අත්පොත් සහ කැඳවීම්
31. සාමාජිකයින් සමඟ පවත්වන සම්මුඛ සාකච්ඡා සහ වෙනත් රැස්වීම්


“31. සාමාජිකයින් සමඟ පවත්වන සම්මුඛ සාකච්ඡා සහ වෙනත් රැස්වීම්,” ප්‍රධාන අත්පොතෙන් තෝරාගත් කොටස් (2023).

“31. සාමාජිකයින් සමඟ පවත්වන සම්මුඛ සාකච්ඡා සහ වෙනත් රැස්වීම්,” ප්‍රධාන අත්පොතෙන් තෝරාගත් කොටස්

රූපය
පිරිමින් අතට අත දෙමින්

31.

සාමාජිකයින් සමඟ පවත්වන සම්මුඛ සාකච්ඡා සහ වෙනත් රැස්වීම්

31.0

හැඳින්වීම

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ බොහෝ විට අනෙක් අයට එක් එක්කෙනාට බැගින් සේවය කළේය (උදාහරණයක් ලෙස බලන්න, යොහන් 4:5–26; 3 නෙපී 17:21). උන්වහන්සේ දෙවියන්වහන්සේගේ සෑම දරුවෙකුටම ආදරෙයි. උන්වහන්සේ ඔවුන් එක් එක්කෙනාට උදව් කරයි.

මෙම පරිච්ඡේදය, එක් එක් සාමාජිකයාව හමුවීමට අවස්ථාව ඇති සියලුම නායකයින්ට උපකාරයක් විය හැකිය.

31.1

මාර්ගෝපදේශ මූලධර්ම

31.1.1

අධ්‍යාත්මිකව සූදානම් වීම

යාච්ඤාව, ශුද්ධලියවිලි අධ්‍යයනය සහ ධර්මිෂ්ඨ ජීවිතය තුළින් අධ්‍යාත්මිකව ඔබව සූදානම් කරන්න. ශුද්ධාත්මයාණන්ගේ හඬට සවන් දෙන්න.

31.1.2

දෙවියන්වහන්සේගේ ආදරය දැනීමට සාමාජිකයාට උපකාර කිරීම

සාමාජිකයින් සම්මුඛ සාකච්ඡාවක් සඳහා හෝ පුද්ගලික අභියෝගයක් හේතුවෙන් උපකාර සඳහා ඔබ වෙත පැමිණෙන විට, බොහෝ විට ඔවුන්ට වඩාත්ම අවශ්‍ය වන්නේ ස්වර්ගික පියාණන්වහන්සේ ඔවුන්ට ප්‍රේම කරන බව දැනගැනීමයි.

ශුද්ධලියවිලි සහ පසුදවස්වල අනාගතවක්තෘවරුන්ගේ වචන ආත්මයාණන්ට ආරාධනා කර පිවිතුරු දහම උගන්වයි. හෙළා දැකීමට, බල කිරීමට හෝ බිය ඇති කිරීමට නොව, ඔවුන්ට දේවානුභාවයක් සහ දිරිගැන්වීමක් ලබාදීම සඳහා ඒවා භාවිතා කරන්න (බලන්න ලූක් 9:56).

31.1.3

ගැලවුම්කරුවාණන්ගේ බලය මත රැඳීමට සාමාජිකයාට උපකාර කිරීම

උන්වහන්සේ වෙත හැරීමට සාමාජිකයන්ව දිරිමත් කරන්න. ශක්තිමත් වීමට, සැනසීමට සහ මිදීමට උන්වහන්සේගේ බලය ලබා ගැනීමට ඔවුන්ට උපකාර කරන්න.

