අත්පොත් සහ කැඳවීම්
29. සභාවේ රැස්වීම්


“29. සභාවේ රැස්වීම්,” ප්‍රධාන අත්පොතෙන් තෝරාගත් කොටස් (2023)

“29. සභාවේ රැස්වීම්,” ප්‍රධාන අත්පොතෙන් තෝරාගත් කොටස්

රූපය
මව සහ දියණිය සක්‍රමේන්තු රැස්වීමකදී

29.

සභාවේ රැස්වීම්

29.0

හැඳින්වීම

පසුදවස්වල ශුද්ධවන්තයින් එකට එකතු වී නමස්කාර කිරීමට, එකිනෙකාව වැඩි දියුණු කිරීමට, සහ ශුභාරංචිය ඉගැන්වීමට සහ ඉගෙන ගැනීමට නිතර හමුවෙති (බලන්න ඇල්මා 6:6; මොරෝනි 6:5–6). ගැලවුම්කරුවාණන් මෙසේ පොරොන්දු වූවේය, “දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් හෝ මාගේ නාමයෙන් යම් තැනක රැස්ව සිටිත් නම් මම එතැන ඔවුන් මැද සිටිමි” (මතෙව් 18:20). එකට එකතු වී හමුවීම අපගේ හදවත් “එකමුතුවෙන් හා ප්‍රේමයෙන් එකට බැඳිය හැකි” එක් මාර්ගයකි (මොසායා 18:21).

කෙසේවෙතත්, රැස්වීමක් පැවැත්වීම මගින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කළාක් මෙන් සේවය කිරීම හා දේවසේවය කිරීම මග නොහැරිය යුතුය.

29.1

රැස්වීම් සැලසුම් කිරීම සහ මෙහෙයවීම

නායකයින් රැස්වීම් සැලසුම් කර පවත්වනු ලබන්නේ “දෙවියන්වහන්සේගේ ආඥාවන් සහ එළිදරව් වලට අනුව ශුද්ධාත්මයාණන්ගේ මගපෙන්වීම මගින් ය” (දහම සහ ගිවිසුම් 20:45; තවත් බලන්න මොරෝනි 6:9; දහම සහ ගිවිසුම් 46:2). ඔවුන් තම රැස්වීම්වලට ආත්මයාණන්ගේ බලපෑමට ආරාධනා කිරීමට මාර්ග සොයති.

රැස්වීම් ගණන සහ ඒවායෙහි දිග සාමාජිකයින්ට හෝ ඔවුන්ගේ පවුල්වලට බරක් ඇති නොකරන බවට නායකයින් සහතික කරති.

29.2

කොට්ඨාශ රැස්වීම්

29.2.1

සක්‍රමේන්තු රැස්වීම

29.2.1.1

සක්‍රමේන්තු රැස්වීම සැලසුම් කිරීම

සභානායකත්වය විසින් සක්‍රමේන්තු රැස්වීම සැලසුම් කර මෙහෙයවනු ලබයි. එම රැස්වීමේ අවධානය, සක්‍රමේන්තුව සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිල්ල ගොඩනැගීම කෙරෙහි යොමුවන බව ඔවුන් සහතික කරති.

සක්‍රමේන්තු රැස්වීම පැයක් පවතී. එයට පහත සඳහන් දෑ ඇතුළත් විය හැකිය:

  1. පූර්විකා සංගීතය (මාර්ගෝපදේශ සඳහා 19.3.2 බලන්න).

  2. සුභ පැතීම සහ සාදරයෙන් පිළිගැනීම.

  3. සංචාරය කරන මුලසුන දරන අධිකාරීවරුන්ව හෝ වෙනත් නායකයින්ව පිළිගැනීම.

  4. නිවේදන. මේවා අවම මට්ටමක තබා ගත යුතුය.

  5. ආරම්භක ගීතිකාව සහ යාච්ඤාව. බලන්න 19.3.2 සහ 29.6.

  6. පහත සඳහන් දෑ වැනි කොට්ඨාශ සහ ස්ටේක කටයුතු:

    • නිලධාරීන් සහ ගුරුවරුන්ව ස්ථිර කිරීම සහ නිදහස් කිරීම (බලන්න 30.3 සහ 30.6).

    • ආරෝනික පූජකත්වයේ කාර්යාලයකට නියම කිරීමට සහෝදරයන්ගේ නම් ඉදිරිපත් කිරීම (බලන්න 18.10.3).

