි ය

Young women in Thailand pick berries off a bush.  They are laughing and enjoying themselves.
ඔබ වැරදි කරන බවත් දුක සහ පාපය ජය ගැනීමට උපකාර අවශ්‍ය බවත් දෙවියන්වහන්සේ සැමවිටම දැන සිටි සේක. දෙවියන්වහන්සේගේ සැලැස්මේ කොටසක් ලෙස, ඔබ වෙනුවෙන් සහ මෙතෙක් ජීවත් වූ සෑම පුද්ගලයෙකු වෙනුවෙන්ම දුක් විඳ මිය යාමට උන්වහන්සේ ගැලවුම්කරුවෙකු සහ මිදුම්කරුවෙකු වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේව ලබා දුන් සේක. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පරිත්‍යාගය නිසා, ඔබට සමාව සහ සුවය සොයාගත හැකි ය.

ගැලවුම්කරුවාණන්ගේ උපකාරයෙන්, ඔබව පසුපසට ඇද දැමූ පාපය, දුර්වලතා, නරක පුරුදු සහ ඇබ්බැහිවීම් අභිබවා ඔබට ජයගත හැකි ය. ඔබ පෙරට වඩා පරිත්‍යාගශීලී, සමාව දෙන, නිහතමානී සහ ඉවසිලිවන්ත විය හැකි ය. ඔබ වඩ වඩාත් ක්‍රිස්තුස්වහන්සේ හා සමාන වන විට, දෙවියන්වහන්සේ සමඟ ජීවත් වීමට නැවත පැමිණීමේ මාවතේ ඉදිරියට යාමට ඔබට වැඩි ආශාවක් ඇති වේ.

දෙවියන්වහන්සේගේ සැලැස්ම ගැන තව දැනගන්න

දෙවියන්වහන්සේට ඔබ වෙනුවෙන් සැලැස්මක් ඇත. ජීවිතයේ අරමුණ ගැන ධර්මදූතයින් සමඟ අන්තර්ජාලය ඔස්සේ හෝ පෞද්ගලිකව ඉගෙන ගන්න.
ධර්මදූතයන් සමඟ සම්බන්ධ වන්න