අත්පොත් සහ කැඳවීම්
9. සහන සමිතිය


“9. සහන සමිතිය,” ප්‍රධාන අත්පොතෙන් තෝරාගත් කොටස් (2023).

“9. සහන සමිතිය,” ප්‍රධාන අත්පොතෙන් තෝරාගත් කොටස්

රූපය
කාන්තාවන් ශුද්ධලියවිලි අධ්‍යයනය කරමින්

9.

සහන සමිතිය

9.1

අරමුණ සහ සංවිධානය

9.1.1

අරමුණ

සහන සමිතියේ අරමුණ වන්නේ ප්‍රාණයන් ගලවා ගැනීම සහ දුක් වේදනා දුරු කිරීම බව අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් ඉගැන්වූයේය.

සහන සමිතියේ ආදර්ශ පාඨය වන්නේ “පිවිතුරු ප්‍රේමය කිසිකලක පහවන්නේ නැත” යන්නයි (1 කොරින්ති 13:8).

9.1.2

සහන සමිතියේ සාමාජිකත්වය

තරුණ කාන්තාවකට වයස අවුරුදු 18 වන විට සහන සමිතියට සහභාගී වීමට ආරම්භ කළ හැකිය. වයස අවුරුදු 19 වන විට හෝ විශ්ව විද්‍යාලයකට යාමට හෝ ධර්මදූත සේවයකට වැනි දෙයකට නිවසින් පිටතට මාරු වන විට, ඇය සහන සමිතියට සහභාගී විය යුතුය.

වයස අවුරුදු 18 ට අඩු විවාහක කාන්තාවන් ද සහන සමිතියේ සාමාජිකයන් වේ.

9.2

ගැලවීමේ හා උත්කර්ෂවත් වීමේ කාර්යය සඳහා සහභාගී වීම

9.2.1.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය අනුව ජීවත්වීම

9.2.1.2

සහන සමිති රැස්වීම්වලදී ශුභාරංචි ඉගෙනීම

මෙම රැස්වීම් මාසයේ දෙවන සහ හතරවන ඉරිදා දිනවල පැවැත්වේ. ඒවා විනාඩි 50ක් පැවැත්වේ. සහන සමිති සභාපතිත්වය මෙම රැස්වීම් සැලසුම් කරයි. එම සභාපතිත්වයේ සාමාජිකයෙක් එය මෙහෙයවයි.

මෑතකාලීන ප්‍රධාන සම්මන්ත්‍රණයේ කතා එකක හෝ කිහිපයක මාතෘකා කෙරෙහි මෙම සහන සමිති රැස්වීම් අවධානය යොමු කරයි.

9.2.1.3

ක්‍රියාකාරකම්

සහන සමිති සභාපතිත්වය විසින් ක්‍රියාකාරකම් සැලසුම් කරයි. බොහෝ ක්‍රියාකාරකම් ඉරිදා හෝ සඳුදා සවස හැර වෙනත් අවස්ථාවලදී පැවැත්වේ.

9.2.2

අවශ්‍යතා ඇති අයව රැකබලා ගැනීම

9.2.2.1

දේවසේවය

සහන සමිතියේ සභාපතිත්වයෙන් සහෝදරියන්ට දේවසේවා පැවරුම් ලැබේ. වැඩි විස්තර සඳහා, 21 වෙනි පරිච්ඡේදය බලන්න.

9.2.2.2

කෙටි කාලීන අවශ්‍යතා

තමන් සේවය කරන අයගේ අවශ්‍යතා තේරුම් ගෙන ඒවාට ප්‍රතිචාර දැක්වීමට දේවසේවයේ යෙදෙන සහෝදරියන් උත්සාහ කරති. අසනීප, උපත්, මරණ, රැකියා අහිමිවීම් සහ වෙනත් අවස්ථා වලදී සාමාජිකයින්ට කෙටි කාලීන ආධාර අවශ්‍ය විය හැකිය.

අවශ්‍ය වූ විට, දේවසේවා සහෝදරියෝ සහන සමිති සභාපතිත්වයෙන් උපකාර ඉල්ලා සිටිති.

9.2.2.3

දිගු කාලීන අවශ්‍යතා සහ ස්වාධීනත්වය

සභානායකවරයා විසින් සම්බන්ධීකරණය කරන ලද පරිදි, සහන සමිති සහ වැඩිහිටි ගණපූරණ සභාපතිත්වයන් දිගුකාලීන අවශ්‍යතා සහ ස්වාධීන සාමාජිකයින් සඳහා උපකාර කරයි.