    • මෑතදී හැරුණු අය ඇතුළුව නව කොට්ඨාශ සාමාජිකයින්ව හඳුනා ගැනීම.

  7. දරුවන්ට නම් තැබීම සහ ආශිර්වාද කිරීම (බලන්න 18.6). මෙය සාමාන්‍යයෙන් සිදු කරනු ලබන්නේ නිරාහාර සහ සාක්ෂි රැස්වීමකදීය (බලන්න 29.2.2).

  8. අලුතින් හැරී ආ අයව ස්ථිර කිරීම (බලන්න 18.8).

  9. සක්‍රමේන්තු ගීතිකාව සහ සක්‍රමේන්තුව පරිපාලනය. සක්‍රමේන්තුව යනු මෙම රැස්වීමේ ප්‍රධාන අවධානයයි. මෙම නියෝගය සාමාජිකයින්ට ඔවුන්ගේ සිතුවිලි ගැලවුම්කරුවාණන් සහ උන්වහන්සේ ඔවුන් වෙනුවෙන් කළ කැප කිරීම දෙසට යොමු කිරීමට අවස්ථාවකි.

    සක්‍රමේන්තුව සූදානම් කිරීම, ආශිර්වාද කිරීම සහ බෙදා දීම පිළිබඳ වැඩි විස්තර සඳහා, බලන්න 18.9.

  10. ශුභාරංචි පණිවිඩ සහ සභා ගායනය හෝ වෙනත් සංගීතය.

  11. අවසාන ගීතිකාව සහ යාච්ඤාව.

  12. පසු සංගීතය.

29.2.1.4

කථිකයන් තෝරා ගැනීම

සභානායකත්වය විසින් සක්‍රමේන්තු රැස්වීම සඳහා කථිකයන්ව තෝරා ගනු ලබයි. බොහෝ විට ඔවුන් යෞවනයින් ඇතුළු කොට්ඨාශ සාමාජිකයින්ට ආරාධනා කරයි.

කථිකයන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳව සාක්ෂි දරන අතර ශුද්ධලියවිලි භාවිතා කරමින් උන්වහන්සේගේ ශුභාරංචිය උගන්වයි (බලන්න දහම සහ ගිවිසුම් 42:12; 52:9).

29.2.2

නිරාහාර සහ සාක්ෂි රැස්වීම

නිරාහාර සහ සාක්ෂි රැස්වීමකදී, පවරන ලද කථිකයන් හෝ විශේෂ සංගීත තේරීම් නොමැත. ඒ වෙනුවට, මෙහෙයවන පුද්ගලයා කෙටි සාක්ෂියක් දරයි. ඉන්පසු ඔහු සභාවේ සාමාජිකයන්ට ඔවුන්ගේ සාක්ෂි දරන ලෙස ආරාධනා කරයි. සාක්ෂි දැරීම යන්නෙන් අදහස් කරන්නේ ශුද්ධාත්මයාණන්ගේ ආනුභාවයෙන් ශුභාරංචි සත්‍යයන් ප්‍රකාශ කිරීමයි.

29.2.3

කොට්ඨාශ සම්මන්ත්‍රණය

29.2.4

සභානායකත්ව රැස්වීම

සලකා බැලිය යුතු කරුණු සඳහා පහත ඒවා ඇතුළත් විය හැකිය:

  • කොට්ඨාශයේ ගැලවීමේ හා උත්කර්ෂවත් වීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම.

  • කොට්ඨාශයේ සිටින පුද්ගලයින් සහ පවුල්—විශේෂයෙන් යෞවනයින් සහ ළමුන්ව ශක්තිමත් කිරීම.

  • පූජකවර නියෝග ඇතුළුව, එම නියෝග ලබා ගැනීමට සූදානම් විය හැකි සාමාජිකයන්ව හඳුනා ගැනීම.

  • කොට්ඨාශ තනතුරු සඳහා කැඳවීමට සාමාජිකයින්ව හඳුනා ගැනීම.

29.2.5

කොට්ඨාශ මන්ත්‍රණ සභා රැස්වීම

සභානායකවරයා කොට්ඨාශ මන්ත්‍රණ සභා රැස්වීම් සැලසුම් කරයි, මුලසුන හොබවයි සහ මෙහෙයවයි. සභානායකවරයා නොමැතිව එම මන්ත්‍රණ සභාව ප්‍රධාන තීරණ නොගනියි.

