2020
එන්න, මා අනුගමනය කරන්න තුළින් දේවසේවය කිරීම
2020 සැප්තැම්බර්


එන්න, මා අනුගමනය කරන්න තුළින් දේවසේවය කිරීම,” ලියහෝනා, 2020 සැප්තැම්බර්

රූපය
දේවසේවය

දේවසේවා මූලධර්ම, 2020 සැප්තැම්බර්

එන්න, මා අනුගමනය කරන්න තුළින් දේවසේවය කිරීම

අන් අයගේ ජීවිත වල වෙනසක් කිරීමට එන්න, මා අනුගමනය කරන්න ඔබට උපකාර කරන්නේ කෙසේද?

ඔබ ඔබේ පවුලේ අය සමඟ වේවා, ඉරුදින පාසැල් පන්ති කාමරයක ගුරුවරයෙකු හෝ ශිෂ්‍යයෙකු හෝ, පාසැලේ, රැකියාවෙහි හෝ වෙනත් තැනක හෝ වේවා, එන්න, මා අනුගමනය කරන්න හරහා ශුද්ධලියවිලි අධ්‍යයනය අන් අයට සේවය කිරීමට ඕනෑ තරම් අවස්ථාවන් ලබාදෙනු ඇත. ඉගැන්වීම, “ඉරිදා සාකච්ඡාවක් මෙහෙයවීමකට වඩා වැඩි දෙයකි; එයට ප්‍රේමයෙන් දේවසේවය කිරීම සහ ශුභාරංචිය තුළින් අන් අයට ආශිර්වාද කිරීම ඇතුළත් වේ.”1

ශිෂ්‍යයන් සමග සම්බන්ධ වීම

මෙක්සිකෝ නගර කොට්ඨාශයේ තරුණ තරුණියන්ට ඉගැන්වීම සඳහා ඔෆෙලියා ට්‍රෙජෝ ද කෝර්ඩෙනාස්ව කැඳවූ විට, ඉරිදා පාසැලේ ඇගේ සෑම ශිෂ්‍යයෙකු සමගම කිට්ටු සම්බන්ධතාවයක් පැවැත්වීම මගින්, ඔවුන්ට ඉගැන්වීමට හා ඔවුන්ව ශක්තිමත් කිරීමට ඇති හැකියාව වැඩි කරනු ඇතැයි ඇයට දැණුනි.

“මට මගේ ශිෂ්‍යයන් සමඟ කිට්ටු සම්බන්ධතාවයක් නොමැති නම් සහ ඔවුන්ට මගේ ආදරය දැනෙන්නේ නැතිනම්, මම පන්තියක් උගන්වන විට හෝ මගේ සාක්ෂිය දරන විට ඔවුන් මා විශ්වාස නොකරනු ඇත,” ලෙස ඇය පැවසුවාය. “මම ඉරිදා පාසල් ගුරුවරයෙක් පමණක් බව ඔවුන්ට හැඟෙනු ඇත.”

නමුත් ඇය සති දෙකකට වරක් පමණක් ඉගැන්වූවා නම් කෝර්ඩෙනාස් සහෝදරිය එවැනි සම්බන්ධතාවයක් ගොඩනඟාගන්නේ කෙසේද? ඇය තාක්‍ෂණය තුළින් පිළිතුර සොයාගත්තාය. වට්ස් ඇප් යන ජංගම දුරකථන යෙදුම භාවිතා කරමින් ඇය සහ ඇයගේ සිසුන් හඬ හා කෙටි පණිවිඩ හරහා දිනපතා සම්බන්ධ වෙමින් සිටියහ. දැන්, ඊළඟ ඉරුදින පාසැල් පාඩමට පෙර සෑම දිනකම ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වන ශිෂ්‍යයෙකු පන්තියේ අනෙකුත් සාමජිකයන්ට එම ඊළඟ පාඩමෙන් ශුද්ධලියවිලි පදයක් එයට අදාළ පෞද්ගලික අදහසක් සමඟ යවනු ලබයි. පදය සහ අදහස කියවීමෙන් පසු, පන්ති සාමාජිකයන් ඔවුන්ගේම අදහස් වලින් ප්‍රතිචාර දක්වයි.

“ඔවුන් ශුද්ධලියවිල්ල කියවූ විට, ප්‍රීතිමත් මුහුණක් එවනවා, එම නිසා ඔවුන් ශුද්ධලියවිල්ල කියවා හෝ අධ්‍යයනය කර ඇති බවත් ඔවුන් ඒ ගැන සිතූ බවත්, මම දන්නවා” කෝර්ඩෙනාස් සහෝදරිය පැවසුවාය. ඊළඟ ඉරිදා පාඩම සඳහා කාලය පැමිණි විට, සිසුන් සහභාගී වීමට සූදානම්ව සිටී.

මෙම දෛනික සම්බන්ධතාවය මෑතකදී සභාව තුළ දෙමාපියන් ක්‍රියාකාරීව නොසිටි එක් තරුණ වැඩිහිටියෙකුට ආශිර්වාද කළේය.

