“ඔබගේ පවුල් ශුද්ධලියවිලි අධ්‍යනය වැඩිදියුණු කරගැනීම සඳහා අදහස්,” එන්න, මා අනුගමනය කරන්න - පුද්ගලයන් සහ පවුල් සඳහා: මෝර්මොන්ගේ පොත 2020 (2020)
“ඔබගේ පවුල් ශුද්ධලියවිලි අධ්‍යනය වැඩිදියුණු කරගැනීම සඳහා අදහස්,” එන්න, මා අනුගමනය කරන්න - පුද්ගලයන් සහ පවුල් සඳහා: මෝර්මොන්ගේ පොත 2020
ඔබගේ පවුල් ශුද්ධලියවිලි අධ්‍යනය වැඩිදියුණු කරගැනීම සඳහා අදහස්
දිනපතා පවුල් ශුද්ධලියවිලි අධ්‍යනය ඔබගේ පවුලට සුභාරංචිය ඉගෙනීමට උදව් වන බලවත් මාර්ගයකි. ඔබ පවුලක් වශයෙන් කොපමණ ප්‍රමාණයක් හෝ කොපමණ කාලයක් කියවනවාද යන්න, ඔබගේ උත්සහය දිගටම සිදුකිරීමට වඩා වැදගත් නැත. ඔබ ශුද්ධලියවිලි අධ්‍යනය ඔබගේ පවුල් ජීවිතයේ වැදගත් කොටසක් කරගත් විට, ඔබගේ පවුලේ සාමාජිකයින්ට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ආසන්නයට පැමිණීමට සහ උන්වහන්සේගේ වචනයේ අත්තිවාරම මත ඔවුන්ගේ සාක්ශීන් ගොඩනැගීමට ඔබ උදව් වෙයි.
පහත සඳහන් ප්‍රශ්ණ සලකා බලන්න:
-
ඔවුන් විසින්ම ශුද්ධලියවිලි අධ්‍යනය කිරීමට ඔබට ඔබගේ පවුල් සාමාජිකයින් දිරිමත් කළ හැක්කේ කෙසේද?
-
ඔවුන් ඉගෙනගන්නා දේ බෙදාගැනීමට ඔබට ඔබගේ පවුලේ සාමාජිකයින් දිරිමත් කිරීමට කළ හැක්කේ මොනවාද?
-
ඔබ මෝර්මොන්ගේ පොතෙන් ඉගෙනගන්නා මූලධර්ම දිනපතා ඉගැන්වීම් අවස්ථා වලදී ඔබට අවධාරණය කළ හැක්කේ කෙසේද?
ශුද්ධලියවිලි අධ්‍යනය සඳහා සුදුසුම ස්ථානය නිවස බව මතක තබාගන්න. සභාවේ පන්තියක කළ නොහැකි ආකාරවලින් ඔබට නිවසේදී සුභාරංචිය ඉගෙනගැනීමට හා ඉගැන්වීමට හැකිය. ශුද්ධලියවිලි වලින් ඉගෙනගැනීමට ඔබේ පවුලට උපකාර කළ හැකි ක්‍රම ගැන ඔබ සිතන විට නිර්මාණශීලී වන්න. ඔබගේ පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය වැඩිදියුණු කිරීම සඳහා පහත සඳහන් අදහස් කිහිපයක් සලකා බලන්න.
සංගීතය භාවිතා කරන්න
ශුද්ධලියවිලි වල උගන්වන මූලධර්ම ශක්තිමත් කරන ගීත ගායනා කරන්න. උපග්‍රන්ථය D මෙම සම්පත් තුළ සෑම සතිපතා දළ සටහනක මූලධර්ම හා සම්බන්ධ සංගීතය ඇතුළත් වේ.
අර්ථාන්විත ශුද්ධලියවිලි බෙදාගන්න
පවුල් සාමාජිකයින්ගේ පෞද්ගලික ශුද්ධලියවිලි අධ්‍යනයේදී ඔවුන් සොයාගත් අර්ථාන්විත ශුද්ධලියවිලි පාඨ බෙදාගැනීමට ඔවුන්ට කාලය ලබාදෙන්න.
ඔබගේම වචන භාවිතා කරන්න
ඔබ අධ්‍යයනය කරන ශුද්ධලියවිලි වලින් ඔවුන් ඉගෙනගන්නා දේ ඔවුන්ගේම වචන වලින් සාරාංශ කිරීමට පවුලේ සාමාජිකයින්ට ආරාධනා කරන්න.
ශුද්ධලියවිලි ඔබේ ජීවිතයට අදාළ කරගන්න
ශුද්ධලියවිලි ඡේදයක් කියවීමෙන් පසු, එම ඡේදය ඔවුන්ගේ ජීවිතවලට අදාළ වන ආකාර බෙදාගැනීමට පවුලේ සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටින්න.