කොට්ඨාශ සංවිධාන නායකයින් කොට්ඨාශ මන්ත්‍රණ සභා රැස්වීම් සඳහා අවස්ථා දෙකකින් සහභාගී වේ:

  1. සියලුම කොට්ඨාශ සාමාජිකයින්ට ආශිර්වාද කිරීමට උපකාර කරන කොට්ඨාශ සාමාජිකයින් ලෙස.

  2. ඔවුන්ගේ සංවිධානවල නියෝජිතයන් ලෙස.

ඔවුන් එකට එක් රැස් වූ විට, කොට්ඨාශ මන්ත්‍රණ සභා සාමාජිකයින් මුළු මන්ත්‍රණ සභාවේම ඒකාබද්ධ උත්සාහයෙන් ප්‍රයෝජන ගත හැකි කරුණු සාකච්ඡා කරති. මෙම කාරණා සම්බන්ධයෙන් ඔහුගේ හෝ ඇයගේ සිතුවිලි සහ ආනුභාවය බෙදා ගැනීමට සෑම මන්ත්‍රණ සභා සාමාජිකයෙකුවම දිරිමත් කරනු ලැබේ.

කොට්ඨාශ මන්ත්‍රණ සභා රැස්වීම් සාමාන්‍යයෙන් පැයකට වඩා වැඩි කාලයක් පවත්වන්නේ නැත. ඒවා යාච්ඤාවකින් සහ කලින් රැස්වීම්වල පැවරුම් පිළිබඳ කෙටි වාර්තාවක් සමඟ ආරම්භ කරනු ලබයි. සභානායකවරයා විසින් පුද්ගලයන්ට සහ පවුල්වලට ආශිර්වාද කිරීම සඳහා වැඩියෙන්ම අවශ්‍ය වන කරුණු සඳහා ප්‍රමුඛත්වය ලබා දෙයි.

  • යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය අනුව ජීවත්වීම. සියලුම සාමාජිකයින්ට ඇදහිල්ල ගොඩනගා ගැනීමට, ගැලවීමේ නියෝග ලබා ගැනීමට සහ ඔවුන්ගේ ගිවිසුම් පවත්වා ගැනීමට උපකාර කිරීම.

  • අවශ්‍යතා ඇති අයව රැකබලා ගැනීම. පුද්ගලයන්ට, පවුල්වලට සහ ප්‍රජාවට ආශිර්වාද කිරීම සඳහා සම්පත් සහ කුසලතා බෙදාගැනීම. කොට්ඨාශ සාමාජිකයින්ට ස්වාධීන වීමට උපකාර කිරීම. (බලන්න 22 වෙනි පරිච්ඡේදය.)

  • ශුභාරංචිය ලබාගැනීමට සැමට ආරාධනා කිරීම. ශුභාරංචිය ගැන ඉගෙන ගන්නා අයගේ මෙන්ම නව සහ නැවත පැමිණෙන සාමාජිකයින්ගේ ප්‍රගතිය සමාලෝචනය කිරීම. සාමාජිකයින්ට ශුභාරංචිය අන් අය සමඟ බෙදා ගත හැකි මාර්ග සාකච්ඡා කිරීම. (බලන්න 23 වෙනි පරිච්ඡේදය.)

  • සදාකාලය සඳහා පවුල් එකට එකතු කිරීම. දේවමාළිගා නියෝග ලබා ගැනීමට සූදානම් වන සාමාජිකයින්ගේ ප්‍රගතිය සමාලෝචනය කිරීම. දේවමාළිගා නිර්දේශයක් සඳහා සුදුසු වීමට තව තවත් සාමාජිකයින්ට උපකාර කිරීමට ක්‍රම සැලසුම් කිරීම. දේවමාළිගා සහ පවුල් ඉතිහාස කාර්යය සඳහා සාමාජිකයින්ට සහභාගී විය හැකි ආකාර ගැන සාකච්ඡා කිරීම. (බලන්න 25 වෙනි පරිච්ඡේදය.)

මන්ත්‍රණ සභා සාමාජිකයන් කිසියම් පුද්ගලික හෝ සංවේදී තොරතුරක් රහසිගතව තබාගත යුතුය (බලන්න 4.4.6).

29.2.6

කොට්ඨාශ යෞවන මන්ත්‍රණ සභා රැස්වීම

සෑම රැස්වීමකටම පෙර, සභානායකවරයා සහ මෙහෙයවන පුද්ගලයා විසින් සාකච්ඡා කළ යුතු අයිතම සමාලෝචනය කරයි.

