“ස්වාධීනත්වය තුළින් දේවසේවය කිරීම,” ලියහෝනා, 2020 අගෝස්තු
දේවසේවා මූලධර්ම, 2020 අගෝස්තු
ස්වාධීනත්වය තුළින් දේවසේවය කිරීම
අන් අයට ස්වාධීන වීමට උපකාර කිරීම යනු ස්වාමින්වහන්සේගේ ආකාරයෙන් සැපයීම සහ දේවසේවය කිරීමයි.
අපගේ පවුලේ සාමාජිකයන්, මිතුරන් සහ අසල්වාසීන් බොහෝ දෙනෙක් වඩාත් ස්වාධීනත්වයෙන් යුතුව කටයුතු කිරීමට උනන්දු වෙති. සභාවේ ස්වාධීනත්ව මුලපිරීම භාවිතා කිරීමෙන්, “මහත් බලාපොරොත්තුවක්, සාමයක් සහ ප්‍රගතියක්” ගෙනෙන ප්‍රතිපත්ති සමග ඒවා අන් අයට ආශිර්වාද කරන නිසා, සභාවේ සාමාජිකයන් සේවය කිරීමට, රැකබලා ගැනීමට හා දේවසේවයේ යෙදීමට අවස්ථා සොයාගනිති.1
“මම ගෙදර සිටියෙමි”
ඇමරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා හි ක්‍රිසි කෙප්ලර් විසිනි
අවුරුදු අටක් නිවසේ රැඳී සිටින මවක් වීමෙන් පසුව නැවත ශ්‍රම බලකායට පිවිසීමට උත්සාහ කරමින්, දික්කසාදයෙන් පසු මම මූල්‍යමය වශයෙන් පොරබදමින් සිටියෙමි. මම යෞවන වියේ සිටම සභා ශාලාවකට පා තැබුවේ නැතත්, සත්‍යය හා ඇදහිල්ල සොයමින් මා අධ්‍යාත්මිකවද අරගල කරමින් සිටියෙමි.
එක් ඉරිදා දිනක සභාවේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ, මගේ වැඩිමහල් සහෝදරිය වන ප්‍රිසිලාගේ නිවසේ මා රෙදි සෝදන කටයුතු කරමින් සිටියෙමි. මම එහි සිටියදී, ප්‍රිසිලා ඇගේ පවුලේ අය සමග සභාවට එන ලෙස මට ආරාධනා කළාය—එය අවුරුදු 15 කට වැඩි කාලයක් තුළ මට ලැබුණු පළමු ආරාධනයයි.
මා මුලින් පසුබට වූ නමුත් පෙර දින රාත්‍රියේ, දෙවියන්වහන්සේට සමීප වන්නේ කෙසේදැයි මට පෙන්වන ලෙස මම උන්වහන්සේගෙන් අයැද සිටියෙමි. දැනුණු අභ්‍යන්තර කඹ ඇදීමෙන් පසු, “වැඩිහිටියෙකු ලෙස ඔබේම හදවතින් හා ඇස් වලින් ඔබම ඇසීමට හා බැලීමට නොයන්නේ ඇයි? දැයි මම නිගමනය කළෙමි.
අප සක්‍රමේන්තු රැස්වීමේ සිටියදී, පුද්ගලික මූල්‍ය පිළිබඳ ස්වාධීනත්ව පාඨමාලාවක් පිළිබඳ නිවේදනය කරන පත්‍රිකාවක් ඉරුදින නිවේදන පුවරුවේ මම දුටුවෙමි. මා නැවත සභාවට යාමට සූදානම් නැති නමුත්, සති 12 ක පාඨමාලාව වෙත මා ඇදීයනවා මෙන් දැණුනි. මගේ සහෝදරිය සහ මස්සිනාගේ දිරිගැන්වීම ඇතිව, අයවැය සකස් කර ණය ගෙවන්නේ කෙසේද යන්න පමණක් ඉගෙනගැනීමට බලාපොරොත්තුවෙන් මම ලියාපදිංචි වුණෙමි. කෙසේවෙතත්, එම පන්ති මාව ආත්මිකව වෙනස් කළේය.
පන්තියේ පළමු සති දෙක තුළ, අධ්‍යාත්මික පණිවිඩ වලින් මම පුදුමයට පත් වූ නමුත්, තෙවන පන්තිය අතරතුරදී, මම ගෙදර සිටින බවත් අලුත් නමුත් හුරුපුරුදු සත්‍ය අසන බව තහවුරු කිරීමේ හැඟීමකින් මම යටපත් වුණෙමි. මම පන්තියෙන් පිටත් වී ප්‍රිසිලා බැලීමට කෙළින්ම ගියෙමි. “මගේ ජීවිතයේ මේ හැඟීම වැඩි කරගන්නේ කෙසේද?” කියා කඳුළු සලමින් මම ඇයගෙන් ඇසුවෙමි. ධර්මදූතයින් මට ඉගැන්වීම ආරම්භ කිරීම සඳහා ඇය කටයුතු සූදානම් කළාය.