ප්‍රශ්ණයක් අසන්න
සුභාරංචි ප්‍රශ්ණයක් ඇසීමට පවුලේ සාමාජිකයින්ට ආරාධනා කරන්න, ඉන්පසු එම ප්‍රශ්ණයට පිළිතුරු සැපයිය හැකි පද සොයමින් කාලය ගතකරන්න.
ශුද්ධලියවිල්ලක් ප්‍රදර්ශනය කරන්න
ඔබට අර්ථවත් ලෙස සොයාගත් පදයක් තෝරන්න, පවුලේ සාමාජිකයින් එය නිතර දකින තැනක එය ප්‍රදර්ශනය කරන්න. ප්‍රදර්ශනය කිරීම සඳහා ශුද්ධලියවිලි පදයක් තෝරාගැනීමට වාර ලබාගැනීම සඳහා අනෙකුත් පවුල් සාමාජිකයින්ට ආරාධනා කරන්න.
ශුද්ධලියවිලි ලැයිස්තුවක් සාදන්න
පවුලක් ලෙස, ඉදිරි සතිය තුළ ඔබ සාකච්ඡා කිරීමට කැමති පද කිහිපයක් තෝරන්න.
ශුද්ධලියවිලි කටපාඩම් කරන්න
ඔබේ පවුලට අර්ථවත් වන ශුද්ධලියවිලි පදයක් තෝරන්න, එය දිනපතා නැවත නැවත කියමින් කටපාඩම් කිරීමට හෝ කටපාඩම් කිරීමේ ක්‍රීඩාවක් කිරීමට පවුල් සාමාජිකයින්ට ආරධනා කරන්න.
භාණ්ඩ යොදාගන්නා පාඩම් බෙදාගන්න
ඔබ පවුලක් ලෙස කියවන පරිච්ඡේද හා පදවලට අදාළ භාණ්ඩ සොයාගන්න. එක් එක් භාණ්ඩය ශුද්ධලියවිලි වල ඉගැන්වීම්වලට සම්බන්ධ වන ආකාරය ගැන කතා කිරීමට පවුලේ සාමාජිකයින්ට ආරාධනා කරන්න.
මාතෘකාවක් තෝරාගන්න
පවුල එකට එකතුවී ඉගෙනගන්නා මාතෘකාව තෝරාගැනීමට වාර ලබාගැනීම සඳහා පවුලේ සාමාජිකයින්ට ඉඩදෙන්න. එම මාතෘකාවට සම්බන්ධ ශුද්ධලියවිලි පද සොයාගැනීම සඳහා Topical Guide, Bible Dictionary, හෝ Guide to the Scriptures (scriptures.ChurchofJesusChrist.org) භාවිතා කරන්න.
පින්තූරයක් අඳින්න
පවුලක් ලෙස පද කිහිපයක් කියවා, පසුව ඔබ කියවූ දෙයට සම්බන්ධ යමක් ඇඳීමට පවුලේ සාමාජිකයින්ට කාලය ලබා දෙන්න. එකිනෙකාගේ චිත්‍ර ගැන සාකච්ඡා කිරීමට කාලය ගතකරන්න.
කතාවක් රඟදක්වන්න
කතාවක් කියවීමෙන් පසු, එය රඟදැක්වීමට පවුලේ සාමාජිකයින්ට ආරාධනා කරන්න. පසුව, ඔබ තනි තනිව සහ පවුලක් ලෙස අත්විඳින දේවල් සමග එම කතාව සම්බන්ධ වන ආකාරය ගැන කතාකරන්න.
වැඩිහිටි ඩේවිඩ් ඒ. බෙඩ්නර් මෙසේ ඉගැන්වීය: “සෑම පවුලේ යාච්ඤාවක්ම, පවුලේ ශුද්ධලියවිලි අධ්‍යනයේ සෑම කොටසක්ම සහ සෑම පවුල් නිවාස සැඳෑවක්ම අපගේ ආත්මයන්ගේ කැන්වසය මත බුරුසු පහරකි. කිසිම සිදුවීමක් ඉතා ආකර්ෂණීය හෝ මතක තබාගත හැකි බවක් නොපෙනේ. නමුත් කහ, රන්වන් සහ දුඹුරු පැහැති තීන්ත එකිනෙකට අනුපූරක වී ආකර්ෂණීය විශිෂ්ට නිර්මාණයක් බිහිකරනවා සේම, කුඩා දේවල් ලෙස පෙනෙන දේ කිරීමේ අපගේ අඛණ්ඩතාව, සැලකිය යුතු අධ්‍යාත්මික ප්‍රතිඵල ලබාගැනීමකට මෙහෙයවනු ලබයි.” (“More Diligent and Concerned at Home,” Ensign or Liahona, Nov. 2009, 19–20).