2010–2019
කලබල නොවන්න
ඔක්තෝම්බර් 2018


කලබල නොවන්න

සහෝදර, සහෝදරියනි, හදවතට ගන්න. ඔව්, අප ජීවත් වන්නේ පීඩාකාරී කාලවලයි, නමුත් අප ගිවිසුම් මාර්ගයෙහි රැඳී සිටින්නෙමු, අප බිය විය යුතු නැත.

මා එකතු කරනවා මාගේ සාක්ෂිය, සභාපති රසල් එම්. නෙල්සන් හා වැඩිහිටි ක්වින්ටින් එල්. කුක් දැන් විනාඩි කිහිපයකට පෙර පළමු සභාපතීත්වයේ හා ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ඝණපූර්ණයේ සමගිය හා ඒකමතිකත්වය කියු ජීවිතයට. මෙම එළිදරව්කාරී නිවේදන ස්වාමින්වහන්සේගේ අධිෂ්ඨානය තුළින්, අපගේ පවුල ශක්තිමත් කිරීමට, අපට ආශිර්වාද ලබාදෙන්නට හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයින්ගෙන් යුත් සභාවේ මතු පරම්පරාවට ආශිර්වාද ලබාදීම සඳහා පවසන වදන් බවට මා දන්නවා.

අවුරුදු කීහිපයකට පෙර මාගේ එක් තරුණ විවාහක දියණියක් හා ඇයගේ ස්වාමිපුරුෂයා, මගෙන් හා රස්බැන්ඩ් සොයුරියගෙන් ජීවිතය සම්බන්ධ වැදගත් ප්‍රශ්නයක් ඇසුවා. “අපි ජීවත්වන මෙම නපුරු, භයානක ලෝකයට දරුවන් ගෙන ඒම සුදුසුද?”

දැන් එය, තරුණ විවාහක දරුවන් ඉන්න දෙමව්පිය යුවලකට සැලකිය යුතු ප්‍රශ්ණයක්. ඔහුගේ හඬේ, හදවතෙහි ඇති බිය අපට දැණුනා. අපි ස්ථිර පිළිතුරක් ලබා දුන්නා. “ඕව් ඒකට කොහෙත්ම ගැටලුවක් නෑ.” ශුභාරංචියේ මූලික ඉගැන්වීමක් සමඟ හදවතින්ම අපි ඒ පිළිබඳ සිතන දේත්, ජීවිත අත්දැකීම් බෙදා ගත්තා.

බිය කියන්නේ අළුත් දෙයක් නොවේ. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන් ගලීල මුහුදේ දී අඳුරු රාත්‍රියේ සුලඟට හා මහා රැල්ලට බය වුණා.1 වර්තමානයේ උන්වහන්සේගේ ගෝලයන් ලෙස අපටත් බය දැනෙනවා. අපගේ තරුණ තනිකඩයන් බයයි බැඳීම්, පොරොන්දුවලට විවාහ වෙනවා වගේ දෙයකට, තරුණ විවාහක යුවලන්, අපගේ දරුවන් වගේ, බයයි මෙම නපුරු භයානක ලෝකයට දරුවන් ගෙනෙන්නට. ධර්මදූතවරුන් ගොඩක් දේවල් වලට බයයි විශේෂයෙන්ම නාඳුනන පුද්ගලයෙකු සමඟ ප්‍රවේශ වීමට. වැන්දඹුවන් බයයි ඉදිරියේ තනි ගමනට, ගැටවරයන් බයයි ඔවුන් පිළිගන්නේ නැතිවෙයි කියා. පාසල් යන දරුවන් පාසලේ පළමු දවසට බයයි, විශ්වවිද්‍යාල සිසුන් බයයි, විභාගවලට, අපි සැම බයයි අසමත් වීමට, ප්‍රතික්ෂේප වීමට, කලකිරීමට, නාඳුනන දෙයකට. අපි බයයි භූමි කම්පා, සුලිකුණාටු වලට අපගේ ඉඩම් හා ජීවිතය ගිලගන්න ගින්දරට, අපිට බයයි අපිව තෝරා නොගැනීමට, ඒ වගේම බයයි අපිව තෝරාගත් විට, අපි බයයි අපි හොඳ මදිද කියා. අපි බයයි ස්වාමීන්වහන්සේට අපට දෙන්න ආශිර්වාද නැතැයි කියලා, අපි වෙනසට බයයි. අපගේ භීතියන් ක්‍රමයෙන් ත්‍රාසය දක්වාම වර්ධනය වන්නට පුළුවන්. මා හැමෝවම මෙයට ඇතුළත් කළා ද?

