2022
ඔබට උන්වහන්සේව ඇසෙන්නේ කෙසේද?
2022 මාර්තු


“ඔබට උන්වහන්සේව ඇසෙන්නේ කෙසේද?,” යෞවනයින්ගේ ශක්තිය සඳහා, මාර්. 2022.

යෞවනයින්ගේ ශක්තිය සඳහා මාසික පණිවිඩය, 2022 මාර්තු

ඔබට උන්වහන්සේව ඇසෙන්නේ කෙසේද

රූපය
ප්‍රහේලිකා කැබලි
රූපය
ප්‍රහේලිකා කැබලි හැඩ නැතිවූ පුද්ගලයින්

නිදර්ශන ඔස්කානා ග්‍රීවියානා විසිනි

ශුද්ධාත්මයාණන්ගෙන් අපට ලැබෙන සාමකාමී මගපෙන්වීම සමග වරින් වර, උන්වහන්සේ අපව දන්නා බවත් අපට ප්‍රේම කරන බවත්, දෙවියන්වහන්සේ අප සෑම කෙනෙකුටම බලවත්ව හා පෞද්ගලිකව සහතික වෙනවා. එවිට, අපගේ දුෂ්කර අවස්ථාවන්හිදී, ගැලවුම්කරුවාණන් මෙම අත්දැකීම් අපගේ මනසට ගෙන එනවා.

ඔබේම ජීවිතය ගැන සිතන්න. මෙම අත්දැකීම් අපගේ ජීවිතයේ තීරණාත්මක අවස්ථාවන්හිදී හෝ මුලදී නොගැලපෙන සිදුවීම් ලෙස අපට පෙනෙන අවස්ථා වලදී පැමිණෙන්නට පුළුවන්. මෙම අධ්‍යාත්මික වශයෙන් නිර්වචනය වන අවස්ථා විවිධ කාල වලදී සහ විවිධාකාරයෙන් අප සෑමකෙනෙකුටම පුද්ගලීකරණය වී පැමිණ තිබෙනවා.

අපට සමහරවිට “හදිසියේම අදහස් පහරවල්” සහ ඉඳහිට බුද්ධියේ පිරිසිඳු ප්‍රවාහය ලැබෙන බව ජෝසෆ් ස්මිත් පැහැදිලි කළා.1

සභාපති ඩැලන් එච්. ඕක්ස්, එවැනි අත්දැකීමක් කිසිදිනෙක නොලැබූ බව ප්‍රකාශ කළ අවංක මිනිසෙකුට ප්‍රතිචාර දක්වමින්, මෙසේ උපදෙස් දුන්නා, “සමහරවිට ඔබේ යාච්ඤා වලට නැවත නැවතත් පිළිතුරු ලැබී ඇති නමුත්, ඔබේ අපේක්ෂාවන් ශ්‍රේෂ්ඨ ලකුණක් හෝ හඬක් මත තබා තිබෙනවා, ඒ නිසා ඔබට පිළිතුරක් නැතැයි ඔබ සිතනවා.”2

සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ පැවසීම අපට මෑතකදී අසන්නට ලැබුණා: “මෙම ප්‍රධාන ප්‍රශ්නය ගැන ගැඹුරින් සිතා බැලීමට මම ඔබට ආරාධනා කරනවා: ඔබට උන්වහන්සේව ඇසෙන්නේ කෙසේද? උන්වහන්සේට වඩා හොඳින් හා නිතර නිතර සවන්දීමට පියවර ගන්නා ලෙස මම ඔබට ආරාධනා කරනවා.”3