සහන සමිති සභාපති, වැඩිහිටි ගණපූරණ සභාපති, හෝ වෙනත් නායකයෙකු විසින් එම පුද්ගලයාට හෝ පවුලට ස්වාධීනත්ව සැලැස්මක් වර්ධනය කරගැනීමට උපකාර කරයි.

9.2.2.4

කොට්ඨාශ සාමාජිකයෙකු මිය ගිය විට

කොට්ඨාශ සාමාජිකයෙකු මිය ගිය විට, සහන සමිති සහ වැඩිහිටි ගණපූරණ සභාපතිත්වයන් විසින් සැනසීම සහ උපකාර ලබා දෙයි. සභානායකවරයාගේ මගපෙන්වීම යටතේ ඔවුන්ට අවමංගල්‍ය කටයුතු සඳහා උපකාර කළ හැකිය.

වැඩි විස්තර සඳහා, බලන්න 38.5.8.

9.2.3

ශුභාරංචිය ලබාගැනීමට සැමට ආරාධනා කිරීම

සහන සමිති සභාපතිනිය විසින් කොට්ඨාශයේ සාමාජික ධර්මදූත සේවයට නායකත්වය දීම සඳහා සභාපතිත්වයේ සාමාජිකවක්ව පත්කරයි. මෙම ප්‍රයත්නයන් සම්බන්ධීකරණය කිරීම සඳහා ඇය වැඩිහිටි ගණපූරණයේ සභාපතිත්වය විසින් පත්කර ඇති සාමාජිකයා සමඟ කටයුතු කරයි (බලන්න 23.5.1).

9.2.4

සදාකාලය සඳහා පවුල් එකට එකතු කිරීම

කොට්ඨාශයේ දේවමාළිගා සහ පවුල් ඉතිහාස කාර්යයන් මෙහෙයවීමට උපකාර කිරීම සඳහා සහන සමිති සභාපතිනිය විසින් සභාපතිත්වයේ සාමාජිකවක්ව පත්කරයි. මෙම ප්‍රයත්නයන් සම්බන්ධීකරණය කිරීම සඳහා ඇය වැඩිහිටි ගණපූරණයේ සභාපතිත්වය විසින් පත්කර ඇති සාමාජිකයා සමඟ කටයුතු කරයි (බලන්න 25.2.2).

9.3

සහන සමිති නායකයින්

9.3.1.

සභානායකවරයා

සභානායකවරයා සාමාන්‍යයෙන් මාසිකව සහන සමිතියේ සභාපතිනිය සමඟ හමුවෙයි. දේවසේවයේ යෙදෙන සහෝදරියන්ගේ සේවය ඇතුළු ගැලවීමේ සහ උත්කර්ෂවත් වීමේ කාර්යය පිළිබඳ ඔවුන් සාකච්ඡා කරති.

9.3.2

සහන සමිති සභාපතිත්වය

9.3.2.1

සහන සමිති සභාපතිත්වය කැඳවීම

කොට්ඨාශ සහන සමිතියේ සභාපතිනිය ලෙස සේවය කිරීමට සභානායකවරයා කාන්තාවක්ව කැඳවයි. ඒකකය ප්‍රමාණවත් තරම් විශාල නම්, ඇයගේ උපදේශකයන් ලෙස සේවය කිරීමට කාන්තාවන් එක් අයෙකු හෝ දෙදෙනෙකුව ඇය විසින් ඔහුට නිර්දේශ කරනු ලබයි.

සමහර කුඩා ඒකකවල තරුණ ගැහැණු ළමුන්ගේ හෝ ප්‍රාථමිකයේ සභාපතිනියක් නොමැති විය හැකිය. මෙම ඒකක තුළ, සහන සමිතියේ සභාපතිනියට යෞවනයින් සහ දරුවන් සඳහා උපදෙස් සැලසුම් කිරීමට දෙමාපියන්ට උපකාර කළ හැකිය.

9.3.2.2

වගකීම්

සහන සමිති සභාපතිනියට පහත වගකීම් ඇත. ඇයගේ උපදේශිකාවන් ඇයට උපකාර කරයි.

  • කොට්ඨාශ මන්ත්‍රණ සභාවේ සේවය කිරීම.

