“නොවැම්බර් 29–දෙසැම්බර් 5, 1–3 යොහාන්; යූදස්: ‘දෙවියන්වහන්සේ ප්‍රේමයයි’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2021 (2020)
“නොවැම්බර් 29–දෙසැම්බර් 5, 1–3 යොහාන්; යූදස්,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2021
ඩෙල් පාර්සන් විසින්, පරිපූර්ණ ප්‍රේමය
නොවැම්බර් 29–දෙසැම්බර් 5
1–3 යොහාන්; යූදස්
“දෙවියන්වහන්සේ ප්‍රේමයයි”
ඔබ යොහාන් සහ යූදස්ගේ ලිපි කියවන විට, ඔබේ ප්‍රේමය දෙවියන්වහන්සේට පෙන්විය හැකි ආකාරය පිළිබඳව දිව්‍යඥානය සොයන්න. ඔබේ හැඟීම් සටහන්කර ඒ අනූව ක්‍රියා කරන්න.
ඔබේ හැඟීම් සටහන් කරන්න
යොහාන් සහ යූදස් ඔවුන්ගේ ලිපි ලියන විට, පුරෝකථනය කරන ලද ඇදහිල්ලල්ලෙන් වැටීම සිදුවෙමින් පැවතුනි, එය දැඩි පීඩා සහ දූෂිත ධර්මයන්ගේ ප්‍රතිඵලයකි. සමහර බොරු ගුරුවරුන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඇත්තටම “මාංශයෙන්” පෙනීසිටියේ දැයි කියාද ප්‍රශ්ණ කළහ (උදාහරණ ලෙස, 1 යොහාන් 4:1–3; 2 යොහාන් 1:7 බලන්න). එබැවින් යොහාන් ප්‍රේරිතවරයා සිය පළමු ලිපිය ආරම්භ කලේ ගැළවුම්කරුවාණන් පිළිබඳව ඔහුගේ පෞද්ගලික සාක්ශිය ලබාදෙමිනි: “පටන්ගැන්මේ සිට තිබුණාවූ, අප විසින් අසා තිබෙන්නාවූ, අපේ ඇස් වලින් දැක තිබෙන්නාවූ, අප විසින් බැලුවාවූ, අපේ අත් වලින් ඇල්ලුවාවූ දේ වන ජීවනයේ වාක්‍යයාණන් ගැන, මෙය අප දෙන සාක්ශියයි” (Joseph Smith Translation, 1 John 1:1 [ 1 යොහාන් 1:1, පාදසටහන්හි a ]). නමුත් සමහරවිට යොහාන්ගේ ලිපිවල ප්‍රබලම පණිවිඩය ප්‍රේමයයි: එනම් දෙවියන්වහන්සේ අප කෙරෙහි දක්වන ප්‍රේමය සහ උන්වහන්සේ සහ උන්වහන්සේගේ දරුවන් කෙරෙහි අප තුළ තිබිය යුතු ප්‍රේමයයි. එය එසේවුවත්, යොහාන් ගැළවුම්කරුවාණන්ගේ ආදරය පෞද්ගලිකවම අත්විඳ ඇත (යොහාන් 13:23; 20:2 බලන්න), සහ ඔහුට අවශ්‍ය වූයේ සාන්තුවරයන්ට එම ප්‍රේමය දුශ්කරතා සහ විරුද්ධවාදීකම් හමුවේද දැනීමයි, මක්නිසාද “ප්‍රේමයෙහි භය ඇත්තේ නැත; නමුත් සම්පූර්ණ ප්‍රේමය භය දුරුකරයි” (1 යොහාන් 4:18).
පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්
1 යොහාන්
දෙවියන්වහන්සේ ආලෝකයයි, දෙවියන්වහන්සේ ප්‍රේමයයි.
දෙවියන්වහන්සේව විස්තර කිරීමට ඔබ වචන එකක් හෝ දෙකක් තෝරාගන්නේ නම්, ඒ මොනවාද? ඔහුගේ ලිපිවල, යොහාන් “ආලෝකය” සහ “ප්‍රේමය” යන වචන භාවිතාකර ඇත (1 යොහාන් 1:5; 4:8, 16). ඔබ 1 යොහාන් කියවන විට, යොහාන් ශුභාරංචියේ සටහන් කර ඇති පරිදි යොහාන්ගේ අත්දැකීම් මෙනෙහිකරන්න, සහ මෙම අත්දැකීම් යොහාන්ට දෙවියන්වහන්සේගේ ආලෝකය සහ ප්‍රේමය ගැන ඉගැන්වූයේ කෙසේද කියා සලකා බලන්න. දෙවියන්වහන්සේ ආලෝකය සහ ප්‍රේමය වන බව ඔබට ඉගැන්වූ පෞද්ගලික අත්දැකීම් මොනවාද?
