එන්න, මා අනුගමනය කරන්න
අගෝස්තු 31–සැප්තැම්බර් 6: “බලවත් ප්‍රීතියෙන් යුත් සුභාරංචිය”


“අගෝස්තු 31–සැප්තැම්බර් 6. හිලමන් 13-16: ‘බලවත් ප්‍රීතියෙන් යුත් සුභාරංචිය,’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: මොර්මොන්ගේ පොත 2020 (2020)

“අගෝස්තු 31–සැප්තැම්බර් 6,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2020

ලාමන්වරයෙකු වූ සාමුවෙල් බිත්ති මත ඉගැන්වීම

ආර්නොල්ඩ් ෆ්‍රිබර්ග් විසින්, ලාමන්වරයෙකු වූ සාමුවෙල් බිත්ති මත ඉගැන්වීම

අගෝස්තු 31–සැප්තැම්බර් 6

හිලමන් 13–16

“බලවත් ප්‍රීතියෙන් යුත් සුභාරංචිය”

ඔබ මේ සතියේ ඔබේ හැඟීම් වාර්තා කරන විට, හිලමන් 13-16 හි ඇති මූලධර්ම ඔබ ශුද්ධලියවිලි වල ඉගෙනගෙන ඇති වෙනත් දේ ගොඩනගා ශක්තිමත් කරන්නේ කෙසේදැයි සිතාබලන්න.

ඔබේ හැඟීම් සටහන් කරන්න

ලාමන්වරයෙකු වූ සාමුවෙල් පළමු වරට සාරාහෙම්ලාහි “සුභාරංචිය” බෙදාගැනීමට උත්සාහ කළ විට (හිලමන් 13:7), දැඩි හදවත් ඇති නෙපිවරුන් විසින් ඔහුව ප්‍රතික්ෂේප කරනු ලැබ එලවා දමනු ලැබීය. සාමුවෙල්ගේ පණිවිඩය ලැබීමෙන් වලක්වන ඔවුන්ගේ හදවත වටා ඔවුන් නොපෙනෙන පවුරක් ගොඩනගා ඇති බවක් ඔබට පැවසිය හැකිය. සාමුවෙල් තමා දුන් පණිවිඩයේ වැදගත්කම වටහාගෙන ඇදහිල්ල විදහා දැක්වූයේ “අනාවැකි කීමට ඔහු නැවත හැරී යා යුතු යැයි” (හිලමන් 13:3) යන දෙවියන්වහන්සේගේ ආඥාව අනුගමනය කිරීමෙනි. සාමුවෙල් කළාක් මෙන්, අප “ස්වාමින්වහන්සේගේ මාර්ගය සූදානම් කරන” විට (හිලමන් 14:9) අපි සියල්ලන්ටම බිත්ති හමුවී එමෙන්ම උන්වහන්සේගේ අනාගතවක්තෘවරුන් අනුගමනය කිරීමට උත්සාහ කරමු. සාමුවෙල් මෙන් අපිත් “නියත වශයෙන්ම පැමිණෙන” සහ “උන්වහන්සේගේගේ නාමය විශ්වාස කරන්නට” කියා සියල්ලන්ටම ආරාධනා කරන, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සාක්ෂි දරන්නෙමු (හිලමන් 13:6; 14:13). සෑම කෙනෙකුම සවන් නොදෙන අතර, සමහරු ක්‍රියාශීලීවම අපට විරුද්ධ විය හැකිය. නමුත් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් මෙම පණිවිඩය විශ්වාස කරන අය එය සැබවින්ම “බලවත් ප්‍රීතියෙන් යුත් සුභාරංචිය” බව සොයාගනී (හිලමන් 16:14).

පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

හිලමන් 13

ස්වාමින්වහන්සේ සිය අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් අනතුරු ඇඟවීම් ලබාදේ.

ශුද්ධලියවිලි තුල, අනාගතවක්තෘවරුන් සමහරවිට අන්තරායන් ගැන අනතුරු අඟවන තාප්පයක හෝ කුළුණක මුරකරුවන් සමග සැසඳේ (යෙසායා 62:6; එසකියෙල් 33:1-7 බලන්න).