අතීතයේ පටන්ම බිය නිසා, දෙවියන්වහන්සේගේ දරුවන්ගේ දෘෂ්ටිකෝණය සීමා වී තිබෙනවා. මා ඉතාමත්ම ප්‍රිය කරන වාර්ථාවක් තමා රාජාවලිය 2 ඇති එලීෂාගේ කතාව. “සිරියානු රජතුමා මහා සේනාවක් එව්වා රාත්‍රියට පැමිණ නගරය වටලන්නට.”2 ඔවුන්ගේ චේතනාව වූයේ දිවැසිවර එලීෂාව අල්ලා මරා දැමීමට. අපි මෙසේ කියවනවා;

දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාගේ සේවකයා අලුත්ම නැගිට පිටතට ගිය කල, හමුදාවක්, අශ්වයන් හා රථ ඇතිව නුවර වටේට සිටිනු දුටුවේය. එවිට ඔහු, “අහෝ! ස්වාමීනි, අපි කුමක් කරමු දැ”යි? ඔහුගෙන් ඇසීය.3

ඒ කතාකරන්නේ බිය.

ඔහු ද කතා කොට, “බිය නොවන්න, මන්ද, ඔවුන් සමඟ සිටින අයට වඩා අප සමඟ සිටින අය බොහෝය”යි කීවේය.4

එ්ත් ඔහු එතනින් නැවතුනේ නෑ.

එවිට එලීෂා යාච්ඤා කොට, සමිදාණන් වහන්ස, ඔහුට පෙනෙන පිණිස ඔහුගේ ඇස්, පැහැදුව මැනවැ”යි කීය. සමිදාණන් වහන්සේ සේවකයාගේ ඇස් පැහැදූ සේක. එවිට එලීෂා වටේට ගිනි අශ්වයන්ගෙන් ද ගිනි රථවලින් ද කන්ද පිරී තිබෙන බව ඔහු දුටුවේය.5

අපගේ භීතියන් පලවාහරින්නට හෝ අපගේ රාක්ෂයෙන් යටත් කරගැනීමට අපට ගිනි දැල්වෙන වාහන තිබෙන්නට හෝ නොතිබෙන්නට පුළුවන්. එහෙත් පාඩම පැහැදිලියි. ස්වාමීන්වහන්සේ අප සමඟයි. උන්වහන්සේ අපව දන්නවා හා අපට ආශීර්වාද ලබා දෙන සේක. උන්වහන්සේට පමණක් ඒවා අපට ලබාදිය හැකි වනසේක. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ හා උන්වහන්සේගේ කැපකිරීම මාධ්‍යගත කරගන්නට අවශ්‍ය ශක්තිය හා එළිදරව්ව ලබාදෙන්න යාච්ඤාව අපට උදව් වෙනවා. ස්වාමීන්වහන්සේ දැන සිටියා විටෙක අපට බිය දැනෙන බව. එය මම අත්දැක තිබෙනවා, ඔබ අත්දැක තිබෙනවා, එම නිසා තමා ශුද්ධ ලියවිලිවලින් ස්වාමීන්වහන්සේගේ උපදේශයන් පරිපූර්ණ වන්නේ:

“ප්‍රීතිමත් වන්න, බිය නොවන්න.”6

“සෑම සිතුවිල්ලකදීම මා දෙස බලන්න; “පැකිලෙන්න හෝ බිය නොවන්න.”7

“කුඩා රැළ, බිය නොවන්න.”8 මා හරි කැමතියි එහි මෘදුභාවයට “පුංචි රැළ” ලෝකයේ මිනුම් බලපෑමෙන් අපගේ සභාවේ සාමාජිකයන් සංඛ්‍යාව කුඩා වෙන්න පුළුවන්, එහෙත් අපි ශුද්ධාත්මික දෑස් විවෘත කරන විට “ඔවුන් සමග ඉන්නා ඔවුන්ට වඩා අප සමග ඉන්නා ඔවුන් වැඩිය.”9 අපගේ ආදරණීය එඩේරා වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පවසනවා, “ඔබට විරුද්ධව පොළවටත් අපායටත් එකතුවන්නට ඉඩදෙන්න, කිමද ඔබ ඉදි වී ඇත්තේ මාගේ පර්වතය මත නම් ඔවුන්ට දිනිය නොහැකියි.”10

