යෞවනයින්ගේ ශක්තිය සඳහා
2. පූජකවරයේ නැවත පිහිටුවීම ගැන තවත් දැනගන්න
යෞවනයේ ශක්තිය සඳහා 2026 සැප්තැම්බර්


යෞවනයේ ශක්තිය සඳහා මාසික පණිවිඩය, 2026 සැප්තැම්බර්

දෙවන ඉරිදා

2. පූජකවරයේ නැවත පිහිටුවීම ගැන තවත් දැනගන්න

මෝසෙස්, එලියාස් සහ එලියා කර්ට්ලන්ඩ් දේවමාළිගාවේ පෙනී සිටිති

යේසුස්වහන්සේගේ අලුත් ගිවිසුමේ ප්‍රේරිතවරුන් මිය ගිය පසු, පූජකවරය—දෙවියන්වහන්සේගේ බලය සහ අධිකාරිය—පොළොවෙන් නැති වී ගියේය. 1800 ගණන්වල මුල් භාගයේ දී, දෙවියන්වහන්සේ පූජකවරය නැවත පිහිටුවීමට හෝ නැවත ගෙන ඒමට ස්වර්ගික පණිවිඩකරුවන් යැවූ සේක. පූජකවර අධිකාරිය සහ එහි නියෝග තුළින්, දෙවියන්වහන්සේගේ බලයට වැඩි ප්‍රවේශයක් නැවත වරක් අප සැමට ලබා ගත හැකිය.

ඔබට උත්සාහ කළ හැකි ප්‍රශ්න සහ ඉගෙනුම් ක්‍රියාකාරකම් කිහිපයක් මෙන්න:

  • ආරෝනික පූජකවරය තුළින් ගැලවුම්කරුවාණන් අපට ආශිර්වාද කරන්නේ කෙසේ ද?

    දහම සහ ගිවිසුම් 13:1 සහ 107:20 කියවන්න. යොහන් බව්තීස්ත අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් සහ ඔලිවර් කවුඩ්‍රිට නැවත ලබා දුන් අයිතිවාසිකම් සහ අධිකාරිය කුමක් ද? ආරෝනික පූජකවරය තුළින් දෙවියන්වහන්සේ දෙන ආශිර්වාද විස්තර කරන වචන ලියන්න.

  • මෙල්කිසදෙක් පූජකවරය තුළින් ගැලවුම්කරුවාණන් අපට ආශීර්වාද කරන්නේ කෙසේ ද?

    පේත්‍රැස්, යාකොබ් සහ යොහන් ජෝසෆ් සහ ඔලිවර්ට මෙල්කිසදෙක් පූජකවරය නැවත ලබා දුන්හ. දහම සහ ගිවිසුම් 107:18–19 කියවා මෙල්කිසදෙක් පූජකවරය හරහා ඔබට ප්‍රවේශ විය හැකි “සභාවේ අධ්‍යාත්මික ආශිර්වාද” කිහිපයක් ලැයිස්තුගත කරන්න.

  • දෙවියන්වහන්සේ තම දරුවන් සමඟ පූජකවර බලය බෙදා ගන්නේ ඇයි?

    බව්තීස්මය, සක්‍රමේන්තුව සහ දේවමාළිගා නියෝග වැනි—පූජකවර නියෝග හරහා—“දේවභක්තියේ බලය ප්‍රකාශ වේ” (බලන්න දහම සහ ගිවිසුම් 84:20–21). පූජකවරයේ නියෝග නිසා ඔබේ ජීවිතයේ දෙවියන්වහන්සේගේ බලය ඔබ දැක ඇති ආකාරය ගැන එකිනෙකා සමඟ කතා කරන්න. මෙම නියෝග නොතිබුනේ නම් ඔබේ ජීවිතය කෙබඳු වනු ඇත් ද?

  • පූජකවරය නැවත පිහිටුවේ නැතිනම් ඔබේ ජීවිතය කෙසේ වෙනස් වේ ද?