  • ගැලවීමේ හා උත්කර්ෂවත් වීමේ කාර්යය.

  • කොට්ඨාශයේ යෞවනයින්ගේ අවශ්‍යතා සහ ඒවාට විසඳුම් සෙවීමේ ක්‍රම.

  • අඩු ක්‍රියාකාරී හෝ නව සාමාජිකයින් වෙත ළඟා වීමට දරන ප්‍රයත්න.

  • අවශ්‍යතා ඇති අයට සේවය කිරීමේ අවස්ථා ඇතුළු, ක්‍රියාකාරකම්. බොහෝ සැලසුම්, ගණපූරණ හෝ පන්ති සභාපතිත්ව රැස්වීම්වලදී සිදු කෙරේ (බලන්න 20 වෙනි පරිච්ඡේදය).

  • දේවසේවය (බලන්න 21 වෙනි පරිච්ඡේදය).

  • අලුතින් කැඳවූ ගණපූරණය සහ පන්ති සභාපතිත්වයන් පුහුණු කිරීම.

29.2.8

ඉරිදා රැස්වීම් සඳහා කාලසටහන්

ඉරිදා රැස්වීම් සඳහා කොට්ඨාශ පහත සඳහන් පැය දෙකක කාලසටහන් වලින් එකක් භාවිතා කරයි.

සැලැස්ම 1

මින්ත්තු 60

සක්‍රමේන්තු රැස්වීම

මින්ත්තු 10

පන්ති වලට සහ රැස්වීම් වලට මාරුවීම

මින්ත්තු 50

සෑම ඉරිදාවකම: බාලාංශය ඇතුළුව, ප්‍රාථමිකය

මාසයේ පළමු සහ තෙවන ඉරිදා: ඉරිදා පාසල

දෙවන සහ හතරවන ඉරිදා: පූජක ගණපූරණ රැස්වීම්, සහන සමිති රැස්වීම්, සහ තරුණ ගැහැණු ළමුන්ගේ රැස්වීම්

පස්වන ඉරිදා: යෞවනයන් සහ වැඩිහිටියන් සඳහා රැස්වීම්. සභානායකවරයා විසින් මාතෘකාව තීරණය කර ගුරුවරුන්ව පවරයි.

සැලැස්ම 2

මින්ත්තු 50

සෑම ඉරිදාවකම: බාලාංශය ඇතුළුව, ප්‍රාථමිකය

මාසයේ පළමු සහ තෙවන ඉරිදා: ඉරිදා පාසල

දෙවන සහ හතරවන ඉරිදා: පූජක ගණපූරණ රැස්වීම්, සහන සමිති රැස්වීම්, සහ තරුණ ගැහැණු ළමුන්ගේ රැස්වීම්

පස්වන ඉරිදා: යෞවනයන් සහ වැඩිහිටියන් සඳහා රැස්වීම්. සභානායකවරයා විසින් මාතෘකාව තීරණය කර ගුරුවරුන්ව පවරයි.

මින්ත්තු 10

සක්‍රමේන්තු රැස්වීමට මාරුවීම

මින්ත්තු 60

සක්‍රමේන්තු රැස්වීම

29.3

ස්ටේක රැස්වීම්

29.3.1

ස්ටේක සම්මන්ත්‍රණ

29.3.2

ස්ටේකයේ ප්‍රධාන පූජකවර රැස්වීම

29.3.3

ස්ටේකයේ පූජක නායක රැස්වීම

29.3.4

ස්ටේකයේ නායකත්ව රැස්වීම්

29.3.5

ස්ටේකයේ උත්තම පූජක ගණපූරණ රැස්වීම

29.3.6

ස්ටේක සභාපතිත්ව රැස්වීම

29.3.7

උසස් මන්ත්‍රණ සභා රැස්වීම

29.3.8

ස්ටේක මන්ත්‍රණ සභා රැස්වීම

29.3.9

ස්ටේකයේ වැඩිහිටි නායකත්ව කමිටු රැස්වීම

29.3.10

ස්ටේකයේ යෞවන නායකත්ව කමිටු රැස්වීම

29.3.11

ස්ටේකයේ සභානායකවරුන්ගේ මන්ත්‍රණ සභා රැස්වීම

29.5

මිය ගිය පුද්ගලයන් සඳහා අවමංගල්‍ය කටයුතු සහ අනෙකුත් සේවාවන්

29.5.1

පොදු මූලධර්ම

මියගිය අය සඳහා සභාවේ පවත්වන සේවාවන් හි වැදගත් අරමුණක් වන්නේ ගැලවීමේ සැලැස්ම, විශේෂයෙන්ම ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීම සහ මරණයෙන් නැවත නැගිටීම ගැන සාක්ෂි දීමයි. මෙම සේවාවන් ගෞරවනීය, අධ්‍යාත්මික අත්දැකීම් ලබාදෙන ඒවා විය යුතුය.