තවත් බලන්න යොහාන් 3:16–21; 15:9–17; 2 නෙපි 26:24;දහම සහ ගිවිසුම 50:24; 88:6, 12–13; 96:36–37.
1 යොහාන් 2:24–3:3
මට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මෙන් විය හැකියි.
ක්‍රිස්තුස්වහන්සේ බවට පත්වීමේ ඉලක්කය ඔබට සැමවිටම අසීරු යැයි පෙනේද? යොහාන්ගේ දිරිගැන්වීමේ උපදේශය ගැන සලකා බලන්න: “ප්‍රිය දරුවෙනි, උන්වහන්සේ තුළ පැවතියල්ලා; එසේ කළ යුතුවන්නේ, උන්වහන්සේ ප්‍රකාශ වූ විට, නිර්භීතකම ඇතුව සිටින පිණිසය … [සහ] අපි උන්වහන්සේට සමාන වන පිණිසය” (1 යොහාන් 2:28; 3:2). යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයෙකු ලෙස නිර්භීතකම සහ සැනසීම ලබාදෙන 1 යොහාන් 2:24–3:3 හි ඔබට සොයාගත හැකි දේවල් මොනවාද? ඔබ යොහාන්ගේ ලිපි අධ්‍යයනය කරන විට, තව තවත් ක්‍රිස්තුස්වහන්සේ මෙන් වීමට ඔබ දරන උත්සහයන් වලට ඔබට උපකාර කළ හැකි අනෙකුත් මූලධර්මයන් සහ උපදේශ සොයන්න.
තවත් බලන්න මොරෝනි 7:48; දහම සහ ගිවිසුම 88:67–68; “Becoming Like God,”Gospel Topics, topics.ChurchofJesusChrist.org.
Joseph Smith Translation, 1 John 4:12
“කිසිවෙක් … කිසිකලෙක දෙවියන්වහන්සේ දුටුවේ නැති ද”?
Joseph Smith Translation, 1 John 4:12 “විශ්වාස කරන අය හැරෙන්නට කිසිවෙක් කිසිකලෙක දෙවියන්වහන්සේ දැක නැති” බවට පැහැදිලි කරදෙයි (1 යොහාන් 4:12 හි, පාද සටහන a; තවත් බලන්න යොහාන් 6:46; 3 යොහාන් 1:11). පියාණන්වහන්සේ යොහාන්ද ඇතුළුව ඇදහිලිවන්තයන් කිහිප දෙනෙකුට දර්ශනයවූ අවස්ථාවන් කිහිපයක් ශුද්ධලියවිලි වල සටහන් වේ එළිදරව් 4 බලන්න; තවත් බලන්න ක්‍රියා 7:55–56;1 නෙපි 1:8;දහම සහ ගිවිසුම 76:23; Joseph Smith—History 1:16–17).
1 යොහාන් 5
මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිල්ල ක්‍රියාවට නංවමින් නැවත ඉපදුන විට, මට ලෝකය ජයගත හැක.
ලෝකය ජයගැනීමේ අදහස යොහාන්ගේ ලියවිලි වල බොහෝ අවස්ථාවල දක්නට ලැබේ. යොහාන් යේසුස්වහන්සේගේ වදන් මෙලෙස සටහන් කළේය, “ලෝකයෙහි නුඹලාට පීඩා තිබේ: නුමුත් ධෛර්‍යවන්ත වෙයල්ලා; මම ලෝකයෙන් ජයගතිමි” යොහාන් 16:33). එමෙන්ම එළිදරව් 2–3 හි, ලෝකය ජයගන්නා අයට ස්වාමින්වහන්සේ දුන් පොරොන්දු යොහාන් විසින් වාර්ථා කර ඇත. 1 යොහාන් 5:3–5 හි ලෝකය ජයගැනීම පිළිබඳව යොහාන් සඳහන් කලේ මොනවාද? ඔබ 1 යොහාන් 5 කියවන විට, ලෝකය ජයගෙන සදාකාල ජීවිතය ලබාගැනීමට අප කුමක් කළයුතුද කියා බලන්න. ඔබේ ජීවිතය තුළ ලෝකය ජයගැනීම කෙබඳු වියහැකිද? ඔබට තවත් පිළිතුරු සහ අදහස් වැඩිහිටි නීල් එල්. ඇන්ඩර්සන් ගේ පණිවිඩයෙන් සොයාගත හැකිය “Overcoming the World” (Ensign or Liahona, May 2017, 58–62).
පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ පවුල් නිවාස සැඳෑව සඳහා අදහස්
ඔබ ඔබේ පවුලේ අය සමග ශුද්ධලියවිලි කියවන විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළ යුතු හා සාකච්ඡා කළ යුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න තවත් යෝජනා කිහිපයක්:
1 යොහාන් 2:8–11
ඔබගේ පවුලට යොහාන්ගේ ඉගැන්වීම් මෙනෙහි කිරීමට උපකාර කිරීමට, කළුවර කාමරයක රැස්වී “අඳුරේ” ඇවිදීම සහ “ආලෝකයේ” ඇවිදීම අතර වෙනස අත්විඳීමට පවුලේ සාමාජිකයන්ට ඉඩහරින්න. වෛරය අපව අන්ධකාරයේ ඇවිද හැපී වැටීමට ඉඩසලසන්නේ කෙසේද? එකිනෙකාට ආදරය කිරීම අපගේ ජීවිතයට ආලෝකය ගෙන එන්නේ කෙසේද?
1 යොහාන් 3:21–22
මෙම පදවල දෙවියන්වහන්සේ තුල අපගේ “ආත්මවිශ්වාසය” සහ අපගේ යාච්ඤා වලට පිළිතුරු ලබාගැනීමට අපට ඇති හැකියාව වර්ධනය කරන්නේ මොනවාද? ඔබට බයිබල් ශබ්ධ කෝශයේ “Prayer” Guide to the Scriptures (scriptures.ChurchofJesusChrist.org), හෝ Gospel Topics(topics.ChurchofJesusChrist.org) ද සෙවිය හැක.
1 යොහාන් 5:2–3
“බරපතල” හෝ අනුගමනය කිරීමට අපහසු යැයි අප සලකනු ලබන අණ පණත් තිබේද? අප තුල දෙවියන්වහන්සේ කෙරෙහි ඇති ප්‍රේමය උන්වහන්සේගේ අණ පණත් පිළිබඳව අපට දැනෙන ආකාරය වෙනස් කළ හැක්කේ කෙසේද?
දෙවියන්වහන්සේගේ අණ පණත් රැකීම ලෝකය ජයගැනීමට අපට උපකාර කරයි.
යූදස් 1:3–4
අපගේ ජීවිත වලට සහ පවුලට “රිංගා” ඇති ආත්මික අනතුරු තිබේද? (යූදස් 1:4). “ඇදහිල්ල උදෙසා උනන්දු ආකාරයෙන් පොර අල්ලා” මෙම අනතුරු වලට එරෙහිවීමට යූදස් දුන් අවවාදය අපට අනුගමනය කළ හැක්කේ කෙසේද ? (යූදස් 1:3). අපගේ පවුල තුල “සමාදානයත් ප්‍රේමයත් වැඩිවීම” සහතික කිරීමට අපට කුමක් කළ හැකිද? (යූදස් 1:2).
දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, Come, Follow Me—For Primary හි මෙම සතියේ ආකෘතිය බලන්න.
පුද්ගලික අධ්‍යයනය වැඩිදියුණු කිරීම
දෙවියන්වහන්සේගේ ප්‍රේමය සොයන්න. සභාපති එම්. රසල් බැලර්ඩ් ඉගැන්වූයේ, “ශුභාරංචිය ප්‍රේමයේ ශුභාරංචියකි—එනම් දෙවියන්වහන්සේ කෙරෙහි ප්‍රේමය සහ එකිනෙකා කෙරෙහි ප්‍රේමයයි” (“God’s Love for His Children,” Ensign, May 1988, 59). ඔබ ශුද්ධලියවිලි කියවන විට, දෙවියන්වහන්සේගේ ප්‍රේමය සඳහා සාක්ශි වන වචන සහ පද සටහන් කිරීමට හෝ ලකුණු කිරීමට සලකා බලන්න.