31.1.4

සාමාජිකයාට සුවපහසුව සහ ආරක්ෂිතව සිටීමට උපකාර කිරීම

සම්මුඛ සාකච්ඡාවකදී හෝ රැස්වීමකදී තවත් අයෙකුට සහභාගී වීමට ඉඩදීමේ විකල්පය සෑම විටම සාමාජිකයාට ලබා දෙන්න. විරුද්ධ ස්ත්‍රි පුරුෂ භාවයේ සාමාජිකයෙකු, දරුවෙකු හෝ යෞවනයෙකු හමුවීමේදී, දෙමාපියන් හෝ වෙනත් වැඩිහිටියෙකු සිටින බවට වග බලා ගන්න. ඔබ හමුවන සාමාජිකයාගේ මනාපයන් අනුව ඔහුට හෝ ඇයට රැස්වීමට සම්බන්ධ වීමට හෝ කාමරයෙන් පිටත රැඳී සිටීමට හැකිය.

සාමාජිකයා අවසර ලබා දෙන්නේ නම් මිස—ඔබේ සහකරු හෝ සහකාරිය හෝ වෙනත් සභා නායකයන් ඇතුළුව කිසිවෙකු සමඟ රහස්‍ය තොරතුරු බෙදා නොගන්න.

31.1.5

පොළඹවන සුළු ප්‍රශ්න ඇසීම සහ උවමනාවෙන් සවන්දීම

සාමාජිකයෙකු හමුවීමේදී, ඔහුගේ හෝ ඇයගේ තත්වය තේරුම් ගැනීමට උපකාර වන ප්‍රශ්න අසන්න.

එම සාමාජිකයා කතා කරන අතරතුර හොඳින් සහ අවධානයෙන් සවන් දෙන්න.

31.1.6

ස්වාධීනත්වය දිරිමත් කිරීම

සාමාජිකයින්ට ඔබ දක්වන ආදරය නිසා, ඔවුන්ගේ ගැටළු වලට වහාම විසඳුම් ඉදිරිපත් කිරීමට ඔබට අවශ්‍ය විය හැකිය. කෙසේ වෙතත්, ඔවුන්ගේම විසඳුම් සොයා ගැනීමට සහ ඔවුන්ගේම තීරණ ගැනීමට උපකාර කිරීමෙන් ඔබ ඔවුන්ට තවත් ආශිර්වාද කරනු ඇත (බලන්න දහම සහ ගිවිසුම් 9:8).

31.1.7

පසුතැවිලි වීමට දරන උත්සාහයන්ට සහාය වීම

පුද්ගලයෙකුට බරපතල පාප විසඳා ගැනීමට උපකාර කළ හැක්කේ සභානායකවරයාට හෝ ස්ටේක සභාපතිවරයාට පමණි. මේවායින් සමහරක් 32.6 හි ලැයිස්තුගත කර ඇත. සාමාජිකයා මෙම පාපයන්ගෙන් කිසිවක් කර ඇත්නම්, ඔහු හෝ ඇය වහාම සභානායකවරයා හෝ ස්ටේක සභාපතිවරයා හමුවිය යුතුය.

31.1.8

අපයෝජනයට සුදුසු ලෙස ප්‍රතිචාර දැක්වීම

අපයෝජනය කිසිම ආකාරයකින් ඉවසිය නොහැක. අපයෝජන වාර්තා බැරෑරුම් ලෙස සලකන්න. යමෙකු අපයෝජනයට ලක්ව ඇති බව ඔබ දැන ගන්නේ නම්, එම අපයෝජනය සිවිල් බලධාරීන්ට වාර්තා කර සභානායකවරයාගෙන් උපදෙස් ලබාගන්න. අපයෝජන වාර්තා කිරීම සහ ඒවාට ප්‍රතිචාර දැක්වීම සඳහා මාර්ගෝපදේශ 38.6.2 හි සපයා ඇත.

31.2

සම්මුඛ සාකච්ඡා

31.2.1

සම්මුඛ සාකච්ඡා වල අරමුණු

පොදුවේ ගත් කල, සභාවේ නායකයින් විසින් සාමාජිකයින් සමඟ සම්මුඛ සාකච්ඡා පවත්වන්නේ පහත කාරණා සඳහාය:

  • ඔවුන් නියෝගයක් ලැබීමට හෝ එයට සහභාගී වීමට සූදානම් දැයි බැලීමට.

  • ඔවුන්ව සභාවේ තනතුරකට කැඳවිය යුතු විට.