  • ගැලවීමේ සහ උත්කර්ෂවත් වීමේ කාර්යයට සහභාගී වීමට සහන සමිතියේ උත්සාහයන් මෙහෙයවීම (බලන්න 1 වෙනි පරිච්ඡේදය).

  • දේවසේවා සහෝදරියන්ගේ සේවය සංවිධානය කිරීම සහ අධීක්ෂණය කිරීම.

  • සභානායකවරයාගේ මගපෙන්වීම යටතේ, කොට්ඨාශයේ වැඩිහිටි සාමාජිකයින් සමඟ සාකච්ඡා කිරීම.

  • තනි සහ විවාහක තරුණ වැඩිහිටි සහෝදරියන්ව ශක්තිමත් කිරීම සඳහා සහන සමිතියේ උත්සාහයන් සම්බන්ධීකරණය කිරීම.

  • සෑම සහන සමිති සාමාජිකවක් සමඟම අවම වශයෙන් වසරකට වරක්වත් තනි තනිව හමුවීම.

  • සහන සමිති වාර්තා, සටහන් සහ මූල්‍ය කටයුතු අධීක්ෂණය කිරීම (බලන්න LCR.ChurchofJesusChrist.org).

9.3.2.3

සභාපතිත්ව රැස්වීම

සහන සමිති සභාපතිත්වය සහ ලේකම්වරිය ක්‍රමවත්ව හමුවේ. සභාපතිනිය විසින් මෙම රැස්වීම් මෙහෙයවනු ලබයි. එහි න්‍යාය පත්‍රයට පහත අයිතම ඇතුළත් විය හැකිය:

  • සහෝදරියන්ව සහ ඔවුන්ගේ පවුල් ශක්තිමත් කරන ආකාරය සැලසුම් කිරීම.

  • ධර්මදූත කාර්යය සහ දේවමාළිගා සහ පවුල් ඉතිහාස කාර්යය සම්බන්ධීකරණය කිරීම.

  • කොට්ඨාශ මන්ත්‍රණ සභා රැස්වීම් වලින් ලැබූ පැවරුම් වලට ප්‍රතිචාර දැක්වීම.

  • දේවසේවා සම්මුඛ සාකච්ඡා වලින් ලැබුණු තොරතුරු සමාලෝචනය කිරීම.

  • කැඳවීම්වල සහ පැවරුම්වල සේවය කිරීම සඳහා සහන සමිති සහෝදරියන්ව සලකා බැලීම.

  • සහන සමිති රැස්වීම් සහ ක්‍රියාකාරකම් සැලසුම් කිරීම.

9.3.3

ලේකම්වරිය

සහන සමිති සභාපතිත්වයට සහන සමිති ලේකම්වරිය ලෙස සේවය කිරීමට සහෝදරියක්ව නිර්දේශ කළ හැකිය.

9.4

සහන සමිතියට සහභාගී වීමට සූදානම් වීමට තරුණ ගැහැණු ළමුන්ට උපකාර කිරීම

තරුණ ගැහැණු ළමුන්ට සහන සමිතියට සහභාගී වීමට උපකාර කිරීම සඳහා, සහන සමිති සභාපතිත්වය තරුණ ගැහැණු ළමුන්, ඔවුන්ගේ දෙමාපියන් සහ තරුණ ගැහැණු ළමුන්ගේ නායකයින් සමග ක්‍රියා කරයි.

නායකයින් විසින්ද තරුණ ගැහැණු ළමුන්ට සහ සහන සමිතීයේ සහෝදරියන්ට සබඳතා වර්ධනය කර ගැනීමට අඛණ්ඩ අවස්ථා ලබා දෙනු ලබයි. දේවසේවා සහෝදරියන් ලෙස එකට එක්ව සේවය කිරීම මෙම සබඳතා ඇති කර ගැනීමට එක් වටිනා ක්‍රමයකි.

9.6

අතිරේක මාර්ගෝපදේශ සහ ප්‍රතිපත්ති

9.6.2

සාක්ෂරතාව

සාමාජිකයින්ට කියවීමට සහ ලිවීමට ඉගෙන ගැනීමට උපකාර කිරීම සඳහා, සහන සමිති සභාපතිත්වය අවශ්‍ය පරිදි සභානායකවරයා, වැඩිහිටි ගණපූරණ සභාපතිත්වය සහ කොට්ඨාශ මන්ත්‍රණ සභාව සමඟ ක්‍රියා කරයි.