ශුද්ධලියවිලි
අනු ලිපිය 3


ආබ්‍රහම්ගේ පොතේ අනු පිටපතක්

අං. 3

රූපය
අනු පිටපත 3

පැහැදිලි කිරීමක්

1 වෙනි රූපය ආබ්‍රහම් පාරාවෝගේ සිංහාසනයේ, රජතුමාගේ ආචාරශීලීත්වය මත, තම හිසේ ඔටුන්නක්ද ඇතිව, පූජකවරය නියෝජනය කරමින්, ස්වර්ගයේ විශිෂ්ඨ සභාපතිත්වය සංකේතමත් කිරීමක් ලෙස හිඳගෙන සිටියි; ඔහුගේ හස්තයේ සාධාරණත්වයේ විනිශ්චයේ ආධිපත්‍යය තිබෙන්නේය.

2 වෙනි රූපය පාරාවෝ රජතුමා, ඔහුගේ නමේ අකුරු හිසට ඉහළින් දී ඇත.

3 වෙනි රූපය ආබ්‍රහම් මිසරයේ සිටීම පෙන්වයි, එසේම මෙය රූප 10 අනු ලිපිය අං. 1 තුළින්ද ලබාදී ඇත.

4 වෙනි රූපය පාරාවෝගේ කුමාරයා, මිසරයේ රජතුමා, හස්තයේ ඉහළින් ලියා ඇත.

5 වෙනි රූපය ෂුලෙම්, රජතුමාගේ එක් ප්‍රධාන ආහාර සපයන්නෙකි, ඔහුගේ හස්තයේ ඉහළ අක්ෂර මගින් එය නියෝජනය වෙයි.

6 වෙනි රූපය ඔලිම්ලා, කුමාරයාට අයත් වහලෙකි.

ආබ්‍රහම් තාරකා ශාස්ත්‍රයේ මූලධර්ම මත, රජ මාළිගය තුළ තර්ක කරයි.