31.2.2

සම්මුඛ සාකච්ඡා වර්ග

සම්මුඛ සාකච්ඡාව පැවැත්විය හැක්කේ කාටද?

සම්මුඛ සාකච්ඡාවේ අරමුණ

සම්මුඛ සාකච්ඡාව පැවැත්විය හැක්කේ කාටද?

සභානායකවරයා පමණි

සම්මුඛ සාකච්ඡාවේ අරමුණ

  • ඔහුගේ හෝ ඇයගේම බලයෙන් සැරසීමක් ලබන හෝ කලත්‍රයෙකුට මුද්‍රා වන සාමාජිකයෙකුට දේවමාළිගා නිර්දේශයක් නිකුත් කිරීම (බලන්න 26.3.1).

  • අලුතින් හැරුණු අයෙකුට දේවමාළිගා නිර්දේශයක් නිකුත් කිරීම (බලන්න 26.4.2).

  • අලුතින් හැරුණු පිරිමි පුද්ගලයෙකුව ආරෝනික පූජකවරයේ තත්වයකට නියම කිරීම.

  • තරුණයෙකුව හෝ පිරිමි පුද්ගලයෙකුව පූජක තත්වයට නියම කිරීම (බලන්න 18.10.2).

  • පිරිමි පුද්ගලයෙකුව වැඩිහිටියෙකු හෝ උත්තම පූජකයෙකු ලෙස නියම කිරීම (බලන්න 31.2.6). මෙම සම්මුඛ සාකච්ඡාව පැවැත්වීමට ස්ටේක සභාපතිත්වයෙන් අනුමැතිය අවශ්‍ය වේ.

  • පූර්ණ කාලීන ධර්මදූතවරයෙකු ලෙස සේවය කිරීමට සාමාජිකයෙකුව නිර්දේශ කිරීම (බලන්න 24.4.2).

  • කොට්ඨාශ සංවිධාන සභාපතිවරයෙකු ලෙස සේවය කිරීමට සාමාජිකයෙකුව කැඳවීම.

  • පූජක ගණපූරණයේ සහායකයෙකු ලෙස සේවය කිරීමට පූජකයෙකුව කැඳවීම.

  • බරපතල පාපයක් ගැන පසුතැවිලි වීමට සාමාජිකයෙකුට උදව් කිරීම (32 වෙනි පරිච්ඡේදය බලන්න).

  • Perpetual Education Fund (නිත්‍ය අධ්‍යාපන අරමුදල් ණයක්) ලබා ගැනීමට සාමාජිකයෙකුට අනුමැතිය ලබාදීම.

  • සාමාජිකයෙකුට දසයෙන් කොටස ගෙවන්නෙකු ලෙස ඔහුගේ හෝ ඇයගේ තත්ත්වය ප්‍රකාශ කිරීමට ඉඩදීම (බලන්න 34.3.1.2).

  • නිරාහාර පිදුම් අරමුදල් භාවිතයට අවසර දීම (බලන්න 22.6.1).

සම්මුඛ සාකච්ඡාව පැවැත්විය හැක්කේ කාටද?

සභානායකවරයා හෝ ඔහු පත් කරන උපදේශකයෙක්

සම්මුඛ සාකච්ඡාවේ අරමුණ

  • දේවමාළිගා නිර්දේශයක් අලුත් කිරීම (බලන්න 26.3.1).

  • නියෝජිත බව්තීස්ම සහ ස්ථිර කිරීම් සඳහා සහභාගී වීමට දේවමාළිගා නිර්දේශයක් නිකුත් කිරීම (බලන්න 26.4.3).

  • දෙමාපියන්ට මුද්‍රා වීමට හෝ සහෝදර සහෝදරියන් දෙමාපියන්ට මුද්‍රා වීම නැරඹීමට දේවමාළිගා නිර්දේශයක් නිකුත් කිරීම (බලන්න 26.4.4).

  • 30.8 හි දක්වා ඇති පරිදි කොට්ඨාශයක සේවය කිරීමට සාමාජිකයෙකුව කැඳවීම.