මගේ ස්වාධීනත්ව පන්තියේ සාමාජිකයන් මගේ ධර්මදූත පාඩම් වලට පැමිණ මට සහාය විය. ඔවුන් මගේ අධ්‍යාත්මිකත්වයට සදාකාලික බලපෑමක් ඇති කළ අතර ශුභාරංචිය හා නූතන අනාගතවක්තෘවරුන් පිළිබඳ සාක්ෂියක් වර්ධනය කරගැනීමට මට උපකාර කළහ.
පාඨමාලාව හැදෑරීමට ගතවූ කාලය තුළ මම ලෞකික හා අධ්‍යාත්මික වෙනස්කම් කිහිපයක් සිදුකරගත්තෙමි. මම හොඳ සමාගමක් සමග නව වෘත්තියක් ආරම්භ කළ අතර, ණය කිහිපයක්ද ගෙවා දැමුවෙමි.
නමුත් පාඨමාලාවෙන් ලද ගැඹුරු, මිහිරි ආශිර්වාද අතරට ලස්සන මිත්‍රත්වයන් ඇතිකරගැනීම, දිරිගන්වන සභානායකවරයෙකු සමග ධනාත්මක සම්බන්ධතාවයක් ගොඩනගාගැනීම, දසයෙන් කොටස පිළිබඳ සාක්ෂියක් සොයාගැනීම, මගේ දේවමාළිගාවේ නිර්දේශය ලැබීම, බලයෙන් සැරසීම සහ මගේ වැඩිමහල් දරුවන් දෙදෙනා බව්තීස්ම වීම දැකීම ඇතුළත් විය.
මගේ ස්වාධීනත්වය සඳහා මාවත තවමත් දිගහැරෙමින් පවතී, නමුත් මගේ ගමනේ ඉතිරි කාලය සඳහා, මම ඉගෙනගත් පාඩම් සහ මා ඇතිකරගත් මිත්‍රත්වයන් අගය කරමි.
“මා සෑම පන්තියකින්ම පිටවූයේ ආදරයේ හැගීමකිනි”
2016 දෙසැම්බරයේ ඇගේ 10 හැවිරිදි පුත් වින්සන්ට් සමග යූටා හි සෝල්ට් ලේක් නගරයේ දේවමාළිගා චතුරස්‍රය බැලීමට ගිය විට, කේටි ෆන්ක් තමා “පහසුවෙන්ම නිරාගාමිකවාදියෙකු” ලෙස සැලකුවාය. ඇය වයස අවුරුදු 16 දී සභාවෙන් ඉවත් වී, වයස අවුරුදු 17 වන විට තනිකඩ මවක් බවට පත්වී, සමේ රූප කොටා ගැනීමට පටන්ගත් අතර, කෝපි සඳහා රුචියක්ද ඇතිකර ගත්තාය. නමුත් එම දේවමාළිගා චතුරස්‍රය බැලීම අතරතුර, වින්සන්ට් හට ශුද්ධාත්මයාණන් දැනුණු අතර තමන්ට ධර්මදූත පාඩම් ඉගෙනගත හැකිදැයි ඔහුගේ මවගෙන් විමසුවේය.
සතියකට පැය 80ක වැඩ ඇති සිය රැකියා දෙක නොතකා, ධර්මදූතයන්ගේ බැහැදැකීම් අතරතුර ඔහුගේ ප්‍රශ්න වලට පිළිතුරු ගවේෂණය කරමින් කේටි, වින්සන්ට් සමග ශුභාරංචිය හැදෑරුවාය. 2017 ගිම්හානය වන විට ඇය සභාවේ රැස්වීම් වලට සහභාගී වීමට පටන්ගත් අතර එහිදී ඇය සභාවේ ස්වාධීනත්ව පාඨමාලා ගැන ඉගෙනගත්තාය.
“ඒවා මට උදව් කළ හැකි දෙයක් බව මට තේරුණා” ලෙස ඇය පැවසුවාය. “සමහරවිට මට රැකියාවන් දෙකක් කිරීමට හෝ මගේ ජීවිත කාලය පුරාම මගේ දෙමාපියන් වෙත නැඹුරු වීමට අවශ්‍ය නොවනු ඇත.”
කේටි සිය පාඨමාලාව හැඳින්වූයේ “ඇදහිය නොහැකි තරම් තාවකාලිකව හා අධ්‍යාත්මිකව ශක්තිමත් කරන්නක්” ලෙසටයි, ඒ ඇය ඉගෙනගත් දේ නිසා පමණක් නොව, ඇගේ ස්වාධීනත්ව කණ්ඩායම ඇයව පිළිගෙන ඇයට දේවසේවය කළ ආකාරය නිසාද විය.
© 2020 by Intellectual Reserve, Inc. All rights reserved. ඇමරිකා එක්සත් ජනපදයේ මුද්‍රණය කර ඇත. ඉංග්‍රීසි අනුමැතිය: 6/19. පරිවර්තන අනුමැතිය: 6/19. Ministering Principles, August 2020 හි පරිවර්තනයකි. Sinhala. 16723 408