2020
ප්‍රධාන සම්මන්ත්‍රණය හරහා දේවසේවය කිරීම
2020 අප්‍රියෙල්


“ප්‍රධාන සම්මන්ත්‍රණය හරහා දේවසේවය කිරීම,” ලියහෝනා, 2020 අප්‍රියෙල්

රූපය
දේවසේවය

දේවසේවා මූලධර්ම, 2020 අප්‍රියෙල්

ප්‍රධාන සම්මන්ත්‍රණය හරහා දේවසේවය කිරීම

දෙවියන්වහන්සේගේ සේවකයන්ගේ සියලු උතුම් උපුටා දැක්වීම්, පවුල් සම්ප්‍රදායන් සහ ඉගැන්වීම් සමග, ප්‍රධාන සම්මන්ත්‍රණ සතිඅන්තයට පෙර, එම කාලය තුළ සහ පසුව දේවසේවයේ යෙදීමට බොහෝ ක්‍රම ලබාදෙයි!

ධර්මදූත සූදානම් කිරීමේ පන්ති ගුරුවරුන් වශයෙන්, සුසී සහ ටොම් මුලන් ඔවුන්ගේ පන්තිවල සාමාජිකයින්ට ප්‍රධාන සම්මන්ත්‍රණය නැරඹීමට යමෙකුට ආරාධනා කරන ලෙස නිතිපතා දිරිමත් කළෝය.

“යම්දෙයක් කිරීමට යමෙකුට ආරාධනා කිරීම ධර්මදූත සේවයේ අනිවාර්ය අංගයක් වන අතර එය දේවසේවයටද එසේම අදාළ වේ,” කියා ඇය පැවසුවාය. “අපගේ ශිෂ්‍යයන් එය ඔවුන්ට සහ ඔවුන් ආරාධනා කළ පුද්ගලයාට කෙතරම් හොඳින් බලපෑවේද යන්න පිළිබඳව නිරන්තරයෙන් වාර්තා කරති.”

මේ ඔවුන්ගේ සිසුන් ළඟාවීමට වාර්තා කළ ක්‍රම කිහිපයකි:

  • “පොරබදමින් සිටින ගැටලු කිහිපයක් ඇති මිතුරෙකුට අපි දේවසේවය කරන්නෙමු. පිළිතුරු සඳහා ප්‍රධාන සම්මන්ත්‍රණයට සවන්දෙන ලෙස අපි ඔහුට ආරාධනා කළෙමු. සම්මන්ත්‍රණයෙන් පසු අප ඔහු හමුවූ විට, ඔහු අපට පැවසුවේ ඔහුට උපකාර වන බොහෝ අදහස් ඇසුණු බවයි.”

  • “අප ප්‍රධාන සම්මන්ත්‍රණ සාදයක් පැවැත්වූ අතර සෑමකෙනෙකුම බෙදාගැනීමට කැවිලි වර්ග ගෙනැවිත් තිබුණි. එය කෙතරම් විනෝදජනකද වූයේද යත්, අපි එය නැවත පැවැත්වීමට තීරණය කළෙමු.”

  • “මා සමග ප්‍රධාන සම්මන්ත්‍රණය නැරඹීමට මම මිතුරෙකුට ආරාධනා කළෙමි. අප ඒ ගැන කතා කරද්දී, අපට එය එහි නැරඹිය හැකිද යන්න බැලීමට අපි රැස්වීම් ශාලාවට යාමට තීරණය කළෙමු. අප එය කළ අතර, එහි සිටීම හොඳම අත්දැකීමක් විය!”

මුලන්ස් සහ ඔවුන්ගේ සිසුන් ඉගෙනගෙන ඇති පරිදි, ප්‍රධාන සම්මන්ත්‍රණය හරහා දේවසේවය කිරීමට බොහෝ ක්‍රම තිබේ. එය උපුටා දක්වන පොළඹවන සුළු පාඨ, පවුල් සම්ප්‍රදායන්, අර්ථවත් සාකච්ඡා සහ දෙවියන්වහන්සේගේ සේවකයන්ගේ ඉගැන්වීම් බෙදාගැනීමට අපූරු ක්‍රමයකි!

ඔබේ නිවසට අන් අයට ආරාධනා කරන්න

“මා නුඹලාට ප්‍රේම කළාක්මෙන් නුඹලාත් එකිනෙකාට ප්‍රේමකරන ලෙස’ ගැලවුම්කරුවාණන් උන්වහන්සේගේ අනුගාමිකයින්ට ආඥා කළ සේක (යොහාන් 13:34). ඉතින් අපි උන්වහන්සේ අපට ප්‍රේමකළ ආකාරය බලමු. … අප උන්වහන්සේව අපගේ ආදර්ශවත් භූමිකාව බවට පත්කරන්නේ නම්, අප සැමවිටම උත්සාහ කළයුත්තේ සියල්ලන්ම ඇතුළත් කරගැනීමට ලඟාවීමයි.” —සභාපති ඩාලින් එච්. ඕක්ස්1