  • වාර්තා කර ඇති සාමාජිකයෙකු හෝ සභාවේ සාමාජිකයෙකු වන දෙමාපියෙකු හෝ භාරකරුවෙකු සිටින 8-හැවිරිදි දරුවෙකුගේ බව්තීස්මය සහ ස්ථිර කිරීම සඳහා අවසර දීම (බලන්න 31.2.3.1).

  • තරුණ පිරිමි ළමයෙකුව උපස්ථායක හෝ ගුරුවර තත්වයකට නියම කිරීමට අවසර දීම (බලන්න 18.10.2).

  • ආදිපීතෘ ආශිර්වාද නිර්දේශයක් නිකුත් කිරීම (බලන්න 18.17).

  • පූජකවරය දරන්නෙකුට දේවමාළිගා නිර්දේශයක් නොමැති නම්, ඔහුට වෙනත් කොට්ඨාශයක පූජකවර නියෝගයක් කිරීමට අවසර දීම. (බලන්න, නියෝගයක් ඉටුකිරීම සඳහා නිර්දේශ පෝරමය.)

31.2.3

බව්තීස්ම කිරීම සහ ස්ථිර කිරීම සඳහා සම්මුඛ සාකච්ඡා

31.2.3.1

වාර්තා වී ඇති සාමාජිකයින් වන දරුවන්

වයස අවුරුදු 8 ක් වන වාර්තා වී ඇති සාමාජිකයන්ව බව්තීස්ම කිරීමට ඔහුගේ කොට්ඨාශය සඳහා යතුරු දරන්නේ සභානායකවරයායි. මේ හේතුව නිසා, ඔහු හෝ පවරා ඇති උපදේශකයෙකු බව්තීස්ම කිරීම සඳහා පහත සඳහන් පුද්ගලයින් සමඟ සම්මුඛ සාකච්ඡා පවත්වයි:

  • වාර්තා වී ඇති සාමාජිකයන් වන වයස අවුරුදු 8 ළමයින්.

  • වාර්තා වී නැති සාමාජිකයන් නමුත්, සාමාජික දෙමාපියෙකු හෝ භාරකරුවෙකු සිටින වයස අවුරුදු 8 ළමයින්.

  • බුද්ධිමය ආබාධ හේතුවෙන් බව්තීස්ම වීම ප්‍රමාද වූ වාර්තාවේ ඇතුළත් වයස අවුරුදු 9 සහ ඊට වැඩි සාමාජිකයින්.

සම්මුඛ සාකච්ඡාවේදී, සභානායකත්වයේ සාමාජිකයා විසින් බව්තීස්මයේ අරමුණු දරුවාට අවබෝධ වන බව සහතික කරගනියි (බලන්න 2 නෙපී 31:5–20). දරුවා බව්තීස්ම ගිවිසුම තේරුම් ගෙන ඒ අනුව ජීවත් වීමට කැපවී සිටින බව ඔහු සහතික කරගනියි (බලන්න මොසායා 18:8–10). ඔහු නිශ්චිත ප්‍රශ්න ලැයිස්තුවක් භාවිතා කිරීම අවශ්‍ය නැත. “කුඩා දරුවන්ට පසුතැවිල්ලක් අවශ්‍ය නොවන” නිසා මෙය සුදුසු බව සහතික කරගන්නා සම්මුඛ සාකච්ඡාවක් නොවේ (මොරෝනි 8:11).

31.2.3.2

ආගමට හැරුණු පුද්ගලයින්

ආගමට හැරුණු පුද්ගලයින්ව බව්තීස්ම කිරීම සඳහා පූජකවර යතුරු දරන්නේ ධර්මදූත සභාපතිවරයා ය. මේ හේතුව නිසා, පූර්ණ කාලීන ධර්මදූතයෙකු විසින් සම්මුඛ සාකච්ඡා කරනු ලබන්නේ:

  • කිසි දිනෙක බව්තීස්ම වී ස්ථිර කර නොමැති වයස අවුරුදු 9 සහ ඊට වැඩි පුද්ගලයින් සමඟ. බුද්ධිමය ආබාධ සහිත අය වෙනුවෙන් ඇති ව්‍යතිරේකයන් සඳහා 31.2.3.1 බලන්න.