සභාවේ නායකයින් වෙනත් ආගම්වල හෝ කණ්ඩායම්වල චාරිත්‍ර මිය ගිය අය සඳහා සභාවේ සේවාවන්ට ඇතුළත් නොකළ යුතුය.

29.5.2

එම පවුලට සහය ලබාදීම

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන් ලෙස, සභා නායකයන් සහ සාමාජිකයන් “ශෝකවන්නන් සමඟ ශෝක [වෙති], … තවද සැනසිල්ල අවශ්‍ය අය [සනසවති]” (මොසායා 18:–9). සාමාජිකයෙකු මිය ගිය විට, සභානායකවරයා පවුලේ අයට සැනසීම ලබා දීම සඳහා ඔවුන්ව බැහැදකියි.

සභානායකවරයා වැඩිහිටි ගණපූරණය සහ සහන සමිතිය ඇතුළුව කොට්ඨාශ සාමාජිකයින්ගෙන් සහාය ලබා දෙයි.

29.5.4

අවමංගල්‍ය සේවා (සංස්කෘතික ලෙස)

සභා ගොඩනැගිල්ලක හෝ වෙනත් ස්ථානයක හෝ සභානායකවරයා විසින් පවත්වනු ලබන අවමංගල්‍යයක්, සභා රැස්වීමක් සහ ආගමික සේවාවකි. එය අධ්‍යාත්මික අවස්ථාවක් විය යුතුය.

අවමංගල්‍ය කටයුතු නියමිත වේලාවට ආරම්භ කළ යුතුය. සාමාන්‍යයෙන්, සහභාගී වන අයට අනුග්‍රහයක් ලෙස, ඒවා පැය 1.5 කට වඩා නොපැවැත්විය යුතුය.

අවමංගල්‍ය කටයුතු සාමාන්‍යයෙන් ඉරිදා දින වලදී සිදු නොවේ.

29.6

සභා රැස්වීම්වල යාච්ඤා

සභාවේ රැස්වීම්වල යාච්ඤා කෙටි, සරල සහ ආත්මයාණන් විසින් මෙහෙයවන ඒවා විය යුතුය. බව්තීස්ම වූ ඕනෑම සභා සාමාජිකයෙකුට ආරම්භක හෝ අවසාන යාච්ඤාවක් ඉදිරිපත් කළ හැකිය. බව්තීස්ම නොවූ දරුවන්ට ප්‍රාථමිකයේදී යාච්ඤා කළ හැකිය.

29.7

ප්‍රවාහ රැස්වීම් සහ අන්තර්ජාලය හරහා රැස්වීම් පැවැත්වීම

සභානායකවරයාට, ව්‍යතිරේකයක් ලෙස, රැස්වීම් ශාලාවේ පැවැත්වෙන සක්‍රමේන්තු රැස්වීම් සහ අවමංගල්‍ය සහ මංගල උත්සව සජීවී ප්‍රවාහයකට අවසර දිය හැකිය.

සක්‍රමේන්තු රැස්වීමක සජීවී ප්‍රවාහයකට සක්‍රමේන්තුව බෙදාහැරීම ඇතුළත් නොවිය යුතුය.

සමහර රැස්වීම් සඳහා, සභානායකවරයා හෝ ස්ටේක සභාපතිවරයාට, පෞද්ගලිකව සහභාගී විය නොහැකි සාමාජිකයින් සඳහා අන්තර්ජාලය ඔස්සේ සහභාගී වීමට අවසර දිය හැකිය. මෙම රැස්වීම්වලට ඇතුළත් විය හැක්කේ:

  • සභාපතිත්ව හෝ සභා මන්ත්‍රණ සභා රැස්වීම් වැනි නායකත්ව රැස්වීම්.

  • ගණපූරණ, සහන සමිති, සහ තරුණ ගැහැණු ළමුන්ගේ රැස්වීම්.

  • ඉරිදා පාසල් පන්ති.

  • ප්‍රාථමික පන්ති සහ ගායන කාලය.