බිය පලවා හරින්නේ කෙසේද? පිරිමි ළමයා, ඔහු සිටගෙන සිටියේ දෙවියන්වහන්සේගේ දිවැසිවරයෙකු වන, එලීෂා අසලින්මය. අපට එම පොරොන්දුව කීවේ, අපි සභාපති රසල් එම්. නෙල්සන්ට සවන් දෙන විට, ඔහුගේ උපදෙස් වලට ඇහුම්කන් දෙන විට, අප ස්ථාවර වන්නේ දෙවියන්වහන්සේගේ දිවැසිවරයෙකු සමඟයි. මතක තබාගන්න ජෝසෆ් ස්මිත්ගේ වචන “මේ, සෑම සාක්ෂියක්ම ඇසු අපට දෙන අන්තිම සාක්ෂියයි මෙයයි, ඒ උන්වහන්සේ ජීවමානයි”11 ක්‍රිස්තුස්වහන්සේ ජීවමානයි. උන්වහන්සේට අපේ ඇති ප්‍රේමය හා ශුභාරංචියේ ඇති ප්‍රේමය බිය පහ කරයි.

“උන්වහන්සේගේ ශුද්ධාත්මය සෑම විට අප සමඟ රදවාගෙන තබා ගැනීමේ”12 ආශාව, භීතිය ඈත්කර සදාතනික දෘෂ්ටිකෝණයකින් අපගේ මානුෂික ජීවිතය දෙස බැලීමට ඉඩ සකසයි. සභාපති නෙල්සන් අපට අවධාරණය කරනවා. ඉදිරි කාලවලදී, ශුද්ධාත්ම ජීවිතය ගෙවන්නට දුෂ්කර වෙයි නිසි නියමුවෙක්, නිර්දේශ කරන්නෙකු, සහන සපයන්නෙකු හා නිතර බලපෑම් කරන ශුද්ධාත්මයක් නොමැතිව.”13

ස්වාමීන්වහන්සේ පවසනවා, දේශයට පැමිණෙන මහත් පීඩා හා එයින් බොහෝ දෙනෙක්ගේ සිත් දැඩිවීම් වැඩිවීම පිළිබඳව. “මාගේ ගෝලයන් ශුද්ධ වූ ස්ථානවල රැදෙන්නේ, එයින් නොසැල් වී සිටිනු පිණිසය.”14

පසුව මෙම දිව්‍යමය උපදේශය “වෙහෙසකාරී නොවන්න, කිමද, මේ සියල්ල පසු වූ පසු ඔබට දුන් පොරොන්දු පරිපූර්ණ වූ බව ඔබ දැන දැනගනීවි”15

ශුද්ධ වූ ස්ථානවල ස්ථානගත වෙන්න. වෙහෙසකාරී නොවන්න, පොරොන්දු පරිපූර්ණ වේවි. මේ සියල්ල එකිනෙක ගෙන අපගේ බිය හා සම්බන්ධ කර ගනිමු.

මුලින්ම, ශුද්ධ වූ ස්ථානවල ස්ථානගත වීම. අප ශුද්ධස්ථානව සිටින විට අපගේ ධර්මිෂ්ඨ නිවාස, අපගේ කැපවූ සභා, අභිෂේකලත් දේවස්ථාන, අපට දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මය දැනේවි. අප තුළ, අපට සිත්තැවුල් ඇති කරණ ප්‍රශ්ණවලට පිළිතුරු ලැබේවි. මෙය වන්නේ ශුද්ධව ක්‍රියාකාරීවන විටයි. මේ පොළොව මත ඇති පූජනීය ස්ථාන තිබෙන්නේ අපට නමස්කාර කිරීමට අනෙක් අය කෙරෙහි අපිට ඇති ගෞරවයට, ශුද්ධාත්මයන් ජීවත්වන අපගේ ජීවිතයේ උපරිමයටම හා අපගේ බලාපොරොත්තු අප භීතිය, පසෙකලා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දි ගෙවීම හරහා අපිට සුවය ලැබීම තුළින්.