සභාපති එම්. රසල් බැලර්ඩ් මෙසේ ඉගැන්වීය: “සියවස් ගණනාවක් පුරා අනාගතවක්තෘවරුන් තම යුතුකම ඉටුකර තිබෙන්නේ ඔවුන් ඉදිරියේ ඇති මිනිසුන්ට අනතුරු ගැන අනතුරු අඟවමිනි. ජීවිතයේ ප්‍රශ්න වලට පිළිතුරු සොයන අයට, උපකාර කිරීමට, බලාගැනීමට, අනතුරු ඇඟවීමට සහ ළඟාවීමට ස්වාමින්වහන්සේගේ ප්‍රේරිතවරුන් යුතුකමකින් බැඳී සිටී” (“God Is at the Helm,” Ensign or Liahona, Nov. 2015, 25).

ඔබ හිලමන් 13 අධ්‍යයනය කර මෙනෙහි කරන විට, සාමුවෙල් දුන් බොහෝ අනතුරු ඇඟවීම් ඔබට සලකුණු කළ හැකිය. නිදසුනක් වශයෙන්, පසුතැවීම ගැන ඔහු ඉගැන්වූයේ කුමක්ද? නිහතමානීකම සහ ධනය ගැන? මෙම අනතුරු ඇඟවීම් ඔබට අදාළ වන්නේ කෙසේද? නූතන අනාගතවක්තෘවරුන් මෑතකදී ලබාදී ඇති අනතුරු ඇඟවීම් මොනවාද, සහ එම අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් ඔබ කළ යුත්තේ කුමක්ද?

සභාපති රසල් එම්. නෙල්සන්

අනාගතවක්තෘවරයා අපව යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතට යොමුකරයි.

හිලමන් 13-15

පසුතැවිලි වන අයට ස්වාමින්වහන්සේ දයාවන්තය.

මුලින්ම, ගැලවුම්කරුවාණන්ගේ පැමිණීම පිළිබඳ ප්‍රීතිමත් ආරංචිය බෙදාගැනීම සඳහා සාමුවෙල්ව නෙපිවරුන් වෙත යවන ලදි (හිලමන් 13:7 බලන්න). ඔවුන් ඔහුව ප්‍රතික්ෂේප කළ නිසා ඔහු දෙවියන්වහන්සේගේ විනිශ්චයන් ගැන දැඩි අනතුරු ඇඟවීම් රැගෙන ආපසු පැමිණියේය. නමුත් එම අනතුරු ඇඟවීම් වලට පසුතැවිලි වීමට දයානුකම්පිත ආරාධනයක් ඇතුළත් විය; හිලමන් 13–15 පුරා මෙම ආරාධනා සොයා බලන්න (විශේෂයෙන් හිලමන් 13:6,11; 14:15–19; 15:7–8 බලන්න). මෙම ආරාධනාවන් ඔබට අදාළ වන්නේ කෙසේද? පසුතැවීම ගැන මෙම පද වලින් ඔබ ඉගෙනගන්නේ මොනවාද? පසුතැවිල්ලෙන් ලැබෙන දෙවියන්වහන්සේගේ දයාව ඔබ අත්වින්දේ කවදාද?

හිලමන් 14; 16:13–23

සංඥා සහ අරුමපුදුම දේ වලට හදවත් දැඩි නොකරන අයගේ ඇදහිල්ල ශක්තිමත් කළ හැකිය.