  • දෙමාපියන් සභාවේ සාමාජිකයන් නොවන වයස අවුරුදු 8 සහ ඊට වැඩි දරුවන් සමඟ.

  • බව්තීස්ම වී තහවුරු කළ දෙමාපියෙකු සිටින වයස අවුරුදු 8 සහ ඊට වැඩි දරුවන් සමඟ.

31.2.4

ආරෝනික පූජකවරයේ තත්වයකට නියම කිරීම සඳහා සම්මුඛ සාකච්ඡා

වැඩි විස්තර සඳහා, බලන්න 18.10.2.

31.2.5

දේවමාළිගා නිර්දේශ සඳහා සම්මුඛ සාකච්ඡා

දේවමාළිගාව ස්වාමින්වහන්සේගේ නිවසයි. දේවමාළිගාවට ඇතුළුවීම සහ නියෝග වලට සහභාගී වීම පූජනීය වරප්‍රසාදයකි. මෙම වරප්‍රසාදය බලයලත් පූජක නායකයන් විසින් තීරණය කරනු ලබන පරිදි, අධ්‍යාත්මිකව සූදානම්ව සිටින සහ ස්වාමින්වහන්සේගේ ප්‍රමිතිවලට අනුව ජීවත්වීමට වෙර දරන අය සඳහා වෙන් කර ඇත.

මෙම තීරණය ගැනීමට, පූජක නායකයින් LCR හි ප්‍රශ්න භාවිතා කරමින් සාමාජිකයා සමඟ සම්මුඛ සාකච්ඡාවක් පවත්වයි (26.3 හි මාර්ගෝපදේශ ද බලන්න).

31.2.6

මෙල්කිසදෙක් පූජකවරයේ තත්වයකට නියම කිරීම සඳහා සම්මුඛ පරීක්ෂණ

මෙල්කිසදෙක් පූජකවරය ප්‍රදානය කිරීම සඳහා පූජකත්ව යතුරු දරන්නේ ස්ටේක සභාපතිවරයාය. වැඩිහිටි හා උත්තම පූජක තත්වයන්ට නියම කිරීම සඳහා යතුරු දරන්නේද ඔහුය.

ස්ටේක සභාපතිත්වයේ අනුමැතිය ඇතිව, සභානායකවරයා විසින් Melchizedek Priesthood Ordination Record (මෙල්කිසදෙක් පූජකවරයට නියම කිරීමේ වාර්තාවේ) හි සපයා ඇති ප්‍රශ්න භාවිතා කරමින් එම සාමාජිකයා සමඟ සම්මුඛ සාකච්ඡාවක් පවත්වයි.

31.3

සාමාජිකයින්ව හමුවීමට නායකයින්ට ඇති වෙනත් අවස්ථා

  • සාමාජිකයින්ට අධ්‍යාත්මික මගපෙන්වීමක් අවශ්‍ය වූ විට හෝ බරපතළ පෞද්ගලික ගැටලු ඇති විට ඔවුන්ට සභා නායකයෙකුව හමුවීමට ඉල්ලා සිටිය හැකිය.

  • සභානායකවරයා හෝ ඔහු පවරන කෙනෙකු ලෞකික අවශ්‍යතා ඇති සාමාජිකයන්ව හමුවෙයි (බලන්න 22.6).

  • 11 හැවිරිදි දරුවෙකු ප්‍රාථමිකයේ සිට උපස්ථායක ගණපූරණයට හෝ තරුණ ගැහැණ ළමුන්ගේ පන්තියට මාරු වන විට සභානායකත්වයේ සාමාජිකයෙකු ඔහු හෝ ඇය සමඟ හමුවෙයි.