මීට වසර ගණනාවකට පෙර අපේ අපූරු නිවාස ගුරුවරයා වන මයික් මගේ දරුවන් තිදෙනාට සහ මට ප්‍රධාන සම්මන්ත්‍රණය නැරඹීමට ඇත්තේ කුඩා ලැප්ටොප් පරිගණකයක් පමණක් බව දුටුවේය. ඔහු අප ඇසුරට කැමති බව කියා ඔහු සහ ඔහුගේ බිරිඳ ජැකී සමග එය නැරඹීමට ඔහුගේ නිවසට පැමිණෙන ලෙස වහාම අපට ආරාධනා කළේය. සැබෑ රූපවාහිනියක සම්මන්ත්‍රණය නැරඹීමෙන් මගේ දරුවන් සතුටට පත් වූහ; සහයෝගය ලැබීම මම බෙහෙවින් අගය කළෙමි; තවද අපි සැවොම අපගේ කාලය එක්ව ගතකිරීම ගැන ප්‍රියකළෙමු.

එයට පසු, ප්‍රධාන සම්මන්ත්‍රණය එකට එක්ව නැරඹීම සම්ප්‍රදායක් විය. අපට අපේම රූපවාහිනියක් ලැබුණත්, ප්‍රධාන සම්මන්ත්‍රණය සඳහා අපි තවමත් සතුටින් අපගේ කොට්ට, සටහන් පොත් සහ සුළු කෑම සමග මයික් සහ ජැකී වෙත පියමනිමු. අනාගතවක්තෘවරුන්ගේ වචන එකට එක්වී ඇසීම වඩාත් සුවිශේෂී විය. අප පවුලක් බවට මෙන් පත්විය. මයික් සහ ජැකී මගේ හොඳම මිතුරන් කිහිපදෙනා අතරට එක්වූ අතර මගේ දරුවන්ට දෙවන ආච්චි සහ සීයා බවට පත්විය. ඔවුන්ගේ ප්‍රේමය සහ මිත්‍රත්වය මගේ පවුලට ඇදහිය නොහැකි ආශිර්වාදයක් වී තිබේ. ඔවුන්ගේ නිවස සහ ඔවුන්ගේ හදවත් අපට විවෘත කිරීමට ඔවුන් දැක්වූ කැමැත්ත ගැන මම කෘතඥවෙමි.

සුසෑන් අර්ඩ්, කැලිෆෝනියාව, ඇඑජ

සලකා බැලියයුතු මූලධර්ම

“දුටුවා”

ගැළවුම්කරුවාණන් අන් අයගේ අවශ්‍යතා බැලීමට ආදරයෙන් කාලය ගතකළ අතර පසුව එම අවශ්‍යතා සපුරාලීමට ක්‍රියා කළේය (මතෙව් 9:35–36; යොහාන් 6:5; 19:26–27 බලන්න). අපටත් එසේම කළ හැකිය.

“වහාම ආරාධනා කළහ”

අප සේවය කරන අයගේ අවශ්‍යතා දුටු පසු ඊළඟ පියවර වන්නේ ක්‍රියා කිරීමයි.“අනාගතවක්තෘවරුන්ගේ වචන ඇසීම”

එකට එක්ව ඉගෙනගැනීමට, එකට එක්ව වර්ධනය වීමට සහ අපගේ ප්‍රාණයන්ට වඩාත්ම වැදගත් වන අධ්‍යාත්මික දේවල් පිලිබඳ කථාකිරීමට අප “නිතර එකට හමුවිය” යුතුය (මොරෝනි 6:5).

“එන්න, අනාගතවක්තෘවරයෙකුගේ හඞට සවන්දී, දෙවියන්වහන්සේගේ වචනය අසන්න”2 යන්න අප දේවසේවය කරන අයට අපට කළ හැකි ඉතා වැදගත් ආරාධනයක් විය හැකිය.

“ප්‍රේමය සහ මිත්‍රත්වය”

අන් අයට සැබවින්ම උපකාර කිරීමට හා බලපෑම් කිරීමට නම්, අපි අනුකම්පාව සහ “අවංක ප්‍රේමය” සමග සබඳතා ගොඩනගාගත යුතුය (දහම සහ ගිවිසුම 121:41 බලන්න).