කෝර්ඩෙනාස් සහෝදරිය මෙසේ පැවසුවාය, “ඔහු සභාවට පැමිණෙනවා දුටු විට මම බොහෝ සතුටට පත්වනවා, ඒ එහි පැමිණීමට ඔහුට අභියෝග කිහිපයක් ජයගැනීමට සිදුවූ බව මම දන්නා හෙයින්ය.” “ඔහුගේ පන්තියේ ළමයින් එවූ ශුද්ධලියවිලි පද සහ අදහස් මෙන්ම ඔහුගේ වාරය පැමිණි විට ඔහු යැවූ ශුද්ධලියවිලි පද සහ අදහස් ඔහුව බොහෝ ශක්තිමත් කර ඇති බව, මට විශ්වාසයි.”

ශුද්ධලියවිලි තුළින් දේවසේවය කිරීම ඇගේ ඉරිදා පාඩම සහ ඇගේ පන්තියේ දෛනික ශුද්ධලියවිලි සම්බන්ධය සමඟ නතර නොවන බව කෝර්ඩෙනාස් සහෝදරිය පැවසුවාය.

“මගේ සූදානමට මගේ සිසුන් වෙනුවෙන් යාච්ඤා කිරීම ඇතුළත් වනවා,” ඇය පැවසුවාය. “මම ඔවුන් ගැන ඉරිදා පමණක් නොව සතියේ සෑම දිනකම සිතමි. ඔවුන්ගෙන් සෑම කෙනෙකුටම නිශ්චිත හා වෙනස් අවශ්‍යතා ඇත. සෑම කෙනෙකුම දෙවියන්වහන්සේගේ දරුවෙකි. මගේ පාඩම් සූදානම් කරන අතරතුර මම ඔවුන් ගැන සිතමි.”

ඇය උගන්වන විට, ඇගේ සිසුන්ට මෙන්ම ශුද්ධාත්මයාණන්ටද ඇය සවන් දුන්නාය.

“ගුරුවරයා ආත්මයාණන්වහන්සේය,” කියා ඇය නිතරම ඇගේ ශිෂ්‍යයන්ගේ හඬින් අසයි. “ඔවුන් පවසන්නේ ආත්මයාණන්වහන්සේ ඔවුන් හට දෙනු ලබන එළිදරව් නිසා මම ඔවුන් කියනා දෙයට අවධානය යොමුකළ යුතුය.”

අපගේ පන්තිය “නිවාස සැඳෑව මෙනි”

කාර්ලා ගුටීරෙස් ඔර්ටෙගා කෝර්ඩෝබා හට කෝර්ඩෙනාස් සහෝදරියගේ ඉරුදින පාසල් පන්තියේ සාමාජිකයෙකු වීමට ලැබීම භාග්‍යයක් ලෙස හැඟෙන්නේ එහි පෝෂණය කිරීමේ සහ දේවසේවය කිරීමේ පරිසරය නිසාය. කාර්ලා එම පරිසරය සාධක කිහිපයකට ආරෝපණය කරයි, එනම්:

  • සූදානම් වීම: ශුද්ධලියවිලි පද සහ අදහස් බෙදාගැනීම ශිෂ්‍යයන් හට ඊළඟ පන්තිය සඳහා සූදානම් වීමට උපකාරී වේ. “දිනපතා ශුද්ධලියවිලි පද අපව පෝෂණය කර අපගේ දැනුම පුළුල් කරයි” යැයි ඇය පැහැදිලි කළාය.

  • සහභාගි වීම: “අපි සෑම කෙනෙකුම කතා කරමු. මගේ පන්තියේ ළමයින්ව මිතුරන් ලෙස සහ සහෝදර සහෝදරියන් ලෙස වඩාත් ගැඹුරින් දැනගැනීමට මෙය මට ඉඩ සලසයි.”

  • ආදරය: “කෝර්ඩෙනාස් සහෝදරිය ඔබව අතින් ගනු ඇත. අපේ පන්තිය සහෝදර සහෝදරියන් කිහිපදෙනෙකුගෙන් සමන්විත, නිවාස සැඳෑවක් මෙන් දැනේ. එය ඉතා විශේෂයි.”

  • ශුද්ධාත්මයාණන්වහන්සේ: “අපගේ පන්තියේ ප්‍රසන්න, සුහදශීලී ස්වභාවයක් අප තුළ ඇත්තේ අප ආත්මයාණන් සමඟ එකම පිටුවක සිටින බැවින්ය.”

  • සාක්ෂිය: “එන්න, මා අනුගමනය කරන්න මගේ සාක්ෂිය බෙදාගැනීමට සූදානම් වීමට මට උපකාරී වී ඇත. මට මොර්මොන්ගේ පොත හා බයිබලය පිළිබඳ ගැඹුරු දැනුමක් තිබේ. එමඟින් මම ඉගෙනගන්නා දේ පාසැලේදී මගේ පන්තියේ මිතුරන් සමඟ බෙදාගැනීමට සහ රැකියා ස්ථානයේ පුද්ගලයන් සමඟ බෙදාගනීමට මට ඉඩ සලසයි.”