උන්වහන්සේගේ දරුවන්ගේ හදවත් තුල හෝ, දෙවියන්වහන්සේගේ මේ ශුද්ධ ස්ථානයන්වල භිතියට ඉඩක් නැත. මක්නිසාද? ප්‍රේමය නිසා. සැමවිට - දෙවියන්වහන්සේ අපට ප්‍රේම කරන සේක - සහ අපි උන්වහන්සේට ප්‍රේම කරමු. දෙවියන්වහන්සේ කෙරෙහි ඇති අප ප්‍රේමය සියලු බිය නැති කරයි. උන්වහන්සේගේ ප්‍රේමය අතිශයින්ම ශුද්ධ ස්ථානවල රඳා පවතී. ඒ පිලිබදව සිතන්න. අපේ ස්වාමියාට අපේ කැපවීම තුළ අප අස්ථීර වන විට, සදාකාලිකත්වයට යන උන්වහන්සේගේ මාවතින් අප ඉවත් වනවිට, අප උන්වහන්සේගේ දිව්‍යමය නිර්මාණයන් තුළ අපගේ වැදගත්කම විමසා බලන විට හෝ අප සැක කරනවිට, භීතියට එහි සියලු සහකාරයන් -අධෛර්යය කිරීම, කෝපය, කලකිරීම, බලාපොරොත්තු සුන්වීමට දොර විවර කරන්න අප ඉඩ දෙනවිට - ආත්මයාණන් අප අතහැරදමයි, සහ ස්වාමින්වහන්සේ අපට නැතිවී යයි. ඔබ දන්නවනම් එය මොනවගේද යන වග, ඔබ දන්නවා එය ඉන්න හොද තැනක් නොවන බව. ඊට වෙනස්ව, අප ශුද්ධ ස්ථානවල සිටිනා විට දෙවිපියාණන්වහන්සේගේ ප්‍රේමය දැනේ, සහ “පරිපුර්ණ ප්‍රේමය සියලු බිය ඉවත දමති.”16

ඊලඟ පොරොන්දුව, “වෙහෙසකාරී නොවන්න” 17 පොළොවෙහි කෙතරම් නපුරුකම් වුවත්, කෝලහාල වුවත්, අපිට පොරොන්දුවක් ලබා දී තිබෙනවා. සෑම දිනකම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි විශ්වාසවන්තව සිටීම තුළින්, එනම් “දෙවියන්වහන්සේගේ සාමය සියලු තේරුම්ගැනීමක්ම අභිබවා යයි.”18 සභ ක්‍රිස්තුස්වහන්සේ නැවත පැමිණෙන කල සියලු බලයන් හා මහිමයන්, නපුරු, අයුක්තිය, කැරලි සියල්ල නිම වෙයි.

බොහෝ කලකට පෙර අපෝස්තුලු පාවුලු ආනාවරණය කරනවා අපගේ කාලය පිළිබඳව, තරුණ තිමොතිට මෙසේ පවසමින්:

“අප දැනගනීවි, අවසන් කාලය ලගාවන විට එය උපද්‍රව වලින් පිරී එකක් වේවි.

“ඒ කාලයේ දී මිනිස්සු ආත්මාර්ථකාමී, මිල මුදලට ආලය කරන, පුරසාරම් දොඩන, අහංකාර, දේව අපහාස කරන, දෙමව්පියන්ට අකීකරු, කෙළෙහිගුණ නොසලකන, අධර්මිෂ්ට, …

“......ද්‍රෝහී, හිතුවක්කාර, හිස උදුම්මාගත්, දෙවියන්වහන්සේට ප්‍රේම කරනවාට වඩා විනෝදයට ඇලුම් වූ අය වන්නෝය.”19