31.3.1

යෞවනයින්ව හමුවීම

සභානායකවරයා හෝ ඔහුගේ උපදේශකයෙකු සෑම යෞවනයෙකුවම වසරකට දෙවරක් හමුවෙයි. සෑම වසරකම අවම වශයෙන් මෙම රැස්වීම්වලින් එකක්වත් සභානායකවරයා සමඟ පැවැත්විය යුතුය. එම යෞවනයා වයස අවුරුදු 16 වන වසර ආරම්භයේ සිට, වසර තුළ පවත්වන රැස්වීම් දෙකම හැකි නම් සභානායකවරයා සමඟ විය යුතුය.

තරුණ ගැහැණු ළමුන්ගේ සභාපතිනියට ද සෑම තරුණ ගැහැණු ළමයෙකුටම දේවසේවය කිරීමේ වගකීමක් ඇත. තරුණ ගැහැණු ළමුන් එක් එක්කෙනාව හමුවීමෙන් (හෝ තවත් වැඩිහිටියෙකු සමඟ) ඇයට මෙය කළ හැකිය.

31.3.1.2

සාකච්ඡා කළ යුතු මාතෘකා

යෞවනයන් සමඟ හමුවීමේ ප්‍රධාන අරමුණ වන්නේ ස්වර්ගික පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ගොඩනැගීම සහ උන්වහන්සේලාව අනුගමනය කිරීමට යෞවනයින්ට උපකාර කිරීමයි. මෙම රැස්වීම් උසස් අධ්‍යාත්මික අත්දැකීම් විය යුතුය.

31.3.2

තනි තරුණ වැඩිහිටියන්ව හමුවීම

සභානායකවරයා තම කොට්ඨාශයේ සිටින තනි තරුණ වැඩිහිටියන්ගේ අධ්‍යාත්මික ප්‍රගතියට ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දෙයි. ඔහු හෝ පවරා ඇති උපදේශකයෙකු අවම වශයෙන් වසරකට වරක්වත් සෑම තනි තරුණ වැඩිහිටියෙකුවම හමුවෙයි.

31.3.3

සාමාජිකයින්ගේ කැඳවීම් සහ වගකීම් පිළිබඳ සාකච්ඡා කිරීමට ඔවුන්ව හමුවීම

ස්ටේක සභාපතිත්වයන්, සභානායකත්වයන් සහ අනෙකුත් නායකයින් විසින්, සාමාජිකයින් ඔවුන්ගේ කැඳවීම් ගැන වාර්තා කරන අය සමඟ තනි තනිව හමුවෙයි.

එම නායකයා සාමාජිකයාගේ සේවය සඳහා කෘතඥතාව පළ කරන අතර දිරිගැන්වීමක් ලබා දෙයි.

31.3.6

වෘත්තීය උපදේශනය සහ චිකිත්සාව

සභා නායකයන්ව වෘත්තීය උපදේශකයන් වීමට හෝ චිකිත්සාව සැපයීමට කැඳවා නැත. ඔවුන් ලබා දෙන උපකාරය අධ්‍යාත්මික වන අතර, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශක්තිමත් කිරීමේ, සැනසීමේ, මිදීමේ බලය කෙරෙහි අවධානය යොමු කරයි. මෙම වැදගත් සහ ආනුභාව ලත් උපකාරයට අමතරව, සමහර සාමාජිකයින්ට එය ලබා ගැනීමට හැකි අවස්ථා වලදී වෘත්තීය උපදේශනයෙන් ප්‍රයෝජන ගත හැකිය.

31.4

අන්තර්ජාලය හරහා සාමාජිකයින්ව හමුවීම

සාමාන්‍යයෙන්, නායකයින් සම්මුඛ සාකච්ඡා සඳහා සහ අධ්‍යාත්මික උපකාර සහ දේවසේවය සැපයීම සඳහා සාමාජිකයන් සමඟ පුද්ගලිකව මුහුණට මුහුණ මුණගැසෙති. කෙසේ වෙතත්, ව්‍යතිරේකයක් ලෙස, ඔවුන්ට පුද්ගලිකව මුහුණට මුහුණ හමුවීම ප්‍රායෝගික නොවන විට අන්තර්ජාලය ඔස්සේ හමුවිය හැකිය.