ගැලවුම්කරුවාණන්ගේ උපත හා මරණය පිළිබඳ සලකුණු ස්වාමින්වහන්සේ විසින් ලබාදුන් හේතුව හිලමන් 14 හි සාමුවෙල් පැහැදිලි කළේය: “එනම් නුඹලා උන්වහන්සේගේ නාමය විශ්වාස කරනු පිණිසය” (හිලමන් 14:12). ඔබ හිලමන් 14 අධ්‍යයනය කරන විට, 1–8 පද වල ඇති ගැලවුම්කරුවාණන්ගේ උපත පිළිබඳ ලකුණු සහ 20–28 පද වල ඇති උන්වහන්සේගේ මරණයේ ලකුණු සටහන් කරන්න. මෙම ලකුණු යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උපත හා මරණය සංකේතවත් කිරීමට ඵලදායී ක්‍රමයක් වනු ඇතැයි ඔබ සිතන්නේ ඇයි?

දෙවියන්වහන්සේව විශ්වාස කිරීමට ඔබට උපකාර කිරීම සඳහා ස්වාමින්වහන්සේ දුන් යම් සලකුණු ගැන ඔබට සිතිය හැකිද? නිදසුනක් වශයෙන්, අනාගතවක්තෘවරුන් විසින් ගැලවුම්කරුවාණන්ගේ දෙවන පැමිණීමට පෙර සංඥා පුරෝකථනය කර ඇත (see “Signs of the Times,” Guide to the Scriptures, scriptures.ChurchofJesusChrist.org). මෙම සංඥා කිසිවක් අපේ කාලයේදී ඉටුවී තිබේද? යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලට තුඩු දෙන වෙනත් සංඥා වඩාත් පෞද්ගලික වියහැකි අතර හා නාට්‍යමය වශයෙන් අඩුවිය හැකිය. ඔබේ ජීවිතයේ උන්වහන්සේගේ හස්තය ඔබ දැක ඇති ආකාරය ගැන මොහොතකට සිතා බලන්න.

හිලමන් 16:13–23 දක්වා ඇති සලකුණු ගැන දී ඇති අනතුරු ඇඟවීම් මොනවාද? මෙම පදවල විස්තර කර ඇති ජනතාවගේ ආකල්ප වලින් ඔබ වැළකී සිටින්නේ කෙසේද?

තවත් බලන්න ඇල්මා 30:43–52; Ronald A. Rasband, “By Divine Design,” Ensign or Liahona, Nov. 2017, 55–57.

හිලමන් 16

අනාගතවක්තෘවරයාගේ උපදෙස් අනුගමනය කිරීමෙන් මා ස්වාමින්වහන්සේට සමීප කරවයි.

වැඩිහිටි නීල් එල්. ඇන්ඩර්සන් මෙසේ ඉගැන්වූයේය: “මම දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරයාගේ වචන යාච්ඤාපූර්වකව අධ්‍යයනය කර සහ ඉතා ප්‍රවේසමෙන්, ඉවසිලිවන්තව, ඔහුගේ ආනුභාව ලත් ඉගැන්වීම් සමග මගේ කැමැත්ත අධ්‍යාත්මිකව පෙළගස්වන විට, ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි මාගේ ඇදහිල්ල සෑමවිටම වැඩිවන බව මට පෙනී ගියේය. අපි ඔහුගේ උපදෙස් පසෙකට දමා වඩා හොඳින් දන්නා බව තීරණය කළහොත්, අපගේ ඇදහිල්ල කඩාවැටෙන අතර අපගේ සදාකාලික ඉදිරිදර්ශනය වලාකුළු වලින් වැසී යයි” (“The Prophet of God,” Ensign or Liahona, May 2018, 26–27). වැඩිහිටි ඇන්ඩර්සන් ඉගැන්වූ දේ හිලමන් 16 හි නෙපිවරුන්ගේ වචන සහ ක්‍රියාවන් සනාථ කරන්නේ කෙසේද? ස්වාමින්වහන්සේගේ අනාගතවක්තෘවරුන් සහ ඔවුන්ගේ පණිවිඩ සම්බන්ධයෙන් ඔබ කළ යුතු යැයි හැඟෙන පෞද්ගලික බැඳීම් මොනවාද?

පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ පවුල් නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

ඔබ ඔබේ පවුලේ අය සමග ශුද්ධලියවිලි කියවන විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළ යුතු හා සාකච්ඡා කළ යුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න අදහස් කිහිපයක්.