මතක තබා ගන්න. “ඔවුන්ව අප සමඟ සිටින.”20 තිරයෙන් එහා පැත්තෙහි හා මෙහා පැත්තේ එනම් දෙවියන්වහන්සේට තම හදවතෙන්, ක්‍රියාවෙන්, මනසෙන් හා ශක්තියෙන් ප්‍රේම කරන අය. අපි ක්‍රීයාකාරීවම ස්වාමීන්වහන්සේව හා උන්වහන්සේගේ මාර්ගය විශ්වාසවන්තව, උන්වහන්සේගේ කාර්යයන් උනන්දුව කළ විට, අප ලෝකයේ ප්‍රවණතාවයන්ට බිය නොවෙයි. එමෙන්ම කරදරද නොවෙයි. මා ඔබලාගෙන් ඉල්ලා සිටිනවා, ලෞකික අනුබල හා පීඩන පසෙකලා ඔබගේ ජීවිතයේ ශුද්ධාත්මයාණන්ට ඉඩ ලබා දෙන්න, සොයන්න. ස්වාමීන්වහන්සේ ප්‍රේම කරන දෙයට ප්‍රේම කරන්න. එයට උන්වහන්සේගේ අණ පනත්, ශුද්ධ නිවාස, උන්වහන්සේ සමඟ අපගේ පූජනීය පොරොන්දු, ඉරුදින සක්‍රමේන්තුව, යාච්ඤාව, ඇතුළත් වෙනවා. ඔබට කිසිදු බියක් නොවේවි.

අවසාන කරුණ, දෙවියන්වහන්සේ හා උන්වහන්සේගේ පොරොන්දු කෙරෙහි ඇති විශ්වාසය. මම දන්නවා උන්වහන්සේ සියලු පොරොන්දුවක්ම පරිපූර්ණ කරන බව. මම එය ස්ථිරවම දන්නවා මා මේ පූජනීය සම්මන්ත්‍රණයේ ඔබ ඉදිරිපිට සිටිනා කළ.

ස්වාමීන්වහන්සේ අනාවරණය කරන සේක, “සත්‍ය හෙලිදරව් කරගත් ඥාණවන්ත අය, එනම් ශුද්ධාත්මයාණන් තම මාර්ගෝපදේශකයා කරගනිමින්, නොරැවටී සිටී ඔබට මම ඒකාන්තයෙන් කියමි, ඔවුන් ගින්නට පත්වන්නේ නැත, එහෙත් දිවා කාලය පවතින්නේය.”21

මේ නිසයි අපි අද දිනය ගැන කරදර විය යුතු නැත්තේ, ඉමහත් සුවිශාල ගොඩනැගිලිවල සිටිනා ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේට කරන්නට දරන සේවය හෝ අපගේ කැපවීම පිළිබඳ සමච්චල් කරන අයව ශුභවාදී වීම, ධෛර්යය සහ දයානුකම්පාව එන්නේ කරදර කණස්සල්ලක් නොමැති හදවතකින්, සභාපති නෙල්සන් එනම්, “සුභවාදීම අනාගතය ලෙස බලන” අපට මතක් කර දෙනවා. සත්‍යට ප්‍රහාර දෙන දර්ශනවාදී හඬවල් බොහෝමයක් අතර ඉදිරියට එන්නට අපගේ බලාපොරොත්තු තිබෙනවා නම්, අප ඉගෙනගන්නට ඕනේ අණාවරණය කිරීම් ලබාගැනීමට.”22

පෞද්ගලික එළිදරව් කිරීම් ලබාගැනීමට අපි ප්‍රමුඛතා පෙළගැස්විය යුතුයි, එනම් ශුභාරංචියේ ජීවිතයක් ගත කිරීම, හා අනෙක් අයටත් ශුද්ධාත්මිකව, හා විශ්වාසවන්තව, තමන් මෙන් සිටීමට දිරිය දීමෙන්.