අන්තර්ජාලයේ බෙදාගන්න

“සමාජ මාධ්‍ය නාලිකා යනු පුද්ගලයන් සහ පවුල් විශාල පිරිසකට පුද්ගලිකව සහ ධනාත්මකව බලපෑම් කළහැකි ගෝලීය මෙවලම් වේ. තවද සදාකාලික පියාණන් වන දෙවියන්වහන්සේ ගැනත්, උන්වහන්සේගේ දරුවන් උදෙසා උන්වහන්සේගේ සන්තෝෂය පිළිබඳ සැලැස්ම ගැනත්, ගැළවුම්කරුවාණන් ලෙස උන්වහන්සේගේ පුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැනත් සාක්ෂි දීමට ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයින් වශයෙන් අපට මෙම ආනුභාවලත් මෙවලම් නිසිලෙස හා ඵලදායී ලෙස භාවිත කිරීමට කාලය පැමිණ ඇතැයි මම විශ්වාස කරමි.” —වැඩිහිටි ඩේවිඩ් ඒ. බෙඩ්නර්3

ශුභාරංචිය මුළු ලෝකය සමග බෙදාගැනීමට අන්තර්ජාලය අපට ඉඩදෙයි. මම එයට කැමැත්තෙමි! මම ප්‍රධාන සම්මන්ත්‍රණය සඳහා ක්‍රියාකාරකම් කිහිපයක් බෙදාගත්තෙමි, නමුත් බොහෝවිට මා උත්සාහ කරන්නේ ප්‍රධාන සම්මන්ත්‍රණ ඇමතීම් වලින් සාකච්ඡාවක් නිර්මාණය කිරීමට අන් අයට උදව් කිරීමටය. අන් අයගේ ප්‍රශ්න දැකීම බොහෝවිට අපට නව ආලෝකයකින් දේවල් බැලීමට උපකාරී වන අතර අපගේම විශාල සාකච්ඡා ප්‍රශ්න සඳහා පැනුම් පුවරුවක් විය හැකිය.

ඔබගේ දේවසේවයේ යෙදෙන පවුල් සමග ප්‍රධාන සම්මන්ත්‍රණ කථා සාකච්ඡා කිරීම සඳහා ඔබ ප්‍රශ්න භාවිතා කරන විට, ඔවුන්ගේ ශක්තීන් මෙන්ම ඔවුන්ගේ අවශ්‍යතාද දැකීමට එය උපකාරී වන බව මම සොයාගෙන ඇත්තෙමි. ඇසීමට මා කැමතිම ප්‍රශ්න වලින් එකක් වන්නේ, ප්‍රධාන සම්මන්ත්‍රණයේ වඩාත්ම මෑත සැසියක තේමාවක් ලෙස ඔබට හැඟෙන්නේ කුමක්ද යන්නයි?

පිළිතුර සෑමවිටම පාහේ ඔවුන්ගේ ජීවිතයේ සිදුවන්නේ කුමක්ද සහ ඔවුන්ට වැදගත් වන්නේ කුමක්ද යන්න දැකීමට ඔබට ඉඩදෙයි. ඔබට ඒවා වඩාත් පැහැදිලිව දැකගත හැකි බැවින් වඩා හොඳ දේවසේවා සහෝදරයෙක් හෝ සහෝදරියක් වීමට එය ඔබට ඉඩසලසයි.

කැමිල් ගිල්හැම්, කොලරාඩෝ, ඇඑජ

සලකා බැලිය යුතු මූලධර්ම

“ශුභාරංචිය බෙදාගන්න”

“සෑමවිටම හා සෑමදෙයකම, හා සෑමතැනකම දෙවියන්වහන්සේගේ සාක්ෂිකරුවන් ලෙස පෙනීසිටීමට” (මොසායා 18:9) අප ගිවිසුමකට බැඳී ඇත.

“සාකච්ඡාවක් නිර්මාණය කරන්න”

ප්‍රධාන සම්මන්ත්‍රණ පණිවිඩ තුලින් විස්මිත, අදාළ සහ අධ්‍යාත්මිකව මෙහෙයවන සංවාද ඇතිකළ හැකිය. මේ ආකාරයේ සාකච්ඡා වලට ඔබේ සබඳතා ශක්තිමත් කිරීමට, ඔබේ සාක්ෂිය වර්ධනය කිරීමට, සහ ප්‍රීතිය ගෙන දීමට හැකිය! (දහම සහ ගිවිසුම 50:22 බලන්න).

“ප්‍රශ්න භාවිත කරන්න”

“හොඳ ප්‍රශ්න අන් අයගේ රුචිකත්ව, ගැටලු හෝ ප්‍රශ්න තේරුම්ගැනීමට ඔබට උපකාරී වනු ඇත. ඒවා ඔබේ ඉගැන්වීම් වැඩිදියුණු කිරීමට, ආත්මයාණන්ට ආරාධනා කිරීමට සහ පුද්ගලයන්ට ඉගෙනගැනීමට උපකාර කළ හැකිය.”4

සටහන්

  1. Dallin H. Oaks, “Love and the Law” (video), mormonandgay.ChurchofJesusChrist.org.

  2. “Come, Listen to a Prophet’s Voice,” Hymns, no. 21.

  3. David A. Bednar, “Flood the Earth through Social Media,” Liahona, Aug. 2015, 50.

  4. Preach My Gospel: A Guide to Missionary Service (2004), 185.