අධ්‍යාත්මික අවශ්‍යතාවයන් වලට දේවසේවය කිරීම

ඇමරිකා එක්සත් ජනපදයේ, කෙන්ටකිහි, ග්‍රෙග් සහ නිකී ක්‍රිස්ටෙන්සන් ඔවුන්ගේ පුතුන් තිදෙනා සමඟ ශුද්ධලියවිලි වල ආබ්‍රහම්ගේ ගිවිසුම ගැන කියවූ විට ඔවුන්ට එය පැහැදිලි කිරීම දුෂ්කර විය. ඔවුන් සෑමකෙනෙක්ම ආබ්‍රහම්ගේ ගිවිසුම තනිවම අධ්‍යයනය කර ඔවුන් සොයාගත් දේ බෙදාගැනීමට ඔවුන් පවුලක් ලෙස තීරණය කළෝය.

“අපට සිත්ගන්නා සුළු අදහස් කිහිපයක් ලැබුණා,” ග්‍රෙග් පැවසුවේය. “අපගේ අට හැවිරිදි පුතා ආබ්‍රහම්ගේ නම ආබ්‍රම් බව ඉගෙනෙගෙන තිබුණි. ඔහුගේ නම ආබ්‍රහම් ලෙස වෙනස් වූයේ පාපයෙන් ඉවත් වී ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන බවට ස්වාමින්වහන්සේට පොරොන්දුවක් දුන් බැවිනි. ඔහුට එය ඉදිරිපත් කිරීමට හැකිවීම ගැන මම පුදුමයට පත්වුණෙමි.”

ඔවුන් සියලුදෙනාම අලුත් දෙයක් ඉගෙනගත් අතර ආබ්‍රහම්ගේ ගිවිසුම යනු කුමක්ද සහ අද පසු-දවස්වල ශුද්ධවන්තයන් හට එයින් අදහස් වන්නේ කුමක්ද යන්න පිළිබඳව හොඳ සාකච්ඡාවක් පැවැත්වීය.

“අපි අපගේ පවුලේ ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා යන්තම් ශුද්ධලියවිලි පද කියවීමට පුරුදුව සිටියෙමු,” ලෙස නිකී පැවසුවාය. “ආත්මයාණන් විසින් ඉගැන්වීම සඳහා එන්න, මා අනුගමනය කරන්න වැඩි නැඹුරුවක් දක්වයි. දැන් අපි එකට අධ්‍යනය කරන විට, අපගේ පවුලේ අවශ්‍යතා මත පදනම්ව අපගේ සාකච්ඡා වෙනත් දිශාවකට ගෙන යාමට ආත්මයාණන්වහන්සේගේ සියුම් පෙළඹවීම් මට දැනේ.”

එන්න, මා අනුගමනය කරන්න භාවිතා කිරීම ඔවුන්ගේ පවුලට, පවුලේ ශුභාරංචි අධ්‍යයනය කෙරෙහි වැඩියෙන් නියැලීමට හා උනන්දුවක් දැක්වීමට උපකාර වූවා පමණක් නොව, නමුත් එය ග්‍රෙග්ට සහ නිකීට තම දරුවන්ගේ අධ්‍යාත්මික අවශ්‍යතා සපුරාලීමටද උපකාර කර ඇත.

එන්න, මා අනුගමනය කරන්න මගේ දරුවන්ට ඉගැන්වීමට මට උපකාර කරයි,” යනුවෙන් නිකී පැවසුවාය. “සමහරවිට මගේ දරුවන් සමඟ ඇති විවිධ අභියෝගයන්ට මුහුණදීමටත් එය මට උපකාර කරයි. මට ආත්මයාණන් සමඟ වඩාත් එකඟ බවක් දැනේ, මම වඩාත් සමීපව සවන්දෙනවා මෙන්ම, සෑම දරුවෙකුටම උපකාර කළ හැකි ආකාරය පිළිබඳ මට පෙළඹවීම් ලැබුණි.”

එන්න, මා අනුගමනය කරන්න පවුල තුළ ඇති කිරීමට උපකාරී වන දිගු ශුභාරංචි සාකච්ඡා වලට ග්‍රෙග් ප්‍රිය කළේය. “අපේ පුතුන් සියල්ලෝම ඔවුන්ගේ ශුභාරංචි දැනුමෙන් ඔවුන් සිටින තැන වෙනස්,” යැයි ඔහු පැවසුවේය. “එන්න, මා අනුගමනය කරන්න ඔවුන් සෑම කෙනෙකුම ඔවුන්ගේ අවශ්‍යතා මත පදනම්ව ඉගෙනගැනීමට උපකාර කිරීමට අපට මාර්ගයක් ලබාදී ඇත. ඔවුන් ශුභාරංචියට දක්වන ඇල්ම වර්ධනය වන ආකාරය දැකීම සහ ඔවුන්ගේ ජීවිත තුළ ශුභාරංචි දැනුම යොදාගත හැකි ආකාරය ඔවුන් විසින් වටහාගනු ලබනවා දැකීම අපූරු ආශිර්වාදයකි.”

සටහන්

  1. Come, Follow Me—for Sunday School: Book of Mormon 2020 (2019), 19.