හිලමන් 13:3–4

හිලමන් 13:3-4 හි ස්වාමින්වහන්සේගේ ආඥාවට සාමුවෙල් දැක්වූ ප්‍රතිචාරය ගැන ඔබේ පවුලේ අයව පොළඹවන්නේ කුමක්ද? මේ සතියේ ඔබගේ පවුලේ අධ්‍යයනය අතරතුර, “[ඔවුන්ගේ] හදවතට එන හැඟීම්” බෙදාගැනීමට ඔබට පවුලේ සාමාජිකයන් දිරිමත් කළ හැකිය.

හිලමන් 13:38

“අයුක්තිය කිරීමෙන්” සතුට සොයාගත හැකිය යන අදහස අපේ කාලයේ බහුලව දක්නට ලැබේ. සුභාරංචිය අනුව ජීවත්වීමෙන් අපට සැබෑ සන්තෝෂය ලැබී ඇත්තේ කිනම් ආකාර වලින්ද?

හිලමන් 15:3

දෙවියන්වහන්සේගේ නිවැරදි කිරීම උන්වහන්සේ අප කෙරෙහි ඇති ප්‍රේමය පෙන්වන්නේ කෙසේද? වැඩිදියුණුවීම සඳහා තමන්ට කළ හැකි දේ ගැන නිහතමානීව ස්වාමින්වහන්සේගෙන් විමසීමට පවුලේ සාමාජිකයන්ට ආරාධනා කරන්න.

හිලමන් 15:5–8

මෙම පදවල විස්තර කර ඇති ලාමන්වරුන්ගේ හැරීම ගැන අප ඉගෙනගන්නේ කුමක්ද? ඔවුන්ගේ ආදර්ශය අපට අනුගමනය කළ හැක්කේ කෙසේද?

හිලමන් 16:1–3

ලාමන්වරයෙකු වන සාමුවෙල්ගේ කතාව රඟපෑමට ඔබේ පවුලේ අය කැමතිද? එම වාර්තාව කියවීමෙන් පසු, පවුලේ සාමාජිකයින් එකිනෙකා වාර ලබාගනිමින් පුටුවක් මත සිටගෙන සාමුවෙල්ගේ සමහර අනාවැකි කියවීමට හැකි අතර අනෙක් පවුලේ සාමාජිකයන් ඊතල විදීමට හෝ ගල් ගසන ලෙස මවාපෙන්වීමට හැකිය. සාමුවෙල්ට සහ නෙපිවරුන්ට හැඟුණේ කෙසේද යන්න තේරුම්ගැනීමට මෙය ඔබගේ පවුලේ අයට උපකාර කරයි. කුඩා දරුවන් කතාවේ පින්තූර ඇඳිමෙන් විනෝද විය හැකිය. අපගේ බිය නොතකා අපට සාමුවෙල් මෙන් වී අන් අය සමග සුභාරංචිය බෙදාගත හැක්කේ කෙසේද?

දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, බලන්න Come, Follow Me—For Primary හි this week’s outline.

පුද්ගලික අධ්‍යයනය වර්ධනය කරගැනීම

රටාවන් ගැන සොයාබලන්න. රටාවක් යනු කාර්යයක් ඉටුකිරීම සඳහා මාර්ගෝපදේශයක් ලෙස භාවිතා කළ හැකි සැලැස්මක් හෝ ආකෘතියකි. මිනිසුන්ට අනතුරු ඇඟවීම සඳහා තම සේවකයන් යැවීම වැනි, ස්වාමින්වහන්සේ තම කාර්යය ඉටුකරන ආකාරය පෙන්වන රටාවන්, ශුද්ධලියවිලි වල අපට හමුවේ.

ලාමන්වරයෙකු වූ සාමුවෙල් උගන්වමින්

© The Book of Mormon for Young Readers, Samuel the Lamanite, බ්‍රයානා ශෝක්‍රොෆ්ට් විසින්; පිටපත් නොකළ යුතුය