ස්පෙන්සර් ඩබ්. කිම්බල් කියන්නේ මගේ තරුණ කාලයේ සිටි දිවැසිවරයෙක්. මේ පසු ගිය වසර කිහිපයේ අපෝස්තුළුවරයෙකු ලෙස කැඳවීම ලැබු පසු, 1943 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණයේ ඔහුගේ ප්‍රථම පණිවිඩය නිසා මට සාමය දැනුනා. ඔහුගේ කැඳවීමෙන් ඔහු සම්පූර්ණයෙන් පිරී සිටියා. මම දන්නවා එය කොයි වාගේ හැඟීමක්ද කියලා වැඩිහිටි කිම්බල් පැවසුවා “මම නිරාහාරව යාච්ඤා කළා, මම ගොඩක් සිතුවා සහ යාච්ඤා කලා. පරස්පර විරෝදී සිතිවිළි මනස ට නැගුනා - හඬවල් ඇසුනා” මේ කාර්යය ඔබට කරන්න බැහැ. ඔබ සුදුසු නැහැ. ඔබට හැකියාව නැහැ - සහ සැමවිට විජයග්‍රාහී සිතිවිලි අවසානයේ පැමිණියා: “ඔබව හැකියි, යෝග්‍ය හා සුදුසු බවට පත්කරන්න - ඔබට පැවරුණු දේ කරන්න . ඉන්පසුව, සටන පටන් ගත්තා.”23

මෙම අපෝස්තුළුවරයාගේ සුපුරුදු සාක්ෂිය මාගේ හදවතට දැණුනා, ඔහු පසුව මෙම ශක්තිමත් සභාවේ 12 වන සභාපතිවරයා බවට පත්වුණා. ඔහු හඳුනාගත්තා, ඔහුගේ බිය පසෙකලා ඔහු පැවරුණු වැඩ කොටස කළ යුතු බවට, ඔහුට ස්වාමීන්වහන්සේගේ ශක්තිය මත යැපෙන්නට වන බවට ඔහුට දක්ෂ, සුදුසු, අසීමිත වීමට නම්, අපට එය කළ හැකියි. සටන පටන් ගැනීමේ එහෙත් ශුද්ධාත්මයාණන් සමඟ අපි එයට මුහුණ දෙමු. අපි කරදර නොවෙමු. කිමද, අපි ස්වාමීන්වහන්සේ හා උන්වහන්සේගේ මූලධර්ම හා සදාතනික සැලැස්ම සමඟ ස්ථානගත වන විට, අප ස්ථානගතව සිටින්නේ ශුද්ධ ස්ථානයකයි.

දැන් වසර ගණනකට පෙර, එම හදවතින්ම හැඟුණු බිය හා මුසුව ප්‍රශ්ණය ඇසූ මගේ දුවට හා බෑණාට මොකක්ද වුණේ? අපේ සංවාදය ඔවුන් සිතට ගත්තා, ඔවුන් නිරාහාරව යාච්ඤා කර ඔවුන්ගේම තීරණයකට ආවා. සතුටින්, ප්‍රීතිමත්ව ඔවුන්ට දරුවන් සත් දෙනෙකුන් ලැබීමට ආශිර්වාද ලැබුවා. ඔවුන් ආදරෙන් හා විශ්වාසයෙන් ඉදිරියට යනවා.

රූපය
වැඩිහිටි රස්බැන්ඩ් සහ එම සහෝදරියගේ මුණුබුරු මිණිබිරියන් සත්දෙනා

හදවතටම ගන්න සහෝදර, සහෝදරියනී, ඔව්, අප ජීවත් වන්නේ උපද්‍රව වලින් පිරුණු කාලයක. එහෙත් අපි පොරොන්දු වූ පාරේ ගමන් ගත් විට අප බිය විය යුතු නෑ. මා ආශිර්වාද කරනවා ඔබට එසේ කරනවා නම් ඔබට කරදර නොවේවි කිනම් කාලයක සිටියත් අපට හමුවන බාධක වලින්. මා ඔබව ආශිර්වාද කරනවා ශුද්ධ වූ ස්ථානවල ස්ථානගත වීම තෝරාගන්නට. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පොරොන්දු විශ්වාස කරන ලෙසටත් උන්වහන්සේ ජීවමාන බවත්, උන්වහන්සේගේ අපදෙස බලා සිටිනා බවත්, අප අසලම සිට ආරක්ෂා කරන බවත්, ස්වාමීන්වු අපගේ ගැලවුම්කරුවන්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් ආමෙන්.